Sunday 17 January 2010

අදිසි මහා රාජ්‍යය හා 2010 ජනාධිපතිවරණය.

චන්ද්‍රසේන පණ්ඩිතගේ
මේ වනවිට මෙරට ජනාධිපතිවරණ උණුසුම ක්‍රම ක්‍රමයෙන් ඉහල නැංවෙමින් පවතී. මෙය මෙරට ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පවත්වන තවත් මැතිවරණයකි.

On 15th January US ambassador of Sri Lanka, Patricia A. Buteric met the JVP leader, Comrade Somawansha Amarasinghe at the JVP head office Palawatta, Battaramulla.

නමුත් මෙය සමාජයට දිස්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර සිදුකරන ජනාධිපතිවරණයක් ලෙසිනි.තවද මෙරට ජනතාවගේ ඕනෑ එපා කම් වෙනුවෙන් තමන් තරග බිමට පිවිස සිටින බව අපේක්ෂකයින් දෙදෙනාම පැවසුවද; පවතින ‍ඓතිහාසික තත්වයන් මනාව පෙන්නුම් කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙරට ජාතික බලවේගයට නායකත්වය දීමට ඉතිහාසය බල කර ඇති අතර, ඊට අමතරව ප්‍රතිවිරුද්ධ සාධකයන් වන බටහිර විදේශිය බලවේග වල ඕනෑ එපා කම් උදෙසා පෙනී සිටීමට සරත් ෆොන්සේකා මහතාට සිදුව තිබෙන බවයි.
අප මෙසේ කථා කරන විට සැබෑ ලෙසම සරත් ෆොන්සේකා මහතාට දේශපාලනිකව මහත් හානියක් සිදුවෙන බැවින්, අපගේ නිගමනයන්ට ‍හේතුවන කරැණු ජනතාවට පැහැදිලි කල යුතුමය.

මෙරට පැවත්වූ සෑම ප්‍රධාන මැතිවරණයක්ම පැවතියේ ඉහත සදහන් ආකාරයටමය. එනම් ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පැවති තරගයක් ලෙසයි. මෙසේ මැතිවරණයන් පැවතියද 1994දී පැවති ජනාධිපතිවරයේදී ජාතික බලවේගය නම් වූ කඩතුරාවෙන් වසා ගෙන වුත් අග්‍ර ගණ්‍යයේ බටහිර නියෝජිතවරියක් බලයට පත්වූවාය. එය මෙරට ජනතාවගේ ඇස් වසා ලීම සදහා බටහිර බලවේග කල අති සාර්ථක උපක්‍රමයක් විය.


2010 ජනාධිපතිවරණය සදහා මෙරට සිටින බටහිර විදේශීය ඒජන්තයින්ට නිර්දේශිත නාමයන් තුනක් තිබිණ.


1. රනිල් වික්‍රමසිංහ මහතා.


2. හිටපු අග්‍ර විනිශ්චකාර, සරත් එන්. සිල්වා මහතා.


3. එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා.


එම තිදෙනායි. ඔවුන් වඩාත්ම ප්‍රිය කරන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා වුවද; ඔහුගේ දේශපාලන අසාර්ථක භාවය මැනවින් දත් ඔවුහු රනිල් වික්‍රමසිංහ මහතාව තාවකාලිකව සටන් බිමින් ඉවත් කිරීමට තීරණය කලහ.


මීලගට සිටින නිර්දේශිත පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් තෝරා ගැනීමේදී ඔවුන් අපේක්ෂා කරන වැදගත් කරැණු ගනනාවක් සරත් ෆොන්සේකා මහතා සතුව පවතින බැවින් එම මහතාව ඔවුනගේ නියෝජිතයා වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කරණ ලදී.


මූලික වශයෙන් "සදාකාලික මිතුරෝත්, සදාකාලික සතුරෝත් අපට නැත. අපට ඇත්තේ අපේ අවශ්‍යතාවයන් පමණි" යන පාඨය පෙරට දමාගෙන ඉදිරියට එන අදිසි රාජ්‍යය. කාලාන්තරයක් තමන්ගේ අංක එකේ සතුරා වූ සරත් ෆොන්සේකා මහතාව, තමනගේ නියෝජිතයා වශයෙන් තෝරා ගැනීමට හේතුවූ විශේෂිතම වූ අංග රාශියක් ඔහු සතුව පවතී. අප ඒවා වටහා ගත යුතුමය.


