Sunday 31 January 2010

පරිච්ඡේදයක අවසානය

මහාචාර්ය නලින් ද සිල්වා-දිවයින
තවත් ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවූ නිලවරණයක්‌ අවසන් වී ඇත. මහින්ද රාජපක්‌ෂ මහතා අති විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත් කරගෙන තවත් අවුරුදු හයක්‌ සඳහා ජනාධිපති ලෙස කටයුතු කිරීමට වරම් ලබා ඇත. එහෙත් තවමත් ජනාධිපතිවරණය පිළිබඳ සියලු කටයුතු අවසන් යෑයි කිව නොහැකිය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙහිදී ජනතාව දී ඇති තීන්දුව නොපිළිගනියි. ඒකාධිපතිවාදී මනසක්‌ ඇති ඔහු ජනතා තීන්දුවක්‌ නොපිළිගැනීම පුදුමයට කරුණක්‌ නොවේ. එහිදී ඔහුට ජ.වි. පෙරමුණේ ද සම්පූර්ණ සහාය ලැබෙනු ඇත. සරත් ෆොන්සේකාටත් ජවිපෙටත් ජනතා තීන්දු යනු තම තමන්ගේ තීන්දු මිස අනෙකක්‌ නොවේ.

මව්බිම වෙනුවෙන් ජනතාව දුන් තීන්දුවක්‌ !-ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

සාකච්ඡා කළේ පාලිත සේනානායක- දිවයින

අපේ රටේ මෙතෙක්‌ පැවති ජනාධිපතිවරණ අතුරින් සුවිශේෂ ජනාධිපතිවරණයක්‌ ලෙස හැඳින්වුණු මෙවර ජනාධිපතිවරණයේ ජනතා තීන්දුව දැන් ප්‍රකාශයට පත් වී හමාරය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලද ඒ ඓතිහාසික විජයග්‍රහණයට පසුබිම් වූ කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි කරන විග්‍රහයකි මේ ජනාධිපතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඔබ දකින්නෙ කොහොමද?මේ ජනාධිපතිවරණය පිළිබඳ සිදුකෙරුණු සමීක්‍ෂණ වාර්තා කිසිවකින් වත් මේ තරම් විශාල ජයග්‍රහණයක්‌ පෙන්නුම් කළේ නැහැ. නමුත් අවසාන දින දහයක පමණ කාලය තුළ මේ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කාටද යන්න පිළිබඳ ජනතාව කරුණු 3 ක්‌ සම්බන්ධයෙන් අවධානය යොමු කළා.

ජනාධිපතිතුමනි මේ අහිංසක හිත හොඳ මිනිසුන් රැක ගනු මැනවි

දෙනගම සිරිවර්ධන-දිවයින

ඒ ගම්වැසියෝ දුප්පත් ය. ඔවුන්ට හැකියාව තිබුණේ යම්තම් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට පමණි. ඉහළ යන බඩු මිල ගැනද ඔවුහු කතා කළහ. හාල් ටිකට සීනි ටිකට කොච්චර සල්ලියක්‌ ඕනෑද? ඔවුහු ඒ ගැනද එකිනෙකාට කියා ගත්හ.

ජනාධිපතිවරණයක්‌ එන බව ප්‍රසිද්ධ විය. මිනිස්‌සු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද මහතා ගැන දනිති."අපි කාටද ඡන්දෙ දෙන්න ඕන. එය ඔවුන්ට ප්‍රශ්නයක්‌ නොවීය.

මහින්දයි රනිලුයි දෙන්නම දිනුම් .....

බුලිත ප්‍රදීප් කුමාර - දිවයින

ජනාධිපතිවරණය අවසන් වී අවසාන ප්‍රතිඵලයද නිකුත්වී දින ගණනකි. ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත වතාවක්‌ මේ රටේ පාලන බලය හිමිකරගෙන අවසන්ය. ජනාධිපති මහින්ද ඇතුළු සහෝදර සමාගමේ වංචා දූෂණ රටට හෙළිකර ඔවුන්ගේ පාලන සමය අහෝසිකොට ඔවුන් ගෙදර යවා රටට සැබෑ වෙනසක්‌ අත්පත් කරදෙනවා යෑයි කී විපක්‍ෂ සන්ධානයේ නිර්පාක්‍ෂික අපේක්‍ෂක සරත් ෆොන්සේකා මේ වන විට දේශපාලන ලෝකයේ ආගිය අතක්‌ නැති ගානය.... කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය තුළ කිසිවිටෙකක්‌ රටේ ජනතාවට අමතක කළ නොහැකි කරුණු කාරණා බොහෝය. රසමුසු තැන්ද බොහෝය. එබඳු රසමුසු තැන් කිහිපයක්‌ නැවතත් මෙනෙහි කරමින් රසවිඳීම මේ ලිපිය ලිවීමේදී මගේ අරමුණ විය.

Saturday 30 January 2010

ගෝඨාභය නිරුවත් කර ගාළු මුවදොර වෙඩි තබන සැලසුමක් - නීති විරොධී ආරක්‍ෂකයන් සියල්ල හෙළි කරයි.

සරත් ෆොන්සේකා සමඟ ‘සිනමන් ලේක්’ හෝටලයේ රැඳී සිටි, හමුදාවෙන් පැන යන ලදැයි සැලකෙන හමුදා සාමාජිකයන් 9 දෙනා අත් අඩංගුවට ගැනීමත් සමඟ ෆොන්සේකා විසින් සැලසුම් කර තිබූ ප‍්‍රචණ්ඩ මෙහෙයුම පිළිබඳ සියළු තොරතුරු අණාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම හමුදා සෙබළු මුල සිටම (යුධ හමුදාවේ සිටි සමයේ පටන්) සරත් ෆොන්සේකාගේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙන්කර සිටියවුන් වේ. ජනාධිපති අපේක්‍ෂකයෙකු බවට පත් වීමට පෙර ඔහු දැනට සිටින හමුදා ප‍්‍රධානීන්ට දන්වා ඇත්තේ මෙම 9 දෙනා හමුදාවෙන් පළාගොස් ඇති බවයි. ඒ වෙනුවට වෙනත් සෙබළුන් 9 දෙනෙකු ඔහු විසින් අනුයුක්ත කරගෙනද තිබේ. නමුත් පසුගිය 27 වැනිදා කොළඹ ‘සිනමන් ලේක්’ හෝටලය තුල අවි ආයුධ සහිතව රැඳී සිටි පුද්ගලයන් 9 දෙනෙකු ආරක්‍ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් විට, ඔවුන් අදාල හමුදා සාමජිකයන් බව අණාවරණය වී ඇත. එම හමුදා සාමාජිකයන් පැන ගිය බවට අසත්‍ය තොරතුරු සපයා සරත් ෆොන්සේකා විසින් ඔවුන්ව යම් යම් නීති විරෝධී කටයුතු සඳහා යොදාගෙන ඇතැයි පැවසේ.

කෙසේ හෝ බලය ලබාගැනීමේ ෆොන්සේකාගේ සැලසුම වැරදුණා

ජනාධිපති පුටුවේ කොසේ හෝ වාඩිවීමේ අභිලාෂය ඇතිව විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් දියත් කළ කුමන්ත‍්‍රණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිවිශිෂ්ට ජයග‍්‍රහණයත් සම`ග යටපත් වී ගියේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාරිලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කළේය. ඔහු මේ සුවිශේෂී අනාවරණය සිදු කරනු ලැබුවේ අද (29) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

2010 ජනාධිපතිවරණය හා දේශද්‍රෝහීන් 4,173,185

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
ජනාධිපතිවරණය නිමාවට පත්විය. මෙම ජනාධිපතිවරණය හා එහි ප්‍රතිඵල මේ රටට හා ජාතියට කියන්නාවූ කරුණු සම්භාරය අති විශාලය.

මෙම කරුණු සම්භාරය මනාව අවබෝධ කරගැනීම රට නිවැරදි ඉලක්කයක් කරා මෙහෙය වන ජාතික බලවේගයන්හි නියමුවන්ගේ ප්‍රධාන කාර්යය භාරය විය යුතුය. අප ඉතා කෙටියෙන් මේ මැතිවරණය ජාතියට හඩගා කිවූ පණිවුඩය කුමක්දැයි හදුනා ගැනීමට බලමු.

රට පාවාදුන් ෆොන්සේකා නීතිය හමුවට ගෙන එන්න - විමල් වීරවංශ

නුවන් කොඩිකාර

ඝාතන මෙහෙයුම් දියත් කරමින්, රට පාවාදුන් සරත් ෆොන්සේකා මහතා නීතිය හමුවට කැඳවන්නැයි ජාතික නිදහස් පෙරමුණ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීසේ නොවුණහොත් ඔහු තවදුරටත් දිනාගත් මාතෘභූ®මිය අපකීර්තියට පත්කිරීමට ඉඩ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.ජාතින නිදහස් පෙරමුණ මූලස්ථානයේ ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කෙළේය.

ජෙනරාල්ගේ ඊළඟ කටයුතු සම්බන්ධව සබඳතා පවත්වනවා -ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව

කීර්ති වර්ණකුලසූරිය-දිවයින

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙනරාල් සරත් ෆොන්සේකා සමග ඔහුගේ ඊළඟ කටයුතු සම්බන්ධයෙන් සබඳකම් පවත්වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රව්ලි ඊයේ ප්‍රකාශ කර ඇත.

Thursday 28 January 2010

සියළු දෙනාම ජයග්‍රහණය කරන ජනාධිපතිවරණයක්!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
සෝමවංශ අමරසිංහ මහතා වේදිකාවල රගමින් "සොයාපු දේ හම්භ උනා කාලෙ හොදා" යයි උදාන ගීතය ගයමින් ඔහුගේ හා ඔහුගේ අතවැසි ගෝල බාලයන් ලබපු ජයග්‍රහණය සම්බන්ධව මෙනෙහි කරමින් සිටින යුගයක් අප පසුකරමින් සිටිමු. ඒ සමගම 1988-1989 වකවානුවේදී අතුරුදන්වූ තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා, ඔවුනගේ ඡායාරූප අතැතිව එම දරුවන්ගේ දෙමව්පියෝ පාරක් පාරක් ගානේ ගමන් කරයි. සෝමවංශ මහතාට හම්භ වී ඇත්තේ එම දූ දරුවන් නම් නොවේ.කොහොම හරි ඔවුනට සොයාපු දේ සම්භ වී ඇත. එය ඔහු ලැබුවාවූ අති විශිෂඨ ජයග්‍රහණයකි. මින් ඉදිරියට සෝමවංශ අමරසිංහ, විජිත හේරත්, අනුර කුමාර දිසානායක, සුනිල් හදුනෙත්ති යන මහත්වරුන්ට ධනපති ක්‍රමය තුල යහතින් ජීවත්වීමට ඇවැසි හැම දෙයක්ම හම්බ වී ඇත. එය මේ ජනාධිපතිවරණයේදී මේ වනවිටත් ඔවුන් ලබා ඇති ජීවන ජයග්‍රහණයකි. ඔවුනගේ මනස මේ වනවිටත් ඔවුන් කල කාර්යය භාරය සම්බන්ධව තෘප්තිමත් භාවයකට පත්ව නැත. ඊට හේතුව වන්නේ ඔවුන් මේ සියල්ලම ලබාගත්තේ 1965 සිට මේ දක්වා එම පෙරමුණ ගොඩනැංවීමට දායක වූවන්ගේ ශ්‍රමය හා ඇස් ඉස් මස් ලේ අධිරාජ්‍යවාදීන්ට විකුණීම හේතුවෙනි. නමුත් ඔවුන් බාහිරින් ජයග්‍රාහින් වී ඇත. ඒ අනුව නව ජනතා විමුක්ති පෙරමුහි නායකත්වය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇත.

