Friday 4 December 2009

විජාතික කුමන්ත්‍රනය විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ෙහලිකරයි-ජෙනරාල්ගේ ජයග්‍රහණයත් සමග ජී.එස්‌.පී. සහනය ලැබෙනවා සහතිකයි

පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලැබෙන බව සහතික යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (03 දා) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

විදේශ සංචාරයකින් පසු යළි මෙරටට පැමිණි අමරසිංහ මහතා ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාගැනීම පිළිබඳ තමන් සංචාරය කළ යුරෝපීය රටවල නායකයන් සමග සාකච්ඡා කළ බවද කීය. රටේ තත්ත්වය සලකා බලා ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදෙන ලෙස අප ඉල්ලීමක්‌ කළා. එම සහනය එපා කියා තිබෙන්නේ මේ ආණ්‌ඩුවයි. ආණ්‌ඩුවේ සමහරුන් ගැලරියට කළ රාජ්‍ය තාන්ත්‍රික නොවන කතා ඉල්ලා අස්‌කර ගන්නවා නම් ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදීමට හැකි බව එම රාජ්‍ය නායකයෝ ප්‍රකාශ කළා.

අප ප්‍රකාශ කළා අපි මේ රටේ වෙනසක්‌ කරනවා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්‌ථාපිත කරනවා. ඒ වෙනසෙන් පසු ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදෙන්න කැමැතිද කියා ඇසුවා. ඔවුන් ඊට එකඟ බව සහතික කළා.

No comments:

Post a Comment