Tuesday 9 March 2010

චෝදනා පහක්‌ යටතේ ජෙනරාල් ඉදිරි සතියේ යුද අධිකරණය හමුවට-යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

චමින්ද සිල්වා-දිවයින

හිටපු යුද හමුදාපති හා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා චෝදනා පහක්‌ යටතේ ඉදිරි සතිය ඇතුළත යුද අධිකරණයක්‌ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ මහතාට එරෙහිව පුද්ගලයන් තිස්‌පස්‌දෙනකුගෙන් සාක්‍ෂි සම්පිණ්‌ඩන වාර්තාවක්‌ යුද හමුදාපතිවරයා වෙත ලැබී ඇතැයි ද එම වාර්තාව යුද හමුදා නීති අංශය වෙත මේ වන විට යොමුකර හමුදා පනත යටතේ කටයුතු කිරීම සිදුකරන බව ද ඊයේ (08 වැනිදා) ආරක්‍ෂක මාධ්‍ය මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවැසීය.හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව සාක්‍ෂි ගොනුකළ පිරිස්‌ අතර හමුදා නිලධාරීන් 22 දෙනකු, පොලිස්‌ නිලධාරීන් 07 දෙනකු සහ සිවිල් පුද්ගලයන් 06 දෙනකු සිටින බව ද සමරසිංහ මහතා කීය.

යුද අධිකරණය වෙත නිලධාරීන් තිදෙනකු හෝ පස්‌දෙනකු ඉදිරි දින දෙක ඇතුළත පත්කිරීමට නියමිත බව පැවැසූ සමරසිංහ මහතා ජනාධිපතිවරයා විසින් හමුදාපතිවරයාට ලබාදෙන උපදෙස්‌ මත එය සිදුකෙරෙන බව ද පැවැසීය. අවශ්‍ය නම් ජනාධිපතිවරයාට එම පිරිස පත්කිරීමේ හැකියාව පවතින අතර ත්‍රිවිධ හමුදාව හෝ යුද හමුදාව පමණක්‌ නියෝජනය විය යුතුද යන්න තීරණය කළ හැක.
ෆොන්සේකා මහතාට එරෙහිව යුද හමුදා අධිකරණය හමුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ මහත්වරුන්ට අවස්‌ථාව ලැබෙන අතර ලබාදෙන තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට හොA ශ්‍රේෂ්ඨාධිකරණයට යැමේ හැකියාව එතුමාට පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඒ මහතාට එරෙහිව සිවිල් අධිකරණයක්‌ හමුවේ චෝදනා ගොනුකිරීමක්‌ නොකෙරෙන බව ද කීය.

No comments:

Post a Comment