Saturday 30 January 2010

කෙසේ හෝ බලය ලබාගැනීමේ ෆොන්සේකාගේ සැලසුම වැරදුණා

ජනාධිපති පුටුවේ කොසේ හෝ වාඩිවීමේ අභිලාෂය ඇතිව විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් දියත් කළ කුමන්ත‍්‍රණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිවිශිෂ්ට ජයග‍්‍රහණයත් සම`ග යටපත් වී ගියේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාරිලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කළේය. ඔහු මේ සුවිශේෂී අනාවරණය සිදු කරනු ලැබුවේ අද (29) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.


‘‘ජනාධිපතිවරණය පැවැති දිනයේ (26) සවස 5:00ත් - 6:00ත් අතර ටාජ් සමුද්‍ර හෝටලයේ සහ සිනමන් ලේක් යන හෝටල්වල කාමර 70ක පමණ ප‍්‍රමාණයක් සරත් ෆොන්සේකා විසින් වෙන් කළේ ඇයි, කියන ප‍්‍රශ්නයට දැන් පිළිතුරු ලැබී තිබෙනවා. මේ පිළිබඳ සොයා ගැනීමට ලැබුණේ ෆොන්සේකා මහතාට ආරක්ෂාව සඳහා ලබාදුන්, ආයුධත් සම`ග පැනගියා යැයි පැමිණිලි කළ, යුද හමුදා පොලිසීය විසින් අත්අඩංගුවට ගත් හමුදා සොල්දාදුවන් 09 දෙනාගෙන්.

පසුව හෙළිදරව් වූ අන්දමට ෆොන්සේකා කර ඇත්තේ බොරු පැමිණිල්ලක් ,ඔහු තමන්ට ආරක්ෂාවට සිටි සොල්දාදුවන් 9 දෙනෙකු අවි ආයුධත් සමග පැනගිය බවට පැමිණිලි කර ආරක්ෂාව සඳහා වෙනත් සොල්දාදුවන් 09 දෙනෙකු ලබාගෙන තිබෙනවා. පැනගියා යැයි කියන 09 දෙනා සහ වෙනත් හමුදාවෙන් පැනගිය පිරිසක්ද සම`ග තමයි ඔහු සිනමන් ලේක් හෝටලයට ගොස් එදා නවාතැන් ගෙන ඇත්තේ. ඊට අමතරව ඔහු හමුදාවෙන් පැනගිය සොල්දාදුවන් විශාල පිරිසක් බොහෝ දිස්ත‍්‍රික්කවලට ආයුද සහිතව යවා ඇති බවට දැන් අනාවරණය වී තිබෙනවා.

මෙහෙම හමුදාවෙන් පැනගිය පිරිසක් සමග හෝටල් කාමරවල ස්ථානගත වී ඔවුන් කිරීමට බලාපොරොත්තු වූ දෙය කීමට කලින් ඊට පසුබිම් වූ සිදුවීමද කීමට අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ ‘‘සිරිකොත’’ මූලස්ථානයෙන් මැතිවරණයට දින කිහිපයකට පෙර මැතිවරණ සමාලෝචන වාර්තාවක් එළි දක්වා තිබුණා. එහි සඳහන්ව තිබුණේ සරත් ෆොන්සේකාට 50.81 ක ප‍්‍රතිශතයක් උපරිම වශයෙන් ලබාගත හැකියි කියලා. ලබාගත හැකි උපරිම ඡන්ද ප‍්‍රමාණ 54,62,237 ක් ලෙසත් යාපනය දිස්ත‍්‍රික්කයෙන් ලක්ෂ 03කට අධික ඡන්ද ප‍්‍රමාණයක් ලැබෙන බවත් එහි සඳහන්ව තිබුණා. ඒ අනුව 50%ක් 49%ක් වැනි ඡන්ද ප‍්‍රමාණයක් ලැබේ යැයි ඔවුන් විශ්වාස කළා. ඒ අනුව තමයි සුළු ගණනකින් දිනුවත්, පැරදුණත් කුමන්ත‍්‍රණකාරී ලෙස බලය ලබාගතයුතු යැයි ෆොන්සේකා තීරණය කර ඇත්තේ.


අරලියගහ මන්දිරයේ සිටින ජනාධිපතිතුමා ඇතුළු පවුලේ අයත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සේවක පිරිසත් මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී එළියට ඇදලා දාලා ඝාතනය කරන්න තමයි ෆොන්සේකා සැලසුම්කර තිබුණේ. දැන් පැහැදිළියි නේද මේ ත‍්‍රාඩ සැලසුම ඒ නින්දිත, තිිරශ්චීන ඝාතන මෙහෙයුම දියත් කරන්න අවශ්‍ය හමුදාවෙන් පැනගිය සොල්දාදුවන් ඇතුළු මැර පිරිසට නවාතැන් ගැනීමට තමයි ඉහත කී කාමර 70 ගණන් වෙන් කළේ.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ 18කින් ජයග‍්‍රහණය කරන බව දැනගත් මේ වෛරී මිනිසුන්ගේ සැලසුම ව්‍යාර්ථ වී ගියා. ඔවුන් ඉතාමත් තදින් ‘‘ජයග‍්‍රහණය පිළිබඳ සිහිනයක්’’ දකිමින් සිටියා. හිටපු ජනාධිපති ලේකම් කුසුම්චන්ද්‍ර බාලපටබැ`දි මැතිවරණ දිනයේ (26) සවස 2:00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරියකට කතා කොට පවසා තිබුණා ෆොන්සේකා මහතාට පසුදා (27) දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් කරන්න කියලා.

එදා ඇහලේ්පොල අදිකාරම් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලා සිටියා තමන්ව කන්ද උඩරට රාජධානියේ සිංහාසනේ වාඩි කරවන්න කියලා. දැන් මේ ෆොන්සේකා අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලා සිටිනවා ‘‘අනේ කරුණාකරලා එන්න අධිරාජ්‍යවාදී මහත්වරුනි, ඇවිත් මට ඔටුනු පළදවන්න’’ කියලා. මේ බව The Hindu පුවත්පතේ සඳහන්ව තිබෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ මිනීමරු මෙහෙයුම දියත් කළ පුද්ගලයාව නීතිය ඉදිරියට පමුණුවන්න කියලා’’

No comments:

Post a Comment