Sunday 17 January 2010

අපට නොපෙනෙන මහා රාජ්‍යය හෙවත් ශ්‍රී ලංකාවේ දේශපාලනාවලිය

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
ශ්‍රී ලංකාව පාලනය කරන රාජ්‍යය පද්ධතීන් දෙකක් පවතී. ඒ අදෘෂ්‍යමාන මහා රාජ්‍යය හා එම රාජ්‍ය විසින් නිර්මාණිත ව්‍යස්ථාවකට අනුව ස්ථාපිත දෘෂ්‍යමාන රාජ්‍යය වශයෙනි.

මේ රටේ අති බහුතරයක් කර්යයන් පාලනය කරනු ලබන්නේ, අදෘෂ්‍යමාන රාජ්‍යයයි. මෙම යාන්ත්‍රණය කාලාන්තරයක් මුලුල්ලේ මුලු ලෝකය පුරාම විහිදී බූවල්ලෙකු සේ සිය හස්තයන් මගින් ලෝකයේ සෑම රටක්ම සිය ග්‍රහණයට නතුකර ගැනීමට වෙර දරමින් සිටී. මෙම යාන්ත්‍රණය අති බලවත් බැවින් ලෝකයේ ඇති සෑම රටක්ම කිසියම් තරමකට මෙම ග්‍රහණයට අසුව ඇති බැවින් කිසිම රටක රාජ්‍ය නායකයකු ස්වාධීන නම් නොවේ. මෙම යාන්ත්‍රණය ලොවෙහි ඇති සෑම රාජ්‍යයක් සදහාම ඔවුන් විසින් සකස් කරන ලද ව්‍යාපෘතියකට අනුව මෙහෙයවයි. මෙම මෙහෙයවීමේ ක්‍රියාදාමයට රාජ්‍ය නිලධාරීන්, ‍සෑම දේශපාලන පක්ෂයකම සිටින දේශපාලඥයින්, වෘත්තීය සමිති ක්‍රියාකාරකයින් හා පාතාල සාමාජිකයින් සෘජුවම යොදා ගන්නා අතර, ඒ සදහා ඔවුනට ඉතා ඉහල මට්ටමේ වරදාන ප්‍රධානය කරයි.අපේ මාතෘ භූමියට නිදහස නම්වූ භූමිකාවත් සමග ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ පාලන රටාවක්ද උරුම කරන ලදී. මේ උරුම කල ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය කිසිවක් ගැන සිතීමට, කථා කිරීමට හෝ ගොඩනැංවීයට උත්සහ කිරීමට අයිතියක් අපට නැත. ඒ පදනම යටතේ අපට හිමි වූ ඒ පාලන ක්‍රමයට මේ වන විට වසර 61කි. අපි නිදහසේ යන ගමනට අදෘෂ්‍යමාන රාජ්‍ය කල ක්‍රියාකාර කම් යම් තරමකට විග්‍රහත්මකව ශ්‍රී ලාංකික ඔබගේ අවදානයට ලක්කිරීම මෙම ලිපියේ අරමුණයි.



පලමු රාජ්‍ය කාල පරිච්ඡේදය.


වර්ෂ 1948දී මෙරට පැවතියේ, අදෘෂ්‍යමාන මහා රාජ්‍ය හිතවාදී රජයක් විය. එම රජය හා එහි පාලකයින් තමන් පූර්ණ වශයෙන් නිදහස්ය යන විශ්වාශයෙන් යුක්තව රට පාලනය කරන්නට ආරම්භ කලහ. මෙම රජය අභ්‍යන්තරයේද මෙම අදිසි රජය අකමැති රාජ්‍ය පාලකයින්ද විය. ඩී. එස් සේනානායක මහතා බෞද්ධ පාලකයකු වීම හා ඔහු විසින් හදුනාගත් ජාතික සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම මෙම බලවේගය නොරිස්සූහ. විශෙෂයෙන් උතුරු නැගෙනහිර ජනාවාස බිහිකර සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීම මෙම අදිසි රාජ්‍යයයේ අරමුණට සපුරා පටහැනි කාර්යභාරයක් විය. මෙම කාර්යයන් සිදුකිරීම මෙරට ජාතික ධනපති පන්තියේ හිතුවක්කාර ක්‍රියාකලාපයන්සේ සැලකූ මොවුන් ඒවාට විරුද්ධව මෙරට ජනතාව තුලින්ම හඩක් නැංවීම සදහා ඔවුනගේ රාමුව තුලම ස්ථාපිත, වෘත්තීය සමිති ව්‍යාපාරය හා ඒවාට බද්ධ දේශපාලන පක්ෂ උපයෝගී කරගත්හ. උතුරේ ජනපද පිහීටුවීමට එරෙහිව දැවන්ත විරෝධතාවයන් සදහා ඔවුන් උපයෝගී කරගත්තේ මෙරට වාමාංශික දේශපාලන පක්ෂ කාණ්ඩයයි."හොදින් බැරිනම් නරකින්" යන තේමාව මත ක්‍රියා කරන අදිසි රාජ්‍යය, මහා වේගයෙන් හඹා යන තුරගුන් මතින් වැටී සියදහස් ගනනක් හොදින් ජීවත් වෙන ලෝකයේ, සාමාන්‍ය තුරගකු මතින් වැටී මියයාමේ තත්වයක් ගරු ඩී. එස්. සේනානායක මහතාට උරුම කල අතර, ඉන් නොනැවතී, ඒ මහාතාගේ මරණින් පසු බලයට පත් ඒ මහතාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතාව ඉතා කෙටි කලෙකින් බලයෙන් පහකර දැමීමට එම පක්ෂය අභ්‍යන්තරයේ සිටි අදිසි බලවේගයේ නියොජිතයින් ලවා නායකත්වය අපහසුතාවයට පත්වෙන ආකාරයේ අයවැය ලේඛණයක් ඉදිරිපත් කලහ. ජනතාව ප්‍රකෝප කරවන අයවැය ලේඛණය හා එම ජනතා කෝපය ප්‍රචණඩකාරී තත්වයකට උත්සන්න කරවීමේ කාර්යය එවකට මෙරට සිටි වාමාංශික ව්‍යාපාරයට පැවරූ අදිසි හස්තය; ඩඩ්ලි සේනානායක මහතාව අගමැති දූරයෙන් පලායාමට ඉඩ සලස්වන ලදී. ඉන්පසුව බලයට පත් සර් ජෝන් කොතලාවල මහතා හා එම මහතාගේ ඥාතීන් සුද්දන් ඉදිරියේ සෘජුව සිටගන්නන් වීම හේතුවෙන් පාරම්පරිකවම අදෘෂ්‍යමන බලවේගය සර් ජෝන් කොතලාවල හිතවාදී නොවීය. එමනිසා සර් ජෝන් කොතලාවල මහතාගේ දේශපාලන දිවිය එතනින් නිමා විය.


දෙවන රාජ්‍ය කාල පරිච්ඡේදය.


1956 බණ්ඩාරනායක මහතා බලයට පත්වීමත් සමගම, රට තුල නව ප්‍රබෝධයක් ඇතිවූ අතර, මෙම රාජ්‍යයයන් දෙක අතරේ දැඩි ගැටීමක්ද ආරම්භ විය. ඒ සමගම තම වෘත්තීය සමිති බලමුලු උපයෝගී කරගෙන බණ්ඩාරනායක මහතාට වැඩ වර්ජන මාර්ගයෙන් අඛණ්ඩ තර්ජන මාලාවක් එල්ල කලහ. ඊට අමතරව තමන්ගේ ඊලග බලවත් ආයුධය වූ ජාතිවාදය උත්සන්න කරවීම සදහා ද්‍රවිඩ ජාතිවාදය චෙල්වනායලම්ලා හරහා උත්සත්න කල අතර, සිංහල ජාතිවාදය ඔවුනගේ විශ්වාශීම ඒජන්තයාවූ ජේ. ආර්. ජයවර්ධන මාර්ගයෙන් උත්සන්න කලහ. මේ සියල්ලන්ගේම ප්‍රතිඵලයක් වශයෙන්, බණඩාරණායක මහතාව අදෘෂ්‍යමාන බලවේගය විසින් මනාව සංවිධානය කොට පවත්වාගෙන යනු ලබන පාතාල බලමුලු උපයෝගී කොටගෙන, ජාතික බලවේගයේ ප්‍රධාන බලමුලු දෙක වන සග හා වෙද යන ඒකකයන් දෙක මාර්ගයෙන්ම ඝාතනයට ලක්කිරීමට තරම් අදෘෂ්‍ය මාන රාජ්‍යයය අති ප්‍රබල විය.


