Saturday 19 December 2009

ඇහැලෙපොළගෙන් පසු වූ මහා පාවාදීම

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය-දිවයින

තරුණ නීතිඥවරයන් වශයෙන් මහෙස්‌ත්‍රාත් උසාවියේ නීති ආලින්දයේ වඩාත්ම කතා වූයේ දේශපාලනයයි. ස්‌ටැන්ලි තිලකරත්න ඒ කාලයේ කථානායකයා විය. එහෙත් ඔහු මහෙස්‌ත්‍රාත් උසාවියට පැමිණ අපිත් සමග දේශපාලනය කතා කිරීමට කිසිදාක පසුබට නොවිණ. මෙහිදී කෝට්‌ටේ මන්ත්‍රී ස්‌ටැන්ලි තිලකරත්න ද, උඩුප්පිඩි මන්ත්‍රී සිවසිත්තම්බරම් ද මෙම සංවාදවලට සහභාගි වූහ. සිවා අප අතරේ වීරයෙක්‌ විය. මන්ද, මහෙස්‌ත්‍රාත් උසාවියේ එකල සිටි දක්‍ෂතම අද්වකාත් ඔහු වූ නිසාය. මෙම සාකච්ඡාවලට එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයකු වූ හිටපු කොළඹ උප නගරාධිපති, ජෝ පෙරේරා මහතා සහභාගි විය.මෙහිදී ලංකාවේ බඩු මිල වැඩි වන විට, අගහිඟකම් වැඩි වන විට, ගාස්‌තු ද අඩුවීමේ හෝ නොලැබීමේ ප්‍රවණතාවක්‌ ඇති වන බව කතා වීය. මේවාට හේතු සොයන්නට නීතිඥවරු බොහෝ දක්‍ෂ වූහ. කෙනකු සිරිමාවෝගේ ප්‍රතිපත්තියට දොස්‌ කිවූ අතර, තව කෙනකු මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව කීහ. අපි සියලුදෙනාම මෙවැනි තර්කවලට උසුළු කරන්නට පුරුදු විය. ලංකාව ගොදුරු කරගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සූදානම් වී සිටින බවත්, දැනටමත් ඇමරිකාවේ 07 වැනි නෞකා පන්තිය ඉන්දියන් සාගරයේ ගමන් කරන බවත් මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල වශයෙන් ලංකාවේ බඩු හිඟයක්‌ මවා පාන බවත් අධිනීතිඥ සිරිවර්ධන මහතාගේ ප්‍රධාන තර්කයක්‌ විය. අපි මේ කතා බැහැර කළේ උපහාසයෙන් සහ අපහාසයෙනි.


දැනුදු මහා විශාල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ තිබෙන බව සමහර දේශපාලනඥයෝ කියති. මේ දේශපාලන කුමන්ත්‍රණ ද විහිළුවක්‌ ලෙස අවඥවෙන් ප්‍රතික්‍ෂේප කිරීමට තවත් කොටසක්‌ සැරසී සිටිති. ලංකාව වැනි කුඩා රටකට එරෙහිව ජාත්‍යන්තර බලවේගයන්, කුමන්ත්‍රණයන් දියත් කළ යුත්තේ මන්දැයි බොහෝ අය ප්‍රශ්න කරන අතර, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ මෙන් සියලුම වැරදි ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට පටවා ජනතාව මුලා කරන බවට විරුද්ධ පක්‍ෂය කියති. එහෙත් මෙහි සත්‍යතාව අවබෝධ වූයේ, මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ වඩාත්ම අවබෝධයක්‌ මා ලැබුවේ මා තානාපතිවරයකු වශයෙන් වැඩ කරන්නට පටන්ගත් දා සිටය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවීම බටහිරට මහත් හිසරදයක්‌ විය. ඔවුන් විසින් සියලුම අභ්‍යන්තර ඝට්‌ටන සමනය කිරීමට සාම සාකච්ඡා එකම ප්‍රත්‍යක්‍ෂ ඖෂධය බව අනෙක්‌ රටවලට ද කියාපාමින් සිටියහ. එනමුත් ඔවුන් යුද්ධ කරන විට යුද්ධ කරන්නේ ත්‍රස්‌තවාදීන් සමග බවත්, අනෙකුත් රටවල් යුද්ධ කරන්නේ සාධාරණ හේතු සහිත විමුක්‌තිකාමීන් සමග බවත් අපට කියා දෙන ලදී. එලෙසම, එල්.ටී.ටී.ඊ. යුද බල පරාක්‍රමය කිසි කලෙකත් යුද්ධයකින් පරාජය කළ නොහැකි බවත්, එA සෑම යුද්ධයකින්ම රජය පරාජය වන බවත් ඔවුන් කියා දුන්නා පමණක්‌ නොව විශ්වාස ද කළහ. එම නිසා ඔවුන්ට හිතවාදී එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට සම්පූර්ණ බලය ලබාදීම මෙම රටවල මහත් වූ අභිප්‍රාය බව දැන් තේරුම්ගත හැකිය. එය තේරුම් ගෙන ඇත්තේ මේ සම්බන්ධයෙන් හුවමාරු වන විවිධ රහස්‍ය තොරතුරු හා රහස්‍ය ලේඛන මගේ නෙතට ගැටෙන නිසාය.


