Tuesday 22 December 2009

මංගලගේ තියෙන්නේ කපටිකම් විතරයි. ඇඳුම් මහන්න විතරයි දක්ෂ. ප්‍රේම කරන්නවත් දන්නේ නැහැ. ගැහැනියකට ප්‍රේම කරන්න බැරි නිසා කොල්ලන්ට ප්‍රේම කරනවා. ගැහැනියකට ප්‍රේමකරන්න බැරි එකාට මොනවාද කරන්න පුළුවන්.- එස්. බී. දිසානායක

සුභාෂිණී සේනානායක-දිනමිණ
ඔබ යළි මහගෙදරට ආවා. ශ්‍රී. ල. නි. පක්‍ෂය අතහැර එජාපයට යන්න හේතු වූ කාරණා මොනවාද?

අපි දේශපානයට අත්පොත් තිබ්බේ වමේ දේශපාලනයෙන්. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයෙන් මම දේශපාලනය ආරම්භ කළා. කොමියුනිස්ට් පක්ක්‍ෂයෙන් වමේ දේශපාලනය කිරීම ආරම්භ කළා. චද්‍රිකාව එදා පොදුජන එක්සත් පෙරමුණට රැගෙන ආවෙත් මම. එහෙම හදපු පක්‍ෂය දාලා එන්න වුණ එක විශාල වේදනාවක් වුණා. පොදු ජන එක්සත් පෙරමුණින් මම ඉවත්වන විට සමෘද්ධි, පාර්ලිමේන්තු කටයුතු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති, ශ්‍රී. ල. නි. ප. මහලේකම් වැනි තනතුරු රැසක් දැරුවා.


මා ඒ සියල්ල අතහැර විපක්‍ෂය ට ගියේ මන්ත්‍රීකමත් අතෑරලයි. එජාපයෙන් මම ඉවත්වුණේත් ජාතික සංවිධායක ධූරයත් අතහැරලා.


* ඔබ එජාපයට එක්වන විට එවකට පැවැති රජයේ තිබූ තත්ත්වය කුමක්ද?


මම එක්සත් ජාතික පක්‍ෂයට යන විට ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ ආර්ථිකය සෘණ අගයක් ගෙන තිබුණා. එහි අගය සෘණ 1.4 ක්. ඒ වගේ තත්ත්ත්වයක් මේ රටේ කිසිදාක සිදුවී තිබුණේ නැහැ. ඒ වනවිට ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය කඩා වැටී තිබුණා. අති භයානක ලෙස උතුරේ යුද්ධය වර්ධනය වෙමින් තිබුණා. මුලතිව්, පුනරින්, පලාලි, අලිමංකඩ, යාපනය වැනි ප්‍රදේශ අපෙන් ශිලිහි තිබුණා. කොටි කොළඹටත් ගැහුවා.


චන්ද්‍රිකා ඒ වන විට වියරුවෙන් හිටියේ අගමැති , අනුර, මෛත්‍රීපාල, නිමල්, දි. මු. ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කියන කිසිම දේකට ඇහුම්කන් දුන්නේ නැහැ. කවුරු දිහාවත් හැරිලා බැලුවේවත් නැහැ. ආර්ථිකය බිංදුවට වඩා අඩුවී තිබෙන විට චන්ද්‍රිකා කෝටි 600 ක් වියදම් කර මාලිගාවක් හැදුවා.


සමහරු ඇමැතිකම් අතහැර දාන විට මංගල සමරවීර නාගරික ඇමැතිධූරය අරගෙන රුපියල් ලක්‍ෂ 237 ක් වියදම් කරල තමන්ගේ නිල කාමරය මාලිගාවක් කර ගත්තා..


මෙම කරුණු නිසා අපි ඇමැතිවරු 9 දෙනෙක් තීන්දු කරා ආණ්ඩුවෙන් ඉවත්වෙන්න වෙන විකල්පයක් තිබුනේ නැහැ. ජනතාවගේ යහපත වෙනුවෙන් අවස්ථානුකූ®ලව එම තීරණය ගැනීමට අපට සිදු වුණා. අපි එජාපයට ගොස් ආණ්ඩුව පෙරලා දැමුවා. එසේ කළේ රට ගැන හිතලා. එදා චන්ද්‍රිකා හිටියානම් රට ඉවරෙටම ඉවරයි.


* ඔබ එජාපයෙන් ජනාධිපතිධූරය ට තරග කිරීමේ අපේක්‍ෂාවෙන් සිටියා. එජාපය දිනවීමට කැපවී ක්‍රියා කළා. ඇයි එජාපය එපා වුණේ?


