Showing posts with label දිවයින. Show all posts
Showing posts with label දිවයින. Show all posts

Sunday, 31 January 2010

පරිච්ඡේදයක අවසානය

මහාචාර්ය නලින් ද සිල්වා-දිවයින
තවත් ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවූ නිලවරණයක්‌ අවසන් වී ඇත. මහින්ද රාජපක්‌ෂ මහතා අති විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත් කරගෙන තවත් අවුරුදු හයක්‌ සඳහා ජනාධිපති ලෙස කටයුතු කිරීමට වරම් ලබා ඇත. එහෙත් තවමත් ජනාධිපතිවරණය පිළිබඳ සියලු කටයුතු අවසන් යෑයි කිව නොහැකිය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙහිදී ජනතාව දී ඇති තීන්දුව නොපිළිගනියි. ඒකාධිපතිවාදී මනසක්‌ ඇති ඔහු ජනතා තීන්දුවක්‌ නොපිළිගැනීම පුදුමයට කරුණක්‌ නොවේ. එහිදී ඔහුට ජ.වි. පෙරමුණේ ද සම්පූර්ණ සහාය ලැබෙනු ඇත. සරත් ෆොන්සේකාටත් ජවිපෙටත් ජනතා තීන්දු යනු තම තමන්ගේ තීන්දු මිස අනෙකක්‌ නොවේ.

මව්බිම වෙනුවෙන් ජනතාව දුන් තීන්දුවක්‌ !-ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

සාකච්ඡා කළේ පාලිත සේනානායක- දිවයින

අපේ රටේ මෙතෙක්‌ පැවති ජනාධිපතිවරණ අතුරින් සුවිශේෂ ජනාධිපතිවරණයක්‌ ලෙස හැඳින්වුණු මෙවර ජනාධිපතිවරණයේ ජනතා තීන්දුව දැන් ප්‍රකාශයට පත් වී හමාරය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලද ඒ ඓතිහාසික විජයග්‍රහණයට පසුබිම් වූ කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි කරන විග්‍රහයකි මේ ජනාධිපතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඔබ දකින්නෙ කොහොමද?මේ ජනාධිපතිවරණය පිළිබඳ සිදුකෙරුණු සමීක්‍ෂණ වාර්තා කිසිවකින් වත් මේ තරම් විශාල ජයග්‍රහණයක්‌ පෙන්නුම් කළේ නැහැ. නමුත් අවසාන දින දහයක පමණ කාලය තුළ මේ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කාටද යන්න පිළිබඳ ජනතාව කරුණු 3 ක්‌ සම්බන්ධයෙන් අවධානය යොමු කළා.

Sunday, 27 December 2009

සරත් ෆොන්සේකා මෙරට යුද්ධාධිකරණයට- මහාචාර්ය නලින් ද සිල්වා

වාමදේවන්, නඩේසන් හා රමේෂ් යන කොටි නායකයන් හා ඔවුන්aගේ පවුල්වල කිහිප දෙනකු සුදු කොඩි රැගෙන එන විට වෙඩි තබා මැරීමට අණක්‌ දුන්නේ ය යන කතාව අද ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන බටහිර ආධිපත්‍යය මෙහෙයවන රටවල් කිහිපයක කතාබහට ලක්‌ වී ඇත. මේ වෙඩි තබා මැරීමේ තීන්දුව දුන්නේ යෑයි ප්‍රථම වරට කීවේ සරත් ෆොන්සේකා ය. ඔහු ඒ බව අසා තිබුණේ කවුදෝ ජනමාධ්‍යවේදියකුගෙනි. ඒ ජනමාධ්‍යවේදියාගේ නම මෙතෙක්‌ හෙළිදරවු කෙරී නැත. සරත් ෆොන්සේකාගේ කතාව රැගත් ප්‍රවෘත්තිය පළවූයේ පසුගිය 13 වැනි ඉරිදා සන්ඩේ ලීඩර් ප්‍රවෘත්ති පත්‍රයෙහිය. ඒ පුවත්පත ආණ්‌ඩුවට හිතවත් එකක්‌ නොවේ. අදාළ ප්‍රවෘත්තිය පළ වී පැය විසි හතරක්‌ ගතවන තුරුත් ෆොන්සේකා තම කියමන ප්‍රතික්‍ෂේප නො කෙළේය. ඒ ඔහු ඒ අතර පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වී තිබියදීත් ය. තම ප්‍රකාශයේ බරපතලකම වැටහීමෙන් දෝ පසුව ඔහු තම කතාව වැරදියට වාර්තා කර ඇති බව පැවසීය. එහෙත් පසුගිය සතියේවත් අදාළ පුවත්පතේ කතුවරිය තම පුවත වැරදි යෑයි නො කීවාය.

