Sunday 27 December 2009

සරත් ෆොන්සේකා මෙරට යුද්ධාධිකරණයට- මහාචාර්ය නලින් ද සිල්වා

වාමදේවන්, නඩේසන් හා රමේෂ් යන කොටි නායකයන් හා ඔවුන්aගේ පවුල්වල කිහිප දෙනකු සුදු කොඩි රැගෙන එන විට වෙඩි තබා මැරීමට අණක්‌ දුන්නේ ය යන කතාව අද ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන බටහිර ආධිපත්‍යය මෙහෙයවන රටවල් කිහිපයක කතාබහට ලක්‌ වී ඇත. මේ වෙඩි තබා මැරීමේ තීන්දුව දුන්නේ යෑයි ප්‍රථම වරට කීවේ සරත් ෆොන්සේකා ය. ඔහු ඒ බව අසා තිබුණේ කවුදෝ ජනමාධ්‍යවේදියකුගෙනි. ඒ ජනමාධ්‍යවේදියාගේ නම මෙතෙක්‌ හෙළිදරවු කෙරී නැත. සරත් ෆොන්සේකාගේ කතාව රැගත් ප්‍රවෘත්තිය පළවූයේ පසුගිය 13 වැනි ඉරිදා සන්ඩේ ලීඩර් ප්‍රවෘත්ති පත්‍රයෙහිය. ඒ පුවත්පත ආණ්‌ඩුවට හිතවත් එකක්‌ නොවේ. අදාළ ප්‍රවෘත්තිය පළ වී පැය විසි හතරක්‌ ගතවන තුරුත් ෆොන්සේකා තම කියමන ප්‍රතික්‍ෂේප නො කෙළේය. ඒ ඔහු ඒ අතර පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වී තිබියදීත් ය. තම ප්‍රකාශයේ බරපතලකම වැටහීමෙන් දෝ පසුව ඔහු තම කතාව වැරදියට වාර්තා කර ඇති බව පැවසීය. එහෙත් පසුගිය සතියේවත් අදාළ පුවත්පතේ කතුවරිය තම පුවත වැරදි යෑයි නො කීවාය.


දැන් ෆොන්සේකාගේ කතාව ඇතුළත් වාර්තාව පදනම් කරගනිමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ඇල්ස්‌ටන් නමැත්තෙකු කඩුව අතට ගෙන ඇත. ඔහුගේ සූදානම ඊනියා ෆොන්සේකා හෙළිදරවුව මත පදනම් වී ආරක්‍ෂක ලේකම්තුමා හා 58 වැනි බල සේනාංකයේ අණ දෙන නිලධාරි තැන බටහිරයන්ගේ යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමට ය. මෙහි දී අපට එදත් අදත් අප නැති කිරීමේ ඒකායන අරමුණින් ක්‍රියාකරන තකතීරු බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදීන්ට දෙපැත්තකින් පිළිතුරු දිය හැකිය. එක්‌ පිළිතුරක්‌ දෙනු ඇත්තේ ආණ්‌ඩුව ය. පවත්නා ඊනියා ජාත්‍යන්තර නීති රීති සැලකිලිමත්ව අධ්‍යයනය කර ආණ්‌ඩුව එයට නිසි පිළිතුරක්‌ දෙනු ඇත. එසේ නොමැති නම් ඇල්ස්‌ටන්aට ආණ්‌ඩුවෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමට නොහැකි බව පෙන්වා දෙනු ඇත. ඒ ක්‍රියාමාර්ගය ගැනීමට ආණ්‌ඩුවට ඉඩහැර ජනතාව ලෙස අපට ද ඇල්ස්‌ටන් හා ඔහුගේ ස්‌වාමිවරුනට පිළිතුරක්‌ දිය හැකිය. ඒ අද දේශෙද්‍රදෝහී ක්‍රියාමාර්ගයක්‌ ගෙන ඇති ෆොන්සේකා සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් ඇපත් නැතිව පැරදවීමෙනි.


ෆොන්සේකා දේශෙද්‍රදෝහී නඩයකට එකතුවීමෙන් පසුව ද අපි ඔහු දේශෙද්‍රදෝහී ගණයෙහි ලා නොසැලකුවෙමු. ඒ ඔහු විසින් හමුදා නිලධාරියකු ලෙස කරන ලද සේවය ඇගයීමක්‌ ලෙස ය. එහෙත් ඇල්ස්‌ටන්ගේ ප්‍රශ්න පත්‍රයත් සමග ඒ සියල්ල වෙනස්‌ වී ඇත. ෆොන්සේකා ද අද රනිල් සමග දේශෙද්‍රදෝහී ගණයෙහි ලා සැලකීමට සිදුවෙයි. මෙහි දී මංගල මෙන් ම නන්නත්තාර වී ඇති ජ. වි. පෙ. නායකයන්aගේ බොළඳ කතා ගැන ද වචනයක්‌ කිව යුතු ය. ඔවුන්ට අනුව ෆොන්සේකා සන්ඩේ ලීඩර් පත්‍රයෙහි පළ වූ පුවත නිවැරදිව පළ වී නැතැයි ප්‍රකාශ කර ඇති බැවින් අප ඒ මුල් පුවත ගැන කලබල විය යුතු නැත. එහෙත් ඇල්ස්‌ටන් (පසුව චෝදනා පත්‍රයක්‌ වීමට නියමිත) ප්‍රශ්න පත්‍රය එවා ඇත්තේ ෆොන්සේකාගේ ඊනියා නිවැරදි කිරීමෙන් ද පසුව ය. ඇතැම්විට ඇල්ස්‌ටන් ඒ නිවැරදි කිරීම නොදන්නවා විය හැකිය. ජ. වි. පෙ නායකයන් දැන් කළ යුත්තේ ඇල්ස්‌ටන් ඒ බව නොදන්නේ නම් ඔහු දැනුවත් කිරීම සඳහා ලිප්ටන් වටරවුමේ හෝ වෙනත් තැනක හෝ පිකට්‌ටුවක්‌ සංවිධානය කිරීමය.


අප නැවතත් කියන්නේ මේ ජනාධිපතිවරණය යනු තවත් ජනාධිපතිවරණයක්‌ නොවන බවය. ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් හා එ ජා. ප එතරම් කැපකිරීමක්‌ නොකරන බව පැහැදිලි ය. රනිල් තරග කළත් පරදින බව දන්නා ඔවුහු ෆොන්සේකාගේ පරාජය වෙනුවෙන් කටයුතු කරති. මේ ව්‍යාපෘතියෙහි (බටහිරයන්ට ඇත්තේ ව්‍යාපෘතිය) අරමුණු දෙකක්‌ වෙයි. එකක්‌ ෆොන්සේකාගේ මාර්ගයෙන් ඊනියා තොරතුරු ලබාගෙන ජනාධිපතිතුමා සහ තවත් අය (ඇතැම් හමුදා නිලධාරීන් ද ඇතුළුව) බටහිරයන්ගේ යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීමය. දෙවැන්න ජ.වි. පෙ. මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රැකියා විරහිත උපාධිධාරීන් තම වෘත්තීය සමිතිවල සාමාජිකයන් යොදා හැකිනම් රටේ අවුල් ඇති කිරීමය. එ. ජා. පක්‍ෂයේ තුරුල්ලට ජ. වි. පෙ තල්ලු කරන අනුර කුමාර දිසානායකගේ නායකත්වය මෙහි දී විශේෂයෙන් වැදගත් වෙයි. මේ අවුල් වැඩිකිරීමට එ. ජා. ප. හිතවත් වෙළෙන්දන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සහාය ද ජ. වි. පෙට එ. ජා. පක්‍ෂයට ලැබෙයි. හාල් හැංගීමේ සිට මගී ප්‍රවාහනය අඩාල කිරීම දක්‌වා විවිධ ක්‍රියා මාර්ග මේ වෙළෙන්දන් හා ව්‍යාපාරිකයන් ගනු ඇත. අවුල් ඔස්‌සේ ෆොන්සේකා හිතවත් හමුදා කණ්‌ඩායම් හා අනෙක්‌ කණ්‌ඩායම් අතර භේද ඇතිකර ආණ්‌ඩුව පහකිරීමේ ක්‍රියාමාර්ගයක්‌ වුව ද ගැනීමට බටහිරයෝ සූදානමින් සිටිති. ආණ්‌ඩුව ඒ එස්‌ පී බදු සහනය බලාපොරොත්තු නොවී අද සිටම විකල්ප ක්‍රියා මාර්ග ගැන සිතිය යුතු ය. මාක්‌ස්‌ ඇන්ඩ් ස්‌පේන්සර් වැනි සමාගමක්‌ ඉතා තදින් බලපෑම් නොකළහොත් අපට ඒ බදු සහනය නොලැබෙනු ඇත. ජනාධිපතිතුමාගේ සිට ඇඟලුම් සේවිකාව දක්‌වා සියල්ලන්ට දඬුවම් කිරීමට බටහිරයන් ඉටාගෙන ඇත. ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ රටවලට අපේ නිමි ඇඳුම් විකිණීමට හැකි දැයි සොයා බැලිය යුතුය.