අපි එජාපයට ඇවිත් රනිල්ට ආණ්ඩු බලය අරන් දුන්නා. බලයට පත්වී ගතවූ වසර දෙක තුළ රනිල් එජාප පාක්ෂිකයන් අනාථ කළා. තොණ්ඩමන්, හකීම් ඉල්ලන සියලු දේ රනිල් ලබා දුන්නා. එජාප පාක්‍ෂිකයන් අනාථවුණා වගේම අසරණ වුණා. රනිල් ඔවුන්ව අසරණ කළා. එජාප රජයක් පත්කරන්න වෙහෙසුණු කොල්ලෙකුට රැකියාවක් වත් දුන්නේ නැහැ.
එජාප පාලන සමයේ ආයතන සභාපතිවරු ලෙස පත් කළේ පිටරට සිට පැමිණි අයයි. ඔවුන් සිරිකොත තිබෙන තැනවත් දන්නේ නැහැ. ආයතනවල වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක්වත් දුන්නේ නැහැ. මුදල් ඇමැති ලෙස චොක්සි පත්කළත් චරිත රත්වත්තේ චොක්සිට ඉහළින් සිටියා.

රනිල් තමන්ගේ ගජමිතුරන් සමඟ එකතු වී ආණ්ඩුව කළා. පාක්‍ෂිකයන්ට වැට බැන්දා. මන්ත්‍රීවරු කළකිරුණා. චන්ද්‍රිකාට තිබූ බලතල සමහරු අවතක්සේරු කළා. චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවන බව රනිල්ට කීවම රනිල් අපට වඩා චන්ද්‍රිකාව විශ්වාස කළා.


චන්ද්‍රිකාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන ලෙස අපි රනිල්ට බල කළත් එසේ කළේ නැහැ. එහෙම කළානම් රජය විසුරුවන්න බැරි වෙනවා. චන්ද්‍රිකා රනිල්ව රවටලා ජාතික ආණ්ඩු සංකල්පයක් ගෙනාවා. මනෝ මලික් කමිටුව පත් කරලා ගහපු ගැටේට රනිල් අහුවුණා.


පෞද්ගලික හිතවතුන්ට මහා පරිමාණයෙන් උදව් දුන්නා. විශාල ආධාර මුදල් සංවර්ධනය සඳහා ලැබුනත් ඒවා ආරම්භ කරන්න රනිල්ට බැරිවුණා. ඉහළ කොත්මලේ , නොරොච්චෝලේ විදුලි බලාගාර සඳහා මුදල් ආධාර ලැබුණත් ක්‍රියාත්මක කරන්න රනිල්ට බැරිවුණා. අද මහින්ද රාජපක්‍ෂ ඒවා කරනවා.
එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවට බැස්සා. සියලු නිලතලවලට පත්කරන්නේ රනිල්ගේ තනි මතයට. පක්‍ෂයේ ශිෂ්‍ය, භික්‍ෂු, විශ්ව විද්‍යාල සංවිධාන ආචාර්ය සංගම් කළා. සංගම් හදන එක රනිල් නැවැත්තුවා. පක්‍ෂය තුළ රනිල් ගෙනියන ඒකාධිපති වැඩපිළිවෙළ නවත්තන්න අප කටයුතු කළා.

* ඔබ එජාපයේ සිටියදී සිරගත වුණා. එහිදී එජාප නායකයා ඔබව නිදහස් කරගැනීමට ක්‍රියා කළාද? ඒ කොයි ආකාරයටද?


නැහැ. කිසිසේත්ම නැහැ. රනිල්ට එරෙහිව ගෙනියන වැඩපිළිවෙළ කරගෙන යද්දී මා සිරගත කළා. මාව හිරෙන් නිදහස් කරගැනීමේ සටන් ව්‍යාපාරයක් කළුතරින් පටන්ගෙන පාක්‍ෂිකයන් ඉදිරියට ගෙන එද්දී රනිල් මැදිහත්වී එය නවතා දැමුවා. අනුරාධපුරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් මා වෙනුවෙන් පවත්වද්දී රනිල් පෞද්ගලකව අනුරාධපුරයට ගොස් එය නවතා දැමුවා.


දෙවි කෙනෙක් වගේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ මා බේරාගැනීමට කටයුතු කළා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාව හිරෙන් නිදහස් කළේ ඒ නිසයි. මේ නිසා එජාපයේ නායකයා ගැන අප කළකිරී සිටියේ.


නමුත් අප ඒ කළකිරීම පක්‍ෂය තුළ මතුකර පක්ෂයේ දියුණුවට වැඩකරන එක අතඇරියේ නෑ. පක්‍ෂයේ දියුණුව වෙනුවෙන් අරගල කළා. ඒවා රනිල්ට ඇල්ලුවේ නෑ. මගේ මතයට ඉඩ නොලැබුණත් මම එළියට ඇවිත් පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටියා.


