Wednesday 10 February 2010

විශ්‍රාමික ජනරාල් අත්අඩංගුවට ගැනීම!

කීර්ති වර්ණකුලසූරිය.
නීති විරෝධී ඉඩම් ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් ඉන්දීය ජනරාල් අවදේශ් ප්‍රකාශ් අත්අඩංගුවට ගත්තා.

- ඉන්දීය හමුදාපති දිපක්‌ කපූර්
මානව හිමිකම් ක්‍රියාකාරිකයකුට හමුදා රහස්‌ සැපයීමේ සිද්ධියක්‌ මත බ්‍රිතාන්‍ය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් ඕවන් මැක්‌හෙල් අත්අඩංගුවට ගෙන ඇත.- බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාප් පුවත්පත රාජ්‍ය රහස්‌ සැපයීම සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිලධාරි ලුතිනන් කර්නල් නිජල් වයිල්ඩ්ට චෝදනා එල්ල වේ.
ගාඩියන් පුවත්පත
ඔස්‌ටේ්‍රලියානු ප්‍රකාශකයකුට රහස්‌ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඵ-1-6 ඔත්තු සේවාවේ හිටපු නිලධාරි රිචඩ් කොම්පන්ට හයමසක සිර දඬුවමක්‌
- ගාඩියන් පුවත්පත
චීන හමුදා නිලධාරියකු වූ හුවා ඇමරිකාවට රාජ්‍ය රහස්‌ ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
යුද රහස්‌ ඊශ්‍රායලයට සැපයීම සම්බන්ධයෙන් ඇමරිකානු හමුදා බලධාරීහු චෙන් අවි නමැති හමුදා ඉංජිනේරුවා අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු ජනරාල් අත්අඩංගුවට ගැනීම ගැන කනගාටුව පළකරනවා.
- ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පිලිප් ක්‍රව්ලි
හමුදාපති පර්වේස්‌ මුෂාරෆ් වැරදි ක්‍රියා රැසක්‌ සිදුකළා
- හිටපු පකිස්‌තාන අගමැති නවාස්‌ ශරීෆ්
හිටපු විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා පසුගිය සඳුදා කළ ප්‍රකාශයක්‌ ලන්ඩනයේ බී. බී. සී. සේවාව මගින් විකාශනය කෙරුණි. එහි සඳහන් වුයේ තමා කිසිවෙක්‌ බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ නැති බවත්, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයකදී යුද අපරාධ චෝදනා ගැන හෙළි කිරීමට සූදානම් බවයි.
මේ හිටපු හමුදා නිලධාරියා යුද අපරාධ ගැන සාක්‌කි දීමට සූදානම් වන්නේ කලක්‌ තමා මෙහෙයවූ යුද හමුදාවට ය. තමාගේ මව්බිමට එරෙහිවය.
මේ නිසා හිටපු ජනරාල්ගේ සැබෑ ස්‌වරූපය දැන් අනාවරණය වී ඇත.
ඊශ්‍රායලයේ විශේෂ බළකායේ හිටපු ප්‍රධානියකු වූ එහුද් බරක්‌ කාන්තාවක්‌ සේ වෙස්‌ වලාගනිමින් ප්‍රහාරක කණ්‌ඩායමක්‌ සමඟ ලෙබනනයට ගොස්‌ ජර්මනියේ මියුනිච් හි මිලිපෙක්‌ ක්‍රීඩාංගන සංකීර්ණයේදී මැරුම් කෑ ඊශ්‍රායල් ක්‍රීඩකයන්ගේ මරණවලට වගකිව යුතු පලස්‌තීන ත්‍රස්‌තයන් මරා දැමීය. ලෙබනන් රජය මේ ගැන ඊශ්‍රායලය වෙත විරෝධය පළකළත් කිසිම හමුදා නිලධාරියෙක්‌ එහුද් බරක්‌ට එරෙහිව යුද අපරාධ සාක්‍ෂි කීමට ඉදිරිපත් වූයේ නැත.
එහෙත් කොටි සංවිධානය වැනසීමට ක්‍රියා කළ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර ප්‍රජාව අතර අවමානයකට ලක්‌ කිරීමේ අරමුණින් හිටපු විශ්‍රාමික ජනරාල්වරයා මාධ්‍යවලට කර ඇති ප්‍රකාශයේ ප්‍රතිවිපාක ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වන විමර්ශනයෙන් සනාථ වේ.
මේ විශ්‍රාමික ජනරාල්ගේ ප්‍රකාශයත් සමඟම ජාත්‍යන්තර කොටි ජාලය අත්පොලසන් දී ඇති බව පැහැදිලිය. මෙය සනාථ වන්නේ කොටින්ට ආයුධ සැපයීමට අරමුදල් සැපයූ කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රධානි ඩේවිඩ් පූපතිපිල්ලෙයි කළ ප්‍රකාශයකිනි.
