Sunday 17 January 2010

සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාවාදීම්

මහචාර්ය නලින් ද සිල්වා

මේ ජනාධිපතිවරණය තවත් එක්‌ ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවන බව අපි මුලදීම කීවෙමු. අද වන විට ඒ ඉතා පැහැදිලිව ම පෙනෙන්නට පටන්ගෙන ඇත. විපක්‍ෂයේ ගොබෙල්ස්‌ගේ පච ප්‍රචාර මැද වුවත් ෆොන්සේකාට ජයගැනීමට කිසිදු ඉඩක්‌ නොමැති බව මහින්ද රාජපක්‍ෂ මහතා වටා දිනපතා එක්‌රොක්‌වන ජනතාවගෙන් ප්‍රකාශ වෙයි. ගොබෙල්ස්‌ලාගේ අරමුණ වූයේ දැන් ජෙනරාල්ට වාසිය කියන ජවය ජනතාව අතරට ගෙන ගොස්‌ සරත් ෆොන්සේකා දිනන්නේය යන මතය ප්‍රචාරය කිරීම ය. එහෙත් එවැනි ප්‍රචාරවලින් මැතිවරණ ජයගත නොහැකි බව ගොබෙල්ස්‌ලාට අවබෝධ නොවිණි.සරත් ෆොන්සේකාට විජාතික බලවේගවලින් කොන්ත්‍රාත්තු දෙකක්‌ ලැබී ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු බටහිර යටත්විජිතවාදීන්ගේ දංගෙඩියට දැක්‌කවීම එකකි. අනෙක අවුරුදු දෙකක්‌ ඇතුළත නැවත ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. පළමුවැන්න සඳහා සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට හා සෙස්‌සන්ට විරුද්ධව ඊනියා සාක්‍ෂි එකතු කරයි. සුදුකොඩි කතාව එහි එක්‌ අංගයක්‌ පමණකි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පිරිස තම යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමය. අද බටහිරයෝ ප්‍රභාකරන්ගේ ලේ වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලේ ඉල්ලති. ඒ මහතාගේ ගෙල දංගෙඩිය මතට පැමිණවීමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ජාතිදොdaහී හා රාජදෝහී සරත් ෆොන්සේකාටය. සුදු කොඩි කතා ගොතා කීමෙන් ඔහු ජාතිදොdaහී පමණක්‌ නොව රාජදොdaහි ද වෙයි.

