Sunday 27 December 2009

සරත් ෆොන්සේකා මෙරට යුද්ධාධිකරණයට- මහාචාර්ය නලින් ද සිල්වා

වාමදේවන්, නඩේසන් හා රමේෂ් යන කොටි නායකයන් හා ඔවුන්aගේ පවුල්වල කිහිප දෙනකු සුදු කොඩි රැගෙන එන විට වෙඩි තබා මැරීමට අණක්‌ දුන්නේ ය යන කතාව අද ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන බටහිර ආධිපත්‍යය මෙහෙයවන රටවල් කිහිපයක කතාබහට ලක්‌ වී ඇත. මේ වෙඩි තබා මැරීමේ තීන්දුව දුන්නේ යෑයි ප්‍රථම වරට කීවේ සරත් ෆොන්සේකා ය. ඔහු ඒ බව අසා තිබුණේ කවුදෝ ජනමාධ්‍යවේදියකුගෙනි. ඒ ජනමාධ්‍යවේදියාගේ නම මෙතෙක්‌ හෙළිදරවු කෙරී නැත. සරත් ෆොන්සේකාගේ කතාව රැගත් ප්‍රවෘත්තිය පළවූයේ පසුගිය 13 වැනි ඉරිදා සන්ඩේ ලීඩර් ප්‍රවෘත්ති පත්‍රයෙහිය. ඒ පුවත්පත ආණ්‌ඩුවට හිතවත් එකක්‌ නොවේ. අදාළ ප්‍රවෘත්තිය පළ වී පැය විසි හතරක්‌ ගතවන තුරුත් ෆොන්සේකා තම කියමන ප්‍රතික්‍ෂේප නො කෙළේය. ඒ ඔහු ඒ අතර පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වී තිබියදීත් ය. තම ප්‍රකාශයේ බරපතලකම වැටහීමෙන් දෝ පසුව ඔහු තම කතාව වැරදියට වාර්තා කර ඇති බව පැවසීය. එහෙත් පසුගිය සතියේවත් අදාළ පුවත්පතේ කතුවරිය තම පුවත වැරදි යෑයි නො කීවාය.

බේසමේ වතුර සමග දරුවත් වීසි කරමුද ?

මේඝ

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් "සන්ඩේ ලීඩර්" පුවත් පතට කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය තවමත් ඇවිලෙමින් තිබේ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලීමක්‌ද කර තිබිණි. තමන් විසින් කරන ලද ප්‍රකාශය වැරදි ආකාරයට සන්ඩේ ලීඩර් පුවත් පත පළ කර තිබුණු බව ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන වාතාවරණය යටතේ වුවද ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට වුවමනා විය. එයට සාධාරණ පසුබිමක්‌ද ඇත.ශ්‍රී ලංකාවේ තිස්‌ වසරක ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ භූමිකාවේ සේනාධිනායකයා හා ඔහු යටතේ සිටි හමුදා ප්‍රධානියා අද ද්වන්ද සටනකට එළඹ සිටිති. ඒ සටනේ යුදමය මෙහෙයුම් කළ බවට සාඩම්බර ප්‍රකාශ කරන ජෙනරාල් ෆොන්සේකාගේ මුවින් යුද්ධය පිළිබඳ කෙරෙන ඕනෑම ප්‍රකාශයක්‌ එහි සත්‍යය කුමක්‌ද යන්න නොවිමසාම භාර ගැනීමට වැඩි දෙනෙක්‌ සූදානම්ව සිටිති. එහි අසාධාරණයක්‌ද නැත.

ජාතික සම්පත් කුණුකොල්ලෙට විකුණූ අයට දූෂණය නැතිකරන්න බෑ

මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කල්‍යානන්ද තිරාණගම සාකච්ඡා කළේ පාලිත සේනානායක

අපේ රටේ දූෂණය හා නාස්‌තිය නැතිකරන බවට සපථ කරන පොරොන්දු මේ දිනවල ජනතාවට නොඅඩුව ලැබෙමින් තිබෙනවා. දූෂණය හා නාස්‌තිය පිළිබඳ මේ දෙපාර්ශ්වයම දක්‌වන අදහස්‌ පිළිබඳ ඔබේ මතය කුමක්‌ද? දූෂණය හා නාස්‌තිය නැති කරන කතා කොයි පක්‍ෂයෙන් කෙරුවත් ඒවා පට්‌ටපල් බොරු. විපක්‍ෂයේ ඉන්න කොට අල්ලස්‌ කොමිසමට දූෂණ පිළිබඳ ලැයිස්‌තු ඉදිරිපත් කරන දේශපාලකයො ආණ්‌ඩු බලය ගත්තහම ඒව ගැන සොයා බලන්නෙ නැහැ. දෙපැත්තෙම දූෂණ දෙගොල්ලො ආරක්‍ෂා කිරීමයි අපේ රටේ සිද්ධවෙන්නෙ. දූෂණ කිරීම ව්‍යවස්‌ථාපිත කරල තියෙනවා. මේ සමානුපාතික ක්‍රමය යටතේ ඡන්ද කරන්න කෝටි ගාණක්‌ සල්ලි ඕන. සල්ලිකාරයා දිනනව. පළාත් සභා ඡන්ද වලිනුත් ඉහළින්ම දිනල තියෙන්නේ සල්ලිකාරයො. අපේ රටේ තියෙන්නෙ දූෂණයට මගපාදන ව්‍යවස්‌ථාවක්‌. මේ ජනාධිපති ක්‍රමය නැති කළත් ඒක නැති කරන්න බැහැ. මේ දූෂණය නැති කරන්න නම් සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඕන.මේ සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඡේ.වී.පී. එකවත්, හකීම්වත්, මනෝ ගනේෂන්වත් කැමති නෑ. සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කළොත් ඔය කාටවත් පාර්ලිමේන්තු එන්න හම්බවෙන්නෙ නැහැ. නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමය තියෙන තාක්‌ කල් මේ රටේ දූෂණය නැති කරන්න බැහැ.

Saturday 26 December 2009

‍දෙස්‍ දුටුවන් ලක් ‍පො‍ලොවෙන් දු‍රු දු‍රු වෙන්න‍යි

ප්‍රියශාන්ත සදරුවන්

දු‍ටුගැමුණුට ‍දෙස්‍‍දෙටු‍වෙකු වෙයිද          සමා

පරංගි නම‍ට ගැතිවි ඔහු සි‍‍ටිනු                 සදා
උපමා වෙ‍‍‍‍‍‍‍තොත් කාහට ‍‍‍‍හෝ        පණු‍සේකා
කිසිවෙකු ‍‍නො‍‍‍වේ ‍‍ලොව‍‍රෙන්සෝ අල්මේදා

දෙස බස රැස රැක ගත්තෝ පාවා             දෙන්න‍යි
ර‍‍ට විකුනා ජය ගත්තෝ රැක ‍‍‍ගෙන           ඉන්න‍යි
ර‍‍ට හැරදා පි‍‍ටි ර‍‍ටක‍‍ට පුරවැසි                 වෙන්න‍යි
දෙස්‍ දුටුවන් ලක් ‍‍‍‍‍පො‍ලොවෙන් දු‍රු දු‍රු වෙන්න‍යි


ගැලවි‍‍‍‍‍මේ හමුදාව‍‍ට                   නුසුදුස්සා
‍තොප්පිග‍‍‍‍ලේ ජ‍ය රණගොස     විචිකිච්ඡා
රණ ජ‍ය නිගා කොට පාමංකඩ       වස්සා
මොනවට එකතු වුනි හවුලට ‍‍‍මේ    පිස්සා


නැතුවට කමක් නැත හැගුමක්     ස‍‍‍හෝදර
ලැගුවට ප‍වක් නැත හොර මුල ‍‍ දෙසන්තර
නැටුවට කැතට මවුබිමටම           නිගාකර
පණු‍සක ඔබට වෙයි සාප‍‍ය   දොරින් දොර

මාධ්‍ය සාකච්ඡාවක්

සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ
ප්‍රශ්නය: මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණයට ඇත්තේ ඉතාමත් කෙටි කාලයක්, මේ මැතිවරණය හා බැදුන ගැටලු රාශියක් රට පුරා පැන නැගී තියෙනවා, මේ ගැටලු වලට පැහැදිලිව පිලිතුරු දිය හැකි අයෙකු අද ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂයෙන් සොයා ගැනීම අසීරු කරුණක්, එකම ප්‍රශ්නයට එක එක නියෝජිතයින් විවිධ පිලිතුරු සපයනවා, මෙය මාධ්‍යවේදීන්ට මහත් අපහසුවක්, ඒ නිසයි අප ඔබ හමුවට පැමිණියේ.මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර හමාරයි; ඔබ මේ තීරණය සම්බන්ධව දරන ආකල්පය කුමක්ද?

හමුදා නායකයන් සිවිල් පාලනයට ඒමේ අනතුර

(මහාචාර්ය විශ්වා වර්ණපාල විසින් 2009 දෙසැම්බර් 14 වන දින "අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකි)සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ
ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇරඹුණේ 1931 දී සර්වජන ඡන්දය මෙරට ජනතාවට ලබාදීමත් සමඟයි. සර්වජන ඡන්ද ලැබීමෙන් මෙරටට අත්වුණ ප්‍රතිඵල බොහෝමයක්‌ වුවත් සති කිහිපයකට පෙර යුද්ධ හමුදා ඇඳුමෙන් සැරසී සිටි සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුළින් මෙරට සමස්‌ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමයට බලවත් තර්ජනයක්‌ එල්ලවී ඇති බව සඳහන් කළ යුතු කරුණක්‌. එම සිදුවීම මා දකින්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ රඳා පැවැත්ම කෙරෙහි වන තර්ජනයක්‌ ලෙසයි. එම දේශපාලන අවදානමේ ඇති විශාලත්වය අප සලකා බැලිය යුත්තේ තුන්වන ලෝකයේ දේශපාලන ස්‌වභාවයක්‌ ලෙස සැලකෙන "හමුදා පාලන ක්‍රම" පිළිබඳ විවිධ රටවල් ලබා ඇති අත්දැකීම් අනුසාරයෙන් බව මගේ පිළිගැනීමය. සරත් ෆොන්සේකා දේශපාලනයට ඉදිරිපත්වීම මා දකින්නේ පසුගිය කාලය පුරාම මේ රටේ දේශපාලන සංස්‌කෘතිය සමඟ පෑහිය හැකි "නායකත්වයක්‌" ගොඩනැගීමට නොහැකිව බිඳී විසිරී ගොස්‌ තිබෙන මෙරට විපක්‍ෂය , වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ජනප්‍රියතාවයට අභියෝග කළ හැකි පුද්ගලයකුගේ පිහිට පැතීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙසයි.

Thursday 24 December 2009

රට බිත්තියට හේත්තු කිරීම

රාමන්
අපේ රටේ පමණක් නෙවෙයි තුන්වැනි ලෝකයේ බොහෝ රටවල තත්ත්වයත් එයමයි. මැතිවරණ වේදිකාවේ පමණක් නොව රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මට්ටම ක්‍රමයෙන් ඉහළට එසවීමට කටයුතු කිරීම ජනසමාජයකට වැදගත්. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.විවිධ විහිළු තහළු කර ගත්තට සමස්ත රටම අනතුරට එළීමේ ප්‍රකාශ මැතිවරණයට මුවා වී සාමාන්‍යයෙන් වගකිව යුතු අපේක්ෂකයෙක් කරන්නේ නැහැ. මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන්ට තමන් ඡන්දය ඉල්ලනවා වගේම රට වෙනුවෙන් වගකීමක්ද තිබෙනවා.

විජය කුමාරතුංග ඇතුළු මහජන පක්‍ෂයේ 117ක් මැරූ ජවිපෙ අද මානව හිමිකම් ගැන කතා කිරීමත් විහිළුවක් -මහජන පක්‍ෂයේ නායක ආචාර්ය රංජිත් නවරත්න

ශ්‍රේෂ්ඨ මානව හිතවාදියකු මෙන්ම විශිෂ්ට කලාකරුවකු ද වූ විජය කුමාරතුංග ඇතුළු මහජන පක්ෂ නායකයන් හා ක්‍රි‍්‍රයාකාරීන් 117 දෙනෙකු අමු අමුවේ ඝාතනය කළ ජවිපෙ, අද විශ්‍රාමික හමුදා නිලධාරියකු ලවා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමට යැයි පවසමින් ප්‍රතිගාමීන් හා පෙළ ගැසීම තරම් කුහක දේශපාලන නාඩගමක් මේ සියවසේ තවත් නැතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ආචාර්ය රංජිත් නවරත්න මහතා ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා විදේශ බලවේගවල ඉත්තෙකු වෙලා -දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර

අමිල අබේරත්න - දිවයින

විදේශ බලවේග තම අරමුණු ඉටු කරගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා ඉත්තෙකු කරගෙන ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.එය විදේශ බලවේගවල එක්‌ කුමන්ත්‍රණයක්‌ පමණක්‌ බවත් ණය ලබානොදී මේ රට තනි කිරීම හා දක්‌ෂිණාංශික ඒකාධිපති බලවේග මේ රට තුළ ඇතිකිරීම ඔවුන්ගේ අනෙක්‌ කුමන්ත්‍රණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Wednesday 23 December 2009

ෆොන්සේකාගේ මහා පාවාදීම රණවිරුවන්ට විදේශ පුහුණුව ඇන හිටී අපේ රණවිරුවන්ට සාම හමුදාවේ දොර වැසේ 58 වැනි සේනාංකයටම තර්ජනයක්

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර-දිනමිණ

සරත් ෆොන්සේකා මහතා කළ දේශ ද්‍රෝහී පාවාදීම නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන්ට පමණක් නොව පනස් අට වැනි සේනාංකයටම බරපතළ තර්ජනයක් එල්ලවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ අවධාරණය කරති.මේ පාවාදීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාවටම විදේශ පුහුණු අවස්ථා, සාම සාධක බළකාවල සේවය කිරීමේ අවස්ථා පවා අහිමි වී යා හැකි බව පෙන්වා දෙන ඔවුහු, මේ පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ජයග්‍රහණය කිරීමට නොව රණවිරුවන් පාවා දීමේ අරමුණෙන් යැයි පෙන්වා දෙති.

තමන්ගේම ගෙට ගිනි තබා ඒ ගින්නෙන් ගිනි තැපීම

දිවයින කතුවැකිය
මේ රටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ ඉතිහාසයේ සිදු වූ ඉතාම බරපතල පාවාදීම් දෙකක්‌ තිබේ. පළමුවැනි පාවාදීම වූ කලී අත්වැරදීමකි. රනිල් වික්‍රමසිංහ මහතා වසර 2001 දී අගමැති පදවියට පත් වූ කල ඔහුට එරෙහිව සන්නද්ධ කුමන්ත්‍රණයක්‌ සංවිධානය වෙමින් පවතින බවට වැරදි ඔත්තුවක්‌ ලද මෝඩ පොලිස්‌කාරයකු අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ වැටලීම ඒ අත්වැරදීම ය. ඒ වැටලීමට රූපවාහිනි නාලිකා ද කැටුව ඒමට මෝඩ පොලිස්‌කාරයා කටයුතු කළ බැවින් යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් කවරකු ද යන්න එල්. ටී. ටී. ඊ. යට හෙළිදරව් විය. ඒ අනුව එසේ හෙළිදරව් වූ ඔත්තුසේවා නිලධාරීන්ගෙන් වැඩි දෙනා කොටින් විසින් සංහාරය කරන ලදී. පොලිස්‌කාරයාගේ මෝඩකම පාවාදීමක්‌ වන්නේ එතැන් පටන් ය. ඔහු මේ මෝඩකම කළේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් උසස්‌ වීමක්‌ ලබාගැනීමට ය.ඊළඟ පාවාදීම වූ කලී පසුගියදා ජෙනරාල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයයි. හමුදාවට යටත් වූ (හෝ අත්අඩංගුවට ගන්නා ලද) මිනීමරු කොටි නායකයන් තිදෙනකු වන පුලිදේවන්, නඩේසන් හා රමේෂ්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කරන ලදැයි ජෙනරාල් සරත් ෆොන්සේකා සති අන්ත ඉංගිරිසි පුවත්පතකට පවසා තිබිණ. පසුව එම ප්‍රකාශයට විරුද්ධව දේශප්‍රේමී කොටස්‌ විරෝධය පළ කළ විට තමන් කී දේ පුවත්පත විසින් වැරදියට වාර්තා කරන ලද බව ජෙනරාල් කීය. එහෙත් අදාළ සති අන්ත පුවත්පතේ කතුවරිය ජෙනරාල් එසේ කී බව අවධාරණය කරමින් ප්‍රවෘත්තිය වෙනුවෙන් පෙනී සිටියා ය. මේ වන විට මේ කතාව දුරදිග ගොස්‌ ඇති අතර පෙර කී තිදෙනා ඝාතනය කිරීම යුද අපරාධයක්‌ සේ සලකා එයට උත්තර බඳින ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. සමහර විට රමේෂ්, පුලිදේවන්, නඩේසන් යන තිදෙනා හමුදාවට භාර වූ විට ඔවුන් නාවා සියොළඟ සුවඳ විලවුන් තවරා බුරියානි කන්නට දෙන්නට ජෙනරාල් බලා සිටියා විය යුතුය. හතරවන ඊළාම් යුද්ධයේදී රජය කළ මෙහෙයුම සාමූQහික වගකීමක්‌ ඇති ක්‍රියාවලියකි. එය කොටස්‌ කර මේ කොටස මේජර් ජෙනරාල් ශවේන්ද්‍රට ය, මේ කොටස ගෝඨාභයට ය. හොඳ හරිය මට ය යනුවෙන් වෙන්කර පෙන්වීමට නොහැකි බව අපගේ අදහසයි. එහෙත් එහිදී සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා මෙන්ම යුද කළමනාකරු ලෙස ආරක්‌ෂක ලේකම්වරයාද කළ මෙහෙවර ලඝූ කළ නොහැකිය.

Tuesday 22 December 2009

මංගලගේ තියෙන්නේ කපටිකම් විතරයි. ඇඳුම් මහන්න විතරයි දක්ෂ. ප්‍රේම කරන්නවත් දන්නේ නැහැ. ගැහැනියකට ප්‍රේම කරන්න බැරි නිසා කොල්ලන්ට ප්‍රේම කරනවා. ගැහැනියකට ප්‍රේමකරන්න බැරි එකාට මොනවාද කරන්න පුළුවන්.- එස්. බී. දිසානායක

සුභාෂිණී සේනානායක-දිනමිණ
ඔබ යළි මහගෙදරට ආවා. ශ්‍රී. ල. නි. පක්‍ෂය අතහැර එජාපයට යන්න හේතු වූ කාරණා මොනවාද?

අපි දේශපානයට අත්පොත් තිබ්බේ වමේ දේශපාලනයෙන්. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයෙන් මම දේශපාලනය ආරම්භ කළා. කොමියුනිස්ට් පක්ක්‍ෂයෙන් වමේ දේශපාලනය කිරීම ආරම්භ කළා. චද්‍රිකාව එදා පොදුජන එක්සත් පෙරමුණට රැගෙන ආවෙත් මම. එහෙම හදපු පක්‍ෂය දාලා එන්න වුණ එක විශාල වේදනාවක් වුණා. පොදු ජන එක්සත් පෙරමුණින් මම ඉවත්වන විට සමෘද්ධි, පාර්ලිමේන්තු කටයුතු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති, ශ්‍රී. ල. නි. ප. මහලේකම් වැනි තනතුරු රැසක් දැරුවා.

