Saturday 30 January 2010

රට පාවාදුන් ෆොන්සේකා නීතිය හමුවට ගෙන එන්න - විමල් වීරවංශ

නුවන් කොඩිකාර

ඝාතන මෙහෙයුම් දියත් කරමින්, රට පාවාදුන් සරත් ෆොන්සේකා මහතා නීතිය හමුවට කැඳවන්නැයි ජාතික නිදහස් පෙරමුණ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීසේ නොවුණහොත් ඔහු තවදුරටත් දිනාගත් මාතෘභූ®මිය අපකීර්තියට පත්කිරීමට ඉඩ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.ජාතින නිදහස් පෙරමුණ මූලස්ථානයේ ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කෙළේය.

ඇහැලේපොළගෙන් පසු මෙරට බිහිවූ නූතන පාවා දෙන්නා බවට ෆොන්සේකා මහතා පත්ව ඇතැයිද හෙතෙම කීය.
ෆොන්සේකා මහතා මෙරට පිළිබඳ වැරදි මත ලොවට ගෙන යමින් අන්තර් ජාතික ප්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවැසූ වීරවංශ මහතා ඔහුගේ එම ක්‍රියාවලියට ඉඩනොදැන්නයිද ඉල්ලා සිටියේය.


2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය යම් අයුරකින් ෆොන්සේකා මහතා ලබා ගත්තේ නම් ඔහු කුමන්ත්‍රණ දියත් කර බලය ඇල්ලීමට කටයුතු කරන බවද වීරවංශ මහතා සඳහන් කෙළේය.

යුද හමුදාවට කළ අපහාස වෙනුවන් එම නීතිය යටතේද ෆොන්සේකා මහතාට විරුද්ධව ක්‍රියා කළ හැකි යැයිද වීරවංශ මහතා කියා සිටියේය.


සම්බන්ධන් - ෆොන්සේකාගේ ගිවිසුම යළි යළිත් තහවුරු කිරීමට මෙවර ඡන්ද ප්‍රතිඵලය ඉවහල් වී ඇතැයිද කීය.


මේ අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතාද සහභාගී වී සිටියේය.

No comments:

Post a Comment