Tuesday 8 December 2009

රටේ ආර්ථිකය ඍණ අගයක් ගනිද්දී චන්ද්‍රිකාගේ මාලිගයට කෝටි 6000ක්-මංගල ගේ ඇමැතිකාමරය ලස්සන කරන්න ලක්ෂ 234ක්

නිරූෂි විමලවීර -දිනමිණ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රටේ ආර්ථිකය ඍණ අගයක් ගනිමින් තිබියදී එසේම රටේ සංවර්ධනය කඩා වැටී උතුරේ යුද පරාජයන් නොකඩවා සිදු වූ අවස්ථාවක චන්ද්‍රිකා රජය පෙරලා දැමීමට තමා පෙරමුණ ගත් බව එස්. බී. දිසානායක මහතා කීය.
එදා නොකඩවා යුද පරාජයක් අත්වුණා. අලිමංකඩ, මුලතිව්, පුනරින්, කිලිනොච්චි කඳවුරු අපට නැති වුණා. විශාල හානියක් කරමින් කොටි කටුනායකට පහර දුන්නා. කොටි පොලිසි, උසාවි, තැපැල් කන්තෝරු, බැංකු හැදුවා.

මෙසේ ආර්ථිකය කඩා වැටී යුද පරාජයන් ලැබෙද්දී චන්ද්‍රිකා නව ඇමැති මණ්ඩලයක් පත් කළා. එහි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති මංගල සමරවීරයි. ඔහුගේ අමාත්‍යාංශ කාමරය ලස්සන කරන්න රු. ලක්ෂ දෙසිය තිස් හතරක් වැය කළ බව දිසානායක මහතා කීය.


චන්ද්‍රිකා මහා රාජිනියට රුපියල් කෝටි 6,000 ක වියදමින් මාළිගාවක් සැකසීමට වැඩ ආරම්භ කළ බවත් අප එදා ඒ රජය පෙරලා දැමූ බවත් කීය.


මාධ්‍යවේදීන් හමුවේ දිසානායක මහතා මෙසේද කීය. අගමැතිතුමා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, ආතාවුද සෙනෙවිරත්න, මෛත්‍රීපාල සිරිසේන, ඉන්දික ගුණවර්ධන, දි. මු. ජයරත්න ඉතා අසරණ තත්වයකයි සිටියේ.


චන්ද්‍රිකා කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නැති තත්ත්වයකයි සිටියේ. අප ඇමැතිවරු නව දෙනෙක් අරගෙන මැතිවරණය ජය ගත්තා. එක්සත් ජාතික පෙරමුණ හැදුවා. එජාප ලාංඡනය වෙනස් වන නිසා එම පෙරමුණ ලියාපදිංචි කෙළේ නැහැ.


මැතිවරණයෙන් අප ජයගත්තා. රනිල් අගමැති වුණා. අළුතෙන් ආ අපට හොඳ අමාත්‍යාංශ දුන්නා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන ඇලික් අළුවිහාරේ, කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයට කිසි දෙයක් දුන්නේ නැහැ.


හේමකුමාර, නවීන්, සජිත් කපා හැරියා. චොක්සි නාමික මුදල් ඇමැති කළා. මුදල් අමාත්‍යාංශ ලේකම් චරිත රත්වත්තේ නිල නොවන මුදල් ඇමැති බවට පත් කළා.


එජාප වෘත්තීය සමිති නායකයන්ට තැනක් දුන්නේ නැහැ. මැතිවරණ වෙනුවෙන් ජීවිත නැති වූ පවුල්වලට වන්දි දෙන්න බැරි වුණා. එජාප ආණ්ඩුව පැවති වසර දෙකේදී කම්කරුවෙකුට රැකියාවක් දෙන්න බැරිවුණා.


චන්ද්‍රිකා සමඟ ජවිපෙ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළා. ලොතරැයි මණ්ඩලය, මුද්‍රණාලය වැනි රාජ්‍ය ආයතන පවරා ගත්තා. වෘත්තිය සමිති එළියට බැස්සා. චන්ද්‍රිකා බයවුණා.


අමාත්‍යාංශ තුනක් පවරා ගත් වෙලාවේ එජාපෙ අය පාරට බැස්සා. චන්ද්‍රිකා ගත් අමාත්‍යාංශ තුනෙන් දෙකක් ආපසු දෙන්න ඇය කැමති වුණා. ඒත් රනිල් කැමති වුණේ නැහැ.


අපට පාර්ලිමේන්තුවේ ආසන 139 ක් තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දෝෂාභියෝගයකින් නවත්වන්න තිබුණා. ඒත් රනිල් ඒක කෙළේ නැහැ. චන්ද්‍රිකා රජය විසුරුවා හැරියා. එක්සත්් ජාතික පාක්ෂිකයෝ අනාථ වුණා.

No comments:

Post a Comment