ඇයි මේ වෛරීය දේශපාලනය ? තම තමන්ට ඇති කලායැයි කියන මදි පුංචිකම් ඇත්නම් එයට පලිගැනීමක් ලෙස රටේ නායකයා ඉවත් කිරීම කොතරම් අසාධාරණද?

මහාචාර්ය කේ. ඒ. නන්දසේන කෘෂිකර්ම පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඇයි මේ වෛරීය දේශපාලනය ? තම තමන්ට ඇති කලායැයි කියන මදි පුංචිකම් ඇත්නම් එයට පලිගැනීමක් ලෙස රටේ නායකයා ඉවත් කිරීම කොතරම් සාධාරණදැයි සළකා බැලීම සියලුම ජනකොටස් සහ ජාති හිතෛෂී ලාංකික ජනතාවගේ යුතුකමකි. රටේ වසර 30 ක් පැවති දරුණු යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරා යොමු කිරීම තම එකම අරමුණ කරගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිධූරයෙන් ඉවත් කිරීමට වෙර දරන මේ වෛරීය දේශපාලනය කුමක්ද ? රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඇයි ? ඔහු රටට ජනතාවට කර ඇති වරද කුමක්ද ? මෙය ඉතා සිහි බුද්ධියෙන් සිතා බැලිය යුතු කාරණයක්.

බටලන්ද වධකාගාරය නිර්මාණය කළ රනිල්ට, සෝමවංශ චරිත සහතික දීම ඛේදවාචකයක්- - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

නුවන් කොඩිකාර-දිනමිණ

බටලන්ද වධකාගාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මානව හිතවාදියකු කරමින් සෝමවංශ අමරසිංහ මහතා චරිත සහතික දීම මහා ඛේදවාචකයක ආරම්භයක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.මේ පිළිගැනීමෙන්ම සෝමවංශ මහතා ජවිපෙ වෙනුවෙන් ජීවිත කැපකළ හැට දහසක පමණ පිරිසකගේ ජීවිත පාවාදී ඇතැයිද හෙතෙම කීය.

එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන්ගෙන් ලිපියක්‌ ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්වයි

දිවයින
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්‍රසි පුවත්පතක්‌ වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක්‌ මගින් දැනුම්දී තිබේ.ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මගින් එවන ලද එම සම්පූර්ණ ලිපිය මෙසේය.

Sunday 20 December 2009

“මට පෙර රට” කියා කිව්වත් රට ගැන අබමල් රේණුවකවත් වගකීමක් නැහැ-අධිනීතිඥ ගෝමින් දයාසිරි

සාකච්ඡා කෙළේ සරත් පෙරේරා -සිළුමිණ
කොහොම බැලුවත් මේ රට ත්‍රස්තවාදය පරදා ලැබූ ජයග්‍රහණය ම්ලේච්ඡත්වය පරදා මිනිසත්කම ලැබූ මහා ජයග්‍රහණයකි. මෙතැනදී මා කිවයුත්තේ යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රස්තවාදයට යටවූ ජනතාව නිදහස් කරගැනීමට කටයුතු කරන අතරම සතුරාට ද සම්පත් ප්‍රදානය කරමින් ඔවුන්ගේ් ද සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් වැනි ඕනෑ එපාකම් සොයා බලා රජය ඉටුකළ වැඩ කොටස ප්‍රශංසනීයය. මේ යුද්ධයේ දී රජය සෑම විටකම ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටි ජනතාව තමන්ගේ ම රටේ පුරවැසි කොටසක් ලෙස සලකමින් ඔවුන් එම ග්‍රහණයෙන් මුදවා ගැනීමට කටයුතු කළ අතර ක්‍රියාත්මක කළ මෙහෙයුම සෘජුවම ත්‍රස්තවාදීන් ඉලක්ක කර එල්ල කළ එකක් විය. එවැනි මානුෂික මෙහෙයුමක් ක්‍රියාත්මක කර ජයග්‍රහණය කළ එකම රාජ්‍ය ලෙස ලෝකයෙන්ම ගෞරවය පිරිනැමී ඇති අවස්ථාවකයි අප මේ පසුවන්නේ එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ සුදු ජාතික බටහිර බලවේග අදටවත් ඒ ඉලක්කය ළඟා කරගෙන නැත.

සුදු කොඩි හා සුදු නෙළුම්

මහාචාර්ය නලින් ද සිල්වා -දිවයින
සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය සුදු කොඩි ගෙන මරණයට ගියේ යෑයි කියන අය ගැන කඳුළු සලති. ඔවුන්ට නම් සැබවින්ම කඳුළු සැලීමට හේතුවක්‌ ඇත. ඔවුන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියේ ප්‍රභාකරන් ජීවත් කරවීමටය. ඔහු සමග ඊනියා සාම සාකච්ඡා ඇති කිරීමටය. එබැවින් ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්‌තවාදීන් සුදු කොඩි ගෙන ජීවිත දානය පතා පැමිණියේ යෑයි කියන විට ඔවුන්ට අභය දානය දිය යුතු යෑයි සුදු නෙළුම් ගත්තන් සිතනවා විය හැකිය. සුදු නෙළුමන් කඳුළු සලන්නේ මිනීමරු ත්‍රස්‌තවාදීන්ට ජීවිත දානය නොදුන්නේ යෑයි කියනු බැවිනි.සුදු කොඩි පිළිබඳ කතාව දැන් ලෝ පුරා සාකච්ඡා වෙයි. බටහිර ජනමාධ්‍යවලට මේ තළුගසමින් සති ගණනක්‌ කතා කළ හැකි මාතෘකාවකි. මිනීමරුවන්ගේ මානව අයිතිවාසිකම් බටහිරයන්ගේ ඇස්‌වලට ද කඳුළු ගෙන එයි. එහෙත් ඒ සෑම මිනීමරුවකු ගැනම නොවේ. ඔවුන් වෙනුවෙන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ පැවැත්ම වෙනුවෙන් මිනීමරුවන්ට පමණක්‌ මානව අයිතිවාසිකම් වෙයි. ඔවුන්ගේ සංස්‌කෘතියට එරෙහිව මිනීමරණ ඇෆ්ගනිස්‌ථාන කැරලිකරුවන්ට මානව අයිතිවාසිකම් නොමැත. එවැන්නන් බල්ලන් මෙන් මරා දැමුවද ප්‍රශ්නයක්‌ නැත. අප බොහෝ අවස්‌ථාවලදී පෙන්වාදී ඇත්තේ බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් අර්ථ දැක්‌වෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට සාපේක්‍ෂව බවය.

යුද අපරාධ චෝදනාව හෙවත් සුදුකොඩි වෙළදාම

දිවයින
වෙළදාම ගැනවත් වෙළෙන්දෝ ගැනවත් ඒ තරම් දැන හැඳුනුම්කමත් නොතිබුණු කාලෙදි අහල තියෙන කතාවක්‌ තමයි සේරිවාණිජ ජාතකය. පන්සලේ පින්කම් දවසේ පෙන්නන නාට්‍යයටත් ස්‌කෝලෙ විවිධ ප්‍රසංග දවසේ පෙන්නන නාට්‍ය වලටත් පසුබිම් වුණු කතා වස්‌තුවක්‌ තමයි මේ සේරිවාණිජ ජාතකය. ජාතක කතාවේ හැටියට සේරිවාණිජ කියන්නේ හොර වෙළෙන්දාගේ නම. හොඳ වෙළෙන්දාගේ නම කච්ඡපුට. පරිස්‌සමින් මේ හොර, හොඳ දෙක සීරු මාරුවෙන් පැටලෙන්න පටලවා ගන්න ලේසි පද දෙකක්‌. දෙකේම මුලට එන්නේ "හො" යන්න නිසා එහෙම වුණාම හොරා හොද වෙලා හොද හොරා වෙන්න පුළුවන්.සේරිවාණිජ ජාතකයේ කියවෙන කාලෙ වෙළදාම කියන්නේ විසිරුණු පැතිරුණු ආර්ථික ව්‍යාපෘතියක්‌ නෙවේ. වෙළදාමත් තිබුණා හැබැයි සියලු සමාජ, ආර්ථික, දේශපාලන සංස්‌කෘතික මනෝභාව තීරණය කළේ වෙළදාම නොවේ. අද තත්ත්වය වෙනස්‌. සියලු සමාජ, ආර්ථික දේශපාලන, සංස්‌කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍යය, ආගමික යන කී නොකී සියල්ලම කැරකෙන්නේ නටන්නේ වෙළෙන්දා ගහන පදයට අනුව. ඒ කියන්නේ සියලු දේ තීරණය වෙන්නේ වෙළෙඳ තර්කයට අනුකූලව. තවත් විධියකට කිව්වොත් අපි කවුරු කවුරුත් පාලනය කරන, අදහන ආගම බවට පත්වෙලා තියෙන්නේ වෙළදාම. කොයි කොයි ආගමට අපි අයිතියි කිව්වත් අපි හැමෝගෙම ආගමේ ආගම වෙලා තියෙන්නේ වෙළදාගම.

ඒ දේශද්‍රෝහි පාවාදීම ඔහු කරලා ඉවරයි!-ජාතික නිදහස පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී සහ ජිනප්‍රිය ප්‍රභාත් විතාන -දිවයින

"බූරුවයි අශ්වයයි එකතු වුණාම උපදින්නේ කොටලුවෙක්‌ කියනවනේ. කොටලුවා කියන්නේ වඳ සත්ත්වයෙක්‌. ඒ නිසා කොටලු එකතුවකින් කවදාවත් කොටලු පරපුර බිහිවෙන්නේ නැහැ. ජනතා විමුක්‌ති පෙරමුණයි එක්‌සත් ජාතික පක්‍ෂයයි එකට එකතු වෙලා බිහි කළ කොටලුවා තමයි මේ ජනාධිපති අපේක්‍ෂකයා. මේ අපේක්‍ෂකායටත් කිසිම දෙයක්‌ අලුතින් උපදවන්න බැහැ.මේක තමයි මේ ඉතිහාසයේ සිදුවූ අරුම පුදුම එකතුව". ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ලබාදී ඇති බව සඳහන් ප්‍රකාශයක්‌ පදනම් කරගෙන විශාල මතභේදයක්‌ ඇතිවී තිබේ. මෙම මත භේදය සම්බන්ධයෙන් ජාතික නිදහස පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග පළ කළ අදහස්‌ පහත පරිදි වේ

Saturday 19 December 2009

පළපුරුදු දේශපාලන ආමාශයක අවශ්‍යතාව -දිවයින කතුවැකියගැන

දිවයින කතුවැකිය කියන පරිදි- ජෙනරාල්ට සහාය දෙන්නට තමා තීරණය කළේ රටේ යහපාලනය ඇති කර දූෂණය නැති කිරීමට බව ශ්‍රීලංනි.පයේ සිට විපක්‍ෂයට ගිය අර්ජුන රණතුංග මන්ත්‍රීතුමා සඳහන් කලබවයි. දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ අර්ජුනට ක්‍රීඩා ඇමැතිකම නො දීමෙන්  ආණ්‌ඩුව බරපතල වරදක්‌ කරඇද්ද? මංගලට වරාය භාර ඇමැතිකම නො දීමෙන් ද ආණ්‌ඩුව බලවත් වරදක්‌ කළේ ද?. පත් කළ මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ කියූ දේ කළේ නම් ඔහු අදටත් ආණ්‌ඩුවේ ද?. නමුත් පොදුනායකයෙක් පුද්ගලික අවශ්‍යතාවයන් ගැන තැකියයුතුද?


දිවයින කතුවැකිය  http://www.divaina.com/2009/12/19/editor.html

හොඳ වෘත්තිකයකු වූ පමණින් හොඳ නායකයකු විය හැකිද?

2009 නොවැම්බර් 24 වන දින "දි අයිලන්ඩ්" පුවත්පතේ ඉන්දියානු ලේඛක බී. රාමන් විසින් පළකෙරුණු ලිපියකි. සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ-දිවයින
ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් දේශපාලනයට පිවිසීම සඳහා ගෙන ඇති තීරණය, එහි ප්‍රතිවිපාකයන් සහ ඔහු විසින් ශ්‍රී ලංකාව සහ ලෝක ප්‍රජාව වෙනුවෙන් කළ යුතුව තිබූ මෙහෙය සම්බන්ධයෙන් බී. රාමන් නමැති ඉන්දියානු දේශපාලන විග්‍රහකරු විසින් ඉදිරිපත්කර ඇති කරුණු ශ්‍රී ලාංකීය ජනතාව විසින් යම්තමින් හෝ අවබෝධ කරගත යුතුය යන පිළිගැනීම මත ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියා ඇති එම ලිපිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීම මගේ උත්සාහයයි.ඉන්දීය රජයේ අමාත්‍ය මණ්‌ඩල අතිරේක ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ බී. රාමන් පවසන පරිදි ඉන්දියාවේ "කලිස්‌තානි" ත්‍රස්‌තවාදය සහ ශ්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී ව්‍යාපාරයට දෙරට ඉතිහාසයේ සුවිශේෂ තැනක්‌ හිමිවන්නේ දෙරටෙහිම ආණ්‌ඩුක්‍රම මගින් එම ත්‍රස්‌තවාදීන්ගේ ඉල්ලීම්වලට යටත් නොවී ඔවුන් මර්දනය කිරීමට කටයුතු කිරීම නිසාය. එහෙත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ නම් එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට සහ මුළුමහත් සමාජයට, එල්ලවූ තර්ජනය, ඉන්දියාවේ "කලිස්‌තානි" සංවිධානය මගින් ඉන්දියානු රජයට සහ ජන සමාජයට එල්ලවූ තර්ජනයට වඩා අති බිහිසුණු බවයි. "කලිස්‌තානි" ත්‍රස්‌තවාදීන් මෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය මගින්ද මෙරට භූමිය අත්කර ගැනීමට දැඩි උත්සාහයක්‌ ගැනුණු අතර සිය භීෂණ ක්‍රියා මඟින් මුළු මහත් ජන සමාජයම බියවැද්දීමට සමත් වූ බව සඳහන් කළ යුතුව ඇත.

ඇහැලෙපොළගෙන් පසු වූ මහා පාවාදීම

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය-දිවයින

තරුණ නීතිඥවරයන් වශයෙන් මහෙස්‌ත්‍රාත් උසාවියේ නීති ආලින්දයේ වඩාත්ම කතා වූයේ දේශපාලනයයි. ස්‌ටැන්ලි තිලකරත්න ඒ කාලයේ කථානායකයා විය. එහෙත් ඔහු මහෙස්‌ත්‍රාත් උසාවියට පැමිණ අපිත් සමග දේශපාලනය කතා කිරීමට කිසිදාක පසුබට නොවිණ. මෙහිදී කෝට්‌ටේ මන්ත්‍රී ස්‌ටැන්ලි තිලකරත්න ද, උඩුප්පිඩි මන්ත්‍රී සිවසිත්තම්බරම් ද මෙම සංවාදවලට සහභාගි වූහ. සිවා අප අතරේ වීරයෙක්‌ විය. මන්ද, මහෙස්‌ත්‍රාත් උසාවියේ එකල සිටි දක්‍ෂතම අද්වකාත් ඔහු වූ නිසාය. මෙම සාකච්ඡාවලට එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයකු වූ හිටපු කොළඹ උප නගරාධිපති, ජෝ පෙරේරා මහතා සහභාගි විය.මෙහිදී ලංකාවේ බඩු මිල වැඩි වන විට, අගහිඟකම් වැඩි වන විට, ගාස්‌තු ද අඩුවීමේ හෝ නොලැබීමේ ප්‍රවණතාවක්‌ ඇති වන බව කතා වීය. මේවාට හේතු සොයන්නට නීතිඥවරු බොහෝ දක්‍ෂ වූහ. කෙනකු සිරිමාවෝගේ ප්‍රතිපත්තියට දොස්‌ කිවූ අතර, තව කෙනකු මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව කීහ. අපි සියලුදෙනාම මෙවැනි තර්කවලට උසුළු කරන්නට පුරුදු විය. ලංකාව ගොදුරු කරගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සූදානම් වී සිටින බවත්, දැනටමත් ඇමරිකාවේ 07 වැනි නෞකා පන්තිය ඉන්දියන් සාගරයේ ගමන් කරන බවත් මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල වශයෙන් ලංකාවේ බඩු හිඟයක්‌ මවා පාන බවත් අධිනීතිඥ සිරිවර්ධන මහතාගේ ප්‍රධාන තර්කයක්‌ විය. අපි මේ කතා බැහැර කළේ උපහාසයෙන් සහ අපහාසයෙනි.

Thursday 17 December 2009

රටට පෙර කට

දිවයින කතුවැකිය
යටත් වූ කොටින්ට වෙඩි තබන ලෙස විශ්‍රාමික ජෙනරාල් තුමා විහිළුවට මෙන් කියන ලද කතාව යුද රහස්‌ හෙළිකිරීමේ වැඩපිළිවෙලක්‌ බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියයි. තමා එසේ නො කියන ලද බව විශ්‍රාමික ජෙනරාල් පසුව කියුවත් එය ලියූ පුවත්පත් කලාවේදිනිය තම ප්‍රවෘත්තිය වෙනුවෙන් පෙනී සිටීමෙන් අවුල් සහගත තත්ත්වයක්‌ හටගෙන ඇත. ජෙනරාල් වෙනුවෙන් කතා ලියන්නා හෝ ඔහු වෙනුවෙන් සිතන්නා ජෙනරාල් ප්‍රසිද්ධ සභාවල කතා කිරීමේදී හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීමේදී ඔහු ආරක්‍ෂා කර ගත යුතු ය.

ජනපතිවරණයේ සහන පොරොන්දු ඉටු කළ හැකිද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත- දිවයින
ජනපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ජනපති අපේක්‍ෂකයන්ගේ කතාවලට මහජනයාගේ ඉහළම අවධානය ද යොමු ව ඇත. එහෙත් අපට පෙනෙන්නේ මේ ජනපතිවරණ කතාවලදී තම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ජනතාව හමුවේ තබනවා වෙනුවට හැම දෙනාම පාහේ දේශපාලන අවලාද හා මඩ ප්‍රහාර එල්ලකර ගනිමින් සිටින බවයි. මෙවැනි අවලාද හා මඩ ප්‍රහාර එල්ල වන අතරේ තමන් කිරීමට අපේක්‍ෂා කරන දේවල් ගැන ද අපට අසන්නට ලැබෙයි. මෙවර ජනපතිවරණයට අපේක්‍ෂකයන් විශාල පිරිසක්‌ ඉදිරිපත්ව ඇති බවට ද මාධ්‍ය වාර්තා පළවිය.

ගෞරවණීය මහා නාහිමිවරුනි මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට වඩින්න.

ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමි
ගෞරවණීය මහා නාහිමිවරුනි

මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට වඩින්න.
මව් බිමේ නායකත්වය තෝරාගන්නට ජනාධිපතිවරණයක් එළඹ තිබේ. ජනාධිපතිවරයාත්, හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියත් මෙම මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් වී ඇත. තිස් වසරක යුද සාපයෙන් පසු ගිය මිය 19 වෙනි දින බේරාගනු ලැබුවේ මෙම සුසංයෝගයේ එකතුවේනි.අද වනවිට ඔවුුන් දෙදෙනා දෙපිලකට වී තර`ගයට ඉදිරිපත් වී ඇත.මෙහි වැදගත් කරුණවන්නේ රාජ්‍ය යන්ත්‍රණය ම`ගිනුත් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාගේ පිලෙනුත් ඉහත යුද සංග්‍රාමයේ යුද රහස් එළිකරමින් සිටියි. දෙස් විදෙස් විජාතික බලවේග මෙම අවස්ථාව අපේක්ෂාවේන්ම සිටිදෙයකි.
මෙම ම`ගින් සිදුවන්නේ විරෝදාර රණවිරුවන් 24000 ජිවිත පුජාවෙන් ලබාගත් ජයග්‍රහණය අභියෝගයට ලක්විමකි.රාජ්‍ය ආරක්ෂක අංශ ම`ගින් ද ජනරාල්වරයා ම`ගින් ද හෙළිවන යුද තොරතුරු නිසාවෙන් එම රණවිරුවන්ගේ අභිමානය කෙළෙසන බවත්, ජිවතුන් අතර සිටින රණවිරුවන්ගේ ආරක්ෂාව අභියෝගයට ලක්වන බවත්, මගේ විශ්වාසයයි. මේ කරුණු ද සැළකිල්ලට ලක්කරමින් ගෞරවණිය ඔබවහන්සේලා මධ්‍යස්ථව මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් එම අ`දුරු අගාධයෙන් රට බේරාගන්නට පෙරට වඩින ලෙස ඉල්ලා සිටිමි. අසමගිය හා වෛරය පදනම් කරගත් මෙම ගැටුම සමථයට පත්කොට මව් බිම රැකිමට හැකියාව ඇත්තේ ඔබවහන්සේලාට බැවින් මෙම ඉල්ලිම ශාසනාලයෙන් අපේක්ෂා කරමි.
මෙයට,
සසුන් ලැදි
ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමි

Wednesday 16 December 2009

එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ ඝාතනය ගැන ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පුවත්පත් ප්‍රකාශය ශ්‍රී ලංකා යුද හමුදාව අනතුරකට ලක්‌කර තිබෙනවා-අධිනීතිඥ ගෝමින් දයාසිරි

ඒ. ඡේ. ඒ. අබේනායක-දිවයින

ප්‍රධාන පෙළේ එල්ටීටීඊ නායකයන් කිහිප දෙනකු හමුදාවට භාරවීමට පැමිණෙද්දී ඔවුන් ඝාතනය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස්‌ දුන් බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සති අන්ත ඉංගී්‍රසි පුවත්පතකට කළේ යෑයි කියන ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා යුද හමුදාව විශාල අනතුරකට ලක්‌කොට ඇතැයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා ප්‍රකාශ කළේය.එම වකවානුවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතාගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව තුළදී අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි කිරීමක්‌ වන්නේ යෑයිද හේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ෆොන්සේකා ආවොත් හමුදාවට දෙවි පිහිටයි

අධිනීතිඥ ගෝමින් දයාසිරි -සාකච්ඡා කළේ උදිත ගුණවර්ධන -දිනමිණ

අධිනීතිඥ ගෝමින් දයාසිරි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිඥවරයෙකි. ලංකාවේ පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යවස්ථා සහ නීති ක්‍රම හදාරා ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකි. විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ගෝමින් දයාසිරි පැවසූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිනි.යුද විරුවෙක් පරාජයේ සංකේතයක් බවට පත්ව සිටී. යටත්වීමට පැමිණි ත්‍රස්තවාදීන් යුද හමුදාව විසින් මරා දැමූ බවට සරත් ෆොන්සේකා චෝදනා කරන්නේ මන්ද? ඔහු තමන්ම නිගාවට පත්කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වනවාද? සත්‍ය හෝ මනඞකල්පිත වූවත්, විශ්‍රාම ලද හමුදාපති යුද අපරාධ කළ බවට චෝදනා කරන්නේ ඔහුගේ අණසක යටතේ වූ තම යුද හමුදාවටයි. නාමයෝජනා බාරදීමට පෙරම ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් නුසුදුසු බව ෆොන්සේකා විසින්ම පෙන්වාදෙන හැඩයි.

ප්‍රභාකරන්ට උපකාර කළ පිරිස් ෆොන්සේකා වටා පෙළ ගැසිලා

අසේල කුරුළුවංශ-දිනමිණ

ජ.වි.පෙ සහ එජාපෙ මෙහෙයවීම මත ජනපතිවරණයට ඉදිරිපත් ව සිටින සරත් ෆොන්සේකා ජයග්‍රහණය කැරවීමට අද පෙළ ගැසෙමින් සිටින්නේ පසු ගිය කාලය පුරා එල්. ටීටීඊයට හා ප්‍රභාකරන්ට ආධාර උපකාර කළ පිරිස් බව එජාප හිටපු ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතා පැවැසීය.මෙම තත්ත්වය අද කාටත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා කීය. දේශීය හා විදේශීය කුමන්ත්‍රණකාරයින්ගේ අතකොළුවක් බවට පත් ව ඇති එජාපය අද දිනෙන් දින විනාශයට ගමන් කරන බවත් බුද්ධිමතුන්ට හා වියතුන්ට පක්ෂ නායකත්වය ඇහුම්කන් නොදීම නිසා ඔවුන් දිනෙන් දින පක්ෂය හැර යමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.

පුවතක පසුබිම - ජාතික ආරක්‍ෂාව සහ ගිනි ඇවිලවීම

කීර්ති වර්ණකුලසූරිය-දිවයින
කොටින්ගේ පොදු සතුරා දැන් එකිනෙකාට විරුද්ධ වී ඇත. - යුරෝපා කොටි වෙබ් අඩවිය.කොළඹ සිට සැතපුම් 250 ක්‌ ඈත කැලෑවේ බංකරයක සිට තමාගේ ඉල්ලීම් ඉටු නොකළහොත් ලේ විලක්‌ කරන්නේ යෑයි වහසි බස්‌ දෙඩූ ප්‍රභාකරන් නම්වූ ඝාතකයාට එරෙහිව අද ඝෝෂා කරන බොහෝ දේශපාලකයන් හඬ නැඟුවේ නැත. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද? රටේ ජනතාවගේ ප්‍රධාන සතුරා පරාජය කිරීමට දායක වූ පාර්ශ්වයන් ජාත්‍යන්තර කොටි ජාලය තවදුරටත් ක්‍රියාත්මක වන බව අමතක කිරීමයි. පසුගිය ඉරිදා ගි්‍රනිච් වේලාවෙන් 5.43 ට පුවතක්‌ විකාශය කළ ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය පැවසුවේ ජනාධිපති අපේක්‍ෂක හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් යටත් වීමට පැමිණි කොටි නායකයන් තිදෙනකු ඝාතනය කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් නියෝග කළේ යෑයි කියා සිටි බවය.

එස්‌ බීත් අපිත් එක්‌ක ජොන්aස්‌ටන් ඇතුළු පිරිසත් තීරණයක්‌ ගනීවි තව සති දෙකක්‌ යනවිට එජාප ජ.වි.පෙ. හවුල කඩා වැටෙනවා -ඇමැති මෛත්‍රීපාල සිරිසේන

මින්නේරිය - සුජිත් කරුණාතිලක- දිවයින

ඉදිරි සති දෙකක්‌ යනවිට එජාප ජවිපෙ හවුල කඩා වැටෙනවා. අද එස්‌. බී. අපිත් එක්‌ක. ඉදිරියේදී ජොන්ස්‌ටන් ඇතුළු පිරිසත් කිසියම් තීරණයක්‌ ගනීවි. අද එජාපය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුද ජවිපෙ තුළත් බරපතළ අර්බුද"
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ශ්‍රීලනිප ආසන බල මණ්‌ඩල සාමාජිකයන් අමතා ශ්‍රී.ල.නි.ප. මහලේකම් කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා (12 දා) එසේ පැවැසීය. මෙම රැස්‌වීම පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් කථා කළ ඇමැති සිරිසේන මහතා, එදා ඡේ. ආර්ට, ප්‍රේමදාසට, විඡේතුංගට, චන්ද්‍රිකාට බැරි වූ දේ රනිල් වික්‍රමසිංහ පාවා දුන් දේ ත්‍රස්‌තවාදය ජයගැනීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළා. බටහිර රටවල් එක පෙළට සිටගෙන කීව යුද්ධය නවත්වන්න කියල.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කීවෙ ඔය කවුරු කීවත් මම ගණන් ගන්නෙ නෑ. ෆොන්සේකා ගහපං ගහපං ගහපං කියලා ඒක හමාර වුණේ මැයි 18 දා.


නැවත මහින්ද රාජපක්‍ෂ බලය ඉල්ලන්න ප්‍රභාකරන් පරාජය කරන්න නෙවේ. යහපත් ආර්ථිකයක්‌ ඇති සමෘද්ධිමත් රටක්‌ බවට රට පත්කරන්න.


අද සරත් ෆොන්සේකා දේශපාලනයට ඇවිත් තියෙන්නෙ වෛරයෙන්. වෛරය පෙරදැරි කරගෙන කරන දේශපාලනය සාර්ථක වෙන්නේ නෑ. මිනිසුන් සමඟ මානව වර්ගයා සමග සෙනෙහසින් ආදරයෙන් කටයුතු කරන්න ඕන.


පසුගිය දිනවල තිබුණු ජෙනරාල් ෆොන්සේකාගෙ මාධ්‍ය රැස්‌වීමකදී ඔහුගෙ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඇහුවම කීවෙ මොකක්‌ද, එජාපෙ ආර්ථික ප්‍රතිපත්තිය තමාත් දියත් කරන බවයි. මොකක්‌ද එජාපෙ ආර්ථික ප්‍රතිපත්තිය, පොහොර සහනාධාරය කපනව, වී අලෙවි මණ්‌ඩලය වහනවා, රනිල් වික්‍රමසිංහගේ යළි පුබුදමු යළි ආරම්භ කරනවා.


මෙහිදී කතාකළ ප්‍රවාහන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා මෙසේ පැවැසීය. 1948 දී මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට ජනතාව පක්‍ෂ භෙAදයකින් තොරව කෘතවේදී වුණා. මෙවරත් ඒ වගේ ජනතාවට ලොකු පිංකමක්‌ කරන්න තියෙනවා. රට එක්‌සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ භෙAද, ජාති භෙAද, පන්ති භෙAදයකින් තොරව නැවත පත්කිරීම මහින්ද රාජපක්‍ෂ මහතා ගැන රටම දන්නව. 1970 ළාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසිලා ආපහු ගිය හැටි ආපහු ආපු හැටි කියපු කරපු දේවල් සියල්ල රටම දන්නව. මන්ත්‍රී, ඇමැති, විපක්‍ෂනායක, අගමැති විධියට කියපු කරපුq දේවල් ජනතාව දන්නවා. අවුරුදු 40 ක ඉතිහාසයක්‌ දේශපාලන ක්‍ෂේත්‍රයේ තියෙන විනිවිද පේන චරිතයක්‌.

ඇත්තටම විපක්‍ෂයේ අපේක්‍ෂක ගැන දන්නෙ අවුරුදු පහක හයක සිට. රණවිරු ෆොන්සේකා ගැන නෙවේ බෙදුම්වාදීන් මැදිකරගත් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් වටකරගත්තු මේ ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කළ යුතුව තිබෙනවා. කවුද හිතුවෙ මේ කණ්‌ඩායම එකතු වෙයි කියල. ඕනම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කීව මිනිහා තමන්ගෙ අපේක්‍ෂක ලෙස තෝරගන්න. ගැලවීමේ හමුදාවේ නායකයා වීමටවත් සුදුසු නෑ කීව පුද්ගලයා මේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරන්න මේ අයගේ දිව නැමුණේ කොහොමද? මහා යුද වීරයෙක්‌ ලෙස එක සැරේ පිළිගන්න හේතුව මොකක්‌ද? තමන්ගෙ නායකයා පණපිටින් බොරැල්ල කනත්තෙ මිනී පුළුස්‌සන තැනට ගෙනැත් දාපු එජාප ජවිපෙ එකතු වෙන්නෙ කොහොමද? කවුද මේක කරේ..? වෙන බලවේගයක්‌. අපි අවුරුදු දෙකකට පෙර කීව මේ රටට විරුද්ධව දැවැන්ත කුමන්ත්‍රණයක්‌ දියත් වෙනව කියලා. ඒ මේ ඉව වැටිල.


ජවිපෙ තම අපේක්‍ෂකයා ජෙනරාල් ෆොන්සේකා බව නිවේදනය කළ වහාම බටහිර රටවල සිටින එල්. ටී. ටී. ඊ. හිතවාදීන් රතිඤaඤd පත්තු කළා.


එල්. ටී. ටී. ඊ. එකට අනුග්‍රහය දක්‌වපු මුදල් දීපු, හිතවාදී ලෙස සිටි කණ්‌ඩායම සමග කොහොමද මේ එකට එකතු වෙලා ඉන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපතිවාදය සුන්දර වචන විතරයි. මොන ඒකාධිපතියද මේ වගේ එක දිගට මැතිවරණ තිබ්බේ. ලෝකයේ කිසිම රටක ඒකාධිපතියා මැතිවරණ තිබ්බේ නෑ. අපේ රටේ අවුද්දෙන් අවුරුද්ද මැතිවරණ තිබුණා.


අනුර කුමාර දිසානායක මහතා කියල තිබුණා එයාල දෙවැනි මෙහෙයුමත් ඇරඹුව කියලා. පළමු මෙහෙයුමට හිටිය ශවේන්ද්‍ර සිල්වල, චාගි ගාල්ලගේල, නන්දන උඩවත්තල ආදි විරුවන් අද එයාලගෙ දෙවැනි මෙහෙයුමේ ශවේන්ද්‍ර සිල්වා වෙනුවට ඉන්නෙ කවුද මනෝ ගනේෂන් චාගි ගාල්ලගේ වෙනුවට රවුෆ් හකීම් නන්දන උඩවත්ත වෙනුවට තිස්‌ස අත්තනායක මේ කට්‌ටිය එක්‌ක තමයි මේ විශේෂ මෙහෙයුම කරන්නෙ.


මෙම රැස්‌වීම අමතා ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් යන මහත්වරුද කතා කළහ.

Saturday 12 December 2009

මිලිටරි නායකයකු ජනපතිවරණයට ඒමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය බිහිසුණු අඩියක -කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ඇමැති ඩිව් ගුණසේකර

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර -දිනමිණ


ජනාධිපතිවරණයට මිලිටරි නායකයකු ඉදිරිපත් වීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය, මිලිටරිකරණය වී, මිලිටරිය දේශපාලනීකරණය වන බිහිසුණු වාතාවරණයක් දැන් උද්ගතව තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා පවසයි.දෙස් විදෙස් ප්‍රතිගාමී බලවේග එක්ව තෝරා ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට හැකි මිනිසෙකුවයි. ජනතාව මේ කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි.

ෆොන්සේකාගේ ඡන්ද වැඩට කොටින්ගෙන් කෝටි 20ක්

දිනමිණ
ස්වීඩන් හා නෝර්වේ කොටි නායකයින්ගෙන් රුපියල් කෝටි 20ක් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදීමට එකඟත්වය පළකර ඇතැයි වාර්තා වේ.


මේ මුදල් ලැබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ය. ස්වීඩනයේ කොටි නායක තෙදියවන් හෙවත් සිවරත්නම් මේ මුදල් ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී තිබේ.එම ප්‍රමාණය පවුම් මිලියන 10කි. මැතිවරණය සඳහා වැය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ජර්මනියට ගිය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේදී හමුවූ අවස්ථාවේදී කොටිනායක තෙදියවන් ඒ බව ප්‍රකාශ කර තිබේ.

සුදුස්‌සා තේරීම ජනතාවට බාරයි

දයාන් ජයතිලක විසින් 2009 දෙසැම්බර් 7 වැනිදා "දි අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකි. සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ.-දිවයින

මා දකින ආකාරයට අද පවතින ප්‍රශ්නය "බලතුලනය" පිළිබඳ ප්‍රශ්නයකි. එය මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා දෙපළ විසින් නියෝජනය කෙරෙන සිවිල් සහ හමුදා පාලනයේ බලතුලනය පිළිබඳ ප්‍රශ්නයකි. එබැවින් එය පවුල්වාදය පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවේ. යුද්ධය පවතින කාලයේ සිදුවුණේ රාජ්‍යය පාලන බලය යුද්ධ හමුදාව වෙත තල්ලුවීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකාට අවශ්‍ය වුණේ එම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීමටයි. එහෙත් රටට සාමය උදාවූ පසු මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය වුණේ එම බලය නැවත සිවිල් පාලනය දෙසට ඇදගනිමින් සිවිල් පාලනය තහවුරු කරමින් ජනවරමින් තේරීපත්වන ජනාධිපතිවරයාගේ ස්‌වාධිපත්‍යය තහවුරු කිරීමටයි.මේ රටේ සමස්‌ත ජනතාවම අද තීරණාත්මක මොහොතකට එළඹ තිබෙන බව සඳහන් කළ යුතුයි. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ සහ ජනරාල් සරත් ෆොන්සේකා අතරින් කවුරුන් මෙරට ජනාධිපති ධුරය සඳහා තෝරාගත යුතුද යන්න මෙරට ජනතාව විසින් ගත යුතු එම තීරණාත්මක තීන්දුවයි.

Friday 11 December 2009

දේශෙද්‍ර`හී බලවේග කුමන වෙස්‌ ගෙන පැමිණියත් මවුබිමට එරෙහි සියලූ අභියෝග පරදවා - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය -දිවයින.

මවුබිමට එරෙහි වන සියලු අභියෝග ඉදිරියේ තමා මවුබිමේ ජයග්‍රහණයට කැප වන බවත්, දේශෙද්‍ර`හී බලවේග කුමන වෙස්‌ගෙන පැමිණිය ද තමාට පෙර රට ගැන සිතා රට ඉදිරියෙන් තබාගෙන කටයුතු කිරීම තම දේශපාලන දර්ශනය බවත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 08 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති සමථ මණ්‌ඩල නියෝජිත හමුව අමතමිනි.

Thursday 10 December 2009

2010 ජනාධිපති මැතිවරණය සම්බන්ධව ඔබේ ජනතා විමුක්ති පෙරමුණේ තීරණය සම්බන්ධවයි.

එඩ්වඩ් ගුණසේකර ගෙන් සෝමවංශ අමරසිංහ මහතා වෙතට

සෝමවංශ අමරසිංහ මහතා
ජනතා විමුක්ති පෙරමුණ

ශ්‍රී ලංකාව
ගරු මහත්මයාණෙනි,
2010 ජනාධිපති මැතිවරණය සම්බන්ධව ඔබේ ජනතා විමුක්ති පෙරමුණේ තීරණය සම්බන්ධවයි.

