Sunday 17 January 2010

අපට දෙන්නම් පොරොන්දු එපා කවුරුත් එක්‌ව රට හදමු

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ගල්බොඩ සිරි ඤාණිස්‌සර නාහිමි
මේරටේ ත්‍රස්‌තවාදය සහමුලින්ම සුනුවිසුනු කළ සමයක ත්‍රස්‌තවාදයෙන් අපටත් වඩා බැට කෑ දෙමළ ජනතාව ජාතික සමගියක්‌ පතමින් සිටියහ.

ප්‍රභාකරන්ගේ මව්පියන්ද, හොර රහසේ අනාථ කඳවුරුවලට පැමිණියේ ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන්වී ගිය නිසාය. අනාථ වූ සමස්‌ත දෙමළ ජනතාවම කරුණාව, මෛත්‍රිය සොයා ජීවිතයට ආශා නොකර අනාථ කඳවුරුවලට පැමිණියහ.අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය කරුණා මෛත්‍රිය පෙරදැරිව අනාථයන් ආදරයෙන් පිsළිගෙන සියලූ කටයුතු සිදු කරන ලදී. ඒ පාලන තන්ත්‍රයේ යහගුණය නිසාමය.


සුළු කලකදී අනාථයන් තම ගම්බිම් බලා පිටත්ව ගියහ. මෙවැනි සිදුවීමක්‌ සමස්‌ත ලෝකයේම සිදුවූයේ පළමු වරටය. ත්‍රස්‌තවාදයෙන් පීඩාවිඳින සමහර රටවලට මෙය පරමාදර්ශයක්‌ විය.

ලෝකයේ අවි ආයුධවලින් මුදල් උපයන රටවලට මේ සිදුවීම් මරු පහරක්‌ වූ බව නොරහසකි. ආයුධ ජාවාරම්කරුවන්ද ත්‍රස්‌තවාදය ද ලෝකයේ වපුරණ අධිරාජ්‍යවාදීන් මේ සිදුවීම වෙනස්‌ කිරීමට අද විවිධ උපක්‍රම දරන බව මේ රටේ ඉන්න සමහරුන්ට අවබෝධ වී නොතිබීම අවාසනාවකි.
අද සාමය කැමැති වූ දෙමළ ජනතාවගෙන් බහුතරයක්‌ නැවත ඊළාම් බලාපොරොත්තුවෙන් අමුතු පිළිවෙළකට එක්‌වන බවක්‌ පෙනේ. රටවාසීන්ට ඒ තත්ත්වය ටිකෙන් ටික එළිදරව් වීගෙන යයි. ඌරගෙ මාළු ඌරගෙ පිටේම තබා කැපීම මෙන්, මුදල් බලය උපයෝගී කරගෙන යුද්ධය වෙනුවට මුදලින් අප ලවාම බලය ලබාගැනීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වන බවක්‌ ද පෙනේ. සිදුවෙන සිදුවීම් තුළින් ජනතාවම ඒ ගැන අවබෝධකර ගනිත්වා.
පසුගිය කාලයේ ත්‍රස්‌තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර සිටියේ "සිංහලයන්ට සියල්ල සති දෙකකින් අමතක වන" බවය. ඒ කථාවේ සත්‍යයක්‌ ඇති බව දැන් දැන් කාටත් තේරුම් යා යුතුය.
ආඬි හත්දෙනාගේ කැඳ හැළිය ගැන සමහරු නොදනිති. කපටින් වූ ආඬි හත්දෙනා තමා කැඳට සහල් මිටක්‌ නොදැමුවාට අනෙක්‌ අය දමාවි කියා එකිනෙකාට වංචනික විය.
අන්තිමට හත් දෙනාම තම තමන්ට වංචනික වීමෙන් කැඳ වෙනුවට සකස්‌ කරගත්තේ උණුවතුර හැළියක්‌ පමණි. සියල්ලටම බොරුව අවබෝධ වුවත් සැමදෙනාම කැඳේ රස ගැන කථාකරමින් උණුවතුර පමණක්‌ කැඳ ලෙස බුක්‌ති වින්දාහ. මේ උපමාව අනාගත දර්ශනයට ඉතා යෝග්‍ය බැව් සඳහන් කළ හැකිය.
ලැව් ගින්නක්‌ ලෙස පැතුරුණු ත්‍රස්‌තවාදය රටින් සහමුලින්ම නැති කළ නායකයාගේ ගෙල දිය නූලෙන් කැපීමට තරම් සැහැසි වන්නට සිංහලයන්ට මෙන්ම දෙමළ ජනතාවටත්, මුස්‌ලිම් ජනතාවටත් හේතුකාරණා නැත. ප්‍රභාකරන් නැතිවීමත් සමග කිසිම ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ රට තුළ සිදු නොවීය. ඒ ජයග්‍රහණය අද අමතක වුණාද?


