Thursday 3 December 2009

"මේ රටේ පක්ෂ දේශපාලනය නිසා නිදහස ලබලා අවුරුදු 61ක් තිස්සේ අපි උඩ බලා ගෙන කෙළ ගහ ගත්තු මිනිස්සු කොටසක් වුණා". - ජී. ආර්. පෙරේරා

මනෝලි සුබසිංහ දිනමිණ

මම ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්න දෙයක් තමයි මේ රටේ පක්ෂ දේශපාලනය නිසා නිදහස ලබලා අවුරුදු 61ක් තිස්සේ අපි උඩ බලා ගෙන කෙළ ගහ ගත්තු මිනිස්සු කොටසක් වුණා. අලුත් දෙයක් කියලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් අපට දීලා ගියා. නමුත් සුද්දෝ දැන ගෙන ඉන්න නැතිව ඇති අපි බුද්ධ ධර්මයත් එක්ක අවුරුදු 2500ක් පුරාවට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති වින්ද බව.

බෞද්ධ ධර්මයේ තරම් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ තැනක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. මේ බහු පක්ෂ අපි කියා ගන්නා විට අපි දැන ගෙන හිටියේ නැහැ එහි අනර්ථය කොච්චරද කියලා. මේ බහු පක්ෂ දේශපාලන ක්‍රමය නිසා (අපේ රටේ ලියාපදිංචි කළ දේශපාලන පක්ෂ 57ක් ඇත) ජාතියක් හැටියට හැමදාම නැඟී සිටීමේ අපේ තිබූ සමඟි බලය අද නැති වෙලා ගිහින් තියෙනවා.

මෙවැනි තත්ත්වයක් තිබෙන අතරේ අපට කලාකරුවන් හැටියට සරත් ෆොන්සේකාගේ භූමිකාව දිහා බලන විට ලොකු වේදනාවක් දැනෙනවා. ප්‍රතිපත්තියක් හැටියට මම කවදාවත් දේශපාලන නායකයකුට දොස් කියලා නැහැ. කලාකරුවන් හැටියට මට තියෙන වේදනාව දැන හෝ නොදැන හෝ මෙතරම් වටිනා පුද්ගලයෙක් මේ වගේ උගුලකට අහු වුණේ කොහොමද කියලයි.
එතුමා යුද ශිල්පයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදීන්ගේ උගුල්වලට අසු නොවී යුද්ධය ජයග්‍ර‍්‍රහණය කරවන්නට උදව් කළ එක ඇත්ත. නමුත් මට කනගාටු එතුමා තේරුම් අරගෙන නැහැ ; දේශපාලන උඟුල්වලින් බේරෙන හැටි. විවෘත මනසකින් බලන විට මට නම් පෙනෙන්නේ මේ පිටු පස්සේ සුළුවෙන් බැහැර කළ නොහැකි අති දැවැන්ත විදේශ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. මොකද අපි පැහැදිළිව දැකලා තියෙනවා.

CIA සංවිධානය ඇතුළු බටහිර බලවතුන් තමන්ට අවනත නොවන රාජ්‍ය පාලකයින් එකළොස් දෙනෙක් දැනට ඝාතනය කර තිබෙනවා. විවිධ කුමන්ත්‍රණ හරහා ඒ හා සමාන පිරිසක් බලයෙන් පහ කර තිබෙනවා.

අපි දන්නවා ලෝකයේ බටහිර බලවේගවලට අවනත නොවූ ජීවමානව සිටින එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි. එනිසා අපි හැමෝගෙම යුතුකමක් තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොන විදියකින් හරි ආරක්ෂා කර ගන්න. අපිට ආදරය කරන සකල පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ඉල්ලන්නේ එච්චරයි.

කලාකරුවන් හැටියට පසුගිය ජනාධිපතිවරණයේ දී සමස්ත කලාකරුවන් එකාවන්ව එකතු වී අපගේ යුතුකම ඉටු කළා. එහි කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. අපේ ප්‍රධාන ඉල්ලීම වුණේ කලාකරුවන්ගේ මැසිවිලි වෙනුවෙන් පෙනී සිටින්නට නෙමෙයි. යුද්ධය නිමා කිරීම අපගේ් ප්‍රධාන ඉල්ලීම වුණා. අපි බලාපොරොත්තු වූවාටත් කලින් ජනාධිපතිතුමා ඒ පොරොන්දුව ඉෂ්ට කළා.