වසර 35කට අධික කාලයක සිට මනාව සැලසුම් කර ඩොලර් බිලියන ගනනක් අයෝජනය කර, මුලු ආසියාවම පාලනය කිරීමේ අරමුණින් ගොඩනැංවූ කොටි යාන්ත්‍රණය විනාශ කර දැමීමට ඉතා විශාල මෙහෙයක් කල සරත් ෆොන්සේකා මහතාව; ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරා ගෙන නැවත කොටි සංවිධානය ගොඩනැංවීමේ කර්තව්‍යයට අත ගැසීමට කල තීරණය, අති විශාල නවතම යුධ සැලසුමක ප්‍රථම පියවරයි.


ඒ අනුව කිසිදා දේශපාලන කර්තව්‍යයන් සදහා මෙහෙයවීම් නොකල සරත් ෆොන්සේකා මහතාට දේශපාලනය කිරීම සදහා අවශ්‍ය කරන සියලුම දෑ පහල වන්නට විය. දේශපාලන පක්ෂ, මිල මුදල් ගලා එන්නට වූ අතර, එතුමා වෙනුවෙන්, පෝස්ටර්, දේශපාලන කටවුට්, කොඩිවැල්, කාර්යාල, වේදිකා නිර්මාණය විය; රැස්වීම් හා පෙලපාලිද සංවිධානය වන්නේය.


අදිසි මහා රාජ්‍යයේ අතවැසි දේශපාලන පක්ෂ වූ එක්සත් ජාතික පක්ෂය, නව ජනතා විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, මනෝ ගනේෂන් මහතාගේ දේශපාලන සන්විධානය හා මංගල සමරවීර මහතාගේ දේශපාලන පක්ෂය "අන්තිම සටනට සැරසියව්" වදන යටතේ එකම වේදිකාවකට කඩිමුඩියේ කැදවා ඇති බවක් මනාව දිස්වේ.


මෙම සන්ධානයට අයත් දේශපාලන පක්ෂ ඓතිහාසිකව විශ්ලේෂණය කරන විට උද්දීපනය වන දේවල් සත්‍යවශයෙන්ම දේශපාලනිකව මහත් හාස්‍යයක් ජනිත කරවයි. කිසිදා හෙලි නොකරන මොවුනගේ අන්තර් සම්බන්ධතාවයන් හැමටම දැකිය හැකි තත්වයකට මෙවර මැතිවරණයේදී ඉස්මතු කිරීමට සිදුවීම හරහා අපට පෙන්නුම් කරන්නේ විදේශීය බලවේග ප්‍රමුඛ ජාලය ලබා ඇති මහත් පරාජයයි.


එදා ජනතා විමුක්ති පෙරමුණ නම්වූ දේශපාලන පක්ෂය තමන් විසින් සමූල ඝාතනය කල බවට ජයග්‍රාහයීව කාහල නාද කල එක්සත් ජාතික පක්ෂය අද තමන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සදහා එම පක්ෂය සමග අත්වැල් බැදගත් බව පවසන අතර, ජනතා විමුක්ති පෙරමුණේ 60,000ක් සාමාජිකයින් ඝාතනය කල එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැදගෙන, 1971 දී හා 1988-1989 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණෙ ක්‍රියාකාරීන් හඹා යමින් මරා විනාශ කල ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට චන්දය දී මෙරට ජනාධිපති කරවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.


තවද කොටි සංවිධානයේ පාර්ලිමේන්තු බලඇණිය වූ දෙමල සන්ධානයට, කොටි සංවිධානය කුඩු පට්ටම් කල හමුදාපතිතුමා සමග සම්බන්ධ වීමට සිදුව තිබේ.


මෙරට සිටින බුද්ධිමත් ජනතාවට ඉහත දක්වන ලද සන්සිද්ධීන් ගලපා බැලිය හැකි සාධාරණය කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. අති බහුතරයක් ජනතාවට මේ සිදුවෙන දෑ අවබෝධ කරගැනීමට ඉතාමත් අපහසු බැවින් ඒ සම්බන්ධව සිතීමේ කාර්යෙන් වියෝවී තමන්ගේ කාර්යයක් බලා ගන්නා තත්වයට පත්වේ.