මෙයින් නොනැවතී තම රාජ්‍ය පද්ධතියට හිතවාදීව කටයුතු කරන ඩබ්ලිව්. දහනායක මහතාගේ මූලිකත්වයෙන් යුත් රජයක් බිහිකර, බණ්ඩාරනායක ඝාතන පරීක්ෂණ අඩාල කිරීමට කටයුතු සම්පාදනය කරන ලදී. ඉන් නොනැවතිනු මෙම රාජ්‍යය ඉතා ඉක්මනින් තම හිතවාදී රාජ්‍යයක් බිහිකර ගත්තද, එකල බලවත්ව සිටි මෙරට ජාතික බලවේගය වහා ක්‍රියාත්මක වී එම රජයේ ආයු කාලය මාස තුනකින් සමාප්ත කරන ලදී.


සිරිමා බණ්ඩාරනායක මහත්මිය බලයට පත්වූ මොහොතේ සිටම, මෙම අදිසි රාජ්‍යයය, දිවා රෑ අඛණ්ඩව, මෙරටේ හමුදාවන් හා පොලීසි තුලට කිදාබැස, මහා අපරාධයකට සූදානම් වූහ. එය මේ රටතුල 1962 දී, හමුදා රජයක් පිහිටුවා ගැනීමට උත්සහය සමග හෙලිවූ අතර, බණ්ඩාරනායක මහතාව ඝාතනය කර වසර 3ක් සම්පූර්ණවීමටත් පෙර බණ්ඩාරනායක මැතිනියව ඝාතනය කර බලය ගැනීමට සැලසුම් කිරීමට තරම්ම, ඔවුන් තුල ඝාතන සංස්කෘතිය කිදා බැස තිබිණ. ඔවුනගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහත් උජාරුවෙන් නන් දොඩන මේ අදිසි රාජ්‍යය තුල, සැබෑලෙසම පවතින්නේ ආඥාදායකත්වයයි. තමන් විසින් නිර්මානය කරන ලද ව්‍යාවස්ථාවට අනුව වසර පහක පාලන කාලයක් රජයකට උරැම වුවද, එම කාලය සැබෑ ලෙසම තීරණය කරනු ලැබුයේ මෙම අදිසි රාජ්‍යය විසිනි.


හමුදාවන් තුල වූ ඔවුනට හිතවාදීන් ලවා කිරීමට උත්සහ කල කුමන්ත්‍රණය අසාර්ථක වුවද, මෙරට සියලූම ක්‍රිස්තියාණි හා කතෝලික සභා වලින් පාලනය වන පාසල් දරු දැරියන් හා දෙමව්පියන් රජයට විරුද්ධව පාරට බස්සවා, ඉතිහාසයේ පලමුවරට නොදරුවන් රජයට විරැද්ධව පෙලිපාලි ගෙන ගොස් රජය පීඩාකාරී මාවතකට තල්ලු කරන ලද්දේ, මෙම අදිසි රාජ්‍යයයි.


මෙරට විදේශීය තානාපති කාර්යාල හරහා රජයට බලපෑම් කර, 1962 කුමන්ත්‍රණ කරුවන්ට සිරගෙදරදී ලබාදිය හැකි ඉහලම පහසුකම් ලබාදීමට කටයුතු සංවිධානය කල අදිසි රාජ්‍යය, 1964 දෙසැම්බරයේදී, දෘෂ්‍යමාන රජයේ මැති ඇමතිවරු වරදාන උදෙසා, තමන් වෙත දිනාගෙන එම රජය පෙරලා දමන ලදී.


තෙවන රාජ්‍ය කාල පරිච්ඡෙදය.


1965 මැතිවරණයෙන්, අදිසි රජය අපේක්ෂිත පිල ජයගත්හ. ඩඩ්ලි සේනානායක නම්වූ, ප්‍රතිරූපය පෙරටු කරගෙන තම හිතවාදී රජය බිහි කලද, ඔවුනගේ රූකඩයක් නොවූ එම ජාතික නායකයාව ඔවුනට මහත් හිසරදයක් විය. 1953දී පලවා හරින ලද මෙම ජාතික නායකත්වයට යලි එම ඉරනම උරුම කරදීමට අදිසි රජය, වහ වහා කටයුතු සූදානම් කරන ලදී. ඔවුනගේ පලමු කටයුත්ත වූයේ 1962 කුමන්ත්‍රණ කරුවන් නිදහස් කිරීමයි. පසුව පාතාලය සංවිධානාත්මකව; නවින කරණය කිරීම ආරම්භ කෙරිනි. මුලු මහත් ලෝකයම කුඩා කැබලි බවට පත් කිරීම උදෙසාම ක්‍රියා කරන; ඒ උදෙසා මෙරට ඇති ප්‍රධාන උපාංගය ලෙස ද්‍රවිඩ ජාතිවාදය මනාව උපයෝගී කරගන්නා අදිසි රජය, එය අරමුණ කරගෙනම තම කටයුතු සියල්ල මෙහෙයවීම කරගෙන ගියහ. 1966 ජනවාරි 8 වෙනිදා ඩඩ්ලි සේනානායක මහතාව යලි වතාවක් දේශපාලන බිමෙන් පලවා හැරීම සදහා අපූරු කාර්යයක් නිර්මාණය කලහ. ඒ අනුව රජය තුල සිටින අදිසි රාජ්‍ය ඒජන්තයින් දෙමල භාෂා විශේෂ විධි විධාන පනත ඉදිරිපත් කරන කාලය තුලදීම; විරුද්ධ පක්ෂ තුල සිටින සිය ඒජන්තයින් ලවා ඊට විරුද්ධව ප්‍රබල ජනතා විරෝධයක් රටතුල නිර්මාණය කලහ. තවද 1953දී ඩඩ්ලි සේනානායක මහතාව පලවා හැරීමේ කටයුත්තට ඔවුන් එදා දායක වූ ආකාරයට සමාන්තර කාර්යභාරයක් මෙදාද ඉටු කලහ.තවද එම ජනතා විරෝධයන්ට 1953දී දක්වන ලද ආකාරයටම, මහා දහවල් කොල්ලුපිටියේදී, මැරයන්ගේ වාහන වලට මිනිසුන්ව යටකර මරා දමනවාට අමතරව, ඒ හේතුවෙන් කුපිත වූ ජනතාවට වෙඩිතබා ඝාතනය කර දමන ලදී. මෙම ක්‍රියාදාමයේදී ඉතාමත් පහත් ක්‍රියාන්විතයේ නිරත වූයේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වූ අතර, ඔවුන්ව සුවිශේෂී දේශපාලන රංගනයක යොදවමින්; ඉතිහාසය පුරාම දෙමල ජනතාවට සම තැන ඉල්ලා කල සටන, ක්ෂණයකින් අමතක කරවා, දෙමල භාෂා විශේෂ විධි විධාන පනතට විරුද්ධ කැරලි ගසන තත්වයකට පත්කරවීමට මෙම අදිසි රාජ්‍යයට හැකිවිය. මෙවර 1953දී ලැබූ ප්‍රතිපලය අදිසි රාජ්‍යයට උරුම නොවිණ. ඩඩ්ලි සේනානායක මහතා සසල වුවද, පලා නොගියහ.


මේ සමගම සමාජය අභ්‍යන්තරයේ නව සංස්කෘතියකින් යුත් දේශපාලනයක්, ජාතික බලවේගය විසින් නිර්මාණය කරන ලදී. අදිසි රජයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව හදුනාගත් එවකට සිටි තරුණ පරම්පරාව, තමන් සිටින්නේ 1962 හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් ආඥාදායක රජයක් බිහි කිරීමට උත්සහ කල කල්ලියකගේ රජයක් යටතේ බව මනාව වටහා ගෙන සිටියහ. ඔවුහු ශ්‍රී ලාංකීය විප්ලවය අරමුණු කරගත් දේශපාලන සංවිධානයක් බිහිකිරීමට පෙරමුණ ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විප්ලව වාදී සංවිධාන ගනනාවක් රටතුල බිහි කරන ලදී. මතුපිට සමාජය මෙම ක්‍රියාදාමය දුටුවේම නැත.


