Wednesday 16 December 2009

එස්‌ බීත් අපිත් එක්‌ක ජොන්aස්‌ටන් ඇතුළු පිරිසත් තීරණයක්‌ ගනීවි තව සති දෙකක්‌ යනවිට එජාප ජ.වි.පෙ. හවුල කඩා වැටෙනවා -ඇමැති මෛත්‍රීපාල සිරිසේන

මින්නේරිය - සුජිත් කරුණාතිලක- දිවයින

ඉදිරි සති දෙකක්‌ යනවිට එජාප ජවිපෙ හවුල කඩා වැටෙනවා. අද එස්‌. බී. අපිත් එක්‌ක. ඉදිරියේදී ජොන්ස්‌ටන් ඇතුළු පිරිසත් කිසියම් තීරණයක්‌ ගනීවි. අද එජාපය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුද ජවිපෙ තුළත් බරපතළ අර්බුද"
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ශ්‍රීලනිප ආසන බල මණ්‌ඩල සාමාජිකයන් අමතා ශ්‍රී.ල.නි.ප. මහලේකම් කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා (12 දා) එසේ පැවැසීය. මෙම රැස්‌වීම පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් කථා කළ ඇමැති සිරිසේන මහතා, එදා ඡේ. ආර්ට, ප්‍රේමදාසට, විඡේතුංගට, චන්ද්‍රිකාට බැරි වූ දේ රනිල් වික්‍රමසිංහ පාවා දුන් දේ ත්‍රස්‌තවාදය ජයගැනීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළා. බටහිර රටවල් එක පෙළට සිටගෙන කීව යුද්ධය නවත්වන්න කියල.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කීවෙ ඔය කවුරු කීවත් මම ගණන් ගන්නෙ නෑ. ෆොන්සේකා ගහපං ගහපං ගහපං කියලා ඒක හමාර වුණේ මැයි 18 දා.


නැවත මහින්ද රාජපක්‍ෂ බලය ඉල්ලන්න ප්‍රභාකරන් පරාජය කරන්න නෙවේ. යහපත් ආර්ථිකයක්‌ ඇති සමෘද්ධිමත් රටක්‌ බවට රට පත්කරන්න.


අද සරත් ෆොන්සේකා දේශපාලනයට ඇවිත් තියෙන්නෙ වෛරයෙන්. වෛරය පෙරදැරි කරගෙන කරන දේශපාලනය සාර්ථක වෙන්නේ නෑ. මිනිසුන් සමඟ මානව වර්ගයා සමග සෙනෙහසින් ආදරයෙන් කටයුතු කරන්න ඕන.


පසුගිය දිනවල තිබුණු ජෙනරාල් ෆොන්සේකාගෙ මාධ්‍ය රැස්‌වීමකදී ඔහුගෙ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඇහුවම කීවෙ මොකක්‌ද, එජාපෙ ආර්ථික ප්‍රතිපත්තිය තමාත් දියත් කරන බවයි. මොකක්‌ද එජාපෙ ආර්ථික ප්‍රතිපත්තිය, පොහොර සහනාධාරය කපනව, වී අලෙවි මණ්‌ඩලය වහනවා, රනිල් වික්‍රමසිංහගේ යළි පුබුදමු යළි ආරම්භ කරනවා.


මෙහිදී කතාකළ ප්‍රවාහන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා මෙසේ පැවැසීය. 1948 දී මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට ජනතාව පක්‍ෂ භෙAදයකින් තොරව කෘතවේදී වුණා. මෙවරත් ඒ වගේ ජනතාවට ලොකු පිංකමක්‌ කරන්න තියෙනවා. රට එක්‌සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ භෙAද, ජාති භෙAද, පන්ති භෙAදයකින් තොරව නැවත පත්කිරීම මහින්ද රාජපක්‍ෂ මහතා ගැන රටම දන්නව. 1970 ළාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසිලා ආපහු ගිය හැටි ආපහු ආපු හැටි කියපු කරපු දේවල් සියල්ල රටම දන්නව. මන්ත්‍රී, ඇමැති, විපක්‍ෂනායක, අගමැති විධියට කියපු කරපුq දේවල් ජනතාව දන්නවා. අවුරුදු 40 ක ඉතිහාසයක්‌ දේශපාලන ක්‍ෂේත්‍රයේ තියෙන විනිවිද පේන චරිතයක්‌.