Monday 25 January 2010

බොරුව හා තර්ජනය

සී. එ. චන්ද්‍රප්‍රේම
මෙම ඡන්ද ව්‍යාපාරයේ අප කාගේත් අවධානයට යොමුවිය යුතු කාරණා කීපයක්‌ ඇත. මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය යනු අප කවුරුත් දන්නා හඳුනන පැරණි ප්‍රපංචයකි. අපේ අවධානයට යොමුවිය යුත්තේ කලින් මැතිවරණවලදී දක්‌නට නොලැබුණු අළුත් අංග කීපයක්‌ පිළිබඳවයි. සර්වජන ඡන්දය හඳුන්වා දීමෙන් පසු පවත්වන ලද කිසිම මැතිවරණයකට වඩා මෙම ඡන්දයේදී වැරදි තොරතුරු හා පට්‌ටපල් බොරු විශාල කාර්ය භාරයක්‌ ඉටුකර තිබීම වඩාත්ම භයානක අංගයයි. වෙබ් අඩවි, විද්යුත් තැපෑල හා එස්‌. එම්. එස්‌. පණිවුඩ මේ වැරදි තොරතුරු හා පච ප්‍රචාරය කිරීමට භාවිතා කොට තිබීම අනාගත ඡන්ද ව්‍යාපාර කෙබඳු ස්‌වරූපයක්‌ ගනීදැයි අප තුළ බියක්‌ ඇති කරයි. මේ කාරණයේදී ප්‍රධාන චූදිතයා වන්නේ විපක්‍ෂයයි. ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍ය තුළ විපක්‍ෂයට ඉඩක්‌ නොදී තමන්ගේ ඡන්ද වැඩවලට පමණක්‌ භාවිතා කර තිබුණද ඒ ප්‍රශ්නය මෙම රාජ්‍ය මාධ්‍යය පුද්ගලීකරණය කිරීමෙන් එක පෑන් පහරකින් විසඳිය හැකි එකකි. නමුත් වෙබ් අඩවි හා විද්යුත් තැපෑල හරහා පච ප්‍රචාරය කිරීම එතරම් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක්‌ නොවේ. එම නිසා මෙය අනාගතයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් හානියක්‌ වීමට ඉඩ ඇත.

