Tuesday 8 December 2009

සරත් ෆොන්සේකාගේ දහතුන්වැනි සංශෝධනය සහ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඔබ්බට යැම

ආරියසේන කෝනාර -දිවයින
විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන සරත් ෆොන්සේකා ප්‍රකාශ කර ඇත්තේ තමා දහතුන්වැනි සංශෝධනයට අමතරව බලය බෙදාහැරීමේ අවශ්‍යතාවක්‌ මත 1987 ඉන්දු ලංකා සම්මුතියෙන් ඔබ්බට යැම අවශ්‍යය යන මතයේ සිටින බවය.


"අවුට්‌ ලුක්‌" (දමඑ කදදන) යන ඉන්දියානු සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ බලය බෙදාහැරීමේදී දැනට පවතින දහතුන්වැනි සංශෝධනයෙන් ඔබ්බට යැමට ඔහු සූදානම් බවය. මේ සම්බන්ධයෙන් ඔහු ප්‍රථම ප්‍රකාශය කළේ නොවැම්බර් 29 වැනි දින කොළඹදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එහිදී ඔහු ප්‍රකාශ කළේ තමා දේශපාලනයට අවතීර්ණ වීමට තීරණ කර ඇති බවත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බවත්ය.

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඔහු වෙත නඟන ලද ප්‍රශ්න කීපයකට ඔහු පිළිතුරු දුන්නේ මේ ආකාරයටය.


ප්‍රශ්නය - දහතුන්වැනි සංශෝධනය පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද? උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා බලය බෙදාහැරීමට ඔබ කැමැත්තක්‌ දක්‌වන්නේද?


පිළිතුර - විසඳුම පිළිබඳ මට දැන්ම සෘජුව ප්‍රකාශ කරන්න හැකියාවක්‌ නැහැ. විරුද්ධ පක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ සමඟ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇත. මම දහතුන්වැනි සංශෝධනයෙන් ඔබ්බට යැමට කැමැතියි. 1987 ඉන්දු ලංකා සම්මුතීන් ඔබ්බට යැම අවශ්‍යයි. මෙයට ඇති හොඳම විසඳුම සෑම ජන කොටසක්‌ම පිsළිගන්නා විසඳුමකට පැමිණීමයි.


ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්‌වූයේ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් කරන ලද ආරාධනාවක්‌ මතය. එහෙත් ජනතා විමුක්‌ති පෙරමුණ දහතුන්වැනි සංශෝධනය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළ පක්‍ෂයකි. දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය ගත් සියලු උත්සාහයන්ටම ජනතා විමුක්‌ති පෙරමුණ විරෝධතාව පළකර ඇත. 1987 වසරේදී දහතුන්වැනි සංශෝධනයට අනුව පළාත් සභා මැතිවරණය ක්‍රියාත්මක කිරීමට ගිය අවස්‌ථාවේදී ජනතා විමුක්‌ති පෙරමුණ ක්‍රියා කළේ ත්‍රස්‌තවාදී කටයුතු අතට ගනිමිනි. එහෙත් අද ඔවුන්ගේ නියෝජිතයන් පළාත් සභාවල නියෝජිතත්වය දරති.


මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අභියෝගයක්‌ එල්ල කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ කියා සිටින්නේ දහතුන්වැනි සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා දරන අදහස හෙළිදරව් කරන ලෙසය. ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක්‌ කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඊ. පී. ඩී. පී. පක්‍ෂයේ නායක ඩග්ලස්‌ දේවානන්ද මහතාගේ ඉල්ලීමට අනුව දේශපාලන විසඳුමක්‌ සඳහා දහතුන්වැනි සංශෝධනයෙන් ඔබ්බට යැමට තමා සූදානම්ද යන්න ජනතාවට හෙළිදරව් කරන ලෙසය.


(අයිලන්ඩ් පත්‍රයේ පළ වූ ලිපියක්‌ ඇසුරින් මෙය පරිවර්තනය කරන ලදී.)

No comments:

Post a Comment