ජාතික සම්පත් කුණුකොල්ලෙට විකුණූ අයට දූෂණය නැතිකරන්න බෑ

මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කල්‍යානන්ද තිරාණගම සාකච්ඡා කළේ පාලිත සේනානායක

අපේ රටේ දූෂණය හා නාස්‌තිය නැතිකරන බවට සපථ කරන පොරොන්දු මේ දිනවල ජනතාවට නොඅඩුව ලැබෙමින් තිබෙනවා. දූෂණය හා නාස්‌තිය පිළිබඳ මේ දෙපාර්ශ්වයම දක්‌වන අදහස්‌ පිළිබඳ ඔබේ මතය කුමක්‌ද? දූෂණය හා නාස්‌තිය නැති කරන කතා කොයි පක්‍ෂයෙන් කෙරුවත් ඒවා පට්‌ටපල් බොරු. විපක්‍ෂයේ ඉන්න කොට අල්ලස්‌ කොමිසමට දූෂණ පිළිබඳ ලැයිස්‌තු ඉදිරිපත් කරන දේශපාලකයො ආණ්‌ඩු බලය ගත්තහම ඒව ගැන සොයා බලන්නෙ නැහැ. දෙපැත්තෙම දූෂණ දෙගොල්ලො ආරක්‍ෂා කිරීමයි අපේ රටේ සිද්ධවෙන්නෙ. දූෂණ කිරීම ව්‍යවස්‌ථාපිත කරල තියෙනවා. මේ සමානුපාතික ක්‍රමය යටතේ ඡන්ද කරන්න කෝටි ගාණක්‌ සල්ලි ඕන. සල්ලිකාරයා දිනනව. පළාත් සභා ඡන්ද වලිනුත් ඉහළින්ම දිනල තියෙන්නේ සල්ලිකාරයො. අපේ රටේ තියෙන්නෙ දූෂණයට මගපාදන ව්‍යවස්‌ථාවක්‌. මේ ජනාධිපති ක්‍රමය නැති කළත් ඒක නැති කරන්න බැහැ. මේ දූෂණය නැති කරන්න නම් සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඕන.මේ සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කරන්න ඡේ.වී.පී. එකවත්, හකීම්වත්, මනෝ ගනේෂන්වත් කැමති නෑ. සමානුපාතික ඡන්ද ක්‍රමය නැති කළොත් ඔය කාටවත් පාර්ලිමේන්තු එන්න හම්බවෙන්නෙ නැහැ. නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමය තියෙන තාක්‌ කල් මේ රටේ දූෂණය නැති කරන්න බැහැ.