මෙම ඡන්ද ව්‍යාපාරය දෙස ආපසු හැරී බැලුවොත් විපක්‍ෂය විසින් මුලින්ම රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව ජන මතයක්‌ ගොඩනැඟීමට උත්සාහ කළේ පවුලේ සාමාජිකයන් කොළඹ හා වෙනත් නගරවල වටිනා දේපොල හා ව්‍යාපාරික ස්‌ථාන විශාල ගණනක්‌a අයථා ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බවට කටකතා පැතිරවීමට කටයුතු කිරීමෙනි. මෙසේ මිලදී ගත්තා යෑයි කියන දේපල අතර ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලය පිහිටා තිබුණු ඉඩම, කොළඹ 5, බලපොකුණ පාරේ විශාල නිවසක්‌, තංගල්ල බේ හෝටලය, මාතර ලලිතා හෝටලය, ගාල්ලේ ලයිට්‌හවුස්‌ හෝටලය, ෆොaට්‌ට්‍රස්‌ හෝටලය ඇතුළු විශාල දේපොල ප්‍රමාණයක්‌ සඳහන් වෙයි. මෙවැනි දේවල් පැවැසීමෙන් රාජපක්‍ෂ පවුල අයථා ලෙස පොහොසත්වීම පිළිබඳව සමාජය තුළ කෝපයක්‌ ඇති කරන ලදී. ඒ සියලුම චෝදනා බොරු වුණත් මේ කටකතා වැරදි යෑයි කීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ නිසා ඒවාට කාලයක්‌ මුළුල්ලේ වර්ධනය වීමට ඉඩ ලැබිණි.
රාජපක්‍ෂ පවුල දේපල මිලදී ගත්තා යෑයි කියන කටකතාවලට සමගාමීව තවත් බොරු ප්‍රචාර දියත් කරන ලදී. රටේ සෑම තැනකම දක්‌නට ලැබෙන විශාල ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රාජපක්‍ෂ පවුල මහා පරිමාණයෙන් හරි හම්බ කරගන්නා බව කියමින් බොරු ගණන් සහිත විද්යුත් තැපැල් පණිවුඩ සෑම තැනකම යැමට පටන් ගත්තේය. එම බොරු ප්‍රචාර ද අදාළ ව්‍යාපෘතිවල වියදම් දෙගුණයකින් වැඩිකොට ඒ සියල්ල රාජපක්‍ෂ පවුල විසින් ගසාකන බවට කියන ලදී. පසුව මේ සියලු චෝදනා එක විද්යුත් තැපැල් පණිවුඩයකට ගෙන විශාල ව්‍යාපෘති, නැතිනම් මිලදී ගැනීම් 14 කින් රුපියල් බිලියන 430 ක මුදලක්‌ ගසාකෑ හැටි ගැන කියන ලදී. අපි ඉකුත් සතියේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ මෙකී "එකතු කළ කෘතියේ" අන්තර්ගතය ගැනය. නමුත් මේවාට ද කලින්ම කිසිවකු උත්තර දුන් නැති නිසා විපක්‍ෂය මේ බොරු මත තවත් බොරු ගොඩනැගීමට පටන් ගත්තේය. කලින් හොරෙන් නිර්නාමිකව යවන ලද ප්‍රචාර පසුව විපක්‍ෂයේ නිල මතය බවට පත්වී මේ ගණන් හිලව් රූපවාහිනි සාකච්ඡාවල ද සඳහන් වීමට පටන් ගත්තේය.
එපමණක්‌ නොව මේ හොරකම් කළා යෑයි කියන මුදල් ආපසු ලබාගෙන ඒවායින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු වෙනත් දේවල් කිරීමට හැකි බව ඔවුන් කීමට පටන් ගත්තේය. මේ සියල්ලම එකක්‌ උඩ එකක්‌ ගොඩ නැඟුණු පච කන්දක්‌ විය. රාවය කර්තෘ වික්‌ටර් අයිවන් මහතා කාට හෝ එරෙහි දූෂණ චෝදනා ඉදිරිපත් කරනවා නම් යම් තරමකට හෝ පිළිගත හැකි සාක්‍ෂි ද ඉදිරිපත් කළ යුතු යෑයි කියා සිටිය ද කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් වූයේ නැත. සාක්‍ෂි ඉදිරිපත් වූයේ අනෙක්‌ පැත්තටය. බැසිල් රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන මාතර ලලිතා හෝටලයේ අයිතිකරු තම ව්‍යාපාරය කිසිවකුට විකුණා නැති බවට බැනරයක්‌ ද ප්‍රදර්ශනය කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන ඇපලෝ රෝහල තම ව්‍යාපාරය අයිති ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම හරහා ආණ්‌ඩුවට බව කියමින් දැන්වීම් පළ කළේය.
මේ මුළු ඡන්ද ව්‍යාපාරයේම වංචනික ස්‌වභාවය ඉස්‌මතු කරන තවත් කාරණයක්‌ වන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳ ප්‍රශ්නයයි. සරත් ෆොන්සේකාගේ කඳවුර පවසා සිටින්නේ තමන්ට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් ද සිංහල ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ කියා සිටින්නේ තමන්ට ෆොන්සේකා සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. එසේ වුවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු දෙමළ ප්‍රේක්‍ෂකයන්ට කතා කරන විට කියා සිටින්නේ එයට හාත්පසින්ම විරුද්ධ දෙයකි. ඔවුන් කියා සිටින්නේ ෆොන්සේකා මහතා සමඟ ගිවිසුමක්‌ ඇති බවත් විදේශීය රටවල සාක්‍ෂිකරුවන් ඉදිරියේ අත්සන් කරන ලද නිසා මෙකී ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවත්ය. කේ. තුරෙයිරත්නසිංහම් මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක්‌ දෙමළ විද්යුත් මාධ්‍යයකට කර තිබූ අතර ඔහුට පසුව තවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකුත් එවැනිම ප්‍රකාශ දෙමළ විද්යුත් මාධ්‍යයන්ට කර තිබිණි. මේ ප්‍රශ්නයේදී අපි විශ්වාස කළ යුත්තේ මොන කතාවද?
2005 දී ජනතා විමුක්‌ති පෙරමුණ හා හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂට සහයෝගය ප්‍රකාශ කර සිටි විට ඔවුන් ලිත ගිවිසුම්වලට අත්සන් තැබුවේය. හෙළ උරුමයට මහින්ද රාජපක්‍ෂ ගැන නොතිබුණු විශ්වාසයක්‌ දෙමළ සන්ධානයට සරත් ෆොන්සේකා ගැන තිබේ යෑයි විශ්වාස කළ හැකිද? මේ ආකාරයට විපක්‍ෂය විසින් දෙමළ සන්ධානය ලවාම සිංහල මිනිසුන්ට එක්‌ කතාවකුත් දෙමළ මිනිසුන්ට ඊට වෙනස්‌ කතාවකුත් කීම අතිශයින්ම භයානක දෙයකි. මේ අනුව සිංහල මිනිසුන් ඔවුන්ට ඡන්දය දාන්නේ නොදෙනවාය යන පදනම මතය. නමුත් දෙමළ මිනිසුන් ඔහුට ඡන්දය දමන්නේ අනිවාර්යයෙන්ම ලැබෙනවාය යන පදනම මතය. මෙය මේ රට නැවතත් මහා ව්‍යාකූලත්වයකට ඇද දමන වට්‌ටෝරුවකි. 1994 දීත් ඉන් පසුව 2001 දීත් පවත්වන ලද මැතිවරණවලදී එකල සිටි විරුද්ධ පක්‍ෂයත් දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති තමන්ගේ ස්‌ථාවරය ඉතා විවෘතව ප්‍රකාශ කරන ලදී. එකී ඡන්දවලදී සිංහල ඡන්දදායකයන් මෙන්ම දෙමළ ඡන්දදායකයන් ද ඡන්දය දුන්නේ විවෘතව ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියකටය. එකල සිංහලයන්ට එක දෙයකුත් දෙමළ අයට තව දෙයකුත් කීමට විපක්‍ෂයට උවමනාවක්‌ නොවීය. නමුත් මෙම ඡන්දයේදී මේ තරම් කොලය වසා ගැසීමට ඇති උවමනාව කුමක්‌ද? දෙමළ ජාතික සන්ධානය ගැන මිනිසුන්ට තිබෙන සැකය සාධාරණය.
මහා බ්‍රිතාන්‍යයේ විශාල පිළිගැනීමක්‌ ඇති "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව කොටි සංවිධානය පරාජයවී මාස ගණනක්‌ ගතවී තිබුණද අද වනතුරුත් ඔවුන් දෙමළ ජාතික සංධානය හඳුන්වන්නේ "කොටි හිතවත් දෙමළ ජාතික සංධානය" යනුවෙනි." ඉතින් සිංහල මිනිසුන්ට ඔවුන් ගැන සැකයක්‌ තිබීම පුදුමයට කාරණයක්‌ ද? අද ලංකාවේ කොටි සංවිධානයක්‌ නැත. සිටිය සියල්ලෝම එක්‌කෝ පරලොවය. නැතිනම් සිර කඳවුරු වලය. නමුත් මහා බ්‍රිතාන්‍යයේ තවමත් කොටි දහස්‌ ගණනින් සිටී. "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව "කොටි හිතවාදී දෙමළ ජාතික සංධානය" වශයෙන් ඔවුන්ව හඳුන්වන්නේ ඒ නිසාය.
මෙකී ඡන්ද ව්‍යාපාරයේ රජයන මේ පච හා ඇස්‌බැන්දුම් වැඩවලට අමතරව තවත් අයගේ අවධානයට යොමුවිය යුතු කාරණයක්‌ වන්නේ විපක්‍ෂ වේදිකාවේ මතුවෙන කැකෑරෙන වෛරයයි. මේ මුළු ඡන්ද ව්‍යපාරය තුළම විපක්‍ෂයේ අපේක්‍ෂකයාගේ මුහුණේ සිනාවක්‌ නොවීය. අඩුම වශයෙන් පෝස්‌ටරයක හෝ රූපවාහිනී දැන්වීමකවත් ඔහු සිනාසෙනු කිසිවෙක්‌ දැක නැත. 1982 දී ජනතා විමුක්‌ති පෙරමුණේ රෝහණ විඡේවීරවත් ඒ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. ජ.වි.පෙ. ආත්ම පරිත්‍යාගය හා ජනතාව වෙනුවෙන් දිවි පිදීම වැනි දේවල් ගැන කථා කළ නිසා ඔවුන්ට සිනාසීමට ඇති හැකියාව නැතිවී ඇතැයි අද ජීවත් වන තරුණ පරපුර සිතනු ඇත. නමුත් 1982 දී රෝහණ
විඡේවීර ජනාධිපති අපේක්‍ෂක හැටියට හැම තැනම ගියේ සිනාමුසු මුහුණෙන්ය. ඔහුගේ පෝස්‌ටර් වල සිනහව දත් බෙහෙත් දැන්වීමකට වුවත් ගත හැකි ආකාරයේ එකක්‌ විය. නමුත් මෙම ඡන්ද ව්‍යාපාරයේදී කිසිදු සිනහවක්‌ නැති හැම විටම රවාගෙන සිටින අපේක්‍ෂකයන් ජ.වි.පෙ. විසින් තෝරාගෙන ඇත. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ සිනහව මුළු පළාතක්‌ම එළිය කිරීමට හැකි එකක්‌ විය. නමුත් අද?
මේ රැවුම් සමග එන ගෙරවුම් ද ලොමුදැහැගන්වන සුළුය. විපක්‍ෂයේ අපේක්‍ෂකවරයා හුදෙක්‌ම පෞද්ගලික වෛරය හා කෝන්තර මුල් කර ගනිමින් තරගයට ඉදිරිපත් වී ඇති බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහු මුළු ඡන්ද ව්‍යාපාරය පුරාම කළේ ප්‍රසිද්ධ වේදිකාවේ සිට සමාජයේ සියලු කොටස්‌ වලට 27 වනදායින් පසුව බලාගන්නම් යෑයි කියා තර්ජනය කිරීමය. මේ ආකාරයට පොලිස්‌ නිලධාරීන්ගේ කෝට්‌ ගැලවීමටත්, හමුදා නිලධාරීන් යුද අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, ආර්ථික විශේෂඥයන් රටින් පන්නා දැමීමටත්, ඔහුට එරෙහි වන සියල්ල බෝගම්බර හා වැලිකඩ සිරගත කිරීමටත් පොරොන්දු වී ඇත.
මෙසේ තමන්ට බලය ලැබුණ හොත් ජනගහනයෙන් බාගයක්‌ පමණ සිරගත කිරීමටත් ඉතිරි අයගෙන් තවත් පිරිසක්‌ රටින් පන්නා දැමීමටත් ජනවරමක්‌ ඉල්ලන අපේක්‍ෂකයකු සර්වජන ඡන්දය ලැබීමෙන් පසු මේ රටේ කිසිදාක සිට නැත. බලය ගැනීමට පෙර ඔහු හැසිරෙන්නේ මේ ආකාරයට නම් බලය ගත් පසු ඔහු කුමන ආකාරයකට හැසිරේවි දැයි සිතාගත හැක.
ලංකාව මේ වන විට දශක 3 ක යුද්ධයකින් යන්තම් ගැලවී ඇත. රට පුරාම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්‌ම ක්‍රියාත්මක වෙමින් පවතී. ඡන්දයට දින ගණනක්‌ තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන්ම ලංකාව දුප්පත් රටවල් ගොඩින් ඉවත්කර මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්‌ හැටියට ප්‍රකාශයට පත් කොට ඇත. රටේ අනාගතය සඳහා ඉතා සුබ පෙරනිමිති පෙනෙන්නට තිබෙන මෙවැනි අවස්‌ථාවක මෙතරම් වෛරයකින් හා ක්‍රෝධයකින් පුපුරන්න හේතුවක්‌ තිබෙනවාද? 1982 ජනාධිපතිවරණයේදී තම ජීවිතයේ කිරීමට බලාපොරොත්තු වූ සියලු දේ ව්‍යර්ත වී තිබුණු රෝහණ විඡේවීරවත් මේ ආකාරයට වෛරයෙන් පිපිරුවේ නැත. ඔහුවත් කිසිදාක ප්‍රසිද්ධ වේදිකාවෙන් මිනිසුන්ට තර්ජනය කළේ නැත.
විධායක ජනාධිපති ක්‍රමයකදී ආණ්‌ඩුව යනු ජනාධිපතිවරයාය. රටක්‌ දේශපාලන වශයෙන් ස්‌ථාවර වනවාද නැත්ද යන්න තීරණය වන්නේ ජනාධිපතිවරයාගේ පෞරුෂය මතය. චJද්‍රිකා කුමාරතුංග විසින් බලය ගත්දා සිට හත් අවුරුද්දක්‌ යනතුරු විපක්‍ෂයට අඩම්තේට්‌ටම් කිරීම නිසා මුළු රටම අස්‌ථාවර වූ හැටි කාටත් මතක ඇත. මෙසේ ජනාධිපතිවරිය විසින් ඇතිකරන ලද දේශපාලන අස්‌ථාවරභාවය නිසා රටේ ආර්ථිකයද පසුබෑමකට ලක්‌විය. එකල ආර්ථිකයේ පසුබෑමට කිසිදු බාහිර හේතුවක්‌ නොවීය. උදාහරණයක්‌ වශයෙන් 2008 දී හටගත් ආකාරයේ දරුණු ලෝක ආර්ථික අවපාතයක්‌ එකල නොවීය. 1970 ගණන් වලදී සිරිමාවෝ බණ්‌ඩාරනායක ආණ්‌ඩුව අසාර්ථක වීමට හේතු වූ ලෝක ඛණිජ තෙල් අර්බුදය හා ලෝක ආහාර අර්බුදය වැනි කාරණා කිසිවක්‌ 1995 දී නොවීය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වීමත් සමගම මුළු ආර්ථිකයම එක්‌ වරම පසුබෑමකට ලක්‌ විය. 1998 වන විට ආසියාවේ රටවල් කීපයක මූල්‍ය අර්බුදයක්‌ හටගත්තද එය ලංකාවට දැනුනේ නැත. එයට හේතුව ඊට අවුරුදු 3 කට පෙර සිට ලංකාව පැදුරටම වැටී තිබීමය. ඉන් පල්ලෙහාට වැටෙන්නට තැනක්‌ තිබුණේ නැත. ජනාධිපතිවරයා සමබර මානසිකත්වයකින් නොසිටිය හොත් සියල්ල අවසානය. චන්ද්‍රිකා කුමාරතුංග රට පාලනය කළ මුළු අවුරුදු 12 ටම රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඇයගේ මුළු කාලයම විපක්‍ෂයට ආඩම්තේට්‌ටම් කිරීමේ නොනවතින ව්‍යාපෘතියට යොමු වී තිබුණ නිසාය. මීට කලින් සිටි මානසික සමබරතාවයක්‌ නැති ජනාධිපතිවරුන් පවා සියලු විරුද්ධවාදීන් සිරගත කිරීමට ජන වරමක්‌ ඉල්ලමින් බලයට පැමිණියේ නැත.
විපක්‍ෂයේ අපේක්‍ෂකයා ප්‍රසිද්ධ වේදිකාවෙන් කාට හෝ එරෙහිව තර්ජනයක්‌ කළ විට පැමිණ සිටින සෙනග ඔල්වරසන් නගයි. විපක්‍ෂ රැස්‌වීම්වලට එන සෙනගින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් වන නිසා මේ තර්ජන හා ගර්ජන ඔවුන්ට 1988-89 සමයේ සුන්දර මතකයන් නැවත සිහිගන්වනවා විය හැක. එකල ජ.වි.පෙ. ඕනම පහල මට්‌ටමේ සාමාජිකයකුට එක දුරකතන ඇමතුමකින්, එක තුන්ඩු කෑල්ලකින් ඕනම දෙයක්‌ කරවාගැනීමට හැකි විය. ජ.වි.පෙ. ට 1971 දී හෝ 1989 දී සම්පූර්ණ කිරීමට නොහැකි වූ දෙය දැන් එ.ජා.ප. යේම ඡන්ද පාවිච්චි කොට අත ළඟටම පැමිණ ඇතැයි යන හැඟීම ඔවුන්ට පහළවී ඇතුවා විය හැක. අද මේ රට මුහුණ දෙන්නේ කොටි උවදුරටත් වඩා දරුණු තර්ජනයකටය. කොටියාට දෙමළ මිනිසුන් පාලනය කළ හැකි වුවද අපව පාලනය කළ නොහැකි විය. හෙට දිනයේදී සියලුම ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර ඉතාම කල්පනාකාරීව තීරණයක්‌ නොගත හොත් මේ රට යළිත් ගොඩ නොඑන අගාධයක වැටෙන බව සහතිකය.