1965දී රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ තරුණයින් ඒකරාශිවී විප්ලව වාදී  සංවිධානයක් ගොඩනැංවීමේ පරමාර්තය වූයේ කුමක්ද යන්න, විමර්ශනාත්මකව අවබෝධකර ගැනීම, මෙම දේශපාලන ව්‍යාපාරය ගොඩනැංවීමට දායක වූ සියලූම සහෝදරවරුන්ගේ මූලික  වර්තමාන කාර්යය භාරය වන්නේය.

අපේ මවු බිමත් දරුවනුත් ගැන සිතා ජනාධිපතිවරණයේදී අපි නිවැරැදි තීරණයක් ගනිමු-- ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහ

මනෝලි සුබසිංහ - දිනමිණ

පහුගිය ජනාධිපතිවරණයේ දී අප රට දේශපාලන මගෙහි විශාල වෙනසක් සිදු විය යුතු යැයි ද ඒ මග ඉතාම පැහැදිළි ව අපට පෙනෙන්නට ඇතැයි ද ප්‍රකාශ කළෙමි. මහින්ද චින්තනය ජයග්‍රහණය කළේ ය.

අපේ බලාපොරොත්තු ද ඉටු විය. අනතුරුව අපේ මව්රට විනාශයේ අඳුරු දොරටුව කරා ඇදගෙන ගොස් සිටි කුරිරු ත්‍රස්තවාදීන්ගේ විනාශය ද එලෙසින්ම සිදු විය. ඒ ගැන අපි පුන පුනා කතා කළ යුතුම ය. අප එය අමතක නොකළ යුතුය. තම රටට ආදරයක් ඇත්තෙකුට අමතක කිරීම ද කළ නොහැකි ය. මීට අවුරුදු තිහකට වැඩි කලකට පෙර අප රට ගොදුරු වූ ත්‍රස්තවාදයෙන් මිදී නිදහස අප දැන් භුක්ති විඳිමු.

Wednesday 9 December 2009

හිටපු හමුදාපති සමයේ ආයුධ මිල දී ගැනීමේ දී අක්‍රමිකතා වූවානම් නීතිය අකුරට - හමුදාපති බෑනාගේ ලියවිලි ඇමැති ඉදිරිපත් කරයි

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර - දිනමිණ
හිටපු යුද හමුදාපතිවරයාගේ සමයේ හමුදාවට ආයුධ මිල දී ගැනීමේ දී ද කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ නීතිමය පියවර ගන්නා බව විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.
යුද හමුදාපතිවරයාට රුපියල් ලක්ෂ 250 ක සීමාවකට යටත් ව සිය අභිමතයට අනුව ආයුධ මිල දී ගැනීමට අවසර ලැබෙන බව පවසන ඇමැතිවරයා හිටපු යුද හමුදාපතිවරයා යටතේ කෙරුණු ගණුදෙනුවලින් සියයට 95ක්ම ඔහුගේ බෑනණුවන්ගේ සමාගමට ලබාදීම සදාචාරාත්මක දැයි ප්‍රශ්න කරයි.

යුද්ධයෙන් පසුවත් ජෙනරාල් ආයුධ ගෙන්නන්න හැදුවා ආරක්ෂක ලේකම් එය නතර කළා-- සෞඛ්‍ය ඇමැති

දයා පෙරේරා සහ දුමින්ද ගුරුගේ-දිනමිණ

ප්‍රභාකරන් ඝාතනය කොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා සිය නිලයේ බලතල පාවිච්චි කරමින් මෙරටට අවි ආයුධ ගෙන ඒමට උත්සාහ දැරූ බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති සහ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කෙළේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී මේ අවි ආයුධ ගෙන ඒම වැළැක්වූ නිසා සරත් ෆොන්සේකා මහතා රජය සමඟ අමනාප වී විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ද ඇමැතිවරයා කීවේය.

නන්දිමිත්‍ර රජකම ඉල්ලුවේ නෑ පැහැදිළිවම රජ ගෙදර බණ ගෙයක් බවට පත් වුණේ එතුමා බලයට පැමිණි පසුවයි. - මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද

සාකච්ඡා කෙළේ අසේල කුරුළුවංශ-දිනමිණ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන් සමඟ ඉදිරි ජනාපතිවරණය අලලා සිදුකළ සාකච්ඡාවකි මේ.

නියමිත කාලයට දෙවසරකට පෙර ජනපතිවරණයක් පැවැත්වීමට දැන් දින නියමකර අවසානයි. මෙම අවස්ථාවේ ජනපතිවරණයක් පැවැත්වීමට ජනපතිතුමන් ගත් තීරණය නිවැරැදි යැයි ඔබ වහන්සේ හිතනවද ?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රමවේදය වහා රටට හෙළි කරන්න -- ඇමැති පාඨලී රණවක

ලසිත දුමින්ද- දිවයින

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රමවේදය වහාම රටට හෙළිකරන ලෙස විපක්‌ෂයේ ඊනියා සන්ධානයෙන් ප්‍රශ්න කරන බව පරිසර හා ස්‌වාභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව කරන්නේ කුමක්‌ද කියා විසංවාදී ප්‍රකාශ නොකොට නිශ්චිත අදහසක්‌ රටට ලබා ගත යුතු බවද ඇමැතිsවරයා කීවේය. හෙතෙම මේ බැව් කීවේ ඊයේ (08 වැනිදා) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

මන්ත්‍රී ධුරයක් හෝ දරා නැති පුද්ගලයකුට සහාය දෙන්න බෑ - - මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු

නිරූෂි විමලවීර - දිනමිණ
විධායක ජනාධිපති ධුරය වැනි උත්තරීතර තනතුරක් සඳහා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක් හෝ දරා නැති පුද්ගලයකුට සහාය ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිසා මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

Tuesday 8 December 2009

රොබට්‌ බ්ලේක්‌ගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඔබ්බට යැම

කීර්ති වර්ණකුලසූරිය -දිවයින
දෙදිනක සංචාරයක්‌ සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ අද (8 දා) මෙරටට සම්ප්‍රාප්ත වේ.

ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා යෑයි දක්‌වමින් බ්ලේක්‌ මෙරටට පැමිණෙන බව පැවසුවත් ඔහුගේ මෙම සංචාරය අතිශයින්ම සැක සහිතය.මෙරට හිටපු ඇමරිකානු තානාපති වූ රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්වූ වාර්තාවේ නිර්මාතෘ යෑයි හඳුන්වනු ලබයි.

සරත් ෆොන්සේකාගේ දහතුන්වැනි සංශෝධනය සහ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඔබ්බට යැම

ආරියසේන කෝනාර -දිවයින
විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන සරත් ෆොන්සේකා ප්‍රකාශ කර ඇත්තේ තමා දහතුන්වැනි සංශෝධනයට අමතරව බලය බෙදාහැරීමේ අවශ්‍යතාවක්‌ මත 1987 ඉන්දු ලංකා සම්මුතියෙන් ඔබ්බට යැම අවශ්‍යය යන මතයේ සිටින බවය.

එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

ජනතා මිත්‍ර දිනමිණ
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කිසිදු අයුරකින් අඩු නොවන නිසා එම ප්‍රතිරූපය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අසාර්ථක උත්සාහයක නිරත වී සිටී. ඒ සඳහා මඩ කලාවක් ද උපයෝගී කරගනිමින් එම දේශපාලන පක්ෂ දෙකේම ඇතැම් කථිකයෝ කරළියට පිවිසී සිටිති.ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ජනාධිපතිතුමාට හා එම පවුලට මඩ ප්‍රහාර එල්ල කිරීමය. ඒ සඳහා යොදාගෙන තිබෙන නවතම තුරුම්පුව සරත් ෆොන්සේකා මහතාය. සරත් ෆොන්සේකා මහතා ප්‍රතිපත්තිමය කරුණු හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකර ජනාධිපතිවරණය සඳහා මඩගැසීමේ කලාවක් තෝරාගැනීම කනගාටුදායකය. තමන්ට ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාවට ඉදිරිපත් කිරීමට කිසිවක් නොමැතිනම් හොඳම දෙය වන්නේ නිකරුණේ මඩ ප්‍රහාර එල්ල නොකර නිහඬව සිටීමයි.

රනිල් ගේ ගැටයට සරත් අසුවෙලා-- එස්. බී. දිසානායක

රනිල් ගේ ගැටයට සරත් අසුවෙලා

මැතිවරණ කල් දමන ආඥාදායක හමුදා පාලනයක්
ඉදිරි මැතිවරණයක දී ජවිපෙට මන්ත්‍රී ධුර තුනයි
අන්ත පරාජයෙන් බේරීමට ජවිපෙ ඇටවූ උගුලක්
- එස්. බී. දිසානායක
නිරූෂි විමලවීර ධනුෂ්ක ගොඩකුඹුර -දිනමිණ

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කෙළේ 2017 වනතෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට බව එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ එස්. බී. දිසානායක මහතා ඊයේ මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

රටේ ආර්ථිකය ඍණ අගයක් ගනිද්දී චන්ද්‍රිකාගේ මාලිගයට කෝටි 6000ක්-මංගල ගේ ඇමැතිකාමරය ලස්සන කරන්න ලක්ෂ 234ක්

නිරූෂි විමලවීර -දිනමිණ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රටේ ආර්ථිකය ඍණ අගයක් ගනිමින් තිබියදී එසේම රටේ සංවර්ධනය කඩා වැටී උතුරේ යුද පරාජයන් නොකඩවා සිදු වූ අවස්ථාවක චන්ද්‍රිකා රජය පෙරලා දැමීමට තමා පෙරමුණ ගත් බව එස්. බී. දිසානායක මහතා කීය.

Monday 7 December 2009

"විජාතික කුමන්ත්‍රණයේ අවසාන මෙහෙයුමයි මේ"- ආචාරය ගුණදාස අමරසේකර

සාකච්චා කළේ පාලිත සේනානායක -දිවයින

"එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා"-ආචාරය ගුණදාස අමරසේකර .

Sunday 6 December 2009

අමුතු ප්‍රශ්නයක්

එඩ්වඩ් ගුණසේකර

මේ දිනවල විවිධ මාධ්‍යයන් හරහා අමුතුම ආකාරයේ ප්‍රශ්නයක් සමාජගත වෙමින් පවතී. ප්‍රශ්නය වන්නේ "යුද්ධය අවසන් වූ පසු ජනතාවට යම් සහනයක් ලැබේවි කියා කවුරුත් හිතුවා; නමුත් මේ රජයෙන් එවැනි සහන බලාපොරොත්තු විය නොහැකියි කියා යම් මතයක් ගොඩනැගෙමින් තිබෙනවා?"

අද ඔහු ඉන්නේ ඔහුට සමච්චල් කළ අය සමඟයි ! අපි මොකද කරන්නේ! යුද්ධයේදී මූලික වුණේ ජනාධිපතිතුමාගේ තීරණයයි -ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

සාකච්ඡා කළේ මනෝඡ් අබයදීර- දිවයින
සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන ආගමනයත් සමඟ ඔහු විසින් ආණ්‌ඩුව තමාට කරන කෙනෙහිලිකම් ගණනාවක්‌ පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.ඒ සඳහා වන රජයේ පිළිතුර කුමක්‌ද?එය දැනගැනීම සඳහා "දිවයින" යොමුවූයේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙතය.


හිටපු ජෙනරාල්ගේ එස්‌.එෆ්. මෙහෙයුම සහ ජාත්‍යන්තර කොටි ජාලයේ නැගිටීම! හිටපු ජෙනරාල්වරයාගේ මේ අපූරු රංගනයේ පසුබිම කුමක්‌ද?

කීර්ති වර්ණකුලසූරිය දිවයින
ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතක කණ්‌ඩායම සමූල ඝාතනය වූ මැයි 19 වැනිදාට පසු චීනයේ සිට අවි ආයුධ විශාල තොගයක්‌ රැගෙන නැව් තුනක්‌ මෙරටට සම්ප්‍රාප්ත විය. යුද්ධය අවසන් නිසා මේ නැව්වලින් දෙකක අවි තොගවලට මුදල් ගෙවීම ආරක්‍ෂක බලධාරීහු ප්‍රතික්‍ෂේප කළහ. අනිත් නැව ආපසු යෑවීමට ද නියෝග විය. මේ අවි තොග රැගත් නැව්වලට සම්බන්ධ එජන්තවරයා පසුගිය ඉරිදා දක්‌නට ලැබුණේ කොළඹ පාක්‌ හිල්ටන් නම් වූ සුපිරි හෝටලයේදී හිටපු මාණ්‌ඩලික ප්‍රධානි සරත් ෆොන්සේකා මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ ශාලාවේ සිටියදීයි. එසේ ප්‍රංශයේ කොටි එජන්ත ටී. තිරුබාකරන්ලාගේ කණ්‌ඩායමට සම්බන්ධ කොටි හිතවාදියකුත් මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ විය. මොවුන් මෙම පසුබිමේ සිටියේ කුමක්‌ පිණිසද?

Saturday 5 December 2009

නව ජනතා විමුක්ති පෙරමුණ හා විධායක ජනාධිපති ධූරය.

චන්ද්‍රසේන පංඩිතගේ

මේ දිනවල, ජනතා විමුක්ති පෙරමුණ, රටපුරා මහා පරිමානයෙන් විධායක ජනාධිපති ධූරය, අහෝසි කරවා ගැනීමේ දැවන්ත මෙහෙයවුමක් අරඹා ඇත. ‍ජනතා ව්මුක්ති පෙරමුණ හා එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ 7 වෙන වගන්තියට අනුව මෙය ඉටුකල යුතුබව, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කථා කරන අය කියා සිටී.විධායක ජනාධිපති තනතුර යනු, මේ රටේ ව්‍යවස්ථාවට අනුව ගොඩනැංවී ඇති උත්තරීතරම පදවියයි.

මෙම උත්තරීතර පදවිය, විනාශ කිරීම පදනම් කරගෙනම, එම පදවියට පුද්ගලයකු පත්කිරීමට ගිවිස ගැනීම, කොතරම් නීත්‍යනුකූලද යනු, අප පලමු කොට සලකා බැලිය යුතු කරුණයි.මෙය සැබෑ ලෙසම නීත්‍යානුකූල නම්, ඊට වඩා පහල මට්ටමේ ඇති ඕනෑම පදවියකට පත්වෙන ඕනෑම අයකුට එම පදවි විනාශ කිරීමේ පදනමින් එම පදවි ලබාගැනීමට ඉදිරිපත්විය හැක.සැබෑ ලෙසම මෙය දේශපාලන පක්ෂයක් තුලවූ පදවි සදහා, කුමන්ත්‍රණකාරී ලෙස ගිවිසගෙන, එම පදවි තුලවූ අරමුණු විනාශ කල හැකි වුවද, රාජ්‍යයක් සදහාවූ පදවි සදහා විවෘතව ගිවිසුම් සහගතව කලහැකි කාර්යභාරයක් නම් නොවේ.විධායක ජනාධිපති ධූරය, මේ රටට මෙතරම් භයානක ධූරයක් නම්, මෙම ගිවිසුමේ පලමුවන වගන්තිය විය යුතුව තිබුණෙ එයයි.මෙම පදවිය අහෝසි කල යුතුයයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා කිසිදා ඉල්ලා සිටියේ නැත.

යුද ජයග්‍රහණ හා දේශපාලනය එකට ඈඳීම!

(2009 නොවැම්බර් මස 30 වනදා "දි අයිලන්ඩ්" පුවත්පතේ කතුවැකිය අළලා මෙම ලිපිය සකස්‌ කරන ලදී)

සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ දිවයින

විශ්‍රාමලත් හමුදා ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසීම පිළිබඳ සිය තීරණය ප්‍රකාශ කොට තිබෙනවා. සිය තීරණය ජනතාවට දැන්වීම සඳහා පසුගිය නොවැම්බර් 30 වැනිදා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ තමන් එක්‌සත් නිදහස්‌ පෙරමුණු සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ජනාධිපතිවරණය සඳහා තරග වදින බවයි. නිල වශයෙන් ඔහු මෙම ප්‍රකාශය 29 වැනිදා ප්‍රකාශ කළත් ඔහුගේ දේශපාලන අවතීර්ණය කලක සිට කතාබහට ලක්‌ වූ කාරණයක්‌ වූ බැවින් එය නැවුම් පුවතක්‌ නොවූ බව සඳහන් කළ යුතුයි.

ජනාධිපතිවරණයට එජාපයෙන් එස්‌. බී. හෝ සුදුස්‌සෙකු ඉදිරිපත් කළ යුතුයි - මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු

ශිරාන් රණසිංහ -දිවයින

ජනාධිපතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් එස්‌. බී. දිසානායක හෝ වෙනත් සුදුසු පුද්ගලයකු ඉදිරිපත් කිරීමට පක්‍ෂය වහාම පියවර ගතයුතු යෑයි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය. කොළඹ නිපොන් හෝටලයේ ඊයේ (04 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බැව් කියා සිsටියේය.

Friday 4 December 2009

විජාතික කුමන්ත්‍රනය විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ෙහලිකරයි-ජෙනරාල්ගේ ජයග්‍රහණයත් සමග ජී.එස්‌.පී. සහනය ලැබෙනවා සහතිකයි

පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලැබෙන බව සහතික යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (03 දා) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

විදේශ සංචාරයකින් පසු යළි මෙරටට පැමිණි අමරසිංහ මහතා ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාගැනීම පිළිබඳ තමන් සංචාරය කළ යුරෝපීය රටවල නායකයන් සමග සාකච්ඡා කළ බවද කීය. රටේ තත්ත්වය සලකා බලා ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදෙන ලෙස අප ඉල්ලීමක්‌ කළා. එම සහනය එපා කියා තිබෙන්නේ මේ ආණ්‌ඩුවයි. ආණ්‌ඩුවේ සමහරුන් ගැලරියට කළ රාජ්‍ය තාන්ත්‍රික නොවන කතා ඉල්ලා අස්‌කර ගන්නවා නම් ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදීමට හැකි බව එම රාජ්‍ය නායකයෝ ප්‍රකාශ කළා.

අප ප්‍රකාශ කළා අපි මේ රටේ වෙනසක්‌ කරනවා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්‌ථාපිත කරනවා. ඒ වෙනසෙන් පසු ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදෙන්න කැමැතිද කියා ඇසුවා. ඔවුන් ඊට එකඟ බව සහතික කළා.

ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික බලවේග පිබිදීම!

සිරිමෙවන් කස්‌තුරිආරච්චි -දිවයින
දසක තුනක යුද්ධය වසර තුනකදී නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒ තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය නිම කිරීමට යුද නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් දෙපිළකට බෙදී දේශපාලන සටනකට පිවිස සිටිති. සැබැවින්ම එය ජනතාව කිසිසේත්ම අපේක්‍ෂා නොකළ ඉතා කනගාටුදායක තත්ත්වයකි.