අදිසි රාජ්‍යයට ලංකාව තුල ඉහල පහසුකම් ඇති සංචාරක කර්මාන්තයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය තදින්ම දැනී තිබිණ. එම කාර්යය සදහා තම නියෝජිතයින් උපයෝගී කරගනිමින් හෝටල් සංස්ථාව නම් වූ ආයතනය ගොඩනංවා රටේ අතිවැදගත් මර්මස්ථාන වල හෝටල් ඉදිකිරීම ආරම්භ කරන ලදී. බොහෝමයක් මෙවන් ආයතනවල ප්‍රධානීන් බවට පත්කරන ලද්දේ 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයේ ප්‍රධාන සැකකරුවන්වය.රටපුරා වසංගතයක් මෙන් "හිපියෝ" නමින් හදුන්වන බටහිර අහිකුණ්ඨක සංචාරක කණ්ඩායම් ව්‍යාප්ත විය.


රට අභ්‍යන්තරයේ ගලාගිය දේශපාලන ධාරාව, මේ සිදුවන සෑම ක්‍රියාදාමයක් දෙසම ඉතා විමසිලිමත්ව බලා සිටියහ. ජාත්‍යන්තරව ලොව පුරා සිදුකරන ලද හා සිදුකරමින් සිටින හමුදා කුමන්ත්‍රණ සම්බන්ධව ඔවුනට ඉතා හොද දැනුමක්ද තිබිණ. 1962 හමුදා කුමන්ත්‍රණය සාර්ථක වූණි නම්, උදාවන තත්වය ඉතා හොදින් දැන සිටි මේ දේශපාලන කණ්ඩායම්; මේ වනවිට රජයේ ඉහල තනතුරු වලට 1962 කුමන්ත්‍රණකරුවන් ස්ථාපනය කිරීමත් සමගම අදිසි රජය මේ සැරසෙන්නේ මෙරට ජනතාවගෙන් රජයක් බලයට පත්කර ගැනීමට තිබූ අයිතිය උදුරා ගෙන ඒකාධිපති රාජ්‍යයක් ස්ථාපනය කිරීමට බව අවබෝධ කරගත්හ. ඒ අණුව එම ඒකාධිපති රාජ්‍යයට එරෙහිව සටන් වැද නිර්ධන පාංතික සමාජවාදී රජයක් ගොඩනැංවීම අරමුණ කරගෙන සංවිධානය වීම ආරම්භ කලහ.


අදිසි රජයේ ඒකාධිපති රාජ්‍ය සැලැස්මට ප්‍රධාන බාධාවන් තුනක් පැවතින. ඒ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩඩ්ලි සේනානායක මහතා, හමුදාවන් තුල සිටි ජාතික හිතවාදී නිලධාරීන් හා රට අභ්‍යන්තරයේ ගලාගිය විප්ලවවාදී දේශපාලන දහරාවයි. ඒ වනවිට විප්ලවවාදී දේශපාලන දහරාව සම්බන්ධව රාජ්‍ය පාලකයින් දැන නොසිටි නිසා, අදිසි රාජ්‍යය මෙහෙයවන වන බලවේග වල අරමුණ ජාතික හිතවාදී හමුදා නිලධාරීන්ව ඒවායින් නෙරපා දමා පසුව ඩඩ්ලි සේනානායක මහතාව බලයෙන් පන්නා දැමයි. පසුව එම පදවියට ජේ. ආර්. ජයවර්ධන මහතාව පත්කිරීම ඔවුනගේ ප්‍රධාන අරමුණ විය. නිර්මාණිත ව්‍යාජ හමුදා කුමන්ත්‍රණයක් මගින් හමුදාව ඔවුනට ඇවැසි විදියට සකස් කරගත්තද, මෙම වකවානුවේදී, එක්සත් ජාතික පක්ෂය හා රජය තුලවූ ජාතික හිතවාදී බලවේග ප්‍රබල තත්වයක පසුවූ බැවින්, අදිසි රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී විය. ඒ සමගම ඩඩ්ලි සේනානායක මහතා හා ජේ. ආර්. ජයවර්ධන මහතා අතර මත ගැටුම් උග්‍ර තත්වයට පත්විය.


මේ අතර රට අභ්‍යන්තරයේ ගලා ගිය දේශපාලන දහරාව, පිටතට අනාවරනය කිරීම අදෘෂ්‍යමාන බලවේගයේ වරප්‍රසාද ලබන වාමාංශික දේශපාලඥයින් විසින් මනාව ඉටු කරන ලදී.


මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජාතික බලවේග ප්‍රබලව සිටීම, රට අභ්‍යන්තරයේ ආයුධ සන්නද්ධ අරගලයකට සූදානම් වන බලවේගයක් සිටීම, හා එම යුගයට සාපේක්ෂව ජාත්‍යන්තරව වියට්නාමය, ලාවෝසය, හා කාම්බෝජයේදී අදිසි රාජ්‍යයේ බලවේගයන් අන්ත පරාජයන් ලබමින් සිටීම යන හේතූන් මත, තාවකාලිකව අදිසි රාජ්‍යයේ ඒකාධීපති භූමිකාව හකුලා ගෙන 1970 දී මහා මැතිවරණයක් පවත්වන ලදී.


මෙම මැතිවරණයේදී රට අභ්‍යන්තරයේ ගලාගිය සියලුම දේශපාලන ප්‍රවාහයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණහි ජයග්‍රහණය උදෙසාම වැඩ කලහ.


අදිසි රාජ්‍යය දිගු කාලීන සැලසුමක නිරත විය. පලමුව එක්ෂත් ජාතික පක්ෂය පවිත්‍ර කර ඔවුනගේ බලවේගයන් අතට පක්ෂයේ බලය ලබා ගැනීම අත්‍යවශව පැවතින. දෙවනුව රට අභ්‍යන්තරයේ සිටින වාමාංශික විප්ලව වාදී බලවේග විනාශ කර සුද්ධ පවිත්‍ර කල රටක් ඔවුනට අවශ්‍ය විය. මේ කරුණු දෙකම ඉටු කර ගැනීම උදෙසා උපක්‍රමිකව, පසු බැසීමකට සූදානම් වූහ. තමන්ගේ ප්‍රබලම බල මුලුව වූ රාජ්‍යයේ නිලධාරී පැලන්තිය නිසි ලෙස ස්ථාන ගත කොට, ඔවුහු පසු බැස්සහ.


සිව්වන රාජ්‍ය කාල පරිච්ඡේදය


සියලුම දෙනාගේම අපේක්ෂාවන් ඉටුකරමින් සමගි පෙරමුණ නම් වූ, සිරිමා බණඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් සමගි සන්ධානය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිත ප්‍රබල රජයක් ගොඩනැංවිණි.


මෙම මැතිවරණයේදී, මතුපිට දේශපාලන තලයේවූ සමගි පෙරමුණ විශිෂඨ ජයග්‍රහණයක් ලද අතර, අභ්‍යන්තර දේශපාලන තලයේ වූ අදිසි රාජ්‍යයද, තමන් අපේක්ෂා කල ආකාරයේම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලදහ. 1969දී ජනතා විමුක්ති පෙරමුණ නමින් නම් කරන ලද දේශපාලන ව්‍යාපාරය ඉතා ගැටලු කාරී සන්ධිස්ථානයකට අවතීර්ණ විය. 1965 පිහිටවූ එක්ෂත් ජාතික පාක්ෂික රජයේ ඒකාධිපති ආඥාදායක තත්වය ඉලක්ක කරගෙන සිය සාමාජිකයින් සන්නද්ධ අරගලයකට පෙල ගැස්සූ ජනතා විමුක්ති පෙරමුණ එම ඉලක්කය අහෝසි වීම හරහා බරපතලව, අභ්‍යන්තරව හා බාහිරව අර්බූද ගනනාවකට මුහුණ පෑවාය.


අදිසි රාජ්‍යය, තමන් ඒ වන විටත් ස්ථාන ගත කොට සිටි සිය රාජ්‍ය නිලධාරීන් හා රජය තුල සිටි තමන් හා බද්ධව ක්‍රියාකරන ඇමති වරැන් හරහා සිය ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නට විය.


එක්සත් ජාතික පක්ෂය ක්‍රමානුකූලව තම හිතවාදීන් අතට බලය ගෙන, ඩඩ්ලි සේනානායක මහතාට හදිසි මරණයක් උරුම කරදීම හරහා ඔවුනගේ මතවාදයන්ට අනුව, පක්ෂය සුද්ධ කරන ලදී.


ජනතා විමුක්ති පෙරමුණ හා ඊට ගෑවුන කොටස් වලට මරණයන් හා වධ බන්ධන උරුම කර, රටද සුද්ධ කරන ලදී.


රජය අභ්‍යන්තරයේ වූ සිය සගයන් හරහාම අපකීර්තියට පත් කල රජය 1977 මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වීමට ඉඩහරින ලදී.


