Saturday 5 December 2009

නව ජනතා විමුක්ති පෙරමුණ හා විධායක ජනාධිපති ධූරය.

චන්ද්‍රසේන පංඩිතගේ

මේ දිනවල, ජනතා විමුක්ති පෙරමුණ, රටපුරා මහා පරිමානයෙන් විධායක ජනාධිපති ධූරය, අහෝසි කරවා ගැනීමේ දැවන්ත මෙහෙයවුමක් අරඹා ඇත. ‍ජනතා ව්මුක්ති පෙරමුණ හා එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ 7 වෙන වගන්තියට අනුව මෙය ඉටුකල යුතුබව, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කථා කරන අය කියා සිටී.විධායක ජනාධිපති තනතුර යනු, මේ රටේ ව්‍යවස්ථාවට අනුව ගොඩනැංවී ඇති උත්තරීතරම පදවියයි.

මෙම උත්තරීතර පදවිය, විනාශ කිරීම පදනම් කරගෙනම, එම පදවියට පුද්ගලයකු පත්කිරීමට ගිවිස ගැනීම, කොතරම් නීත්‍යනුකූලද යනු, අප පලමු කොට සලකා බැලිය යුතු කරුණයි.මෙය සැබෑ ලෙසම නීත්‍යානුකූල නම්, ඊට වඩා පහල මට්ටමේ ඇති ඕනෑම පදවියකට පත්වෙන ඕනෑම අයකුට එම පදවි විනාශ කිරීමේ පදනමින් එම පදවි ලබාගැනීමට ඉදිරිපත්විය හැක.සැබෑ ලෙසම මෙය දේශපාලන පක්ෂයක් තුලවූ පදවි සදහා, කුමන්ත්‍රණකාරී ලෙස ගිවිසගෙන, එම පදවි තුලවූ අරමුණු විනාශ කල හැකි වුවද, රාජ්‍යයක් සදහාවූ පදවි සදහා විවෘතව ගිවිසුම් සහගතව කලහැකි කාර්යභාරයක් නම් නොවේ.විධායක ජනාධිපති ධූරය, මේ රටට මෙතරම් භයානක ධූරයක් නම්, මෙම ගිවිසුමේ පලමුවන වගන්තිය විය යුතුව තිබුණෙ එයයි.මෙම පදවිය අහෝසි කල යුතුයයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා කිසිදා ඉල්ලා සිටියේ නැත.


ඔහුට අනුව මෙම පදවිය, ධනේශ්වර ව්‍යවස්ථාවේ තවත් එක් පදවියක් වූ අතර, වෙනස් කලයුත්තේ, ඔය කියන පදවියවත් ව්‍යවස්ථාව වත් නොව, මුළු මහත් ධනේශ්වර ක්‍රමයම බව දැඩිලෙස අවධාරණය කලහ.ඉතිහාසයේ අපූරු සිදුවීම්, සිදුවෙමින් පවතී. අධිරාජ්‍යවාදී බලවේග මෙරට සිටින ඔවුනගේ මිතුරන් සමග එකතුව, මහා ගණිතමය සූත්‍රයකට අනුව සාදා;යලි කිසිදා, මෙරට බලය කිසිවෙකුටත් නොදෙමියි යන අධිෂ්ඨානයෙන් නිමකල මහා බලගතු මේ ව්‍යවස්ථාව, ඔවුනගේ පාලන කාලය තුලදීම, අණ්ඩ ගොඩක් දැමූ කඩමාල්ලක් බවට පත්විය.

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ, මෙයට තවත් අණ්ඩයක් දමන ලෙසයි.අධිරාජ්‍යවාදී බලවේග වල ගණිතමය විසදීම් මිත්‍යාවන් බවට පරිවර්තනය කරනු ලැබුවේ පැරණි ජනතා විමුක්ති පෙරමුණ බව ‍ගෞරවයෙන් සිහිපත් කලයුතුමය.

