Saturday 6 February 2010

මාලදිවයින රජය පෙරළු ඡේම්ස්‌ මැක්‌ග්‍රාත්ගේ ශ්‍රී ලංකා රජය පෙරළීමේ මෙහෙයුම බිඳ වැටීම

කීර්ති වර්ණකුලසූරිය-දිවයින
ඡේම්ස්‌ මැක්‌ග්‍රාත්ගේ අරමුණ වූයේ මාලදිවයිනේ ඒකාධිපතියා ඉවත් කිරීමයි.

තිස්‌හය හැවිරිදි ඡේම්ස්‌ ඇන්තනි මැක්‌ග්‍රාත් නමැති ඕස්‌ටේ්‍රලියානු ජාතිකයා ගැන මුලින්ම අසන්නට ලැබුණේ මාලදිවයිනේදීය. පසුගිය අගෝස්‌තු 23 වැනිදා මොහු කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පිවිසින්නේ සංචාරකයකු වේශයෙනි. එහෙත් මෙරට බුද්ධි අංශ ඔහු කවුරුන්ද ශ්‍රී ලංකාවට පැමිණියේ කුමකටද යන්න විමර්ශනය කළේ නැත. අගෝස්‌තු 23 වැනිදා මෙරටට පැමිණි මැක්‌ග්‍රාත් එදින රාත්‍රියේම මෙරටින් පිටව ගියේය. යළි ඔහු මෙරටට සම්ප්‍රාප්ත වූයේ දෙසැම්බර් 14 වැනිදායි. හෙතෙම ජනවාරි 03 වැනිදා තෙක්‌ මෙරට රැඳී සිට සියරට බලා ගියේය. එහෙත් කිසිම විමර්ශනයක්‌ නොවිණි. මන්ද සංචාරයකු නිසාය. ජනවාරි 18 වැනිදා ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් යළි මෙරටට ආවේය. එවර ඔහුට පෙබරවාරි 17 තෙක්‌ වීසා බලපත්‍ර ලැබිණි. මේ ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් වෙනින් කවුරුත් නොව මාලදිවයිනේ ජනාධිපති මයුම් අබ්දුල් ගයුqම්ගේ රජය පෙරළා දැමිමට බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්‍ෂ බලධාරීන් විසින් රජයේ අරමුදල්වලින් ගුවන් ප්‍රවේශපත් හා හෝටල්වල නතර වීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදී එවූ කොන්ත්‍රාත්කරුය. මැක්‌ග්‍රාත් මාලදිවයින විපක්‍ෂ නායක නෂිද් වෙනුවෙන් ජනාධිපති ගයුම්ට එරෙහිව විවිධ ක්‍රමවේද දියත් කරනු ලැබිණ. ඉන් එක්‌ ක්‍රමවේදයක්‌ නම් සාවද්‍ය විද්යුත් ලිපියි. මේවා මාලදිවයින මාධ්‍ය විසින් ද හෙළිකෙරුණි.
ඡේම්ස්‌ මැක්‌ග්‍රාත්ගේ ඊළඟ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ජනාධිපති ප්‍රමුඛ රජය පෙරළා දැමීමයි. මේ සඳහා බ්‍රිතාන්‍ය රජය අනියම් ලෙස සහාය වී ඇති බව සැක කළ හැකිය.
රජයේ අරමුදල් ලබාදෙමින් බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්‍ෂය මාලදිවයින ජනාධිපතිට එරෙහිව ක්‍රියා කළා නම් වත්මන් බ්‍රිතාන්‍ය රජයේ විදේශ ඇමැති මිලිබෑන්ඩ් ප්‍රමුඛ කල්ලිය මෙරට ජනාධිපතිට එරෙහිව ක්‍රියා නොකර ඇතැයි කිවහැකිද?
ඔයෑ ඊරසඑසිය ජදබිeරඩ්එසඩැ ච්රඑහ මිed a ටදඩඑග ඨර්බඑ එද මෙබා යසි aසරෙaරු aබා යදඑeක ජදිඑs දෙර බසබැ daහි as a sයදඅ දෙ sමචචදරඑ දෙර එයෑ දචචදිසඑසදබ ච්රඑහග
මෙලෙස මාලදිවයින රජය පෙරළා දැමීමට ක්‍රියා කළ මැක්‌ග්‍රාත් කොළඹ තරුපහේ හෝටලයකට වී සිදු කළ මෙහෙයුම ගැන හෙළි වූයේ ජනාධිපතිවරණ දිනයේය. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ඔස්‌ටේ්‍රලියානු ලිබරල් පක්‍ෂයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඡේම්ස්‌ මැක්‌ග්‍රාත්ට මෙරට දේශපාලන කටයුතුවලට මැදිහත් විය හැකිද යන්නයි.
