Saturday 23 January 2010

මළ කොටි සංවිධානය යළි පණ ගැන්විය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය
කොළඹට සැතපුම් 250 ක්‌ ඈත බංකරයක සිට. මේ රට වාහන ආරක්‍ෂාව සහ දේශපාලනය මෙන්ම ජනතාවගේ ඉරණම තීන්දු කළ කොටින්ට නැවත නැඟිටීමට ඉඩ දිය යුතුද?

අපි ශ්‍රී ලංකාවට අවි සැපයීම තහනම් කළා
- ගැරත් තෝමස්‌ බ්‍රිතාන්‍ය සංවර්ධන ඇමැති
අපේ මීළඟ අරගලය ප්‍රභාකරන් විසින් නැවත සැලසුම් කර ඇත.
- තමිල්මාරන් කොටි වෙබ් අඩවියජනාධිපතිවරණයට ඇත්තේ තව දින තුනකි. මළ කොටින්ට ජීවය දීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ කරන බව දැන් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. පසුගිය බ්‍රහස්‌පතින්දා ගි්‍ර්‍රනිච් වේලාවෙන් පැය 3.04ට යුරෝපා කොටි වෙබ් අඩවිය ප්‍රකාශයක්‌ කරමින් 2009 මැයි 19 වැනිදා කොටි නායකයා මළේ නැති බවත් ඔහු ජීවතුන් අතර සිටින අතර ළඟදීම ඊළාම් ප්‍රජාව අමතන්නේ යෑයි පවසා තිබේ. අපේ ඊළම් ප්‍රජාව රැවටීමට කිසිම බලවේගයකට ඉඩ නොදෙන්නෙමු. මීළඟ අරගලය අපේ නායකයා විසින් නැවත සැලසුම් කර තිබෙනවා යෑයි කොටි නව ප්‍රකාශක තමිල්මාරන් නමැත්තා විසින් එහි වෙබ් අඩවියට සඳහන් කර ඇත.