Sunday 24 January 2010

මේ උදාවී ඇත්තේ සිහින දකින්නන්ගේ වසන්තයයි

බුලිත ප්රදීප් කුමා
දුරුතු මහේ දිවා කාලය බොහෝ උණුසුම්ය. දහවල් හිරු එළිය දැඩිය, තියුණුය, කටුකය, කර්කශය..දහවල කොතරම් උණුසුම් වුවත් දුරුතු මහේ රාත්රිය නම් ශීතල අධිකය. රාත්රියේ අලුයම් කාලය තුළත් උදේ පාන්දරත් දැනෙන මේ අධික ශීතල නිසා බොහෝ දෙනකු දුරුතු මාසය හඳුන්වන්නේ ශීතල දුරුත්ත කියාය...ශීතල දුරුත්ත සිහින දකින්නන්ගේ මාසයයි. රාත්රි කාලයේ ශීතල නිසා රාත්රියේ පටන් පාන්දර හත අට වනතුරු එක දිගට යන දිගු නින්ද තුළ එක සිහිනයක් නොව, සිහින දෙක තුන නොදකිනා කෙනකු නැති තරම් ය.

"අවසාන අවස්‌ථාව මෙයයි" බළලා මල්ලෙන් එළියට

ගලබොඩ සිරි Æණිස්‌සර නායක ස්‌ථවි (ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)