ඇත්තටම විපක්‍ෂයේ අපේක්‍ෂක ගැන දන්නෙ අවුරුදු පහක හයක සිට. රණවිරු ෆොන්සේකා ගැන නෙවේ බෙදුම්වාදීන් මැදිකරගත් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් වටකරගත්තු මේ ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කළ යුතුව තිබෙනවා. කවුද හිතුවෙ මේ කණ්‌ඩායම එකතු වෙයි කියල. ඕනම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කීව මිනිහා තමන්ගෙ අපේක්‍ෂක ලෙස තෝරගන්න. ගැලවීමේ හමුදාවේ නායකයා වීමටවත් සුදුසු නෑ කීව පුද්ගලයා මේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරන්න මේ අයගේ දිව නැමුණේ කොහොමද? මහා යුද වීරයෙක්‌ ලෙස එක සැරේ පිළිගන්න හේතුව මොකක්‌ද? තමන්ගෙ නායකයා පණපිටින් බොරැල්ල කනත්තෙ මිනී පුළුස්‌සන තැනට ගෙනැත් දාපු එජාප ජවිපෙ එකතු වෙන්නෙ කොහොමද? කවුද මේක කරේ..? වෙන බලවේගයක්‌. අපි අවුරුදු දෙකකට පෙර කීව මේ රටට විරුද්ධව දැවැන්ත කුමන්ත්‍රණයක්‌ දියත් වෙනව කියලා. ඒ මේ ඉව වැටිල.


ජවිපෙ තම අපේක්‍ෂකයා ජෙනරාල් ෆොන්සේකා බව නිවේදනය කළ වහාම බටහිර රටවල සිටින එල්. ටී. ටී. ඊ. හිතවාදීන් රතිඤaඤd පත්තු කළා.


එල්. ටී. ටී. ඊ. එකට අනුග්‍රහය දක්‌වපු මුදල් දීපු, හිතවාදී ලෙස සිටි කණ්‌ඩායම සමග කොහොමද මේ එකට එකතු වෙලා ඉන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපතිවාදය සුන්දර වචන විතරයි. මොන ඒකාධිපතියද මේ වගේ එක දිගට මැතිවරණ තිබ්බේ. ලෝකයේ කිසිම රටක ඒකාධිපතියා මැතිවරණ තිබ්බේ නෑ. අපේ රටේ අවුද්දෙන් අවුරුද්ද මැතිවරණ තිබුණා.


අනුර කුමාර දිසානායක මහතා කියල තිබුණා එයාල දෙවැනි මෙහෙයුමත් ඇරඹුව කියලා. පළමු මෙහෙයුමට හිටිය ශවේන්ද්‍ර සිල්වල, චාගි ගාල්ලගේල, නන්දන උඩවත්තල ආදි විරුවන් අද එයාලගෙ දෙවැනි මෙහෙයුමේ ශවේන්ද්‍ර සිල්වා වෙනුවට ඉන්නෙ කවුද මනෝ ගනේෂන් චාගි ගාල්ලගේ වෙනුවට රවුෆ් හකීම් නන්දන උඩවත්ත වෙනුවට තිස්‌ස අත්තනායක මේ කට්‌ටිය එක්‌ක තමයි මේ විශේෂ මෙහෙයුම කරන්නෙ.


මෙම රැස්‌වීම අමතා ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් යන මහත්වරුද කතා කළහ.

No comments:

Post a Comment