Wednesday 9 December 2009

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රමවේදය වහා රටට හෙළි කරන්න -- ඇමැති පාඨලී රණවක

ලසිත දුමින්ද- දිවයින

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රමවේදය වහාම රටට හෙළිකරන ලෙස විපක්‌ෂයේ ඊනියා සන්ධානයෙන් ප්‍රශ්න කරන බව පරිසර හා ස්‌වාභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව කරන්නේ කුමක්‌ද කියා විසංවාදී ප්‍රකාශ නොකොට නිශ්චිත අදහසක්‌ රටට ලබා ගත යුතු බවද ඇමැතිsවරයා කීවේය. හෙතෙම මේ බැව් කීවේ ඊයේ (08 වැනිදා) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මෙසේද කීවේය.

විපක්‌ෂය අවස්‌ථාවාදී සන්ධානයකට එකතු වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. මේ අයට කිසිම එකඟතාවක්‌ නැහැ. ඇත්තේ වියවුලක්‌ පමණයි. සරත් ෆොන්සේකා මහතා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරෙන් ඉවත් වූයේ බලයක්‌ නැතැයි පවසමින්. නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ජනාධිපති ධුරය බල රහිත වීමක්‌ සිදුවෙනවා.

එජාප ඉකුත් මැතිවරණවලදී කිව්වේ බඩු මිල ගැන. ඒත් අද ඒ ගැන කතාවක්‌ නැහැ. රට වෙලාගෙන තිබෙන දූෂණ වංචාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපකAෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සඳහන් කරනවා. රට ගුවන්, නාවික, වාණිජ, පරිසර, බලශක්‌ති, ගෝලීය කේන්ද්‍රීය ස්‌ථානයකට ගෙන එAමට කටයුතු කොට තිබෙනවා.

විදුලිබල හා බලශක්‌ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා - දිනෙන් දින විපක්‌ෂය කඩා වැටෙනවා. පොදු අපේක්‌ෂකයා දිනෙන් දින පිරිහෙනවා. ජනාධිපතිවරණය කියන්නේ තීරණාත්මක මැතිවරණයක්‌. මෙවැනි මැතිවරණවලදී විපක්‌ෂය ඕනෑම දෙයක්‌ කරනවා. අද කොළ කොඩියක්‌ සොයා ගන්න බැහැ. ශ්‍රීලනිපයෙන් සල්ලිවලට ගන්න කෙනෙක්‌ නැහැ. විජයදාස රාජපක්‌ෂ විපක්‌ෂයට ගොස්‌ දෙවැනි මඟුල කෑවා. එ. ජා. පයේ ප්‍රබල පිරිස්‌ රජයට එකතු වෙමින් තිබෙනවා. හෙට අනිද්දා වන විට හොඳ හොඳ දේවල් දැක ගන්න පුළුවන්. කවදාවත් ලබා නොගත් ජයක්‌ මහින්ද රාජපකAෂ මහතා ලබා ගන්නවා. කවදාවත් පරාජය නොවූ ආකාරයෙන් විපක්‌ෂය පරාජය වෙනවා.

No comments:

Post a Comment