වර්ෂ 1983 සිට 1989 දක්වා මෙරට දේශපාලන පොරපිටියේ රැදී සිටියේ, එක්ෂත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණි. මෙම කාලය තුලදී තහනම් කලද, ධනේශ්වර ආඥාදායකත්වයට එරෙහිව සටන් වදින ආකාරය පැහැදිලිවම පෙන්නුම් කලහ. ඒ හරහා ශ්‍රී ලංකාවේ මනෝරාජික අධිරාජ්‍ය ගැති, ධනේශ්වර ආඥාදායකත්වය ගරා වැටිණ.වර්ෂ 1971 අප්‍රේල් 5 වෙනිදා සන්නද්ධ අරගලයක් හරහා, සමාජවාදී නිර්ධන පාංතික ආඥාදායක සමාජයක් නිර්මාණය කරන්නට ක්‍රියාත්මක වූ පක්ෂය, පවතින ව්‍යවස්ථාව කඩමාල්ලක් බවට පත්කල පක්ෂය, අද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඩන, එදා කීතු කීතු කල අණ්ඩ පිරුණ ව්‍යාවස්ථාවට, තවත් අණ්ඩයක් දමා, වෙස්ට්මිනිස්ට ක්‍රමයේ ව්‍යාවස්ථාවක් ස්ථාපිත කරන්නට වලිකන ජනතා විමුක්ති පෙරමුණ නම් නොවේ.ව්‍යාවස්ථාවේ කුමණ සුන්දර වචන තිබුනද, කුමන සුන්දර වචන වලින් අලංකෘත කලද, නිර්ධන පංතික ආඥාදායක, සමාජවාදී සමාජයක් ගොඩනංවන තුරු, මෙරටේ පවතින්නේ ධනේශ්වර ආඥාදායක සමාජයකි.මොවුන් ඉල්ලන ආකාරයේ වූ රජයක්, වර්ෂ 1966 ජනවාරි මස 8 වෙනිදා, කොල්ලුපිටියේදී මිනිසුන් ඝාතනය කලේ, හදිසි නීතියවත් රටේ නොපැවති අවස්ථාවකය.1971 මහා මිනිස් සංහාරයක් සිදුවූයේ, මොවුන් ඉල්ලා සිටින ආකාරයේ ව්‍යාවස්ථාවක් පැවති රජයක් යටතේදීය.

ශ්‍රී ලංකාවේ ගරා වැටෙන ධනවාදයට මහා හිසරදයක්ව පවතින විධායක ජනාධිපති ධූරය අහෝසි කරව් යන සටන් පාඨය දේශපාලන කරලියට ආවේ, අධිරාජ්‍ය ගැති ධනපති පංතියෙන්, එම බලය ගලිහී ගියදාට පසුව බව දේශපාලන ඉතිහාසය අපට උගන්වයි. කොල්ලුපිටියේ බටහිර තානාපති කාර්යාලතුල නිර්මාණය වූ මේ සටන් පාඨය, එවකට ජනාධිපතිවරියට එරෙහිවද ගෙන එන ලදී. ජනාධිපතිතුමියගේ තටු සිදීම වශයෙන් නම් කර, සමාජගත කල මහා ව්‍යාපාරයක් අධිරාජ්‍යවාදීන් විසින් දියත් කලහ. මෙම ව්‍යාපාරය හරහා එවකට සිටි ජනාධිපතිතුමිය දැඩි මානසික පීඩනයකට භාජනය කොට මෙරට ව්‍යවස්ථානුගත ගත කැබිනට් රැස්වීම් වලට පවා ඇයට සහභාගි වීමේ අපහසු පසුබිමක් නිර්මාණය කරන ලදී.