මේ නිසා මළ ප්‍රභාකරන්ව ජීවතුන් අතරට ගෙනඒමට අවශ්‍ය වී ඇත්තේ කාට ද යන්න මෙරට බුද්ධිමත් ජනතාව අවධාරණය කළ යුතුයි. වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී ඊට එරෙහි වූ පාර්ශ්ව මෙසේය
1. විදෙස්‌ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන
2. බටහිර තානාපතිවරුන්
3. කොළඹ කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්වයන්
4. කොළඹ සුපිරි ද්‍රවිඩ ව්‍යාපාරික කල්ලිය.
5. කොටි නිසා විවිධ මුර කපොලුවලින් යෑපුණු පොලිස්‌ හා හමුදා නිලධාරීන්.
අද මේ සියලුදෙනාම නැවත ඒකරාශි වී සිටී. කොටි ත්‍රස්‌ත යුද්ධය ඉහත කී පාර්ශ්වයන්ට ඉමහත් වාසියක්‌ සලසනු ලැබීය. පසුගිය මැයි 19 වැනිදා කොටි සංවිධානය සමූල ඝාතනය වූ බව අසා මුලින්ම කම්පනයට පත් වූයේ ඔවුන්ය.
මේ නිසා ත්‍රස්‌තවාදය යළි පෝෂණය කිරීමේ අවශ්‍යතාවක්‌ මොවුන්ට ඇතිවී තිබේ.
මෙය තවදුරටත් සනාථ වන්නේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය ගැරත් තෝමස්‌ මෙයට දින කීපයකට පෙර කළ ප්‍රකාශයකි.
ශ්‍රී ලංකාවට අවි ආයුධ ලබාදීම තහනම් කිරීමට අපි ක්‍රියා කළා යෑයි හෙතෙම කියා සිටියේය.
මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ වන්නි මෙහෙයුම නතර කිරීමට රජය ක්‍රියා නොකිරීම නිසා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට යුද අවි විකිණීම තහනම් කළ බවයි. ගැරත්a ඊවන්ස්‌ එම ප්‍රකාශයෙන් නතර වූයේ නැත.
ශ්‍රී ලංකාව සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයිද ගැරත්a තෝමස්‌ වැඩිදුරටත් පවසා ඇත.
Sරස ඛ්බන් උaර Cරසපැs aකකැට්‌එසදබි sයදමකා ඉe චරදඉකැd සබාeචැබාeබඑකහ - ඨ්‌ර්එය ඔයදප්s ඊරසඑසිය ඵසබසිඑeරග
ගැරත් තෝමස්‌ගේ මෙම ප්‍රකාශය බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන් විසින් පිළිගෙන ඇත.
මේ නිසා ජාත්‍යන්තර ප්‍රජාව හා කොටි ජාත්‍යන්තර ජාලයේ එකම අවශ්‍යතාව කුමක්‌ද යන්න පැහැදිලිය. ඒ යළි මෙරට ත්‍රස්‌තවාදය පෝෂණය කිරීමයි. මෙහිදී ජනතාව තම අවධානයට ලක්‌ කළ යුතු ප්‍රධාන කාරණය නම් පසුගිය මැයි 19 වැනිදා වනතෙක්‌ කොළඹට සැතපුම් 250 ක්‌ ඈත බංකරයක සිට මෙරට ජාතික ආරක්‍ෂාව දේශපාලනය හා සිවිල් ජනතාවගේ ඉරණම මරණ තර්ජන වලින් තීරණය කළ ප්‍රභාකරන් නම් වූ ඝාතකයා ගැනයි.
මේ ඝාතකයා ව්‍යාජ සාම යෝජනා ඉදිරිපත් කරද්දී සාම වෙළෙඳුන් ප්‍රීතියෙන් පිනා ගියේය. රාජ්‍ය නොවන සංවිධාන වඩාත් සතුටට පත් වූයේ එම ව්‍යාජ සාම යෝජනා වලින් තම මඩිය තර වන නිසාය.
මෙවන් තත්ත්වයක්‌ මැද පසුගිය 20 වැනිදා ඉන්දියානු සී නිව්ස්‌ රූපවාහිනිය මෙරට විපක්‍ෂ නායකගේa ප්‍රකාශයක්‌ විකාශනය කරනු ලැබීය. එහි මෙසේද සඳහන් විය.
2005 දී කොටි සංවිධානය වැරැද්දක්‌ කළේය. දැන් අපි එක්‌වී මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. 2005 දී ඔබ අවස්‌ථාව පැහැර හැරියා.
2005 දී වත්මන් ජනාධිපති බලයට පත් නොවූයේ නම් කොටි ඝාතන සමාගම තවදුරටත් ජීවමාන බව පැහැදිලි විය යුතුයි.
මේ නිසා නෝර්වේ ප්‍රමුඛ බටහිර ප්‍රජාවට දැන් අවශ්‍ය වී ඇති කොටි පරාජය කරලීමට ක්‍රියා කළ දේශපාලන සහ හමුදා නායකත්වය ඉවත් කරලීමයි. මෙය වැඩිදුරටත් සනාථ වන්නේ මෙරට ඊළම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට ජාත්‍යන්තර කොටි ජනමත විචාරණ පැවැත්වීමයි.
ස්‌විට්‌සර්ලන්තයේ අද (23) පැවැත්වෙන ඊළම් ජනමත විචාරණය ඊට නිදසුන්ය.
අපේ අරමුණ ශ්‍රී ලංකාවේ ඊළම් රාජ්‍යයක්‌ බිහි කිරීම යෑයි ස්‌විස්‌ කොටි ජාලය පුන පුනා පවසන්නේ විදේශ බලවේග ඔවුන් පසුපස සිටින නිසාය.
මේ බලවේගවල කොන්ත්‍රාත්කරුවන් වන්නේ මනෝගනේෂන් සම්පන්දන් - මාවෙයි සේනාධිරාජා චන්ද්‍රනේරු, රවුෆ් හකීම් නමැත්තා මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා ප්‍රභාකරන් සමග සාකච්ඡා කළ බව කොටින්ගේ යුරෝපා ජී. ටී. වී. රූපවාහිනියේ පැවැති ප්‍රකාශයකින් හෙළි විය.
මෙම තත්ත්වය මත රට දෙකඩ කිරීමට සූදානම් වන බලවේග රැසක්‌ විවිධ වෙස්‌ මුහුණුවලින් අභිරහස්‌ මෙහෙයුම් දියත් කරන බව පැහැදිලිය.
අපි කිසි විටෙක අපේ සතුරන් වූ හමාස්‌ සහ හිස්‌බුල්ලා සංවිධාන සමග එක්‌ නොවෙන්නෙමු යෑයි ඊශ්‍රායල් ආණ්‌ඩු පක්‍ෂ හා විපක්‍ෂ සංවිධාන විසින් පවසා තිබිණි.
එහෙත් අපේ රටේ සිදුවන්නේ කුමක්‌ද? ද්‍රවිඩ සංධානය හා මනෝ ගනේෂන්ලා අද වෙස්‌ මුහුණ පැළඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නැඟීමම, හාස්‍යජනකය.
බටහිර ප්‍රජාව මෙරට හමුදා නායකත්වය යුද අපරාධවලට ඉලක්‌ක කර ඇත්තේ මේ පසුබිම මතය.
කොටි ඝාතන සමාගම සමූල ඝාතනය වුවත් කොටි ආධාරකරුවන් තවමත් මෙරට සිටී. එල්ලාලන් බලකාය නමින් තර්ජනාත්මක ලිපි එවූ පිරිස්‌ද සැඟවී සිටින බව පැහැදිලිය. මෙයට දින කීපයකට පෙර යාපනයේ ද්‍රවිඩ පුවත්පතක කර්තෘවරයකු බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට කළ ප්‍රකාශයේ ද යථාර්ථය තේරුම් ගත යුතුය. තේරීම ඇත්තේ ඝාතන සිදු කළ මිනිසා සහ ඝාතන සිදු කිරීමට නියෝග කළ මිනිසා අතර යෑයි ඔහු පවසා තිබිණි.
මෙයට පෙර එකී පුවත්පතට සම්බන්ධ තවත් කර්තෘවරයකු බටහිර ප්‍රජාවට දොස්‌ නගමින් කොටින්ව විනාශ කරන බව ආරක්‍ෂක ලේකම් පවසා ඇති නිසා ඔහුට එරෙහිව පියවර ගත යුතු යෑයි දන්වා තිබිණි.
මේ නිසා සතුරා අවස්‌ථාව එනතෙක්‌ බලා සිටින බව මෙරට ජනතාව අවබෝධ කර ගත යුතු වේ.





No comments:

Post a Comment