Thursday 3 December 2009

"මේ රටේ පක්ෂ දේශපාලනය නිසා නිදහස ලබලා අවුරුදු 61ක් තිස්සේ අපි උඩ බලා ගෙන කෙළ ගහ ගත්තු මිනිස්සු කොටසක් වුණා". - ජී. ආර්. පෙරේරා

මනෝලි සුබසිංහ දිනමිණ

මම ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්න දෙයක් තමයි මේ රටේ පක්ෂ දේශපාලනය නිසා නිදහස ලබලා අවුරුදු 61ක් තිස්සේ අපි උඩ බලා ගෙන කෙළ ගහ ගත්තු මිනිස්සු කොටසක් වුණා. අලුත් දෙයක් කියලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් අපට දීලා ගියා. නමුත් සුද්දෝ දැන ගෙන ඉන්න නැතිව ඇති අපි බුද්ධ ධර්මයත් එක්ක අවුරුදු 2500ක් පුරාවට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති වින්ද බව.

බෞද්ධ ධර්මයේ තරම් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ තැනක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. මේ බහු පක්ෂ අපි කියා ගන්නා විට අපි දැන ගෙන හිටියේ නැහැ එහි අනර්ථය කොච්චරද කියලා. මේ බහු පක්ෂ දේශපාලන ක්‍රමය නිසා (අපේ රටේ ලියාපදිංචි කළ දේශපාලන පක්ෂ 57ක් ඇත) ජාතියක් හැටියට හැමදාම නැඟී සිටීමේ අපේ තිබූ සමඟි බලය අද නැති වෙලා ගිහින් තියෙනවා.

මෙවැනි තත්ත්වයක් තිබෙන අතරේ අපට කලාකරුවන් හැටියට සරත් ෆොන්සේකාගේ භූමිකාව දිහා බලන විට ලොකු වේදනාවක් දැනෙනවා. ප්‍රතිපත්තියක් හැටියට මම කවදාවත් දේශපාලන නායකයකුට දොස් කියලා නැහැ. කලාකරුවන් හැටියට මට තියෙන වේදනාව දැන හෝ නොදැන හෝ මෙතරම් වටිනා පුද්ගලයෙක් මේ වගේ උගුලකට අහු වුණේ කොහොමද කියලයි.
එතුමා යුද ශිල්පයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදීන්ගේ උගුල්වලට අසු නොවී යුද්ධය ජයග්‍ර‍්‍රහණය කරවන්නට උදව් කළ එක ඇත්ත. නමුත් මට කනගාටු එතුමා තේරුම් අරගෙන නැහැ ; දේශපාලන උඟුල්වලින් බේරෙන හැටි. විවෘත මනසකින් බලන විට මට නම් පෙනෙන්නේ මේ පිටු පස්සේ සුළුවෙන් බැහැර කළ නොහැකි අති දැවැන්ත විදේශ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. මොකද අපි පැහැදිළිව දැකලා තියෙනවා.

CIA සංවිධානය ඇතුළු බටහිර බලවතුන් තමන්ට අවනත නොවන රාජ්‍ය පාලකයින් එකළොස් දෙනෙක් දැනට ඝාතනය කර තිබෙනවා. විවිධ කුමන්ත්‍රණ හරහා ඒ හා සමාන පිරිසක් බලයෙන් පහ කර තිබෙනවා.

අපි දන්නවා ලෝකයේ බටහිර බලවේගවලට අවනත නොවූ ජීවමානව සිටින එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි. එනිසා අපි හැමෝගෙම යුතුකමක් තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොන විදියකින් හරි ආරක්ෂා කර ගන්න. අපිට ආදරය කරන සකල පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ඉල්ලන්නේ එච්චරයි.

කලාකරුවන් හැටියට පසුගිය ජනාධිපතිවරණයේ දී සමස්ත කලාකරුවන් එකාවන්ව එකතු වී අපගේ යුතුකම ඉටු කළා. එහි කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. අපේ ප්‍රධාන ඉල්ලීම වුණේ කලාකරුවන්ගේ මැසිවිලි වෙනුවෙන් පෙනී සිටින්නට නෙමෙයි. යුද්ධය නිමා කිරීම අපගේ් ප්‍රධාන ඉල්ලීම වුණා. අපි බලාපොරොත්තු වූවාටත් කලින් ජනාධිපතිතුමා ඒ පොරොන්දුව ඉෂ්ට කළා.

අපි ජනාධිපතිතුමාට මේ හතර අවුරුද්ද තුළ කලාකරුවන්ට කළ යුතු කාර්යභාරය අපි මතක් නොකළේ පළමු ඉල්ලීම එතුමා සියයට දෙසීයක් කැප වී කළ නිසයි. ඒ ගැන කලාකරුවන් හැටියට අපට විශාල සතුටක් තියෙනවා. මොකද කලාව පවතින්න නම් රටක සංවර්ධනය වගේම සාමයත් අවශ්‍යයි. ඒ දෙක නැති තැන කලාකරුවා වනාහි හුදකලා වූ ප්‍රපංචයක් විතරයි.

අද අපට මේ රටේ සංවර්ධන කටයුතු කෙරෙන බව පැහැදිළිව දකින්නට තියෙනවා. එතුමා ප්‍රමුඛ රජය විශාල සංවර්ධන වැඩකොටසක් කරලත් තියෙනවා. තවදුරටත් කරමින් පවතිනවා. මේ සංවර්ධන කටයුතු එතුමා කළේ යුද්ධයත් එක්කයි. යුද්ධය ජයග්‍රහණය කරන ගමන්, සංවර්ධන කටයුතුත් මේ දෙකම එකට සිදුවිය යුතුය කියන සිතිවිල්ලේ දැඩිව සිටි එකම නායකයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න පුළුවනි.

සංවර්ධනයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක අපේ ඇස් දෙකට පෙනෙන්න තියෙනවා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වන්දනා ගමනක් යන කෙනෙකුට මේවා ඇස් පනා පිට දකින්න තියෙනවා. නිදර්ශනයක් හැටියට කිව්වොත් දැන්ම ගිහින් පාරවල් හොයා ගත්තේ නැත්නම් තව අවුරුදු දෙකකින් ඒ පාරවල් වල යන්න බැරි වෙයි. ඒ තරමට සංවර්ධනයක් රට වටේම සිද්ධ වෙනවා. මාර්ග පද්ධතියේ මොනතරම් නම් දියුණුවක් තියෙනවාද ?.

මලයාසියාවේ මහතීර් මොහොමඩ් ජනාධිපතිතුමා රටේ ජනතාවගෙන් බැණුම් අහගෙන පළමු ජනවරමින් සමස්ත මාර්ග පද්ධතියම සකස් කළා. එතුමා පත්වී ඊළඟ අවුරුදු පහ තමයි ඒ රටේ විශිෂ්ට ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේ. එතුමා ඒ දේවල් කෙළේ යුද්ධයක් නැතිව තිබිද්දීයි.
ඒ නිසා අපි හොඳින් අවබෝධ කරගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අවුරුදු හතරකට අඩු කාලයකින් යුද්ධය අවසන් කළා. වගේ ඉදිරි අවුරුදු හය එතුමාට ලබා දුන්නොත් මේ කර ගෙන යන සංවර්ධන කටයුතු ටික පමණක් අවසන් කළත් මහාතීර් මොහොමඩ් මැලේසියාව කළාටත් වඩා දෙයක් අපිට ඊළඟ අවුරුදු පහේ දී දකින්න ලැබේවි. මේ සංවර්ධන කටයුතු එක්ක අපේ රටේ මිනිස්සුගේ අත මිට සරුවෙයි.

කොයි දේ පවතින්නත් සල්ලි අවශ්‍යනේ එතකොට මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ නැහැ. නාට්‍ය බලන්න එන්නේ නැහැ කියලා මැසිවිලි නැති වෙයි. මේ රට එක්සත් කිරීමට රාජ්‍ය පාලනයේ රුහුණු පූණ්‍ය භූ®මියෙන් පහළ වෙලා තියෙන්නේ අවුරුදු 895කට පස්සෙයි. ඒ නිසා මෙය ඓතිහාසික සිදු වීමක්.

ජනාධිපති මහින්ද ඉන්නේ ඉදිරියෙන්

රාමන් දිනමිණ

ජෙනරාල් මේ වැඩේට කාලයක් තිස්සේ සූදානම් වුණා. ඔහු නිල ඇඳුම පිටින්ම දේශපාලනය කළා. නිල ඇඳුම දරාගෙන දේශපාලනයට අදාළ කතා එතරම් සදාචාරාත්මක නැහැ.

දැනට හෙළි වී තිබෙන තොරතුරු වලට අනුව ඔහු විපක්ෂ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙන්නේ සිය ධූරය දරමින්ම බවයි පෙනෙන්නේ. රජයේ නිල නිවාස හා 500 ක පමණ හමුදාවකගේ ආරක්ෂාව ලබමින් ඔහු දේශපාලනයට පැමිණීමට සූදානම් වී තිබෙනවා.

නිදහස් පුරවැසියෙක් විදියට තමන්ට කැමැති දේශපාලනයක නිරතවීමට අයිතියක් ඕනෑම කෙනෙකුට තිබෙනවා. ඒ අයිතිය ජෙනරාල් සරත් ෆොන්සේකාටත් හිමියි. ඒ ගැන විවාදයක් නැහැ.

එහෙත් මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී ධුරයේ සිටිමින් ම දේශපාලන කතා පැවැත්වීමට හා දේශපාලඥයන් සමඟ රහසේ ගනුදෙනු කිරීම හරි නැහැ. සදාචාරාත්මක නැහැ. එය කුමන්ත්‍රණකාරීයි. ඔහු රටේ ඇති කරනවා යැයි පොරොන්දු වන විනයටත් පටහැනියි.
අලුතින් දේශපාලනයට ඇවිත් විනය ගැන ජනතාවට බණ කියන කෙනෙක් ඒ විනය කඩනවා වගෙයි. විනය කැඩීමට අමතරව කුමන්ත්‍රණකාරී වන්නේ රජයේ තනතුරු දරමින් රහසේ විපක්ෂ කණ්ඩායම් සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීම. මේ නිසා ඔහුට පිළිතුරු දීමට නිල ඇඳුම් දාගෙනම අද සමහරුන්ට සිදු වී තිබෙනවා. නැවත එය විනය විරෝධී කියා කියන්න ජෙනරාල් සරත්ට සදාචාරාත්මක අයිතියක් නැහැ.

බලාගෙන යන කොට අපේ රටත් පුදුම රටක්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු රාජ්‍ය නායකයා සමඟ දේශපාලන සටනකට පැමිණීමේ ඉඩකඩක් අදාළ රාජ්‍ය නායකයා විසින්ම සකස් කර දීල වගෙයි. ඔහුට එරෙහිව තරගයට එන ජෙනරාල් සරත් ෆොන්සේකා එල්. ටී. ටී. ඊ. විරෝධී යුද්ධයට අණ දීමට තෝරා ගනු ලැබුවේ ද වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්.

ඔහුට අවශ්‍ය නම් තිබුණා සමහර උපදේශකයන්ගේ අදහසට අනුව ඒ සඳහා වෙන අයෙක් පත් කිරීමට. ඒ වන විට පත් කළ හමුදා පතිවරයාගේ කාලය අවුරුදු 2 1 / 2 ක් ඉදිරියට තිබුණා. ජනාධිපතිවරයා ඔහුට ඉල්ලා අස්වීමට ඉල්ලා සිටිමින් විශ්‍රාම යන්නට සිටි සරත් පත් කළා. ඔහුට ඒ ගැන කිසිම චකිතයක් තිබුණේ නැහැ. ඔහු තමන්ට අවශ්‍ය කාර්ය ඉටු කරවා ගැනීමට අවශ්‍ය පත් වීම් කළා.

ඒක නායකත්වයේ ලක්ෂණයක්. තමන්ට අභියෝගයක් ඇතැයි සිතා ගෙන අදාළ කාර්යන් පස්සට දමන්න බැහැ. තමා එහෙම කෙනෙක් නොවන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතාව හමුවේ ප්‍රදර්ශනය කලේ. එම පත්වීම හරහා ජනරාල් ෆොන්සේකා කල්පනා කර තිබෙන්නේ අදාළ කාර්යය අවසන් කර අනෙක් හමුදාපතිවරු ගිය මාර්ගයේ යන්න නොවෙයි. ජනාධිපති මහින්ද සමගම සටන් කරන්න.

නැත්නම් තමන්ගේම සේනාධිනායකයා සමඟ සටන් කරන්න. හරියට දුටු ගැමුණු සමඟ වෙළුසුමන සටනට ආව වගෙයි. එහෙම වුණත් ඔහු දස මහා යෝධයන්ගෙන් එක් අයෙක් පමණයි. මෙතන සරත් ෆොන්සේකා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් කෙනෙක් පමණයි.

හැම කෙනෙක්ම හමුදාවට බැඳෙන්නේ රටට සේවයක් කරන්න. එමගින් කීර්තියක් ලැබීම ස්වභාවිකයි. එම කීර්තිය උපයෝගී කර ගනිමින් දේශපාලනයට පිවිසීම ද සාමාන්‍යයි. මෙහි දී සිදු වී තිබෙන්නේ තමන් සටනට කැඳ වූ හා වගකීම් පැවැරූ සේනාධිනායකයාට එරෙහිව එම සටනේ කීර්තිය අලෙවි කරන්නේ තමන්ගේ අවශ්‍යතාවකට ද වෙනත් බලවේගයක අතකොළුවක් වීම නිසාද යන්න ප්‍රශ්නයක්. අද ජනතාව තුළ ඇති වී තිබෙන කථිකාවත එයයි.

මෙවන් පසුබිමක ජනාධිපති වරයා තමා වෙනුවෙන් සටනට තමා විසින්ම ගොඩ නැගූ කෙනෙක් කැඳවා ගෙන, ඉන් ඉස්මතු වන්නේ ජනාධිපති මහින්දගේ නොසැලෙන නායකත්වය බවට විවාදයක් නැහැ.

ඊට හේතුව කවුරු තරගයට ආවත් තමන්ට ප්‍රශ්නයක් නැති වාතාවරණයක් ඔහු රට තුළ නිර්මාණය කර තිබීමයි. ඒ ගැන ජනාධිපතිවරයාට ගැටලුවක් නැහැ. ඊට හේතුව ජනතාව ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසයයි. එහෙම විශ්වාසයක් තබා සිටින්නේ ඇයි. ප්‍රධාන තම හේතුව 30 අවුරුදු යුද්ධයක් වසර 3 1 / 2 කින් අවසන් කිරීමයි.

මේ රටේ හමුදා නායකයොත් දේශපාලන නායකයොත් වසර 30 ක් තිස්සේ හිටියා. ඔවුන් යටතේ ද විවිධ යුද මෙහෙයුම් සිදු වුණා. ඒ මුළු කාලය තුළම ජෙනරාල් සරත් ෆොන්සේකා ද සිටියා. එයා යුද්ධත් කළා සටන් මෙහෙවුවා. 23. 11. 2008 ලක්බිමට ඔහු මෙසේ පවසා තිබුණා.

‘ජය සිකුරු මෙහෙයුමේ දී මම කළේ මට පැවරූ කොටස විතරයි. එසේ නො මැතිව සමස්ත මෙහෙයුම මගේ අවශ්‍යතාව හා දැනුම මත ක්‍රියාත්මක වූ එකක් නෙවෙයි. නමුත් මෙවර මාන්කුලම් අල්ලා ගැනීමේ සමස්ත සැලසුම ක්‍රියාත්මක කළේ මමයි. මේ නිසා දින 4 කින් මාන්කුලම අල්ලා ගැනීමට හැකි වුණා. නමුත් ජය සිකුරු මෙහෙයුමේ දී මාන්කුලම වට කර ගෙන බලා ගෙන සිටීමට අපට සිදු වුණා’

දේශපාලන නායකයා රටේ සේනාධිනායකයා ලෙස නිසි අය නිසි තැනට පත් කර යුද්ධය මෙහෙය වන විට සිදු වූ වෙනස ගැනයි සරත් ෆොන්සේකා වෙන විදියකින් කියන්නේ.

ඉස්සර ඔහුට පවරා තිබුණේ යුද්ධයේ කොටසක්. මෙවර ඔහුට සමස්ත මානුෂික මෙහෙයුමේ භූමියේ සටනේ නායකත්වය පවරා තිබුණා. එම නිවැරැදි දේශපාලනනායකත්වය ගැන ඔහු සඳහන් කරන්නේ් මෙහෙමයි ‘ අපි මේ කරන්නේ රජයේ යුද්ධයක්. යුද්ධය කරන්න තීරණය කරන්නේ රජයයි. අපි කරන්නේ අපට ලැබෙන අණ ක්‍රියාවට නැගීම පමණයි’ (ජෙනරාල් ෆොන්සේකා 23. 11. 2008 ලක්බිම)

මේ සත්‍යය අද ඔහුටත් වසන් කරන්න බෑ. එසේ නම් අණ කාගේ ද මහින්දගේ ය. එම අණට අනුව ක්‍රියාත්මක වූයේ කවුද සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් නිලධාරීන් හා සෙබළුන් ය.
එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමේ අණ නිකුත් කර නොසැලී සිටියේ කවුද ? ජනාධිපති මහින්දයි. මෙහෙයුමට අවශ්‍ය ප්‍රතිපාදන අවි ආයුධ ගෙනවිත් දුන්නේ කවුද මහින්ද හා ඔහුගේ ආණ්ඩුවයි. මේ නිසා බිලියන 67 ක් වැය කළ ආරක්ෂක වියදම බිලියන 250 ක් දක්වා වැඩි වුණා.

එතරම් මුදලක් වැය කළ රාජ්‍ය නායකයෙක් රටේ සිටියේ නැහැ. රු. බිලියන 250 ක් ආරක්ෂක වැය බරක් දැරීමේ තීන්දුව දේශපාලන තීන්දුවක්. ආයුධ නැත්නම්, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැත්නම් සෙබළු නැත්නම් යුද්ධයක් නැහැ.

මේ සියල්ල තිබුණාත් යුද්ධයක් සම්පූර්ණ වන්නේ නැහැ. එය අපි වඩමාරච්චියේ දී, යාපනය රැක ගැනීමේ දී දුටුවා. වඩමාරච්චි සටනේ දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි හමුදා දැවැන්තයන්ට ආපසු හැරෙන්න සිද්ධ වුණා. එදා හමුදාවේ ජෙනරාල් ෆොන්සේකා ද සිටියා. ආපසු හැරී ප්‍රභාකරන්ට බේරී පලා යෑමට සිදු වුණේ ඉන්දියාවේ බලපෑම නිසා.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වැනි අති දැවැන්ත දේශපාලන නායකයෙකුට අඩියක් පස්සට යන්න සිදු වුණා. හමුදා වීරයන් සිටියාට වැඩක් වුණේ නැහැ. ඔවුන්ට පසු බසින්නට සිදු වූණා. එම හමුදාවේ සරත් ෆොන්සේකා ද සිටියා.

මෙදා මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා මේ වටාපිටාව කල් ඇතිව දැන සිටියා. මේ නිසා ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල් කළමනාකරණය කර ගත්තා. විශේෂයෙන්ම ඉන්දියානු හොඳ හිත දිනා ගත්තා. ඊට දේශපාලන නුවණත් අවශ්‍යයි.