තමන් ගැන පමණක්‌ නොසිතා අතීතයෙන් පාඩම් ඉගෙන අනාගතයේ තමන් වෙනුවෙන් උපදින්නට ඉන්න ප්‍රජාව ගැන සිතා ඥානවන්ත වීමට කාලය එළඹ ඇත.


වාද-භේද අමතක කර, ඇති දුක්‌ ගැහැට කලකට විඳ දරාගෙන, ඉතා අමාරුවෙන් ලද මේ ජයග්‍රහණය නැති කරන්න, ජාතියක්‌, ආගමක්‌ නැති අයට ඉඩ නොදෙත්වා. රටේ සිදුවූ අතීත සිදධීන් සිහිපත් කරගනිත්වා.


කවුරු මොනවා කිව්වත් තම සිතැඟි අදහස්‌ මතුකරගෙන නිදහස්‌ ලංකාවක්‌ බිහි කිරීමට කාටත් ඥානශක්‌තිය පහළ වේවා.


ත්‍රස්‌තවාදය මුලින් උපුටා, පාතාල කල්ලි සුණුවිසුණු කර, මතට තිත තබා රටට ලැබුණ ආදායම් අඩුකරගත්, නමුත් රටේ සංවර්ධනය අඩු නොකළ, නිදහස්‌ වෙළෙඳ ආර්ථිකය ආරක්‍ෂා කරදුන් පුද්ගලයා ලෙස වත්මන් ජනාධිපතිවරයාගේ උදාර සේවය සිහියට ගනිත්වා.


තම ඉල්ලීම් නොදුන් බව පවසමින් කැඩී ගිය දෙමළ ජනතාවක්‌ද ඇමැතිකම්වලින් සැප සම්පත්වලින් සෑහීමක්‌ නොලද, කෑදරව පලාගිය මන්ත්‍රීවරුන් එකතුව, තමන්ට නායකත්වයක්‌ නැතිව තරග බිමට එන්න බියවූ එක්‌සත් ජාතික පක්‍ෂය එකතු කරගෙන අරඹන දේශපාලන යුද්ධයෙන් ඒ අය දීමට පොරොන්දු වන ඉල්ලීම් කවදාවත් නොදිය හැකි ඒවා බව කලක්‌ ජීවත්වූ පුරවැසියන් ලෙස අපට නම් හොඳ අවබෝධයක්‌ ඇත.


ලේ සමග සටන් කර, ලේවලට බය නැති අය අනාගතයේ රට නැවත ලේවලින් නාවන්නට බැරිකමක්‌ නැත. ආඬි හත්දෙනාගේ කැඳ හැළිය ඊට එක්‌ උපමාවක්‌ පමණි.


දෙවැනි කරුණ නම් බැරි පොරොන්දු දීමෙන් මුලා කරන අය සුළු පිsරිසකගේ කෑදර කමට සමස්‌ත රටම නැවත ආයුධවලින් පාලනය කරනුq නොඅනුමානය. ලෝකයේ ඒ සඳහා නිදසුන් ඉදිරිපත් කළ හැකි රටවල් රාශියකි.