ෆොන්සේකාගේ දෙවැනි කොන්ත්‍රාත්තුව අවුරුදු දෙකක්‌ ඇතුළත ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. ඔහු හා සම්බන්ධන් අතර ඇති එකඟත්වය ඒ සඳහා ය. ඒ හුදු එකඟත්වයක්‌ පමණක්‌ නොවේ. ෆොන්සේකා හා සම්බන්ධන් ගිවිසුමක්‌ අත්සන් කර ඇති අතර එයට සාක්‍ෂි වශයෙන් බටහිර රටවල් දෙකක තානාපතිවරු ද අත්සන් තබා ඇත. මේ ගිවිසුම පිළිබඳ ව දෙමළ එක්‌සත් සන්ධානයේ මන්ත්‍රීවරයකු වන තුරෙයිසිංහම් ප්‍රකාශයක්‌ කර ඇති අතර ගිවිසුම පිළිබඳ ව පිටරට වෙසෙන දෙමළ ජාතිවාදීන් දැනුවත් කර ඇති බව ටැමිල්නෙට්‌ වෙබ් අඩවියෙන් පැහැදිලි වෙයි. ගිවිසුමෙන් ප්‍රධාන වශයෙන් ම කෙරෙන්නේ ඊනියා ස්‌වයං තීරණ අයිතිය, දෙමළ ජනයාගේ නිජබිම් සංකල්පය, උතුර හා නැගෙනහිර පළාත් එකතු කිරීම (ජ වි පෙ විසින් ඒ එකතුවට විරුද්ධව පවරන ලද නඩුවේ තීන්දුව දුන් එක්‌ විනිසුරුවකු වූද ජ වි පෙ විසින් අගමැති ධුරයට නම් කෙරී ඇති අනෙක්‌ සරත් වූද සරත් ද සිල්වාද ජ වි පෙ මෙන් ම අද වන විට උතුර හා නැගෙනහිර එකතු කිsරීමට පක්‍ෂය. ජ වි පෙ එයට විරුද්ධ නම් සරත්ලාට දෙන සහාය වහාම අත්හිටුවිය යුතුය. ඔවුහු එසේ නොකර ඒ සරත් හා මේ සරත් හැර රට පාවා දෙන තවත් සරත්ලා ඇත්දැයි සොයා බලති.) ත්‍රස්‌තවාදීන් කිසිම පරීක්‍ෂණයකින් තොරව නිදහස්‌ කිරීම ආදිය නැවතත් දේශපාලනයේ පිළිගත හැකි සංකල්පයක්‌ බවට පත්කිරීමය. ඒ මගින් අපේ ජීවිත බිලිගන්නා දෙවැනි ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට ය. ඒ දෙවැන්නාට ද බටහිරයන් සිංහලයන්ට විරුද්ධ ව ආයුධ ලබාදෙනු ඇත.
මේ සියල්ල අවබෝධ කරගත හැක්‌කේ බටහිර කසිකබල් උගතුන්ගේ පොතපත කියවා ඔවුන්ගේ ඇසින් ලෝකය බැලීමෙන් නොවේ. අපේ ඉතිහාසය අපේ ඇසින් බැලීමෙනි. පසුගිය දශක දෙකකට වැඩි කාලයක්‌ තිස්‌සේ මේ සම්බන්ධයෙන් අප විසින් ගොඩනඟා ගන්නා ලද දැනුම් සම්බාරයක්‌ වෙයි. ඒ ඉතා සැකවින් මෙසේ ය. මෙරට දෙමළ ජනයාට ඈත අතීතයට යන ඉතිහාසයක්‌ නැත. අද යාපනයේ වෙසෙන දෙමළ ජනයා 1650 න් පසුව දුම්කොළ වගාව සඳහා ලන්දේසීන් කේරමණ්‌ඩළ වෙරළෙන් මෙරටට ගෙන්වන ලද දෙමළ ජනයාගෙන් හා එවකට එහි විසූ සිංහලයන්ගෙන් හා මලයාලම් කතා කළ වේලක්‌කර පිරිසකගෙන් පැවත එන්නෝ වෙති. ලන්දේසීන් විසින් ගෙන්වන ලද්දෝ බහුතරය වෙල්ලාලයෝ වූහ. වෙල්ලාලයෝ කෘෂිකාර්මික කම්කරුවෝ වූහ. දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයට ද ලන්දේසීන් විසින් වෙල්ලාලයෝ ගෙනයනු ලැබූහ. යාපන අර්ධද්වීපයේ බහුතරය යථා කාලයේදී වෙල්ලාලයන් වීමේ ප්‍රතිඵලය වූයේ එහි ජනයා අවසානයේදී වෙල්ලාල ආධිපත්‍යය යටතේ දෙමළ සංස්‌කෘතියට අවශේෂණය කරනු ලැබීම ය.


ලන්දේසි විසින් සිංහල රජුට විරුද්ධව ඇතිකරනු ලැබූ දෙමළ ජාතිවාදය පළමුව ඔවුන් විසින් ද දෙවනුව බිරිතානීන් විසින්ද පෝෂණය කෙරිණි. සිංහල රජුට නැගෙනහිර වෙරළ අහිමි කිරීම සඳහා ලන්දේසීහු දෙමළ මුලාදෑනියකු ලවා යාල්පානම් වෛපව මාලෙයි ලියවූහ. බිරිතානීහු ඉංගිරිසි උගත් දෙමළ ජනයාට දේශපාලනයේ ද, අධ්‍යාපනයේ ද, වෘත්තීන්හි ද වරප්‍රසාද දුන්හ. ව්‍යවස්‌ථාදායකයෙහි සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සිංහල නොවන මන්ත්‍රී සංඛ්‍යාවට වඩා අඩුවෙන් පවත්වාගෙන යමින් දෙමළ ජාතිවාදය දේශපාලන තලයට ගෙනාවෝය. බිරිතානීන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සුවච ගැති ඉංගිරිසි උගත් දෙමළ ජනයා, විශේෂයෙන් ම පොන්නම්බලම් කුමාරස්‌වාමි පවුල මුළු රටේම නායකත්වයට පත්කිරීමය. සර්වජන ඡන්දයෙන් පසුව ව්‍යවස්‌ථාදායකයෙහි සිංහල මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවීමත් සමඟ බිරිතානි අරමුණ ඉටුකරගැනීම ප්‍රශ්නයක්‌ විය. ඒ බව මුලින්ම දුටු චෙල්වනායගම් අඩුම තරමින් උතුර හා නැගෙනහිර පළාත් සිංහලයන්ට අහිමි කරමින් එහි වෙනම දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවීමට 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීය. දෙමළ ජාතික සංවිධානය යනු මේ පක්‍ෂයෙහි විකාශයෙන් බිහිවූවකි.


