Thursday 24 December 2009

විජය කුමාරතුංග ඇතුළු මහජන පක්‍ෂයේ 117ක් මැරූ ජවිපෙ අද මානව හිමිකම් ගැන කතා කිරීමත් විහිළුවක් -මහජන පක්‍ෂයේ නායක ආචාර්ය රංජිත් නවරත්න

ශ්‍රේෂ්ඨ මානව හිතවාදියකු මෙන්ම විශිෂ්ට කලාකරුවකු ද වූ විජය කුමාරතුංග ඇතුළු මහජන පක්ෂ නායකයන් හා ක්‍රි‍්‍රයාකාරීන් 117 දෙනෙකු අමු අමුවේ ඝාතනය කළ ජවිපෙ, අද විශ්‍රාමික හමුදා නිලධාරියකු ලවා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමට යැයි පවසමින් ප්‍රතිගාමීන් හා පෙළ ගැසීම තරම් කුහක දේශපාලන නාඩගමක් මේ සියවසේ තවත් නැතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ආචාර්ය රංජිත් නවරත්න මහතා ප්‍රකාශ කළේය.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (13) ගල්ගමුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මෙහෙයවීමෙන් පැවති ජන හමුවක් අමතමිනි.
මෙහිදී තවදුරටත් ජන හමුව ඇමතූ රංජිත් නවරත්න මහතා මෙසේ ද කීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ, සියවස් ගණනකට පසුව, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවකින් යුතු, දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනයක් කරා මාතෘ භූමිය පිය නගන මේ ඓතිහාසික මොහොතේ දී, ඊට එරෙහිව නැගී එන දේශීය හා විදේශීය ප්‍රතිගාමීන්ගේ කුමන්ත්‍රණ තීරණාත්මකව පරාජය කරමින්, මෙතෙක් ලෝකයේ රාජ්‍ය නායකයකු ලබන ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබා ගනිමින්, මහින්ද රාජපක්ෂ මහතා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම නියතයි.
ගල්ගමුව ආසනයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරීන් කීප දෙනෙකු ඇතුළු එ.ජා.ප ක්‍රියාකාරිකයන් රැසක් මෙහිදී මහජන පක්ෂය මගින් එ.ජ.නි.ස. යට සම්බන්ධවීම මෙහිදී කැපී පෙනිණි.


තවදුරටත් මෙම ජන හමුව ඇමතූ නවරත්න මහතා මෙසේ ද කීය.


සර් ජෝන්, යූ. බී. වන්නිනායක, ඩී. බී. වෙලගෙදර, එම්. ඩී. බණ්ඩා, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල වැනි ගෞරවනීය එ.ජා.ප නායකයන් සමග එක්වී කටයුතු කළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ එ.ජා.ප පාක්ෂිකයන් විශාල පිරිසක්, අලියා ලකුණවත් රැක ගැනීමට බැරිවුණු, එ.ජා.ප ය අත හරිමින්, මහින්ද රාජපක්ෂ මහතා වටා පෙළ ගැසෙන බවත්, තව දින කීපයකින්, කුරුණෑගල එ.ජා.ප නායකයන් කිප දෙනෙක් ද, ජනාධිපතිතුමාට එක්වීම ස්ථිර බවත් ප්‍රකාශ කළේය.


මහජන සංස්කෘතික සංවිධානයේ සභාපති අබේරත්න මාමුණුගම, වයඹ පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න, පාඨශාලාචාර්ය රත්නායක, බන්දුල එරියාව මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

No comments:

Post a Comment