"සිංහලයා බඩගින්නෙන් ඉන්න විට හොඳට සටන් කරන බවද, බඩ පිරුණ විට නිදියන බවද" ඉතිහාසගත කථාවකි.


දැන් මේ රටේ බඩගින්නෙන් ඉන්න අය තාම නැත. මතුවට සිටින්නත් බැරි නැත. කාම්බෝජයේ මෙන් ගැඩිවිල් මස ද මතුවට කන්නට ඉඩ ඇතිවිය හැක. කාම්බෝජයේ නායකයා වූ පොල්පොට්‌ හමුදාවට මිනිසුන් මරා මිනී මස්‌ ද කවන ලදී. එවැනි දේ මේ බෞද්ධ රටේ ද ඇතිවීමට බැරි නැත.


හෙළ උරුමය ඇති වූයේ විකල්පයක්‌ ලෙසය. එයට කැමැත්ත දුන්නේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ය. වාසනාවකට මෙන් හෙළ උරුමයේ අයට අද ඥානශක්‌තිය තරමක්‌ පෑදී තිබීම සතුටට කරුණකි.


එක්‌සත් ජාතික පක්‍ෂය දෙවැනි පක්‍ෂයක්‌ වුණේ කාගේ වරදින්ද? ඒ දෙවන පක්‍ෂයක්‌ කරගත් අයට රටේ වත්මන් පාලකයා සමග මූණට මූණලා ද්වන්ධ සටනක්‌ කරන්න බැරිතරමට පක්‍ෂය දුර්වල කළේ කවුරුන්ද? පක්‍ෂය තුල හිතවත් කමක්‌, කුළුපගත්වයක්‌, සහෝදරත්වයක්‌, සමානාත්මතාවක්‌ තිබුණා නම් ඒ පක්‍ෂයට එවැන්නක්‌ සිදුවන්නේ නැත.


"එන හැටි හොඳ නැත. ඇතිදේ ගෙට ගනු" කියන පරණ කියමන ද නවීකරණය කළ යුතුව ඇත. අනාගතයේ ගෙට ගත්තත් එය ආරක්‌ෂා කර ගැනීමට බැරිවනු ඇත. කණේ, කරේ දාපු ආභරණ ටිකත් ගලවාගෙන භීෂණ ඇති කළ මිනිසුන් ගැන කුමන කථාද? කුමන විශ්වාසයක්‌ ද? බලයේ සිටියදී ඒ අය කළේ කුමක්‌ද?


"අනේ පුතේ උඹේ කටෙන් පස්‌, මගේ කටෙත් පස්‌" කියා අන්දරේ උපක්‍රමශීලීව සීනිවල රස බැලූ අයුරු අපට සිහිපත් වේ.


මෙහිදී කිවයුතුව ඇත්තේ අපේ තිබූ අසීමිත නිදහස නිසා අප අද අමාරුවේ වැටී සිටියත් "බඩට පොල් ලෙල්ලක්‌ තබාගෙන හෝ මේ තියෙන නිදහස රැක ගනිල්ලා" කියා සමස්‌ත ජනතාවට දැන්වීමය. අතීතය ඉක්‌මණින් අමතක කර කට බඩ ගැන පමණක්‌ කථාකිරීම සාධාරණද?


කවුරු කවුරුත් ඇති දුර්වලකම් නැති කර ගනිත්වා. සමගිවී කළගුණ අමතක නොකර අනාගත පරපුරට මේ ශ්‍රී ලංකාව රැකදෙත්වා. බලය බිඳීමට දේශපාලඥයන්ට දඬුවම් දීමට මහ මැතිවරණයක්‌ අත ළඟ ඇත. ඒ සටනට සූදානම් වෙත්වා.