රනිල්ට තියෙන ලෙඩේ තමයි දක්‍ෂ නැතිකම.කතාව පුරුදු නැහැ. බොරු කපටි කෛරාටිකම් තමයි පුරුදු. මංගල වගේමයි. දක්‍ෂයින්ට බයයි. අයින් කරනවා. හොඳ ම උදාහරණය ජනාධිපතිවරණය දිනන බව දැනගෙන කථිකයන් රටපුරා ගෙන ගියේ නැහැ.


රනිල්ට එල්. ටී. ටී. ය පණිවිඩ එව්වා සාකච්ඡා කළේ නැහැ. ජනාධිපතිවරණ ජයග්‍රහණය රැල්ලක් හදාගෙන ගන්න තිබුණු වෙලාවේ රනිල් මට වේදිකාවට එන්න එපා කිව්වා. පැමිණීම සුදුසු නැහැ කියලා රනිල් කිව්වා.

එජාපයේ මන්ත්‍රීවරු බහුතරය පක්‍ෂයේ නියෝජ්‍ය සභාපතිකම උපනායකකම එස්. බී. ට සහ සජිත්ට දෙන්න කියා රනිල්ට යෝජනා කළත් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 18 ක් සමඟ සන්ධානයට ගිය කරුට නියෝජ්‍ය නායකකම රනිල් දුන්නා. කරු සමඟ ගිය ඔහුගේ පෞද්ගලික ලේකම්වත් නැවත එ. ජා. ප. යට ආවේ නැහැ. ඔහුගේ උපදේශකයකු ලෙස සිටි විශිෂ්ට කථිකත්වයක් ඇති ආර්. ඒ. ඩී. සිරිසේන මහතාවත් නැවත ආවේ නැහැ.


* ඔබ යළි ශ්‍රී. ල. නි. ප.යට ගියේ අවස්ථාවාදීව කටයුතු කරන නිසා කියලා මංගල සමරවීර ඔබට චෝදනා කරනවා.


මංගල සමරවීරට දක්‍ෂකමක් තියෙනවා මුළු ලෝකෙම නෑ කියද්දී තමාගේ අවශ්‍යතාවය මත ඔව් කියන්න. චන්ද්‍රිකා අසූචි ටිකක් අතට දුන්නොත් ලස්සනද බලන්න මංගල ලස්සනයි කියාවි. සුවඳ ද ඇහුවොත් මොනතරම් දුගඳ වුවත් සුවඳයි කියාවි, රසද බලන්න කිව්වොත් රසයි කියාවි.


මංගල රනිල්ටත් මේ ටිකම කරයි. මංගල ඒ වගෙ මිනිහෙක්. දෛවය විසින් මේ රටට දුන්න පාපයක් තමයි මංගල සමරවීර කෙටියෙන්ම ප්‍රකාශයක් කළොත් මංගල සමරවීර කියන්නේ අවස්ථාවාදියෙක් කියන එක පැහැදිලිව කියන්න ඕන.

ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ වීම වළක්වන්න මංගල කීප විටක්ම උත්සාහ කළා. චන්ද්‍රිකා ජනාධිපති අපේක්ෂකම මහින්දට දීලා අගමැතිකම අනුරට දුන්නා. චන්ද්‍රිකා යාවජීව සාමාජිකත්වයේ ඉඳගෙන ජනාධිපතිවරණයට තව වසර 11 /2 ක තියෙනවා කියා හිතාගෙන මංගල ගහපු මේ ප්ලෑන වැරදුණාම මංගල යළි මහින්ද රාජපක්‍ෂ මහතා ළඟට ගියේ අගමැති ධූරය හිතේ තියාගෙන යි.


ජනාධිපතිවරණයට පෙර එන මහ මැතිවරණයේ දී අනුරව අගමැති කරල මහින්ද ඉවර කරන්නයි වුවමනාව වුණේ. මංගලගේ ප්ලෑන් එක අංශක 160 න් පස්සට ගියේ සරත් නන්ද සිල්වා අගවිනිසුරුතුමා අවුරුදු 1 1/2 ක් ඉන්න බැරි බවට දුන් තීන්දුව නිසා. චන්ද්‍රිකා ජනාධිපතිවරණයේදී මහින්දට සහාය දුන්නේ නැහැ. මංගල කපටිකමට සහාය දුන්නා. චන්ද්‍රිකා අනුර අතර ප්‍රශ්න ඇතිකළා.

