Saturday 12 December 2009

සුදුස්‌සා තේරීම ජනතාවට බාරයි

දයාන් ජයතිලක විසින් 2009 දෙසැම්බර් 7 වැනිදා "දි අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකි. සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ.-දිවයින

මා දකින ආකාරයට අද පවතින ප්‍රශ්නය "බලතුලනය" පිළිබඳ ප්‍රශ්නයකි. එය මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා දෙපළ විසින් නියෝජනය කෙරෙන සිවිල් සහ හමුදා පාලනයේ බලතුලනය පිළිබඳ ප්‍රශ්නයකි. එබැවින් එය පවුල්වාදය පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවේ. යුද්ධය පවතින කාලයේ සිදුවුණේ රාජ්‍යය පාලන බලය යුද්ධ හමුදාව වෙත තල්ලුවීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකාට අවශ්‍ය වුණේ එම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීමටයි. එහෙත් රටට සාමය උදාවූ පසු මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය වුණේ එම බලය නැවත සිවිල් පාලනය දෙසට ඇදගනිමින් සිවිල් පාලනය තහවුරු කරමින් ජනවරමින් තේරීපත්වන ජනාධිපතිවරයාගේ ස්‌වාධිපත්‍යය තහවුරු කිරීමටයි.මේ රටේ සමස්‌ත ජනතාවම අද තීරණාත්මක මොහොතකට එළඹ තිබෙන බව සඳහන් කළ යුතුයි. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ සහ ජනරාල් සරත් ෆොන්සේකා අතරින් කවුරුන් මෙරට ජනාධිපති ධුරය සඳහා තෝරාගත යුතුද යන්න මෙරට ජනතාව විසින් ගත යුතු එම තීරණාත්මක තීන්දුවයි.


මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකාට පක්‍ෂව සහ විපක්‍ෂව අදහස්‌ දක්‌වමින් ජනමාධ්‍යය වෙත ලියවුණු ලිපි අතරින් මගේ සැලකිල්ලට යොමුවූ ලිපියක්‌ සම්බන්ධයෙන් සඳහන් කළ යුතුයි. මුතු පද්මකුමාර දෙසැම්බර් 4 වැනිදා "ඩේලි නිවුස්‌" පුවත්පතට ලියූ ලිපිය මගින් මේ සම්බන්ධයෙන් මතුකර ඇත්තේ වැදගත් කරුණකි. ඇය පෙන්වා දී ඇත්තේ මෙරටේ ජනාධිපති තනතුර සඳහා යමකු සතු වියයුතු අත්දැකීම සහ පළපුරුද්ද ඉතා වැදගත්වන බවයි. පළපුරුද්දක්‌ නොමැති අයකු එවැනි භාරදූර වගකිවයුතු තනතුරකට නුසුදුසු බවයි ඇය සිය ලිපිය මගින් නිගමනය කර ඇත්තේ. යමකු රාජ්‍යය හෝ පෞද්ගලික අංශය වේවා යම් සංවිධානයක ඉහළ තනතුරක්‌ අපේක්‍ෂා කරන්නේ නම් ඔහුට එA සඳහා අවශ්‍ය කෙරෙන අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුව තිබිය යුතු බව අප කවුරුත් පිළිගන්නා මූලික කරුණකි. යම් අයකු වෙත අධ්‍යාපන සුදුසුකම් මෙන්ම එම කාර්යයට අදාළ පුහුණුව යන දෙකම පවතින්නේ නම් ඔහු සුවිශේෂ වශයෙන් අපේක්‍ෂිත තනතුරට සුදුසුකම් ලබනු ඇත.

