Tuesday 2 March 2010

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන හමුදා බුද්ධි අංශ සෙබළු 58 කගෙන් ප්‍රශ්න කරයි! රහසිගත දුරකථන අංක 5 ක්‌ ද සොයාගනී

හේමන්ත රන්දුණු-දිවයින

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් 58 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව ත්‍රස්‌තවාදී විමර්ශන අංශ ආරංචි මාර්ග පවසයි.මෙම සෙබළු සියලු දෙනා මේ වන විට ඔවුන් රාජකාරි කරන හමුදා කඳවුරුවල රඳවා සිටින අතර ඉදිරි දිනවලදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

යුද හමුදා බුද්ධි අංශය භාරව සිටි මේජර් ජනරාල්වරයකු මේ වන විට ත්‍රස්‌තවාදී විමර්ශන අංශය භාරයේ සිsටින අතර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.
ප්‍රශ්න කිරීමට නියමිතව සිටින හමුදා බුද්ධි අංශ සෙබළුන් සියලු දෙනා මෙම මේජර් ජෙනරාල්වරයා යටතේ රාජකාරි කළ සෙබළුන්ය.
මේ අතර මෙම ඝාතනය සිදු කළ සංවිධානාත්මක කණ්‌ඩායම භාවිත කළ බවට සැකකරන රහසිගත ජංගම දුරකථන අංක 5 ක්‌ රහස්‌ පොලිසිය මගින් සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස විමර්ශන කරගෙන යයි.
දැනට හෙළිවී ඇති තෙරතුරුවලට අනුව මෙම රහසිගත දුරකථන අංකවල සිම් කාඩ් පත් ලබාගෙන ඇත්තේ පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසලකිනි. එම සිම් කාඩ්පත් නිකුත් කර ඇත්තේ නුවරඑළියේ දෙමළ ජාතිකයකුට බව හෙළිකරගත් රහස්‌ පොලිසිය එම දෙමළ ජාතිකයාගෙන් ප්‍රශ්න කර තිබිණි.
එහිදී හෙළිවී ඇත්තේ එම දෙමළ ජාතිකයාගේ ජාතික හැඳුනුම්පත අස්‌ථානගත වී ඇති බවත් එම හැඳුනුම්පත යොදාගෙන මෙම ජංගම දුරකථන සිම් කාඩ්පත් ලබාගෙන ඇති බවත්ය.
වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්‌වන තුරුම මෙම දුරකථන අංක ක්‍රියාත්මක වී ඇති අතර ඝාතනයෙන් පසුව මේ වනතුරු ඒවා කිසිවකු විසින් පාවිච්චි කර නැති බව ද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

No comments:

Post a Comment