ජනවාරි මස 18 වැනි සඳුදා ජාතික පුවත්පතක සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්‌ෂකට ජයපතා පළකළ දැන්වීමකි.මේ අවසාන අවස්‌ථාව යන කියමනේ අරුත් දෙකක්‌ ඇත.
එකක්‌ "සරත් ෆොන්සේකා මැතිතුමාගේ දේශපාලන පිම්මේ අවසානයයි." අනෙක "රටේ නිදහසේ අවසානය" යන්නයි.
අපේ රටවාසීන්ට විශාල ශාපයක්‌, අපලයක්‌ ඇති බව හැමදාම කවුරුත් කතා කළ දෙයකි.
විවිධ දුක්‌ දොම්නස්‌ අවසන් වෙමින් රටේ නිදහසේ ජීවත්වීමේ වරප්‍රසාදය ලබමින් සිටින ජනතාවට එය අහිමි කරන්නට විදේශීය එල්ටීටීඊය, ධනබලය, විදේශීය අධිරාජ්‍යවාදී බලවේග අද ක්‍රියාත්මක වී අවසානය.
ප්‍රභාකරන්ගේ මළගමින් දෙමළ ජනතාවගෙන් බහුතරයක තිබුණ දුර්වල මානසික තත්ත්වය අහෝසි විය. මේ රටේ සිදුවූ ප්‍රාතිහාර්යයට සමස්‌ත ලෝකවාසීන්ම පුදුම වූහ. දෙමළ ජනතාවගෙන් නොමග ගිය කොටස්‌ හරි මාවතට පිවිසියේය.
නමුත් බල තණ්‌හාව නිසා අප රට නැවත උගසට තබන්න, බලයට කවදාවත් එන්නට ඉඩක්‌ නැති සුළු පිරිසක්‌ විසින් නටන ගරානැටුම නිසා අද රටේ විකෘති භාවයක්‌ ඇතිවී ඇති බව නොකියාම බැරිය.
විදේශීය ධනබලය, ත්‍රස්‌තවාදය නැවත පණගන්වන්නට යන මේ උත්සාහය ගැන සකල ලංකාවාසී ජනතාවම ඇස්‌ හැර හොඳ සිහියෙන් බලත්වා. මේ විපතට අපට ළඟා කරන්නට උත්සාහ ගන්නා සැමගේ අතීතය ඉතිහාසය හාරා අවුස්‌සා බලත්වා.
සෑම මගී බස්‌ රථයකම, දුම්රිය පෙට්‌ටියකම සෙනඟ ගැවසෙන සෑම තැනකම ඉතා සියුම් ලෙස උපක්‍රමශීලීව කතා ගොතන කප්පන්කරුවන් හා බ්‍රොaකර්වරුන් රටවාසීන්ගේ මානසික තත්ත්වය වෙනස්‌ කිරීමට විශාල උත්සාහයක්‌ ගන්නා බව ඔබ දන්නවාද?
විවිධ බොරු ගොතමින් රටේ ජනතාව නොමග යෑවීමට අද මුදල් බලය උපයෝගී කරගෙන ඇත. වගා නොකර රටකට අවශ්‍ය ආහාර නොලැබේ. කන බොන අයගෙන් අඩු තරමින් මිරිස්‌ පැළයක්‌වත් සිටුවන අය සිටීද? එසේනම් පිටරටින් ගෙනෙන ආහාරවල මිල පාලනයක්‌ රජයට කළ හැකිද?
සියල්ල රජයෙන් ඉල්ලාගෙන කන බොන රටවල් ලෝකයේ විරලය. ඉන්දීය ජනතාව ඉතා දුප්පත්ය., අසරණය. නමුත් ස්‌වශක්‌තියෙන් නැගී සිටීමට ඔවුන්ට චිත්ත ධෛර්යය තිබේ. රජයෙන් කිසිවක්‌ ඔවුන් බලාපොරොත්තු නොවේ. මේ නිසාම අද දුප්පත්කම ජයගෙන ඉන්දියාව සීග්‍ර දියුණුවකට පත්වෙමින් සිටී.
සමහර දුර්වල, මෝඩ ත්‍රිරෝද රථ රියදුරන්, ත්‍රිරෝද රථ අයිතිකරුවන් කිසිම දැනුමක්‌ අවබෝධයක්‌ නැතිව තම ව්‍යාපාරයෙන් මහජනයා ගසාකමින් රටේ ජනතාව නොමග හරින බව නොකියාම බැරිය. පිටරට රැකියාවකට ගිය අය තමා දන්නා වෘත්තීය අමතක කර, ලෙහෙසි රක්‌ෂාවක්‌ ලෙස මේ ත්‍රිරෝද රථ ව්‍යාපාරය කරති. මහන්සියක්‌ නැති, දුශ්චරිතය වගාකරන මේ ව්‍යාපාරයේ යෙදී සිටින හුඟදෙනකුම රට ගැන හෝ තම දරුපවුල ගැන හෝ කිසිම හැඟීමක්‌ හෝ ආදරයක්‌ නැත.
මේ රටේ දුප්පත් අහිංසක අයට නැගි සිටීමට ත්‍රිරෝද රථවලට බැංකු ණය ලබාගැනීමේ පළමු වරප්‍රසාදය හිමිකර දුන්නේ ගංගාරාමයයි. ඒ පිළිබඳව රිචඩ් පීරිස්‌ සමාගමෙන් විමසා බැලිය හැක.
ත්‍රිරෝද රථ ව්‍යාපාරික අය තම රට ගැන සිතා තම දූදරුවන් ගැන සිතා බියෙන් ගත කළ කාලය ගැන සිතා, අපට ලැබුණ නිදහස උඩ ඔවුන්ටද ලැබුණ වරප්‍රසාද අමතක නොකර යුද්ධයේ භයානක දර්ශන දුටු ඒ අය මීට වඩා යමක්‌ රටට කරන්නට ඇති අවස්‌ථාව අහුරා මහජනයා මුළා නොකරන්න, කරන දුර්වල කතාබහෙන් වැළකී රටේ ජනතාවට සත්‍ය කතාකර රටට ඇතිවූ නිදහසේ අරුත ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ මානසික තත්ත්වය යහපත් වේවා.
කම්මැලියන්, අලසයන් කළයුත්ත නොකළ යුත්ත නොදන්නා දුරදිග දක්‌නා නුවණක්‌ නැති උපාය නුවණ නැති දුර්වල මිනිසුන්ට අද අතීතය අමතකය.
බඩගින්න, බඩු මිල, අගහිඟකම් ගැන කතාකරමින් රට ගිනි වද්දති.
අඩුතරමින් පාන් ගෙඩිය ගන්න බෑගයක්‌ වත් රැගෙන නොගොස්‌ එයටත් අනවශ්‍ය මුදලක්‌ වැය කරන, නාස්‌තිය ගැන නොසිතන, කන දේට වඩා නොකා වීසිකරන, ජනතාවක්‌ අපේ රටේ බහුතරයක්‌ ලෙස සිටිති. බඩට කෑමක්‌ නැතත්, සුරාව, සූදුව අත්නොහරින, තම දූදරුවන්, අඹුදරුවන් ගැන නොසිතන බහුතරයක්‌ රටේ සිටිති.
නිරෝගිකම ආරක්‌ෂා නොකරගෙන රෝහල් පිහිට පතන කම්මැලියන් බොහෝය. කපාගත් ගොයම්, වී ටික අපතේ නොයා ගැනීමට තරම් කම්මැලි ජනතාවක්‌ සිටින මේ රටේ තත්ත්වය මේ තරමින්වත් ආරක්‌ෂාවීම පුදුමයකි. වැසි ජලය බිඳුවක්‌වත් අපතේ නොහෙළන්නට තරම් තායිලන්ත, චීන, ජපන්, වියට්‌නාම් ආදී ජාතීන් උත්සාහවන්තය. මේ රටේ වැසි ජලය ආරක්‌ෂා කර ප්‍රයෝජනයට ගන්නා පිරිස සියයකට එකක්‌වත් නැති තරම්ය.
ස්‌වාභාවික සම්පත්වලට පයින් ගසා නාස්‌තිය ගැන අවබෝධයක්‌ නැතිව කුසීතයන් ලෙස ජීවත්වන අයට පොරොන්දු දෙන අය අගනේය. ඒ පසුපස ගමන් කරන්නේය. නමුත් රටේ ධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, රාජ්‍ය සේවයට, සංවර්ධනයට වෙන්වන බව සිතන අය අඩුය.
පගාවට පුරුදු හුඟදෙනෙක්‌ රාජ්‍ය සේවකයන් බව අසන්නට ලැබේ. ඔවුන්ට අගහිඟකම් නැත. නමුත් පගාකරුවන් රටේ ජනතාව නොමග යවන බව අපට අසන්නට ලැබේ.
කළ වැරදි ගැන සිතට ගෙන ඒවායෙන් මිදී රට ජාතිය ගැන කල්පනා නොකර නැවත යුද්ධයකට මුල පුරන්නට ඉඩ නොදී අපට ලැබුණ පූර්ණ නිදහස නැතිකර නොගෙන දෙමළ ජනතාවගේ මානසික තත්ත්වය අවුල් නොකර මුදලට කෑදර නොවී, බඩගින්න අඩුව ගැන ඉවසිලිවන්තව, රටේ උපදින්නට ඉන්න ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩතබා කවුරුත් ඇස්‌ ඇර බැලීමට කාලය එළඹ ඇත.
දුප්පත් ජනතාවට "ජනසවි" සංකල්පය හඳුන්වා දුන්නේ ගංගාරාමයයි. එය අද "සමෘද්ධි" නමින් හැඳින්වේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආර්ථික අතින් අහේනියට පත් රටක බලය ගත්විට ජී. එස්‌. ටී. බදු ක්‍රමය ගැන අදහස්‌ ඉදිරිපත් කළේ ගංගාරාමයයි. එදා - මෙදා රටේ දියුණුවට සංවර්ධනයට ගංගාරාමය සිදු කළ, සිදුකරන සේවය අතිවිශාලය.
වෘත්තීය පුහුණු සංකල්පය රටට හඳුන්වාදී නොමග යන තරුණ තරුණියන් යහමගට හරවා හොඳ ආර්ථිකයක්‌ ලබන්න, විදේශීය රටවලට යන්නට මග පෙන්වීමට මුල් වූයේ ගංගාරාමයයි.
රටේ වගාවට, ගෙවතු වගාවට නව පණක්‌ දීමට උත්සාහ කළේ ගංගාරාමයයි. නමුත් අද ඇති ගෙවතු වගාවක්‌ නැත. ඒවා කරන්නට රටවාසීන් කම්මැලිය. ගොවියා රජ කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමාය. මොනම රජයක්‌වත් සහල් කිලෝවකට, වී කිලෝවකට නියමිත මුදලක්‌ නියම නොකළේය.
මහින්ද රජ සමය ඒ කටයුත්ත කළ නිසා ගොවියා රජවිය. රජයෙන් මොනයම් ආධාරයක්‌ නොලැබුණත්, රජය දුන් ස්‌ථාවර මිල ගොවියන්ට ස්‌වශක්‌තියෙන් නැගී සිටීමට රුකුලක්‌ විය. එසේම රජය විසින් පොහොර සහනාධාරයක්‌ද දෙන ලදී.
බබ්ලිව්. දහනායක අගමැතිතුමා "අමුඩය අපේ ජාතික ඇඳුම" බව ඔප්පුකරමින් ඒ ඇඳුමින්ම පාර්ලිමේන්තුවට ගියේය. අද අමුඩ ගසන ගොවියන් නැත. නමුත් සිංහලකම, ගොවිකම පෙන්වන්නට 26 වැනිදා අමුඩය ගසාගෙන පාරට බැස ගොවියා රජ කළ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා නැවත බලයට පත්කරන්නට ගොවිජනතාව මෙන්ම ගොවි පවුල්ද ඒකරාශී විය යුතුය.
තේ වගාකරුවන්ට ලෝක ආර්ථිකය බිඳ වැටෙද්දී ඔවුන් ආරක්‌ෂා කරගත්තේ මහින්ද රජයයි. පොහොර සහනාධාරය ද ඒ අවස්‌ථාවේ ලබාදෙන ලදී. දැනටද එය දෙනු ලැබේ. එදාට තේ ගොවියන්ද අමුඩය ගසාගෙන ඡන්දපළට යැම වටී. තේ ස්‌ටෝරුකරුවන්, අපනයන කරන අයට මේවා මතක නැත.
අපත් එක්‌සත් ජාතික පක්‌ෂයට ළැදිව රටට වැඩකළ අය වෙමු. ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන එන විට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට විරුද්ධව "කළුකොඩි ව්‍යාපාරය" ආරම්භ කළේ ගංගාරාමයෙනි.
අපට දේශපාලන භේද, ජාති භේද, ආගම් භේද හෝ කුල භේද කිසිවක්‌ නැත. අද සිංහල ජාතියට, දෙමළ ජාතියට, මුස්‌ලිම් ජාතියට වෙන්නට යන දේ ඔබට නොපෙනේද? දෙමළ ත්‍රස්‌තවාදීන් මුදලට ගත් කොන්ත්‍රාත්කරුවන් - හවුල් කරුවන් අද වෙළෙඳපොළේ අපේ නිදහස අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබේ.
මෝඩයෙනි, පරණ ශාපයෙන් මිදියල්ලා, ව්‍යාපාරිකයනි, දේශපාලනයට විසිකරන, නැවත ජාතිවාදය අවුස්‌සා රට ගිනි තැබීමට සූදානම් වන වන්දිභට්‌ටයන්ට සල්ලි නොදෙත්වා. පිටරටින් එන ඩොලර්, යුරෝ, පවුම් ආධාර ඒ අයට ඉහවහා ගොස්‌ ඇති බව දැනගනිත්වා.
රජයට එල්ලවන තවත් චෝදනාවක්‌ වන්නේ මන්ත්‍රී සැමට ඇමැතිකම් දීම ගැනය. රජයක්‌ නොතිබුණා නම් යුද්ධයක්‌ අවසන් කළ හැකිද? යුද්ධය තිබෙද්දී විපක්‌ෂය හදිසි නීතිය දීර්ඝ කරන්න කැමැත්ත දුන්නාද? නැත.
රජයක්‌ නොතිබෙන්න යුද්ධය එසේ අවසන් කරන්න පුළුවන් වනවාද? අද එය අවසන් කර නැද්ද? විපක්‌ෂවලින් මන්ත්‍රීවරුන් රජයට ආවේ විපක්‌ෂයේ පිරිහීම උඩය. ඒ ආපු අය රටට වැඩක්‌ නොකළාද? ඇමැති කමක්‌ නොදෙන්න ඒ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‌ෂයේ තබාගන්න නීතියෙන් ඉඩක්‌ තිබුණාද? ඒ නිසාම ඇමැතිකම් වැඩි වුණා මිස ජනාධිපතිතුමා සිය කැමැත්තෙන් එය සිදුකළා නොවේ. කළයුතු දේ කළා මිස කැමැත්තෙන් කළ දේ නොවන බව දන්නේ කවුද? මේ විස්‌තරය හේතු සාධක නොදන්නා අයටය.
කෙසේ හෝ රජය ගැටගසාගෙන ලෝක අපවාදවලට බිය නොවී නොසැලී ලෝක ආධාරවලට පයින් ගසා වසර දෙකක්‌ තුළ රටට නිදහස ලබාදුන්නේ කවුද? අද එය අමතක ද? ඩී. එස්‌. සේනානායක අග්‍රාමාත්‍යතුමා 1948 නිදහස ලබාගත්තේය. 2008 මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා එය නැවත ස්‌ථාපනය කරන ලදී. නමුත් බ්‍රිතාන්‍ය පාලනය අධිරාජ්‍යවාදී පාලනය එයට කැමති නැත. ආයුධ තැරැව්කරුවන්ද එයට අකැමැතිය.
අද මහින්ද රාජපක්‌ෂ බිම දැමීමේ සටන මෙහෙයවන මේ බලවේග ගැන ගම්බද ජනතාවටද, අහිංසක ජනතාවටද තේරුමක්‌ නැත. අද සුදු ඇඳගෙන ත්‍රස්‌තවාදය නැතිකිරීම ගැන සතුට පළකරන සමහර සංවිධාන එදා අප රට ලෙයින් නහවන්නට ක්‍රියාකළ අය බව අප හඳුනාගත යුතුය. ඔවුන් අද පවා ගෝනිබිල්ලන් පැත්තට රිංගාගෙන වෙනත් භාවනාවක යෙදෙන බවක්‌ කිව යුතුය. ඔවුන්ට දර්ශනයක්‌ නැත. යමක්‌ කරන්නට අවබෝධයක්‌ හෝ දැනුමක්‌ ද නැත. ඔවුන්ට අවශ්‍ය බලය පමණි. කියන්නත් වාලේ කියන, අද කියන දේ හෙට මතක නැති, රටේ ඒකීය භාවය ගැන ආදරයක්‌ නැතිව සල්ලි ගස්‌ යට බුදියන අය රටේ බලය ලබාගැනීම සඳහා දෙන බොරු පොරොන්දු ඒ අයට දෙන්න කවදාවත් බැරිය. ඒ නිසා "අවසාන අවස්‌ථාව මෙයයි" යන්න පිළිබඳව හොඳ සිහියෙන් සිටිත්වා. ඒ මේ ලිපියේ මාතෘකාවයි. "සීරුවෙන් සිටීන්, ලෙෆ්ට්‌ - රයිට්‌" කරන්න සියලු රටවාසීන්ට අනිවාර්ය කරන්න උත්සාහ ගන්න දුර්වලයන්ට ශක්‌තිය, බලය දෙන්න සූදානම් වූ ඒ සඳහා ක්‍රියාකරන්නා වූ සකල ලංකාවාසී ජනතාවට අත ළඟ එන අනිත් අපලයෙන් බේරෙන්න උත්සාහ ගැනීමට සිහිනුවණ යෙදීමට කාලය එළඹ ඇත.
"කෙළින් කතා කරන්නත්, බිම වාඩිවෙන්නත් කාගෙන්වත් අවසර අවශ්‍ය නැත."
රටට පූර්ණ නිදහසක්‌ ලැබී, ආර්ථිකය සංවර්ධනය කරන්න අඩිතාලම දාන මේ මොහොතේ එය කඩා බිඳ දමන්නට උත්සාහ නොකරන ලෙසට සකල ලංකාවාසී ජනතාවගෙන් ආදරයෙන් හා කරුණාවෙන් ඉල්ලමි.
පාර්ලිමේන්තුවට භික්‌ෂුන් යන්න හොඳය. රටවාසීන්ට යම් දැනුමක්‌ අවබෝධයක්‌ දෙන්න අපට නිදහස නැත. එරවිලි තර්ජනවලට එදත්, අදත්, කවදත් බය නැති අපට අවංකව යමක්‌ ලියන්න, කියන්න, කරන්න නිදහස තිබේ. මේ රටේ අහිංසක ගැහැනු ළමුන්ට මැහුමෙන් ලබාගන්න තිබුණ රැකියාව අද අධිරාජ්‍යවාදීන් ලවා නතරකර ඇත. ඔවුන් බලයට ආපසු දෙන බවක්‌ කියාය. රටට ආදරය ඇති අය කරන වැඩද ඒ?
යුද්ධ අධිකරණයක්‌ මවාපාමින් රටේ පාලකයන් බිය වද්දා ඇත. හිරගෙවල් ශුද්ධකර, හිස්‌කරන්නට නියෝග නිකුත්කර ඇත. පැය 24 න් හිරගත කරන බවට ප්‍රකාශ නිකුත්කර ඇත. හිරේ දැම්මත් ශුද්ධකළ තැනකට දැමීමට සිතීම ගැනත් පුදුමවිය යුතුය. එවැනි ඥනයක්‌ පහළවීමද වර්ණනා කළ යුත්තකි. මුට්‌ටිය නොදා හිස දන්දීම ගැන ලියූ ලිපිය ඒ සියලු කටයුතුවලට ගැලපෙනු ඇත. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට ඇති චෝදනාව ඡන්ද වැඩිපුර පැවැත්වීමයි. සල්ලි ගියත් ඒ මහජන නිදහස යනු අපට හැෙZඟන දෙය වේ.
"අවසාන අවස්‌ථාව මෙයයි" යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ද? හමුදා පාලනයක්‌ද? අපගේ නිදහස නැති කිරීමද? නිවාස අඩස්‌සියද? වෙඩි උණ්‌ඩයද? ප්‍රජාතන්ත්‍රවාදය නැතිකිරීමද? "බළලා මල්ලෙන් පනී" යන පැරණි කියමන සිහිගන්වමින් "නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි" යන කියනමනද සිහිපත් කරමින් රට වෙනුවෙන් කැපවෙන්න, රටේ ආර්ථිකය ගොඩනගන්න තම පවුලේ සමගිය, සංවර්ධනය, ගමේ දියුණුව, ආගමික වත්පිළිවෙත්වල ආශීර්වාදය ඇතිකරගන්න සැම උත්සාහ ගෙන වසරක්‌ දෙකක්‌ දුක්‌විඳ මේ රට ගොඩගන්න සැමට යහපත් අදහස්‌ සංකල්පනා ඇති වේවායි පතමු.
මේ රටේ දේශපාලනඥයන්ට ආර්ථික විද්‍යාඥයන්ට මොළේ තිබුණා නම් ජීවන වියදමින් සියයට තිහක්‌ හතළිහක්‌ එක දිනකින් පහත දැමිය හැකිය. එදා බඩුවක්‌ ණයට දුන්නේ සතියට දෙකට පමණි. අද නිෂ්පාදකයාගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ ගෙවීම් කරන්නේ මාස 6 කට පසුවය. එවිට නිෂ්පාදකයා තමා ගත් බැංකු ණය, නිෂ්පාදන විදයමට සියයට පනහක තරම පොලියක්‌ ගෙවීමට සිදුවන නිසා භාණ්‌ඩවල මිල සියයට පනහකට වඩා මිල නංවනු ලැබේ. දුක්‌ විඳින්නේ, ජීවන බර වැඩිවන්නේ පාරිභෝගිකයාටමය. ජීවන වියදම වැඩිවූයේ මේ අයුරිනි. මෙවැනි ක්‍රමයක්‌ ලෝකයේ වෙනත් කිසිම රටක නැත. ණය ක්‍රමය තහනම් කර ගනු-දෙනු අත්පිට මුදලට සිදුකරන නීතියක්‌ පැනවූවා නම් ජීවන වියදම එක දවසෙන් 50% ක්‌ අඩු කළ හැකිය. වෙළෙන්දා එදාට අත්පිට මුදලට අලෙවි කෙරේ. නිෂ්පාදකයා අනතුරේය, මහජනයා පොදුවේ දුකට පත්වේ.
මුගුණවැන්න මිටිය වෙළෙඳපළට දාන ගොවියාට එයට මුදල් ලැබෙන්නේ මාසයකට, දෙකකට හෝ මාස තුනකට පමණ පසුවය. මෙවැනි දෙයක්‌වත් අවබෝධ කරගන්නට අපේ අයට පිණක්‌ නැත. ඒ අප කාගේත් අකුශලයයි. පරණ පව් භුක්‌ති විඳිය යුතුය. එක්‌සත් රටක සියලු ජාතීන් සමගියෙන් ජීවත්වන්නට කාටත් නුවණ පහළවේවා. Æති ප්‍රශ්න ගැන කතාකරන අයට අම්මා - තාත්තා, සහෝදර - සහෝදරියන් නැද්ද? පවුලකට සමගිය අවශ්‍යය, රාජපක්‌ෂ පවුල තුළ තිබූ සමගිය රටේ ආරක්‌ෂාවට, ත්‍රස්‌තවාදය නැසීමට හේතුකාරණා විය.
හොරකම්, වංචා සාධාරණව ඔප්පු කළ හැකිය. කළ හොඳ දේ අමතක කර රට නැවත වළට දාන්නට සූදානම් නොවන්න. නිශේධ බලතල ඇති ජනාධිපති කඩුව විශ්වාස වන්තයෙකු අතට දීම සුදුසුය. ආධුනිකයන් ඉදිරියට ගන්න ළඟ ළඟම එන මහ මැතිවරණය සුදුසුම පිළිතුරයි. එයින් බලය විමධ්‍යගත කළ හැක.

