Thursday 4 February 2010

මරණය

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
ශ්‍රී ලංකාද්වීපයේ පාලනයේ උරුමය සදහා පැවති මැතිවරණය නිමාව ඇත. විපක්ෂය, බටහිරට පක්ෂව, මෙරට ජනතාවට විපක්ෂව සෘජුවම සටන ආරම්භ කලහ. රූකඩ කලාවට සම්බන්ධ සුප්‍රකට නගරයක්වූ අම්බලන්ගොඩින් මතුකරගත් මේ රූකඩය; සුපිරිසිදු හංසයකු සේ හුවා දක්වමින් ප්‍රතිගාමීන් රට පුරාම සැරි සැරූහ. මේ හංසයා ගරු ගාම්බීර ලෙස රට පුරා සැරිසරමින් ජනතාව අමතන විට ජනතාවට විශාල අමුත්තක් හැගිණ. සැබෑ ලෙසම මේ ඉන්නේ හංසයකු නොව, හංස රුවක් මවාගත් වෙනත් භයානක සත්වයකු බව වැටහිණි.මේ සත්වයා මරණය දුටුවේ මහ භයා‍නක සංසිද්ධියක් ලෙසය. තමා මරණයට භය නිසා අනිකුත් අයත් ඒ ආකාරයෙන්ම භයක් දක්වනවා ඇතැයි ඔහු සිත තුල තිබුණ ප්‍රබල සිතුවිල්ලක් විය. උපතින්ම රුගෙන එන මරණයට බිය මේ සත්වයා, එය තම දේශපාලන ප්‍රතිවාදීන්ට උරුම කරදීමට ඉටා ගත්තේය. කලාපයේ ත්‍රස්තවාදය පැතිරවීම ප්‍රභාකරන්ගේ මරණයත් සමගම නතරවීම හරහා මහත් දුෂ්කරතාවයකට මුහුණදී සිටි බටහිර අධිරාජ්‍යවාදීන්ද මේ කාර්යයේදී මේ සත්වයා සමග සෘජුවම සිට ගත්හ.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ මෙරට දේශප්‍රේමීන්ව දස ලක්ස ගනනින් මරා දැමීම අරමුණු කරගත් ව්‍යාපෘතියට තිතක් තැබුණේ කොහොමද? ස්වභාව ධර්මයේ යාන්ත්‍රණය සම්බන්ධව බිදකුදු අවබෝධයක් නැති මේ ඝාතක පරපුරට මෙය මහා ප්‍රශ්නයක් විය. සරත් ‍ෆොන්සේකා මහතාගේ ආත්මීය කාර්යය භාරය මෙරට දේශප්‍රේමීන්ව සුදු අධිරාජ්‍යවාදීන්ට පාවාදීමයි. එදා පුරන්අප්පුව බදලා කුදලා සුද්දාට අල්ලා දුන්නා සේ, මෙදා එම විරුවන්ගේ පුණර්භවයන්ද බදලා කුදලා ඝාතනයට ලක් කිරීමට ගත් උත්සහයය ලත් තැනම ලොප් කිරීමට මෙරට සිටි අතීත රණ විරුවන්ගේ ප්‍රතිමූර්තීන්ට මෙදා මනාව හැකිවිය.
මෙරට දේශප්‍රේමීන්ට මරණය හොදට හුරුපුරුදුය. අතීත රණවිරුවන් හා බද්ධ මේ පරපුර සියලූම ආකාරයේ මරණයන් ඉතා හොදින් හදුනයි. මේ මරණයන් අතරින් ඔවුන් ඉතා අගය කරන්නේ ශ්‍රෙෂ්ඨ මිනිසුන් වශයෙන් ඔවුන් ලබන ඔවුනට හිමි මරණයයි. ඒ මරණය උදෙසාම ඔවුන් තව තවත් මේ රටට ජාතියට බද්ධව කටයුතු කරන්න පෙලඹේ. මේ මෙරට සකල දේශවාසී සියලු දේශප්‍රේමීන්ගේ පණිවුඩයයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මෙරට රණ විරුවන් අපේක්ෂා කරන්නේද මෙවන් මරණයකි. මෙරට පැලපදියන්ව සිටි බටහිර සුපිරි නිශ්පාදනයක්වූ ලෝකයේ විශ්මිතයයිද, අති ප්‍රබල යයිද, අපරාජිතයයිද හඩගා ආසියාකරයේ ස්ථාන ගත කල කොටි සංවිධානය කඩදාසි ගුලියක්සේ කඩා විසුරුවා හල ඔවුනව අමරණීයත්වයට පත්වී හමාරය.
සරත් ෆොන්සේකලා සෝමවංශ අමරසිංහලා තම විදේශ ගත දූ දරුවන්ගේ වියදමට අවශ්‍ය මුදල් අපේක්ෂාවෙන් බටහිරට අවශ්‍ය කරන මිනී මස් සැපයීමේ කොන්ත්‍රාත්තුව මෙරට දේශප්‍රේමීන්, අවලංගු කල බව වටහා ගැනීමට තරම් බුද්ධියක් ඇති ජනතාවක් මෙරට සිටී.
බටහිර ජාතීන්ට ඉඩි අමීන්ලාට හා බොකාසාලාට වඩා මිණී මස් අවශ්‍ය කරන අතර, ඒ අවශ්‍ය කරන මිනී මස් සැපයීමේ කටයුතු සම්පාදනය කිරීම බටහිර තානාපතිලාගේ ප්‍රධාන කාර්යය භාරය වේ. මේ අනුව ඔවුනගේ සා පිපාසාවන් උදෙසා හිරෝෂීමා හා නාගසාකි වල අහිංසක ජනතාව ක්ෂණිකව 150,000 ක් ඝාතනය කලහ. ඊට අමතරව, කොරියානු යුද්ධයේදී මිලියන දෙකකට වැඩි පිරිසක්ද, වියට්නාම් යුද්ධයේදී මිලියන තුනකට අධික ජනතාවක් ඝාතනය කලහ. තවද කාම්බෝජය, ලාවෝසය තුල විවිධ කුප්‍රකට ක්‍රම වේදයන් මාර්ගයෙන් තව මිලියන තුනකට අධික ජන සංහාරයක් කල දේ ඝාතකයෝ; ජෙනරාල් සුහර්තෝ බලයට පත්කර මිලියන දෙකහමාරක්වූ ඉන්දුනීසියානු ජනතාව; 1988-1989 අප මෙරට දුටු ආකාරයේ සංහාරයකට භාජනය කලහ. 1988- 1989 යුගයේදී, දකුණු අප්‍රිකාවේ විමුක්ති ව්‍යාපාරය මර්ධනය කිරීම සදහා භාවිතා කල ගෝනි බිල්ලා සංකල්පය හා සමූහ ඝාතන තාක්ෂණය මෙරට හමුදාවන්ට හදුන්වාදී මෙරට 60,000ක මිනිස් සංහාරයකට දායක වූ මේ බටහිර ඝාතකයෝ, මේ වන විට ඔවුනට අවශ්‍ය මිනීමස් සපයා ගන්නේ, ඇෆ්ගනිස්ථානය හා ඉරාක යෙනි. මේ කෙටි කාලය තුලදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මානසික පරිභෝජනය සදහා පමණක් ඉරාක අහිංසක ජනතාව කුඩා දරුවන් හා ගැඹිණි මව් වරු ඇතුලුව 700,000 ක් ඝාතනය වී හමාරය. නිවැරදිව හදුනා නොගත් විශාල සංඛ්‍යවක් ඇෆ්ගනිස්ථානයේද ඝාතනය වී හා ඝාතනය කරමින් පවතී. මේ සියලූම මරණ හමුවේ කුඩු වලින් මත්වූවෙකු සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරුවත්ව බලා සිටින අතර; මරණය යනු මහා දඩුවමක් සේ සිතා ලෝකය පුරා සිටින විමුක්තිකාමී ජනතාවට, මරණය බෙදා හරිමින් සිටී.
අපගේ අතීත විරු රජවරු හා විරු සෙනෙවියන් අප අතර ගැවසෙන බව අප දන්නෙමු. ඔවුනගේ සුවද හදුනන්නෙමු. ඒ පරපුර අතර ජීවත්වෙන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රණවිරුවන් ඇතුලු මෙරට 6,015,934 චන්ද දායකයින් සංඛ්‍යාවක් මෙරට සිටීමම අප ලැබූ භාග්‍යයකි. අප කිලිටි කර නොගත යුත්තේද මේ සංඛ්‍යාවයි. රැකගත යුත්තේද මේ සංඛ්‍යාවයි. අමරණීයත්වයට පත්කර ගතයුත්තේද මේ සංඛ්‍යාවයි.
මෙරට වර්තමාන ඉතිහාස‍යේ රට පාලනය කල දේශපාලන නායකයින් වන ඩී. එස්. සේනානායක මහතා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණඩාරනායක මහතා,හා සිරිමා බණ්ඩාරනායක මහත්මිය හා ඩඩ්ලි සේනානායක මහතා යන හිටපු පාලකයින් හැර අනිකුත් පාලකයින් සියලු දෙනාම සැබෑ ලෙසම මියගොස් හමාර වන අතර, ඒ පරපුරේ දැනට ජීවතුන් අතර සිටින එකම නායිකාවද ජීවත් වන මලකදක් බවට පත්ව සිටීම, මරණය යනු කුමක්දැයි හදුනා ගැනීමට හොදම සාධකයයි.





No comments:

Post a Comment