Tuesday 8 December 2009

රනිල් ගේ ගැටයට සරත් අසුවෙලා-- එස්. බී. දිසානායක

රනිල් ගේ ගැටයට සරත් අසුවෙලා

මැතිවරණ කල් දමන ආඥාදායක හමුදා පාලනයක්
ඉදිරි මැතිවරණයක දී ජවිපෙට මන්ත්‍රී ධුර තුනයි
අන්ත පරාජයෙන් බේරීමට ජවිපෙ ඇටවූ උගුලක්
- එස්. බී. දිසානායක
නිරූෂි විමලවීර ධනුෂ්ක ගොඩකුඹුර -දිනමිණ

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කෙළේ 2017 වනතෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට බව එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ එස්. බී. දිසානායක මහතා ඊයේ මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.


2017 වසරේ දී පැවැත්වෙන මැතිවරණයකදී විධායක අගමැති හෝ විධායක ජනාධිපති වීම එහි මූලික අරමුණ බව ද ඒ මහතා කීය.


ජනාධිපතිවරණයේ දී තනිව තරග කිරීමෙන් සිදුවන අන්ත පරාජයෙන් බේරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කළ බවද ඒ මහතා කීය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ සංඛ්‍යා ලේඛන සහ අනාගත බලාපොරොත්තු ගැන සඳහන් කළ දිසානායක මහතා මෙසේද කීය. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත්තේ ඡන්ද 2,38,000යි.


ඒ අනුව ඔවුන්ට ඉදිරි මහ මැතිවරණයක දී අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙන් මන්ත්‍රීධූර දෙකක් ලබා ගත හැකියි. ලබා ගන්නා එම ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධූරයක් ලැබේ.


ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව උපරිමය තුනකි. අහම්බෙන් එය එක් අසුනක් විය හැකියි. ජවිපෙ අරමුණ ඉතා පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය සරත් ෆොන්සේකා ජයග්‍රහණය කොට ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේ දී හංසයා ලකුණින් එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් පක්ෂ හා එක්වී තරග කිරීමයි.


නැතිවී යන මන්ත්‍රී තනතුරු ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව ඉබේම අඩු වේ.


යම් ආකාරයකින් සරත් ෆොන්සේකා ජය ගතහොත් ටික කාලයකට මැතිවරණ කල් දමා ජවිපෙ මතය අනුව ආඥාදායක හමුදා පාලනයක් ප්‍රකාශ කිරීම ප්‍රබල අවස්ථාවකි.

No comments:

Post a Comment