දුර බලන්න, ළඟ නොබලන්න

කො‍ළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති බළන්ගොඩ සෝභිත නාහිමි බම්බලපිටි‍ෙ‍ය් සිරි වජිරාරාමාධිපති තිරිකණාමලයේ ආනන්ද අනුනාහිමි
වසර තිහකටත් අධික කාලයක්‌ තිස්‌සේ මේ රටට පමණක්‌ නොව විදේශ රාජ්‍යයන්ට ද බලපෑම් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත භීෂණය පරාජයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ වර්තමාන රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ය. පසුගිය රජයන් ද ඒ සඳහා විවිධ උත්සාහයන් දැරුව ද ඒවා අසාර්ථක වූයේ විදේශීය බලපෑම් වලට යට වීම නිසා ය. වත්මන් රාජ්‍ය නායකයාට ද එකී බලපෑම් දෙගුණ තෙගුනව එල්ල වූ බව නොරහසකි. එසේ වුව ද ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා වුවත් රටේ අභිමානය හා සාමග්‍රිය මැනැවින් ලෝකයට ප්‍රදර්ශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිර්භය ව ඒවාට මුහුණ දෙමින් රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කළ නිසා ඔවුන්ගේ දුෂ්ට අභිලාශයන් සමගින් ත්‍රස්‌තවාදය ද පරාජය කැර දමන්නට හැකි විය. මෙවර ජනාධිපතිවරණය නිසා මුළු රටේ ම උණුසුම් තත්ත්වයක්‌ පැන නැඟී ඇත. රටේ යහපතටත් වඩා බලය සාධක කොට ගෙන දේශපාලන නායකයෝ ද දේශපාලන පක්‍ෂ ද බල අරගලයක යෙදී සිටිති. රටේ සංවර්ධනයට අවශ්‍ය වන ප්‍රතිපත්ති හා සැලසුම් පිළිබඳ විවේචනාත්මක කතිකාවකට වඩා පෞද්ගලික නින්දා අපහාස මඩ ගසා ගැනීම් දෙපැත්තේ ම බහුල ව පෙනෙන්නට ඇත. අනුගැමිකයෝ ද ඒ මගට ම වැටී මේ අරගලය තවත් උත්සන්න කෙරෙති. තමා ගේ දෘෂ්ටියම, මතවාදයම නිවැරැදි යෑයි දැඩි ව ගැනීම නිසාත් අනුන් ගේ මතය, අදහස්‌ වැරැදි යෑයි හෙළා දැකීම නිසාත් අදහස්‌ තුලනය කොට පිළිගෙන මැදහත් ව සන්සුන්ව ක්‍රියා කිරීමේ අසමත් බව නිසාත් මිනිස්‌සු මේ ලෝකයෙහි උනුන් හා එරෙහි වී ගැටුම් සහිත ව හැසිරෙන බව බුදුරජාණන් වහන්සේ මාගන්දිය සූත්‍රයෙහි වදාළහ. (සඤ්ඤඤ්ච දිට්‌ඨිඤ්ච යේ අග්ගහේසුං - තේ ඝට්‌ටයන්තා විචරන්ති ලෝකේ)

ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද?

ඔබගේ ව්යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

(01) ඔවුන් 2005 දී රනිල් දිනනවා යැයි සැපත කරමින් රනිල් ගේ රට පාවා දීමේ කුමන්ත්රණය දිනවීමට ඡන්දය දෙමින් කටමැත දෙඩවූ අයයි.
(02) යුද්ධයේ අවසානය දක්වාම එය පරාජය වන බව කියමින් සිට යුද්ධය දිනූ දින පමණක් සිංහ කොඩි දමා ගෙන බෙවට ජාමේ බේරගත් අයයි.(03) දකුණේ බොම්බයක් පුපුරා ගිය සැම විටකදීම කාලකන්නි සතුටක් විදිමින් ප්රභාකරන් දිනේවායි පැතු අයයි.

Saturday 23 January 2010

මළ කොටි සංවිධානය යළි පණ ගැන්විය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය
කොළඹට සැතපුම් 250 ක්‌ ඈත බංකරයක සිට. මේ රට වාහන ආරක්‍ෂාව සහ දේශපාලනය මෙන්ම ජනතාවගේ ඉරණම තීන්දු කළ කොටින්ට නැවත නැඟිටීමට ඉඩ දිය යුතුද?

අපි ශ්‍රී ලංකාවට අවි සැපයීම තහනම් කළා
- ගැරත් තෝමස්‌ බ්‍රිතාන්‍ය සංවර්ධන ඇමැති
අපේ මීළඟ අරගලය ප්‍රභාකරන් විසින් නැවත සැලසුම් කර ඇත.
- තමිල්මාරන් කොටි වෙබ් අඩවියජනාධිපතිවරණයට ඇත්තේ තව දින තුනකි. මළ කොටින්ට ජීවය දීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ කරන බව දැන් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. පසුගිය බ්‍රහස්‌පතින්දා ගි්‍ර්‍රනිච් වේලාවෙන් පැය 3.04ට යුරෝපා කොටි වෙබ් අඩවිය ප්‍රකාශයක්‌ කරමින් 2009 මැයි 19 වැනිදා කොටි නායකයා මළේ නැති බවත් ඔහු ජීවතුන් අතර සිටින අතර ළඟදීම ඊළාම් ප්‍රජාව අමතන්නේ යෑයි පවසා තිබේ. අපේ ඊළම් ප්‍රජාව රැවටීමට කිසිම බලවේගයකට ඉඩ නොදෙන්නෙමු. මීළඟ අරගලය අපේ නායකයා විසින් නැවත සැලසුම් කර තිබෙනවා යෑයි කොටි නව ප්‍රකාශක තමිල්මාරන් නමැත්තා විසින් එහි වෙබ් අඩවියට සඳහන් කර ඇත.