හමුදාවේ වීර කම් පමණක් ප්‍රමාණවත් නැහැ. යුද්ධයක් ජය ගන්නේ සේනාධිනායකයාගේ දේශපාලන නායකත්වය සමඟයි. මේ සමස්ත ක්‍රියාදාමය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා එක් පුරුකක් පමණයි. සමස්ත ක්‍රියාදාමය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බවට ජනතාව තුළ විවාදයක් නැහැ.
ඒ නිසා ඔහු මේ මැතිවරණයට එන්නේ ජනතාවගේ 30 අවුරුදු බලාපොරොත්තුවක් වසර 3 1 / 2 කින් නිවැරැදිව හා සම්පූර්ණයෙන්ම ඉටු කළ නායකයෙක් විදියට.

දැන් යුද්ධය අවසන් ජෙනරාල් සරත් ෆොන්සේකා පැමිණෙන්නේ එසේ අවසන්වූ යුද්ධයේ කීර්තියේ කොටස්කරුවෙකු විදියට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව අලෙවි කිරීමට සූදානම් වන්නේ එම කීර්තියේ කොටසක් එහෙත් සමස්ත කීර්තිය මහින්ද සතුයි. මහින්ද නො සිටින්න සරත් කීර්තියේ කොටස් කරුවෙකු වන්නේ නැහැ. යුද්ධය අවසන් වන්නේත් නැහැ. ප්‍රභාකරන් ඇතුළු එල්. ටී. ටී. ඊ. ය සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ නැහැ.

මේ නිසා ජනතාව යුද්ධයේ කීර්තිය ගැන සාධාරණව කල්පනා කරන්නේ මහින්ද ගැන බවට විවාදයක් නැහැ. එහි එක් පාර්ශ්ව කරුවෙක් ගැන නොවෙයි. පාර්ශ්ව කරුවන් බොහොමයක් සිටින බව තේරුම් ගැනීමේ ගැටලුවක් ජනතාවට නැහැ. මේ නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා තරග කිරීමේ සාධකය යුද්ධයේ කීර්තිය නම් ඒ සඳහා ජනතාවගේ උරුමකරුවා ජනාධිපති මහින්දයි.

යුද ජයග්‍රහණය හැරුණු විට දේශපාලන පළපුරුද්ද අතින් ජනාධිපති මහින්ද සිටින්නේ ඉහළම තැනක. ඔහුගේ දේශපාලන පරිචය 40 වසරක අත්දැකීම් සහිතව දියුණුවූවක්. මේ අනුව යුද ජයග්‍රහණය අතින් පමණක් නොව දේශපාලන පරිණතභාවය අතින්ද ඉදිරියෙන් සිටින්නේ ජනාධිපති මහින්දයි. මේ නිසා ම ජනතාවට තෝරා ගැනීම පහසු වෙනවා.

අහල කියන්නම්! -දිනමිණ කතුවැකිය

දිනමිණ කතුවැකිය

විශ්‍රාමික ෆොන්සේකා මහතා අලුත් න්‍යායයක් හෙවත්් තියරියක්් හඳුන්වා දී තිබේ. ඒ අහල කියන්නම් තියරිය යි. ෆොන්සේකා මහතා ගේ මුල් ම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ තියරිය හඳුන්වා දෙන ලදී. දැන් එය රට පුරා ප්‍රචලිත ය. පාසල් ළමයින් ද අහල කියන්නම් තියරියට කැමැති ය.
එය ප්‍රශ්නවලින් පැනයෑමේ හොඳ ම තියරියක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. ඉහත සාකච්ඡාවේ දී රටේ ප්‍රශ්න විසැඳීම සඳහා තමන් ඉදිරිපත් කරන ආර්ථික ක්‍රමවේදය කුමක් දැ’යි මාධ්‍යවේදියකු විසින් ප්‍රශ්නයක් අසන ලදී. ෆොන්සේකා මහතා ගේ පිළිතුර වූයේ පිටිපස්සෙන් අහල කියන්නම් යන්න ය.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු හා කීර්තිමත් දේශපාලනඥයකු වූ ඉන්දු කුමාර් ගුජ්රාල් මහතා ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ගැන අපූරු කතාවක් කියා තිබේ. එය මෙසේ ය. ‘දසක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කීර්තිමත් නායකයන් පැවැත් වූ දේශන ඔවුන් ගේ ප්‍රභූත්වය මනින මිනුම් දණ්ඩක් බඳු ය.

ඉන්දියානු අපට ඔවුන් ගේ දේශන ඉතා ආකර්ෂණීය විය. වැදගත් විය. මන්ද? ඒවායේ සංවර්ධනය වන රටවල උපදින, විකාශනය වන නව අදහස් ප්‍රකාශ වන බැවින් ය, ෆොන්සේකා මහතා දේශපාලකයකු වුවහොත් ගුජ්රාල් මහතා තමා ගේ නිර්දේශය ඉවත් කර ගනු ඇත.

මහජන නියෝජිතයකු හැබෑ නම්; ඔහුට හෝ ඇයට රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළක් තිබිය යුතු ය. රටේ සමාජය ශිෂ්ටත්වයට පත් කරන සමාජ දර්ශනයක් තිබිය යුතු ය. එය නායකයා ගේ දැක් ම ලෙස හැඳින් වේ. සෝවියට් රුසියාව පළමුව ගොඩනැඟුණේ ලෙනින් ගේ දැක්මට අනුව ය.

කියුබාව ගොඩනැඟුණේ පිදෙල් කැස්ත්‍රෝ ගේ දැක්මට අනුව ය. අරාබි ලෝකය ගොඩනැඟුණේ නසාර් ගේ දැක් ම මුල් කරගෙනය. දැක්මක් නැති මිනිසා නිකම් ම හිස් ශරීරයක් පමණි. ඔහු පඹයකු බඳු ය. එබඳු මිනිසකු රාජ්‍ය නායකත්වය ට පත්වුවහොත් උගන්ඩාව ඉඩි අමීන්ට අත්පත් වූවාට වැඩි විනාශයක් සිදුවීමට පුළුවන.

මැතිවරණයකට ඉදිරිපත් වන මහජන නියෝජිතයා තමන් ගේ දැක්ම අනුව පිළියෙළ කරගත් සමාජ – ආර්ථික වැඩපිළිවෙළක් හෙවත් අනාගත සැලැසුමක් මහජනයා අතරට පත් කරයි. එය මහජනයා ගේ කැමැත්ත ඉල්ලා සිටීම සඳහා ඉදිරිපත් කරන පූර්ව කොන්දේසියෙකි.

ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන නියෝජිතයා ට එවැන්නක් අත්‍යවශ්‍ය වේ. මහින්ද රාජපක්ෂ මහතා මහින්ද චින්තනය නමින් සැලැසුමක් 2005 දී ඉදිරිපත් කළේ ය. එය මුළු රටේ සියලු අංශ ඇතුළත් වන සේ සකස් කළ වැදගත් ප්‍රකාශනයෙකි. එම වැඩසටහනෙහි ඇතුළත් පොරොන්දුවලින් 80%ක් පමණ ම මේ වන විට සම්පූර්ණ කර තිබේ.

ෆොන්සේකා මහතා ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ බංකොළොත් ආර්ථික වැඩපිළිවෙළ ණයට ගන්නා ආකාරයෙකි. ඒ වනා හී ශ්‍රී ලංකාව විනාශ මුඛයට යවන ආර්ථික ප්‍රතිපත්තියෙකි. ඒ මගින් රාජ්‍ය සේවා ව කප්පාදු කරනු ලැබේ.

රටේ සියලු සම්පත් කුණු කොල්ලයට විකුණා දමනු ලැබේ. දේශීය චින්තනය, දේශීය කෘෂිකර්මය විනාශ කරනු ලැබේ. ඒ වෙනුවට ගෝලීය වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පවත්වා ගෙන යනු ලැබේ. ඊට අනුව තරුණ පරම්පරාව එස්. එම්. එස්. ලෝකයක් වෙත තල්ලු කරනු ලැබේ. තරුණ පරපුරට සිහින දැකිය හැකි ය. යථාර්ථයට මුහුණ දිය නො හැකි ය. ෆොන්සේකා මහතා ෆැන්ටසියක ජීවත්වන බව පෙනෙයි.

ලෝකයේ ප්‍රධාන ආර්ථික දර්ශන කිහිපයක් තිබේ. ඒවා විවිධ නම්වලින් විග්‍රහයට ලක් වේ. එක් විග්‍රහයකට අනුව ධනේශ්වර ආර්ථික ක්‍රමය, සමාජවාදී ආර්ථික ක්‍රමය හා මිශ්‍ර ආර්ථික රටාව යනුවෙන් ප්‍රධාන ආර්ථික සම්ප්‍රදායයන් තුනක් පවතී. කුමන තත්ත්වයක් යටතේ වුව රටක් සංවර්ධනය කරා ගෙනයෑමේ දී මූලික ගැටලු තුනක් විසඳාගත යුතු ය. පළමුවැන්න දිළිඳුකම පිළිබඳ ගැටලුවයි.

දෙවැන්න ආදායම් විසමතාව පිළිබඳ ගැටලුවයි. තෙවැන්න රැකියා වියුක්තිය පිළිබඳ ගැටලුවයි. මේ ආර්ථික ගැටලු තුනට විසැඳුම් ලබා දී ඇති ප්‍රමාණයට අනුව රටක සංවර්ධනය තීරණය කළ හැකි ය. ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇතත් ඉහත ගැටලුවලට විසැඳුම් ලබාදෙන ආකාරයක් කියා නැත. එය පිටිපස්සෙන් අසා දැනගත යුතු ය.

සංවර්ධනය භාණ්ඩ වලින් ආරම්භ නො වන්නේ ය. එය ආරම්භ වන්නේ් මිනිසුන්ගෙන් හා ඔවුන්ගේ අධ්‍යාපනයෙන් සංවිධානයෙන් හා විනයෙන් ය යනුවෙන් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් කියා තිබේ. සංවර්ධනය ආරම්භ වන්නේ තුවක්කුවෙන් හා බෝම්බයෙන් නො වන බව ද ෆොන්සේකා මහතා ගේ දැනගැනීම සඳහා පෙන්වා දිය යුතු ය.
යුද්ධය යනු ද ආරක්ෂාව සැපයීම යනු ද රටක පාලනයෙන් ඉතා සුළු කොටසෙකි. යුද්ධයෙහි හා ජාතික ආරක්ෂාවෙහි ද දේශපාලන වැඩ කොටසක් තිබේ. එහි අත්දැකීම් පවා ෆොන්සේකා මහතාට නැත.

විශ්‍රාමික ෆොන්සේකා මහතා ගේ අහල කියන්නම් යන තියරිය අනුව පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් ව ඇත්තේ කිසිවකු ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා බව ය.

එය එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඔස්සේ අමෙරිකාවේ එෆ්. බී. අයි. ආයතනය වෙතින් ලබාගත් කොන්ත්‍රාත්තුවක් වන්නට ද පුළුවන. ඒ අනුව ෆොන්සේකා මහතා බලයට පත්වුවහොත් (එසේ වන්නේ නැත) රට පාලනය සඳහා එෆ්. බී. අයි. හෙවත් අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශයෙන් උපදෙස් ලැබෙන තෙක් බලා සිටින බව ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොන ගැටලුවට වුව කාගෙන් හෝ අහලා උත්තර කීවේ නැත. එතුමා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට අණ දුන්නේ ද කිසිවකුගෙන් අහලා නොවේ. ෆොන්සේකා මහතා යුද්ධ කළේ නම්; ජනාධිපතිවරයාගෙන් අහලා ය. ඒ නිසා අහලා කියන්නම් තියරිය ඔහුට ඉබේ ම පිහිටන්නට ඇත.

අතුරුදන් වූවන්ගේ මව්පිය දූ දරු සංවිධානයේ සහාය ජනපතිට

දිවයින
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට අතුරුදන් වූවන්ගේ මව්පිය දූ දරු සංවිධානය තීරණය කර ඇත. ඉකුත් 25 වැනිදා පැවැති සිය සංවිධානයේ නියෝජිත සමුළුවේදී අදාළ තීරණය ගනු ලැබූ බව සභාපති කේ. පී. ශාක්‍ය නානායක්‌කාර මහතා පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් කරන ලද අදූරදර්ශී ක්‍රියාවන් හේතුවෙන් රට තුළ භීෂණයක්‌ ඇති වූ බවත් ඉන් පවුල් ලක්‍ෂ එකහමාරක්‌ පමණ අසරණ වූ බවත් අතුරුදන් වූවන්ගේ මව්පිය දූ දරු සංවිධානය සඳහන් කරයි. දකුණේ භීෂණයෙන් විසි දහසක පමණ පිරිසක්‌ අතුරුදන් කර පාරදිගේ හා අගුපිල්වල ටයර් සෑයවල මරාදමා තිබූ අතර 1983 සිට 2004 දක්‌වා කාලය තුළ පැවැති උතුරු නැගෙනහිර යුද්ධයෙන් පුද්ගලයන් විසිදහසකට අධික පිරිසක්‌ අතුරුදන් කිරීම බලහත්කාරයෙන් පැහැරගෙනයාම සිදුකරන ලදී.

මෙවැනි පුද්ගලයන්ගේ පවුල්වල අයිතීන් වෙනුවෙන් හඬ නගන සිය සංවිධානය යළිත් වරක්‌ රට තුළ එවැනි අඳුරු ඉතිහාසයක්‌ ඇතිවනවාට විරුද්ධ බව එම සංගමය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වසර හතරක කෙටි කාලය තුළ තිස්‌ වසරක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන්ම විනාශකර දැමීමට හැකිවූ බැවින් රට තුළ ආර්ථික සංවර්ධනයක්‌ සහ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ සමාජයක්‌ ගොඩනැගීම නිසා ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම සංවිධානය යටතේ සිටින සියලුම සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්හි සාමාජිකයන් කටයුතු කරන බවද ශාක්‍ය නානායක්‌කාර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජාතික නිදහස්‌ පෙරමුණේ විශේෂ මහා සමුළුව‍-දේශෙද්‍රේහි හවුලක්‌ එක්‌ක එකතු වී ජවිපෙ "කන්‍යාභාවය" නැතිකර ගත්තා - විමල් වීරවංශ

අකිත පෙරේරා - දිවයින
විඡේවීර සහෝදරයා හිස දන් දී හදපු පක්‍ෂය දර මිටියකට බැඳ එජාපයට පාවා දීලා13 වැනි සංශෝධනයට එහා යනවා කියා මහින්ද කිව්වා නම් ජවිපෙ මෙලහකටත් විරෝධතා පවත්වනවාජනවාරි 26 දා දෙවැනි නිදහස්‌ අරගලය අරඹන දවසයි රටට එරෙහිව කුමන්ත්‍රණය කරන අධිරාජ්‍යවාදීන් පරණ නළුවා වෙනුවට අලූත් නළුවෙක්‌ කරළියට ගෙනත්.

ලබන ජනවාරි 26 වැනිදා පැවැත් වෙනුයේ ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවන බවත් එය මේ රටේ දෙවැනි නිදහස්‌ අරගලය ආරම්භ කරනු ලබන දිනය බවත් ඒ සඳහා සියලු ජාතික බලවේග එකතු කිරීමේ වගකීම සිය පක්‍ෂය භාර ගන්නා බවත් ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (2 වැනිදා) සවස කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පැවැති එම පෙරමුණේ විශේෂ මහා සමුළුව අමතමිනි.

ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකාවක සිට ඉල්ලා අස්‌වූ ප්‍රියංගා කොතලාවල මහත්මිය මෙහිදී ජාතික නිදහස්‌ පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තාය.

දස දෙසින් පැමිණි සිටි සිය පාක්‌ෂිකයන් අමතා වැඩිදුරටත් කථා කළ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවැසීය.අපේ මාතෘ භූමියේ වැදගත් සංධිස්‌ථානයකට මුහුණ දී සිටින වෙලාවක්‌ මේක. රටේ ජාතිමාමක සංවිධාන තියුණු ලෙස එකට ගොනුවී සිටින මොහොතක දේශයට එරෙහිව ඉත්තෝත් අනිත් පැත්තෙන් එකතුවී තිබෙනවා. අප දෙවැනි නිදහස්‌ අරගලය ආරම්භ කිරීම සඳහා විවෘත පොරපිටියකට පැමිණ තිබෙන්නේ එවන් වාතාවරණයක්‌ යටතේයි.මාතෘ භූමිය මිනීමරු බෙදුම්වාදී ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තා.

මුළු රටම දෙවැනි නිදහස්‌ අරගලයට රැගෙන යන මොහොතකයි අපි මේ මහා සමුළුව පවත්වන්නේ. ඒ හැකියාව අපට තිබෙනවා කියා මේ මහා සමුළුවට පැමිණ තිබෙන විශාල ජනතාවගෙන් පෙනෙනවා.එදා පරද්දන්න බැහැයි කියපු මිනීමරු ත්‍රස්‌ත සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආරක්‌ෂක ප්‍රධානීන්ගේ නායකත්වයෙන් යුතුව අපේ වීරෝදාර සෙබළුන් මේ රටින් තුරන් කර හමාරයි.

එදා මේ රටේ නායකත්වය අධිරාජ්‍යවාදී ගැති වුණා නම් මේ රටට මෙවැනි නිදහසක්‌ අද හිමි වෙන්නේ නැහැ. 2005 දී ලබා දුන් ජනවරමෙන් රටේ ජාතිමාමක ජනතාවගේ අරමුණු මුදුන්පත් කිරීමට හැකිවී තිබෙනවා.එල්. ටී. ටී. ඊ. කියන්නේ ජාත්‍යන්තරයේa කුලී ඒජන්තවරු. දැන් ඒ විජාතික බලවේග අලුත් වෙස්‌ නැටුමක්‌ අල්ලන්න යනවා. අධිරාජ්‍යවාදී ගැති අධිරාජ්‍යයන්ට හිතැති පාලනයක්‌ මෙරට තුළ ඇති කිරීම ඔවුන්ගේ අරමුණ.

මේ රට සංවර්ධනය කරා යොමුකර ආසියාවේ නව සංවර්ධන ඉලක්‌කයන් කරා යන ගමන උදුරා ගන්න මේ මොහොතේ ඒ අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණය කරනවා. ඒකට අවශ්‍ය කස්‌තිරම් අල්ලනවා. පරණ නළුවා වෙනුවට අලුත් නළුවෙක්‌ කරළියට ගෙනල්ලා තිබෙනවා.මේ නිසාම අධිරාජ්‍ය වාදයට එරෙහි ජාතිමාමක සංවිධාන අද වඩාත් සක්‍රීය වන්නට පටන්ගෙන තිබෙනවා.

