Thursday 3 December 2009

ජාතික නිදහස්‌ පෙරමුණේ විශේෂ මහා සමුළුව‍-දේශෙද්‍රේහි හවුලක්‌ එක්‌ක එකතු වී ජවිපෙ "කන්‍යාභාවය" නැතිකර ගත්තා - විමල් වීරවංශ

අකිත පෙරේරා - දිවයින
විඡේවීර සහෝදරයා හිස දන් දී හදපු පක්‍ෂය දර මිටියකට බැඳ එජාපයට පාවා දීලා13 වැනි සංශෝධනයට එහා යනවා කියා මහින්ද කිව්වා නම් ජවිපෙ මෙලහකටත් විරෝධතා පවත්වනවාජනවාරි 26 දා දෙවැනි නිදහස්‌ අරගලය අරඹන දවසයි රටට එරෙහිව කුමන්ත්‍රණය කරන අධිරාජ්‍යවාදීන් පරණ නළුවා වෙනුවට අලූත් නළුවෙක්‌ කරළියට ගෙනත්.

ලබන ජනවාරි 26 වැනිදා පැවැත් වෙනුයේ ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවන බවත් එය මේ රටේ දෙවැනි නිදහස්‌ අරගලය ආරම්භ කරනු ලබන දිනය බවත් ඒ සඳහා සියලු ජාතික බලවේග එකතු කිරීමේ වගකීම සිය පක්‍ෂය භාර ගන්නා බවත් ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (2 වැනිදා) සවස කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පැවැති එම පෙරමුණේ විශේෂ මහා සමුළුව අමතමිනි.

ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකාවක සිට ඉල්ලා අස්‌වූ ප්‍රියංගා කොතලාවල මහත්මිය මෙහිදී ජාතික නිදහස්‌ පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තාය.

දස දෙසින් පැමිණි සිටි සිය පාක්‌ෂිකයන් අමතා වැඩිදුරටත් කථා කළ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවැසීය.අපේ මාතෘ භූමියේ වැදගත් සංධිස්‌ථානයකට මුහුණ දී සිටින වෙලාවක්‌ මේක. රටේ ජාතිමාමක සංවිධාන තියුණු ලෙස එකට ගොනුවී සිටින මොහොතක දේශයට එරෙහිව ඉත්තෝත් අනිත් පැත්තෙන් එකතුවී තිබෙනවා. අප දෙවැනි නිදහස්‌ අරගලය ආරම්භ කිරීම සඳහා විවෘත පොරපිටියකට පැමිණ තිබෙන්නේ එවන් වාතාවරණයක්‌ යටතේයි.මාතෘ භූමිය මිනීමරු බෙදුම්වාදී ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තා.

මුළු රටම දෙවැනි නිදහස්‌ අරගලයට රැගෙන යන මොහොතකයි අපි මේ මහා සමුළුව පවත්වන්නේ. ඒ හැකියාව අපට තිබෙනවා කියා මේ මහා සමුළුවට පැමිණ තිබෙන විශාල ජනතාවගෙන් පෙනෙනවා.එදා පරද්දන්න බැහැයි කියපු මිනීමරු ත්‍රස්‌ත සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආරක්‌ෂක ප්‍රධානීන්ගේ නායකත්වයෙන් යුතුව අපේ වීරෝදාර සෙබළුන් මේ රටින් තුරන් කර හමාරයි.

එදා මේ රටේ නායකත්වය අධිරාජ්‍යවාදී ගැති වුණා නම් මේ රටට මෙවැනි නිදහසක්‌ අද හිමි වෙන්නේ නැහැ. 2005 දී ලබා දුන් ජනවරමෙන් රටේ ජාතිමාමක ජනතාවගේ අරමුණු මුදුන්පත් කිරීමට හැකිවී තිබෙනවා.එල්. ටී. ටී. ඊ. කියන්නේ ජාත්‍යන්තරයේa කුලී ඒජන්තවරු. දැන් ඒ විජාතික බලවේග අලුත් වෙස්‌ නැටුමක්‌ අල්ලන්න යනවා. අධිරාජ්‍යවාදී ගැති අධිරාජ්‍යයන්ට හිතැති පාලනයක්‌ මෙරට තුළ ඇති කිරීම ඔවුන්ගේ අරමුණ.

මේ රට සංවර්ධනය කරා යොමුකර ආසියාවේ නව සංවර්ධන ඉලක්‌කයන් කරා යන ගමන උදුරා ගන්න මේ මොහොතේ ඒ අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණය කරනවා. ඒකට අවශ්‍ය කස්‌තිරම් අල්ලනවා. පරණ නළුවා වෙනුවට අලුත් නළුවෙක්‌ කරළියට ගෙනල්ලා තිබෙනවා.මේ නිසාම අධිරාජ්‍ය වාදයට එරෙහි ජාතිමාමක සංවිධාන අද වඩාත් සක්‍රීය වන්නට පටන්ගෙන තිබෙනවා.

මේ රට බේරා ගැනීමේ සටනේ ප්‍රධාන කාර්යයක්‌ ඉටු කළ හිටපු යුද හමුදාපතිතුමාව දේශෙද්‍රහී හවුලේ ප්‍රධාන අපේක්‌ෂකයා විදිහට ඉදිරියට ගෙනත් තිබෙනවා.ඒ දේශෙද්‍රහී හවුල අද රටේ යහ පාලනය ගැන කතා කරනවා. සරත් ෆොන්සේකා මහතා අනුගමනය කරනවා කියන්නේත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්ති. අපට මතකයි එදා යූ. එන් පී ය ගජමිතුරු හවුලක්‌ පවත්වාගෙන ගියා.ජනතා විමුක්‌ති පෙරමුණ මේ රට බැරෑරුම් අවස්‌ථාවලට මුහුණදීමට සිදුවුණ වෙලාවන්හි රට බේරාගන්න වෙර වීරිය කළ ජාතිමාමක පක්‍ෂයක්‌.

එදා 2005 දීත් අධිරාජ්‍යවාදී වික්‍රමසිංහ පරද්දන්ට කෙළින් හිටගත්තු අභීත පක්‍ෂයක්‌. එහෙත් අද ඒ පක්‍ෂයේ තත්ත්වය මොකක්‌ද?

ෆොන්සේකා මහත්තයා කියනවා 13 වැනි සංශෝධනයට එහා ගිය පිළිතුරකට ලැහැස්‌තියි කියලා. ඕක මහින්ද රාජපක්‍ෂ මහත්තයා කිව්ව නම් ජනතා විමුක්‌ති පෙරමුණ මෙලහටත් කොටුවේ ස්‌ටේෂන් එක ඉස්‌සහර විරෝධතා පවත්වනවා. අද සද්ද නැහැ.

අද රනිල් වික්‍රමසිංහ බලන්නේ ජෙනරාල්ව ඉස්‌සරහට දාලා බලයට යන්නයි. හැබැයි රජෝ ෆොන්සේකා මහත්තයාත් එක්‌ක ඕක පුළුවන් වෙයිද? එදා කොළඹ නගර සභාවේ පාලනය අර ත්‍රීවීල් රියෑදුරු මහත්තයාගෙන් ගන්න බැරිවුණු වික්‍රමසිංහට මේ ටික පුළුවන් වෙයිද?

No comments:

Post a Comment