Sunday 17 January 2010

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ද්‍රවිඩ ජනතාව චන්දය පාවිච්චි කල යුත්තේ ඇයි?

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
බටහිර බලවේග හා ජාතික බලවේග අතර පවත්වන තවත් මැතිවරණයක් වන මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ තවත් තීරණාත්මක සටනකි. මෙය සැබෑ ලෙසම මැතිවරණයක් නොව සංග්‍රාමයක් ලෙස සැලකුවද වරදක් නොවේ. මතුපිටින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන කණ්ඩායම් පිලිවෙලින්

(1). දෙමල ජාතික සන්ධානය.
(2). එක්සත් ජාතික පක්ෂය.
(3) ජනතා විමුක්ති පෙරමුණ.
(4). මුස්ලිම් කොන්ග්‍රසය.
ආදී වශයෙන් පෙලගැසී සිටී. මොවුනගේ සැබෑ අරමුණු හා සමාජය ඉදිරියේ ප්‍රකාශය කරන අරමුණු අහසට ‍පොලව මෙන් දුරස්ව පවතී. සැබෑ ලෙසම ඒවා ජනතාව හදුනා ගත යුතුමය.

ද්‍රවිඩ සන්ධානය.


මෙම සන්ධානය ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසදාලීම සදහා ඉදිරිපත්ව සිටින අතර, ඒවා විසදීමට ද්‍රවිඩ ඊලමක අවශ්‍යතාවය මත පදනම්ව කටයුතු කරයි.

බටහිර අධීරාජ්‍යවාදීන්ගෙන් ඉතා දරුණු ලෙස පීඩාවට පත්වූ ජාතීන් අතර මුල් තැන අප්‍රිකානුවන්ටත් දෙවන ස්ථානය ද්‍රවිඩ ජාතීන්ටත් හිමිවේ. මීට වසර හය සියයකට පමණ පෙර දකුණු ආසියාවේ ඉතා ගෞරවණීය තත්වයක වැජඹුණ ද්‍රවිඩ ජනතාව වහල් කුලී කාරයන්ගේ තත්වයට පත්කර ලෝකය පුරා විසුරුවා හරින ලදී. ඒ සෑම රටකදීම ස්වදේශිකයින්ගෙන් හා සුද්දන්ගෙන් මහත් පරිභවයන්ට ලක්වූ මේ ජනතාව ලෝකය පුරා තවමත් විසිරී සිටී. නමුත් ශ්‍රී ලාංකික ද්‍රවිඩයා එම ද්‍රවිඩ ජනයාට වඩා මහත් ගෞරවණීය තත්වයක් හිමිකර ගෙන සිටියද, ‍බටහිර ජාතීන්ට තවත් ජාතියක ගෞරවය එතරම් වැදගත් නොවේ. දෙමල කථා කරන මිනිස්සු, සෑම අයෙක්ම ඔවුන් දුටුවේ දෙමල වශයෙනි. මේ අනුව සිංහල මිනිසුන් හා ඥාතීත්වයෙන් බැදී ඔවුන් හා සමාන අයිතිවාසි කම් බුක්ති විදිමින් සිටි මෙරට ද්‍රවිඩ ජනතාවද ලෝකය පුරා විසිරී සිටින අනිකුත් ද්‍රවිඩ ජාතීන් අතර අතරමං කරවන ලදී.


දැන් භාෂාව පදනම් කරගෙන මෙරට ද්‍රවිඩ ජනතාවට මහත් ගැටලු රාශියකට මුහුණදීමට සිදුව තිබෙන බව අගවමින් ඒ සදහා වෙනම රාජ්‍යයක සංකල්පය ඉස්මතු කරමින් ද්‍රවිඩ ජනතාව මෙහෙයවමින් සිටී.

පසුගිය තිස් වසර තුලදී මෙම ව්‍යාපෘතිය ජයග්‍රහණය කරවීම සදහා දෙමල ජාතික සන්ධානය, කොටි සංවිධානය හරහා, බුද්ධමත් ද්‍රවිඩ විද්වතුන්, ද්‍රවිඩ දේශපාලකයින් ඝාතනය කලහ. ද්‍රවිඩ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරවා එම පාසල් කොටි හමුදා කදවුරු බවට පත්කලහ. පාසල් යායුතු ද්‍රවිඩ දරුවන් බලහත්කාරයෙන් දෙමව්පියන්ගෙන් පැහැරගෙන සටන් පෙරමුණට යවන ලදී. ඉන් නොනැවතී මෙම දෙමල ජාතික සන්ධානය දැනුවත්වම, දෙමව්පියන්ගෙන් පැහැර ගන්නා ලද දරුවන්ගේ ශරීරයේ බලහත්කාරයෙන් බෝම්බ ගැටගසා තමන් නියම කරන ලද ඉලක්ක කරාගොස් පුපුරවා ගැනීමට නියම කරන ලදී. මේ සෑම ක්‍රියාවක් දෙසම මහත් ආස්වාදයකින් බලාසිට වින්දනයක් ලද එම පෙරමුණ, මේ තමන් සිදු කරන්නේ තමන්ගේ යයි ඔවුන් විසින් කියා ගන්නා ද්‍රවිඩ ජනතාවට කරන මහා ව්‍යසනයක් බව වටහා ගත්තද; එය බටහිර ජාතීන් තමන් මත පවරා ඒ සදහා විශාල මුදල් කන්දරාවක් මුදාහැර තිබූ බැවින්, ඒ මැරෙන, අධ්‍යාපනය කඩා ගන්නා හා දෙමව්පියන් ගෙන් පැහැර ගන්නා ද්‍රවිඩ නායකයින්, ද්‍රවිඩ දරුවන් හා ද්‍රවිඩ දෙමව්පියන් වෙනුවෙන් පෙනී සිට ඔවුනව රැක ගැනීම ඔවුනගේ කාර්යය ලෙස නොසැලකූහ. සුද්දා වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුනගේ ව්‍යාපෘතිය සාර්ථක කරවා ගැනීම සදහා දෙමල ප්‍රජාව දංගෙඩියට දැක්වීම ඔවුනගේ එකම අරමුණ විය. එපමණක්ද නොව ද්‍රවිඩ නිජබිම් සංකල්පය දොඩමින් මහා කලබැගෑනියක් කරන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පූර්ණ අනු දැනුම ඇතිව, උතුරු නැගෙනහිර වාසය කරන ද්‍රවිඩ ජනතාව තමන්ගේ නිජභූමි වලින් පන්න පන්නා නක්දිකඩාල් කලපුව දක්වා හරක් ගාලක් සේ දක්කා ගෙන යන ලදී. ද්‍රවිඩ විමුක්තිය ගැන කථා කරන, සුද්දාගේ ව්‍යාපාතීන් උදෙසා, ගෞරවණීය දෙමල ජාතිකයින්ගේ අභිමානය කෙලසන මෙවන් පහත් ද්‍රවිඩ නායකයින් සදහා සැබෑ ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයින්ට මේ මැතිවරණයේදී සිය චන්දය පාවිච්චි කල නොහැක.


මෙය අපි තවත් විශ්ලේශණාත්මකව සලකා බලක්නේ නම්, 1977දී මෙරට බලය ලබාගෙන; උතුරු නැගෙනහිර ජනතාව නිශ්පාදනය කරන ආර්ථික භෝග මෙරටට ආනයනය කර එම ජනතාව මහත් පීඩාවකට ලක් කල එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගතවෙන කුමන ද්‍රවිඩ පක්ෂයක් සමගවත් උතුරු නැගෙනහිර වාසය කරන ද්‍රවිඩ ජනතාවට එකතු විය නොහැක.


තවද යාපනය සංවර්ධන සභා මැතිවරණයේදී චන්දය මංකොල්ල කෑ හා යාපනය පුස්තකාලයට ගිනි තැබූ එක්සත් ජාතික පක්ෂය සමග කුමන පදනමකින්වත් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට බද්ධ විය නොහැක.


තවද 1983දී එක්සත් ජාතික පාක්ෂික රජය සෘජුවම මෙහෙය වන ලද කළු ජූලිය හරහා ද්‍රවිඩ ජනතාව නිවාස වලින් පලවා හරිමින්, දේපල මංකොල්ල කමින්, ගෙවල් දොරවල් ගිනි තබමින්, ද්‍රවිඩ කාන්තාවන් දූෂණය කරමින් හා ද්‍රවිඩ ජනතාව ඝාතනය කරමින් කටයුතු කල ම්ලේච්ඡයින් සමග සන්ධාන ගතවෙන ද්‍රවිඩ ජාතික සන්ධානය මගින් බලාපොරෙතේතුවෙන ද්‍රවිඩ විමුක්තිය කුමක්දැයි මුළු රටපුරාම සිටින ද්‍රවිඩ ජනතාව තමන්ගෙන්ම ප්‍රශ්න කරගත යුතුය. ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මර උගුල වූ කොටි ත්‍රස්තවාදයෙන් මුළු මහත් ද්‍රවිඩ ජනතාවම ගලවා ගත් මහින්ද රාජපක්ෂ මහතාව නැවත බලයට පත්කර ගැනීම ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජනතාවගේ ඒකායන ක්‍රියා මාර්ගය විය යුතුය.


මේ වනවිට ද්‍රවිඩ ජාතික සන්ධානය පුමුඛ කොටි සංවිධානය තමන්ගේ නිජභූමි වලින් පලවා හරින ලද ද්‍රවිඩ ජනතාව වර්තමාන ජනාධිපතිතුමා විසින් නැවත පදිංචි කිරීමේ කාර්යය ආරම්භ කර තිබේ.


1983දී කළු ජූලිය හේතුවෙන් විදේශයන්ට පලවා හරින ලද ජනතාවටද නැවත මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබේ. නමුත් විදේශයන්හි පදිංචිව වසර විස්සකට අධික කාලයන් එහි ගතකල ද්‍රවිඩ ජනතාව එම රාජ්‍යයන්ගෙන් වියෝවී යලි මෙරටට පැමිණෙන්නට මැලි කමක් දක්වයි. ඊට හේතුව සම්බන්ධන්ලා මෙරට ඉල්ලා ගෝරනාඩු දෙන ස්වයං පාලනය හෝ දෙමල භාෂාවෙන් රජය සමග කටයුතු කිරීමට එම රාජ්‍යයන් තුල සියලු පහසු කම් සලසා ඇති නිසා නම් නොවේ. මිනිසුන්ට ජීවත්වීමට එම රාජ්‍යයන් තුල සලසා ඇති පහසුකම් හේතුවෙණි.


උතුරු නැගෙනහිරට මහා නගර නිර්මාණ ශිල්පීන් රාශියක් ස්ථාන ගතකොට සෑම නගරයක්ම ලොව ඇති පරිපූරණ නගර බවට පත් කිරීමේ අරමුණින් නගර නිර්මාණ සැලසුම් සකස් කල යුතුය. විදේශිය ආක්‍රමණ ‍හේතුවෙන් මේ වනවිට පල්ගද හමන කොළඹ අගනුවර කරගෙන සිටින වර්තමානය; අතීතය ආදර්ශයට ගෙන, දුටු ගැමුණු මහ රජතුමා අනුගමනය කරමින් යුද්ධ යෙන් පසු සතුරාගේ සිහින අගනුවර ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත්කර, කොළඹ බිමට සමතලා කලයුතු තත්වයේ ඇති සියලුම ‍ගොඩනැගිලි සමතලා කර මහා නගර සැලසුමකට අනුව ප්‍රති නිර්මාණය විය යුතුය. ද්‍රවිඩ ජනතාව මෙම කාර්යයන් ඉටුකරන සේ ඉල්ලා සිටිමින් සිංහල, මුස්ලිම් හා අනිකුත් ජාතීන් හා අත්වැල් බැද ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත්කල යුතුය. එය අප සැමගේ යුගයේ කාර්ය යයි.

No comments:

Post a Comment