Friday 5 February 2010

හමුදාව ජෙනරාල්කරණයෙන් යන යකා කොරහත් බිඳගෙන ගියා

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

යන යකා කොරහත් බිඳගෙන ගියා සේ ජෙනරාල් සරත් ෆොන්සේකා ගියේද යුද හමුදාව දෙකඩ කර භේද බින්න කරවමිනි.

ඔහු සියලු ආකාරයේ පාවාදීම් සිදු කරමින් දේශපාලනයට පිවිසීම ගැන ප්‍රශ්නයක්‌ නැත. එහෙත් අවසානයේදී යුද හමුදාව ජාත්‍යන්තරයට පාවාදී ඉන් නොනැවතී යුද හමුදා නිලධාරීන් රැසක්‌ හමුදා කුමන්ත්‍රණයකට පොළඹවාගෙන සිදු කිරීමට සූදානම් වූ මහා විනාශය සහ ඊට එක්‌ව සිටි හමුදා ප්‍රධානීන්ට අද අත්වී තිබෙන ඉරණම පිළිබඳ වගකීම ජෙනරාල් ෆොන්සේකාට භාර ගැනීමට සිදුවී ඇත.ජෙනරාල් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ සටනට සහාය දුන් සහ ඔහුගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමට සූදානම්ව සිටි බවට චෝදනා ලැබ සිටින විශ්‍රාමික හා පැනගිය හමුදා නිලධාරීන් පිළිබඳවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් හමුදා සේවයේ උසස්‌ තනතුරු දරමින් සිටියදී ජෙනරාල් ෆොන්සේකාගේ සහායට කටයුතු කළේ නම් එම හමුදා නිලධාරීන් බරපතල වරදක්‌ කර ඇති බව කිව යුතුය. මෙහි තිබෙන අතිශය බරපතල තත්ත්වය වනුයේ යුද හමුදාවේ දෙවැන්නාගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්‌ම රාජකාරියෙහි නිරතව සිටියදීම හිටපු යුද හමුදාපතිවරයාට සහයෝගයදී හමුදා කුමන්ත්‍රණයක පාර්ශ්වකරුවන් වී සිටින බවට චෝදනා එල්ල වීමයි.
ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙවැනි හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට චෝදනා ලද හමුදා නිලධාරීන් රැසක්‌ම මේ වන විට ආරක්‍ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති. ඔවුන් අතර විශ්‍රාමික හා හමුදාවෙන් පැනගිය මෙන්ම තවමත් සේවයෙහි නිරත හමුදා නිලධාරීහු ද වෙති. ඊට අමතරව ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුකරමින් යුද හමුදාවේ සහයෝගය ලබාදීමේ හමුදා කුමන්ත්‍රණයට රහසිගතව සම්බන්ධ වී සිටි බව කියන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක්‌ පිළිබඳ තොරතුරු ද අනාවරණය වී තිබේ.
මේ වන විට ඔවුන්ගෙන් කොටසක්‌ හමුදා සේවයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වා ඇති අතර, සෙසු අය දරමින් සිටි වගකිව යුතු උසස්‌ තනතුරුවලින් ඉවත්කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇතැයි ද වාර්තා වේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානි (Cයසැෙ දෙ sඒෙෙ) තනතුර උසුලමින් යුද හමුදාවේ දෙවැන්නා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ වහාම එම තනතුරින් ඉවත්කර මේජර් ජෙනරාල් දයා රත්නායක එම තනතුරට පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පියවර ගනු ලැබීය. ඒ සමගම යුද හමුදාවේ ප්‍රධාන තනතුරුද හොබවමින් සිටියදීම රහසිගතව ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දෙමින් ද්විත්ව ඒජන්තයන් (Dදමඉකැ aටැබඑ) ලෙස කටයුතු කළ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්‌ද ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කර වෙනත් තනතුරුවලට මාරුකර තිබේ.මෙම හමුදා කුමන්ත්‍රණයේ ඇති භයානක තත්ත්වය නම් යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානි ස්‌වේච්ඡා බලසේනා සේනාවිධායක , නියෝජ්‍ය මණ්‌ඩලික ප්‍රධානි යුද උපකරණ පාලක ජෙනරාල් සේනාංකාධිපති බලසේනාධිපති අණදෙන නිලධාරි වැනි වගකිව යුතු උසස්‌ තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක්‌ ඊට සහභාගි වී ඇති බවට තොරතුරු හෙළිවීමය.
