Saturday 30 January 2010

ගෝඨාභය නිරුවත් කර ගාළු මුවදොර වෙඩි තබන සැලසුමක් - නීති විරොධී ආරක්‍ෂකයන් සියල්ල හෙළි කරයි.

සරත් ෆොන්සේකා සමඟ ‘සිනමන් ලේක්’ හෝටලයේ රැඳී සිටි, හමුදාවෙන් පැන යන ලදැයි සැලකෙන හමුදා සාමාජිකයන් 9 දෙනා අත් අඩංගුවට ගැනීමත් සමඟ ෆොන්සේකා විසින් සැලසුම් කර තිබූ ප‍්‍රචණ්ඩ මෙහෙයුම පිළිබඳ සියළු තොරතුරු අණාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම හමුදා සෙබළු මුල සිටම (යුධ හමුදාවේ සිටි සමයේ පටන්) සරත් ෆොන්සේකාගේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙන්කර සිටියවුන් වේ. ජනාධිපති අපේක්‍ෂකයෙකු බවට පත් වීමට පෙර ඔහු දැනට සිටින හමුදා ප‍්‍රධානීන්ට දන්වා ඇත්තේ මෙම 9 දෙනා හමුදාවෙන් පළාගොස් ඇති බවයි. ඒ වෙනුවට වෙනත් සෙබළුන් 9 දෙනෙකු ඔහු විසින් අනුයුක්ත කරගෙනද තිබේ. නමුත් පසුගිය 27 වැනිදා කොළඹ ‘සිනමන් ලේක්’ හෝටලය තුල අවි ආයුධ සහිතව රැඳී සිටි පුද්ගලයන් 9 දෙනෙකු ආරක්‍ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් විට, ඔවුන් අදාල හමුදා සාමජිකයන් බව අණාවරණය වී ඇත. එම හමුදා සාමාජිකයන් පැන ගිය බවට අසත්‍ය තොරතුරු සපයා සරත් ෆොන්සේකා විසින් ඔවුන්ව යම් යම් නීති විරෝධී කටයුතු සඳහා යොදාගෙන ඇතැයි පැවසේ.


කෙසේ වෙතත්, අත් අඩංගුවේ සිටින මෙම හමුදා සෙබළු 9 දෙනා සරත් ෆොන්සේකා විසින් සිදු කිරීමට ගිය කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමක සම්පූර්ණ තොරතුරු ආරක්‍ෂක අංශ වෙත මේ වන විට අණාවරණය කර තිබේ.

ජනාධිපතිවරණය තමන් ජය ලබන බවට දැඩි අන්ධ විශ්වාසයක සිටි ෆොන්සේකා සැලසුම් කර ඇත්තේ ‘සිනමන් ලේක්’ හෝටලයේ සිට පෙළපාලියෙන්, වෙඩි තබමින් පැමිණ ජනාධිපති මැදුර වටලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හා වෙනත් ප‍්‍රධානීන්ව මහපාරට ඇද දැමීමටය. ඔවුන් 26 වනදා සවස් වන විට ‘සිනමන් ලේක්’ හෝටලයේ කාමර 101 ක් වෙන් කරගෙන තනර වී ඇත්තේද ඒ සැලසුමට අනුවය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නිරුවත් කර, ගාළු මුවදොර පිටියට ගෙනවිත් පහර දී වධ දී මරා දැමීමද මේ සැලසුමේම කොටසක් වී තිබේ. ජානිපෙ නායක විමල් වීරවංශටද පහර දී මරා දැමීමද ඒ සමඟම සිදු කිරීමට ඔහු විශේෂ කණ්ඩායමක් යොදවා තිබී ඇත.


හිටපු ජනාධිපති ලේකම් කේ. බාලපටබැඳි 26 වනදා දවල් ජනාධිපති ලේකම් කාර්යයාලයට කථා කර 27 වැනිදා පෙරවරුව වන විට සරත් ෆොන්සේකාට ජනාධිපති ලෙස දිවුරුම් දීමට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කරන ලෙස දන්වා ඇත්තේද මේ සැලසුමට අනුවය. එහෙත් ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ මේ සියළු සැලසුම් ව්‍යවර්ථ වී තිබේ. මේ වන විට අදාල හමුදා සෙබළු 9 දෙනා සියළු තොරතුරු පාපොච්චාරණය කරමින් සිටින බවද වාර්තා වේ.

No comments:

Post a Comment