පස්වන රාජ්‍ය කාල පරිච්ඡේදය.


1977 මැතිවරණය හරහා පූර්ණ බලැති අදිසි රාජ්‍යයේ බලයට නතු රජයක් මේ රටතුල ස්ථාපිත විය. අදිසි රාජ්‍යයට අවශ්‍ය කාර්යයන් රාශියක් මෙරට ජනතාව ඔවුනට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සපයා ශක්තිමත් කර තිබුණි. මැතිවරණ ‍තේමාව වූ ධර්මිෂ්ධ සමාජය, දසරාජ ධර්මය හා සතියකට ජනතාවට ලබා දෙනවා යයි දිවුරා පොරොන්දු වූ ධාන්‍ය රාත්තල් 8 ජාතික විහිලු බවට පත්විය. අදිසි රාජ්‍යය ජේ. ආර්. ජයවර්ධනගේ සහය ඇතිවත්; ඔහුගේ ආධාර නැතිවත් ඔවුනගේ ව්‍යාපෘතීන් මනාව කලමනා කරගෙන ගියහ. ජයග්‍රහණය අති ප්‍රබල විය. ඔවුනට දරා ගැනීමට තරම් අපහසු වූ මේ ජයග්‍රහණය පරාජිතයින් හඹා යන්නට විය. රට සංවර්ධනය උදෙසා යන ගමනක් වෙනුවට ම්ලේච්ඡත්වය රජ කරන සති දෙකක් තම පාක්ෂිකයින්ට ලබා දෙන ලදී. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නිරුවත රග දැක්විණ. පරාජිත දේශපාලන පාක්ෂිකයින් මරා දැමිණ. පහරදීම් වලට ලක්විණ, දූෂණ කිරීම් වලට ලක්විණ. මේ සකලවිද සිදුවීම්, ගමක් ගමක් ගානේ, නගරයක් නගරයක් ගානේ, වැඩබිමක් වැඩබිමක් ගානේ විවෘතව සති දෙකක් පුරා එක දිගටම සිදුවිය. ජේ. ආර්. ජයවර්ධන නම් වූ අදිසි රාජ්‍යයේ නියමුවා මෙම ක්‍රියාවලිය ජයග්‍රහණය බුක්ති විදීම යනුවෙන් නම් කරන ලදී. අදිසි රාජ්‍යය තමන් ඉලක්ක කරගත් කාර්යයන් හඹා යන්නට විය. ශ්‍රී ලංකාව රාජ්‍යයන් තුනකට බෙදීමට පිඹුරු පත් සකස් කෙරිණ.


1. දෙමළ ඊලම.


2. උඩරට සිංහල


3. පහතරට සිංහල


වශයෙන් නම් කර තිබූ මේ බෙදා වෙන් කිරීමේ යටි අරමුණු ගනනාවක් දෘශ්‍යමාන විය. පහතරට සිංහල වශයෙන් නම් කල රාජ්‍ය රටේ බටහිරින් දෙමළ ඊලමට මායිම්ව පුත්තලම දෙසින් ආරම්භ වී මුහුදු තීරය ආවරණය කර රටේ ගිණිකොන දෙසින් ඊලමට මායිම් කර තිබිණ. මෙම පහතරට සිංහල වශයෙන් බෙදා තිබුන රාජ්‍යය සත්‍ය වශයෙන්ම බෙදීම පදනම් කරගෙන තිබුණේ ආගමික පදනමින් වන අතර, ටිමෝරයේ මෙන් ආගමික පදනමින් ජනතාව වෙන් කිරීම මෙහි අරමුණ විය. ශ්‍රී ලංකාව ප්‍රධාන රාජ්‍යයන් තුනකට බෙදීමේ අරමුණ ජය ගැනීම සදහා වටා පිටාවන් සකස් කිරිම ආරම්භ විය. ඒ සදහා,


1. එක්සත් ජාතික පක්ෂය තමන්ට ගැති පක්ෂයක් බවට පරිවර්තනය කිරීම.


2.ජේ. ආර්. ජයවර්ධනට හැකි උපරිම කාල පාරාසයක් පාලන බලය උරුම කරදීම.


3.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකර දෑමීම.


4.ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ සංවිධානය බේද කරන්නෙකුගේ තත්වයට පමුණුවා ලීම.


5.ඉන්දියාව හා ශ්‍රී ලංකාව පැහැදිලිවම සතුරු රාජ්‍යයන් දෙකක් බවට පත් කිරීම.


6.රට අභ්‍යන්තරයේ සිංහල- දෙමල ජාතිවාදය අවුලුවාලීම.


යන කරුණු කාරනා මේ රට තුල සිදුකල යුතුව තිබිණ. ඒ සදහා අපූරු ක්‍රමවේදයන් බටහිර රාජ්‍යයන් තුලදී හා මෙරට බටහිර තානාපති කාර්යාල තුල නිර්මාණය වෙමින් තිබිණ.


එක්සත් ජාතික පක්ෂය දිගුකාලීනව ඔවුනට යටත් දේශපාලන පක්ෂයක් බවට පත්කර ගැනීම සදහා ජයග්‍රාහී මන්ත්‍රී වරුනට ඔවුනගේ කථා කිරීමේ හා නිදහස්ව සිතා කටයුතු කිරීමේ නිදහස බටහිර ජාතීන්ගේ උපදෙස් වලට අනුකූලව දිනයක් නොදැමූ ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් කිරීම හරහා ඔවුනට උකසට තැබීමට සිදුවිය. මෙම ක්‍රියාවලිය හරහා අදිසි රාජ්‍යයේ සුපිරි ඒජන්තයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට දිගු කාලයක් රට පාලනය කිරීමට උපරීම මන්ත්‍රී සහය ලබා ගැනීමට අවකාශ ලැබිණ. පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විපක්ෂ නායක කමවත් ජනතාව හිමිකර නොදීම, අදිසි රාජ්‍යයට මහත් අස්වැසිල්ලක් විය. අනුර බණ්ඩාරනායක හා මෛත්‍රිපාල සේනානායක යන මහත්වරු මගින් එම පක්ෂය තුල අභ්‍යන්තර ආරවුල් ගනනාවක් නිර්මාණය කර පක්ෂය අකර්නම්‍ය කරන ලදී. ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ සංවිධානය තුල ක්‍රියාකරන බටහිර ජාතීන්ගේ ඒජන්තයා බවට පමුණවන ලදී. ඒ හරහා රටේ ගෞරවය ලෝකයා ඉදිරියේ මහත් හෑල්ලුවකට පත්කරන ලදී. ඉන්දියාව ඉලක්ක කරගෙන එම රටට හා එහි නායක නායිකාවන්ට අපහස කර ප්‍රකෝප කරවන ප්‍රකාශ නිකුත් කිරීමට ඇමතිවරු කීප දෙනෙකු යොදවා තිබිණ. ඒ හරහා ඉන්දියාව හා ලංකාව ප්‍රබල සතුරු රටවල් දෙකක් බවට පරිවර්තනය කරන ලදී.


මී ලගට ඔවුනගේ අවශ්‍යතාවය වුයේ කෙලෙසක හෝ රටපුරාම සිංහල හා දෙමල වශයෙන් බෙදුන ජනතාව වාර්ගික අරගලයක යෙදෙනවා දැකීමයි. මේ සදහා සුදුසු පසුබිම උතුරේ ජනතාවගේ මනස තුල අපූරුවට නිර්මාණය කර තිබුනද; දකුණ එසේ නොවීය. ඒ වනවිට දකුණෙහි දේශපාලන දහරාව තුල වූයේ; එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අභ්‍යන්තර අර්බූද ගනනාවක් නිර්මානය කර පසුව සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය 1980 දී අහෝසි කරන ලදී. ඒ සමගම ඒ පක්ෂය අකර්මන්‍ය පක්ෂයක් වූ අතර, ශ්‍රී ලංකා දේශපාලන පොරපිටියේ ඉතිරි වූයේ; එක්සත් ජාතික පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතිවාදී දේශපාලන පක්ෂ පමණි.


අදිසි රාජ්‍යයේ මීලග පියවර වූයේ කෙලෙසක හෝ ජනතා විමුක්ති පෙරමුණ සිය අණ සකට යටත් කොට, ඔවුන් හරහා ව්‍යාජ විපක්ෂයක් නිර්මාණය කොට මුලු රටම සිය අභිමතයට පරිදි පාලනය කිරීම විය. රෝහණ විජේවීර නම් වූ පුද්ගලයා ඔවුන් අපේක්ෂා කල ආකාරයේ දේශපාලන නරුමයකු නොවූ බැවින් රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සදාකාලිකව දේශපාලන පොරපිටියෙන් ඉවත් කිරීමට තීරණය කලහ.