මේ රට බේරා ගැනීමේ සටනේ ප්‍රධාන කාර්යයක්‌ ඉටු කළ හිටපු යුද හමුදාපතිතුමාව දේශෙද්‍රහී හවුලේ ප්‍රධාන අපේක්‌ෂකයා විදිහට ඉදිරියට ගෙනත් තිබෙනවා.ඒ දේශෙද්‍රහී හවුල අද රටේ යහ පාලනය ගැන කතා කරනවා. සරත් ෆොන්සේකා මහතා අනුගමනය කරනවා කියන්නේත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්ති. අපට මතකයි එදා යූ. එන් පී ය ගජමිතුරු හවුලක්‌ පවත්වාගෙන ගියා.ජනතා විමුක්‌ති පෙරමුණ මේ රට බැරෑරුම් අවස්‌ථාවලට මුහුණදීමට සිදුවුණ වෙලාවන්හි රට බේරාගන්න වෙර වීරිය කළ ජාතිමාමක පක්‍ෂයක්‌.

එදා 2005 දීත් අධිරාජ්‍යවාදී වික්‍රමසිංහ පරද්දන්ට කෙළින් හිටගත්තු අභීත පක්‍ෂයක්‌. එහෙත් අද ඒ පක්‍ෂයේ තත්ත්වය මොකක්‌ද?

ෆොන්සේකා මහත්තයා කියනවා 13 වැනි සංශෝධනයට එහා ගිය පිළිතුරකට ලැහැස්‌තියි කියලා. ඕක මහින්ද රාජපක්‍ෂ මහත්තයා කිව්ව නම් ජනතා විමුක්‌ති පෙරමුණ මෙලහටත් කොටුවේ ස්‌ටේෂන් එක ඉස්‌සහර විරෝධතා පවත්වනවා. අද සද්ද නැහැ.

අද රනිල් වික්‍රමසිංහ බලන්නේ ජෙනරාල්ව ඉස්‌සරහට දාලා බලයට යන්නයි. හැබැයි රජෝ ෆොන්සේකා මහත්තයාත් එක්‌ක ඕක පුළුවන් වෙයිද? එදා කොළඹ නගර සභාවේ පාලනය අර ත්‍රීවීල් රියෑදුරු මහත්තයාගෙන් ගන්න බැරිවුණු වික්‍රමසිංහට මේ ටික පුළුවන් වෙයිද?

ජනපති නොහිටින්න මොන ජෙනරාල් හිටියත් ත්‍රස්තවාදය පරදවන්න බෑ -- එජාප නාගරික මන්ත්‍රී ආබ්දීන්

අම්පිටිය සමූහ සිසිර ජයනාත් පීරිස් -දිනමිණ
යුද්ධය යුද්ධයෙන් මිස ඊනියා සාකච්ඡාවලින් ජය ගත නොහැකි බවට ජනාධිපතිතුමා තුළ විශ්වාසයක් නොතිබුණේ්නම් මොන ජනරාල් හිටියත් ත්‍රස්තවාදය පරාජය කළ හැකි වන්නේ නැතැයි මහනුවර එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී නිලායි ආබ්දීන් මහතා පැවැසීය.

මින් පෙර හොඳ හමුදා නායකයන් කොතෙක් සිටියත් මේ ජයග්‍රහණය ලබාගැනීමට ඔවුන් අපොහොසත් වුණේ නිසි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසා බව කී ආබ්දීන් මහතා, මේ යුද ජයග්‍රහණය රටට හිමි වුණේ එම සටනට ජනාධිපතිතුමා සැලසුම් සහගත නායකත්වයක් ලබා දුන් නිසා බව ද කීවේය.

හෙතෙම මේ අදහස් පළකෙළේ මහනුවර නගර සභා මාසික රැස්වීමේදී එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා විසින් මහින්ද රාජපක්‍ෂ පවුල් ගහ තරකරන බවට කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

රාජපක්‍ෂ පවුල රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිට ගිරුවාපත්තුව, මාගම්පත්තුව ප්‍රධාන රුහුණු පුරවරයට සේවයක් කළ පවුලක් බවත්, ජනාධිපතිතුමා පවුල්වාදය තරකිරීමට උත්සාහ කරන බවට කිසිවකු කියන්නේ නම් ඒ තැනැත්තා දේශපාලනය පිළිබඳව හෝඩි පොතවත් නොකියවූ අයෙකු විය යුතු බවත් ආබ්දීන් මහතා කීවේය.

හමුදාවෙන් මනා පන්නරයක් ලැබූ සිය සොයුරා ආරක්‍ෂක ලේකම්වරයා වශයෙනුත්, දේශපාලන අත්දැකීම් ඇති අනෙක් සොයුරන් අදාළ අංශවලටත් යොමු කළ ජනාධිපතිතුමා ප්‍රබල හමුදා නායකයන් අට දෙනෙකු නිර්මාණය කර ඔවුන් නිසි අයුරින් මෙහෙයවා ත්‍රස්තවාදයෙන් රට නිදහස් කැර ගත් බවත් හෙතෙම පැවැසීය.

මේ බව පිළිගන්නට කිසිවකු අකමැති නම් එය ඔහුගේ නොහැකියාව යැයි ද සඳහන් කෙළේය. තමා කුමන පක්‍ෂයක් නියෝජනය කළ ද තිස් අවුරුදු කාලකණ්ණි බෙදුම්වාදයකින් රට නිදහස් වීම ගැන සතුටට පත්වන බවත්, ජාති ආගම්, පක්‍ෂ භේද නොසලකා මේ සතුට සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින්ම භුක්ති විඳින බවත් ආබ්දීන් මහතා ප්‍රකාශ කෙළේය.

Wednesday 2 December 2009

ජාතිකත්වය විනාශ කිරීමේ පාප කර්මයට අත ගසන්න එපා -- වෛද්‍ය ගුණදාස අමරසේකර

අමල් යශෝමන් ජයසිංහ -දිනමිණ
බටහිර විජාතික බලවේග විසින් අප රට තුළ ක්‍රියාත්මක කිරීමට යන ජාතිකත්වය විනාශ කිරීමේ මහා පාපකර්මයට අතගසන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටින දේශමාමක සියලු දෙනාගෙන් තමන් ඉල්ලා සිටින්නේ යැයි දේශහිතෛෂී ජාතික පෙරමුණේ සභාපති ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විශ්‍රාමික සරත් ෆොන්සේකා විජාතික බලවේග සහ රනිල් වික්‍රමසිංහලා විසින් රූකඩයක් කර ඇති බවත් විශ්‍රාමික හමුදාපතිවරයාට ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඔවුන් ද දැන සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේය.

දේශමාමක සංවිධාන රැසක් විසින් සංවිධාන කරන ලද ජාතික සංවිධාන එකමුතුව මැයෙන් පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවැසීය.

මෙය ටොරින්ටන් හි ප්‍රලේඛනාගාර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ කවුද කියා අප කවුරුත් දන්නවා. ජාතිකත්වය මෙරටින් වනසා දැමීමේ විජාතික බලවේගවල වුවමනාව මෙවර ක්‍රියාත්මක වී ඇත්තේ මින්පෙර සිදු වූවාට වඩා වෙනස් ආකාරයකින්.
එහෙත් රනිල් වික්‍රමසිංහලා වගේම එම විජාතික බලවේගත් සරත් ෆොන්සේකා ජයග්‍රහණය නොකරන බව ඉතා හොඳින් දැන සිටිනවා.

අප රටේ සංස්කෘතිය, සදාචාරය හා ස්වාධීනත්වය විනාශ කිරීමේ මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට දේශහිතෛෂී සියලු දෙනාම එක්විය යුතුයි.

දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ ලේඛකාධිකාරී බෙංගමුවේ නාලක හිමි මෙහිදී අනුශාසනාවක් කරමින් - 2005 වසරේ දී අප රටේ ජාතිකත්වය රැකගැනීමෙහිලා කටයුතු කලා සේම මෙවරත් එයම ඉටුකරන්නට අප පෙල ගැසී සිටිනවා.

ජාතික බලවේගයේ එකම නියමුවා මහින්ද රාජපක්ෂ මහතාමයි. එජාපය හා ජ.වි.පෙ. එක්ව විජාතික බලවේග ක්‍රියාත්මක කිරීමට ඔහු ඉදිරිපත් කිරීම නිසා ඔහු ජාතිකත්වය රැක ගැනීමේ ක්‍රියාවලියේ නොමැති කෙනෙක් බව දැන් අප දන්නවා. ඔහු මා ඉතා හොඳින් හඳුනනවා. දවසක් මම රනිල් විවේචනය කළා කියා ඔහු මා සමග අමනාප වුණා.

තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක, සුගීස්වර බණ්ඩාර මහතා - 2010 වසරේ ජාතිකත්වය හා විජාතික බලවේග අතර සටනක් ඇති වී තිබෙන්නේ. දක්ෂ හමුදා නිලධාරියෙකු සහ අප කවුරුත් ආදරය කළ ගෞරව කළ අයෙක්. මෙවර විජාතික බලවේගයේ නියමුවා වීම ඉතා කනගාටුවට කරුණක්.

මානෙල් මල් ජාතික ව්‍යාපාරයේ සභාපති අධිනීතිඥ එස්.එල්. ගුණසේකර මහතා - සරත් ෆොන්සේකා විජාතික බලවේගවල රූකඩයක් වී සිටීම ගැන අප ඉතාමත් කනගාටුවෙනවා.
ඔහු ගැන අප තුළ විශාල ගෞරවයක් තිබුණා. දක්ෂ හමුදාපතිවරයෙක් හැටියට ත්‍රස්තවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයාට සහාය දීම ගැන අප තුළ ඔහු පිළිබඳව ගරුත්වයක් තිබුණා.
විජාතික බලවේගවල ඕනෑ එපා කම් ඉටු කිරීමට අද ඔහු ඉදිරිපත් වී තිබීම ගැන කනගාටුයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යනුවෙන් ව්‍යවස්ථාව ගැන කිසිත් නොදැන ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කරුනක්.

රුහුණු රට භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරී ඕමාරේ කස්සප, ජාතික සංඝ සභාවේ ලේඛකාධිකාරී මාදුරුයායේ ධම්මිස්සර හිමිවරු ද ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයේ විධායක සභික බන්ධුල චන්ද්‍රසේකර, ආයුර්වේද වෛද්‍ය එකමුතුවේ වෛද්‍ය නිමල් කරුණාසිරි, රකිමු ශ්‍රී ලංකා කමිටුවේ දිමුන් ගුණවර්ධන මහත්වරුද අදහස් දැක්වූහ.

පළමු කතාවෙන් ම එයා කවුරුදැයි තේරුණා - නැ’හිර අධ්‍යාපන ඇමැති

දිනමිණ
ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා පළමු වැනි රැස්වීමේ දීම තමන් කවුද කියා ජනතාවට හඳුන්වා දුන්නා.
ඒ නිසා මෙම මැතිවරණ ව්‍යාපාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිම තරගයක් නොමැති බව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන ප්‍රවාහන සංස්කෘතික අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

ඔහු එම කතාවේ දී උත්සාහ කරා ජනාධිපතිතුමා රණවිරුවන්ට නොසලකන බව පෙන්වන්න.
මේ රටට අවුරුදු 30 ක්ම විනාශය පමණක් කැඳවා දුන් ප්‍රභාකරන්ගේ දෙමව්පියන් දෙදෙනාගෙන් මුදල් ලබා ගන්නා බව ඔහු ප්‍රකාශ කරා.

එම ප්‍රකාශයෙන් මව් බිම බේරාගත්ත රණවිරුවන්ට, රටේ සමස්ත ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයටත් විශාල අවමානයක් කළ බවද ඒ මහතා කීය.

කළ ගුණ දත් ජනතාවගේ සහයෝගය ජනපතිටයි - - හෑගොඩ විමලඥාන නාහිමි

දිනමිණ
තිස්වසරක යුද්ධය හමාර කර මේ රටට නිදහස ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ මැතිවරණයේ දී සහයෝගය දීම කෘත ගුණ දත් ජනතාවගේ යුතුකමක් බව ගල් මඩුව පුරාණ රජ මහා විහාරාධිපති, දමන සමථ මූල මණ්ඩලයේ සභාපති අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ පිරිවෙණාධිපති ශාස්ත්‍රපති හෑගොඩ විමලඥාන හිමියෝ ප්‍රකාශ කරති.

යුද්ධය ඉවර කිරීමට එරෙහිව විදේශ කුමන්ත්‍රණ පරාද කරමින් රට බේරා ගැනීමේ සටනට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොබියව මුහුණ දුන් බවත් ඒ එඩිතර නායකත්වයේ තීරණය නිසා අද මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න හැකියාව ලැබී තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරයි.
ඒ ලබාගත් නිදහස උතුරු නැෙඟනහිර ජනතාව මෙන්ම මේ රටේ ජනතාවද භුක්ති විදිනව.
ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනපති කරන්න දිගාමඩුල්ල ජනතාව පෙළ ගැසී සිටිනවා යැයි විමලඥාන හිමියෝ පවසති.

යුද්ධය කරන කාලයේ දීම රට සංවර්ධනය කරන්නත් ජනාධිපතිතුමා කටයුතු කළා. අද නැඟෙනහිර දැවැන්ත සංවර්ධනයක් සිදු කරනවා. මෙහි ඇත්ත නැත්ත නැඟෙනහිරට ආවොත් ඕනම කෙනෙකුට බලන්න පුළුවන් යැයිද උන්වහන්සේ කීහ.

ජවිපෙ දෙදරයි - සෝමවංශ විදේශ ගතවෙයි - සුනිල්-බිමල් යුගලත් රට යෑමට සැරසෙයි - එජාප-ජවිපෙ හවුල ලෝක ලෙඩක් වෙලා

දිනමිණ
එළැඹෙන ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහයෝගය පළකළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තීන්දු කිරිමත් සමඟ එම පක්‍ෂය අභ්‍යන්තරයේ අර්බුද රැසක් මතුවෙමින් තිබෙන බව ජ. වි. පෙ. ට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව පක්‍ෂයේ පහළ මට්ටමේ සාමාජිකයන්ගේ විරෝධය එල්ල වන්නට පටන් ගැනීමත් සමඟ පසුගිය 30 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවති ජ. වි. පෙ. රැලියට සහභාගි නොවීමට ජ. වි. පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා තීරණය කර තිබිණි.

අමරසිංහ මහතා මේ වන විට හදිසියේම විදේශ ගත වී ඇත්තේ ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලින් හැකි තරම් දුරට මඟහැර සිටීමට යැයි මේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගියදා ජ. වි. පෙ. න් ඉවත් වූ එහි මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක වූ පි‍්‍රයංගා කොතලාවල මහත්මිය පක්‍ෂයේ මෑත කාලයේ දේශපාලන තීරණ ගැන කර තිබෙන දැඩි විවේචන පිළිගන්නා මධ්‍යම කාරක සභිකයන් තවත් කීප දෙනකුම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලින් මඟහැර සිටීමට තීරණය කර ඇති බව වාර්තාවේ.


ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව පැවසීමට සරත් ෆොන්සේකා සහභාගි වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ජ. වි. පෙ. අනුර කුමාර දිසානායක මහතා පැමිණියත් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට අනුර කුමාර දිසානායක මහතාට පැමිණීමට එක්සත් ජාතික පාක්ෂිකයන් ඉඩ ලබා දී නොතිබිණි.

තමන් විවෘත ආර්ථිකය පිළිගන්නා බවත්, 13 සංශෝධනයෙන් ඔබ්බට ගමන් කරන බවත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රායෝගික කාලයක් අවශ්‍ය බවත්, ෆොන්සේකා මහතා ප්‍රකාශ කිරීමත් සමඟම අනුර කුමාර දිසානායක මහතා කෝපයෙන් ෆොන්සේකා මහතාට දොස් පවරමින් එම ස්ථානයෙන් ඉවත් වී ඇති බව පැවසේ.

මෙහිදී මේ දේශපාලන කපුකම කළේ තමන් බවත්, තමන්ටත් පක්‍ෂයටත් බිම් මට්ටමේ සාමාජිකත්වයට මුහුණ දීමට නොහැකි බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඊයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමේදී එ. ජා. ප. යේ බලපෑම් මත ජ. වි. පෙ. ට ආරාධනා කර නොතිබිණ.

මේ තත්ත්වය යටතේ සරත් ෆොන්සේකා ජ. වි. පෙ. – එ. ජා. ප. හවුල අතර බරපතළ දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති හා බිමල් රත්නායක මේ වන විටත් විදේශ ගතවීමට සැරසෙන බව මේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Tuesday 1 December 2009

සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා නොවෙයි: ඔහු එක්සත් ජාතික සන්ධානයේ අපේක්ෂකයායි - ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

නුවන් කොඩිකාර- දිනමිණ
සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයෙකු නොව එක්සත් ජාතික සන්ධානයේ අපේක්ෂකයා බව ඔහු පැවැත් වූ මාධ්‍ය හමුවෙන් අනාවරණය වූ බව ජාතික නිදහස් පෙරමුණේ් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර විමල් වීරවංශ මහතා පැවැසීය.

හංසයා ලකුණ යටතේ ලියාපදිංචිව ඇත්තේ එම සන්ධානය බැවින් තවදුරටත් ජනතාවට සත්‍ය වසන් කිරීමට නොහැකි යයිද හෙතෙම කීය. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ ඊයේ (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා එසේ ප්‍රකාශ කෙළේය.

ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස මුලින් ප්‍රකාශ කළද, එම ප්‍රකාශය කිරීමට පෙර ජවිපෙ සහ එජාපය සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීමේ එකඟතාවකට පැමිණ සිටි බව ජනරාල්වරයාගේ මාධ්‍ය සාකච්ඡාවෙන් හෙළිවුණ බවද වීරවංශ මහතා කීය.

සරත් ෆොන්සේකා මහතා පත්වන්නේ කෙටි කාලයකට බව ජවිපෙ පවසා සිටියත් ඒ මහතා කළ ප්‍රකාශ කෙටි කාලයකින් නිම කළ හැකිද යන ප්‍රශ්නය පැනනගින්නේ යයි හෙතෙම කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට සරත් ෆොන්සේකා මහතා අවශ්‍ය නොවන බවත් විදේශයන්ගේ ඉත්තෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා එය අපූරුවට කරගෙන යනු ඇති බවත් ඒ මහතා පැවැසීය.

මීට පෙර සිටි රාජ්‍ය නායකයන්ට යුද්ධය අවසන් කිරීමට අවශ්‍යතාවක් තිබුණද නිසි හමුදා නායකත්වයක් නොතිබුණ හෙයින් එය පසුබෑ බවට ජනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සමස්ත හමුදාවට අගෞරව කිරීමක් ලෙස තම පෙරමුණ දකින බවත් එම ප්‍රකාශය කණගාටුවෙන් හෙළා දකින බවත් ප්‍රකාශ කෙළේය.

එහිදී විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කෙළේය. රාජ්‍ය නායකයන්ට යුද්ධය අවසන් කරන්න අවශ්‍යතාව තිබුණත්, හමුදා පසුබෑම නිසා ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වුණ බව සරත් ෆොන්සේකා මහතා කියා සිිටිනවා. එයින් ඒ මහතා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයටවත් ඒ ඕනකම තිබුණා කියන එකද?, දේශද්‍රෝහී ගිවිසුම් ගහලා රට පාවලා දුන් පුද්ගලයන්ට ෆොන්සේකා මහතා සුදුහුණු ගාමින් සිටිනවා.

