Thursday, 25 February 2010

මහා මැතිවරණය හා මෙරට ජනතා ප්‍රශ්න

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
මෙරට ජනතාව ප්‍රශ්න ගනනාවකට මැදිව සිටී. දේශපාලකයින්ට පමණක් විසදිය හැකි ප්‍රශ්න හා ජනතාව විසදිය යුතු, නමුත් දේශපාලකයින් මත පටවා ඇති ප්‍රශ්න කන්දරාවක්ද මෙරට තුල ඔඩුදුවමින් පවතී. මහා මැතිවරණයකට අවතීර්ණව සිටින මේ වකවානුවේදී අප මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් සම්බන්ධව සමාජයේ අවධානය යොමුකරවීම මෙම ලිපියේ අරමුණයි.තාක්ෂණික දියුණුව මිනිසාට හොද සමාජ තත්වයක් උරුම කිරීම සදහා පාදක කර ගතයුතු වුවද, ශ්‍රී ලංකාව තුලදී එය ශ්‍රී ලාංකිකයාට දෛනිකව විදවීමට උපකාර කරන මෙවලමක් බවට පත්ව තිබේ. මෙරට ජනතාව තමන්ගේම ගෙදරදීම, තමන්ගේ වියදමින් ගොඩනගා ගත් සමාජ පීඩක යන්ත්‍රය රූපවාහිනී යන්ත්‍රය බවට පත්ව ඇත. මෙම සමාජ පීඩක යන්ත්‍රය පෞද්ගලිකව මිනිසාත්, පොදුවේ සමාජයත් විනාශ කරන ආකාරය මෙරට ජීවත් වන අය සාකච්ඡාවට ගත යුතු ප්‍රබල මාතෘකාවකි.

කිරි අප්පොච්චිගේ අවවාද (වැඩිහිටියන්ට පමණයි)

දිවයින කතුවැකිය
අපගේ මී මුත්තාගේ කිරි අප්පොච්චි වන ඇමරිකාව නීතිය ක්‍රියාත්මක කරන හැටි අපට කියා දෙන අයුරු අද "දිවයිනේ" සඳහන් ය. මේ කිරි අප්පොච්චි වූ කලී ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ය. අප බ්ලේක්‌ට මී මුත්තාගේත් කිරි අප්පොච්චි කියන්නේ ඇයි? ඔහු ඒ තරමටම තමන් වැඩිහිටි බව සිතා සිටින නිසා ය. ඔහු අපට දෙන උපදෙස්‌ මෙසේ ය* ජෙනරාල් අත්අඩංගුවට ගත් ආකාරය ගැන ඇමරිකාව තුළ ප්‍රසාදයක්‌ නැත.

Monday, 22 February 2010

මහ නාහිමියන්ට තර්ජනය කළා කීම රනිල්ගේ අමූලික බොරුවක්-කලවැද්දා සේම පැවිද්දා කීමත් අපහාසයක්

සුභාෂිනී සේනානායක, අසේල කුරුළුවංශ සහ ජයසිරි පේදුරුආරච්චි -දිනමිණපැවිදි වෛතුල්‍යවාදීන් පිරිසක් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ට තර්ජනය කොට බලපෑම් කළ බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කරන අපහාසයක් බව මහා සංඝරත්නය ප්‍රකාශ කර සිටිති.
රටේ ජාතික සහ ආගමික ප්‍රශ්න පිළිබඳව භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් මහ නාහිමිවරුන් සමඟ කළ සාකච්ඡා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් කර ඇති ප්‍රකාශ ගැන කනගාටු වන බවද එම හිමිවරු පවසති.බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ ගෞරවාදරයට පාත්‍ර වී සිටින භික්ෂුන් වහන්සේලාට පැවිදි වෛතුල්‍යවාදීන් යැයි හඳුන්වාදීම තරයේ හෙළා දකින බවද, උන්වහන්සේලා සඳහන් කර සිටිති.

Friday, 19 February 2010

රටේ නීතිය කාටත් පොදුය.

ආචාර්ය උඩගම සුමංගල මහා ස්ථවිර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට
රටේ නීතිය කාටත් පොදුය. පුද්ගලයන්ගේ තරාතිරම අනුව එය වෙනස් නොවිය යුතුය. භික‍ෂූන් වහන්සේ පවා රාජ්‍ය නීතියට අනුකූලව ක්‍රියා කළ යුතුය යනුවෙන් බුදුරජාණන් වහන්සේ පවා පෙන්වා දී ඇත.