මේ වන විටත් අදිසි රාජ්‍යය සිරිල් මැතිව් මහතාගේ නායකත්වයෙන් යුත් සිංහල ජාතිවාදී පෙරමුණක් ගොඩනංවා තිබිණ. තවද ජනාධිපති සමාව යටතේ නිදහස ලද පාතාල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනංවා තිබූ මැර හමුදාවක්ද සූදානම්ව තිබිණ. උතුරේ උග්‍ර සිංහල විරෝධී හමුදාවක්ද සූදානම් කොට තිබිණ. ඊට අමතරව බටහිර මුහුදු බඩ ප්‍රදේශ හා දකුණෙ මුහුදු බඩ පලාත්වල ජනතාව, සම්ප්‍රදායික රෝමානු කතෝලික, ඇන්ග්ලිකානු, මෙතෝදිස්ත හා රෙපරමාදු සභාවන්ට අමතරව ආගමික ගැටුම් නිර්මාණය කිරීමේ අරම්ණින්ම ගොඩනංවන ලද, ඇමරිකානු මූලධර්ම වාදී ආගමික නිකායික බලකායන් ගනනාවක් රටෙහි ජනතාව එම ව්‍යාපාරයන්ට බදවා ගැනීමේ මහා ක්‍රියාදාමයන්ද දියත් කර තිබිණ.


අදිසි රාජ්‍යය නිසි අවස්ථාවේදී සේව නූල පත්තු කරන ලදී. තමන්ගේම වූ උතුරේ ද්‍රවිඩ ජාතිවාදී බලකාය ලවා 1983 ජූලි මාසයේදී යුධ හමුදා සෙබලුන් 13 දෙනෙකු ඝාතනය කරවා; තමන්ගේම වූ රාජ්‍ය අනුග්‍රහය ලද ‍සිංහල ජාතිවාදීන් හා මැරකණ්ඩායම් යොදවා අපූරුවට කළු ජූලිය නිර්මාණය කරන ලදී.
මේ ක්‍රියාදාමය හරහා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම, කොටි ත්‍රස්තවාදීන්ට ඇවසි පිරිස් බලය, ධන බලය, ආයුධ ලබා ගැනීමට මංමාවත් විවර කර ගැනීමට අමතරව අදිසි රාජ්‍යය අපේක්ෂා නොකල විශාලම වාසි දායක තත්වය වූයේ, ඉන්දියාව විසින් සෘජුවම කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ පුහුණුව ලබාදීමට ඉදිරිපත් වීමයි.


අනපේක්ෂිතව උදාවූ මේ වරමින් උපරිම පල ලබාගැනීමට අදිසි රජය තීරණය කලහ. නමුත් කලාපය හා ඉන්දියාව කැබලි කිරීමේ ව්‍යාපෘතියට අනුව 1984 ඔක්තෝම්බර් මස 31 වෙනිදා ඉන්දිරා ගාන්ධි මහත්මියව ඝාතනය කිරීම හරහා මේ කලාපය තුල කාලාන්තරයක් මුලුල්ලේ කල සැලසුම සාර්ථක කර ගන්නා ලදී.


මේ වනවිට මෙරට දේශපාලන පිටිය, අදිසි රාජය උපදෙස් අනුව, ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් සතුරන් රහිත රාජ්‍යය තත්වයක් ගොඩනංවා තිබිණ.


හීලෑ කරගත් මහජන පක්ෂයට නියමිත කාර්යය භාරය වූයේ, රාජ්‍ය විරෝධී වාමාංශික දේශපාලකයින්ට දේශපාලන නවාතැන් පලක් නිර්මාණය කිරීමයි.


අදිසි රාජ්‍යයේ නිශ්පාදනයන් දෙකක්වූ ජේ. ආර්. ජයවර්ධන පාලනය හා කොටි සංවිධානය; කලාපයේ දේශපාලන බලවතා පමණක් නොව, ජේ. ආර් ජයවර්ධන මහතාගේ රජයත්; දෙමල බෙදුම්වාදී සංවිධානයන්ද, නිවැරදිව හදුනා නොගත්හ.


බටහිර ප්‍රජාව තමන්ගේ රජයේ ආරක්ෂකයින් සේ ඇදහූ එවකට සිටි ජනාධිපතිතුමා, ඇමරිකානු ජනාධිපති රේගන් වෙත ගොස් ඇමරිකානු රාජ්‍ය තුල සිදුකරන කොටි හිතවාදී ක්‍රියාකාරකම් නවතා දෙන මෙන් අයද සිටියේය. තම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බැවින් එවැන්නක් කිරීම කල නොහැකි බව පලකල රේගන් ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා ජනාධිපතිතුමා යනු කිසිදු ජනාධිපතිවරයකුට වඩා බලතල ඇති කලාපයේ අතරමංවූ රාජ්‍ය පාලකයකුගේ තත්වයට පත් කලහ. කෙසේ හෝ කොටි පරාජය කරමියි යන අධිෂඨානයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා කටයුතු කිරීම ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රභාකරන්ව වදමාරච්චි සටනේදී කොටුකර ගන්නා ලදී.


ඉන්දියාව තමන්ගේ මිතුරා කොටි සංවිධානය යන මිත්‍යාවේ එල්බගෙන කොටි සංවිධානය ආරක්ෂා කර ගත්හ. මේ නිසා සැබෑ සතුරා වසං වූ අතර, ශ්‍රී ලංකාව ඒ අවස්ථාවේදී අපේක්ෂා කල ඇමරිකානු ආධාර නොලැබිණි.


මේ වනවිට ජේ. ආර් ජයවර්ධන මහතා, තමන් දශක තුනකට අධික කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මේ රටතුලදී කල සේවාවන්ට නිසි ඇගයීමක් නොලබන බව වටහා ගෙන දැඩි කලකිරීමකින් පසුවී සිටි අතර, ඉන්දීය රූකඩයක් බවට පරිවර්තනය වීම ඔහු නුරුස්සන කාර්යයක් විය.


අදිසි රාජ්‍යයේ මීලග අවශ්‍යතාවයන් වූයේ, අඛණ්ඩව ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ලෙස තබා ගැනීම, ‍තමන්ගේ ව්‍යාපෘතිය වූ මේ රට තුනට කැඩීමේ කාර්යයට ඉතා වැදගත් ඒකකයක් වූ කොටි සංවිධානය බලවත් කිරීම හා තමන්ගේ කාර්යයන්ට මහත් බාධාවක්ව පවතින තහනම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සමූල ඝාතනය කරවීමයි. මේ සදහා අවශ්‍ය සියලූම ජාත්‍යන්තර තාක්ෂණික රජයට ලබා දුන්හ.


කොටි සංවිධානය, ඉන්දියාව, ජනතා විමුක්ති පෙරමුණ හා තමන් වටා සිටින කපටි ජාත්‍යන්තර මිතුරන් අතර හිරවී සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා අවසානයේදී දේශපාලනයෙන් විශ්‍රාම ගත්හ.


හයවන රාජ්‍ය කාල පරිච්ඡේදය.


මීලගට බලයට පත් ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා ඉන්දීය විරෝධීයකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටියහ. අදිසි රාජ්‍යය සැබෑලෙසම ආර් ප්‍රේමදාස මහතාට පක්ෂපාතිත්වයක් දැක්වූයේම නැත. නමුත් තම ව්‍යාපෘතිය අංක එක සේ සලකන ඔවුහු ප්‍රේමදාස මහතාගේ ඉන්දීය විරෝධය හරහාම එතුමාට ලගා වූහ. උත්සහය සාර්ථක විය. ඉන්දීය හමුදාව පලවා හැරීමට කොටි සංවිධානයට උදව් කල යුතුයි යන සංකල්පය යටතේ කොටින්ට අවි ආයුධ හා මුදල් ලබාදී ප්‍රබල තත්වයකට ඔසවා තබන ලදී. මෙම අවධිය කොටි සංවිධානයට අපූරු සන්ධිස්ථානයක් විය. තමන්ගේ සතුරායයි සැලකූ ශ්‍රී ලංකා රාජ්‍යය මිතුරා වී; තමන්ව රැකගෙන සියලූම යුධ පුහුණුව හා රැකවරණය ලබාදුන් ඉන්දියාව සතුරු රාජ්‍යයක් ලෙස අපහසුවෙන් වුවද සැලකීමට ඔවුනට සිදුවිය. (මෙය වර්තමානයේදී ජනතා විමුක්ති පෙරමුණට අදිසි රාජ්‍ය විසින් උරුම කර ඇති තත්වයට සමාන තත්වයකි.).