අපි ජනාධිපතිතුමාට මේ හතර අවුරුද්ද තුළ කලාකරුවන්ට කළ යුතු කාර්යභාරය අපි මතක් නොකළේ පළමු ඉල්ලීම එතුමා සියයට දෙසීයක් කැප වී කළ නිසයි. ඒ ගැන කලාකරුවන් හැටියට අපට විශාල සතුටක් තියෙනවා. මොකද කලාව පවතින්න නම් රටක සංවර්ධනය වගේම සාමයත් අවශ්‍යයි. ඒ දෙක නැති තැන කලාකරුවා වනාහි හුදකලා වූ ප්‍රපංචයක් විතරයි.

අද අපට මේ රටේ සංවර්ධන කටයුතු කෙරෙන බව පැහැදිළිව දකින්නට තියෙනවා. එතුමා ප්‍රමුඛ රජය විශාල සංවර්ධන වැඩකොටසක් කරලත් තියෙනවා. තවදුරටත් කරමින් පවතිනවා. මේ සංවර්ධන කටයුතු එතුමා කළේ යුද්ධයත් එක්කයි. යුද්ධය ජයග්‍රහණය කරන ගමන්, සංවර්ධන කටයුතුත් මේ දෙකම එකට සිදුවිය යුතුය කියන සිතිවිල්ලේ දැඩිව සිටි එකම නායකයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න පුළුවනි.

සංවර්ධනයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක අපේ ඇස් දෙකට පෙනෙන්න තියෙනවා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වන්දනා ගමනක් යන කෙනෙකුට මේවා ඇස් පනා පිට දකින්න තියෙනවා. නිදර්ශනයක් හැටියට කිව්වොත් දැන්ම ගිහින් පාරවල් හොයා ගත්තේ නැත්නම් තව අවුරුදු දෙකකින් ඒ පාරවල් වල යන්න බැරි වෙයි. ඒ තරමට සංවර්ධනයක් රට වටේම සිද්ධ වෙනවා. මාර්ග පද්ධතියේ මොනතරම් නම් දියුණුවක් තියෙනවාද ?.

මලයාසියාවේ මහතීර් මොහොමඩ් ජනාධිපතිතුමා රටේ ජනතාවගෙන් බැණුම් අහගෙන පළමු ජනවරමින් සමස්ත මාර්ග පද්ධතියම සකස් කළා. එතුමා පත්වී ඊළඟ අවුරුදු පහ තමයි ඒ රටේ විශිෂ්ට ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේ. එතුමා ඒ දේවල් කෙළේ යුද්ධයක් නැතිව තිබිද්දීයි.
ඒ නිසා අපි හොඳින් අවබෝධ කරගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අවුරුදු හතරකට අඩු කාලයකින් යුද්ධය අවසන් කළා. වගේ ඉදිරි අවුරුදු හය එතුමාට ලබා දුන්නොත් මේ කර ගෙන යන සංවර්ධන කටයුතු ටික පමණක් අවසන් කළත් මහාතීර් මොහොමඩ් මැලේසියාව කළාටත් වඩා දෙයක් අපිට ඊළඟ අවුරුදු පහේ දී දකින්න ලැබේවි. මේ සංවර්ධන කටයුතු එක්ක අපේ රටේ මිනිස්සුගේ අත මිට සරුවෙයි.

කොයි දේ පවතින්නත් සල්ලි අවශ්‍යනේ එතකොට මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ නැහැ. නාට්‍ය බලන්න එන්නේ නැහැ කියලා මැසිවිලි නැති වෙයි. මේ රට එක්සත් කිරීමට රාජ්‍ය පාලනයේ රුහුණු පූණ්‍ය භූ®මියෙන් පහළ වෙලා තියෙන්නේ අවුරුදු 895කට පස්සෙයි. ඒ නිසා මෙය ඓතිහාසික සිදු වීමක්.

No comments:

Post a Comment