ඒ පසුබිම මත, පාර්ලිමේන්තුවේද අනුදැනුමකින් තොරව, මෙරට ඉතිහාසයේ මහා ආන්දෝලනයක් ඇති කල සටන් විරාම ගිවිසුම, ත්‍රස්තවාදී සංවිධානය හා අත්සන් කිරීම සිදුකරන ලදී.ඉතිහාසයේ අති වැදගත් මේ සන්ධිස්ථානය සැහැල්ලුවෙන් අමතක කර විධායක ජනාධිපති බලතල ගැන කථාකල හැකි නොවේ.මෙම සන්ධිස්ථානයේදී රටේ විධායක ජනාධිපති බලතල අභිබවා, පාර්ලිමේන්තුවටත් පිටින් ගොස්, අගමැතිතුමාගේද බලවත් අකමැත්ත මත, කුමන්ත්‍රණකාරී ලෙස, ඔහුගේම අත්සන, සටන් විරාම ගිවිසුම නම් වූ බෙදුම් වාදී උගුලට යොදාගන්නට තරම් අති ප්‍රබලවූ, ජනපති විධායක බලය දෙදරවූ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කල, අදිසි බලය සම්බන්ධව, මෙරට සියලු දේශපාලන පක්ෂ මීට වඩා අවධානයෙන් සිටිය යුතුය.

"විධායක ජනාධිපති ධූරය අහෝසි කරව්" යන හඩ නගන කුමන දේශපාලන පක්ෂයක් වුවද, මේ සන්දිස්ථානයේදී ජනපති විධායක බලය පලා ගියේ ඇයිදැයි පැහැදිලි කල යුතුය.එදා ජනතා විමුක්ති පෙරමුණහි සිටි, දේශප්‍රේමී බලකාය පෙරට පැමිණ, ජනාධිපති තනතුරහි ඇති විධායක බලතල පෙන්වාදී, එම රජය පෙරලා නොදැමුවේ නම්, මේ වන විට ශ්‍රී ලංකාව යනු බෙදී වෙන්වී ගිය රාජ්‍යයකි.එදා ජනතා විමුක්ති පෙරමුණ ඉටුකල ඒ කාර්යය භාරය වූයේ විධායක ජනාධිපති බලතල අභිබවා නැගීසිටි ඒ අදිසි අධිරාජ්‍යවාදී බලමුලු, විධායක ජනාධිපති සතු බලතල උපයෝගී කරගෙන නිෂේධ කිරීමයි.

එම ක්‍රියාදාමයත් සමග ගොඩනංවා ගන්නා ලද සන්ධාන රජයේ සිය ප්‍රථම ඇමති ධූරයන්හි කටයුතු නිසිලෙස කරගෙන යාමට අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණට ලබා නොදුන් එම පරාජිත අදිසි බලවේගය, එකී යුගයේදීම ජනතා විමුක්ති පෙරමුණ තවත් සන්දිස්ථානයකට තල්ලු කර දමන ලදී. ඒ තමන් විසින්ම විධායක ජනාධිපති බලතල උපයෝගී කරගෙන, ගොඩනැංවූ ඒ ජනාධිපති ප්‍රතිරූපය හරහා කොටි සංවිධානයට මහා කප්පමක් පිරිනැමීමට සූදානම් වීමයි. මේ සංසිද්ධියත් සමග ජනතා විමුක්ති පෙරමුණට එම රජයෙන් ඉවත්වීමට සිදුවිය. ඉවත්වී නිවටව නොසිටි එම පෙරමුණ පවතින නීත්‍යානුකූල පදනමින් සතුරු අරමුණු පරාජය කරන ලදී.

