Friday 11 December 2009

දේශෙද්‍ර`හී බලවේග කුමන වෙස්‌ ගෙන පැමිණියත් මවුබිමට එරෙහි සියලූ අභියෝග පරදවා - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය -දිවයින.

මවුබිමට එරෙහි වන සියලු අභියෝග ඉදිරියේ තමා මවුබිමේ ජයග්‍රහණයට කැප වන බවත්, දේශෙද්‍ර`හී බලවේග කුමන වෙස්‌ගෙන පැමිණිය ද තමාට පෙර රට ගැන සිතා රට ඉදිරියෙන් තබාගෙන කටයුතු කිරීම තම දේශපාලන දර්ශනය බවත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 08 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති සමථ මණ්‌ඩල නියෝජිත හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් කථා කළ ජනාධිපතිවරයා මෙසේද කීය.
අද දින සමථ මණ්‌ඩල සාමාජිකයෝ හමුවෙන්න අවස්‌ථාවක්‌ ලැබීම ගැන සතුටු වෙනවා. 1990 සමථ මණ්‌ඩලය ආරම්භ කළ දවසේ ඉඳලම රට පුරා විශාල මෙහෙවරක්‌ කරන්න සමථ මණ්‌ඩලයේ සාමාජික මහත්වරුන්ට පුළුවන්කම ලැබුණා. තමුන්නාන්සේලාට ආඩම්බර වෙන්න පුළුවන්. තමුන්නාන්සේලා කරන සේවය පිළිබඳව රටේ සියලු දෙනා ප්‍රශංසාවෙන් කතා කරනවා. ඒ බව නොයෙක්‌ පළාත්වලට ගියහම මට මුණ ගැහෙන පිරිස්‌ ඔබගේ සේවය ඉතාම ඉහළ මට්‌ටමින් කථා කරනවා. ඔබේ සේවය අගය කරනවා.
මම දන්නවා මේ රට නොයෙක්‌ දෙනා බේද භින්න කරවන්න හැදුවත් තමුන්නාන්සේලා ප්‍රාදේශීය මට්‌ටමෙන් මේ රට සමඟි සම්පන්න රටක්‌ කරන්න ලොකු සේවයක්‌ කරලා තියෙනවා. අතීතයේ අපේ සමාජය ගත්තොත් අපට තිබුණේ නඩු නැති සමාජයක්‌. ඒ එදා තිබුණ සාමූහික ජීවන ක්‍රමය නිසා. ඒ නිසා ප්‍රශ්න තිබුණේ නැහැ. එදා තනි තනිව ජීවත් වෙන්න කවුරුවත් හිතුවේ නෑ.
එදා ගමක කවුරුන් හෝ කෙනෙක්‌ සියදිවි නසා ගත්තොත් රඡ්ජුරුවෝ ඒ මුලාදැනියාටත්, මුළු ගමටත් දඩ ගහනවා. එහෙම දඩ ගහන්නේ ප්‍රශ්නයක්‌ තිබිලා රැක බලා ගත යුතු කෙනෙක්‌ව රැකබලා ගන්න ගමේ අය උදව් නොකිරීම නිසා. මිනිහෙකුට තනිවෙන්න, තනියෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්න, එදා තිබුණ සමාජයේ ඉඩක්‌ තිබුණේ නැහැ.
වැවේ මාළු ඇල්ලුවහම ඒකේ පළවැනි කොටස ගමේ ඉන්න වැන්දඹු කාන්තාවට දුන්නා. ඒ සමාජ ක්‍රමයේ නඩු යන්න තරම් බරපතල වැරදි සිද්ධ වුණේ කලාතුරකින්. තිබුණේ මේ සමථය. එදා සමථයකට පත් කරලා තීන්දුව දුන්නහම නැවතත් ඒ වරද ගැන ගමේ ගිහින් කථා කරන්න හිනා වෙන්න තහංචියි. ජයග්‍රාහී තීන්දුවක්‌ ගන්නේ ගමේ ගිහින් පාරම්බාන්න නොවෙයි. මහෞෂධ පඬිතුමා නඩු අහන්න කලින් විත්තියෙනුත්, පැමිණිල්ලෙනුත් අහනවා "නුඹලා දෙදෙනා මා කියන යුක්‌තියෙහි පිහිටවීද? කියලා. ඒ කියන්නේ මම දෙන විසඳුමට එකඟ වෙනවද කියලා. එහෙම අහලා පන්සිල් දීලා තමයි යුක්‌තිය විස¹ලන්න පටන් ගත්තේ. නමුත් අද නඩු අහලා සියයට සීයක්‌ සාධාරණ සැකයකින් තොරව හිරේ දැම්මහම එළියට දාන්නයි කියලා රට රටවල් ලවාත් බලපෑම් කරවනවා.
අධිකරණයේ නඩු අහලා තීන්දුවෙන් වැරදිකාරයා වුණහම අපට ලොකු බලපෑම් එනවා. නඩුවක්‌ අහලා සාක්‍ෂි අහලා අධිකරණයේ තියෙන නඩුව පිළිබඳ සෑහීමකට පත්වෙන්නේ නැතිනම් ඇපිල් අධිකරණයට යන්න ඕන. නැත්නම් යන්න පුළුවන් සුප්‍රීම් උසාවියට. සමහර වෙලාවට ඒක ආණ්‌ඩුවට ප්‍රශ්නයක්‌.
පසුගිය දවස්‌වල අධිකරණය දීපු නඩු තීන්දුවකින් මාධ්‍යවේදියෙක්‌ බන්ධනාගාරගත වුණහම රට රටවල් වලින් පවා අපට බලපෑම් කළා. යුද්ධ කරන කොටත් කරන්න එපා කියනවා. මානුෂික මෙහෙයුම් කරන කොට බලපෑම් කරනවා විතරක්‌ නොවේ අධිකරණය දෙන තීන්දුවලදීත් බලපෑම් කරන යුගයක්‌ මේක. පැහැදිලිවම අධිකරණ තීන්දුවලට ඇඟිලි ගහන්න අපට බැහැ."
නමුත් මිත්‍රවරුනි, අපේ සමථ ක්‍රමය තුළ අපට සාධාරණ විසඳුම් ලැබෙනවා. ඒ වගේම විශාල මුදලක්‌ ඉතිරිවෙන බව කියවෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්‌. නමුත් ලාභ නොවෙයි පහසුව නොවෙයි, සමථ ක්‍රමයෙන් ඊට වඩා වටිනා දෙයක්‌ රටට සිද්ධ වෙනවා. අපි රටට යුක්‌තිය ලබා දෙන්න ඕනෑම වියදමක්‌ දරන්න කැප කිරීමක්‌ කරන්න සූදානම්. වියදම් වැඩියි කියලා, දුෂ්කරයි කියලා වැඩ අත අරින ආණ්‌ඩුවක්‌ නොවෙයි මේ. නමුත් මුදල් ඉතිරි කරනවාට වඩා ලොකු වටිනාකමක්‌ සමථ මණ්‌ඩලවලින් කෙරෙනවා.
ගෙදර පොඩි ගැටුමක්‌ ඇති වුණත් බිරිඳට නීතිය හමුවට යන්න අයිතිය තහවුරු කරලා තියෙනවා. කතාවටත් කියනවා ස්‌වාමියා හා බිරිඳ අතර ගැටුම හොද්ද ඉදෙන තුරු විතරයි කියලා. නමුත් ගෙදර පොඩි ආරවුල නීතිය හමුවට ගියහම ඒක කෙළවර වෙන්නේ දික්‌කසාදයෙන්. ඒක පවුල ශක්‌තිමත් කරන්න හදන අපේ වැඩපිළිවෙළට එතරම් හොඳ නෑ. ඒ නිසා අපි මේ වගේ ගැටුම් විසඳන්න සමථ මණ්‌ඩලවලට බාර දෙන්න ඕනෑ කියලා මම හිතනවා. දේශපාලනයේදී කියන කතාව තමයි "සදාකාලික සතුරොත් නෑ. සදාකාලික මිතුරොත් නෑ" කියන එක. නමුත් ඒක අපේ සාමාන්‍ය ජන සමාජයෙත් තහවුරු කරන්න ඕනෑ. ජාතීන් අතර සතුරුකම් දුරු කරන්න කලින් ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනඟන්න කලින් තමන්ගෙ සහෝදරයා සමඟ අසල්වැසියා සමඟ මිත්‍ර වෙන්න ඕනෑ. එහෙම කරන්න බැරි නම් ජාතීන් සමඟි කරන්න ජාතීන් අතර මිත්‍රත්වය වපුරන්න බෑ.
අද ඉතා විශාල සංවර්ධනයක්‌ අපි උතුරෙත් නැගෙනහිරත් කරනවා. දැවැන්ත සංවර්ධනයක්‌ එක්‌කම ඒ ජනතාව අතරේ තියෙන මිත්‍රත්වයත් තහවුරු කරන්න ඕනෑ. ජීවත් වෙනකොට මුහුණ දෙන්න වෙන සුළු ආරවුල් ඒ ප්‍රදේශයේ ජනතාවටම නිරාකරණය කර ගන්න කිලිනොච්චියේ, මුලතිව්, වවුනියාව, වගේම මන්නාරමෙත් සමථ මණ්‌ඩල අපි පිහිටුවනවා. කොටි උසාවි වලින් තැළුණු ජනතාවට මේ සමථ මණ්‌ඩල සහනයක්‌ වේවි.
එදා කොටි උසාවිවල, සෙරප්පු දෙකක්‌ දැම්මොත්, රත්තරන් මාලයක්‌ දැම්මොත් ඒකටත් බදු ගෙවන්න නියම කරපු සමාජයක්‌ තිබුණේ. ගෙනයන හැම දේටම බදු ගහනවා. මේවා දැන් වෙනස්‌ වෙලා. මේ සමථ මණ්‌ඩල ලොකු සහනයක්‌ වේවි. මගේ විශ්වාසය කලක්‌ යන විට මේවා ධර්මාධිකරණ බවට පත්විය යුතුයි කියලයි.
රජයේ ආර්ථික ප්‍රතිපත්තිය, රාජ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ සමථයකට මඟ පාදනවා. මතට තිත තියලා මහ මඟ බෝක්‌කු බැමි උඩ ප්‍රසිද්ධියේ අරක්‌කු බීලා ගහබැන ගත්ත රටක්‌ මේ. දැන් පාරේ සිගරැට්‌ එකක්‌ බොන්නත් නීතියෙන් තහනම්. කව්රුවත් හිතුවේ නෑ ඒ වගේ දෙයක්‌ මේ රටේ කරන්න පුළුවන් වෙයි කියලා. පාතාලය රජ කරපු යුගයක්‌ තිබුණා මේ රටේ. ඒ නිසා මේවා මෙල්ල කරන්න ඕන වුණා. අපි යුක්‌තිගරුක සමාජයක්‌ බිහිකරන්න ගන්න පුළුවන් හැම ක්‍රියාවලියක්‌ම ගන්නවා. ඡන්දය නිසා බලයට කෑදරකම නිසා සමාජය වෙනුවෙන් ගන්න තීන්දු, අනාගත පරපුර වෙනුවෙන් ගන්න තීන්දු අපි වෙනස්‌ කරන්න සූදානම් නැහැ.
මේවා සමථකරණයට යුක්‌ති ගරුක සමාජයක්‌ බිහි කරන්න ආණ්‌ඩුවකට ගන්න පුළුවන් හොඳම පියවරවල්. මෙතෙක්‌ තිබුණ ආණ්‌ඩු රට වෙනුවෙන් තීන්දු ගන්න බැරිව හිටියා. අපි දේශපාලන භේදයෙන් ගම ගලවා ගත්තා. පවතින ආණ්‌ඩුවට සම්බන්ධ දේශපාලනඥයෙක්‌ හිටියොත් විතරයි ඒ ගමේ පාරට තාර ටිකක්‌ වැටුණේ. ගමේ බෝක්‌කුව හැදුණේ. ඒ ගමේ පාරට විදුලිය ලැබුණේ. ජලය ලැබුණේ. තමන්ගේ පක්‍ෂයේ අයට ජොබ් කාඩ් දීලායි රැකියා දුන්නේ. නමුත් අපි ඒ දේශපාලන භේදය ගමෙන් අයින් කළා. වෛරක්‌කාර පළිගැනීමේ දේශපාලනයෙන් රට මුදා ගන්න ලැබීම ජාතියට කරන්න ලැබුණ ලොකු සේවයක්‌. අපි වෙනසක්‌ බලන්නේ නැතිව ගමට මුදල් යවලා තියෙන්නේ. අපි ගමේ ආණ්‌ඩු පක්‍ෂයේ ජුන්ටාවල් හැදුවේ නෑ.
එකම රටක්‌ ඇතුළේ ජීවත් වෙනවයි කියන හැඟීම දැන් හැමෝටම තියෙනවා. මේවා ආරවුල්, ගමේ ආරවුල් අඩු කරන්න හේතුවක්‌. ගමේ දේශපාලන වෛරය අයින් කරනවයි කියන්නේ ගමේ ගැටලු විසඳන්න පහසුවක්‌. ඒ නිසා අපි මේ සමථ මණ්‌ඩල ධර්මාධිකරණ බවට පත් කරන්න නැතිනම් ධර්ම මණ්‌ඩල බවට පත් කරන්න අවශ්‍ය දේශපාලන වටපිටාව සකස්‌ කරලා තියෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා. සමථ මණ්‌ඩල නියෝජිතයෝ සියයට 70 ක්‌ රජයේ සේවකයන් වීම ගැන. ඒ උදවිය තමන්ගේ රටට විවිධ ආකාරයෙන් සේවය කරන්න සූදානම් බව පෙනෙන කොට මට දැනෙන්නේ ලොකු සතුටක්‌. ඒ වගේම ගොවියන්, ව්‍යාපාරික මහත්වරු සමථ මණ්‌ඩල සේවයෙහි යෙදෙනවා. ජීවිතය ඉතාම පරිනත රටේ ඉතාම පරිනත පිරිසක්‌ හැටියටයි ඔබව සලකන්නේ. ඒ නිසා ඔබට මේ රට ගැන හොඳ වැටහීමක්‌ තියෙනවා. ඓතිහාසික විජයග්‍රහණයක්‌ ලබපු මේ රට ආපහු හරවන්න සූදානමක්‌ තිබෙන බව ඔබට අමුතුවෙන් මා පෙන්වා දිය යුතු නෑ.
රටට ෙද්‍ර`හි වුණ බලවේග එක පෙළකට එකතු වෙලා තියෙනවා. මේ පිටුපස ක්‍රියාත්මක වෙන්නේ කවුද කියලා ඔබට පෙනෙන්න ඕනෑ. එක්‌තරා පුවත්පතක කියලා තිබුණා මේ රටේ ජාතික නිදහස්‌ සටනට එල්ල කරන අවසාන අභියෝගය මේක බව. ප්‍රභාකරන් ලවා ආයුධයෙන් කර ගන්න බැරි වුණ දේ මේ සමහරුන් හිතනවා ඩොලරයෙන් කරගන්න පුළුවන් කියලා.