අද අප රට අස්‌ථාවර කරන්නට බටහිර බලවතුන්ට තිබෙන වුවමනාව කුමක්‌දැයි බොහෝ දෙනා අසනු ඇත. එසේ නම් මේ කුඩා රට තුළ රාජ්‍ය නොවන සංවිධාන 400 ක්‌ පමණ ඇත්තේ කුමන හේතුවකටදැයි ඇසිය යුතුය. මෙම ලියාපදිංචි හා ලියාපදිංචි නොවුණු රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් සපයන්නේ විදේශ සංවිධාන බව අපි කවුරුත් දන්නා දෙයකි. මේ මුදල් ලබාදෙන්නේ ඔවුන්ගේ දේශපාලන පරමාර්ථයන් ඉදිරියට ගෙන යැමටය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් මේ තරම් පෝෂණය වූයේ මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුන්ට දෙන ලද මුදල් වලින් පමණක්‌ නොව, දකුණේ එල්ටීටීඊයට පක්‍ෂව දියත් කරන ලද වැඩපිළිවෙළත් හා සමගාමීවය. මහින්ද රාජපක්‍ෂ මේවා ගණන් ගත්තේ නැත. ඔහුට අවශ්‍යව තිබුණේ අවුරුදු 30 ක්‌ මේ රට තුළ පැතිරෙමින් තිබූ ත්‍රස්‌තවාදය විනාශ කිරීමටය. එමනිසා වරක්‌ ඔහු එරික්‌ සෝල්හයිම්ට කියා සිටියේ "මම කතා කරන්නේ ප්‍රභාකරන් සමග පමණයි. මම ෆේස්‌ ටු ෆේස්‌ කතා කරන්නේ ප්‍රභාකරන් සමගයි. හැබැයි ප්‍රභාකරන් මට කොකා පෙන්නන්න හැදුවොත් මම පෙරළා ගහලා ප්‍රභාකරන්ව කුඩු පට්‌ටම් කරනවා" යෑයි කීය.


සෝල්හයිම්ගේ කටේ කෙළ හිඳී කතා කිරීමට නොහැකි වුණේ මහින්දගේ මුහුණේ තිබූ අධිෂ්ඨාන පූර්වක ඉරියව් දැකීමෙනි. එහෙත් අද එල්ටීටීඊය පරාජය වී ඇත. ප්‍රභාකරන්ගේ මිනිය නන්දිකඩාල් කලපුවේ පාවී තිබිණි. ත්‍රස්‌තවාදය අවසන් කොට ඇත. එහෙත් ත්‍රස්‌තවාදීන් හා ඔවුන්ට හිතවත්කම් දක්‌වන රාජ්‍යයන් තවමත් සටන අත්හැර නැත. දැනට දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ප්‍රධාන භූමිකාව රඟපාන්නේ ජෙනරාල්වරයාය. යුද්ධය අවසන් වූ වහාම ධර්මාශෝක විද්‍යාලයේ පිළිගැනීමට සහභාගි වූ ජෙනරාල්වරයා තමා මේ අමතන්නේ හමුදා නිලධාරීන් නොව සිවිල් පුරවැසියන් බව අමතකවීමෙන් දෝ සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි ත්‍රස්‌තවාදීන් ද ඔවුන්ගේ පවුල් ද විනාශ කළ බව කීවේ අත්පොළසන් මධ්‍යයේය. ඒ වන විටත් මේ කරුණු සම්බන්ධයෙන් එන්.ජී.ඕ. කාරයන් තුළ ද විශාල සැකයක්‌ තිබිණි. පුලිතේවන්, නඩේසන්ලා යටත් වෙන්නට පැමිණි විට ඔවුන්ද ඔවුන්ගේ පවුල් ද විනාශ කළ බව ඔවුන් පුන පුනා කීහ. මේ බව එල්ටීටීඊ හිතවාදීන් වන රුද්‍රකුමාරන් ඇතුළු තවත් පිරිසක්‌ කියා සිටියේ බී.බී.සී. හා අල්ජසීරා හරහාය. එහෙත් මේ සඳහා පිළිතුරු බැඳීමට සිදුවූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන්ටය. මෙවැනි දෙයක්‌ අප සිදු නොකළ බවත්, අප ඉතාම විනයගරුක හමුදාවක්‌ බවත්, ඔවුන් අතින් සිවිල් ජනතාවට කිසිම හිංසාවක්‌ නොවුණ බවත් ඔවුන් කියා පෑහ.


