Tuesday 1 December 2009

විදේශ බලවේග ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට යළි උත්සාහ කරයි

කීර්ති වර්ණකුලසූරිය -දිවයින
කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් වූ අවස්‌ථාවේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වූ තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්‍ෂ සෙබස්‌තියන් සිමන් ප්‍රකාශයක්‌ කරමින් තමිල්නාඩුවේ සිට හමුදාවන් රැගෙන වන්නියට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාව පරාජය කරන බවට වහසි බස්‌ දෙඩීය. අපි තමිල්නාඩුවේද ඊළාම් රාජ්‍යයක්‌ ආරම්භ කරනවා යෑයි හෙතෙම කියා සිටියේය. මේ ප්‍රකාශය නිසා අත්අඩංගුවට ගනු ලැබූ සිමන් අධිකරණය වෙත යොමු කිරීමෙන් පසු ඇප මත නිදහස්‌ කෙරිණි.මේ කොටි ආධාරකරුවා මෙම සතියේ කැනඩාවට ගියේය. එA කොටි ත්‍රස්‌තයන් සැමරීමේ දේශනයක්‌ පැවැත්වීමටය. එහිදී ඔහු ඉතා බරපතල ප්‍රකාශයක්‌ කරනු ලැබීය. කිසිම සිංහලයකුට ජීවත්විය නොහැකියි. ග ප්‍රභාකරන් සිංහල පාසල් 100 කට බෝම්බ දැම්මා නම් යුද්ධය වේලාසනින්ම අවසන් කිරීමට හැකිව තිබුණා. අප යුද්ධය නැවත ආරම්භ කළ යුතුයි." යෑයි සිමන් ටොරොන්ටෝ නගරයේ පැවැති කොටි මහාවිරු දේශනය පවත්වමින් කියා සිටියේය. මගේ කතාව කැනඩා රහස්‌ පොලිසිය විසින් සටහන් කරගන්නා බව මම දන්නවා යනුවෙන් ද හෙතෙම වහසි බස්‌ දෙඩීය. ටොරොන්ටෝ නුවර කොටි සමුළුව ඇමතීමෙන් පසු ඔහු මොන්ටි්‍රයල් නගරයේදී ද දේශනයක්‌ කිරීමට නියමිතව තිබිණි. එහෙත් ඔහුට ඊට අවස්‌ථාවක්‌ නොලැබිණි. කැනඩා රහස්‌ පොලිසිය හා ටොරොන්ටෝ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරනු ලැබීය. සිමන් කැනඩාවෙන් පිටුවහල් කිරීම නිසා කෝපාවිෂ්ඨ වූ කොටි ආධාරකරුවෝ ටොරොන්ටෝ නගරයේ පිහිටි බෞද්ධ විහාරයකට ද ගිනි තැබූහ. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සමූල ඝාතනයවීම නිසා පසුගිය මැයි මාසයේදී ද මෙම විහාරයට ගිනි තබා තිබිණි.චිත්‍රපට අධ්‍යක්‍ෂ සිමන් ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව යුද ප්‍රකාශ කළා. ඊට ඉඩදිය නොහැකියි යෑයි කැනඩා රහස්‌ පොලිසිය කියා සිටියේය.සිමන්ගේ මේ ප්‍රකාශය කැනඩාවේ ද්‍රවිඩ ගුවන්විදුලි සේවාවලින් ද විකාශනය කෙරිණි. සියලුම සිංහලයන් ඝාතනය කළ යුතුයි යන ප්‍රකාශය සිමන් විසින් පැවැත්වීම නිසා කොටි ද බරපතල ප්‍රශ්නයකට මුහුණපෑහ. කැනඩා රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් මෙම කොටි සමරුවට ඉඩ දුන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. අත්අඩංගුවට ගනු ලැබූ සිමන් බේරාගැනීම සඳහා කොටි හිතවාදීහු හැඩ්සාට්‌ නයාවි නමැති නීතිවේදියා ගෙන ආවත් එය සාර්ථක වූයේ නැත.තමාට ඊයේ (30 දා) වන තෙක්‌ රැඳී සිටීමට ඉඩදෙන්නැයි සිමන් කළ ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප විය. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලය සිමන්ට වීසා බලපත්‍රයක්‌ නිකුත් කළේ මන්ද යන්නයි.මියගිය කොටි සැමරීමට පෙර තමිල්නාඩුවේදී සිමන් රංගනයක්‌ රඟදක්‌වා ඇත. ශ්‍රී ලංකාවෙන් 2/3 ක්‌ ඊළාම් ද්‍රවිඩ ජනතාවට අයිති බව සිමන් මෙම රංගනයේදී කියා සිටියේය.මෙම තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ටොරොන්ටෝ නගරයේදී තම දේශනය පැවැත්වූ ශාලාවේ කොටි ධජය පවා ප්‍රදර්ශනය වූ බව අනාවරණය විය. මේ දේශනය පැවැත්වූ ස්‌ථානය ගැන පවා මාධ්‍යවලට දැනුම්දීමක්‌ කර තිබුණේ නැහැ යෑයි කැනඩා මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබීය. ප්‍රභාකරන් නමැති ඝාතකයාගේ සමීපතම සගයකු වූ සිමන් ඝාතකයන්ගේ ආධාරකරුවෙකි. මේ නිසා සිමන්ගේ චිත්‍රපට ශ්‍රී ලංකාවට ගෙනඑAම හා ප්‍රදර්ශනය කිරීම ද තහනම් කළ යුතුව ඇත. ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් නොපමාව පියවර ගත යුතුය.එසේම ඉන්දීය රජයේ යුතුකම වන්නේද මෙවැනි ත්‍රස්‌තවාදයේ ආධාරකරුවන්ට එරෙහිව කටයුතු කිරීමයි. ඉන්දියාව ත්‍රස්‌තවාදී ක්‍රියාදාමයකට මුහුණපා සිටියදී සිමන් වැනි බෙදුම්වාදීන් ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුව ඇත. කැනඩාවේදී මෙම සිමන් නම් වූ කොටි හිතවාදියා කර ඇති ප්‍රකාශය මෙරට ජාතික ආරක්‍ෂවට එල්ල වූ බරපතල තර්ජනයකි.කොටි සංවිධානය සමූල ඝාතනය වී ඇති අවස්‌ථාවක ශ්‍රී ලංකාවේ නැවත වරක්‌ යුද්ධයක්‌ ඇති කළ යුතු යෑයි සිමන් කළ ඇති ප්‍රකාශය සෘජුවම මෙරටට එල්ල කර තර්ජනයක්‌ මෙන්ම ත්‍රස්‌තවාදය නැවත වරක්‌ ආරම්භ කිරීමට දැරූ උත්සාහයකි.එසේම සිමන් මෙම ප්‍රකාශය කිරීමට පෙර සුරිච් සුළු ජාතික සමුළුවට ස්‌වයංපාලනය පිළිබඳ යෝජනාවක්‌ ඉදිරිපත් වුවත් එය ප්‍රතික්‍ෂේප විය.මේ හැර එAකීය රාජ්‍යය යටතේ බලය විමධ්‍යගත කිරීමට ද සුළු ජාතික පක්‍ෂ සමුළුවට සම්බන්ධ කොටි හිතවාදීහු විරෝධය දක්‌වා තිබේ.මින් සනාථ වන්නේ ඉතා සූක්‍ෂ්ම අන්දමින් ශ්‍රී ලංකාව නැවත වරක්‌ බෙදීමට දරන ප්‍රයත්නයකි.කැනඩාව, බ්‍රිතාන්‍ය, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව විරෝධතා දැක්‌වීමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන පැහැදිලිවේ. මේ සියලු සිදුවීම් එක වැලේ පුරුක්‌ය.සිමන් ශ්‍රී ලංකාවේ නැවතත් යුද්ධය ආරම්භ කළ යුතු යෑයි පවසා ඇත්තේ නිකමට නොවේ. අන්තර්ජාතික ප්‍රජාව විසින් උතුරේ සිටින 12,000 ක්‌ වූ කොටි ත්‍රස්‌තයන් මුදාහරින්නැයි ශ්‍රී ලංකා රජයට බලපෑම් කළේ එවැනි පසුබිමක්‌ යටතේයි.රජයේ ආරක්‍ෂක හමුදා නිරතුරුවම අවි ආයුධ සොයා ගනු ලැබුවත් තව කොපමණ ආයුධ සංඛ්‍යාවක්‌ සඟවා තිබේද යන්න කිසිවෙක්‌ නොදනී.කැනඩාවේ කොටි පෙරේදා කර ඇති ප්‍රකාශයක්‌ ගැන ද දැඩි අවධානය යොමු කළ යුතුය. වන්නි මෙහෙයුමට දායක වූ ජෙනරාල්වරයා රාජ්‍ය බලධාරීන් සමග අර්බුදයක්‌ ඇති කරගත් පසු කැනඩා කොටි, "කොටි සංවිධානය අළු ගසා දමා නැඟිටිනු ඇත" යන ප්‍රකාශය මෙරටට එල්ලවූ අනතුරු ඇඟවීමකි. කොටි නීතිවේදී බෘස්‌ පෙයින් කර ඇති ප්‍රකාශය කෙරේ. අවධානය යොමු කරන්නේ නම් විදේශ බලවේග කොටි හිතවාදීන් එක්‌ව යළිත් වරක්‌ මෙරට අර්බුදයක්‌ ඇති කිරීමට ක්‍රියාකරන බව සනාථ නොවන්නේද?දැනටමත් හිටපු කොටි ආධාරකරුවෝ එAකරාශී වී සිටින බව පැහැදිලිය. මෙම තත්ත්වය යටතේ සිමන්ගේ ප්‍රකාශය වහසිබස්‌ දෙඩීමක්‌ යෑයි කියමින් බැහැර කළ නොහැකිය. එසේම ඇමරිකාව මගින් සම්මත කර ඇති තොරතුරු ලබාගැනීමේ පනත ද ශ්‍රී ලංකාවේ රජය තම මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කළ යුතු බවට දේශපාලනඥයකු විසින් ඉල්ලා ඇත. එA කුමක්‌ සඳහා ද? ජාතික ආරක්‍ෂාවට අදාළ තොරතුරු දැන ගැනීමට ඉඩ ලැබෙන මෙවැනි යෝජනා ක්‍රියාත්මක කරන්නැයි ජනතාව ඉල්ලා නැත. මේ පනත නිසා ඇමරිකානු යුද යාන්ත්‍රණයට දුෂ්කරතා මතුවී ඇති බව තේරුම්ගත් හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් හා හිටපු ජනාධිපති බුෂ් එයට සීමාවන් පනවනු ලැබීය. මෙම තත්ත්වය යටතේ මෙවැනි යෝජනා කිසිසේත් ක්‍රියාත්මකවීමට ඉඩ නොතැබීම රජයේ යුතුකමකි.

No comments:

Post a Comment