ඉන් නොනැවතී ඉදිරියටම ගමන් කල එම පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක්, ජනාධිපතිවරණය සදහා ඇතිකරගත්තාය. පසුව සිය ධනය දසදහස් ගනනක් වූ සාමාජික, සාමාජිකාවන්ගේ ශ්‍රමය වැයකර, තමන් විසින්ම ගොඩනංවූ රජයයි මේ.මේ සන්ධිස්ථානයේ සිට අපි අතීතය, වර්තමානය හරහා අනාගතයට, ජනතා විමුක්ති පෙරමුණහි පියවර ඔස්සේ පියමන් කර බලමු.එදා ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රතිගාමිත්වයට එරෙහිව පරිවාස ආණ්ඩුවක් ගොඩනැංවූවාය.අදිසි බලවේගයක් වහා ඉදිරියට විත් එම රජය බිද දැමුවාය. ඔවුනට හිතවාදී රජයක්ද බිහිකර, සටන් විරාම ගිවිසුමක්ද නිර්මාණය කලහ.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව, එවකට සිටි ජනාධිපතිතුමිය හරහා, ජනාධිපති විධායක බලතල උපයෝගී කරගෙන, එම රජය බිද දමන ලදී.පසුව, සන්ධාන රජය ගොඩනංවා, එම රජය තුල ඇමතිකම්ද දරන ලදී.වහා ක්‍රියාකාරීවූ අදිසි බලවේගය, එම ජනාධිපතිතුමිය හරහා එල්. ටී. ටී. ඊ. යට අධි බලය ලබා දෙන සුනාමි සහන මණ්ඩලය ප්‍රධානය කිරීමට කටයුතු සූදානම් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණහි, රජය තුලවූ ස්ථාවර බාවය බිදින ලදී.ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉවත්වී, නීත්‍යානුකූලව සුනාමි සහන මණ්ඩලය බල රහිත කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස පත්කර ගැනීම සදහා වූ ගිවිසුමකට එලඹියහ. ඒ මොහොතේ පටන් ජනාධිපතිවරණය අවසන්වූ දවසේ මධ්‍යම රාත්‍රිය තෙක්ම ජනතා විමුක්ති පෙරමුණට හා එහි සාමාජිකත්වයට, අඛණ්ඩව වැඩ කරන කාල පරිච්ඡේදයක් උදාවිය.

වේදිකා නිර්මාණය, රතු දජ වලින් වීථි සැරසීම, පෝස්ටර් ඇලවීම, ජනතාව දැනුවත් කිරීමට ගෙන්ගෙට යෑම වැනි සෑම කටයුත්තකදීම පෙරමුණෙන්ම සිටියේ එම පෙරමුණයි. මහා සටනකින් පසු උත්සහය අති සාර්ථක විය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස තේරී පත්විය.වහා ක්‍රියාකාරී වූ අදිසි බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ රජය හා බද්ධ වීම අවලංගු කලහ. එය ජනතා විමුක්ති පෙරමුණේ තීරණයක් ලෙස සමාජගත කලහ.‍මෙම සිදුවීම මුලුමහත් සමාජයේ මනෝකාය දෙදරවූ අතර, ජනතා විමුක්ති පෙරමුණහි, සියලුම සාමාජික සාමාජිකාවන් හා හිතවතුන් තුල කුකුසක් ඇති කිරීමට සමත්විය.