ඉහත දක්වන ලද ක්‍රියාවන්ට අනුව; එදා 1971 හා 1988-1989 වකවානුවලදී, සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදා ඛණ්ඩ වලින් හා වෙනත් රාජ්‍ය නිල හා නොනිල හමුදාවන්ගේ ප්‍රහාර මගින් මියගිය 70,000 ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ගේ දෙමව් පියන් හා ඥාති මිත්‍රාදීන්; වර්තමාන ජනතා විමුක්ති ‍පෙරමුණහි ප්‍රචාරක ලේකම්ගේ භාෂාවට අනුව, පරණ දේවල් තොරොම්බල් කර කර ඉන්නේ නැතිව, එදා තම දරුවන් ටයර් සෑයවල් කරා දැක්කවීමට ගෝනි බිල්ලන්සේ ක්‍රියා කල එක්සත් ජාතික පාක්ෂිකයන් හා එක්ව වීථි බැස පෙලපාලි ගොස්, රැස්වීම් වලට සහභාගී වී, පෝස්ටර් අලවා, සරත් ෆොන්සේකා මහතාට චන්දයද පාවිච්චි කල යුතුය.


ඒ ආකාරයටම එක්සත් ජාතික පක්ෂයට හා එහි සාමාජිකයින්ටත්, දෙමල ජාතික සන්ධානය හා එහි සාමාජිකයින්ටත් කරන්නට සිදුව තිබේ.


මේ සියලූම දේශපාලන පක්ෂ වලට හා ඒවායේ සාමාජිකයින්ට මේ කාර්යයන් ඉටුකරනවා මිස ඉන් එහාගිය කිසිම දෙයක් කථා කිරීමට අවසරයක් නැත. ඔවුනගේ සිතීමේ යාන්ත්‍රණය නවතා දමා මෙරට බටහිර තානාපති කාර්යාලවල දේශපාලන අංශ වලින් එන නියෝග පිලිපදින්න සිදුව තිබේ. මෙය සැබෑ ලෙසම අණකි.

මුළු මහත් ලෝකයටම සිතීමේ නිදහස, කථා කිරීමේ නිදහස, ලිවීමේ නිදහස සම්බන්ධව දේශනා පවත්වන මේ අදිසි රාජ්‍යය, මේ ජනාධිපති මැතිවරණයේදී ඉහත සදහන් කල සියලූම දේශපාලන පක්ෂ නායකයින්ගේ හා සියලූම සාමාජිකයින්ගේ එම නිදහසට වාරණයන් දමා ඇත. එසේ වාරණයන් දමා, ඔවුනගේ සියලූම පෙරමුණු බල ඇණි එකම වේදිකාවකට ගෙන ඒම හරහා මෙරට ජාතික බලවේග වලට විශාල පහසුවක් සතුරා විසින් නොදැනුවත්වම ඉටුකර ඇත. මෙයින් ගම්‍ය වන්නේ මෙතෙක් කල් ඔවුන් විසින් රග දක්වන ලද නාටකය අවසාන බව හා එහි රගපෑ සියලූම නලුවන්ව ප්‍රේක්ෂකයින්ට හදුන්වාදීමට වේදිකාව මතට කැදවා සිටින බවයි.


අදිසි රාජ්‍යය යනු මහා බලගතු ස්ථාපිත යාන්ත්‍රණයක් වන අතර, මේ මැතිවරයේදී සිදුවන කාර්යවලිය කුමක්දැයි ඔවුන් හොදා කාරව දනී. එම මැතිවරණ ප්‍රතිඵලය මැනවින් හදුනාගෙන තමන්ට අවාසි සහගතවූ ඒ ප්‍රතිඵලය වහසි සහගත තත්වයට පත්කර ගැනීමේ අරමුණින් සරත් ෆොන්සේකා මහතාව මෙවර ජනාධිපතිවරණය සදහා සිය අපේක්ෂකයා වශයෙන් නම් කරන ලදී.


අදිසි රාජ්‍ය තමන්ගේ අපේක්ෂකයා වශයෙන් තෝරා ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අවශ්‍යතාවය හා වටිනාකම ඔවුනට දැනෙන්නේ, මේ මැතිවරණය හා බැදුන ඔවුනගේ ව්‍යාපෘතීන්මතයි. එමනිසා මේ අවස්ථාවේදී ඔවුනගේ ව්‍යාපෘතීන් හා සැලසුම් මොනවාදැයි මේ රටට හෙලිකල යුතු අතර එය යුගයේ අප සතු කාර්යය භාරය බවට පත්ව ඇත. අප ඒ සම්බන්ධව ගවේශණය කර බලමු.