සරත් ෆොන්සේකා මහතා අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ යුධහමුදා නීතියට අනුව කරන ලද්දකි. එය දේශපාලනයට සම්බන්ධ ක්‍රියාවක් නොවේ. ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව කරන ලද්දක් ද නොවේ. සරත් ෆොන්සේකා මහතා වැරදි කරුවකු ද නිවැරදි කරුවකු ද යන්න අධිකරණය මඟින් තීරණය කරනු ඇත. ඊට ඇඟිලි ගැසීමට කිසිවකුට අයිතියක් නැත.
ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ අතකොළු වී ඇති පුද්ගලයන්ගේ බසට මුවා වී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස අතිගරු මහානායක හිමිවරුන් විසින් අතිගරු මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමාට බලකරනු ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකකි. අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රකාශ වලින් පෙනීයන්නේ උන් වහන්සේලා නොදැනුවත්වම දේශද්‍රෝහී කුමන්ත්‍රණ කරුවන්ගේ දැලට හසුවී ඇති බවකි. කුමන්ත්‍රණ කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ත්‍රිවිධ හමුදාවත් මහජනතාවත් භේද භින්න කර රට අස්ථාවර කර සංඝ භේදයක් ද ඇති කරලීමය. තිස්වසරක යුද්ධයෙන් රට ගලවාගත් මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා ගේ රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දීම දේශප්‍රේමී ගිහි පැවිදි සෑම දෙනාගේ යුතුකමය.
එබැවින් මෙහි දී ඉතා බුද්ධිමත්ව දුරදිග බලා කටයුතු කරන මෙන් අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉතා ගෞරව පූර්වකව සාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

ජෙනරාල්ගේ ඉරණම වෙනස්‌ කළ අවස්‌ථාවාදී දේශපාලනය

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම රට පුරා මහත් ආන්දෝලනයට හේතු වූ සිද්ධියක්‌ බවට පත්වී ඇත.

යුද හමුදා පනතේ 57 (1) වගන්තිය යටතේ හිටපු යුද හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන මේ වන විට නාවික හමුදා මූලස්‌ථානයේ ආරක්‍ෂිත නිවසක රඳවා තබා ඇත. ඒ ඔහු යුද හමුදාපතිවරයා සහ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් සිටියදී හමුදා නීතියට පටහැනිව සිදුකළ විනය විරෝධී සහ රාජ්‍ය විරෝධී ක්‍රියා කීපයක්‌ හේතුවෙන් හමුදා නීතිය යටතේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමටය.ඒ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා යුද අධිකරණයක්‌ හමුවට පමුණුවාලීමට නියමිතව ඇත.

Wednesday, 10 February 2010

විශ්‍රාමික ජනරාල් අත්අඩංගුවට ගැනීම!

කීර්ති වර්ණකුලසූරිය.
නීති විරෝධී ඉඩම් ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් ඉන්දීය ජනරාල් අවදේශ් ප්‍රකාශ් අත්අඩංගුවට ගත්තා.

- ඉන්දීය හමුදාපති දිපක්‌ කපූර්
මානව හිමිකම් ක්‍රියාකාරිකයකුට හමුදා රහස්‌ සැපයීමේ සිද්ධියක්‌ මත බ්‍රිතාන්‍ය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් ඕවන් මැක්‌හෙල් අත්අඩංගුවට ගෙන ඇත.- බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාප් පුවත්පත

Tuesday, 9 February 2010

දේශපාලන අං තට්‌ටු පැළඳගත් වෘෂභයෝ!

දේශපාලන අං තට්‌ටු පැළඳගත් වෘෂභයන් විසින් කරනු ලබන ඕනෑම නීති විරෝධී වැඩක්‌ හෝ අමන ක්‍රියාවක්‌ ලේසියෙන්ම ආණ්‌ඩුවේ ගිණුමට බැර කිරීමේ වැරදි සම්ප්‍රදායක්‌ මේ රටේ ඇත. එහෙත් ඒ වැරැද්ද නිවැරදි කිරීමට ආණ්‌ඩු ක්‍රියා නොකිරීම නිසා ජනතාවගේ පැත්තෙන් කෙරෙන ඒ දෝෂාරෝපණය අසාධාරණ ද නැතැයි සමහරු කල්පනා කරති.