චෙල්වනායගම්ගේ අරමුණ ඉටුකර ගැනීමට බටහිර උගත්තු විවිධ සංකල්ප නිර්මාණය කර දුන්හ. බිරිතානීන් ඉංගිරිසි උගත් දෙමළ ජනයාට දී තිබූ වරප්‍රසාද එක එක අඩුවීම දෙමළ ජනයාට කරන ලද අසාධාරණ ලෙස බටහිර ලෝකයෙහි හා ඉන්දියාවෙහි ප්‍රචාරය කෙරිණි. ස්‌වයංනිර්ණ අයිතිය, නිජබිම් සංකල්පය ආදිය මෙ රට දේශපාලනයෙහි තහවුරු කෙරිණි. ඒ සඳහා කසිකබල් මාක්‌ස්‌වාදීන්ගේ ද මෙරට පුහු උගතුන්ගෙන් ද සහාය ලැබිණි. ඊනියා සිවිල් හෙවත් සිවිල් ව්‍යාපාර රාජ්‍ය නොවන සංවිධාන ආදිය බටහිරයන්ගේ ආධාරයෙන් පිහිටුවන ලද්දේ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදය යොදාගැනීම සඳහාය. චෙල්වනායගම් සාන්තුවරයෙක්‌ නොවීය. උග්‍ර දෙමළ ජාතිවාදියකු වූ ඔහු දකුණු ඉන්දීය පල්ලියට යැමට හා එහි සාමාජිකයකු වීමට ප්‍රිය කෙළේය. ප්‍රභාකරන් බිහිකරන ලද්දේ දෙමළ ජාතිවාදයේ විකාශයක්‌ වූ චෙල්වනායගම්ගේ දේශපාලනයෙනි.


වෙල්වනායගම් වෙන ම රාජ්‍යයක්‌ සඳහා සටන ඇරඹුවා පමණක්‌ නොවේ. ඉංගිරිසි උගත් දෙමළ ජනයාට පමණක්‌ ඒ සටන කරගෙන යැමට බැරි බව ඔහු දුටුවේය. එබැවින් ඉංගිරිසි කතා නොකරන දෙමළ ජනයාගේ ද මුස්‌ලිම් ජනයාගේ ද සහාය ලබාගැනීමට ඔහු කටයුතු කෙළේය. උතුර පළාතේ පමණක්‌ නොව නැගෙනහිර පළාතේ ද කඳුකරයේ ද ඔහු තම ව්‍යාපාරය ගෙන ගියේය. එපමණක්‌ නොවේ. ඔහු තම ඊනියා සමකාමී සත්‍යග්‍රහ, සිංහල නාමපුවරු උඩ තාරගෑමේ ව්‍යාපෘති මගින් දෙමළ ජනයා, විශේෂයෙන් ම ඉංගිරිසි කතා නොකරන දෙමළ ජනයා හිංසාවට යොමු කළේය. සාන්තුවරයකු ලෙස පෙනීසිටි මෙහුගේ ව්‍යාපාරයේ අවසානය වූයේ ඉංගිරිසි කතා කරන දෙමළ ජනයාගේ වරප්‍රසාද නැතිවීම පිළිබදව ප්‍රශ්නය ඉංගිරිසි කතා නොකරන දෙමළ ජනයාගේ අවිගත් සටනක්‌ බවට පත්කිරීමය.