සතුරාට පැහැදිලි ඉලක්කයක් ඇත. එය අරමුණු කරගෙන සතුරා සටන ආරම්භ කර ඇත. ඔවුනගේ සැබෑ ඉලක්කය; ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කර දැමීමයි. ඉන් නොනැවතී කොටි සංවිධානය විනාශ කල සියලූම පෙරමුණු හා හමුදා බල ඇණි හා හමුදා අණු ඛණ්ඩ සමූල ඝාතනය කිරීම ඔවුනගේ ප්‍රධාන ඉලක්කයයි. මේ වනවිට ඔවුනගේ අදිසි රාජ්‍යය තුලදී, ඔවුන් විසින්ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා ගොනුකර, නඩු විභාග කර, ඔවුන් දෙපල වරදකරුවන්ද කර, මරණ දඩුවමද නියම කර හමාරය. දඩුවම ක්‍රියාත්මක කිරීමට; ඔවුන් තෝරාගත් වධක නඩය සරත් ෆොන්සේකා ඉදිරයට දමා ගෙන ශ්‍රී ලාංකීය සමාජය පුරා සැරි සරයි. එම දඩුවම සාධාරණීය කිරීම සදහා ශ්‍රී ලාංකීය ජන සමාජයෙන්ම වරම් ඉල්ලා සිටියි. ඒ මේ ජනාධිපතිවරණය හරහායි.


විමුක්ති ව්‍යාපාරවල ගමන අඩාල කිරීම සදහා පුද්ගලයින් අමු අමුවේ ඝාතනය කරන අදිසි රාජ්‍යය ලෝක ඉතිහාසය තුල පහත සදහන් කාර්යයන් සිදුකර ඇත.


(අ). 1958 දී ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීම.


(ආ). 1959 දී ශ්‍රී ලාංකිය අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා ඝාතනය කිරීම.


(ඇ). 1961 දී කොංගෝවේ අගමැති පැට්රිස් ලුමුම්බා මහතාව ඝාතනය කිරීම.


(ඈ).1966 දී ඝානාවේ ජනාධිපති වූ න්කාමේ න්කෘමා මහතාව සිය පදවියෙන් පලවා හැරීම.


(ඉ). 1967 දී චේ ගුවේරා මහතාව මරා දැමීම.


(ඊ). 1969 දී මොසැම්බික් විමුක්ති පෙරමුණේ සභාපති එඩුවාඩෝ මොන්ඩ්ලේන් මහතා ඝාතනය කිරීම.


(උ). 1973 දී ගිනියා සහ කේප් වර්ඩේ හි නිදහස් අප්‍රිකානු පක්ෂයේ ප්‍රධාන ලේඛම් වූ අමිල්කා කබ්රාල් ඝාතනය කිරීම.


(ඌ). 1973 දී චිලී රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු ඇමති කාර්ලෝස් ප්රැට් ඝාතනය කර දැමීම.


(එ). 1973 දී චිලියේ ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ ඝාතනය කිරීම.


මෙහි සදහන් කර ඇත්තේ හෙලිවූ ඝාතන ක්‍රියාවලීන් අතරින්ද අල්පයක් වන අතර, හෙලි නොවූ ඝාතන සංඛ්‍යාව මීට වඩා ඉහල බවට අනුමාන කෙරේ.


මෙම ඝාතන ලැයිස්තුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් ඇතුලත් කරවීමට ජනතා අවසරය පතන මැතිවරණයක් මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාව ඉදිරියේ නිර්මාණය වී තිබේ.
මෙම තත්වය නව ජනතා විමුක්ති පෙරමුණ අවබෝධ කරගෙන සිටින අතර, ඔවුන් මේ අදිසි රාජ්‍යයේ අත් අඩංගුවේ පසු වුවද; මෙම පණිවුඩය කීප වරක්ම හඩගා සමාජයට ඉදිරිපත් කලේය. එම පෙරමුණේ ප්‍රධාන ලේඛම්තුමා තුල ජීවත් වෙන සැබෑ ගෞරවණීය මිනිසා; එම රූපකාය තුල ජීවත්වෙන පාවාදෙන කුහකයා මොහොතකට පරදවා මේ සිදුකරන්නට යන කාර්යය භාරය,වෙනත් ආකාරයකින් රටට ප්‍රකාශ කලහ.
(අ). මැතිවරණයෙන් පසු රාජපක්ෂලාට ඉන්න වෙන්නේ මහ උළු ගෙදරයි කියා මෙම කුමන්ත්‍රණය හෙලි කල ඔහු; එය මනාව ආණඩුව අවබෝධ නොකර ගත් බැවින්දෝ, යලිත් හඩගා කියන්නේ ජම්පර් ඇදුම් එකසිය ගනනක් ජනවාරි මස 26 වෙනිදායින් පසු පාවිච්චිය සදහා මැසිය යුතු බවයි.


