Wednesday 2 December 2009

ජවිපෙ දෙදරයි - සෝමවංශ විදේශ ගතවෙයි - සුනිල්-බිමල් යුගලත් රට යෑමට සැරසෙයි - එජාප-ජවිපෙ හවුල ලෝක ලෙඩක් වෙලා

දිනමිණ
එළැඹෙන ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහයෝගය පළකළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තීන්දු කිරිමත් සමඟ එම පක්‍ෂය අභ්‍යන්තරයේ අර්බුද රැසක් මතුවෙමින් තිබෙන බව ජ. වි. පෙ. ට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව පක්‍ෂයේ පහළ මට්ටමේ සාමාජිකයන්ගේ විරෝධය එල්ල වන්නට පටන් ගැනීමත් සමඟ පසුගිය 30 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවති ජ. වි. පෙ. රැලියට සහභාගි නොවීමට ජ. වි. පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා තීරණය කර තිබිණි.

අමරසිංහ මහතා මේ වන විට හදිසියේම විදේශ ගත වී ඇත්තේ ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලින් හැකි තරම් දුරට මඟහැර සිටීමට යැයි මේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගියදා ජ. වි. පෙ. න් ඉවත් වූ එහි මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක වූ පි‍්‍රයංගා කොතලාවල මහත්මිය පක්‍ෂයේ මෑත කාලයේ දේශපාලන තීරණ ගැන කර තිබෙන දැඩි විවේචන පිළිගන්නා මධ්‍යම කාරක සභිකයන් තවත් කීප දෙනකුම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලින් මඟහැර සිටීමට තීරණය කර ඇති බව වාර්තාවේ.


ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව පැවසීමට සරත් ෆොන්සේකා සහභාගි වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ජ. වි. පෙ. අනුර කුමාර දිසානායක මහතා පැමිණියත් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට අනුර කුමාර දිසානායක මහතාට පැමිණීමට එක්සත් ජාතික පාක්ෂිකයන් ඉඩ ලබා දී නොතිබිණි.

තමන් විවෘත ආර්ථිකය පිළිගන්නා බවත්, 13 සංශෝධනයෙන් ඔබ්බට ගමන් කරන බවත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රායෝගික කාලයක් අවශ්‍ය බවත්, ෆොන්සේකා මහතා ප්‍රකාශ කිරීමත් සමඟම අනුර කුමාර දිසානායක මහතා කෝපයෙන් ෆොන්සේකා මහතාට දොස් පවරමින් එම ස්ථානයෙන් ඉවත් වී ඇති බව පැවසේ.

මෙහිදී මේ දේශපාලන කපුකම කළේ තමන් බවත්, තමන්ටත් පක්‍ෂයටත් බිම් මට්ටමේ සාමාජිකත්වයට මුහුණ දීමට නොහැකි බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඊයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමේදී එ. ජා. ප. යේ බලපෑම් මත ජ. වි. පෙ. ට ආරාධනා කර නොතිබිණ.

මේ තත්ත්වය යටතේ සරත් ෆොන්සේකා ජ. වි. පෙ. – එ. ජා. ප. හවුල අතර බරපතළ දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති හා බිමල් රත්නායක මේ වන විටත් විදේශ ගතවීමට සැරසෙන බව මේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment