Friday 22 January 2010

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා රාජපක්ෂ පවුල

එඩ්වඩ් ගුණසේකර විසිනි.
අපේ දේශපාලන ක්‍රියාවලියේදී එක පුද්ගලයකු හෝ පවුලක් සමාජ බලවේගයක් වශයෙන් සලකන්නේ නැත. නමුත් පුද්ගලයකුට හෝ පවුලකට යම් සමාජ බලවේගයක නියෝජිතයකු බවට පත්විය හැක. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හා සිය පවුල මෙරට ජාතික බලවේගයේ ප්‍රබල නියෝජිතයින් බවට මේ වනවිට පත්ව සිටී.



කලකට ඉහතදී මෙරට නිර්ධන පාංතික බලවේගයේ ප්‍රබල නියෝජිතයකු වශයෙන් සෝමවංශ අමරසිංහ මහතා කටයුතු කරන වකවානුවේදීම ඔහුගේම සහෝදරිය අධිරාජ්‍ය ගැති ධනේශ්වර බලවේගය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත වරියක් වූවාය.

දේශපාලන පක්ෂ යනු පුද්ගලයින් හඹා ගොස් පහර දෙන සංස්ථාවන් නොවන අතර ඒවාට ඊට වඩා අගනා කාර්යය භාරයන් උරුමව ඇත.


යම් දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන නායකයකු යම් පුද්ගලයකු හෝ පවුලක් ඉලක්ක කරගෙන ඔහු හෝ එම පවුල පසු පස හඹා යමින් එලව එලවා පහර දෙන්නේ නම්, එම දේශපාලන පක්ෂය හෝ එම දේශපාලන නායකයා, යම් දේශපාලන විකෘතියකට බාජනය වී ඇති බව අවබෝධ කරගත යුතුය.


මේ දිනවල නව ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායක සෝමවංශ අමරසිංහ මහතා මෙම දේශපාලන විකෘතියට පාත්‍රව සිටින ප්‍රබල කණ්ඩායමක් බව හදුනා ගෙන ඇත. මෙම විකෘතිය සැබෑ ලෙසම දේශපාලන ක්ෂේත්‍රයේ ඇති පිලිකාවක් වන අතර එයට එකම පිලියම දේශපාලන ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමයි. මෙම ශල්‍ය කර්මයේ ප්‍රතම පියවර වශයෙන් සෝමවංශ අමරසිංහ මහතාගේ හා ඔහුගේ පවුල සම්බන්ධව රටට හදුන්වා දිය යුතුය.


අපි මෙය 2010 ජනවාරි මස 19 වෙනිදා 'දෙරණ' රූපවාහිනී නාලිකාවේ රාත්‍රී 8.00 ප්‍රවෘත්ති විකාශනයේදී සෝමවංශ අමරසිංහ මහතා කල ප්‍රකාශයකින් ආරම්භ කරමු.






"කේ. පී. ගේ හෝ කොටි සංවිධානයේ සල්ලි මෙම ජනාධිපතිවරණයට හා රාජපක්ෂ පවුලේ කටයුතු වලට යොදා ගන්නවාදැයි බරපතල සැකයක් අපට තියෙනවා" යයි ඔහු ප්‍රකාශ කලේය.






ගරු බුද්ධිමත් සමාජය මෙම ප්‍රකාශය සම්බන්ධව ඔබගේ අවදානය යොමු කරන්න. මෙම ප්‍රකාශයට අනුව මොහුට ඇත්තේ බරපතල සැකයකි. ඉහත සදහන් කරන ලද සිදුවීම සිදුවූවාදැයි මොහු දන්නේ නැති බව ඔහුගේ ප්‍රකාශය තුල පැහැදිලිව ගැබ්ව තිබේ. නමුත් මේ මහතා තමන් නොදන්නා; තමන්ට සැක සහිත කරුණ සම්බන්ධව ඊලගට ගතයුතු පියවර වන තව තවත් සොයා බැලීම වෙනුවට, දෙකෝටියකට ආසන්න ශ්‍රී ලාංකීය ජනතාව ඉදිරියේ එම කරුණ; ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සමාජ ගත කරන ලදී..






එතුමා මේ කරන ලද ක්‍රියාදාමයන් හරහා, එතුමා සම්බන්ධව කාලාන්තරයක් මුලුල්ලේ අප හදවත් තුල මුල්බැස ගෙන තිබූ බරපතල සැකයන් සමාජගත කිරීමට අවස්ථාව උදා කරදී ඇත.






මෙතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ සිරිසේන කුරේ මහතාගේ මස්සිනාය. එදා ප්‍රේමදාස මහතා ජනාධිපතිව සිටි යුගයේදී, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ඔහු ප්‍රබලව සටන් කල අයෙක් විය.


එදා ජනතා විමුක්ති පෙරමුණේ සියළුම දේශපාලන මාණ්ඩලිකයින් ඝාතනයට ලක්වී, සිරිසේන කුරේ මහතාගේ මස්සිනා පමණක් නිරුපද්‍රිතව එංගලන්තයට ලගාවීම සම්බන්ධව අප තුලද බරපතල සැකයක් පවතින බව ප්‍රකාශ කල යුතුව තිබේ.






මෙය එසේ මෙසේ සැකයක් නොව; අප තුල ඇති අති ප්‍රබල සැකයකි. තවද අපතුල ඇති දේශපාලන විඥාණය ප්‍රකාශ කරණුයේ; එදා ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණ තුල, එවකට පැවති රජයේ ගෝනි බිල්ලාගේ භූමිකාව රගපා සියලූම දේශපාලන සභිකයින් දන්ගෙඩියට දැක්වූ වගයි. ඒ සදහා ඔබට ඉහලම ධනපති රාජ්‍යයක රැකවරනය ලැබුණ බව අප තරයේම විශ්වාස කරන්නෙමු. ඒ මහා පාවාදීම SA-1 වශයෙන් අප හදුන්වන්නෙමු.






ආරම්භයේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධන උදෘත පාඨයන් වූයේ සියල්ලම අනාගත පරපුර උදෙසා යන්නයි. ඒ අනුව මැයි දින පෙලපාලියට පාක්ෂිකයින්ගේ දරුවන් සමග පියවරුන් ඇතුලත් අංගයක් යොදා තිබූ අතර, එයින් සංකේතවත් කලේ එම දරුවන් එම පක්ෂයේ අනාගත උරුමක් කාරයින් බවයි. පක්ෂයේ නායකයා වන ඔබට ඔබගේ දරුවාට ඔබේ දේශපාලනය උරුම කිරීමට නොහැකි වූ බව මීට වසර කීපයකට පෙර ඔබට ඔබේ පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාවට එලි දැකිවීම සදහා අසීමිත කාලයක් ලබාදුන් ටී. වී. ලංකා දේශපාලන සාකච්ඡාවකදී හෙලි කලේය. කුඩා කල පටන් තමන්ගේ ඇකයේ හැදී වැඩුන තම දරුවාට තම උරුමය වූ තම දේශපාලනය ලබා නොදුන් ඔබ, රටේ සිටින අනිකුත් දරුවන්ට ඔබේ දේශපාලනය උරුම කරන්නට වෙහෙසීම මම දකින්නේ ප්‍රභාකරන් තමන්ගේ දරුවන්ගේ කරේ රත්තරං දම්වැලුත්, අන් අයගේ දරුවන්ගේ කරේ සයනයිඩ් කරලත් එල්ලු ආකාරයටමය.






1980 වකවානුවේදී ආර්. ප්‍රෙමදාස මහතාගේ දියණිය මෙරට තුලවූ ජාත්‍යන්තර පාසලකට යාම සම්බන්ධව හුවා දක්වමින් ඒ සදහා යන මුදල් ලැබෙන්නේ කෙලෙසකදැයි ප්‍රශ්න කල සමාජය, සෝමවංශ අමරසිංහ මහතාගේ පුතා එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යන වියදම ලැබෙන්නේ කෙලෙසකදැයි අපෙන් ප්‍රශ්න නොකලද; සෝමවංශ අමරසිංහ මහතාගේ පුතා BMW වාහනයක හිමිකරුවකු වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය නම් නගනලදී.


බුදුරජානන්වහන්සේගේ ධර්මය තම එකම පුත් රාහුල කුමරුට උරුම කලේ ඉතා කුඩා අවධියේදීය. මෙරට රාජ්‍ය පාලකයින්ද, ඊනියා නිදහසින් පසු මෙරට දේශපාලකයින්ද අනුගමනය කල මෙම ක්‍රියාදාමය සෝමවංශ අමරසිංහ මහතා අනුගමනය නොකලේ; ඔහුගේ භූමිකාව, පක්ෂය බටහිර අධිරාජ්‍යවාදීන්ට විකුණා එම මුදලින් අඛණ්ඩව සිය සැදෑ සමය එංගලන්තයේ ගත කිරීමට සැලසුම් කර ඇති බැවින් බව අපට බරපතල සැකයක් ඇත.


මේ වනවිට සෝමවංශ අමරසිංහ මහතා ඔහුගේ SA- 2 වැඩ කටයුතු සරත් ෆොන්සේකා මහතාගේ SF-2 ට සමාන්තරව ආරම්භකර ඇත.


මී ලග මහා මැතිවරණයින් පසු මෙම මෙහෙයුමට අනුව නව ජනතා විමුක්ති පෙරමුණ නම් වූ කඩය වසා දමනු ඇත.

No comments:

Post a Comment