අදිසි රාජ්‍යය පැහැදිලිවම මෙම මැතිවරණය පරාජය වන බව දනී. නමුත් මේ මැතිවරණය හරහා ඔවුනගේ හඩට ජන පදනමක් ගොඩනැංවිය යුතුය.පලාත් සභා මැතිවරණ‍යේදී ඔවුන් සෘජුව ලබාගත් චන්ද 2,609,386 ට ජනතා විමුක්ති පෙරමුණේ චන්ද 234,442 ත් මුස්ලිම් කොන්ග්‍රසයේ චන්ද 60,091 එකතු කලද එදා සන්ධානය ලබාගත් චන්ද 5,137,170එ ආසන්න වන්නේ නැති බවද ඔවුන් මනාව දනී.


නමුත් අවුරැදු 30ක මහා ත්‍රස්තවාදී යුද්ධයක් පරාජය කලද, මේ රට තුල ඔනෑම විදේශීය බලවේග වලට ඇවැසි ආකාරයට හැසිරවිය හැකි 2,669,477 ක මිනිස් බලවේගයක් සිටින බව ඔවුන් මනාව අවබෝධ කරගෙන සිටී. පැහැදිලිම සත්‍යයය එයයි. මෙවන් මිනිස් කන්දරාවක් සිටින රාජ්‍යයක් තුල කොටි සංවිධානය පරාජය කිරීම යුගයේදී මේ මහ පොලව මත සිදුවූ උදාරතම කාර්යය භාරය බවද අවබෝධ කරගන්න.


මේ මැතිවරණයේදී තීරණාත්මක සාධක තුනක්ද දක්නට ලැබේ ඒවා නම්,


(අ). මෙවර නිදහසේ තම චන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලබාගන්නා උතුරු නැගෙනහිර ජනතාව.


(ආ). පසුගිය පලාත් සභා මැතිවරණයේදී චන්දය පාවිච්චි නොකල ජනතාව.


(ඇ). පසුගිය පලාත් සභා මැතිවරණයේදී තම චන්ද අවලංගු කල ජනතාව.


තීරණාත්මක බලකායයි.


මෙම කරුණු සියල්ල සලකා බලා අදිසි රාජ්‍යය තමන්ගේ මැතිවරණ සැලස්ම සකස් කර ඇත. ඒ මෙසේයි.


(1). මෙම බලකායන්ගෙන් උපරිමය සරත් ෆොන්සේකා මහතාට ලබාගෙන, අපේක්ෂකයින් දෙදෙනා අතර චන්ද පරතරය අවම කර ගැනීම ඔවුනගේ පලමු පියවරයි.


(2). මැතිවරණයට පෙර තමන්ගේ මැතිවරණ කාර්යාල වලට හා කටවුට් වලට සන්ධාන පාක්ෂිකයින් ලවා පහරදී ගැනීමේ තත්වයක් නිර්මාණය කර ගැනීම.


(3). එවැනි තත්වයක් නිර්මාණය කිරීම සදහා, ජනාධිපති මහින්ද රාජපක්ෂ


මහතාගේ කටවුට් වලට කළු තෙල් වලින් පහරදීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම.


(4). අපේක්ෂිත ආකාරයට සන්ධානයේ අය තම කාර්යාල වලට ප්‍රහාර නුදුන හොත් තමන් විසින්ම තමන්ගේ කාර්යාල වලට පහරදී ගෙන ඒවා සන්ධානය විසින් කල බවට ලෝකයට හඩගා කීම.


මේ ක්‍රියාවන් හරහා රජය විසින් මැතිවරණ ප්‍රචන්ඩත්වයන් සිදුකල බවට ලෝකයාට හඩගා ප්‍රකාශ නිකුත් කිරීමට අවස්ථාව උදාකර ගැනීම මේ වැඩ පිලිවෙලේ ප්‍රධාන අරමුණ විය.


මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම, මෙම මැතිවරණය දූෂිත වූවක් බව පවසා තමන් මෙම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බව ලෝකයාට ප්‍රකාශයක් නිකුත් කිරීම දෙවන පියවර විය.