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුව යුද අධිකරණය වෙත ගෙන ඒමට රජය ක්‍රියාකරනවා. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාව ආර්ථික සම්බාධක පැනවිය යුතු යෑයි ප්‍රපතිපිල්ලෙයි කියා සිටියේය.
එහෙත් මේ කොටි ඒජන්තවරයා එදා පැවසුවේ විශ්‍රාමික ජනරාල්ව ද ජාත්‍යන්තර අධිකරණ වෙත ගෙන ආ යුතු බවයි. මේ අතර ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ද හිටපු ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීම ගැන කම්පා විය.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රව්ලි ද කම්පනයට පත්වී විශ්‍රාමික ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීම ගැන කනගාටුව පළකරන බව කියා සිටියේය. එහෙත් අතීතය සිහිපත් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සිට පකිස්‌තානය බලා යන අතරේ එවකට පකිස්‌තානයේ අගමැති නවාස්‌ ශරීප් විසින් නියෝග කරනු ලැබීය. එපමණක්‌ ද නොවේ ශරීප්ගේ යානාව කරච්චියට ගොඩබැස්‌සීම වළක්‌වා එය කඩා වැටීමට සැලසුම් කළ බව ද පසුව අනාවරණය විය.
එහෙත් ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය ඒ ගැන කනගාටුව පළ කළේ නැත. බ්‍රිතාන්‍යයේ අගමැතිනියව සිටි මාග්‍රට්‌ තැචර්ගේ පුත්‍රයා අවි ආයුධ ජාවාරමක්‌ සම්බන්ධයෙන් ද සිම්බාබ්වේ රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුනි.
එසේ වුවත් ජාත්‍යන්තර ප්‍රජාව නිහඬ විය.
මේ තොරතුරු මැද පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඇෆ්ගනිස්‌ථානයේ ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් මැක්‌හෙලි බ්‍රිතාන්‍ය යුද හමුදා බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක්‌ වාර්තා විය. ඔහු ඇෆ්ගනිස්‌ථානයේ මානව හිමිකම් කණ්‌ඩායමක සේවය කළ කාන්තාවකට බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව හෙළිකර ඇත. මේ නිසා මෙම රහස්‌ තොරතුරු හෙළිවූයේ කෙසේද යන්න ගැන ඇෆ්ගනිස්‌ථානයේ ඇමරිකානු ජනරාල්වරුන්ට පවා ප්‍රශ්නයක්‌ වී තිබේ.
මේ සිද්ධියට පෙර ඇෆ්ගනිස්‌ථානයේ නේටෝ හමුදාවල භාෂා පරිවර්තක ලෙස ක්‍රියා කළ කෝප්රල් ඩැනියෙල් ෙ-ම්ස්‌ ඉරාන හමුදා නිලධාරියකුට රහස්‌ විද්යුත් ලිපි මගින් හමුදා රහස්‌ සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. එසේම ඇමරිකානු බලධාරීහු මෑතකදී නාවික හමුදා රහස්‌ පිට කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා විශේෂඥයකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකානු හා බ්‍රිතාන්‍ය විපක්‍ෂය හඬනැඟුවේ නැත. මෙම තත්ත්වය මත හිටපු විශ්‍රාමික ජෙනරාල්වරයා යුද අපරාධ ගැන තොරතුරු ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන බවට කළ ප්‍රකාශය තමාගේම හමුදාව හා මව්බිම පාවාදීමක්‌ නොවන්නේද?
මාධ්‍ය අඳබාලයකු විසින් ඔහුට කී කේලමක්‌ හේතුවෙන් එකී කේලම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමෙන් හිටපු ජෙනරාල් කර ඇත්තේ මුළු රටේම නාමයට බරපතල හානියක්‌ නොවන්නේද?
ගල්ෆ් යුද්ධයේදී ඇමරිකානු ජනරාල් ග්වැස්‌කෝප්ගේ හමුදා ඉරාක සිරකරුවන් බංකර්වලට වැළලී පණපිටින් වැළලීමට ක්‍රියා කළ බවට චෝදනා එල්ල විය. එහෙත් ජෙනරාල් ග්වැස්‌කෝප් එවකට සිටි ජනාධිපති ජෝර්- බුෂ් යුද අපරාධ කළේ යෑයි කියමින් ජාත්‍යන්තර අධිකරණවලද සාක්‍ෂි දීමට ඉදිරිපත් වූයේ නැත.
හිටපු විශ්‍රාමික ජෙනරාල්ව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී නැගෙන ප්‍රශ්නය නම් ඔහු රටේ නීතියටත් පිටින් සිටින්නේද යන්නය. ප්‍රභාකරන් නම් වූ ඝාතකයා සිතුවේ ද තමා නීතියට උඩින් සිටින බවයි
හිටපු විශ්‍රාමික ජනරාල්වරයා වරදක්‌ කර ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. මේ අතර හිටපු ජෙනරාල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 129 (1) දරන යුද හමුදා පනතේ 57 (1) වගන්තිය යටතේ ය.
යුද හමුදා සේවාවෙන් විශ්‍රාම ලැබීමෙන් පසු මාස හයක්‌ තුළ හමුදා නිලධාරියකුට එරෙහිව ක්‍රියා කළ හැකි වේ.
විශ්‍රාමික ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට ගිය යුද හමුදා පොලිසියේ ප්‍රධාන බ්‍රිගේඩියර්වරයා චෝදනා කුමක්‌ දැයි ප්‍රකාශ කර ඇත.
මේ චෝදනා නම්, නිල ඇඳුමින් යුක්‌තව දේශපාලන කටයුතු කිරීම, සේනාධිනායකයාට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, හමුදාවෙන් පැනගිය සෙබළුන්ට රැකවරණය සැලසීමයි.
හිටපු ජනරාල් සමඟ ඔහුගේ ලේකම් ලෙස ක්‍රියාකළ කපිතාන් ෂාන් සිල්වා ද අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට චැනල් ෆෝ රූපවාහිනියට වීඩියෝ පටයක්‌ සැපයූ ජර්මනියේ ෙ-. ඩී. එස්‌. (Jගෘගී) නම් වූ කොටි හිතවාදී මාධ්‍ය සංවිධානය පුවතක්‌ විකාශය කරමින් හිටපු විශ්‍රාමික ජෙනරාල් සමඟ ඔහුගේ මාධ්‍ය ලේකම් ෂාන් සිල්වා අත්අඩංගුවට ගත් බව කියා සිටියේය.
මින් ෙ-. ඩී. එස්‌. සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නීමට උත්සාහ කළේ මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමට රජය ක්‍රියා කර ඇති බවයි.
මෙම විශ්‍රාමික ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට පෙර මෙරට මාධ්‍ය නිදහස භයානක තත්ත්වයකට පත්ව ඇතැයි නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම කියා සිටියහ. මාධ්‍ය නිදහස යනු ආරක්‍ෂක ලේකම්වරයා, කොටින්ව මරන්න යෑයි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සැපවූ බවට මාධ්‍ය අඳබාලයකු විසින් හිටපු ජෙනරාල්ට කේලමක්‌ කීමද? එසේම ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් මරන බව දක්‌වමින් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනියට සාවද්‍ය වීඩියෝ පටයක්‌ යෑවීමත් මාධ්‍ය නිදහස ද?
මේ මාධ්‍ය කේලම නිසා ශ්‍රී ලංකා හමුදාවට මේ වසරේ විදේශ රටවලින් ලැබිය යුතු පුහුණුවීම් ද නතර වී තිබේ. එසේම මහජන මුදල් විනාශ කරමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවීපිල්ලේ හමුවේ කරුණු දැක්‌වීමට ද රජයට සිදුවී ඇත.
හිටපු විශ්‍රාමික ජෙනරාල්ගේ භූමිකාවට මේ සියලුම කරුණු ඇතුළත් ය. මේ නිසා හිටපු ජෙනරාල් යුද හමුදා පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන තවදුරටත් අටුවාටීකා අවශ්‍ය නැත. ලෝකයේ බලවත් රටවල හමුදා බලධාරීහු තම රටේ රහස්‌ තොරතුරු හෙළිකර නිලධාරින්ට ක්‍රියාකරන අයුරින් ශ්‍රී ලංකාවට ද එලෙස ක්‍රියා කිරීමේ හිමිකම ඇත.
එසේම කොටි රූකඩය වූ ලන්ඩනයේ බී. බී. සී. සේවාවට ප්‍රකාශයක්‌ කළ විපක්‍ෂ දේශපාලනඥයකු පැවසුවේ හිටපු ජෙනරාල්ව හමුදා පොලිසිය විසින් ඇදගෙන ගිය බවය.
එහෙත් මෙයට වසර ගණනකට පෙර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රහස්‌ පොලිස්‌ නිලධාරීන් දොඩම්පේ මුදලාලි සහ කෝප්‍රරල් තිලකවර්ධනව රහස්‌ පොලිසියට ගෙන ගියේ සුව පහසු පුටුවල හිඳුවා කරපිටින් ද යන්න විමසිය යුතුව ඇත.



No comments:

Post a Comment