Saturday 30 January 2010

2010 ජනාධිපතිවරණය හා දේශද්‍රෝහීන් 4,173,185

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
ජනාධිපතිවරණය නිමාවට පත්විය. මෙම ජනාධිපතිවරණය හා එහි ප්‍රතිඵල මේ රටට හා ජාතියට කියන්නාවූ කරුණු සම්භාරය අති විශාලය.

මෙම කරුණු සම්භාරය මනාව අවබෝධ කරගැනීම රට නිවැරදි ඉලක්කයක් කරා මෙහෙය වන ජාතික බලවේගයන්හි නියමුවන්ගේ ප්‍රධාන කාර්යය භාරය විය යුතුය. අප ඉතා කෙටියෙන් මේ මැතිවරණය ජාතියට හඩගා කිවූ පණිවුඩය කුමක්දැයි හදුනා ගැනීමට බලමු.

මැතිවරණය පැවතියේ අධිරාජ්‍යවාදී දේශද්‍රෝහී කණ්ඩායම හා දේශයට ආදරය කරන දේශප්‍රේමී බලවේගය අතරය. අධිරාජ්‍යවාදී දේශද්‍රෝහීන්ගේ ප්‍රධාන අරමුණ වූ ප්‍රභාකරන් ප්‍රමූඛ කොටි සංවිධානය විනාශ කල මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, හමුදා රණවිරුවන් හා මෙරට දේශප්‍රේමීන්ව ඝාතනය කිරීමේ මෙහෙයවුමට සහය පල කරමින්, එම ක්‍රියාමාර්ගය අනුමත කරමින් මෙරට ජනතාවගෙන් 4,173,185 ක් සෘජුවම සහය පල කරන ලදී. එබැවින් පැහැදිලිවම මෙරට තුල වාසය කරන සුපිරි දේශද්‍රෝහින්ගේ සංඛ්‍යාව 4,173,185 ක් බව සියලු දෙනාම පැහැදිලිව අවබෝධ කර ගත යුතුය.


ඉහත දක්වන ලද සංඛ්‍යාත්මක අගයකින් යුත් චන්ද දායකයින් මනාව දැන සිටි කරුනක් තිබිණ. ඒ 2010 ජනවාරි මස 26 වෙනිදා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී නම් 27 වෙනිදා සිට එතුමා හා එතුමාගේ පවුලේ සාමාජිකයින් පලමුව අනිවාර්යෙන්ම සිරගත කරන බවයි. මේ බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැදිලිවම ප්‍රකාශකල අතර, නව ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ද වේදිකාවක් වේදිකාවක් ගානේ යමින් ප්‍රකාශ කලහ.


ප්‍රභා කරන්ගේ ඝාතනයෙන් පසුව පැවත්වූ පලමුවන ජනාධිපතිවරණයම, ප්‍රභාකරන්ට පරාජය උරුම කල ජනාධිපතිතුමාට එම උරුමයම අත්කරදීමට වෙර දැරූ ඉතිහාසයේ අති පහත්ම ජන කණ්ඩායම මේ


4,173,185 ට ඇතුලත්වේ. ඈත අතීතයේදී මෙවන් පහත් තත්වයන් රටට උරුම කරන ජන කණ්ඩායම් අහිකුණ්ඨක ජන ගොත්‍ර වලට ගාල් කරනු ලබන අතර, බඩ ගැන පමණක්ම සිතා ඕනෑම පහත් වැඩක් කරන මේ ජනයාට සුදුසුම ස්ථානයද එය වේ. රිලවෙක් නටවා හෝ නයෙක් නටවා බඩ පුරවා ගන්නා මේ වරිගය ලෝකයේ ශිෂ්ඨාචාරය ආරම්භ කල මේ රමණීය දිවයින් වාසීන් නටවා බඩ පුරවා ගැනීමට දැරූ තැත ගෞරවණීය 6,015,934 ක දේශප්‍රේමී ජන බලකායක් විසින් මහත් පරිශ්‍රමයක් දරා පරාජය කර දමන ලදී.


මිනිසා නම් වූ මේ ප්‍රපංචය මේ භූමයට ප්‍රවිෂ්ඨ වන්නේ එක්තරා සීමිත කාලයක, නියමිත කාර්යය භාරයක් ඉටු කිරීමටය. බොහෝ විට එම කාලය වසර 120 ක කාල අන්නරයක් තුල ගලා යයි. සෑම දෙයක්ම කාලයට සාපේක්ෂ ක්‍රියවලියක යෙදෙන අතර මෙම කාලය තුලදී අප කරන කාර්යය භාරය අනුව අපේ ජීවිත කාලය කොතරම් ආයු කාලයක් ගන්නේදැයි නිර්ණය කරයි. ඒ අනුව බුදුරජාණන් වහන්නේ මේ වන විටත් වසර 2500ක් ඉකුත්වීත් ජීවත්වන අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේද වසර 2010ක කාලයක් ඉක්මවා ජනසමාජය තුල ජීවත් වේ.


ස්වභාව ධර්මය මේ භූමයේ වසන සියලූම සත්ව හා ශාක ප්‍රජාවට අමතරව අප නෙත නොගැටෙන විශාල ජීවී පරම්පරාවක් උදෙසා සැම දෙයම සපිරි පෘතුවියක් අපට පිරිනමා ඇත. සත්ව පරම්පරාවේ බුද්ධිමත්ම සත්වයා වන අපට හිමි කාරණය වී ඇත්තේ එම සම්පත් විද්‍යාත්මක කලමනාකරණයකට භාජනය කර හැමටම බෙදා හැරීමයි.


