Sunday, 27 December 2009

සරත් ෆොන්සේකා මෙරට යුද්ධාධිකරණයට- මහාචාර්ය නලින් ද සිල්වා

වාමදේවන්, නඩේසන් හා රමේෂ් යන කොටි නායකයන් හා ඔවුන්aගේ පවුල්වල කිහිප දෙනකු සුදු කොඩි රැගෙන එන විට වෙඩි තබා මැරීමට අණක්‌ දුන්නේ ය යන කතාව අද ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන බටහිර ආධිපත්‍යය මෙහෙයවන රටවල් කිහිපයක කතාබහට ලක්‌ වී ඇත. මේ වෙඩි තබා මැරීමේ තීන්දුව දුන්නේ යෑයි ප්‍රථම වරට කීවේ සරත් ෆොන්සේකා ය. ඔහු ඒ බව අසා තිබුණේ කවුදෝ ජනමාධ්‍යවේදියකුගෙනි. ඒ ජනමාධ්‍යවේදියාගේ නම මෙතෙක්‌ හෙළිදරවු කෙරී නැත. සරත් ෆොන්සේකාගේ කතාව රැගත් ප්‍රවෘත්තිය පළවූයේ පසුගිය 13 වැනි ඉරිදා සන්ඩේ ලීඩර් ප්‍රවෘත්ති පත්‍රයෙහිය. ඒ පුවත්පත ආණ්‌ඩුවට හිතවත් එකක්‌ නොවේ. අදාළ ප්‍රවෘත්තිය පළ වී පැය විසි හතරක්‌ ගතවන තුරුත් ෆොන්සේකා තම කියමන ප්‍රතික්‍ෂේප නො කෙළේය. ඒ ඔහු ඒ අතර පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වී තිබියදීත් ය. තම ප්‍රකාශයේ බරපතලකම වැටහීමෙන් දෝ පසුව ඔහු තම කතාව වැරදියට වාර්තා කර ඇති බව පැවසීය. එහෙත් පසුගිය සතියේවත් අදාළ පුවත්පතේ කතුවරිය තම පුවත වැරදි යෑයි නො කීවාය.

බේසමේ වතුර සමග දරුවත් වීසි කරමුද ?

මේඝ

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් "සන්ඩේ ලීඩර්" පුවත් පතට කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය තවමත් ඇවිලෙමින් තිබේ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලීමක්‌ද කර තිබිණි. තමන් විසින් කරන ලද ප්‍රකාශය වැරදි ආකාරයට සන්ඩේ ලීඩර් පුවත් පත පළ කර තිබුණු බව ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන වාතාවරණය යටතේ වුවද ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට වුවමනා විය. එයට සාධාරණ පසුබිමක්‌ද ඇත.ශ්‍රී ලංකාවේ තිස්‌ වසරක ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ භූමිකාවේ සේනාධිනායකයා හා ඔහු යටතේ සිටි හමුදා ප්‍රධානියා අද ද්වන්ද සටනකට එළඹ සිටිති. ඒ සටනේ යුදමය මෙහෙයුම් කළ බවට සාඩම්බර ප්‍රකාශ කරන ජෙනරාල් ෆොන්සේකාගේ මුවින් යුද්ධය පිළිබඳ කෙරෙන ඕනෑම ප්‍රකාශයක්‌ එහි සත්‍යය කුමක්‌ද යන්න නොවිමසාම භාර ගැනීමට වැඩි දෙනෙක්‌ සූදානම්ව සිටිති. එහි අසාධාරණයක්‌ද නැත.