එදා සමාජයේ හිනිපෙත්තේ සිටි මේ පක්ෂය කිසිදා වැරදි තීන්දු තීරණ ගන්නේ නැතැයි යන පදනමේ පිහිටා සියල්ලෝම සියල්ලක්ම ඉවසා වදාලහ. එහෙත් එම සිදුවීම හරහා ජනතා විමුක්ති පෙරමුණහි මුලු මහත් සාමාජිකයින්ම සමාජමය අවඥාවකට පාත්‍ර කිරීමට මෙම නව නායක පරපුරට හැකියාවක් උදාවිය.එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා දේශපාලන වේදිකා තනද්දී, මංමාවත් දිගේ, රතු කොඩි සිටුවීමට වලවල් කපද්දී, ගෙයක් ගෙයක් ගානේ ගොස් ජනතාව දැනුවත් කරත්දී, ඔවුන් මේ සකල විධ කාර්යයන් පද්ධතියම කරන්නේ, පරිවාස රජය බිදලූ ඇමත්තන්ට යලි ඇමති කම් ලබාදීමට බව නොදැන සිටියහ. සටන් විරාම ගිවිසුමට පක්ෂව රටපුරාම හඩ නැගූ අයට මැති ඇමති කම් ලබාදීමට බව නොදැන සිටියහ, තවද සුනාමි සහන මණඩලය දෙනව දෙනවාමයි කියමින් පාර්ලිමේන්තුවේ හඩ තැලූ අයට ඉහල තලයන්ට තල්ලු කිරීමට බව නොදැන සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත්කල ජාතික බලවේගය මුහුණ දුන්නේ, එදා කාම්බෝජයේ ඇමරිකන් ගැති රූකඩ ලොන්නොල් රජය හා ඇමරිකන් බල මුලු පරදවමින් නොම්පෙන් අගනුවරට ලගාවූ එරට ජාතික බලවේග එදා මුහුණ පෑ තත්වයටමය. එම තත්වය මත එදා කාම්බෝජයේ ජාතික විමුක්ති බලවේගය ඇතුලු ලක්ෂ 22කට අධික ජනතාවක් ඝාතනය කලහ.මෙම තත්වය පාලනය කිරීමේ පූර්ණ වගකීම අතැතිව සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා පමණි. ඔහු තමන්ව බලයට පත්කල ජාතික බලවේගය හා දැඩිව අත්වැල් බැද ගත්හ. යුද්ධයට නිවැරදිව මුහුණ දීමට තීරණය කලහ.පාර්ලිමේන්තුවේ සිටින අති පිරිසිදු මන්ත්‍රී කණඩායම තමන් බව පවසන ජනතා විමුක්ති පෙරමුණ රජයට සම්බන්ධ නොවීම; රජයට වෙනත් කණ්ඩායම් හා බද්ධ වීමට හේතු පාදක විය. පලමුව ස්ථාවර රජයක් ගොඩනංවා ගත් අතිගරු ජනාධිපතිතුමා, ත්‍රස්තවාදයට මුහුණදීම අපූරුවට ආරම්භ කලේය.අදිසි බලවේගය, තමන්ගේ ත්‍රස්තවාදය නම්වූ ව්‍යාපෘතිය, බලවත් තර්ජනයකට මුහුණදී ඇති බව වටහා ගත්හ. රජයේ අරමුණ වෙනතකට යොමුකිරීමට ඉටා ගත්හ. රට පෙරටු කොට ආ ජ. වි. පෙ. ශිෂ්‍ය පරපුර පෙරටු කොට පෙලපාලි ගියහ. වැඩි වැටුප් අරඹයා වෘත්තීය සමිති ක්‍රියා ආරම්භ කලහ.මෙම ක්‍රියාදාමයන්ගෙන් කරගෙන යන යුද ක්‍රියාවලියට සිදුවෙන හානිය වටහා ගත් ජනාධිපතිතුමා, යුද ක්‍රියාන්විතයට සමාන්තරව මැතිවරණ ක්‍රියාන්විතයක්ද ආරම්භ කරන ලදී.

සියලූම විරුද්ධවාදී බලවේග මැතිවරණ පිටියට ගැටගසා යුද්ධය කරගෙන යන ලදී.හදිසි නීති විවාද වලදී,1. එදා පරිවාස ආණ්ඩුව විනාශ කල මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.2. එදා සටන් විරාම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.3. එදා සුනාමි සහන මණඩලය දෙනව දෙනවාමයි කිවූ මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.4. ජනතා විමුක්ති පෙරමුණද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කර, තමන් රජයට යුද්ධයේදී විශාල ලෙස උපකාර කරන බවට එම සාධකයම ඉස්මතු කලහ.මෙරට දේශප්‍රේමී බලකාය අවුරුදු 504 කට පසු අධිරාජ්‍ය විරෝධී අරගලය ජය ගත්හ.එදා ජ. වි. පෙරමුණ හා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ජ. වි. පෙ. හා සිටි බලවේගය අද ගෞරවාන්විතව ජනාධිපතිතුමා හා එක පෙලට සිටගෙන සිටී. ඒ බලවේගයටද මෙරට විධායක ජනාධිපති ධූරය මහින්ද රාජපක්ෂ මහතා සදහා උචිත නොවන බව හැගේ.

