Saturday 12 December 2009

ෆොන්සේකාගේ ඡන්ද වැඩට කොටින්ගෙන් කෝටි 20ක්

දිනමිණ
ස්වීඩන් හා නෝර්වේ කොටි නායකයින්ගෙන් රුපියල් කෝටි 20ක් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදීමට එකඟත්වය පළකර ඇතැයි වාර්තා වේ.


මේ මුදල් ලැබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ය. ස්වීඩනයේ කොටි නායක තෙදියවන් හෙවත් සිවරත්නම් මේ මුදල් ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී තිබේ.එම ප්‍රමාණය පවුම් මිලියන 10කි. මැතිවරණය සඳහා වැය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ජර්මනියට ගිය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේදී හමුවූ අවස්ථාවේදී කොටිනායක තෙදියවන් ඒ බව ප්‍රකාශ කර තිබේ.


ස්වීඩනයේ ගොටේබර්ග් නගරයේදී මේ හමුවීම සිදු වී ඇත්තේ දැනට ස්වීඩනයේ පදිංචි රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතෙකුගේ නිවසකදීය.

නෝර්වේ විශේෂ නියෝජිත එරික් සොල්හයිම් මහතාගේ මිතුරකු වන තෙදියවන්ගේ නිවසේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සාදයක්ද පවත්වා ඇති බව වාර්තා වේ.


ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා එජාප පරිත්‍යාගශීලීන්ගෙන් මෙවර මුදල් නොලැබීම නිසා වැය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට වික්‍රමසිංහ මහතා ජර්මනිය ට ගොස් තිබේ.

No comments:

Post a Comment