ඇමරිකාවේ නව ජනාධිපති "බරක්‌ ඔබාමා" උසස්‌ අධ්‍යාපනයක්‌ ලද පුද්ගලයකු පමණක්‌ නොව ඔහු ප්‍රජා සංවිධායකු, දක්‍ෂ නීතිඥයකු සහ ඇමරිකානු සෙනට්‌ සභාවේ සභිකයකු ද විය. මෙම තත්ත්වය හා සස¹ බලන කල ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදා නිලධාරියකු වශයෙන් හතළිස්‌ වසරක අත්දැකීමක්‌ ඇතත්, ශ්‍රී ලංකාවේ දේශපාලනය හෝ සිවිල් පරිපාලනය පිළිබඳ කිසිදු අත්දැකීමක්‌ නොමැති බව පිළිගත යුතුය. "අයිසන්හවර්" ජනාධිපති ධුරයට පත්වූයේ 1953 මිස 1945 නොවන බව මෙහිදී සිහිගැන්විය යුතුයි. එම කාල පරාසය තුළ "අයිසන්හවර්" ඇමරිකාවේ "අයිවි ලීග්" ගණයට ගැනෙන එමෙන්ම ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලයක්‌ ලෙස සැලකෙන කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලො බැන්ග් බැන්ග් ජනාධිපති ධුරයට පත් වුණේ 1965 සිට වර්ෂ 2000 දක්‌වා ඉන්දුනීසියාව පාලනය කළ හමුදාව තුළිනි. ජෙනරාල් "කොලින් පවෙල්" ඇමරිකාවේ ජනාධිපති ධුරයට ඉදිරිපත් වේයෑයි විශ්වාස කෙරුණත් පසුව ඔහු කටයුතු කළේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා ලෙසයි. ඇමරිකා එක්‌සත් ජනපද යුද හමුදාවේ ප්‍රධානි ජෙනරාල් "ඩේවිඩ් පෙට්‍රොස්‌" ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වේයෑයි ආරංචි මාර්ගවලින් සඳහන් වෙයි. ජෙනරාල් "පෙට්‍රොස්‌" උගත් පුද්ගලයකු මෙන්ම සටන්කාමියෙකි. ඔහු ආචාර්ය උපාධියක්‌ සහිත ඉතිහාසඥයකු වන අතර ජාත්‍යන්තර නීතිය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන "රිචඩ් ෆොaක්‌"ගේ ගෝලයෙකි.

ජෙනරාල් සරත් ෆොන්සේකාට මෙවැනි සුදුසුකම් තිබේද යන්න සැක සහිතය. එහෙත් මෙහිදී යමක්‌ සඳහන් කළ යුතුයි. යම් හෙයකින් ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් එසේත් නැත්නම් ඇමැතිවරයකු වශයෙන් ටික කලකට හෝ සේවය කළේ නම් ඔහුට අනාගත ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස සුදුසුකම් ලබන්නට ඉඩ තිබිණි.
රාජපක්‍ෂ සහ ෆොන්සේකා සංසන්දනය කිරීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳ විවිධ අර්ථකථනයන් ඇති බව පෙනී යයි. ඇතැම් අය රාජපක්‍ෂ වෙත ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරන්නේ "පවුල්වාදය" රජකරවීමට උත්සාහ දරන බවයි. (1970 සිට 1977 දක්‌වා බණ්‌ඩාරනායක පවුල සම්බන්ධයෙන්) එවැනි තත්ත්වයක්‌ ඇතිවීමට ඉඩ ඇති වුවත් අද රටේ පවතින්නේ වෙනත් ප්‍රශ්නයකි. මා දකින ආකාරයට අද පවතින ප්‍රශ්නය "බලතුලනය" පිළිබඳ ප්‍රශ්නයකි. එය මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා දෙපළ විසින් නියෝජනය කෙරෙන සිවිල් සහ හමුදා පාලනයේ බලතුලනය පිළිබඳ ප්‍රශ්නයකි. එබැවින් එය පවුල්වාදය පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවේ. යුද්ධය පවතින කාලයේ සිදුවුණේ රාජ්‍යය පාලන බලය යුද්ධ හමුදාව වෙත තල්ලුවීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකාට අවශ්‍ය වුණේ එම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීමටයි. එහෙත් රටට සාමය උදාවූ පසු මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය වුණේ එම බලය නැවත සිවිල් පාලනය දෙසට ඇදගනිමින් සිවිල් පාලනය තහවුරු කරමින් ජනවරමින් තේරීපත්වන ජනාධිපතිවරයාගේ ස්‌වාධිපත්‍යය තහවුරු කිරීමටයි.