විධායක ජනාධිපතිකම අහෝසි කිරීම නොව;ශ්‍රී ලංකාවේ අගනුවර ත්‍රිකුණාමලය බවට පත්කර ගනිමු.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
රට කඩඉමක් පසුකර ඇත. ඒ සමගම වසර ගනනාවක් මේ මහ පොලොවේ ආධිපත්‍යය තමනට රිසිසේ හැසිරවීම Risk හෝ Monopoly නම්වූ ක්‍රීඩාවන් බවට පත්කරගෙන සිටින අල්පයක් වූ අති සුපිරි ප්‍රජාව, මහත් කම්පනයකට භාජනය වී සිටී.

ආසියාව පාලනය කිරීම නම් වූ ඔවුනගේ ඩොලර් බිලියන ගනනක ව්‍යාපෘතියේ එක් අංගයක්වූ කොටි ත්‍රස්තවාදයයේ, කුලී හමුදාවේ විනාශය; දෙවන වන්නේ වියට්නාමයේ ඔවුනගේ කුලී හමුදාව ලත් අති මහත් පරාජයටයි.මහා මුහුදේ පාවෙන මාලිගා වලට වී ලොව පුරා සැරි සරමින් කමින් බොමින් නටමින් ලෝක සිතියම ක්‍රීඩා භාණ්ඩයක් බවට පත්කරගෙන; තමනට රිසිසේ ඒ ඒ රාජ්‍යයන්හි පාලකයින් මඩවමින් පෙලමින් මරවමින් මහත්වූ වින්දනයක් ලබමින් ගත කල ඔවුනගේ ඒ ජීවිතයට තාවකාලිකව තිතක් තැබීමට මේ කුඩා රාජ්‍යය හා එහි වර්තමාන පාලකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට හැකිවීම ඔවුනට ඇදහිය නොහැකි අරුමයකි.

Friday 22 January 2010

මහින්දට 60% යි - ජෙනරාල්ට 38% යි සමීක්‌ෂණයක්‌ කියයි

ලසිත දුමින්ද

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවත්වන ලද අවසන් සමීක්‌ෂණ වාර්තාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියයට 60 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගන්නා බවට හෙළිවී ඇත.
එහිදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සියයට 38 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගන්නා බව එම වාර්තාව පෙන්වා දී තිබේ. දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකම සියලු ජන කොටස්‌ ආවරණය කරමින් පවත්වන ලද මෙම සමීක්‌ෂණයේ දී මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති විය යුත්තේ කවුද යන මාතෘකාව ඔස්‌සේ කළ සමීක්‌ෂණයට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියයට 62 ක ඡන්ද ප්‍රතිශතයක්‌ද, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සියයට 36 ක්‌ ඡන්ද ප්‍රතිශතයක්‌ද ලබාගෙන ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා රාජපක්ෂ පවුල

එඩ්වඩ් ගුණසේකර විසිනි.
අපේ දේශපාලන ක්‍රියාවලියේදී එක පුද්ගලයකු හෝ පවුලක් සමාජ බලවේගයක් වශයෙන් සලකන්නේ නැත. නමුත් පුද්ගලයකුට හෝ පවුලකට යම් සමාජ බලවේගයක නියෝජිතයකු බවට පත්විය හැක. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හා සිය පවුල මෙරට ජාතික බලවේගයේ ප්‍රබල නියෝජිතයින් බවට මේ වනවිට පත්ව සිටී.



කලකට ඉහතදී මෙරට නිර්ධන පාංතික බලවේගයේ ප්‍රබල නියෝජිතයකු වශයෙන් සෝමවංශ අමරසිංහ මහතා කටයුතු කරන වකවානුවේදීම ඔහුගේම සහෝදරිය අධිරාජ්‍ය ගැති ධනේශ්වර බලවේගය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත වරියක් වූවාය.

Thursday 21 January 2010

මේ පාපැදි දේශපාලනඥයා කවුදැයි ඔබ දන්නවාද ?

ක්‍රමවේදී මාතර
මේපාපැදිදේශපාලනඥයාකවුදැයිඔබදන්නවාද?

එයතුණ්ඩුකැබැල්ලෙන්රටඝනඅඳුරේතබනමිනිසුන්බියගන්වනඑමෙන්මරාජ්‍යත්‍රස්තවාදීහස්තයන්වූකොළකොටි, කහබළල්ලු, ප්‍රාආදීසංවිධානතරගයටමිනීමරණයුගයක්විය. මේමරණතර්ජනමැද්දේමාතරප්‍රදේශයේප්‍රබලදේශපාලනඥයෙකුගේපුතෙක්ආසනබලප්‍රදේශයේශාඛාසමිතිඑකසියගණනක්පිහිටුවාතිබුණි.
අනුරබණ්ඩාරනායකමහතාගේරෙකමදාරුවපිටමේතැනැත්තාආසනබලප්‍රදේශයේසමසංවිධායකවරයෙකුවශයෙන්පත්වීපැමිණියේඑවැනිවාතාවරණයකදීය
ඔහුමාතරප්‍රදේශයටපැමිණෙනවිටප්‍රදේශයේඅයදැනහැඳිනනොසිටිඅතරපදිංචියසඳහාතමන්ගේමයැයිනිවෙසක්හෝයානවාහනකිසිවක්හෝඔහුසතුවනොතිබිණි. ප්‍රදේශයතුළගමන්කරනලද්දේපාපැදියකිනි.දුරබැහැරගමන්ගියේහිතවතෙකුගේරියකහෝදුම්රියෙනි.සියඥාතියෙකුගේකාමරදෙකක්හාසාලයකින්යුත්ඔහුපදිංචිනිවෙසේගෘහභාණ්ඩවශයෙන්තිබුණේතනිපුද්ගලඇඳන්දෙකක්හාවේවැල්පුටුහතරකි. කුස්සියේපවාසෑහෙනතරම්හට්ටිවළංනොතිබුණුඅතරවිශේෂඅවස්ථාවන්හිහෝආගන්තුකයන්පැමිණිඅවස්ථාවකකෑමඋයන්නපිටස්තරනිවෙස්වලින්හට්ටිමුට්ටිගෙන්වාගැනීමටසිදුවිය.

ජනාධිපතිවරණය හා කොළඹ ජනතාවගේ සැබෑ ගැටළු

චන්‍ද්‍රසේන පණ්ඩිත‍ගේ විසිනි.

මේ රටේ වාසය කරන ජනතාව, බරපතල ගැටලු ගනනාවකට මුහුණ දෙමින් සිටී. සමහර ගැටලු තමන් මුහුණ දෙනවාදැයි ඒවායින් පීඩා විදින මිනිසුන් පවා නොහදුනන තත්වයක් මෙරට තුල පවතින අතර, තමන් මුහුණ දෙන ප්‍රශ්න නිසි ලෙස නොහදුනන මිනිසුන්ට විධායක ජනාධිපති කම අහෝසි කිරීම, රුපියල් 10,000 කින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම, ස්විධීන කොමිසන් සභා පිහිටුවීම යන මැතිවරණ පොරොන්දු තමන්ගේ ජීවිත වලට බලපාන්නේ කෙසේදැයි මනාව අවබෝධ කර ගැනීමට සෑහෙන කාලයක් ගතවේ. එම නිසා මෙම ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු සම්බන්ධව යම් හඩක් නැංවීම ජනතාවගේ පැත්තෙන් අපට උරුමව ඇති බවක් හැගේ.මෙරට ජනතාවට උරුමව ඇති ජීවන ගැටලුවල ස්වාභාවය විවිධ ස්වරූපයන් ගනී. මේ රටේ අගනුවර යනු රටේ තිබිය යුතු දියුණුම නගරය විය යුතු වුවද; එය මේ රටතුල ඇති ඉතාමත් අසංවර්ධිතම නගරයක් බව දන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. නමුත් කොළඹ නගරය තුල ජීවත්වෙන ජනතාව මහත් අභිමානයෙන් යුතුව කොළඹ නගරය තුල ජීවත්වන්නේ තමන් සුපිරිම නගරයේ ජීවත්වෙනවා යන හැගීමෙණි. සත්‍ය නොහැගීම හා නොදැනීම මේ රටට සිදුව ඇති මහ විනාශයක් බවට පත්ව ඇත. අපගේ සැබෑ යුතුකම වන්නේ ජනතාව සැබෑ ලෙසම දැනුවත් කිරීමයි.

Sunday 17 January 2010

අපට දෙන්නම් පොරොන්දු එපා කවුරුත් එක්‌ව රට හදමු

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ගල්බොඩ සිරි ඤාණිස්‌සර නාහිමි
මේරටේ ත්‍රස්‌තවාදය සහමුලින්ම සුනුවිසුනු කළ සමයක ත්‍රස්‌තවාදයෙන් අපටත් වඩා බැට කෑ දෙමළ ජනතාව ජාතික සමගියක්‌ පතමින් සිටියහ.

ප්‍රභාකරන්ගේ මව්පියන්ද, හොර රහසේ අනාථ කඳවුරුවලට පැමිණියේ ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන්වී ගිය නිසාය. අනාථ වූ සමස්‌ත දෙමළ ජනතාවම කරුණාව, මෛත්‍රිය සොයා ජීවිතයට ආශා නොකර අනාථ කඳවුරුවලට පැමිණියහ.අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය කරුණා මෛත්‍රිය පෙරදැරිව අනාථයන් ආදරයෙන් පිsළිගෙන සියලූ කටයුතු සිදු කරන ලදී. ඒ පාලන තන්ත්‍රයේ යහගුණය නිසාමය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ද්‍රවිඩ ජනතාව චන්දය පාවිච්චි කල යුත්තේ ඇයි?

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
බටහිර බලවේග හා ජාතික බලවේග අතර පවත්වන තවත් මැතිවරණයක් වන මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ තවත් තීරණාත්මක සටනකි. මෙය සැබෑ ලෙසම මැතිවරණයක් නොව සංග්‍රාමයක් ලෙස සැලකුවද වරදක් නොවේ. මතුපිටින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන කණ්ඩායම් පිලිවෙලින්

(1). දෙමල ජාතික සන්ධානය.
(2). එක්සත් ජාතික පක්ෂය.
(3) ජනතා විමුක්ති පෙරමුණ.
(4). මුස්ලිම් කොන්ග්‍රසය.

අදිසි මහා රාජ්‍යය හා 2010 ජනාධිපතිවරණය.

චන්ද්‍රසේන පණ්ඩිතගේ
මේ වනවිට මෙරට ජනාධිපතිවරණ උණුසුම ක්‍රම ක්‍රමයෙන් ඉහල නැංවෙමින් පවතී. මෙය මෙරට ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පවත්වන තවත් මැතිවරණයකි.

On 15th January US ambassador of Sri Lanka, Patricia A. Buteric met the JVP leader, Comrade Somawansha Amarasinghe at the JVP head office Palawatta, Battaramulla.

