Tuesday 2 March 2010

ජෙනරාල්ගේ ලේකම් බෙල්ජියමට ඕනෑ "වහාම බ්‍රසල්ස්‌ නුවරට පිටුවහල් කරන්න"

කීර්ති වර්ණකුලසූරිය-දිවයින

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් ලෙස ක්‍රියාකළ කපිතන් ෂාන් සිල්වා බෙල්ජියානු අධිකරණයට අවශ්‍ය අයකු නිසා ඔහු වහාම බ්‍රසල්ස්‌ නුවරට පිටුවහල් කරන්නැයි බෙල්ජියානු ජාත්‍යන්තර පොලිස්‌ ශාඛාව ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා ඇත.
බෙල්ජියමේ බැංකු ගිණුමක්‌ වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධව කපිතන් ෂාන් සිල්වාට වසර දෙකක සිර දඬුවමක්‌ නියමවී තිබියදී ඔහු පැනගොස්‌ තිබේ.බෙල්ජියානු පොලිසිය ඔහු සොයා ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇත.

එහෙත් මෑතකදී කපිතන් ෂාන් සිල්වාගේ ඡායාරූපය අන්තර්ජාලයේ පළවෙත්ම බෙල්ජියානු ජාත්‍යන්තර පොලිසිය ඔහු තමන්ට අවශ්‍ය කරන තැනැත්තා යෑයි හඳුනාගෙන තිබේ.
බෙල්ජියම සහ ශ්‍රී ලංකාව අතර සැකකරුවන් පිටුවහල් කිරීමේ ගිවිසුමක්‌ නොමැති නිසා රජය මේ බෙල්ජියානු ඉල්ලීම නීතිපතිවෙත යොමුකර ඇත.
මේ අතර කපිතන් ෂාන් සිල්වා මංකොල්ලකෑමක්‌ සම්බන්ධයෙන් වසර 3 1/2 ක්‌ වැලිකඩ සිරගෙදර සිටි බවට ද යුද හමුදා බලධාරීන් සොයාගෙන තිබේ.
මෙම චෝදනාව මත ඔහු හමුදා සේවාවෙන් ඉවත් කර ඇත.

No comments:

Post a Comment