ඉන් එහා ගිය බලතල රාශියක් සහිත නිර්ධන පාංතික ආඥාදායක රාජ්‍යයකට මංසලසන මාවතක් නිර්මාණය කලයුතුයයි ජනතාවට සිතේ. පිදෙල් කස්ත්‍රෝ යනු නිර්ධන පාංතික ආඥාදායකයෙකි. උතුරු කොරියානු නායක කිම් ඉංජොල්ද නිර්ධන පාංතික ආඥාදායකයෙකි. මුලුමහත් ලෝකයේම අධික ජනගහනයකින් යුත් රාජ්‍යය වන චීනයේද ඇත්තේ නිර්ධන පාංතික ආඥාදායක පාලනයකි. මහින්ද රාජපක්ෂ මහතා එවන්වූ රාජ්‍ය ව්‍යුහයක් මෙරට පිහිටවීමට දායක විය යුතුය.එදා ජනතා විමුක්ති පෙරමුණ වටා සිටි ඒ බලවේගය, හා බැදුන ගිවිසුමහි අයිතිය, ජනතා විමුක්ති පෙරමුණට හිමිවන්නේ, එම බලවේගය එම පෙරමුණ වටා පවතින තාක්කල් පමණි. නාමපුවරුව හා ටිල්වින් සිල්වා යනු එම බලවේගය නම් නොවේ.මෙරට ජාතික නායකයින්, ජාතික වශයෙන් පුස්සන් නපුංෂකයින් බවට පත්කරන මහා අදිසි බලවේගයක් මේ රටපුරා පක්ෂයක් පක්ෂයක් ගානේ, සංවිධානයක් සංවිධානයක් ගානේ, මිනිස් මනසක් මිනිස් මනසක් ගානේ හොල්මන් කරයි. මෙම බලවේගය, එක්ෂත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ වල නායකයින් විටින් විට, දේශපාලන වශයෙන් නිරුවත් කොට, ඔවුනගේ අවශ්‍යතාවයන් උදෙසා, දේශපාලන කෝලමුන් බවට පත්කර, දේශපාලන වශයෙන් ඝාතනය කරන අතර, එසේ නැඹුරු කර ගත නොහැක්කන් සෘජුවම ඝාතනය කිරීම සංස්කෘතියක් බවට පත්කරගෙන තිබේ. සැබෑ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම කාර්යය භාරය විය යුත්තේ, පවතින විධායක බලය අභිබවන මේ අදිසි බලය අහෝසි කර ගැනීමට සටන් වැදීමයි. පැරණි ජනතා විමුක්ති පෙරමුණ මෙම කාර්යය අති ප්‍රබල මට්ටමින් මේ සමාජය තුල ඉටුකලහ.

එදා මෙරට සිටි ප්‍රථම විධායක ජනාධිපතිතුමාගේ අත අඹරවා, ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් ලබාගත් මොහොතේ සිට, තහනම් පදනමක් යටතේ සිටියද, එම පෙරමුණ, මෙරට පුරා ඉන්දීය භාණඩ ආනයනය, හා වෙළදාම ඇණහිටවීම හරහා ආක්‍රමණිකයාට ඉගැන්වූ පාඩම, මෙවර යුද්ධයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ඉන්දීය මැදිහත්වීමක් වලකාලීමට මහෝපකාරීවූ මෙවලමක් විය.

එදා ජනතා විමුක්ති පෙරමුණහි නායකයින්ගේ තමන්ගේම වූ අනාගත පරපුර, තම ජාතික ගීය වශයෙන් "නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා......" වශයෙන් හඩ නැගූවද, අද ජනතා විමුක්ති පෙරමුණෙහි වර්තමාන නායකත්වයට,තමන්ගේම වූ අනාගත පරපුරට තම දේශපාලන මතවාදයවත් නොහදුනන, තම ජාතික ගීය වශයෙන් "God save our Queen" යන ගීය හඩ නගන පරපුරක් ගොඩනංවා ඇත.

අද නව ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන සටන් පාඨය වන්නේද "God save our Queen" යන්නයි.එම කර්තව්‍ය ඉටුකරගැනීම සදහා ලෝකය පුරාම, අධිරාජ්‍ය විරෝධී පෙරමුණේ සිටින නායකයින්ගේ ඇස්, ඉස්, මස්, ලේ ගෙන පුදන බිලී පූජාවන් සදහා මෙරට රාජ්‍ය නායකයාව ඉලක්ක කරගෙන සිය සටන් මෙහෙයවීම නව ජනතා විමුක්ති පෙරමුණ මනාව ඉටුකරයි.

එදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය අද අතැතිව ඉන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ "අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය" යන්නයි. මම සටන් පාඨය තුල ඇත්තේ එම සටනයි.

1 comment: