Tuesday 8 December 2009

රොබට්‌ බ්ලේක්‌ගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඔබ්බට යැම

කීර්ති වර්ණකුලසූරිය -දිවයින
දෙදිනක සංචාරයක්‌ සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ අද (8 දා) මෙරටට සම්ප්‍රාප්ත වේ.

ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා යෑයි දක්‌වමින් බ්ලේක්‌ මෙරටට පැමිණෙන බව පැවසුවත් ඔහුගේ මෙම සංචාරය අතිශයින්ම සැක සහිතය.මෙරට හිටපු ඇමරිකානු තානාපති වූ රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්වූ වාර්තාවේ නිර්මාතෘ යෑයි හඳුන්වනු ලබයි.
වන්නි මෙහෙයුම දියත්වීමත් සමගම බ්ලේක්‌ රඟදැක්‌වූ රංගනය කුමක්‌දැයි සනාථ විය. යුද ජයග්‍රහණයකින් ප්‍රශ්න විසඳිය නොහැකි යෑයි ඔහු කීප විටක්‌ම කියා සිටියේය.


යුද මෙහෙයුමේ අවසාන කාලය තුළ ඔහු හමුදාපතිවරයා හමුවීමට ගොස්‌ තත්ත්වයද විමර්ශනයට ලක්‌ කළේය.


රොබට්‌ බ්ලේක්‌ මෙරටට පැමිණීමට පැය 48 කට පෙර ඇමරිකානු බරක්‌ ඔබාමා රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන නව පිළිවෙත සති දෙකක්‌ තුළ ප්‍රකාශයට පත් කරන බව පැවසුවාය.


ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට අදාළ නව පිළිවෙතට සම්බන්ධ වාර්තාවක්‌ ද සකස්‌ වී ඇත. ඇමරිකානු සෙනෙට්‌ සභිකයන් වූ රිචඩ් ලුගර් සහ ජෝන් කෙරි විසින් සකස්‌ කළ මෙම වාර්තාවේ කොටසක මෙලෙස සඳහන් විය.


"යුරෝපය, මැදපෙරදිග සහ ආසියාව සම්බන්ධ වන ඉන්දීය සාගරයේ අතිශයින් වැදගත් වන නාවික වෙළෙඳ මාර්ගයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. මේ නිසා ඇමරිකානු බලධාරීන් අඩු එදිරිවාදිකම් මත ශ්‍රී ලංකාව සමග කටයුතු කළ යුතුය.


මේ වාර්තාවෙන් පිළිබිඹු වන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මැදිහත් වන බවයි. මෙලෙස ඇමරිකානු වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම පෙන්නුම් කරද්දී එහි පරිච්ඡේදයක මෙලෙස දක්‌වා ඇත. "යුද්ධය නිමාවීමෙන් පසු නව දේශපාලන හා ආර්ථික ක්‍රියාමාර්ග සඳහා ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව සමග පවත්වන සම්බන්ධතාව නැවත අධ්‍යයනයකට ලක්‌ කළ යුතුය.


සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ මෙරටට පැමිණෙන්නේ එA සඳහා ක්‍රියාත්මකවීමට බව දැන් සක්‌සුදක්‌ සේ පැහැදිලිය.


පකිස්‌තානයේ මහා මැතිවරණය පැවැත්වෙද්දී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනකු පැමිණ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ සහ අනිකුත් දේශපාලනඥයන් සමග සාකච්ඡා කර ඇත.


ඉන් පසු පකිස්‌තානයේ හටගත් අරාජික තත්ත්වය ගැන කිවයුතු නැත. දැන් රොබට්‌ බ්ලේක්‌ මෙරට පැමිණෙන්නේ ද එවැනි ක්‍රියාදාමයකටය.


ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ උපදෙස්‌ නොතකා ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතක කණ්‌ඩායමට එරෙහිව දියත් කළ වන්නි මෙහෙයුමින් කොටි පරාජය වීම නිසා බ්ලේක්‌ ඇතුළු ඇමරිකානු බලධාරීන්ට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින රජය වෙනස්‌ කිරීමය.


මෙය තවදුටත් සනාථ වන්නේ පරාජයට පත්වූ කොටි ත්‍රස්‌තයන්ව පුනරුථාපනය කිරීමට ඇමරිකාව විසින් අරමුදල් සැපයීමයි.


ඇමරිකාවේ මේ පිළිවෙත අල්කයිදා සහ තාලිබාන් ත්‍රස්‌තයන්ට බලපාන්නේ නැත. ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමට ඇමරිකාව ඉදිරිපත් නොවෙයි.


රොබට්‌ බ්ලේක්‌ මෙරටට එන අවස්‌ථාවේ තවත් කුමන්ත්‍රණයක්‌ අනාවරණය විය. එA පීස්‌ ඇන්ඩ් වර්ල්ඩ් පෝරම් නමැති රාජ්‍ය නොවන සංවිධානයක්‌ මෙහෙයවන සිංහල කථිකාචාර්යවරයකු යෑයි හඳුන්වා ගන්නා ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තකු විසින් ජනවාරි 14 සහ 15 යන දෙදින තුළ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේදී ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට විමර්ශනය කිරීමේ ක්‍රියාදාමයක්‌ මෙහෙයවීමයි. මෙය ජනතා විනිශ්චය සභාව නමින් හඳුන්වනු ලබයි. මෙකී හොර විනිශ්චය සභාවට සාක්‌කි දෙන ලෙස එන්නැයි අතරමැදියන්ට නීති හා මානව හිමිකම් කණ්‌ඩායම්වලට (ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුරෝපා සංගමය) හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඇරයුම් කර ඇතැයි අනාවරණය වේ.


මේ විනිශ්චය සභාවේ සොයා ගැනීම් ජනවාරි 16 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන බවටද වාර්තා වී තිබේ. මෙකී හොර විනිශ්චය මණ්‌ඩලයට ඉන්දියාවේ හිටපු විනිසුරුවරයකු වූ රාජින්දර් සවාර් ඇතුළු එකොළොස්‌ දෙනෙක්‌ අයත්වේ. එහෙත් මේ හිටපු විනිසුරු සචාර් කවුද හා ඔහුගේ ක්‍රියාදාමය ඉන්දීය පරිපාලන සේවාවේ හිටපු නිලධාරියකු වූ සුන්දරම් විසින් හෙළිකර ඇත.


ඉන්දීය මුස්‌ලිම්වරුන්ගේ සමාජ හා ආර්ථික ක්‍රියාදාමයන්ට අදාළ කරුණු සෙවීමට ඉන්දීය රජය පත් කළ සවාර් කමිටුව දැවැන්ත දේශපාලන වංචාවක්‌ කළ බව සුන්දරම් විසින් අනාවරණය කරනු ලැබීය. (Jමිඑසජැ Saජය්ර ඤපපසඑඑee.s ඨසටබ්එසජ ඡදකසඑසජ්ක රේමා - ඪග Sමබාaර්ප ෂ්S)


මේ නිසා ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සෙවීමට පත්කර ඇති මෙම හොර විනිශ්චය මණ්‌ඩලයට මෙවැන්නකු ගෙන්වීමේ අරමුණ සනාථ නොවන්නේද? එසේම අයර්ලන්තයේ ඩබ්ලින් නුවර අයිරිශ් ස්‌කුල් ඔෆ් ඔකුයුමිනික්‌ස්‌ ඇට්‌ ටි්‍රනිටි කොලේ- නමැති විදුහල හා පීස්‌ ඇන්ඩ් වර්ල්ඩ් පෝරම් නමැති මෙම රාජ්‍ය නොවන සංවිධාන මෙලෙස හිටිහැටියේ යුද අපරාධ ගැන සෙවීමට මැදිහත්වී ඇත්තේ ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.