ජාතික සම්පත් කුණුකොල්ලෙට විකුණූ අයට දූෂණය නැතිකරන්න බෑ

මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කල්‍යානන්ද තිරාණගම සාකච්ඡා කළේ පාලිත සේනානායක

අපේ රටේ දූෂණය හා නාස්‌තිය නැතිකරන බවට සපථ කරන පොරොන්දු මේ දිනවල ජනතාවට නොඅඩුව ලැබෙමින් තිබෙනවා. දූෂණය හා නාස්‌තිය පිළිබඳ මේ දෙපාර්ශ්වයම දක්‌වන අදහස්‌ පිළිබඳ ඔබේ මතය කුමක්‌ද? දූෂණය හා නාස්‌තිය නැති කරන කතා කොයි පක්‍ෂයෙන් කෙරුවත් ඒවා පට්‌ටපල් බොරු. විපක්‍ෂයේ ඉන්න කොට අල්ලස්‌ කොමිසමට දූෂණ පිළිබඳ ලැයිස්‌තු ඉදිරිපත් කරන දේශපාලකයො ආණ්‌ඩු බලය ගත්තහම ඒව ගැන සොයා බලන්නෙ නැහැ. දෙපැත්තෙම දූෂණ දෙගොල්ලො ආරක්‍ෂා කිරීමයි අපේ රටේ සිද්ධවෙන්නෙ. දූෂණ කිරීම ව්‍යවස්‌ථාපිත කරල තියෙනවා. මේ සමානුපාතික ක්‍රමය යටතේ ඡන්ද කරන්න කෝටි ගාණක්‌ සල්ලි ඕන. සල්ලිකාරයා දිනනව. පළාත් සභා ඡන්ද වලිනුත් ඉහළින්ම දිනල තියෙන්නේ සල්ලිකාරයො. අපේ රටේ තියෙන්නෙ දූෂණයට මගපාදන ව්‍යවස්‌ථාවක්‌. මේ ජනාධිපති ක්‍රමය නැති කළත් ඒක නැති කරන්න බැහැ. මේ දූෂණය නැති කරන්න නම් සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඕන.මේ සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඡේ.වී.පී. එකවත්, හකීම්වත්, මනෝ ගනේෂන්වත් කැමති නෑ. සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කළොත් ඔය කාටවත් පාර්ලිමේන්තු එන්න හම්බවෙන්නෙ නැහැ. නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමය තියෙන තාක්‌ කල් මේ රටේ දූෂණය නැති කරන්න බැහැ.

Saturday, 26 December 2009

‍දෙස්‍ දුටුවන් ලක් ‍පො‍ලොවෙන් දු‍රු දු‍රු වෙන්න‍යි

ප්‍රියශාන්ත සදරුවන්

දු‍ටුගැමුණුට ‍දෙස්‍‍දෙටු‍වෙකු වෙයිද          සමා

පරංගි නම‍ට ගැතිවි ඔහු සි‍‍ටිනු                 සදා
උපමා වෙ‍‍‍‍‍‍‍තොත් කාහට ‍‍‍‍හෝ        පණු‍සේකා
කිසිවෙකු ‍‍නො‍‍‍වේ ‍‍ලොව‍‍රෙන්සෝ අල්මේදා

දෙස බස රැස රැක ගත්තෝ පාවා             දෙන්න‍යි
ර‍‍ට විකුනා ජය ගත්තෝ රැක ‍‍‍ගෙන           ඉන්න‍යි
ර‍‍ට හැරදා පි‍‍ටි ර‍‍ටක‍‍ට පුරවැසි                 වෙන්න‍යි
දෙස්‍ දුටුවන් ලක් ‍‍‍‍‍පො‍ලොවෙන් දු‍රු දු‍රු වෙන්න‍යි


ගැලවි‍‍‍‍‍මේ හමුදාව‍‍ට                   නුසුදුස්සා
‍තොප්පිග‍‍‍‍ලේ ජ‍ය රණගොස     විචිකිච්ඡා
රණ ජ‍ය නිගා කොට පාමංකඩ       වස්සා
මොනවට එකතු වුනි හවුලට ‍‍‍මේ    පිස්සා


නැතුවට කමක් නැත හැගුමක්     ස‍‍‍හෝදර
ලැගුවට ප‍වක් නැත හොර මුල ‍‍ දෙසන්තර
නැටුවට කැතට මවුබිමටම           නිගාකර
පණු‍සක ඔබට වෙයි සාප‍‍ය   දොරින් දොර