එම නිලධාරීන් පිළිබඳව බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන් වහාම එම තනතුරුවලින් මාරුකර යෑවීමට පියවර ගන්නා ලදී.
යුද හමුදා ස්‌වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඡම්මික ලියනගේ එම තනතුරින් ඉවත්කර පසුව ඔහු අනිවාර්ය විශ්‍රාම යෑවීමට පියවර ගත් අතර, එම තනතුරට මේජර් ජෙනරාල් අරුණ ජයතිලක පත් කළේය.
යුද හමුදාවේ විධායක ජෙනරාල් (Adවමඒබඑ ඨැබැර්ක) තනතුරු උසුලමින් සිටි ඔහු සිංහ රෙජිමේන්තු අධිපති (ඤකදබැක දෙ එයෑ Reටසපැබඑ) වශයෙන්ද කටයුතු කරයි. සිංහ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනකුම ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී ඔහුගේ උදහසට ලක්‌වී සිටි අතර, මේජර් ජෙනරාල් අරුණ ජයතිලක ද එසේ පලිගැනීමට ලක්‌වූ නිලධාරියෙකි. මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටිය, බ්‍රිගේඩියර් චන්දන බණ්‌ඩාර රාජගුරු, බ්‍රිගේඩියර් බොනිෆස්‌ පෙරේරා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න හිටපු යුද හමුදාපතිවරයාගේ පලිගැනීමට ලක්‌වූ සිංහ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු වෙති.
බ්‍රිගේඩියර් චන්දන බණ්‌ඩාර රාජගුරු කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥපති වශයෙන් පසුගියදා වැඩ භාරගනු ලැබීය. ඒ සමඟ තවත් නව ආරක්‍ෂක සේනා ආඥපති තිදෙනකු පත්කළ අතර, මේජර් ජෙනරාල් මහින්ද සතුරුසිංහ (යාපනය) මේජර් ජෙනරාල් අතුල ජයවර්ධන (මුලතිව්), බ්‍රිගේඩියර් සුසිල් උඩුමලගල (නැගෙනහිර) එම නව ආඥපතිවරු වෙති.
මේ අතර නැගෙනහිර හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රඹුක්‌පොත යුද හමුදා මූලස්‌ථානයේ යුද උපකරණ පාලක ජෙනරාල් වශයෙන් පත්කරන ලදී. කාලතුවක්‌කු රෙජිමේන්තුවට අයත් දක්‍ෂ නිලධාරියකු වන හෙතෙම වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භක සමයේදී කලක්‌ 56 වැනි සේනාංකාධිපති වශයෙන් ද කටයුතු කළේය. නව තනතුරට අමතරව මේජර් ජෙනරාල් රඹුක්‌පොත කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති ලෙසද පත්කර ඇත.
එවක ජගත්ලා තිදෙනකුගේ නායකත්වය වන්නි මානුෂීය මෙහෙයුමට ලැබී තිබිණි. වන්නි මෙහෙයුමේ අවසන් විජයග්‍රහණය දක්‌වා වන්නි ආරක්‍ෂක සේනා ආඥපති වශයෙන් සේනාංක සියල්ලටම සමස්‌ත නායකත්වය දුන් වත්මන් යුqද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ඉන් එක්‌ අයෙකි.
වන්නි මෙහෙයුම අවසානය දක්‌වා 57 වැනි සේනාංකයට නායකත්වය දුන් මේජර් සේනරාල් ජගත් ඩයස්‌ අනෙක්‌ ජගත් විය.
ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත්කිරීම සඳහා සැලසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධවී ඇතැයි සැක කෙරෙන සක්‍රීය හමුදා සේවයේ නිරතව සිටි හමුදා නිලධාරීන් 14 දෙනකු අනිවාර්ය විශ්‍රාම යෑවීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් අතර සිටින බ්‍රිගේඩියර්වරයකු මේ වන විට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රහස්‌ පොලිසිය භාරයේ පසුවෙයි. සිංහ රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන එම බ්‍රිගේඩියර්වරයා වන අතර, ජෙනරාල් ෆොන්සේකා යුද හමුදාපති තනතුර හෙබවූ සමයේ බ්‍රිගේඩියර් කැප්පෙට්‌වලාන ඉතා ප්‍රබල හමුදා චරිතයක්‌ බවට ප්‍රකටව සිටියේය.