නමුත් මෙය සමාජයට දිස්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර සිදුකරන ජනාධිපතිවරණයක් ලෙසිනි.තවද මෙරට ජනතාවගේ ඕනෑ එපා කම් වෙනුවෙන් තමන් තරග බිමට පිවිස සිටින බව අපේක්ෂකයින් දෙදෙනාම පැවසුවද; පවතින ‍ඓතිහාසික තත්වයන් මනාව පෙන්නුම් කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙරට ජාතික බලවේගයට නායකත්වය දීමට ඉතිහාසය බල කර ඇති අතර, ඊට අමතරව ප්‍රතිවිරුද්ධ සාධකයන් වන බටහිර විදේශිය බලවේග වල ඕනෑ එපා කම් උදෙසා පෙනී සිටීමට සරත් ෆොන්සේකා මහතාට සිදුව තිබෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ කේක් කෑල්ල

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ලෝකයේ ලොකුම පුදුමය මේ වනවිට ශ්‍රී ලංකාව තුල සිදුවේ. යා දෙක නොරත රත එකට පෑහෙන අතරම, හරක් මස් කඩ කාරයා හා හරකා එකට අත්වැල් බැදගෙන කාටදෝ විරුද්ධව සටන් වැදීම ආරම්භ කර ඇත.


හරකා, හරක්මස් කඩ කාරයා සමග සන්ධාන ගත වෙන්නේ කොහොමද? මොකටද?එහෙම ප්‍රශ්න කරන කොට තොරොම්බල්කාරයකු ඇවිත්,

අපට නොපෙනෙන මහා රාජ්‍යය හෙවත් ශ්‍රී ලංකාවේ දේශපාලනාවලිය

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
ශ්‍රී ලංකාව පාලනය කරන රාජ්‍යය පද්ධතීන් දෙකක් පවතී. ඒ අදෘෂ්‍යමාන මහා රාජ්‍යය හා එම රාජ්‍ය විසින් නිර්මාණිත ව්‍යස්ථාවකට අනුව ස්ථාපිත දෘෂ්‍යමාන රාජ්‍යය වශයෙනි.

මේ රටේ අති බහුතරයක් කර්යයන් පාලනය කරනු ලබන්නේ, අදෘෂ්‍යමාන රාජ්‍යයයි. මෙම යාන්ත්‍රණය කාලාන්තරයක් මුලුල්ලේ මුලු ලෝකය පුරාම විහිදී බූවල්ලෙකු සේ සිය හස්තයන් මගින් ලෝකයේ සෑම රටක්ම සිය ග්‍රහණයට නතුකර ගැනීමට වෙර දරමින් සිටී. මෙම යාන්ත්‍රණය අති බලවත් බැවින් ලෝකයේ ඇති සෑම රටක්ම කිසියම් තරමකට මෙම ග්‍රහණයට අසුව ඇති බැවින් කිසිම රටක රාජ්‍ය නායකයකු ස්වාධීන නම් නොවේ. මෙම යාන්ත්‍රණය ලොවෙහි ඇති සෑම රාජ්‍යයක් සදහාම ඔවුන් විසින් සකස් කරන ලද ව්‍යාපෘතියකට අනුව මෙහෙයවයි. මෙම මෙහෙයවීමේ ක්‍රියාදාමයට රාජ්‍ය නිලධාරීන්, ‍සෑම දේශපාලන පක්ෂයකම සිටින දේශපාලඥයින්, වෘත්තීය සමිති ක්‍රියාකාරකයින් හා පාතාල සාමාජිකයින් සෘජුවම යොදා ගන්නා අතර, ඒ සදහා ඔවුනට ඉතා ඉහල මට්ටමේ වරදාන ප්‍රධානය කරයි.අපේ මාතෘ භූමියට නිදහස නම්වූ භූමිකාවත් සමග ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ පාලන රටාවක්ද උරුම කරන ලදී. මේ උරුම කල ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය කිසිවක් ගැන සිතීමට, කථා කිරීමට හෝ ගොඩනැංවීයට උත්සහ කිරීමට අයිතියක් අපට නැත. ඒ පදනම යටතේ අපට හිමි වූ ඒ පාලන ක්‍රමයට මේ වන විට වසර 61කි. අපි නිදහසේ යන ගමනට අදෘෂ්‍යමාන රාජ්‍ය කල ක්‍රියාකාර කම් යම් තරමකට විග්‍රහත්මකව ශ්‍රී ලාංකික ඔබගේ අවදානයට ලක්කිරීම මෙම ලිපියේ අරමුණයි.

මහාචාර්ය ඇස්. බි. හෙට්ටිආරච්චිට අමු කැවිලා නොවේ.

ඥානා මුතු

බොහෝ කාලයක් මාගේ හොදම මිතුරිය දැන් කොරියාවේ විශ්ව විද්‍යාලක මහාචාර්යවරියකි. කොරියාව දැක බලාගැනිමේ මෙන්ම කොරියාව පිළිබද ඉගෙණිමට මා පෙළඹවීමට ප‍්‍රධාන හේතුවක් වුයේ අපගේ මිත‍්‍රත්වයයි. පසුකලෙක කොරියානු සිසු සිසුවියනට උගන්වන ගුරුවරියක් වශයෙන් කටයුතු කිරිමටද මට අවස්ථාවක් ලැබුණි. අප ජිවත්වෙන පරිසරයේ මගේ හිතමිතුරන් හා අසල්වාසින් අතර කොරියානුවන් විශාල පිරිසක් සිටිති. මේ සියලූ කරුණු සලකන කල් හි මා කොරියානුවන් සමග ඉතාම සමීප සබදකම් පවත්වන සිංහල කාන්තාවක් යයි සිතේ. අද දිවයින පත‍්‍රයේ පළවු 'හමුදා නායකයන් සිවිල් පාලනයට ඒමේ යහපත් ලක්ෂණද ඇත. කොරියාව ගොඩගත්තේ මේජර් ජෙනරාල් පාක් ජංහී ' උද්ධෘතය යටතේ මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි ගේ ලිපිය මගේ විශේෂ අවධානයට යොමුවීමට ප‍්‍රධාන හේතුව එයයි.

සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාවාදීම්

මහචාර්ය නලින් ද සිල්වා

මේ ජනාධිපතිවරණය තවත් එක්‌ ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවන බව අපි මුලදීම කීවෙමු. අද වන විට ඒ ඉතා පැහැදිලිව ම පෙනෙන්නට පටන්ගෙන ඇත. විපක්‍ෂයේ ගොබෙල්ස්‌ගේ පච ප්‍රචාර මැද වුවත් ෆොන්සේකාට ජයගැනීමට කිසිදු ඉඩක්‌ නොමැති බව මහින්ද රාජපක්‍ෂ මහතා වටා දිනපතා එක්‌රොක්‌වන ජනතාවගෙන් ප්‍රකාශ වෙයි. ගොබෙල්ස්‌ලාගේ අරමුණ වූයේ දැන් ජෙනරාල්ට වාසිය කියන ජවය ජනතාව අතරට ගෙන ගොස්‌ සරත් ෆොන්සේකා දිනන්නේය යන මතය ප්‍රචාරය කිරීම ය. එහෙත් එවැනි ප්‍රචාරවලින් මැතිවරණ ජයගත නොහැකි බව ගොබෙල්ස්‌ලාට අවබෝධ නොවිණි.සරත් ෆොන්සේකාට විජාතික බලවේගවලින් කොන්ත්‍රාත්තු දෙකක්‌ ලැබී ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු බටහිර යටත්විජිතවාදීන්ගේ දංගෙඩියට දැක්‌කවීම එකකි. අනෙක අවුරුදු දෙකක්‌ ඇතුළත නැවත ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. පළමුවැන්න සඳහා සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට හා සෙස්‌සන්ට විරුද්ධව ඊනියා සාක්‍ෂි එකතු කරයි. සුදුකොඩි කතාව එහි එක්‌ අංගයක්‌ පමණකි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පිරිස තම යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමය. අද බටහිරයෝ ප්‍රභාකරන්ගේ ලේ වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලේ ඉල්ලති. ඒ මහතාගේ ගෙල දංගෙඩිය මතට පැමිණවීමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ජාතිදොdaහී හා රාජදෝහී සරත් ෆොන්සේකාටය. සුදු කොඩි කතා ගොතා කීමෙන් ඔහු ජාතිදොdaහී පමණක්‌ නොව රාජදොdaහි ද වෙයි.

Saturday 16 January 2010

සම්බන්ධන්ලාගේ ඊළාම් උගුල

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමනසිරි ලියනගේ විසින් 2010 ජනවාරි 11 වැනිදා ඔයෑ ෂික්‌බා පුවත්පතට සැපයූ ලිපියකි.

පසුගිය සතියේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ සිදුවූ යම් සිදුවීමක්‌ සම්බන්ධයෙන් මේ රටේ බුද්ධිමත් ජනතාවගේ අවධානය යොමුවිය යුතු බව මගේ පිළිගැනීමයි. පාර්ලිමේන්තුව තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ නියෝජිතයන් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය (ඔභA) ජනාධිපතිධුර අපේක්‌ෂක සරත් ෆොන්සේකාට සහය දීම සඳහා ඉදිරිපත්වීම, මෙරටේ ඉදිරි පැවැත්ම කෙරෙහි ගැටලු සහගත තත්ත්වයක්‌ මෙන්ම අනපේක්‍ෂිත ප්‍රතිවිපාකයන් ඇති කිරීමට හේතුවේද යන්න සම්බන්ධයෙන් බොහෝ අය තුළ සැකසංකා මතුවෙමින් පවතින බව සඳහන් කළ යුතුය. මෙම සිදුවීම එනම් "සම්බන්ධන්" ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක සරත් ෆොන්සේකාට සහාය දැක්‌වීමට ගත් තීරණය පිළිබඳ තර්කානුකූල විශ්ලේෂණයක යෙදෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සුමනසිරි ලියනගේ විසින් 2010 ජනවාරි 11 වැනිදා පළවූ ඔයෑ ෂික්‌බා පුවත්පතට ලියා ඇති ලිපියෙහි සඳහන් කරුණු කෙරෙහි සමස්‌ත ජනතාවගේ අවධානය යොමුවිය යුතුව ඇත.

ජෙනරාල්ගේ අවි ගනුදෙනුව බොරු කියන්න මොහොමඩ් මුසම්මිල්ට එජාපයෙන් ලක්‍ෂ ගණනක අල්ලසක්‌ දෙයි -විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් හෙළිවෙයි

ඒ. ඡේ. ඒ. අබේනායක
එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්‌තාපා මහතා ඊයේ (15 දා) පෙරවරුවේ වැල්ලවත්ත සෆායා හෝටලයේදී තමාට රුපියල් ලක්‍ෂ ගණනක අල්ලසක්‌ ලබාදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.