ඔහුගේ වකවානුවේදී ඉන්දීය හමුදා මෙරටින් පිටව ගිය අතරම ජනතා විමුක්ති පෙරමුණ සමුල ඝාතනයකට ලක් කලහ.


ජනතා විමුක්ති පෙරමුණ සංහාරය කිරීමට හැකිවීම, අදිසි රාජ්‍ය ලද විශාලම ජයග්‍රහණය විය. එසේ කිරීමත් සමගම නව අභියෝගයන්ට මුහුණ දීමට අදිසි රජයට සිදුවිය.


(අ) ඝාතකාගාරවල ප්‍රබලව ක්‍රියාකල ඝාතකයින්ට රැකවරණය සැලසීම.


(ආ) මෙරට සිදුවූ අති ප්‍රබල ඝාතනයන් දන්නා ප්‍රබල සාක්ෂි මෙරට සමාජයෙන් ඉවත් කිරීම.


(ඇ) ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන දහරාවේ ක්‍රියාකාරිත්වය නවතා දැමීම. කලයුතු අවශ්‍යම කාර්යන්සේ හදුනාගන්නා ලදී.


මේ අනුව, ඝාතකාගාර වල ප්‍රබලව ක්‍රියාකල ඝාතකයින් හා මෙතෙක් කල් ජනතා විමුක්ති පෙරමුණ තුලට රිංගා බුද්ධි තොරතුරු සැපයූ අයව. ඕස්ට්‍රෙලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකාව හා ජර්මනිය යන රාජ්‍යයන්හි ආරක්ෂිතව ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සූදානම් කර දෙන ලදී.


ප්‍රධාන සාක්ෂිකරුවන් වන්නේ ක්‍රියාකාරීව ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කල අය බැවින් ඔවුන්ව හා ඔවුන්ගේ පවුල්වල අයටද, දේශපාලන රැකවරණය ලබාදීම යන පදනම යටතේ, ඕස්ට්‍රෙලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකාව හා ජර්මනිය යන රාජ්‍යයන්හි ආරක්ෂිතව ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සූදානම් කර දෙන ලදී.


දැන් ඝාතකයෝ හා ඝාතනයන්ට භාජනය වූවන්ගේ පවුල්වල අය හා ඝාතනයන්ට භාජනය වීමට නිර්දේශිතව සිටි අයට විදේශගතව එකම රාජ්‍ය පද්ධතියක ජීවත්වීමට ඉඩකඩ සලසා (අ) හා (ආ) වලින්, අදිසි රාජ්‍ය හිතවාදීන්ට සිදුවිය හැකිව තිබූ තර්ජනයන් අවම කර දමන ලදී.


මීලගට කලයුතු වූ කාර්යය භාරය වූ ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන දහරාවේ ක්‍රියාකාරිත්වය නවතා දැමීම සදහා තමන්ට සුපුරුදු ජාත්‍යන්තරව අත්හදා බලා ප්‍රත්‍යක්ෂම ලෙස අති සාර්ථකවූ ක්‍රමය මෙරට සදහාද ආදේශ කිරීමට තීරණය කරන ලදී.


මේ අනුව රට අභ්‍යන්තරයේ සිදුවෙන දේශපාලන ක්‍රියාකාරිත්වයන් හදුනා ගැනීම සදහා රටතුල සමීක්ෂණයක් සිදුකරණ ලදී. ඉතා අවංකව ජනතා විමුක්ති පෙරමුණ ගොඩනංවන්නට උත්සහ කරන අයව හදුනා ගන්නා ලදී. ඊට අමතරව තමන් විසින් ගොඩනංවන ලද නව ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම් දෙකක්ද සමාජගත කරන ලදී. මෙම කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම ජය ගත්තද එය ඔවුනට අභියෝගයක් නොවීය.


මේ අතර අදිසි රාජ්‍ය කිසි විටෙකත් අපේක්ෂා නොකල සිදුවීමක් සිදුවිය. ඒ 1991 මාර්තු මස 2 වෙනිදා රංජන් විජේරත්න මහතාව ඝාතනය කිරීමයි.


මේ වන විට ශ්‍රී ලාංකීය දේශපාලන පොරපිටියේ ඉතිරි වූයේ ආර්. ප්‍රේමදාස ප්‍රමුඛ රජයත්, කොටි සංවිධානයත් පමණි.


ආර්. ප්‍රේමදාස මහතා හා කොටි සංවිධානය අතර දැඩි මිත්‍රත්‍වයක් ඇති බව ලොව පුරා ප්‍රචලිත කෙරිණ. තත්වය මෙසේ පවතිත්දී අදිසි රජය විසින් ඉතා වැදගත් ඉලක්කයක් ගැනීමට ප්‍රභාකරන්ට බලකෙරිණ. ඔහු ගිරයට අසුවූ පුවකක් මෙන්විය.1991 මැයි මස 21 වෙනිදා ඉලක්කය ගැනිණ. ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාව බටහිර බලවේග විසින් මෙහෙය වන අදිසි රාජ්‍යයේ කොන්ත්‍රාත්තුවකට අනුව කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලදී.


කලාපයේ බලවතා අස්ථාවර කෙරිණ. ඒ හරහා කලාපයම අස්ථාවර කිරීම අරමුණ විය.


තවද ආර් ප්‍රේමදාස මහතා බටහිර බලවේග වලට අනුව ක්‍රියා කරන්නෙක් නොවූහ. ඔහු සතුව ඔහුටම සුවිශේෂී වූ ව්‍යාපෘති ගනනාවක්ම තිබිණ. මේ වකවානුවේදී ආර්. ප්‍රේමදාස මහතා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා අතර වූ ඝට්ඨනයද අදිසි රාජ්‍යය නොරිස්සූහ. අදිසි රාජ්‍යය වර්ෂ 1993 මැයි මස පලවෙනිදා තමන්ගේ කලාපීය චණ්ඩියා වූ කොටි සංවිධානය හරහා ඒ මහතාවද ඝාතනය කර දමන ලදී.


කලාපයේ අස්ථාවර භාවය තවත් තීව්‍ර විය. කොටි සංවිධානය කලාපයේ බලවත් තත්වයකට පත්විණ.


හත්වන රාජ්‍ය කාල පරිච්ඡේදය.


රටේ පවතින තත්වය මනාව අවබෝධ කරගෙන සිටි ඩී. බී. විජේතුංග මහතා වහාම ක්‍රියාත්මක වී රාජ්‍ය බලය තමන්ගේ අතට ගත් අතර, ඔහු කාලාන්තරයක් මුලුල්ලේ දැක තිබූ අප්‍රසන්න පාලන සංස්කෘතිය වෙනස් කර 1994 නොවැම්බර් මස 12 වෙනිදා ජනාධිපතිවරණයක් පැවත්වීමට සූදානම් කරන ලදී.


මේ වනවිට අපකීර්තිමත් අදිසි රාජ්‍ය හිතවාදී පාලනයට හරියටම වසර 17ක් ගතව ජනතාව හෙම්බත්ව සිටියහ. ජනාධිපති අපේක්ෂකයකුට පවා තමන්ගේ චන්දය පාවිච්චි කිරීමට ඉඩ ලබා නුදුන් පාලන ක්‍රමය විනාශ කර දමා, රට කරවූ දූෂිතයන්ට ඒ දූෂණයන් සදහා නිසි දඩුවම් ලබාදීම පොදු ජන අපේක්ෂාව විය.


ඔවුන් තුල ඒ දූෂිත රජයට විරූද්ධව සටන් වැදී මියගිය තරුණ පරම්පරාව සම්බන්ධව මහත් ගෞරවයක් හා භක්තියක් පැවතින. මීලගට මැතිවරණයට ජයග්‍රහණය අපේක්ෂා කරන්නා, මරා දමන ලද තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටින අයෙකු විය යුතුම විය. මනා පෙර දැක්මක් ඇති අදිසි රාජ්‍යය ඒ සදහා පෙර සිටම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව සූදානම් කර තිබිණ.


රටේ පැවති තත්වයට අනුව එක්සත් ජාතික පක්ෂය අදිසි රාජ්‍යයේ අඛණ්ඩ ගමනට ඇවැසි ආකාරයට නොතිබිණ. එය තුල තමනට හිතවාදී නායකත්වයක් ගොඩනංවා ප්‍රතිසංවිධානය කරන තුරු, තමන්ගේම වූ අලුත්ම නිර්මාණය වන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ පොදු පෙරමුණ නම් වූ දේශපාලන උපාංගය පාවිච්චි කිරීමට අදිසි රාජ්‍ය තීරණය කලාය.


