Thursday 17 December 2009

ගෞරවණීය මහා නාහිමිවරුනි මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට වඩින්න.

ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමි
ගෞරවණීය මහා නාහිමිවරුනි

මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට වඩින්න.
මව් බිමේ නායකත්වය තෝරාගන්නට ජනාධිපතිවරණයක් එළඹ තිබේ. ජනාධිපතිවරයාත්, හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියත් මෙම මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් වී ඇත. තිස් වසරක යුද සාපයෙන් පසු ගිය මිය 19 වෙනි දින බේරාගනු ලැබුවේ මෙම සුසංයෝගයේ එකතුවේනි.අද වනවිට ඔවුුන් දෙදෙනා දෙපිලකට වී තර`ගයට ඉදිරිපත් වී ඇත.මෙහි වැදගත් කරුණවන්නේ රාජ්‍ය යන්ත්‍රණය ම`ගිනුත් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාගේ පිලෙනුත් ඉහත යුද සංග්‍රාමයේ යුද රහස් එළිකරමින් සිටියි. දෙස් විදෙස් විජාතික බලවේග මෙම අවස්ථාව අපේක්ෂාවේන්ම සිටිදෙයකි.
මෙම ම`ගින් සිදුවන්නේ විරෝදාර රණවිරුවන් 24000 ජිවිත පුජාවෙන් ලබාගත් ජයග්‍රහණය අභියෝගයට ලක්විමකි.රාජ්‍ය ආරක්ෂක අංශ ම`ගින් ද ජනරාල්වරයා ම`ගින් ද හෙළිවන යුද තොරතුරු නිසාවෙන් එම රණවිරුවන්ගේ අභිමානය කෙළෙසන බවත්, ජිවතුන් අතර සිටින රණවිරුවන්ගේ ආරක්ෂාව අභියෝගයට ලක්වන බවත්, මගේ විශ්වාසයයි. මේ කරුණු ද සැළකිල්ලට ලක්කරමින් ගෞරවණිය ඔබවහන්සේලා මධ්‍යස්ථව මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් එම අ`දුරු අගාධයෙන් රට බේරාගන්නට පෙරට වඩින ලෙස ඉල්ලා සිටිමි. අසමගිය හා වෛරය පදනම් කරගත් මෙම ගැටුම සමථයට පත්කොට මව් බිම රැකිමට හැකියාව ඇත්තේ ඔබවහන්සේලාට බැවින් මෙම ඉල්ලිම ශාසනාලයෙන් අපේක්ෂා කරමි.
මෙයට,
සසුන් ලැදි
ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමි

1 comment:

  1. ගරු ස්වාමීන්වහන්ස, මේ සිදුවන සෑම ක්‍රියාදාමයක්ම අප පෙර දුටු දේවල් වීම සත්‍ය ලෙසම අපව මහත් පීඩාවකට භාජනය කරන කරුණයි. සුද්දා අපට උරුම කර ඇති ප්‍රජාතන්ත්‍රවාදය යයි කියන යාන්ත්‍රණයෙන් එහා ගිය නව යාන්ත්‍රණයක් ගැන සිතීම පවා තහනම් යුගයක; අප මීලග ජනාධිපති වරණයෙන් ජය ගන්නා මහින්ද රාජපක්ෂ මහතා ලවා නව විප්ලවීය පාලන යාන්ත්‍රණයක් ගොඩනංවීමට බල කරමු.

    ReplyDelete