Tuesday 9 March 2010

වැරැදුණු කුරුමානම

කීර්ති දුනුවිල-දිනමිණ
දේශීය කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, දේශද්‍රෝහී කුමන්ත්‍රණ එකී නොකී විවිධාකාර කුමන්ත්‍රණ කතා අපට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ අසන්නට, දකින්නට ලැබුණි. සමහරු මේ කතාවලට හිනා විය. තවත් සමහරු ඒවා ගැඹුරින් සිතන්නට විය. ඇත්තටම ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ තිබේද ? තිබේ නම් ඒවා මොනවාදයන්න රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් විය.අපගේ මතය නම් පසුගිය ජනාධිපතිවරණයේදී එකී මෙකී නොකී කුමන්ත්‍රණ රාශියක් ක්‍රියාත්මක වූ බවයි. ඒවා විවිධාකාරයෙන් ලාංකේය භූමිය තුළ ක්‍රියාත්මක කරන්නට අධිරාජ්‍යවාදීන් උත්සහ ගත්තේය. වැඩිදෙනෙකු කුමන්ත්‍රණ කී පමණින් සිතා සිටින්නේ අවි ආයුධ ගෙන මිනිසුන් ඝාතනය කිරීම නැතිනම් වස විස පානය කරන්නට දී ජීවිත විනාශ කිරීම යනාදී දේ එහෙත් ඒවා යල්පැනගිය, අතිශය ප්‍රාථමික කුමන්ත්‍රණයන් ය.



රටක් දුර්වල කිරීමට, රටක් බේද, කිරීමට හා ජාතියක් විනාශ කිරීමට ජාත්‍යන්තරව කරන කුමන්ත්‍රණවල හැඩතල ඊට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගනී. එය විටෙක රළුය. තවත් විටෙක ඉතා සංවේදී ය. විටෙක ණයට දෙයි. තවත් විටෙක ආධාර දෙයි. එනිසාම මෙකී කුමන්ත්‍රණ ඉතා හොඳින් තේරුම් ගනිමින් කළමනාකරණය කරගත යුතුයි.
විශේෂයෙන් ම බටහිර ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් සහ යටත් විජිතකරණයේ පියවරුන් උත්සහ ගන්නේ තුන්වැනි ලෝකයේ අප වැනිම රටවල් නිරන්තරයෙන් සූරා කෑමට බව ඉතා පැහැදිළිය. සමහර දේශපාලන නායකයන් එය නොදුටුවන් සේ සිටිනවා. පමණක් නොව තම දේශපාලන අනුගාමිකයන්ට ද එවැන්නක් සිදු නොවන බවට අවධාරණය කරන්නට උත්සාහ ගනිමින් සිටි තවත් දේශපාලඥයන් තමන්ගේ අවස්ථාවාදී දේශපාලන වුවමනා වෙනුවෙන් මෙවැනි දේ දකිමින් නොදැක්කා සේ ඉන්නට කටයුතු කරති. එය ඉතා භයානක තත්ත්වයකි.
අපට දේශපාලනය කරන්නට රටක් ජාතියක් ඉතිරි කර ගත යුතුය. අනාගත පරපුරක් උදෙසා යහපත් සංස්කෘතික පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම කිසිදු දේශපාලන නායකයකුට තම උර හිස මතින් පහත හෙළිය නොහැකි ය. තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් නිමාකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය විෂකුරු ත්‍රස්තවාදයෙන් මුදාගත්තේය.
මේ රටේ විවිධාකාරයේ රාජ්‍ය නායකයන් පහළ විය. එහෙත් කොන්ද කෙළින් තබාගෙන තීරණගත හැකි රාජ්‍ය නායකයන් බිහි වූයේ නැති තරම් ය. ජනතා විමුක්ති පෙරමුණ අද දේශපාලන පක්ෂයකට වඩා පුද්ගල රංචු ගැසීමක් ලෙස නිර්වචනය කළ හැකි ය. ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව විසින් එය ඉතා නිවැරැදිව තහවුරු කරනු ඇතැයි අපේ විශ්වාසයයි. රනිල් වික්‍රමසිංහ මහතා 1994 දී සිදුවූ පරාජයේ සිට මේ දක්වා පක්ෂය ප්‍රතිසංවිධානය කළේය. ඉදිරි මහ මැතිවරණ පරාජයෙන් පසුවද එතුමා විපක්ෂ නායකයා වශයෙන් දිගටම පක්ෂය ප්‍රතිසංවිධානය කරනු ඇත.
විරුද්ධ පාක්ෂික නායකයන් මේ දිනවල වේදිකා මත නැග ආණ්ඩුවට අවලාද නගයි. පට්ටපල් බොරු ප්‍රවාද මවා ජනතාව රැවටීමට උත්සහ ගනී.
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වැනි දේශීයත්වයට ගරුකරන සිංහල බෞද්ධ නායකයකුගෙන් එය කෙසේවත් කරගත නොහැකිය. එසේ නම් ඔවුන් වෙනත් විකල්ප සඳහා වහ වහා මාරු විය යුතුය. පසුගිය ජනාධිපතිවරණයේදී අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ සාම්ප්‍රදායික දේශීය නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මදකට පස්සට ගෙන අලුත් ඒජන්තයකු එව්වේය. ඒ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මහතාය.
එහෙත් ඔහු පළමු වටයෙන්ම සිය කොළය ඉරාගත්තේය. නොදන්නා දෙමලෙට ගොස් වරිගයා නසා ගත්තේය. අනුන්ගේ පව් කරගසන්නට ගොස්, වරද්දාගෙන දැන් කල්පනා කරමින් සිටී.
එබැවින් කුමන්ත්‍රණ පරාජය කොට ජාත්‍යන්තර සබඳතාවයන් ඉතා මැනවින් කළමනාකරණය කරමින්. ජාතිය ඉදිරියට ගෙනයාම සඳහා වඩා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අප ඉදිරි මැතිවරණය යොදාගත යුතුය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ලාංකේය ජනයා ඉතා තීරණාත්මක ලෙස යොදා ගන්නේ නම් අපගේ මුල් පියවර ඉතා සාර්ථක වනු ඇත.ඒ පියවර ඔස්සේ තවත් පියවර දහස් ගණනක් අපට ඇවිද යා හැකිය. ලාංකේය ජනයා ඉදිරි මහ මැතිවරණය, රට ගැන, ජාතිය ගැන තීන්දුවක් ගන්නා මැතිවරණයක් බවට පත් කරගත යුතුය.
තමාගේ ගමේ කමට, වතුර බටය දමා ගැනීමේ උවමනාවට, පාරට කොන්ක්‍රීට් දැමූ පලියට කවුරුන් හෝ තම වටිනා ඡන්දයෙන් පත්කොට එවනවා වෙනුවට, පසුගිය ජනාධිපතිවරණයේදී අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන් පැරැදවීමට අවස්ථාවාදී දේශපාලන සන්ධාන පැරැදවීමට තිස්වසරක විෂකුරු ත්‍රස්තවාදය රටින් තුරන් කළ ජාතියේ නායකයාගේ ජය තහවුරු කිරීමට හා මවු බිම දිනවීමට දිවි හිමියෙන් කැපවුණු මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා එවීමට පියවර ගත යුතුය. එසේ නොවුණහොත් අධිරාජ්‍යවාදී කල්ලිය හා ඔවුන්ගේ දේශීය වන්දි බට්ටයන් නැවත මේ මාතෘභූ®මියට සතුරුකම් කරන්නට කෙළ හළනු ඇත.
පක්ෂ කොඩිය වෙනුවට සියලු ලාංකේය ජනයා වෙත ජාතික කොඩිය අතට ගෙන, මේ බිමේ උරුමය රකින්නට අපට කියා දුන් ජාතික නායකත්වය ඉදිරි මැතිවරණයේදී ශක්තිමත් කළ යුතුය. එතුමන්ට පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් ලබා දී, ශක්තිමත් රටක් ගොඩ නැගීමට අප ජාතියක් ලෙස කැපවිය යුතුය. කුමන්ත්‍රණ කරුවන් පැරැදවිය හැක්කේ එවිට ය.

No comments:

Post a Comment