ජනාධිපතිවරණය 26 වැනිදා පැවැත්වීමත් ඊට දින 10 කට පෙර මේ හොර ජනතා විනිශ්චය මණ්‌ඩලයත් අතිවිශාල මුදලක්‌ වැය කර පැවැත්වීමත් නිසා කුමන්ත්‍රණය ගැන තවදුරටත් කිවයුතු නැත.


දින දෙකක්‌ තුළ යුද අපරාධ ගැන සෙවිය හැකිද? ජාත්‍යන්තර අධිකරණයට පවා යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට දිගු කලක්‌ ගත විය.


මේ නිසා ඩබ්ලින් නුවර සිටින මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියා මෙහෙයවන කොන්ත්‍රාත්තුව පසුපස සිටින්නේ කවුරුන්ද යන්න පැහැදිලිය.


රොබට්‌ බ්ලේක්‌ගේ පැමිණීමත් ඇමරිකානු ශ්‍රී ලංකා නව පිළිවෙත ප්‍රකාශයට පත් කිරීමත් යුද අපරාධ පිළිබඳ සෙවීමේ හොර ජනතා විනිශ්චය සභාවත් එකම දම්වැලේ බැඳි පුරුක්‌ය. "මානව හිමිකම් යනු ලෝකයේ ඇති හොඳම කර්මාන්තයක්‌" යෑයි අයර්ලන්ත දේශපාලනකයකු වූ ප්‍රින්ගල් වරක්‌ පැවසීය.


දැන් අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට ක්‍රියාත්මක වන්නේ ද එවැනි මෙහෙයුමකි. ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට චෝදනා කරන මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු අයි.ආර්.එA. සංවිධානය සිදු කළ ත්‍රස්‌ත ක්‍රියා සහ අපරාධ ගැන විමර්ශනය නොකරන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.


රාජ්‍ය නොවන සංවිධාන අතිවිශාල මුදල් සම්භාරයක්‌ වැය කරමින් මෙරට යළිත් වරක්‌ අරාජික තත්ත්වයක්‌ ඇති කිරීමට උත්සාහ කරන බව අපි පසුගිය සතියේ පෙන්නුම් කළෙමු.


ජනවාරි 14 සහ 15 යන දිනවල අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පැවැත්වෙන්නේ ද එකී ක්‍රියාදාමයේ කොටසකි.


කොටි දේශපාලන නායක තමිල් සෙල්වන් ඇතුළු කණ්‌ඩායම පසුගිය 2007 වසරේ රහස්‌ සාකච්ඡා පැවැත්වූයේ ඩබ්ලින් නගරයේ බව ද සිහිපත් කළ යුතුවේ.


මේ අතර නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රම් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ පීටර් හේස්‌ පසුගිය සෙනසුරාදා යාපන අර්ධද්වීපයට පැමිණ ආරක්‍ෂක බලධාරීහු හමුවී සාකච්ඡා පවත්වා ඇත.


මොවුන්ගේ මෙම හදිසි සංචාරයේදී මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු විදේශ සංවිධාන ප්‍රධානීන් හා එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ. මේ කුමක්‌ පිණිසද?


බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ හා නෝර්වේ තානාපතිගේ මේ යාපන සංචාරය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌ නොවේද? ඉන්දියාව ඇසැම් ප්‍රාන්තයට එරට බ්‍රිතාන්‍ය හා නෝර්වේ තානාපතිවරුන්ට යැමට කිසිසේත් ඉඩ නොදේ. මේ නිසා මේ තානාපතිවරුන්ගේ යාපන සංචාරය දැඩි සැකයට ලක්‌විය යුතුය.

1 comment:

  1. Our people always let the things grow up to till cut from axe.Whay dont kick this asshole on time?
    Time to wake up- our people.Oppositions and all aganist the president are the CIA.Specialy Rohitha bogollagama-Moragoda-Kohona.This shits came from no where.they do good part of CIA drama.

    ReplyDelete