තමන්ගේ මැර කණ්ඩායම් හා නව ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම් පාරට බැස, චෙකෝස්ලෝකියාවේ, යුක්රේනයේ, බිලෝරුසියාවේ හා මෑතකදී ඉරානයේ සිදු කල ආකාරයේ තත්වයන් මතු කොට; ඉන් සමහර රාජ්‍යයන් පෙරලා දැමූ ආකාරයට මේ රජයද පෙරලා දැමීමට කටයුතු කිරීම ඊලග පියවර විය. මෙම කාර්යයේදී හිටපු හමුදාපති වරයකුට විශාල වාසිදායක තත්වයක් රටතුල නිර්මාණය වේ.
සැබෑ ලෙසම ජයග්‍රාහී ශ්‍රී ලංකාව පරාජිත කිරීම ඔවුනගේ අරමුණයි.


මේ ආකාරයට මැතිවරණයේදී තම අපේක්ෂකයාව ජයග්‍රහණය කරවා හෝ මැතිවරණයට පසුව ප්‍රචන්ඩ ක්‍රියා මගින් හෝ බලය ලබා ගෙනකරන ප්‍රථම කටයුත්ත වන්නේ මෙරට දේශප්‍රේමීන්ව ඝාතන ජාලයකට අසුකරවීමයි.


ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් උත්තරීතරද යත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසයට ඇණ ගැසීමටත්, බරබ්බස් නම් වූ පල් හොරාව ඒ වෙනුවට නිදහස් කරවීමටත්; ඔය හැම දෙනාම දිවි හිමියෙන් රැක ගන්නවායයි කියන ප්‍රජාතන්ත්‍රවාදය උපකාර කලහ. එපමණක් නොව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන කාලය තුලදී කිසිදු පූජණීයත්වයක් ලබා නොදී, වරදකරුවන්ට දඩ්වම් ලබාදීමට භාවිත කල,තවද එකල දූෂිතයින් ‍එතුමාගෙන් හා එතුමාගේ අනුගාමිකයින්ගෙන් ආරක්ෂාව ලබාගත් කුරුසය එතුමාගේ මරණින් පසු සියලූම ක්‍රිස්තු භක්තිකයින්ගේ පූජනීය වස්තුවක් බවට පත් කල ආකාරයටම.


ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හා අනුගාමිකයින් පණපිටින් පුලුස්සා මරා දැමූවන් අද නව ජනතා විමුක්ති පෙරමුණහි නායකයින්ගේ, සාමාජිකයින්ගේ හා අනුගාමිකයින්ගේ පූජකයින් බවට පත්ව ඇත.


මෑත කාලයේදී බෙදුම් වාදයට එරෙහිව බටහිරට එරෙහිව සටන් කිරීමේ වරදට, සර්බියාවේ ජනාධිපතිවරයකු වූ මෙලසොවිච් මහතාව මැතිවරණ‍යෙන් පරාජය කොට ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස් හිර ගෙදරදී මරා දමා, පසුව නීතියට අනුව ඔහු නිදොස් බවට තීරණයක් නිකුත් කරණ ලදී.


ඉහත සදහන් කරන ලද්දේ ජනමතය හරහා අදිසි රාජ්‍යය විසින් සිදුකරන ලද මහා අපරාධ දෙකකි.


දැන් මෙරට ජනතාවට රටේ වැදගත්ම තීන්දුවක් ගැනීමට අවස්ථාව උදාවී ඇත. මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන්නේ 1505 සිට මෙරටට බට, බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් ආරම්භ කල ඒ වීරෝධාර මුතුන් මුත්තන්ගේ සටන් මගේ එක් අදියරකි. ඒ වීරෝධාර මිනිසුන් සටනේදී මැරෙමින්, යලි ඉපදෙමින් යලි යලිත් සටන් වදිමින් ගෙන ගිය මේ විරෝධාර සටනේදී එක් සන්ධිස්ථානයක් වන්නේ මේ ජනාධිපතිවරණයයි. එහිදී ඔබට උරුමව ඇත්තේ, ඔවුන් විදි දුෂ්කරතාවයන් නම් නොවේ. කඩුවක්, තුවක්කුවක් වෙනුවට පැන්සලයක් අතට ගෙන සැබෑ දේශප්‍රේමියාගේ ලකුණ ඉදිරියේ කතිරයක් සලකුණු කර චන්ද පෙට්ටියට දමීමයි. ඊට පසු කඩුවක්, තුවක්කුවක් ‍ගෙන සතුරාගේ ක්‍රියාකාර කම් සම්බන්ධව විමසිලිමත්ව සිට මේ උත්තරීතර මාතෘ භූමිය කුමන උවදුරකින් වුවද රැක ගැනීමට උරදීමයි.


මාතෘ භූමියට ජයවේවා!

No comments:

Post a Comment