මෙම කාර්යය ශ්‍රී ලංකාව තුල ඉටු කිරීමට නිසි බලධරයකු තෝරා ගැනීම, අප ජනාධිපතිවරණය යයි හදුන්වමු.


මෙම පත්වෙන ජනාධිපතිවරයා, රහතුන් වහන්සේ නමක් හෝ සාන්තු වරයකු නොවේ. තවද මෙම ජීවියා ජනාධිපතිවරයා වන්නේ සීමිත ජන කණඩායමක් උදෙසාද නොවේ. ඔහුට හිමි භූමියේ මිනිසුන්, සියලූම සතුන්, සියලූම ගහ කොළ, සියළුම දිය ඇලි, ඇල දොල ගංගා හා රට වටා ඇති මහා සමූද්‍රයටද ඔහු ජනාධිපති වේ. තවද ඒ සෑම දෙයකම ප්‍රගතිය උදා කිරීම ඔහු සතු වගකීමයි.

මෙම කටයුත්ත තිරීම සදහා ඔහුට වසර හතක කාලයක් හිමි අතර, එය මාස වලට පරිවර්තනය කලහොත් මාස 168 ක කාලයකි. සෑම මිනිසෙක්ම දිනකට අවම වශයෙන් පැය 8ක් නින්දට වැය කලයුතු බැවින්, ඔහුට සැබෑ ලෙසම වැඩ කිරීමට ඇත්තේ පැය 112 ක කාල පාරාශයක් වන අතර මෙම කාලය තුලදී, තමන්ගේ පෞද්ගලික කටයුතු හා ජනාධිපති ධූරයට යටත් කාරයයන්ද ඉටුකල යුතුවේ. මෙම කාලය තුලදී,






(1). රටේ ආරක්ෂක කටයුතු තරකල යුතුය.






(2). ජීවන වියදම පහත හෙලීමේ කාර්යය ඉටුකල යුතුය.






(3). දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි කල යුතුය.






(4) රැකී රක්ෂා ලබාදීම කල යුතුය.






(5). රට විද්‍යාත්මක සංවර්ධන හුගයක් කරා මෙහෙයවීම.






හා තවද මෙවන්වූ කාර්යය භාරයන් රාශියක් කිරීමට ඔහුට හිමිවේ.






මේ සකල විධ සියලූම කාර්යයන් කිරීමට මේ භූමියේ ඇති සියලූම අජීවී පාරිසරික සම්පත්, ජීවී සත්ව ප්‍රජාවගේ හා ශාඛ ප්‍රජාවගේ උපරීම දායකත්වයත් මේ රටේ සැබෑ සතුරන් වූ 4,173,185 වන ජන ගෝත්‍රයේ හැර අනිකුත් සියලූම ජනතාවගේ උපරිම දායකත්වය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය කාර්යයන් කරගෙන යාමේදී අත්‍යවශයවේ.


එතුමාට සිය චන්දය දුන් ජනතාව, රජයේ සංවර්ධන කාර්යයන් වලට බද්ධ කරන යාන්ත්‍රණයක් මෙරට නැත. එම නිසා බොහෝ විට සිදුවන්නේ චන්දයෙන් පසු, ජනතාව හා ජයග්‍රාහී ජන්ද අපේක්ෂකයා එකිනෙකාගෙන් වියෝ වීමයි. මේ වර අප එවැනි යාන්ත්‍රණයක් නිර්මාණව නැති බවත්, එය විශාල අඩුවක් බවත්, එවැන්නක් ක්ෂණිකව නිර්මාණය කල නොහැකි බවත්, මනාව වටහා ගත යුතුය.


නමුත් එම යාන්ත්‍රණය ඉක්මනින් ගොඩනැංවිය යුතු අංගයක් බව වටහා ගත යුතුය.






නිමාවූ ජනාධිපතිවරණයේදී ධනවාදී දේශපාලන කසල ශෝධකයින්යේ ප්‍රධාන සටන් පාඨයන් වූ


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වන්වූ සකල විධ ඉල්ලීම් ප්‍රබුද්ධ ජනතාව දේශපාලන කුණු කූඩයට තල්ලු කර ඇත්තේ ඒවා ජනතාව ඉදිරියට රැගෙන ආ දේශපාලකයින්ද සමගයි. එම නිසා මේ ප්‍රබුද්ධ ජනතාවට තවදුරටත් එම දේශපාලකයින්ගේ සේවාවන් අවශ්‍යවන්නේ නැත. ඒ අනුව එදා රෝහණ විජේවීර මහතා ඇතුලු මෙරට තරුණ තරුණියන් 60,000 ක් ඝාතකාගාර වලට දැක්කවූ හා මෙදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශප්‍රේමීන් අති විශාල සංඛ්‍යාවකගේ මල කදන් හා ලේ අපේක්ෂාවෙන් සෘජුවම දායකව කටයුතු කල නව ජනතා විමුක්ති පෙරමුණහි එකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අවස්ථාවක් ලබා නොදීමට තීරණය කරගෙන මීලග මහා මැතිවරණයට සූදානම් වෙමු. එය මෙරට දේශප්‍රේමීන් සතු මීලග කාරයය භාරයයි. "ශුභ අනාගතයක් වේවා!"





No comments:

Post a Comment