පාකිස්‌තානයේ, ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට පෙර එරට හමුදාව ක්‍රියා කළ ආකාරයට තීරණ ගැනීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා විසින් නිශේධ බලය පාවිච්චි කරාවි ද, යුද්ධ හමුදාව සියලු හමුදාවන් අභිබවා කටයුතු කරාවිද, හමුදා මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් සරත් ෆොන්සේකා ජාතික ආරක්‍ෂාව පිළිබඳ නිර්ණායකයන් තීරණය කිරීමේ රාමුව තුළ හමුදා ක්‍රියාවලින් තීරණය කිරීමට කටයුතු කරාවිද යන ප්‍රශ්න මතුවන්නට විය. මෙම ප්‍රශ්න බොහොමයක්‌ම පශ්චාත් යුද්ධකාලීනව පුළුල් වූ යුද්ධ හමුදාවක්‌ තුළින් පැන නැඟී ප්‍රශ්න වශයෙනුයි හැඳින්විය හැක්‌කේ. සරණාගතයන්ගේ ඉරණම, 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය සහ බලය බෙදාහැරීම, අද ජනතාවට වැදගත්වන ප්‍රශ්න ලෙස සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් මෙරට ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයේ භාග්‍යයට මෙන් අද මෙම ප්‍රශ්න විවෘත සංවාදයකට යොමුවී තිබෙන බව සඳහන් කළ යුතුයි. එම ප්‍රශ්න තවදුරටත් රාජ්‍යය ව්‍යQහය තුළ සැඟවුණ ප්‍රශ්න බවට පත්වී නැත. මෙම සියලු ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් මෙරටේ අනාගත ඉරණම කෙබඳු වියයුතුද යන්න සිය නිදහස්‌ ඡන්දය පාවිච්චි කරමින් තීරණය කරනු ඇත්තේ මෙරට ජනතාවයි.

ජනරාල් සරත් ෆොන්සේකා යුද්ධ ජයග්‍රහණය සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙතින් ලැබුණු සහාය සිහිපත් කරන ගමන්ම ජයග්‍රහණයේ සින්නක්‌කර "බුක්‌තිය" තමන්ට ලියාගැනීමට උත්සාහ දරන බවක්‌ පෙනී යයි. එහෙත් ලෝක ඉතිහාසයේ සිදුවූ යුද්ධ ජයග්‍රහණයන් සම්බන්ධයෙන් බලන කල පෙනී යන්නේ මෙයට හාත්පසින්ම වෙනස්‌ වූ තත්aත්වයකි. ඇමරිකානු සිවිල් යුද්ධ මෙහෙයවූ "ග්‍රාන්ට්‌" සහ "ෂර්මන්"ට වඩා යුද්ධ ජයග්‍රහණයේ කීර්තිය ඉතිහාසය මගින් පිරිනමා ඇත්තේ "එAබ්‍රහම් ලින්කන්"ටයි. "ට්‍රොස්‌කිට" වඩා ප්‍රශංසා පිරිනමා ඇත්තේ "ලෙනින්"ටයි. "ෆූකොව්"ට වඩා පිළිගැනීම ඇත්තේ "ස්‌ටාර්ලින්"ටයි. "මහසෙන්පති මොන්ට්‌ගොමරි"ට වඩා "බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්" වෙත ලෝක යුද්ධ ජයග්‍රහණයේ ප්‍රශංසාව ඉතිහාසය මගින් හිමිකර දී ඇත. "ජෙනරාල් පැටන්" සහ "මැක්‌ ආතර්" ට වඩා ගරුත්වය හිමිකර දී ඇත්තේ "රූස්‌වෙල්ට්‌"ටයි. අග්නිදිග ආසියාවේ දේශපාලන සහ යුද්ධ නායකයන් සම්බන්ධයෙන් සලකා බැලුවත් පෙනෙන්නේ මෙය ඓතිහාසික සත්‍යයක්‌ බවයි. චීන විප්ලවයේ ගරුත්වය "ෂූසෝ සහ ලින් බියෝ"ට වඩා හිමිකර දී ඇත්තේ "මාඕ සේතුන්"ටය. ඇමරිකානුවන්ට එරෙහිව වියට්‌නාමය තුළ සිදුවූ යුද්ධ ජයග්‍රහණයේ කීර්තිය හිමිකර දී ඇත්තේ "හෝචිමින්"ට මිස යුද්ධ සේනාධිපති "ජෙනරාල් ඩියන්"ට නොවන බව සඳහන් කළ යුතුය. යුද්ධ ජයග්‍රහණය සම්බන්ධයෙන් එAවාට නායකත්වය සැපයූ දේශපාලනඥයන්ට ඉතිහාසය මගින් මෙලෙස සුවිශේෂී තැනක්‌ හිමිකර දී ඇත්තේ සාර්ථක යුද්ධ මෙහෙයුම් සඳහා දේශපාලන නායකත්වය සහ කැපවීම ඉතා තීරණාත්මක ලෙස බලපාන බැවිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා රජය ලද ජයග්‍රහණයේදී සරත් ෆොන්සේකා අමතක කළ නොහැකි සාධකයක්‌ බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. ඔහු නොසිටින්නට යුද්ධ ජයග්‍රහණය අසීරුවන්නට ඉඩ තිබිණි. එA සමගම මෙහිදී කිවයුතු කරුණ නම් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නොසිටින්නට එම ජයග්‍රහණය කිසි දිනක අත්පත් කරගැනීමට නොහැකි වන බවයි. මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ නොසිටින්නට "ජයසිකුරු" යුද්ධ මෙහෙයුමට අත්වූ ඉරණම මෙම මෙහෙයුමටත් සිදුවන්නට ඉඩ තිබුණු බව සඳහන් කළ යුතුය.
එවකට රාජ්‍ය නායිකාව සිටි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග "ජයසිකුරු" මෙහෙයුම සිදු කිරීම සඳහා යුද්ධ හමුදාවට "කොළ එළිය" පත්තු කර අනිත් අතට කළේ මංගල සමරවීර ලවා "සුදු නෙළුම්" ව්‍යාපාරය සහ "සාම තවලම" රට පුරා යවමින් යුද්ධ විරෝධී සටන් පාඨ කීමයි. ඇය ගත් එම දෙබිඩි ක්‍රියාමාර්ගය නිසා සිදුවුණේ යුද්ධ හමුදාවට බැඳෙන සොල්දාදුවකු රට තුළින් සොයා ගැනීමට නොහැකිවීමයි. අවශ්‍ය සොල්දාදුවන් බඳවා ගැනීම සඳහා යුද්ධ හමුදාවට මහත් අරගලයක්‌ කිරීමට සිදුවිණි. අතීතයේ සිදුවූ එම සිදුවීම පිළිබඳ පසුබිම මත සලකන කල මෙවර යුද්ධය සාර්ථකව මෙහෙයවීම සඳහා මහින්ද රාජපක්‍ෂ ලබාදුන් දේශපාලන නායකත්වය සහ ඔහු තුළවූ කැපවීම සම්බන්ධයෙන් අප කවරෙකුටත් වඩා ජෙනරාල් සරත් ෆොන්සේකා දැනගත යුතු බව සඳහන් කළ යුතුයි. රණබිමේ රණවිරුවන් ධෛර්යමත් කිරීම සඳහා රාජපක්‍ෂ ජනාධිපතිවරයා මූලිකත්වය ගෙන කටයුතු කළ බව කවුරුත් දන්නා කරුණකි. සංග්‍රාම භූමියේ ඉදිරියට ඇදුණ පාබල හමුදාවට ගුවනින් ලබාදුන් ශක්‌තිය අන් කවරදාටත් වඩා ඉහළින් පැවතිණි.