මාධ්‍ය සාකච්ඡාවක්

සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ
ප්‍රශ්නය: මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණයට ඇත්තේ ඉතාමත් කෙටි කාලයක්, මේ මැතිවරණය හා බැදුන ගැටලු රාශියක් රට පුරා පැන නැගී තියෙනවා, මේ ගැටලු වලට පැහැදිලිව පිලිතුරු දිය හැකි අයෙකු අද ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂයෙන් සොයා ගැනීම අසීරු කරුණක්, එකම ප්‍රශ්නයට එක එක නියෝජිතයින් විවිධ පිලිතුරු සපයනවා, මෙය මාධ්‍යවේදීන්ට මහත් අපහසුවක්, ඒ නිසයි අප ඔබ හමුවට පැමිණියේ.මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර හමාරයි; ඔබ මේ තීරණය සම්බන්ධව දරන ආකල්පය කුමක්ද?

හමුදා නායකයන් සිවිල් පාලනයට ඒමේ අනතුර

(මහාචාර්ය විශ්වා වර්ණපාල විසින් 2009 දෙසැම්බර් 14 වන දින "අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකි)සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ
ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇරඹුණේ 1931 දී සර්වජන ඡන්දය මෙරට ජනතාවට ලබාදීමත් සමඟයි. සර්වජන ඡන්ද ලැබීමෙන් මෙරටට අත්වුණ ප්‍රතිඵල බොහෝමයක්‌ වුවත් සති කිහිපයකට පෙර යුද්ධ හමුදා ඇඳුමෙන් සැරසී සිටි සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුළින් මෙරට සමස්‌ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමයට බලවත් තර්ජනයක්‌ එල්ලවී ඇති බව සඳහන් කළ යුතු කරුණක්‌. එම සිදුවීම මා දකින්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ රඳා පැවැත්ම කෙරෙහි වන තර්ජනයක්‌ ලෙසයි. එම දේශපාලන අවදානමේ ඇති විශාලත්වය අප සලකා බැලිය යුත්තේ තුන්වන ලෝකයේ දේශපාලන ස්‌වභාවයක්‌ ලෙස සැලකෙන "හමුදා පාලන ක්‍රම" පිළිබඳ විවිධ රටවල් ලබා ඇති අත්දැකීම් අනුසාරයෙන් බව මගේ පිළිගැනීමය. සරත් ෆොන්සේකා දේශපාලනයට ඉදිරිපත්වීම මා දකින්නේ පසුගිය කාලය පුරාම මේ රටේ දේශපාලන සංස්‌කෘතිය සමඟ පෑහිය හැකි "නායකත්වයක්‌" ගොඩනැගීමට නොහැකිව බිඳී විසිරී ගොස්‌ තිබෙන මෙරට විපක්‍ෂය , වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ජනප්‍රියතාවයට අභියෝග කළ හැකි පුද්ගලයකුගේ පිහිට පැතීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙසයි.

Thursday, 24 December 2009

රට බිත්තියට හේත්තු කිරීම

රාමන්
අපේ රටේ පමණක් නෙවෙයි තුන්වැනි ලෝකයේ බොහෝ රටවල තත්ත්වයත් එයමයි. මැතිවරණ වේදිකාවේ පමණක් නොව රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මට්ටම ක්‍රමයෙන් ඉහළට එසවීමට කටයුතු කිරීම ජනසමාජයකට වැදගත්. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.විවිධ විහිළු තහළු කර ගත්තට සමස්ත රටම අනතුරට එළීමේ ප්‍රකාශ මැතිවරණයට මුවා වී සාමාන්‍යයෙන් වගකිව යුතු අපේක්ෂකයෙක් කරන්නේ නැහැ. මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන්ට තමන් ඡන්දය ඉල්ලනවා වගේම රට වෙනුවෙන් වගකීමක්ද තිබෙනවා.