Saturday, 26 December 2009

හමුදා නායකයන් සිවිල් පාලනයට ඒමේ අනතුර

(මහාචාර්ය විශ්වා වර්ණපාල විසින් 2009 දෙසැම්බර් 14 වන දින "අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකි)සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ
ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇරඹුණේ 1931 දී සර්වජන ඡන්දය මෙරට ජනතාවට ලබාදීමත් සමඟයි. සර්වජන ඡන්ද ලැබීමෙන් මෙරටට අත්වුණ ප්‍රතිඵල බොහෝමයක්‌ වුවත් සති කිහිපයකට පෙර යුද්ධ හමුදා ඇඳුමෙන් සැරසී සිටි සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුළින් මෙරට සමස්‌ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමයට බලවත් තර්ජනයක්‌ එල්ලවී ඇති බව සඳහන් කළ යුතු කරුණක්‌. එම සිදුවීම මා දකින්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ රඳා පැවැත්ම කෙරෙහි වන තර්ජනයක්‌ ලෙසයි. එම දේශපාලන අවදානමේ ඇති විශාලත්වය අප සලකා බැලිය යුත්තේ තුන්වන ලෝකයේ දේශපාලන ස්‌වභාවයක්‌ ලෙස සැලකෙන "හමුදා පාලන ක්‍රම" පිළිබඳ විවිධ රටවල් ලබා ඇති අත්දැකීම් අනුසාරයෙන් බව මගේ පිළිගැනීමය. සරත් ෆොන්සේකා දේශපාලනයට ඉදිරිපත්වීම මා දකින්නේ පසුගිය කාලය පුරාම මේ රටේ දේශපාලන සංස්‌කෘතිය සමඟ පෑහිය හැකි "නායකත්වයක්‌" ගොඩනැගීමට නොහැකිව බිඳී විසිරී ගොස්‌ තිබෙන මෙරට විපක්‍ෂය , වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ජනප්‍රියතාවයට අභියෝග කළ හැකි පුද්ගලයකුගේ පිහිට පැතීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙසයි.

Thursday, 24 December 2009

සරත් ෆොන්සේකා විදේශ බලවේගවල ඉත්තෙකු වෙලා -දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර

අමිල අබේරත්න - දිවයින

විදේශ බලවේග තම අරමුණු ඉටු කරගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා ඉත්තෙකු කරගෙන ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.එය විදේශ බලවේගවල එක්‌ කුමන්ත්‍රණයක්‌ පමණක්‌ බවත් ණය ලබානොදී මේ රට තනි කිරීම හා දක්‌ෂිණාංශික ඒකාධිපති බලවේග මේ රට තුළ ඇතිකිරීම ඔවුන්ගේ අනෙක්‌ කුමන්ත්‍රණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Tuesday, 22 December 2009

එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන්ගෙන් ලිපියක්‌ ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්වයි

දිවයින
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්‍රසි පුවත්පතක්‌ වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක්‌ මගින් දැනුම්දී තිබේ.ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මගින් එවන ලද එම සම්පූර්ණ ලිපිය මෙසේය.

