Wednesday 16 December 2009

ප්‍රභාකරන්ට උපකාර කළ පිරිස් ෆොන්සේකා වටා පෙළ ගැසිලා

අසේල කුරුළුවංශ-දිනමිණ

ජ.වි.පෙ සහ එජාපෙ මෙහෙයවීම මත ජනපතිවරණයට ඉදිරිපත් ව සිටින සරත් ෆොන්සේකා ජයග්‍රහණය කැරවීමට අද පෙළ ගැසෙමින් සිටින්නේ පසු ගිය කාලය පුරා එල්. ටීටීඊයට හා ප්‍රභාකරන්ට ආධාර උපකාර කළ පිරිස් බව එජාප හිටපු ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතා පැවැසීය.මෙම තත්ත්වය අද කාටත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා කීය. දේශීය හා විදේශීය කුමන්ත්‍රණකාරයින්ගේ අතකොළුවක් බවට පත් ව ඇති එජාපය අද දිනෙන් දින විනාශයට ගමන් කරන බවත් බුද්ධිමතුන්ට හා වියතුන්ට පක්ෂ නායකත්වය ඇහුම්කන් නොදීම නිසා ඔවුන් දිනෙන් දින පක්ෂය හැර යමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.


යුද්ධය නිමකර රට සංවර්ධනය කරා මෙහෙයවීමට ජනපතිතුමා කටයුතු කරන මේ මොහොතේ සැවොම එකතු වී ඊට සහය දිය යුතු ව තිබෙන බව ද ඒ මහතා කීය.

1 comment:

  1. S.B.
    Now you are OK.
    Be more humble. Be the same S.B., who queued at the bursary-counter in Vidyodaya to get the advance of Rs.10.00 against the student loan, just to go home when the campus was unexpectedly closed.
    No need to tell that you are from the village, Hanguranketha. We all knew in Vidyodaya.We all know in Mother Sri Lanka.

    Just go straight ahead.

    ReplyDelete