Thursday 4 February 2010

කිරිබත් හා මිනිමස්

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

පෙබරවාරි මස 2වෙනිදා TNL රූපවාහිනී නාලිකාවේ පැවති ජනහඩ දේශපාලන සංවාදයේදී, බිමල් රත්නායක මන්ත්‍රිතුමාණෝ පැවති ජනාධිපතිවරණය සම්බන්ධව අපූරු අදහස් පෙලක් පල කලහ. "ඔය කියන විදියට ජයග්‍රාහණයක් ලෑබුවා නම්, කෝ සැමරුම් උත්සව?" ඔහුගේ එක පැනයක් විය.

සත්‍යවශයෙන්ම එය ඔහුට ඇගට දැණුන තත්වයක් විය. කෝ සැ..මැරුම්........කෝ සැ....මැරුම් ඔහු පුන පනා නගන ප්‍රශ්නයයි. බිමල් රත්නායන මහත්තයලා ජයග්‍රහණය සමරණ ආකාරය හා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ දේශප්‍රේමීන් ජයග්‍රහණය සමරණ ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතීන් දෙකකි. නමුත් මෙදා ජයග්‍රහණය සැමරුවේ ජනතාව වීම විශේෂත්වයයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය සමරණවාදැයි බලමින් බටහිර තානාපතිලාගේ නියමයෙන් ලහි ලහියේ Orange revolution එක සංවිධානය කරමින් සිටි බිමල් රත්නායකලා ප්‍රමුඛ කාල භක්ෂකයින්, ජනතාව සංවිධානය කල උත්සව හෝ රටපුරා පැවති කිරිබත් දන්සැල් දුටුවේම නැත. තවද ඔවුනගේ සංස්කෘතියට අනුව ඔවුනගේ නායකතුමා 1977දී, බලය ලබාගෙන කල ආකාරයේ ඇගට බදල අල්ලන ආකාරයේ සැමරීමක්ම අවශ්‍ය බව බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශයෙන් මැනවින් පැහැදිලි වේ. ගෙවල් වලට ගිනි තබමින්, ඒවායේ දේපල කොල්ල කමින්, මිනී මරමින්, ඒවායේ සිටි තරුණියන් දූෂණය කරමින් එදා කල ආකාරයේ සැමරීමක් කිරීමට බලා සිටි බිමල් රත්නායකලාට මෙදා විශාල වැරදීමක් සිදුවෙලාය.ප්‍රසිද්ධියේ වේදිකා දෙදරවමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂලා බෝගම්බර සිරගෙදරට යවීමට ජම්පර 126 ක් මහණ බවට ප්‍රකාශ කල ටිල්වින්ලා බිමල් රත්නායකලාගේ නඩය එදා ජම්පර මැසීමට ගෙනා රෙදි වලින්ම තමන්ගේ විලි වහගන්නට ඇදුම් මසා ගන්නට වීම කොතරම් සරදමක්ද?



බිමල් රත්නායකලා ඉල්ලන්නේ ලේ හා මිනී මස්ය. ඔවුනගේ ගජ මිතුරන් වූ රනිල්ලා කල ආකාරයේ බටලන්ද වධකාගාර නිර්මාණය කරගෙන ඒවා තුලට රාජපක්ෂලා හා ශවේන්ද්‍ර සිල්වලා ප්‍රමුඛ දේශප්‍රේමීන්ව ගාල්කර, මනෝ ගනේෂන්ලා, රනිල්ලා,රවුෆ් හකිම්ලා සමග මධුවිත තොලගාමින්, රනිල්ලාගේ අතීත වධකාගාර රසාංග වලට ඇහුම් කන් දෙමින්, වධදී මරණ ආකාරය නරඹමින් ජය සමරන්නටය. නුඹලාට කිසිදාක ඒ සැමරුම කරන්නට මෙරට ජනතාව අවස්ථාවක් ලබා දෙන්නේ නැත. තවද නුඹලාගේ විධායක ජනාධ්පතිකම අහෝසි කිරීම ප්‍රමුඛ බටහිර තානාපති ඉල්ලීම් මේ වනවිට ජනතාව පරාජය කර ඇත. හෙට දිනමේදී ජනතා අභිලෂය වන්නේ, මෙතරම් නිර්ලජ්ජිත ආකාරයේ පහත්දේශපාලන ක්‍රියාවලියක් කල වාමාංශික එක්සත් ජාතික පක්ෂයේ එකද මන්ත්‍රිවරයකුට පාර්ලිමේන්තුව තුල නියෝජනයක් ලබා නොදීමයි. එදාටත් ජනතාව කිරිබත්ම පිසිනු ඇත.





No comments:

Post a Comment