නාවික හමුදාව එල්ල කළ බලවත් ප්‍රහාරයන් හේතුවෙන් එල්.ටී.ටී.ඊ. යුද්ධ ශක්‌තිය මුළුමනින්ම අඩපණ කිරීමට හැකි වුණ බව අමතක නොකළ යුතුයි. "මොන්ටිගොමරි" සෙනවියා "රොමෙල් සෙනවියා" පරාජය කළේ ඔහුගේ ඉන්ධන ගබඩා විනාශ කිරීමෙනි. එ තුළින් ඔහු සතුව තිබූ යුද්ධ ටැංකි ශක්‌තිය බෙලහීන කිරීමට මොන්ටිගොමරි සමත්විය. යම් හෙයකින් "ජයසිකුරු" මෙහෙයුමේදී සිදුවූ ආකාරයට පාබල හමුදාවට බලවත් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමත්වූයේ නම් මෙම යුද්ධය තවත් දිග්ගැස්‌සෙන්නට ඉඩ තිබුණු බව සඳහන් කළ යුතුයි.

නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ සහ එයාර් මාර්ෂල් ගුණතිලක සරත් ෆොන්සේකාට වඩා වැදගත් වන බවක්‌ මින් අදහස්‌ වන්නේ නැත. ඉහත සඳහන් කරුණු සියල්ලෙන්ම වඩාත් තහවුරු වන්නේ යුද්ධ ජයග්‍රහණය මෙතෙක්‌ සිදුවී ඇති විශිෂ්ට සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්‌ බවයි.

ශ්‍රී ලංකා හමුදාව තුළ කාලාන්තරයක්‌ තිස්‌සේ පැවැති අන්තර් සේවා අරගලය සහ එක්‌ එක්‌ හමුදා කාණ්‌ඩ තුළ පැවැති බලඅරගලය අභිබවමින් ජයග්‍රහණය පෙරදැරි කරගත් ඉහත කී ආකාරයේ සාමූහික ප්‍රයත්නයක්‌ සඳහා හමුදා අතරේ අපූරු සම්බන්ධීකරණයක්‌ ඇති කිරීමට මහින්ද රාජපක්‍ෂට හැකි වුණේ ගෝඨාභය රාජපක්‍ෂ කියන "සාමාන්‍යාධිකාරවරයා" මගිනුයි. ගෝඨාභය මෙලෙස හමුදා අතරේ සම්බන්ධීකරණයක්‌ ඇති කළා පමණක්‌ නොව යුද්ධයට අවශ්‍ය සියලු සම්පත් ගුණාත්මක වශයෙන් ලබාදීමට කටයුතු කළ බවද අමතක නොකළ යුතුය.

සරත් ෆොන්සේකා අද ඔහු සිටින තත්ත්වයට පැමිණ ඇත්තේ 40 වසරක යුද්ධ හමුදා සේවය තුළිනි. යුද්ධය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සටන්කාමී නායකත්වයක්‌ සැපයීමට ඔහුට හැකිවූයේ ඔහු සතුවූ එම දිගුකාලීන අත්දැකීම් නිසයි. එහෙත් අද ඔහුට රටේ උසස්‌ම තනතුර ලබාගැනීම සඳහා නුසුදුස්‌සෙක්‌ වන්නෙත් එම හතළිස්‌ අවුරුදු හමුදා සේවය නිසාම බව සඳහන් කළ යුතුයි. ඔහු අපේක්‍ෂා කරන එම උත්තරීතර සිවිල් තනතුර හෙබවීම සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ල ඔහුට අහිමිවී ඇත්තේ එම දීර්ඝකාලීන හමුදා සේවය නිසා බව සඳහන් කළ යුතුය. රටේ ජනාධිපති තනතුර ඉසිලීම සඳහා කෙනකු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු චර්යාවන්, උපදේශනය, සම්මුතිය, එකඟත්වය වැනි ගුණාංග ඔහුට අහිමිවී ඇත්තේ එම දීර්ඝකාලීන හමුදා සේවය හේතුවෙනි. හමුදා සේවයේ රැඳී සිටින කාලයේ සරත් ෆොන්සේකා මෙම ගුණාංග ප්‍රගුණ කළ බවක්‌ පෙනෙන්නට නැත.