Sunday, 20 December 2009

සුදු කොඩි හා සුදු නෙළුම්

මහාචාර්ය නලින් ද සිල්වා -දිවයින
සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය සුදු කොඩි ගෙන මරණයට ගියේ යෑයි කියන අය ගැන කඳුළු සලති. ඔවුන්ට නම් සැබවින්ම කඳුළු සැලීමට හේතුවක්‌ ඇත. ඔවුන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියේ ප්‍රභාකරන් ජීවත් කරවීමටය. ඔහු සමග ඊනියා සාම සාකච්ඡා ඇති කිරීමටය. එබැවින් ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්‌තවාදීන් සුදු කොඩි ගෙන ජීවිත දානය පතා පැමිණියේ යෑයි කියන විට ඔවුන්ට අභය දානය දිය යුතු යෑයි සුදු නෙළුම් ගත්තන් සිතනවා විය හැකිය. සුදු නෙළුමන් කඳුළු සලන්නේ මිනීමරු ත්‍රස්‌තවාදීන්ට ජීවිත දානය නොදුන්නේ යෑයි කියනු බැවිනි.සුදු කොඩි පිළිබඳ කතාව දැන් ලෝ පුරා සාකච්ඡා වෙයි. බටහිර ජනමාධ්‍යවලට මේ තළුගසමින් සති ගණනක්‌ කතා කළ හැකි මාතෘකාවකි. මිනීමරුවන්ගේ මානව අයිතිවාසිකම් බටහිරයන්ගේ ඇස්‌වලට ද කඳුළු ගෙන එයි. එහෙත් ඒ සෑම මිනීමරුවකු ගැනම නොවේ. ඔවුන් වෙනුවෙන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ පැවැත්ම වෙනුවෙන් මිනීමරුවන්ට පමණක්‌ මානව අයිතිවාසිකම් වෙයි. ඔවුන්ගේ සංස්‌කෘතියට එරෙහිව මිනීමරණ ඇෆ්ගනිස්‌ථාන කැරලිකරුවන්ට මානව අයිතිවාසිකම් නොමැත. එවැන්නන් බල්ලන් මෙන් මරා දැමුවද ප්‍රශ්නයක්‌ නැත. අප බොහෝ අවස්‌ථාවලදී පෙන්වාදී ඇත්තේ බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් අර්ථ දැක්‌වෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට සාපේක්‍ෂව බවය.

යුද අපරාධ චෝදනාව හෙවත් සුදුකොඩි වෙළදාම

දිවයින
වෙළදාම ගැනවත් වෙළෙන්දෝ ගැනවත් ඒ තරම් දැන හැඳුනුම්කමත් නොතිබුණු කාලෙදි අහල තියෙන කතාවක්‌ තමයි සේරිවාණිජ ජාතකය. පන්සලේ පින්කම් දවසේ පෙන්නන නාට්‍යයටත් ස්‌කෝලෙ විවිධ ප්‍රසංග දවසේ පෙන්නන නාට්‍ය වලටත් පසුබිම් වුණු කතා වස්‌තුවක්‌ තමයි මේ සේරිවාණිජ ජාතකය. ජාතක කතාවේ හැටියට සේරිවාණිජ කියන්නේ හොර වෙළෙන්දාගේ නම. හොඳ වෙළෙන්දාගේ නම කච්ඡපුට. පරිස්‌සමින් මේ හොර, හොඳ දෙක සීරු මාරුවෙන් පැටලෙන්න පටලවා ගන්න ලේසි පද දෙකක්‌. දෙකේම මුලට එන්නේ "හො" යන්න නිසා එහෙම වුණාම හොරා හොද වෙලා හොද හොරා වෙන්න පුළුවන්.සේරිවාණිජ ජාතකයේ කියවෙන කාලෙ වෙළදාම කියන්නේ විසිරුණු පැතිරුණු ආර්ථික ව්‍යාපෘතියක්‌ නෙවේ. වෙළදාමත් තිබුණා හැබැයි සියලු සමාජ, ආර්ථික, දේශපාලන සංස්‌කෘතික මනෝභාව තීරණය කළේ වෙළදාම නොවේ. අද තත්ත්වය වෙනස්‌. සියලු සමාජ, ආර්ථික දේශපාලන, සංස්‌කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍යය, ආගමික යන කී නොකී සියල්ලම කැරකෙන්නේ නටන්නේ වෙළෙන්දා ගහන පදයට අනුව. ඒ කියන්නේ සියලු දේ තීරණය වෙන්නේ වෙළෙඳ තර්කයට අනුකූලව. තවත් විධියකට කිව්වොත් අපි කවුරු කවුරුත් පාලනය කරන, අදහන ආගම බවට පත්වෙලා තියෙන්නේ වෙළදාම. කොයි කොයි ආගමට අපි අයිතියි කිව්වත් අපි හැමෝගෙම ආගමේ ආගම වෙලා තියෙන්නේ වෙළදාගම.