ඉහත සඳහන් එකකවත් බටහිරයන්ගේ කුමන්ත්‍රණ ලෙසවත් මේ අවසාන කුමන්ත්‍රණය ලෙසවත් අපි නො සලකමු. බටහිරයන් පසුගිය අවුqරුදු පන්සීය තුළ ම ක්‍රියා කර ඇත්තේ මෙලෙසින් ය. බටහිර ක්‍රිස්‌aතියානි යටත්විජිතවාදය මුළුමනින් ම පරාජය කරන තුරු ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගනු ඇත. අප ඒ බව වටහාගෙන ක්‍රියා කළ යුතු ය. තමන් පෝෂණය කළ අනුග්‍රහ දැක්‌වූ ආශිර්වාද කළ කොටි පැරදවීම සම්බන්ධයෙන් බටහිරයන් අපට කිසි දිනෙක සමාව නො දෙනු ඇත. අප විසින් පරාජය කරනු ලැබුවේ කොටි පමණක්‌ නොවේ. කියුබාවෙන් හා වියට්‌නාමයෙන් ලැබුණු පරාජයන්ට පසුව බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයට බලවත් ම පරාජය එල්ල වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ලංකාවෙන් ය. කොටි හා දෙමළ ජාතිවාදය යනු සිංහලත්වය දුර්වල කීරීමට හැකිනම් නැති කිරීමට බටහිරයන් යොදාගත් ආයුධයක්‌ පමණය. බටහිරයන් අවසන් මොහොත දක්‌වා ම උත්සාහ කෙළේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් බේරා ගැනීමටය. පසුගිය විසිහතරවැනි දා අයිලන්ඩ් පුවත්පතට අනුව මාර්තු මාසයේ පමණ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදී නායකයන් බේරාගැනීම සඳහා ගුවන්යානයක්‌ කොළඹට එවීමට ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති බ්ලේක්‌ උත්සාහ ගෙන ඇත. වාමදේවන්ලා මරණයට පත්වීම බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදීන්ට ඉවසාගත නොහැක්‌කේ ඔවුන්ට ඇති මානව දයාවන් නිසා නොව එය ඔවුන්ගේ යටත්විජිතවාදී ව්‍යාපෘතියට පහරක්‌ වන නිසාය.


හුදු තර්කය සඳහා වාමදේවන් ඇතුළු පිරිස සුදු කොඩි ගෙන පැමිණියේ යෑයි සිතමු. ඔවුන් එසේ පැමිණෙන්නට ඇත්තේ බටහිරයන්ගේ මැදිහත්වීමකින් නොවේ යෑයි අපි සිතමුද? එසේ පැමිණීමෙන් පසුව ඔවුන් කතා කරනු ඇත්තේ ප්‍රභාකරන් නිදහස්‌ කිරීම මිස වෙනත් කිසිවක්‌ නොවේ. එයට ඇමරිකානු තානාපති ද හවුල් වීමට තිබුණු බව දැන් හෙළිවන ගුවන් යානා කතාවෙන් පැහැදිලි වෙයි. එසේ නම් ප්‍රභාකරන් නිදහස්‌ කර බටහිර රටකට යෑවීමටත් මුහුදින් එතෙර ඊළමක්‌ පිහිටුවීමටත් ඔවුන් කටයුතු කිරීමට තිබිණි. යම් අයුරකින් අර ගුවන්යානය පැමිණියේ නම් සිදුවන්නේ ද එය යි. සුදු කොඩි ගෙන පැමිණියේ යෑයි කියන වාමදේවන්ලාට වෙඩි තැබීමටත් දයා මාස්‌ටර්ට එසේ පැමිණීමට ඉඩදීමටත් ආණ්‌ඩුව ක්‍රියාකර ඇත්නම් (ඒ එසේ දැයි අපි නො දනිමු) එයට හේතුවක්‌ තිබිය යුතු ය. ඒ හේතුව වාමදේවන්ලාට තිබූ වෙනත් අභිප්‍රායක්‌ ද? බටහිරයන් මුහුදින් එතෙර ඊළමක්‌ පිහිටුවීමටත් ජනාධිපතිතුමා ඇතුළු පිරිසක්‌ ඊනියා යුද්ධාධිකරණයකට ගෙනයැමටත් උත්සාහ ගනු ඇති බව අප කීවේ කලකට පෙර ය. බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය පිළිබඳ අප ගොඩනගා ගෙන ඇති ප්‍රවාද ඔස්‌සේ අප කී අනාවැකිවලින් පිළිබිඹු වන්නේ අපේ ප්‍රවාදවල ශක්‌තිය ය.