අට වන රාජ්‍ය කාල පරිච්ඡේදය.


අති විශිෂ්ඨ ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජය ගත්තාය. ඇගේ පාර්ලිමේන්තුවේ තිබුණේ එක වැඩි චන්දයක් පමණි. මෙරට දේශපාලනයේ සෑම අංගයක්ම සොයා බලා තීරණය ගන්නා අදිසි රාජ්‍යයට; එම රජය සුරැකීමට තීරණය කර ගත්තාය.


මේ වනවිට අදිසි රජයට ඇවැසි රජයක් බලයට පත්ව තිබිණ. ඔවුනගේ රට කැබලි තුනකට කැඩීමේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට විත් තිබිණ. කොටි සංවිධානය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබිණ. ජනතා විමුක්ති පෙරමුණ එක කණ්ඩායමක් පරයා තව කණ්ඩායමක් අතට පත්ව තිබිණ. එම කණ්ඩායමේ නායකත්වය අදිසි රාජ්‍ය හිතවාදී විය. මේ අනුව පෙර කිසි කලෙකටත් වඩා අදිසි රාජ්‍ය ප්‍රබල තත්වයක පැවතින. ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ඒකාධිකාරීත්වයක් ඔවුනට හිමිවිය.


මේ කාලය තුලදී ඔවුන් විශාල ජයග්‍රහණයන් රාශියක් හිමිකරගෙන සිටියහ. මේ රටතුල සිදුකරන ලද මිනිස් ඝාතන සම්බන්ධව මහා හඩක් නගා වරදකරුවන්ට හිමිකලයුතුවූ දඩුවම් වලින් ඔවුනව අපූරුවට නිදහස් කර ගැනීමට අදිසි රාජ්‍යයට හැකිවිය. ඒ සදහා ඔවුනට ජනතා විමුක්ති පෙරමුණේ විශාල සහයක්ද ලැබීණ. අදිසි රාජ්‍යයේ කොන්දේසි හා උපදෙස් අණුව කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය හේතුවෙන් ඝාතනයට ලක්වූ 60,000 ක සහෝදරයින්, ඒ හේතුවෙන් අතරමංවූ එම පවුල් වල උදවිය හා රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් විනාශකර දමන ලද එම පවුල් වල දේපල සදහා වන්දි මුදලක් ලබා ගැනීමේ මහා සටනක් ආරම්භ කල යුතු වුවද, අදිසි රාජ්‍යයේ උපදෙස් මත ඒවා රට වෙනුවෙන් කරන කැපකිරීම් බවත්; කැප කිරීම් සදහා වන්දි අවශ්‍ය නොවන බව පවසා සැබෑ පාක්ෂික උවමනාවන් යට ගැසුවේය.


එම පක්ෂයට දේශපාලනය කිරීමට සිදුවූයේ කොන්දේසි ගනනාවකට යටත්වය. ඒවා නම්,


(අ). "අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය"


"ධනවාදයට විනාශය- ජනතාවට සමාජවාද" නම් වූ සටන් පාඨ ඔවුනට තහනම් විය.


(ආ). සෑම අවස්ථාවකදීම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව දිව්‍ය මන්ත්‍රයක් සේ මිමිනීම කලයුතු විය.


(ඇ). මරා දමන ලද තම නායකයින්ගේ හෝ පාක්ෂිකයින්ගේ මරණයන් සම්බන්ධව පරීක්ෂණ ඉල්ලා සිටීම ඔවුනට තහනම් විනි.


(ඈ). විනාශකර දමන ලද ඔවුනගේ පාක්ෂිකයින්ගේ දේපල වලට වන්දි ඉල්ලා සිටීම ඔවුනට තහනම් විය.


(ඉ) විධායක ජනාධිපතිකම ඉවත් කලයුතු බවට වූ අදිසි රාජ්‍ය ඉල්ලීම රටේ අංක එකේ ඉල්ලීම බවට පරිවර්තනය කරන ලදී.






වර්ෂ 1999 වනවිට අදිසි රාජ්‍යය තමන් සැබෑ ලෙසම ඇලුම් කරන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට තමන්ගේම වූ නායකත්වයක් ලගා කරගෙන තිබිණ. දැන් චන්ද්‍රිකා කමාරණතුංග මහත්මියව බලයෙන් පහකර දැමීම ඔවුනගේ අවශ්‍යතාවය විය. කලාපයේ ඔවුනගේ ක්‍රීඩාවක් බදුවූ ත්‍රස්තවාදය උපයෝගී කරගෙනම ඇයව බලයෙන් ඉවත් කිරීමට වෙරදැරුවාය. එය අසාර්ථක වූ විට කුපිතවූ අදිසි රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තුව හරහා ඇයගේ රජය පෙරලා දැමුවාය.


නැවත වරක් ඉතිහාසය තුල එක්සත් ජාතික පක්ෂ රජයකට ඉඩක් හිමිවිණ. සටන් විරාම ගිවිසුමක් හරහා තම ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රබලම සාධකය වූ කොටි සංවිධානය ප්‍රබල කරවන ලදී.


ඒ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණ, අදිසි රාජ්‍ය විසින් මෙහෙය වනු ලබන දේශපාලන පක්ෂයක් වුවද, විප්ලවවාදී දේශපාලන සංස්කෘතියක් යටතේ ගොඩනැංවුන පක්ෂයක් තුල සතුරු බලවේගයකට නිදහසේ ගමනක් යා නොහැක. එබැවින් ජනතා විමුක්ති පෙරමුණහි සිටි සැබෑ දේශප්‍රේමී බලවේග වලට විශාල කාර්යය භාරයක් සිදු කිරීමට අවකාශ ලැබිණ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදේශ ගතව සිටි නිසා දේශප්‍රේමී බලමුළු එම පක්ෂය රටට වැඩදායක ආකාරයට මෙහෙයවන ලදී. ජනතාව එම පක්ෂය වටා එක් රොක්වීම අති ප්‍රබල විය. මෙය අදිසි රාජ්‍යය නොරිස්සූ කරුණක් විය.


ජනතා විමුක්ති පෙරමුණ තුල වූ දේශප්‍රේමී බලමුළු, ඉදිරියට පැමිණීම ඉදිරියේ, එතුල වූ අදිසි රාජ්‍ය ඒජන්තයින්ට නිරුත්තරව නිහඩව සිටින්නට සිදුවිය. ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණෙ ඉහලම ජනතා ප්‍රතිචාර ලැබූ අවධිය ලගාවී තිබිණ.


එම පක්ෂයේ දේශප්‍රේමී බලකාය ඉදිරියට පැන අදිසි රාජ්‍ය ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා මගින් බලගැන්වූ විධායක ජනාධිපතිකම උපයෝගී කරගෙනම, අදිසි රාජ්‍ය හිතවාදී රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවාය.


මෙම ක්‍රියාවලිය අදිසි රාජ්‍යයට ගැසූ අතුල් පාරක් විය.


තමන් ගේ දේශපාලන පක්ෂය පෙර වකවානු වලදී මෙන් කිසිදු අතුරු ආන්තරාවක් නැතිව දේශපාලනය කිරීමට ඉඩ ලැබී ඇත්තේ තම පක්ෂයද අදිසි රාජ්‍යයේම ඒකකයක් නිසා බව අවංක ජනතා විමුක්ති පෙරමුණහි සාමාජිකයින් කවදාවත් නොසිතුවේය. ඊලග මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 41ක් දිනා ගත් එම පෙරමුණ රටේ ජනතාවගේ හද පත්ල තුල මුල් බැසගත් දේශපාලන පක්ෂය බව මුලු ලොවම අවබෝධ කරගත්හ.


සුනාමිය සමගම සන්ධාන රජය තුලටද එම සුනාමි රල පහර එවා ජනතා විමුක්ති පෙරමුණ පැවති එම රජයෙන් ගසාගෙන යන්නට ඉඩ සලසන ලදී.


එසේ ගසාගෙන ගියද එය රටතුල හා ජනතාව අතර තව තවත් මුල් බැස ගන්නට විය.


මේ සෑම ක්‍රියාවක් දෙසම නිහඩව බලා සිටි අදිසි රාජ්‍යය තමන් අතින් ගිලිහෙන ජනතා විමුක්ති පෙරමුණෙ බලය තව දුරටත් තමන් අතම තබා ගැනීමට අදඅටන් කලහ.


මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා සමග සන්ධාන ගතව 2005 ජනාධිපති මැතිවරණය සදහා සූදානම් වෙමින් සිටියහ.


අදිසි රාජ්‍යය වහාම ජනතා විමුක්ති පෙරමුණෙ නායකයාව ශ්‍රී ලංකාවට පිටත් කර එවන ලදී.






නව වන රාජ්‍ය කාල පරිච්ඡේදය.


විශ්මිතම සිදුවීම 2005 ජනාධිපතිවරණය නිමවීමත් සමගම සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ, මහා බලාපොරොත්තු කන්දරාවක් සහිතව, සිය ධනය සහ ශ්‍රමය වැයකරමින් මහින්ද රාජපක්ෂ‍ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහා කැපකිරීමක් කල සාමාජිකයින්ට ව්‍යාජ හේතු පෙන්නා අතරමං කලහ. මෙය පක්ෂයේ පලමු ඉරිතැලීම විය.


අදිසි රාජ්‍ය විසින් පවරන ලද න්‍යාය පත්‍රයට අනුව වැඩකිරීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවීම මෙයට හේතු විය. අදිසි රාජ්‍යය සිය ප්‍රබලම අවිය වූ කොටි සංවිධානය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හා රජය විනාශ කිරීමට වෙර දැරුවද. අවසානයේදී ලාංකීය ජාතික විමුක්ති අරගලය ජයග්‍රහණය කර ඇත.


මේ වන විට මෙරට තුල පිහිටි අදිසි රාජ්‍ය හිතවාදී තානාපති කාර්යාල තුල සිදු කරන ප්‍රධාන කාර්යය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල ඝාතනය කරන ආකාරය කෙසේද යන්න සැලසුම් කිරීමයි. අපගේ මනස මෙවැනි කාර්යයක් සම්බන්ධව සිතීමට පවා සූදානම් නැති වුවද, මෙම සිදුවීම සිදුවන බව මනාව වටහා ගත යුතුය.


වසර ගනනාවක් පුරා ඩොලර් බිලියන ගනනාවක් වැය කර ඉතා සූක්ෂමව ගොඩනැංවූ ශ්‍රී ලංකාව කොටස් තුනකට කැඩීමේ ව්‍යාපෘතියවත් කලාපය අස්ථාර කිරීමේ ව්‍යාපෘතියවත් මේ වනතෙක් ඉවත් කරගෙන නැත. ඉන් අදහස් වන්නේ ඉදිරියටත් මේ කලාපය තුල ගැටුම් උත්සන්න කිරීමේ දැඩි අවශ්‍යතාවයකින් අදිසි සතුරා පුල පුලා බලා සිටින වගයි.


ඒ සදහා මෙරට තුල ක්‍රියාකරන එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගෙන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල කාර්යය භාරයක් ඉටුකරන බව මෙරට ජනතාව මේ අවස්ථාවේදී මනාව අවබෝධ කර ගත යුතුමය.


ගරු ජනාධිපතිතුමා මේ වනවිට මෙරට තුලවූ සතුරු ආවුද සන්නද්ධ බලමුළු විනාශ කලද, එම ආවුද සන්නද්ධ බලමුළු ස්ථාපිත කල කණ්ඩායම් තවමත් මේ රටතුල ඉතා ප්‍රබල තත්වයක සිටින බව වටහා ගන්න. ඒවා විනාශ කිරීමට සැබෑ ලෙසම පාතාලය විනාශ කලයුතුමය. මතට තිත තැබිය යුතුමය. ඊට අමතරව කලාපය තුල කලයුතු සුවිශේෂ කාර්යය සම්භාරයක්ද ඇත.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරග වැදීමට සරත් ෆොන්සේකා මහතාව ඉදිරිපත් කිරීම හරහා අප අවබෝධ කරගත යුතු වන්නේ අප මෙතෙක් වේලා සාකච්ඡා කල අදිසි රාජ්‍ය නම් වූ සතුරාගේ අතිප්‍රබලත්වයයි.


2010 ජනවාරි 26 වෙනිදා මැතිවරණය යනු මහා යුද්ධයක තවත් ආරම්භයක් බව ජනතාව වටහා ගතයුතුමය. කවෙරකු දිනුවද කවරෙකු පැරදුනද මෙම යුද්ධය ඇවිලී යනු ඇත.


සරත් ෆොන්සේකා මහතා ජය ගතහොත් ජනවාරි 27 වෙනිදා මෙරට සැබෑ වීරවරයින‍්ගේ ඝාතනයන් සෘජුවම ආරම්භ වනු ඇත. එය ආරම්භ කරනුයේ සරත් ෆොන්සේකා මහතා නම් නොවේ. ඒ සදහා සැදී පැහැදී සිටින විශේෂ ඉලමුළු මේ වනවිටත් මේ රටතුල සූදානම්ව පවතී. මෙවර එය සිදුවනුයේ 1977 ගලා ගිය අයුරින්වත්, 1983 කලු ජූලියේදී කල ආකාරයෙන් වත්, 1988-1989 සිදුකල මහා මිනිස් සංහාරයන් කල ආකාරයෙන්වත් නොවේ. ඉන් බැහැරව ගිය මිනිස් මල සිරුරු මිලියන ගනනකගේ ලෙයින් හා මසින් මේ මහා පොලව මත මුදා හරිමිණි. මේ රටතුල සිටින ජනතාව සිය චන්දය මගින් සරත් ෆොන්සේකා මහතාව බලයට පත් කිරීමට උත්සහ දැරීම හරහා සිදුකරනුයේ එම ක්‍රියාවලිය ආරම්භ කර පවත්වාගෙන යාමට නීත්‍යානු බලපත්‍රයක් අදිසි රාජ්‍යයට නිකුත් කිරීමයි. එය එසේ සිදු නොවන බව අප දනිමු. අප මෙන්ම සතුරාද එය හොදා කාරව දනී. නමුත් මෙම තරගයෙන් කවරෙකු පැරදුනත් ඒ පරදින්නේ සතුරාගේ සතුරෙකු බව සතුරා දනී. එදා සතුරාගේ බෝම්බ පහරින් මරා දමන්නට බැරිවුන සරත් ෆොන්සේකා මහතාව අද දේශපාලන පොරපිටියට ඇද දමා, විනාශ කරමින් ජය පැන් බොන්නේ ඒ සතුරාමයි.


මෙරට ජනතාව වඩාත්අවදියෙන්සිටිය යුත්තේ මැතිවරණයට පසුවයි. අදිසි රාජ්‍ය සතුරා වර්තමානයේදී ඔවුනගේ පරාජිත සෑම මැතිවරණයකටම පසුව, ඔවුන් විසින් ආදේශිත නමකින් යුත් විප්ලවයක් දියත් කර හරී. එය එක රටෙක ඔරේන්ජ් විප්ලවය (Orange Revolution) නමින් නම් කල අතර තවත් රටක වෙල්වට් විප්ලවය (Velvet Revolution) නමින් නම් කලහ. ඉදිරියේදී කුමන නමකින් හෝ එය ඔබ විසින් තෝරා පත්කරගනු ලබන රජයට එරෙහිව දියත් කරනු ඇත. එවැනි ක්‍රියාකාරකම් සතුරා විසින් අපට, සුපිරි යයි අනගිභවනීයයි හදුන්වාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට හා මෙම ව්‍යාවස්ථාවට පටහැනි කාර්යයකි. එවැන්නක් මෙරට තුල සිදු කිරීමට වෙර දැරුවහොත් එය හැරවුම් ලක්ෂයක් සේ සිතා, සියලූම ජනතාව මහමගට බැස තමන් සතු සියලූම අවි ආයුධ වලින් පහරදී ප්‍රතිවිප්ලවය හා ප්‍රතිවිප්ලවකාරීන්ට නැගී සිටීමට උරදෙන සමාජ සම්මත ක්‍රියාවලිය අඩංගු කඩදාසි පඩංගුව ඉරා දැමිය යුතුය. අපි එය මහා සමාජ විප්ලවයක් බවට පමුණුවා, දකුණු ඇමරිකාවට මේ යුගය විසින් චාවේස් කෙනෙක් නිර්මාණය කලා සේ; දකුණු ආසියාවට එම ගුණාංගවලින් පරිපූර්ණවූ මහින්ද රාජපක්ෂ කෙනෙක් බිහි කරමු.


එම කාර්ය කිරීමේ පූර්ණ වගකීම ඇත්තේ මෙරට වැසියන් වූ ඔබ අතය.


මාතෘ භූමියට ජයවේවා!

No comments:

Post a Comment