සිංහල ජාතිය බුදුදහම රකින මේ රට ඒ තත්ත්වයෙන් ආරක්‍ෂා කර සුළුජාතීන්ට ආගමිකයන්ට සමානාත්මතාවයෙන් ක්‍රියාකරන්න ඉඩ සලසත්වා. විදේශීය බලවේගවලට මේ රට නැවත ඩැහැගැනීමට ඉඩ නොදෙත්වා. ත්‍රස්‌තවාදී අදහස්‌ තාමත් සිත්වල ඇති ත්‍රස්‌තයන් නැවත හිස ඔසවන්න සූදානම් වන බව අවබෝධ කරගනිත්වා.


වත්මන් ජනාධිපතිතුමා හොරෙක්‌ නම්, ඒ පවුල හොරකම් කළා නම් ඒ බැව් අද ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය තුළින් හේතු සාධක ඇති ව ඔප්පු කළ හැක.


අද කාටත් ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරිව ඇත. එය නැතිවී නැත. "හදිසි නීතිය දමා හොරුන් අල්ලනවා" කියා විපක්‍ෂ නායකතුමා ප්‍රකාශයක්‌ කර තිබෙනු දුටුවෙමු. බලය අතට ගත් අවස්‌ථාවේ ඒවා නොකළේ මන්ද?


අප සිතුවේ හදිසි නීතිය අවශ්‍ය කළේ ත්‍රස්‌තවාදය නැති කරන්නට කියාය. හොරුන් අල්ලන්නට නොව රටවැසියන්ගේ නිදහස නැතිකරන්න, හදිසි නීතිය පමණක්‌ නොව ඒකාධිපති පාලනයක්‌ ගැනීමට වුව ද ඒ අයට සිදුවනු ඇත. එසේ කළයුතු වන්නේ දෙනු ලබන බොරු පොරොන්දු ඉටුකිරීමට නොහැකි වන විට රට තුළ පැනනගින උද්ඝෝෂණ හා මැරප්‍රහාර මැඩලීමට සඳහාය.


අච්චාරු කෑමට දෙන්නේ සියලූ කෑම කා අවසන් වන විටය. දැන් විපක්‍ෂය ලෙස සියලූදෙනා විසින් පළමුව අච්චාරු භුක්‌තිවිඳ අවසන්ය. ඔවුන්ට රසක්‌, ගුණක්‌ නොදැනේ, අතීතය අමතකය. මරණයට කැපවූ පුද්ගලයන් ලෙස අධිආරක්‍ෂාවක්‌ ඇතිව ජීවත්වූ ඔවුන්ට අද මරණ බයක්‌ නැත.


හොරුන් කළ කී දේ සාධාරණ හේතු සාධක ඇතිව ඔප්පු කළ යුතුය. "කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ටිකක්‌ හෝ ඇත" යන කියමනට අනුව හොරුන් කවුරුත් සුදනන් වී අහිංසකයන් හොරුන් කරනුq ඇත.


මේ රටේ පාලක පක්‍ෂයටද විපක්‍ෂයටද ඉගෙන ගතයුතු කරුණු බොහෝය. නාස්‌තිය, දූෂණය එදත් අදත් එක සමානය. මහජනයා පමණක්‌ නොව සෑම දේශපාලනඥයෙක්‌ම ඉල්ලීම් නොඅඩුව ඉල්ලති. ඒ අයගේ ජීවිත සුඛෝපභෝගී කරගන්නවා මිස අනුන්ගේ කට බඩ ගැන සොයා බැලූ, ඒ අය වෙනුවෙන් කැපවූ හොඳ දේශපාලනඥයන්ද ලංකාවේ නොසිටියා නොවේ.


මුදල් ඇමැතිකම දමාගිය එකම උදාර පුද්ගලයා එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමාය. අගමැතිකමට පයින් ගසා ගියේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාය. අනික්‌ සියලුදෙනා අතුරින් එවැනි පරිත්‍යාගයක්‌ කළ කෙනෙක්‌ නොමැත.