කොටින්ගේ ටැමිල් ජස්‌ටිස්‌ නමැති වෙබ් අඩවිය විසින් ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් සම්බන්ධව මෙලෙස හෙළි කර තිබිණි. පසුගිය දෙසැම්බර් මාසයේ සිට මැක්‌ග්‍රාත් ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්‍ෂ සංධානය සමග නිහඬව කටයුතු කරනු ලැබීය. හිටපු හමුදාපතිවරයාව ජයග්‍රාහී මාවතට ගෙන ඒම සඳහා කරුණු දහයක්‌ මත ඔහු ක්‍රියා කළේය. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ස්‌ථාවර රජයක්‌ තිබිය යුතු යෑයි ඔහු කියා සිටියේය.
බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාප් පුවත්පත පෙබරවාරි 2 වැනිදා පුවතක්‌ පළ කරමින් විධායක බලතල ඉවත් කිරීම අගමැතිගේ කටයුතු ස්‌ථාපිත කිරීම සහ ද්‍රවිඩයන්ව නැවත පදිංචි කරවීමේ කටයුතු වේගවත් කිරීම සඳහා ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් පිඹුරුපත් සකස්‌ කළ බව කියා සිටියේය.
මේ නිසා වෙනත් අටුවාටිකා අවශ්‍ය නැත. විපක්‍ෂයේ දේශපාලනඥයකු විසින් ඡේම්ස්‌ මැක්‌ග්‍රාත්ව මෙරටට කැඳවනු ලැබූ බව මෙම ටෙල්ග්‍රාප් පුවත්පත තහවුරු කරද්දී හෙළිවන සැබෑ යථාර්ථය කුමක්‌ද?
ඒ ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් සහ ඔහු පිටුපස සිටි විදේශ බලවේගයි. මෙහිදි මතුවන ප්‍රශ්න මෙසේයි.
* සංචාරකයකු වේශයෙන් මෙරටට සම්ප්‍රාප්ත වූ ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.
මේ නිසා මේ ඔස්‌ටේ්‍රලියානුවාට මෙරටට පැමිණීම තහනම් කළ යුතුය.
ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් මෙරටට සම්ප්‍රාප්ත වී දින ගණනාවක්‌ම සුපිරි හෝටලයක නතර වී රජය පෙරලා දැමීමේ මෙහෙයුම් දියත් කරද්දී බුද්ධි සේවා සිටියේ කොහේද?
ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව තම රටට එන සංචාරකයන්ගේ හා මාධ්‍යවේදීන්ගේ පසුබිම දනී. එහෙත් මෙරට එවැනි පර්යේෂණ අංශයක්‌ නැත. මෙය පුදුමයක්‌ නොවේ.
ගාසා තීරයට ගොස්‌ ඊශ්‍රායල් හමුදාවට එරෙහිව තොරතුරු සෙවූ කැරිනා මිර්ජාම් නමැති ස්‌විස්‌ මාධ්‍යවේදිනියට මෙරටට ඒමට ද ඉඩ ලැබිණි.
මෙම තත්ත්වය මත සංචාරකයන් වේශයෙන් මෙරටට එන විදේශිකයන්ට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඩ ලැබී ඇතැයි පැහැදිලිය.
මාලදිවයිනේ හිටපු ජනාධිපති මයිමු අබ්දුල් ගයුම් වරක්‌ පැවසුවේ අධික මුදලක්‌ ගන්නා සාවද්‍ය තොරතුරු විකාශනය කරන මැක්‌ග්‍රාත් මාලදිවයිනේ මුස්‌ලිම් ආගම අවතක්‌සේරුවකට ලක්‌ කරන බවයි.
මාලදිවයිනේ ජනාධිපති පැන්නීම සඳහා මැක්‌ග්‍රාත් දියත් කළ මෙහෙයුම සාර්ථක විය. පසුගිය 29 වැනිදා ඔහු ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත්තුව පරාද වීම සහ මෙරටින් පිටව ගියේය. ඊට පෙර බ්‍රිතාන්‍ය මාධ්‍ය ඇමතූ ඡේම්ස්‌ මැක්‌ග්‍රාත් රජයේ මාධ්‍ය විසින් ජනාධිපතිට දුන් ප්‍රචාරය නිසා අප විනාශ වුයේ යෑයි කියා සිටියේය.
මෙයට පෙර ලන්ඩන් නගරාධිපති බොරිස්‌ ජොන්සන්ගේ මැතිවරණ උපදේශක ලෙස ක්‍රියා කළ මැක්‌ග්‍රාත් කළු ජාතිකයන්ට ඕනෑ නම් බ්‍රිතාන්‍යයෙන් පිටව යාහැකි යෑයි ප්‍රකාශ කිරීම නිසා එකී ධුරයෙන් ඉවත් කෙරුණි.
මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ජනතාව විසින් පත් කර ගත් ජනාධිපතිව ඉවත් කිරීම සඳහා මෙරටට ගෙන්වූයේ ඡේම්ස්‌ මැක්‌ග්‍රාත්ය. මේ නිසා මතුවන ප්‍රශ්නය නම් සංචාරකයන් වේශයෙන් එන විදේශිකයන්ට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඩ දෙන්නේද යන්නයි.


No comments:

Post a Comment