අපි අතර, ජාතීන් අතර භේද වපුරන්න ප්‍රභාකරන්ට බැරි වුණ දේ ඇති කරන්න කටයුතු කරන කණ්‌ඩායම් ඉන්න බව ඔබට වැටහෙනවා ඇති. ඔබ හොඳට ඇහුම්කන් දීගෙන හිටියොත් ඔවුන් කියන දේවල් පිළිබඳ සත්‍ය රටට අවබෝධ කර ගන්න වැඩි කල් යන්නේ නෑ.
අපි හැමදාම කිව්වා මට වැදගත් වන්නේ පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් මේ මව් රටයි කියලා. මට වඩා මම රටට ආදරෙයි. අපි සිටිය යුත්තේ තමන්ට වඩා රට වැදගත් තැන තබා. ඒ නිසා ඔබ අප සියලු දෙනා අපේ මාතෘ භූමිය මේ ආරක්‍ෂා කර ගත්තා වගේම මෙය රැකගන්න රට ඒකීය රටක්‌ බවට පත් කළා වගේම මේ සියලු ජන කොටස්‌ අතර ජාතික අභිමානයක්‌ ඇති කරගෙන උතුරේ වේවා, දකුණේ වේවා, මේ සියලු දෙනාටම ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් වශයෙන් සමඟියෙන් ජීවත්වන පුළුවන් සමාජයක්‌ අපට ගොඩනඟන්න ඔබ සියලු දෙනාගේම ඒ වගකීම තිබෙන බව සිහිපත් කරනවා. ඒ වගේම මේ මාතෘ භූමිය ඔබගේ අනාගත පරපුර වෙනුවෙන් ගොඩනගන්න අත්වැල් බැඳගන්න කියා ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්‌ ප්‍රාර්ථනා කරනවා.
රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මේ සභාවේ සිටින්නේ අප රටේ සුවිශේෂ ගෞරවයට ලක්‌ වූ පිරිසක්‌. ලංකාවේ අස්‌සල් මුල්ලක්‌ නෑර නියෝජනය වනවා ඔබ. සමථ මණ්‌ඩලවල අදහස ඈත අතීතයේ සිට පෙරදිග රටවල තිබූ දෙයකි. නුවර කලාවියේ වරිගසභා තිබුණා. ඒ කාලයේ එමගින් ඒ ගමේ තිබූ ප්‍රශ්න ගමේ ප්‍රධානීන් එකතු කරලා කවුරුත් පිළිගත්තා අවසාන නිගමනයකට ගියා.
එදා කොළඹට පමණක්‌ බස්‌නාහිර පළාතට පමණක්‌ සීමා වී තිබූ සංවර්ධනය හම්බන්තොට, මහනුවර වගේ අනෙකුත් පළාත්වල සිදුකෙරෙනවා. රට එක්‌තරා සැලැස්‌මක්‌ අනුව ඉදිරියට යන මේ අවස්‌ථාවේ ඔබගේ සහයෝගය අවශ්‍යයි. සමථ මණ්‌ඩල වැදගත් දිනන්නේ පරදින්නේ නොමැති තීන්දු දෙන ස්‌ථානයක්‌. සමාජ ස්‌ථාවරය උඩයි සමථ මණ්‌ඩල ඉදිරියට යන්නේ. ඔබ කරන්නේ සුවිශේෂී මෙහෙවරක්‌. සම්මුතියෙන් තීන්දු ගන්න. සාකච්ඡා කරන්න යන සංස්‌කෘතිය වැදගත්.