මේජර් ජෙනරාල් ඡම්මික ලියනගේ (කාලතුවක්‌කු), මේජර් ජෙනරාල් රාජිත සිල්වා (විජයබාහු), මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක (ඉංජිනේරු), මේජර් ජෙනරාල් ජයනාත් පෙරේරා, (සිංහ) මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්‌ඩාර (කමාන්ඩෝ) බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන (සිංහ), බ්‍රිගේඩියර් අතුල හැන්නැදිගේ (සිංහ), බ්‍රිගේඩියර් ජනක මොහොට්‌ටි (සිංහ), බ්‍රිගේඩියර් බිමල් ඩයස්‌ (යුද හමුදා පොලිසිය), බ්‍රිගේඩියර් වසන්ත කුමාරපෙරුම (සිංහ), කර්නල් තිලක්‌ උභයවර්ධන (යුද හමුදා පොලිසිය) ලුතිනන් කර්නල් ජයසූරිය සහ කපිතාන් ක්‍රිශාන්ත අනිවාර්ය විශ්‍රාම යෑවූ හමුදා නිලධාරීහු වෙති.
මෙම නිලධාරීන්ට අමතරව තවත් හමුදා නිලධාරීන් රැසක්‌ පිළිබඳව තොරතුරු බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇති අතර, දැනට තනතුරුවලින් මාරුකර යවා සිටින එම නිලධාරීන් පිළිබඳ ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.
ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය දැක්‌වූ බවට සහ හමුදා කුමන්ත්‍රණයකට සූදානම්ව සිටි බවට සැක කෙරෙන හමුදා ප්‍රධානීන් රජයට සහ යුද හමුදාපතිවරයාට විශ්වාසවන්ත අයුරින් කටයුතු කළ බැවින් ඔවුන්ට උසස්‌ වගකිවයුතු තනතුරු ලබාදීමට ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පියවර ගෙන තිබිණි.
එසේ තිබියදී එම නිලධාරීන් ද්විත්ව රඟපෑමක නිරතව මිරිඟුවක්‌ පසුපස දිවගොස්‌ අවසානයේදී සිය හමුදා ජීවිතයද අවදානමකට ලක්‌කරගෙන අද රාජෙද්‍ර`හීන් බවට පත්ව සිටීම ෙ€දජනක තත්ත්වයකි.
හමුදා මාණ්‌ඩලික ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ එම තනතුරින් ඉවත්කර මේජර් ජෙනරාල් දයා රත්නායක එම තනතුරට පත්කරන ලදී.
බඳවාගැනීම් අංක 13 යටතේ 1980.02.06 වැනි දින කෙඩෙට්‌ නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳුන හෙතෙම 1981.07.18 වැනි දින දෙවන ලුතිනන්වරයකු ලෙස පාබල රෙජිමේන්තුවට එක්‌විය.
මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට පත්වන එම මේජර් ජෙනරාල් රත්නායක පුනරුත්ථාපන කොමසාරිස්‌ ජෙනරාල් වශයෙන් සහ පාබල රෙජිමේන්තුවේ අධිපති වශයෙන් කටයුතු කරමින් සිටියේය.
නැගෙනහිර මානුෂීය මෙහෙයුම ඇරඹෙන විට වැලිකන්ද 23 වැනි සේනාංකාධිපතිව සිටි ඔහු නැගෙනහිර මුදා ගැනීමේ විජයග්‍රහණයට නායකත්වය දුන් අතර පසුව ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පලිගැනීමට ලක්‌වීම නිසා ඔහුට 23 වැනි සේනාංකාධිපති තනතුර අහිමි විය. එහිදී ඔහුට සිදු වූයේ සටන් බිමට නායකත්වය දීම පසෙකලා උතුරු ප්‍රදේශයේ ඉදිරි නඩත්තු ආඥපති ලෙස කටයුතු කිරීමටය.
දක්‍ෂ සටන් බිම අණදෙන්නකු ලෙස යුද හමුදාව තුළ පිළිගැනීමට ලක්‌වී සිටි මේජර් ජෙනරාල් දයා රත්නායකට එසේ සටන් බිමින් ඉවත්වී සිටීමට සිදු වුවද, කලකට පසුව හෝ සිය දක්‍ෂතාවට සහ කැපවීමට සුදුසු පරිදි සාධාරණය ඉටුවීම සතුටට කරුණකි.
එය එසේ සිදුවන අතරේ යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ, නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් උපුල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්‌ඩලික මේජර් ජෙනරාල් ශ්‍රීනාත් රාජපක්‍ෂ යන ජෙZHෂ්ඨ නිලධාරීන්ටද සිය තනතුරු අහිමිව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි මාණ්‌ඩලික ප්‍රධාන මූලස්‌ථානයට මාරුවී යැමට සිදුවී ඇත.
රටේ ජාතික ආරක්‍ෂාවට සෘජුවම බලපාන විශාල අර්බුදයක්‌ යුද හමුදාව තුළ ගොඩනැඟීමට මෙරට බලලෝභී දේශපාලනය හේතුවී තිබීම අවාසනාවන්ත තත්ත්වයක්‌ බව අප සැම වටහාගත යුතුව ඇත.






No comments:

Post a Comment