මෙරටේ හිටපු ප්‍රබල විධායක ජනාධිපතිවරුන් වන ෙ-. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, විෙ-තුංග, චන්ද්‍රිකා කුමාරතුංග යන මේ කිසිවකුට මෙම කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීමට නොහැකි විය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එම යුද්ධය ජයග්‍රහණය කොට රට ත්‍රස්‌තවාදයෙන් මුදාගෙන මුළු මහත් ජනතාවට නිදහසේ හුස්‌ම ගන්නට අවස්‌ථාව සලසා දුන්නේය. මේ රටේ ජනතාව සිය හෘදය සාක්‍ෂියට අනුව පිළිතුරු දිය යුතු ප්‍රශ්නය එයයි. එලෙස අපේ රට බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට දෙවන වරටත් මේ රටේ ජනාධිපති ධුරය දැරීමේ අවස්‌ථාව අහිමි කිරීමට අපට සදාචාරාත්මක අයිතියක්‌ ඇද්ද යන්න අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. යුද්ධය ජයගැනීමට අපොහොසත් වූ ජනාධිපතිවරුන් පවා දෙවන වර ජනාධිපති ධුරය දැරීමට අවස්‌ථාව හිමි කරදුන් මෙරටේ ජනතාව යුද්ධය ජයගත් මහින්ද රාජපක්‍ෂට එම අවස්‌ථාව අහිමි කිරීම ඔවුන්ගේ හෘදය සාක්‍ෂියට අනුව කළ හැකිද යන්න මෙරටේ ජනතාව පිළිතුරු දිය යුතුම ප්‍රශ්නයක්‌ යෑයි මා සිතමි.

හමුදා පාලනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා සතු 40 වසරක අත්දැකීම හා සමාන අත්දැකීමක්‌ මහින්ද රාජපක්‍ෂට මෙරට සිවිල් දේශපාලනය තුළ ඇති බව පිළිගත යුතුයි. මේ මොහොත වන විට ජෙනරාල් ෆොන්සේකාට සිවිල් පාලනය පිළිබඳ එවැනි පළපුරුද්දක්‌ නොමැත. මෙරට 21 වැනි සියවස ඉදිරියට ගෙන යැමට සුදුසු "දර්ශනවාදියා" ඔහු නොවන බව සඳහන් කළ යුතුයි.

මෙරටේ ද්‍රවිඩ ජනතාව කලකට ඉහතදී කළ වැරදි අප නොකළ යුතුය යන්න මගේ අදහසයි. ඔවුන් තුළ වූ බලවත් කලකිරීම හේතුවෙන් අතීතයේ ඔවුන් නියෝජනය කළ නීතිවේදී දේශපාලනඥයන්ට පිටුපා ඔවුන් තෝරාගත්තේ යුද්ධ මානසිකත්වයෙන් පෙළුණු "ජාතික නායකයෙක්‌". ඔවුන් අතීතයේ ගත් එම තීරණය නිසා ලෙයින් වන්දි ගෙවීමට ඔවුන්ට සිදුවිණි. ඔවුන්ගේ ජන සමාජය විනාශයට පත්විණි. සිංහල, දෙමළ, මුස්‌ලිම් යන අප සියල්ල එකතුවී අද එවැනි විනාශකාරී තීරණයක්‌ ගැනීමට සූදානම් ද යන්න මෙහිදී නැගිය යුතු ප්‍රශ්නයකි. අපට එරෙහිවූ සතුරා පරාජය කිරීම සඳහා අනුකම්පා විරහිත දැඩි හිතක්‌ ඇති හමුදා ප්‍රධානියකු අවශ්‍ය වුවද එAත් අපේ සිවිල් ජීවිතය පාලනය කිරීම සඳහා එවැනි නායකයකු අවශ්‍යය ද? යන්න මෙහිදී අප විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය මවාපෑ "දෙමළ ජාතික ව්‍යාපාරයේ" අවසානය දකින්නට හැකිවූයේ කරුණා අම්මාන් එම ව්‍යාපාරයෙන් ඉවත්වීමත් සමගයි. එකපිට එක යුද්ධ ජයග්‍රහණයන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිමිකර ගැනීමට හැකිවූයේ "කරුණා" එල්.ටී.ටී.ඊ. යුද්ධ යාන්ත්‍රණයට සැපයූ නායකත්වය නිසාය. "කරුණා" නායකත්වය නොසැපයූ එකම යුද්ධය එල්.ටී.ටී.ඊ. යේ විනාශයට හේතුවිණි. මේ අනුව බලන කල සරත් ෆොන්සේකා හා කරුණා අම්මාන් අතර යම් සම්බන්ධයක්‌ ඇත්ද? මෙවැනි ප්‍රශ්න රැසකට අප විසින් පිළිතුරු සෙවිය යුතු බව කිවයුතුය.