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා, අධිකරණ අමාත්‍යාංශයට සමාජයට අතිශයින් වැදගත් කාලෝචිත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බව සඳහන් කිරීම අතිශයෝක්‌තියක්‌ නොවේ. යාපනය දිස්‌ත්‍රික්‌කයේ සමථ මණ්‌ඩල 11 ක්‌, මඩකලපුවේ 14 ක්‌, ත්‍රිකුණාමලයේ 14 ක්‌ අද ක්‍රියාත්මක වෙනවා. ඉන් පැහැදිලිව පිළිබිඹු වෙනවා රටේ ඒකාග්‍රභාවය. පසුගිය දශක තුන තුළ රට සංවර්ධනය කිරීමට මූලික බාධකයක්‌ වුණා ත්‍රස්‌තවාදය. අද ජනාධිපතිතුමාගේ ධූරදර්ශී වැඩපිළිවෙළ නිසා එය ඉතිහාසයට සීමාවෙලා. අද සාමය තියෙනවා. ආත්ම ගරුත්වයක්‌ ඇතිව ජීවත් වෙන්න පුළුවන් යුක්‌තිගරුක සමාජයක්‌ සඳහා නීතිය ඉතා වැදගත්.
අධිකරණ හා නීති ප්‍රතිසංස්‌කරණ නියෝජ්‍ය ඇමැති වී. පුත්‍රසිගාමනී මහතා මේ රටේ සුළු ජාතීන් මහ ජාතීන් කියලා කොටසක්‌ නැති බවයි ජනාධිපතිතුමා කියන්නේ. එය තහවුරු කරන්න පුළුවන් ඔබටයි. ඔබ ළඟට එන සියලු ජාතීන්ට ඒ අයගේ ජාතිය භාෂාව අනුව නොබලා සෑම දෙනා දෙස එක සමානව බැලිය යුතුයි. සමථ මණ්‌ඩලවලින් ප්‍රශ්න 100% ඵල නෙළන්න පුළුවන් වන්නේ එවිටයි. ජනපතිතුමා දෙමළෙන් කතා කරනවා. ඒක ඉතාමත්ම අවශ්‍යයි. භාෂාවන් දැන ගැනීම තරම් තවත් ලොකු සම්පතක්‌ නෑ. අපි පාසලේ සියලු ජාතීන් සමඟ එකට වාඩිවෙලා ඉගෙනගත් නිසා ජාතීන් අතර වෙනසක්‌ දැනුනේ නෑ. සියලු ජාතීන් එක්‌කිරීමට දායක විය හැක්‌කේ ඔබටයි. ඔබලා හමුවට එන ප්‍රශ්න විසඳීමේදී ක්‍රියාකරන ආකාරයෙන් මෙම ප්‍රශ්නය විසඳිය හැකියි.
අධිකරණ හා නීති ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද කේ. ගම්ලත් මහතා ඔබ ඉතා විශාල කාර්යභාරයක්‌ කරන්නේ. තම සේවය ස්‌වේච්ඡාවෙන් කැප කරලා යුක්‌තිගරුක සමාජයක්‌ රටේ පවත්වාගෙන යැමට ඔබ කරන කාර්යභාරය වචනවලින් කියා නිම කරන්න බැහැ. අද යාපනයේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්‌වා රටේ සෑම ප්‍රදේශයකින් ම සමථ මණ්‌ඩල සාමාජිකයන් මෙහි පැමිණ සිටිනවා.
සමථ කොමිෂන් සභාවේ සභාපති විනිසුරු හෙක්‌ටර් යාපා මහතා රටක ශ්‍රේෂ්ඨත්වය ර¹පවතින්නේ රටේ පුරවැසියන්ගේ ශිෂ්ඨ සම්පන්න, යුක්‌තිගරුක භාවය උඩයි. අතීතයේ සිට මිනිසා ගැටුම් විසඳගන්න නොයෙක්‌ මාර්ග බැලුවා. අද වැඩි දෙනෙක්‌ පුරුදු වී සිටින්නේ ප්‍රශ්නයක්‌ ඇති වූ විට උසාවිය හමුවට යැමයි.
අධිකරණ ඇමැති මිලින්ද මොරගොඩ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

No comments:

Post a Comment