ඒ දේශද්‍රෝහි පාවාදීම ඔහු කරලා ඉවරයි!-ජාතික නිදහස පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී සහ ජිනප්‍රිය ප්‍රභාත් විතාන -දිවයින

"බූරුවයි අශ්වයයි එකතු වුණාම උපදින්නේ කොටලුවෙක්‌ කියනවනේ. කොටලුවා කියන්නේ වඳ සත්ත්වයෙක්‌. ඒ නිසා කොටලු එකතුවකින් කවදාවත් කොටලු පරපුර බිහිවෙන්නේ නැහැ. ජනතා විමුක්‌ති පෙරමුණයි එක්‌සත් ජාතික පක්‍ෂයයි එකට එකතු වෙලා බිහි කළ කොටලුවා තමයි මේ ජනාධිපති අපේක්‍ෂකයා. මේ අපේක්‍ෂකායටත් කිසිම දෙයක්‌ අලුතින් උපදවන්න බැහැ.මේක තමයි මේ ඉතිහාසයේ සිදුවූ අරුම පුදුම එකතුව". ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ලබාදී ඇති බව සඳහන් ප්‍රකාශයක්‌ පදනම් කරගෙන විශාල මතභේදයක්‌ ඇතිවී තිබේ. මෙම මත භේදය සම්බන්ධයෙන් ජාතික නිදහස පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග පළ කළ අදහස්‌ පහත පරිදි වේ

Saturday, 19 December 2009

හොඳ වෘත්තිකයකු වූ පමණින් හොඳ නායකයකු විය හැකිද?

2009 නොවැම්බර් 24 වන දින "දි අයිලන්ඩ්" පුවත්පතේ ඉන්දියානු ලේඛක බී. රාමන් විසින් පළකෙරුණු ලිපියකි. සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ-දිවයින
ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් දේශපාලනයට පිවිසීම සඳහා ගෙන ඇති තීරණය, එහි ප්‍රතිවිපාකයන් සහ ඔහු විසින් ශ්‍රී ලංකාව සහ ලෝක ප්‍රජාව වෙනුවෙන් කළ යුතුව තිබූ මෙහෙය සම්බන්ධයෙන් බී. රාමන් නමැති ඉන්දියානු දේශපාලන විග්‍රහකරු විසින් ඉදිරිපත්කර ඇති කරුණු ශ්‍රී ලාංකීය ජනතාව විසින් යම්තමින් හෝ අවබෝධ කරගත යුතුය යන පිළිගැනීම මත ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියා ඇති එම ලිපිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීම මගේ උත්සාහයයි.ඉන්දීය රජයේ අමාත්‍ය මණ්‌ඩල අතිරේක ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ බී. රාමන් පවසන පරිදි ඉන්දියාවේ "කලිස්‌තානි" ත්‍රස්‌තවාදය සහ ශ්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී ව්‍යාපාරයට දෙරට ඉතිහාසයේ සුවිශේෂ තැනක්‌ හිමිවන්නේ දෙරටෙහිම ආණ්‌ඩුක්‍රම මගින් එම ත්‍රස්‌තවාදීන්ගේ ඉල්ලීම්වලට යටත් නොවී ඔවුන් මර්දනය කිරීමට කටයුතු කිරීම නිසාය. එහෙත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ නම් එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට සහ මුළුමහත් සමාජයට, එල්ලවූ තර්ජනය, ඉන්දියාවේ "කලිස්‌තානි" සංවිධානය මගින් ඉන්දියානු රජයට සහ ජන සමාජයට එල්ලවූ තර්ජනයට වඩා අති බිහිසුණු බවයි. "කලිස්‌තානි" ත්‍රස්‌තවාදීන් මෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය මගින්ද මෙරට භූමිය අත්කර ගැනීමට දැඩි උත්සාහයක්‌ ගැනුණු අතර සිය භීෂණ ක්‍රියා මඟින් මුළු මහත් ජන සමාජයම බියවැද්දීමට සමත් වූ බව සