Friday 19 March 2010

ෆොන්සේකාට ඇති චෝදනා

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති චෝදනා මෙසේය.

1. 2009 ඔක්තෝම්බර් මස 01 වැනි දින සහ 2009 නොවැම්බර් මස 14 වැනි දින අතර කාලයේදී රටේ ස්වෛරීභාවයට විරුද්ධ වන අයුරින් ඇමතිවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ දුරකථන සංවාදයක යෙදෙමින් ‘ අමෙරිකන් ආණ්ඩුවට අවශ්‍ය ලෙස යුද්ධය පිළිබඳ සාක්කි දීලා ආණ්ඩුව හා යුද හමුදා ජයග්‍රහණ අවතක්සේරුවකට පත් කර ශ්‍රී ලංකාවට එනවා. ජනාධිපතිවරණයට තරග කරන්නයි එන්නේ. ගුවන් තොටුපළේදී වීරයෙක් වගේ පිළිගන්න ලැහැස්ති වෙලා ඉන්නව යනුවෙන් පැවසීමෙන් 1949 අංක 17 දරන යුද හමුදා පනතට පටහැනිව ක්‍රියා කිරීම.2. ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමන්ගේ නම එ.ජා.ප ක්‍රියාකාරි කමිටුවේදී යෝජනා කිරීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහයෝගය ලබාදීමෙන් දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදී යුද හමුදා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම.

3. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා සමඟ දේශපාලන දිවිය සම්බන්ධයෙන් දේශපාලන සාකච්ඡාවල යෙදීමෙන් හමුදා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම. සිය බෑනා වන ධනුන තිලකරත්නට හයිකෝප් පුද්ගලික සමාගම පිළිබඳ උනන්දුවක් ඇති බව දැනුවත්ව එම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් ඉවත් වීමට අවශ්‍යව තිබියදී හයිකෝප් හරහා බ්‍රිටිස් බෝනියෝ ආරක්‍ෂක - ඕස්ට්‍රේලියා සමාගමට දිවා දුරේක්ෂ ටෙන්ඩරය 2007/11/06 ලබාදීම.
2007 / අගෝස්තු 23දා 12 V නඩත්තුවෙන් නිදහස් බැටරි 50ක ටෙන්ඩරය ලබාදීම.
චෝදනා පත්‍රය II
1. 2008/02/28 5WA ජෙනරේටර් 50ක ටෙන්ඩරය ලබාදීම.
2. VHF ඩිරෙක්‍ෂන් ෆයින්ඩර්ස් 3ක ටෙන්ඩරය ලබාදීම.

No comments:

Post a Comment