අවි හා පුහුණුව ලැබුණේ ඉන්දියාවෙන් හා බටහිර රටවලින් ය. ඉංගිරිසි උගත් දෙමළ ජනයාගේ වරප්‍රසාද වෙනුවෙන් ඉංගිරිසි නූගත් දෙමළ තරුණ තරුණියෝ එසේ ලැබුණු අවි සිංහලයන්ට හා ආණ්‌ඩුවට විරුද්ධව යොදාගත්හ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුවේ වැඩි කාලයක්‌ තිස්‌සේ ඉන්දියාව ද ත්‍රස්‌තවාදීන්ට ආධාර කෙළේය. එහෙත් දැන් අවුරුද්දක පමණ කාලයක සිට ඉන්දියාව වෙනත් ගමන් මඟක යන බව පැහැදිලිය. එහෙත් බටහිරයේ අවුරුදු තුන්සිය පනහක්‌ පමණ පසුවද සිංහලයන්ට එරෙහිව දෙමළ ජාතිවාදයට ආයුධ සැපයූQහ. අද ඔවුන් සිටින්නේ ආයුධ ලබාදීමට දෙවැනි ත්‍රස්‌තවාදී ප්‍රභාකරන් කෙනෙකු සොයමිනි. නන්දිකඩාල් කලපුවේදී මියගියේ ප්‍රභාකරන් හා දෙමළ ත්‍රස්‌තවාදීන් පමණක්‌ නොවේ. බටහිරයෝද එහි දී පැරැදුණහ. න්‍යායිකව පරාජය වී සිටින ඔවුන්ගේ සංකල්පය එහි දී දේaශපාලනික ව පරාජය විණි. මෙරට බටහිර හමුදා නොතිබිණි ද බටහිර ආයුධ විය .


ත්‍රස්‌තවාදීහු බටහිරින් ලැබුණු ආයුධ යොදාගත්හ. ඒ නයින් බැලූ කල කස්‌ත්‍රොaට හෝ චී මිංට පසුව බටහිරයන් තීරණාත්මක ව පරාජය කරනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ය. බටහිරයන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලේ ඉල්ලන්නේ එබැවිනි.






බටහිරයන්ගේ මේ කොන්ත්‍රාත්තු දෙක ඉටුකිරීමට සරත් ෆොන්සේකා ඉදිරිපත්වී සිටින්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ අවශ්‍ය ය. නන්දිකඩාල් සිද්ධියට ද පෙර ඇමරිකාවේ කැලිෆොaනියාවේ උසාවියක ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ පිටු පන්සිය ගණනක්‌ ඉක්‌මවා යන චෝදනා පත්‍රයක්‌ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා සරත් ෆොන්සේකාට එරෙහිව ඉදිරිපත් කෙරිණි. ඒ චෝදනා වලින් සරත් ෆොන්සේකා මුදාහැර ඔවුන් ඇමරිකාවේ රජයේ සාක්‍ෂිකරුවකු කර ගෝඨාභය රාජපක්‍ෂ මහින්ද රාජපක්‍ෂ මහතා ආදී පිරිසකට පමණක්‌ චෝදනා ඉදිරිපත් කිරීමට කැලිෆොaනියා බලධාරීන් ක්‍රියා කරනු ඇත.






සරත් ෆොන්සේකාට දී ඇති කොන්ත්‍රාත්තු දෙකම මූQQලික වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලේ ඉල්ලීම සඳහා ය. සුදු කොඩි ඔස්‌සේ සෘජුවම යටත්විජිතවාදීන්ගේ දංගෙඩියට දැක්‌කීමට සරත් ෆොන්සේකා ඊනියා තොරතුරු එකතු කරයි. අනෙක්‌ අතින් දෙවැනි ප්‍රභාකරන් කෙනෙකු බිහිකර මෙරට ලේ විලක්‌ කර මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද ලේ ලබාගැනීමට බටහිරයෝ ක්‍රියා කරති. මෙරට ජනතාව ඒ සඳහා බටහිර යටත්විජිතවාදීන්ට කිසිදා ඉඩ නොදෙන බවට කිසිදු සැකයක්‌ නැත.

No comments:

Post a Comment