මේ වන විට ද ඩොලර් කෝටි ගණන් එකතු කළ "දෙමළ ජන සංහාරයට එරෙහි දෙමලු" (ඔAඨ ඕපසක Aටසබිඑ ඨැබදජසාe) යන සංවිධානය "බෘස්‌ ෆේන්" නමැති රීගන්ගේ තානාපතිවරයාට ගාස්‌තු දී ගෝඨාභය රාජපක්‍ෂට හා සරත් ෆොන්සේකාට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයක්‌ ගොනු කළ යුතු බවද එහි ආදර්ශ අධි චෝදනා පත්‍රය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ද තිබිණ. එහෙත් මෙවැනි නඩුවකට ප්‍රධාන බාධකය වූයේ මහින්ද රාජපක්‍ෂත්, ගෝඨාභය රාජපක්‍ෂත් ගත් තීන්දුවක්‌ නිසාය. ඒ තීන්දුව නම් යුද්ධය පවතින අවස්‌ථාවේදී කිසිම ජාත්‍යන්තර මාධ්‍යවේදියකුට යුද්aධය පටිගත කිරීමට අවසර නොදීමය. ලෝකයේ බොහෝ අභ්‍යන්තර යුද්ධ පරාජය වී තිබෙන්නේ මෙවැනි තීරණයක්‌ එම රටවල් තුළ නොගත් හෙයිනි. අද ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කොට හමාස්‌වරුන්ව පරාජය කළ ද, ජාත්‍යන්තරව ඊශ්‍රායලයට එරෙහිව විශාල ජනමතයක්‌ ගොඩනැඟීමට ඊශ්‍රායලයට එරෙහි ජනමාධ්‍යයන්ට හැකිවිය. දැන් මෙම වීඩියෝ පට අලලා ඊශ්‍රායලය යුද අධිකරණයට ගෙන ඒමට ද ඔවුන් මහත් උත්සාහයක්‌ ගනී. මන්ද, වීඩියෝ පටවලින් දැක්‌වෙන අන්තර්ගතය ඕනෑම අධිකරණයක ඊට එරෙහිව ඔප්පු කළ හැක. එහෙත් ජනාධිපතිගේ හා ලේකම්වරයාගේ දූරදර්ශී නුවණ නිසා මෙම දර්ශන පටිගත කිරීමට අවස්‌ථාව නොලැබිණි. එම නිසා මේ යුද්ධය නවත්වන ලෙස කරන ලද ආයාචනයන් සමග සිංහල හමුදාවේ කෲරත්වය පෙන්වමින් බටහිර රටවල ජනමතයක්‌ ඇති කිරීමට එල්ටීටීඊ මාධ්‍යකරුවන්ට නොහැකි විය. මෙම යුද්ධය ජය ගැනීමට ප්‍රධානම හේතුවක්‌ වී ඇත්තේ එම තීරණයයි. නැතහොත් බටහිර රටවල් බොස්‌නියාවට කළා මෙන් යුද හමුදා එAවා මෙම යුද්ධය නැවැත්වීමට තිබිණි. එහෙත් මේ පරාජය ඉවසාගත නොහැකි වූ එල්ටීටීඊ හිතවාදීන් දියත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ ලෙස ජෙනරාල්වරයා ලවා මෙවැනි ඝාතන සිදුකර ඇත්තේ ගෝඨාභයගේ අණින් බවත්, එම නියමයන් කරන ලද්දේ ශවේන්ද්‍ර සිල්වාම බවත් ප්‍රකාශ කර ඇත.


ඇහැලේපොළගෙන් පසු විශාලතම පාවාදීම කර ඇත්තේ ජෙනරාල්වරයාය. ශවේන්ද්‍ර සිල්වා ඉතාලියට පැමිණිවිට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ඔහු මහත් හරසරින් පිළිගත්තේ කිසිදු දේශපාලන බෙදීමකින් තොරවය. ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රණවිරුනට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ප්‍රණාමය පුද කළේ ඔවුන් විසින් කළ කැප කිරීමටය. එහෙත් මේ නායකයා එල්ටීටීඊ හිතවාදීන්ට හා බටහිර භඨධ කාරයන්ට හා සමහර බටහිර රටවලට අවශ්‍ය පරිදි දෙවැනි වරටත් කරන ලද මේ ප්‍රකාශයෙන් මේ යුද්ධය කරන ලද සියලුම රණවිරුවන්ගේ අභීත, අවංක, දෑහිතකාමී පරිත්‍යාගයන් විනාශ කර ඇත. කිසිම විනයක්‌ නැති, යුද නීතිය පිළිනොපදින, ම්ලේච්ඡ යුද හමුදාවක්‌ ලෙස ජනරාල්වරයා විසින් එල්ටීටීඊ යට අවශ්‍ය දෙය ප්‍රකාශ කර ඇත. මෙය ඇහැලේපොළගෙන් පසු වූ මහා පාවාදීමයි.








No comments:

Post a Comment