මංගලගේ තියෙන්නේ කපටිකම් විතරයි. ඇඳුම් මහන්න විතරයි දක්ෂ. ප්‍රේම කරන්නවත් දන්නේ නැහැ. ගැහැනියකට ප්‍රේම කරන්න බැරි නිසා කොල්ලන්ට ප්‍රේම කරනවා. ගැහැනියකට ප්‍රේමකරන්න බැරි එකාට මොනවාද කරන්න පුළුවන්.


* මේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ෆොන්සේකා භාවිතා කරන්නේ කොහොමද?


විශ්‍රාමික ෆොන්සේකා නාමමාත්‍රික කියනකොටම එයා ඉවරයි. විශ්‍රාමික ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොටම එජාපයේ සටන් පාඨ කකුලෙන් අදිනවා. රනිල් ආසනවලට සංවිධායකවරු දාලාවත් නැහැ. පෝලිම් බූත්වලට විශ්වාස අය දාලා නැහැ.


විශ්‍රාමික ෆොන්සේකා නාමමාත්‍ර කියලා කිව්වාම මාස 4 යි කියලා කිව්වාම ඔහුට වියදම් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. කවුද කැමැති පරදින හෝ බලතල නැති කෙනෙකුට වියදම් කරන්න ඡන්ද සටන ඉදිරියට ගෙනයාම අමාරු වෙනවා.


පරාජය ලබාගන්න රනිල් කළ මේ උත්සාහයට එජාපය කැමැති නැහැ. විශ්‍රාමික ෆොන්සේකා ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණට ජනතාවට ඔහුව පෙන්නලා වසර 2 ක බලය එයාලට ගන්න . එහෙම කරලා පාර්ලිමේන්තුව ගෙනියන්න පුළුවන්ද කියලා බලාවි.


ජේ. වී. පීය විශ්‍රාමික ෆොන්සේකාව අල්ලගෙන එජාපය පහළට වට්ටනවා. පසුගිය මැතිවරණයේ සන්ධානයට ගිහින් සන්ධානයේ ඡන්දවලින් පාර්ලිමේන්තු ආවා. මේ පාර එජාපයේ මන්ත්‍රීවරු 30 ක් විතර හැලෙනවා. ජේ. වී. පීය කරන මේ වැඩෙන් එජාපයේ ඡන්ද අරගෙන මේ වර ජේ. වීපිය ඉදිරියට එන්නයි බලන්නේ.


එජාපයයි ජවිපෙයි හරියට එළහරකයි මීහරකයි වගෙයි. දොගොල්ලෝම එකට ඉන්නවා කියලා කිව්වට තියෙන්නේ පරස්පර විරෝධී කථා. එජාපය විවෘත වෙළඳපළ ගේනවා කිව්වම ජවිපෙ වෙන එකක් කියනවා.


ෆොන්සේකා මෙම පක්‍ෂ දෙකම නියෝජනය කරමින් වෙනත් දෙයක් කියනවා. එයාට තියෙන්නේ මිලිටරි දැක්මක්. දේශපාලන ඉතිහාසයක් හෝ දැක්මක් එයාට නැහැ. යුද ජයග්‍රහණය ලැබූ පමණින් දේශපාලන ගමනක් යන්න තීරණය කළ එක එයා කළ අනුවණ ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ.

* ඔබගේ ඉදිරි වැඩපිළිවෙළ කෙසේද?


ගහකොළට සතා සීපාවට සැබෑ ලෙස ආදරය කරන මිනිසකුට සහාය වීමට පැමිණියේ තම පාක්‍ෂිකයන්ට ආදරය නොකරන ආත්මාර්ථකාමියකු අතැරලා. මම ශ්‍රී. ල. නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නවා.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්තවාදය ජයගත්තා වගේම මේ රටට විශාල සංවර්ධනයක් කර තිබෙනවා. ඉහළ කොත්මලේ , නොරොච්චෝලේ වැනි සංවර්ධන ක්‍රියාදාමයන්ට මුදල් ලැබුණේ රනිල් ගේ කාලයේය.


රනිල් ඒ කිසිදෙයක අගය වටහාගත්තේ නැහැ. චන්ද්‍රිකා සංවර්ධනය කරා රට ගෙන ගියේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා විශාල සංවර්ධන ක්‍රියාදාමයන්ට රට යොමු කර තිබෙනවා. ප්‍රධාන පාලම්,, ගුවන් පාලම් ඉදිකරමින් රටේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය කරා රට රැගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අවශ්‍යතාවය තිබෙනවා. ඒ සඳහා මාගේ පූර්ණ සහාය මම ලබා දෙනවා.

No comments:

Post a Comment