වත්මන් රජයේ දුර්වලකම් බොහෝය. ඊට හේතුව විවිධ පක්‍ෂවල පුද්ගලයන් එක්‌රැස්‌ කරගෙන රජය රැකගෙන, යුද්ධයත්, ආර්ථිකයත්, විවිධ රටවලින් ආ බලවේගත් ජයගෙන නොසැලී, නොබියව, ඉදිරියට ගොස්‌ සුළු කලකදී ත්‍රස්‌තවාදයත්, එහි සියලූ නායකයනුත් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා බැව් එතුමා නැතිවූ කලෙක කියනු ඇත.


ජපන්නු බඩ කපාගෙන මළේය. එහෙත් අපට එවැනි ආත්මශක්‌තියක්‌ ද නැත.


ආර්. ප්‍රේමදාස මහතා නොමරා මැරූ සියලූදෙනා දැන් එතුමාගේ ගුණ වර්ණනා කරති.


බොරුව, කම්මැළිකම, අල්ලස, ආත්මාර්ථකාමී බව රජ කරන මේ රටේ මේ තරම්වත් වැඩක්‌ සුළු කලකදී කරදීම පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අප ස්‌තූතිවන්ත විය යුතුය.


වඳුරන් අතට දැළිපිහි නොදී ආගම ධර්මයට මුල්තැනක්‌ දී රටේ සංස්‌කෘතිය විනාශ නොකර රට ගොඩගන්න දිවා-රාත්‍රි කැපවී වැඩ කළ පුද්ගලයකුට හේතු රහිතව පහර ගැසීම වැරදිය. බලයට ඒමට විවිධ ක්‍රම සහ විධි තිබේ.


මහ මැතිවරණය පෙනි පෙනී තිබෙන බලකණුවකි. ඒ තුළින් තුනෙන් දෙක බලය නොව තුනෙන් තුනකම බලය ලබාදී රටේ ඉතිරි වැඩ කොටස කරගෙන යැම සඳහා සුදුසු අවංක, දක්‍ෂ පුද්ගලයන් තම පක්‍ෂ තුළින් මහජනතාවට එළිදක්‌වන ලෙස සියලූ දේශපාලනඥයන්ට අපි අවංකව දන්වා සිටිමු. පුරප්පාඩු තනතුරු, සංවිධායක තනතුරු සඳහා නියම සුදුස්‌සන් දැන්වත් සොයාගන්න, නම් කරන්න. පක්‍ෂ සංවිධාන ඥානවන්ත වේවා. එවැන්නක්‌ දක්‌නට නම් නැත.


මේ දේශපාලන සටනේදී පිල් මාරුකරගත් හොරුන් නිසා ඒ මාරුකරගත් අය බාගත් අයද පිරිහීමට පත්ව සිටිති.


එන අය කොහොල්ලෑ බබ්බුන් ද කියා පරීක්‍ෂාකර බැලීමට තරම් බුද්ධියක්‌ කෑදරකම නිසා යටපත් වී ඇති බවද කිවයුතුය.


ත්‍රස්‌තවාදය සෝදා හැරියේ සේනාධි නායකතුමා නිසා මිස වෙන කවුරුවත් නිසා නොවන බව අපට අවබෝධය.


රාජපක්‍ෂලා හොරු බව තවමත් කාටවත් ඔප්පු කරන්නට බැරි විය. එහෙත් ත්‍රස්‌තවාදය නැතිකළ බව ඔප්පුකර ඇත. ඔවුන් හොරකම් කළා නම් සාක්‌ෂි ඇතිව ඔප්පු කිරීමට රටට ප්‍රකාශ කර ඇත.


අපේ සතුට සදාකාලික වන්න තිබුන ත්‍රස්‌තවාදය මැඩලීමයි. අනෙක්‌ අයට දැන් කළ යුතුව ඇත්තේ තම දක්‍ෂතා පෙන්වා රට නඟන්න එක්‌වීමයි.

No comments:

Post a Comment