අද ජවිපෙ වෙන කතාවක් කියනවා. එජපෙ තවත් කතාවක් කිියනවා. මේ දෙගොල්ලන්ටම පරස්පර කතාවක් සරත් ෆොන්සේකා කියනවා. කාගේ කතාවද පිළිගන්නේ කියන ප්‍රශ්නය රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙලා.

සරත් මහත්තයා මාධ්‍ය සාකච්ඡාවේදී ගෙනාවේ දේශප්‍රේමී වට්ටෝරු නෙවෙයි. අධිරාජ්‍යවාදී බලවේගවල වට්ටෝරු. එය මනාව පැහැදිලි වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තුන්වේල කන්නෙත් විදේශීය බලවේගවලින් අහලා. එවැනි අයෙකු සමඟ මිතුරු වන සරත් මහතාටත් එයම තමයි සිදුකරන්න වෙලා තියෙන්නේ.

තමන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා එල්.ටී.ටී.ඊ. යෙන් හරි උදව් ගන්නනවා කියලා සරත් ෆොන්සේකා මහතා කියනවා. එහෙම නම් ඇයි මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ එල්.ටී.ටී.ඊ. යෙන් සල්ලි අරන් ලියනවා කියලා.

හමුදා නිළධාරියෙකු ලෙස සිටි සරත් ෆොන්සේකා මහතා සහ අද එම ඇඳුම ගලවලා කතා කරන ෆොන්සේකා මහත්තයා අහසයි පොළවයි වගේ. පරස්පරයි. විජාතික බලවේගවල කොන්ත්‍රාත්වලට කර ගහලා සරත් ෆොන්සේකා මහතා ඔහුගේ කීර්තිනාමය හානිකර ගන්නවා. එය වලක්වන්න බැහැ. ජවිපෙ හා එජපෙ හදපු තිර පිටපතකට සරත් ෆොන්සේකා රඟපාමින් සිටිනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එදා ජවිපෙ ගිවිසුම් ගහද්දි එය ලිඛිතව තිබුණා. එහෙත් අඩුම ගානේ මේ පිරිස් ගහපු අවබෝධතා ගිවිසුම්වලට කොළයක්වත් නැහැ. ජවිපෙ කරන්නේ අත්වැල් ගායනා කිරීම පමණයි. මෙය සමස්ත ජවිපෙ සාමාජිකයන් හෑල්ලු කිරීමක් ලෙසයි මා දකින්නේ. ඉදිරි මැතිවරණයේදී අපගේ සහය උපරිමයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙනවා.
අප අතර ගිවිසුම් නැහැ. ගිවිසුම් ගහන්න අප අතර පරස්පර නැහැ. මේ රට හදන වැඩපිළිවෙළට උපරිමයෙන්ම සහයෝගය දෙන බවද හෙතෙම කීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීීර, මොහොමඩ් මුසාමිල් මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙ පිළිගන්නවා ද? ජවිපෙ ගලඋඩ පහරපු බළලා වෙලා?

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා ගිය ක්‍රමයක් සහ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නේ දැයි ජා.නි.පෙ.නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

මේ ගැන පිළිතුරු නොදී ජවිපෙ නිහඬව සිටියහොත් එය එම පක්ෂය පිළිගෙන ඇතැයි තහවුරු වන බව හෙතෙම කීය. ජනරාල් ෆොන්සේකා මහතා ඉකුත් (29) වැනි දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළිකළ කරුණු පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජානිපෙ මූලස්ථානයේ ඊයේ (30) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ කරුණු ප්‍රකාශ කෙළේ ය.

විදේශ බලවේග ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට යළි උත්සාහ කරයි

කීර්ති වර්ණකුලසූරිය -දිවයින
කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් වූ අවස්‌ථාවේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වූ තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්‍ෂ සෙබස්‌තියන් සිමන් ප්‍රකාශයක්‌ කරමින් තමිල්නාඩුවේ සිට හමුදාවන් රැගෙන වන්නියට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාව පරාජය කරන බවට වහසි බස්‌ දෙඩීය. අපි තමිල්නාඩුවේද ඊළාම් රාජ්‍යයක්‌ ආරම්භ කරනවා යෑයි හෙතෙම කියා සිටියේය. මේ ප්‍රකාශය නිසා අත්අඩංගුවට ගනු ලැබූ සිමන් අධිකරණය වෙත යොමු කිරීමෙන් පසු ඇප මත නිදහස්‌ කෙරිණි.මේ කොටි ආධාරකරුවා මෙම සතියේ කැනඩාවට ගියේය. එA කොටි ත්‍රස්‌තයන් සැමරීමේ දේශනයක්‌ පැවැත්වීමටය. එහිදී ඔහු ඉතා බරපතල ප්‍රකාශයක්‌ කරනු ලැබීය. කිසිම සිංහලයකුට ජීවත්විය නොහැකියි. ග ප්‍රභාකරන් සිංහල පාසල් 100 කට බෝම්බ දැම්මා නම් යුද්ධය වේලාසනින්ම අවසන් කිරීමට හැකිව තිබුණා. අප යුද්ධය නැවත ආරම්භ කළ යුතුයි." යෑයි සිමන් ටොරොන්ටෝ නගරයේ පැවැති කොටි මහාවිරු දේශනය පවත්වමින් කියා සිටියේය. මගේ කතාව කැනඩා රහස්‌ පොලිසිය විසින් සටහන් කරගන්නා බව මම දන්නවා යනුවෙන් ද හෙතෙම වහසි බස්‌ දෙඩීය. ටොරොන්ටෝ නුවර කොටි සමුළුව ඇමතීමෙන් පසු ඔහු මොන්ටි්‍රයල් නගරයේදී ද දේශනයක්‌ කිරීමට නියමිතව තිබිණි. එහෙත් ඔහුට ඊට අවස්‌ථාවක්‌ නොලැබිණි. කැනඩා රහස්‌ පොලිසිය හා ටොරොන්ටෝ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරනු ලැබීය. සිමන් කැනඩාවෙන් පිටුවහල් කිරීම නිසා කෝපාවිෂ්ඨ වූ කොටි ආධාරකරුවෝ ටොරොන්ටෝ නගරයේ පිහිටි බෞද්ධ විහාරයකට ද ගිනි තැබූහ. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සමූල ඝාතනයවීම නිසා පසුගිය මැයි මාසයේදී ද මෙම විහාරයට ගිනි තබා තිබිණි.චිත්‍රපට අධ්‍යක්‍ෂ සිමන් ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව යුද ප්‍රකාශ කළා. ඊට ඉඩදිය නොහැකියි යෑයි කැනඩා රහස්‌ පොලිසිය කියා සිටියේය.සිමන්ගේ මේ ප්‍රකාශය කැනඩාවේ ද්‍රවිඩ ගුවන්විදුලි සේවාවලින් ද විකාශනය කෙරිණි. සියලුම සිංහලයන් ඝාතනය කළ යුතුයි යන ප්‍රකාශය සිමන් විසින් පැවැත්වීම නිසා කොටි ද බරපතල ප්‍රශ්නයකට මුහුණපෑහ. කැනඩා රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් මෙම කොටි සමරුවට ඉඩ දුන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. අත්අඩංගුවට ගනු ලැබූ සිමන් බේරාගැනීම සඳහා කොටි හිතවාදීහු හැඩ්සාට්‌ නයාවි නමැති නීතිවේදියා ගෙන ආවත් එය සාර්ථක වූයේ නැත.තමාට ඊයේ (30 දා) වන තෙක්‌ රැඳී සිටීමට ඉඩදෙන්නැයි සිමන් කළ ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප විය. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලය සිමන්ට වීසා බලපත්‍රයක්‌ නිකුත් කළේ මන්ද යන්නයි.මියගිය කොටි සැමරීමට පෙර තමිල්නාඩුවේදී සිමන් රංගනයක්‌ රඟදක්‌වා ඇත. ශ්‍රී ලංකාවෙන් 2/3 ක්‌ ඊළාම් ද්‍රවිඩ ජනතාවට අයිති බව සිමන් මෙම රංගනයේදී කියා සිටියේය.මෙම තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ටොරොන්ටෝ නගරයේදී තම දේශනය පැවැත්වූ ශාලාවේ කොටි ධජය පවා ප්‍රදර්ශනය වූ බව අනාවරණය විය. මේ දේශනය පැවැත්වූ ස්‌ථානය ගැන පවා මාධ්‍යවලට දැනුම්දීමක්‌ කර තිබුණේ නැහැ යෑයි කැනඩා මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබීය. ප්‍රභාකරන් නමැති ඝාතකයාගේ සමීපතම සගයකු වූ සිමන් ඝාතකයන්ගේ ආධාරකරුවෙකි. මේ නිසා සිමන්ගේ චිත්‍රපට ශ්‍රී ලංකාවට ගෙනඑAම හා ප්‍රදර්ශනය කිරීම ද තහනම් කළ යුතුව ඇත. ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් නොපමාව පියවර ගත යුතුය.එසේම ඉන්දීය රජයේ යුතුකම වන්නේද මෙවැනි ත්‍රස්‌තවාදයේ ආධාරකරුවන්ට එරෙහිව කටයුතු කිරීමයි. ඉන්දියාව ත්‍රස්‌තවාදී ක්‍රියාදාමයකට මුහුණපා සිටියදී සිමන් වැනි බෙදුම්වාදීන් ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුව ඇත. කැනඩාවේදී මෙම සිමන් නම් වූ කොටි හිතවාදියා කර ඇති ප්‍රකාශය මෙරට ජාතික ආරක්‍ෂවට එල්ල වූ බරපතල තර්ජනයකි.කොටි සංවිධානය සමූල ඝාතනය වී ඇති අවස්‌ථාවක ශ්‍රී ලංකාවේ නැවත වරක්‌ යුද්ධයක්‌ ඇති කළ යුතු යෑයි සිමන් කළ ඇති ප්‍රකාශය සෘජුවම මෙරටට එල්ල කර තර්ජනයක්‌ මෙන්ම ත්‍රස්‌තවාදය නැවත වරක්‌ ආරම්භ කිරීමට දැරූ උත්සාහයකි.එසේම සිමන් මෙම ප්‍රකාශය කිරීමට පෙර සුරිච් සුළු ජාතික සමුළුවට ස්‌වයංපාලනය පිළිබඳ යෝජනාවක්‌ ඉදිරිපත් වුවත් එය ප්‍රතික්‍ෂේප විය.මේ හැර එAකීය රාජ්‍යය යටතේ බලය විමධ්‍යගත කිරීමට ද සුළු ජාතික පක්‍ෂ සමුළුවට සම්බන්ධ කොටි හිතවාදීහු විරෝධය දක්‌වා තිබේ.මින් සනාථ වන්නේ ඉතා සූක්‍ෂ්ම අන්දමින් ශ්‍රී ලංකාව නැවත වරක්‌ බෙදීමට දරන ප්‍රයත්නයකි.කැනඩාව, බ්‍රිතාන්‍ය, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව විරෝධතා දැක්‌වීමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන පැහැදිලිවේ. මේ සියලු සිදුවීම් එක වැලේ පුරුක්‌ය.සිමන් ශ්‍රී ලංකාවේ නැවතත් යුද්ධය ආරම්භ කළ යුතු යෑයි පවසා ඇත්තේ නිකමට නොවේ. අන්තර්ජාතික ප්‍රජාව විසින් උතුරේ සිටින 12,000 ක්‌ වූ කොටි ත්‍රස්‌තයන් මුදාහරින්නැයි ශ්‍රී ලංකා රජයට බලපෑම් කළේ එවැනි පසුබිමක්‌ යටතේයි.රජයේ ආරක්‍ෂක හමුදා නිරතුරුවම අවි ආයුධ සොයා ගනු ලැබුවත් තව කොපමණ ආයුධ සංඛ්‍යාවක්‌ සඟවා තිබේද යන්න කිසිවෙක්‌ නොදනී.කැනඩාවේ කොටි පෙරේදා කර ඇති ප්‍රකාශයක්‌ ගැන ද දැඩි අවධානය යොමු කළ යුතුය. වන්නි මෙහෙයුමට දායක වූ ජෙනරාල්වරයා රාජ්‍ය බලධාරීන් සමග අර්බුදයක්‌ ඇති කරගත් පසු කැනඩා කොටි, "කොටි සංවිධානය අළු ගසා දමා නැඟිටිනු ඇත" යන ප්‍රකාශය මෙරටට එල්ලවූ අනතුරු ඇඟවීමකි. කොටි නීතිවේදී බෘස්‌ පෙයින් කර ඇති ප්‍රකාශය කෙරේ. අවධානය යොමු කරන්නේ නම් විදේශ බලවේග කොටි හිතවාදීන් එක්‌ව යළිත් වරක්‌ මෙරට අර්බුදයක්‌ ඇති කිරීමට ක්‍රියාකරන බව සනාථ නොවන්නේද?දැනටමත් හිටපු කොටි ආධාරකරුවෝ එAකරාශී වී සිටින බව පැහැදිලිය. මෙම තත්ත්වය යටතේ සිමන්ගේ ප්‍රකාශය වහසිබස්‌ දෙඩීමක්‌ යෑයි කියමින් බැහැර කළ නොහැකිය. එසේම ඇමරිකාව මගින් සම්මත කර ඇති තොරතුරු ලබාගැනීමේ පනත ද ශ්‍රී ලංකාවේ රජය තම මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කළ යුතු බවට දේශපාලනඥයකු විසින් ඉල්ලා ඇත. එA කුමක්‌ සඳහා ද? ජාතික ආරක්‍ෂාවට අදාළ තොරතුරු දැන ගැනීමට ඉඩ ලැබෙන මෙවැනි යෝජනා ක්‍රියාත්මක කරන්නැයි ජනතාව ඉල්ලා නැත. මේ පනත නිසා ඇමරිකානු යුද යාන්ත්‍රණයට දුෂ්කරතා මතුවී ඇති බව තේරුම්ගත් හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් හා හිටපු ජනාධිපති බුෂ් එයට සීමාවන් පනවනු ලැබීය. මෙම තත්ත්වය යටතේ මෙවැනි යෝජනා කිසිසේත් ක්‍රියාත්මකවීමට ඉඩ නොතැබීම රජයේ යුතුකමකි.

භීෂණය මැවූ පිරිස සමඟ බැඳීම් ඇතිකර ගැනීම කනගාටුදායකයි - ජනපති

ධනුෂ්ක ගොඩකුඹුර
එදා 1988/1989 භීෂණ යුගයේ දී භීෂණයට එරෙහිව සටන් කළ හා භීෂණයට ගොදුරු වූවන් වෙනුවෙන් පෙනී සිටි අයට වඩා අද ඇතැමුන් වැඩි බැඳීම් ඇතිකරගෙන ඇත්තේ භීෂණය මැවූ පිරිස් සමඟ වීම කනගාටුදායක බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ භීෂණ යුගයේදී දකුණේ තරුණ තරුණියන්ගේ මානව අයිතීන් පිළිබඳ කතා කරන්නට බොහෝදෙනා බියවූ බව පවසන ජනාධිපතිවරයා ඔවුන් කතා කළේ උතුරේ මානව අයිතීන් පිළිබඳ පමණක් යැයිද පෙන්වා දෙයි. එදා භීෂණයට ගොදුරු වූ අයත් භීෂණය මැවූ අයත් අද එකට අත්වැල් බැඳගෙන සිටීම එක් අතකින් හාස්‍යයට කරුණක් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එදා තමන් භීෂණයට විරුද්ධව කෑ ගසන විට, මහ පාරට බසින විට, ජිනීවා යනවිට, සහ භීෂණයට ලක් වූවන් බේරාගන්නා විට අත්වැල් බැඳගෙන සිටියේ කිහිපදෙනෙකු පමණක් බව කියන ජනාධිපතිවරයා දකුණේ තරුණ තරුණියන්ගේ මානව අයිතින් කතා කරන්නට කිසිවකු ඉදිරිපත් නොවූ බවද කියයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක, පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලි චම්පික රණවක මහතාගේ ‘පටිසෝතගාමීව තිස් වසක්’ ග්‍රන්ථය එළිදැක්වීම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති උත්සවයේ දීය.
ඇමැතිවරයාගේ තිස් වසරක දේශපාලන ජීවිතය දෙස හැරී බලමින් ස්වයං ලිඛිත චරිතාපදානයක් වශයෙන් රචනා කොට ඇති මේ ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත ප්‍රථමයෙන් පිළිගැන්විණ. උඩුගං බලා ගිය තිස් වසක් අර්ථයෙන් රචනා කෙරී ඇති ග්‍රන්ථයේ ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතය, රටේ පවතින රැල්ලට එරෙහිව උඩුගං බලා ගිය අන්දම විදහා දක්වා තිබේ.
එදා මාතෘ භූමියේ ඒකීයභාවය සම්බන්ධ තීන්දුව ගැනීමේදී ජාතික හෙළ උරුමය ඒ වෙනුවෙන් ස්ථාවරයක සිටියත් ඇතැම් පක්ෂ සකසා තිබූ ගිවිසුම්වල ඒකීයභාවය පිළිබඳ සඳහනක් හෝ නොවූ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කෙළේය.
ත්‍රස්තවාදයට එරෙහිව සටන ජය ගැනීමට ජාතික හෙළ උරුමය දුන් ධෛර්යට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා ඒ සටනේදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයාද නිබඳව ශක්තියක් වූ බව සිහිපත් කෙළේය.
ජාතික හෙළ උරුමයේ නායක, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියෝ සහ ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක, පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක, නීති උපදේශක, බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, ඩග්ලස් දේවානන්දා, මිලින්ද මොරගොඩ, මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරු ප්‍රමුඛ පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

ජයග්‍රහණයේ වීරත්වය වෙන්දේසි කරන්න එපා ඇමැති ඩලස්‌ ජෙනරාල්ගෙන් ඉල්ලයි

චමින්ද සිල්වා

ජනාධිපතිවරයා පරාජය කිරීමට ප්‍රභාකරන්ගේ දෙමාපියන්ගෙන් හෝ ආධාර ලබාගන්නා බව කියන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියේ නම් ඔහුද කොටස්‌කරුවකු කරගනු ඇති බව මේ රටේ ජනතාව දැන් ස්‌ථිර වශයෙන්ම දන්නේ යෑයි ප්‍රවාහන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවැසීය.අමාත්‍යවරයා එම අදහස්‌ පළ කළේ ඊයේ (30 වැනිදා) මහවැලි කේන්ද්‍රයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති ප්‍රචාරක මෙහෙයුම් කමිටු මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.එක්‌සත් ජාතික පක්‌ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, හකීම්, මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු පොදු සන්ධානය ඉදිරිපත් කළ අපේක්‌ෂකයා අපි පිළිගන්නවා. නමුත් එතුමා ගැන කනගාටුවක්‌ද ඇතිවෙනවා.සරත් ෆොන්සේකා මහතා විසින් මේ රටින් ත්‍රස්‌තවාදය නැති කිරීමේදී එයට එරෙහිව පරම සතුරන් වී සිටි පිරිස සමග ඉඳගන්න එතුමාට අයිතියක්‌ තියෙනවා. ඒත් ඒ ජයග්‍රහණයේ වීරත්වය වෙන්දේසි නොකර රැකගන්න කියලා එතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.