සරත් ෆොන්සේකාට අප නිදැල්ලේ සිටීමට අවසර දිය යුතු ද? ඔහු කළ ප්‍රකාශය සත්‍ය යෑයි සිතමු. එනම් සුදු කොඩි රැගත් වාමදේවනලාට කාගේ වුවත් අණකින් වෙඩි තබා ඇතැයි සිතමු. හිටපු හමුදාපති ලෙස ඔහු ඒ බව ලෝකයට අනාවරණය කළ යුතුද? ඔහුගේ විනය අනුව සිදු වූ දේ (එසේ සිදුවිණි නම්) රහසක්‌ ලෙස තබාගැනීමට ඔහු බැඳී ඇත. මෙරට ජනාධිපති වී විනය ගරුක සමාජයක්‌ ඇති කරන බවට බෙරිහන් දෙන්නේ එලෙස හමුදා විනය නොරැකි පුද්ගලයකු ද? හමුදා රහස්‌ නොරැකි හමුදාපතිවරයකු ලෙස ඔහු මෙරට යුද්ධාධිකරණය ඉදිරියට ගෙන ඒමට හැකිද? අද ඔහු විශ්‍රාම ගොස්‌ ඇති බැවින් මේ සම්බන්ධ නීතිය කුමක්‌ දැයි නොදනිමු. කෙසේ වෙතත් ඒ ගැන සොයා බැලිය යුතු වෙයි. අනෙක්‌ අතට එසේ සුදු කොඩි රැගෙන ඒමක්‌ නොවී යෑයි සිතමු. වාමදේවන් ඇතුළු පිරිස වෙඩි හුවමාරුවකදී මියගියේ යෑයි සිතමු. එවිට කවුදෝ ජනමාධ්‍යවේදියකු කී පමණින් කිසිම සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නැතිව පුවත්පත්වලට ප්‍රකාශ කිරීමෙන් ෆොන්සේකා කර ඇත්තේ තදබල වරදකි. ඔහු හුදු ඕපාදූප මත රැඳෙමින් හමුදාවට හා රාජ්‍යයට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ කරයි. හිටපු හමුදාපතිවරයකු ලෙස ඔහුට එවැනි අසත්‍ය ප්‍රකාශ කර බේරී යැමට ඉඩදිය යුතුද? ඔහු දැන් තමා කළ ප්‍රකාශය නිවැරදිව සඳහන් නොවී යෑයි කියයි. ඒ කෙසේ වෙතත් විශ්‍රාමික හමුදාපතිsවරයකු ලෙස ඔහු යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවිය හැකි දැයි සොයා බැලිය යුතුය.

2 comments:

  1. අධිරජය්වාදීන්ට කඩේ යන මේ නරුමයව යුද අධිකරණයකට නෙමෙයි එල්ලුම් ගහට දක්‌කන්න ඕනෙ.මුගෙ වටේ ඉන්න අනිත් නරුම රැලත් එක්‌කම.ජ.වි.පෙ. මිනීමරුවොයි එ.ජා.පෙ. මිනීමරුවොයි එක්‌කම.

    ReplyDelete