මෙරට සිදුවිය යුතු වෙනස්‌කම් රාශියක්‌ ඇත. එවැනි වෙනස්‌කම් අවශ්‍යය නොවන්නේ යෑයි ඉහත සඳහන් කළ කිසිදෙයකින් ගම්‍ය වන්නේ නැත. සමාජ අපේක්‍ෂාවන්ට අනුකූලතාවක්‌ දක්‌වන ආර්ථික සංවර්ධනයක්‌ රට තුළ සිදුවිය යුතුය. බහුවාර්ගික ජන සමාජයකට සාමකාමී සහජීවනයෙන් ජීවත්විය හැකි වටපිටාටවක්‌ ගොඩනැඟෙන ආකාරයට මෙරට යහපාලනය ස්‌ථාපිත කළ යුතුය. රටේ තත්ත්වය ගැන වැඩි අවබෝධයක්‌ ලබාගැනීමට යමකු තුළ කැමැත්තක්‌ ඇත්නම් එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් පසුගිය කාලය තුළ නිකුත් කෙරුණු වාර්තා කියවීම වැදගත්වේ යෑයි මම සිතමි. රාජපක්‍ෂ පාලන ක්‍රමය මෙම ප්‍රශ්න හා සම්බන්ධයෙන් තුලනාත්මක අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බව සඳහන් කළ යුතුයි.

එත් එම ප්‍රශ්නවලට ඇති එකම විසඳුම සරත් ෆොන්සේකා ජනාධිපති කිරීම නොවන බවත් අවධාරණයෙන්ම සඳහන් කළ යුතුයි. එම ප්‍රශ්නවලට විසඳුම් ජනාධිපති මැතිවරණය තුළ නොපවතින බවත් සඳහන් කළ යුතුය. එම ප්‍රශ්නවලට විසඳුම් වඩාත් සෙවිය හැක්‌කේ "බලතුලනය පිළිබඳ න්‍යායට" අනුව බලය ඉහවහායැම වැළැක්‌වීම සඳහා යම් සීමාවන් සහ සමබරතාවක්‌ ඇති කිරීම මගින් පමණි. ජනාධිපතිවරණයෙන් පසුව තමන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ අවස්‌ථාව නුදුරු මහ මැතිවරණය තුළින් ජනතාවට අවස්‌ථාව සැලසෙනු ඇත. එම අවස්‌ථාව තාර්කිකව ප්‍රයෝජනයට ගැනීමේ වගකීම පැවරෙන්නේ ජනතාවටය. "දේශපාලන තක්‌කඩින්" උත්තරීතර පාර්ලිමේන්තුවට තෝරා නොයෑවීමේ වගකීම පැවැරී ඇත්තේ ද ජනතාවටය.

1 comment:

  1. 'Sarath Fonseka is capable'-Cooray
    ----------------------------------
    We do not know about his(SF's) physical capabilities. But this is what he has shown so far;
    His first media meeting was a failure. He did not have or was not ready with suitable answers for his plans for our economic problems.
    He did not have a clear idea about suitable political arrangements for the national problem.
    In an exclusive (mentioned as an explosive) meeting with the Sunday Leader, he said something about the killing of the LTTE leaders. Next day he went on backtracking and distorting the version, still implicating the defence secretary. It is silly to say that he heard this from a media person. It again shows that he was clueless about the progress of the war at the most crucial time .He relied on a hearsay of an unauthorised party(a media person, whom he never liked) about the situation in the battle field.
    What he has said about ‘I shall take full responsibility’ is an utter nonsense. But it can be true that he was not aware of the ground situation when the war was going on.(like he was not in the country when the “Mavil Aru’ operation started.
    I myself, including my wife and two sons plus all 10 members of our family would not take a chance on the Election Day.

    ReplyDelete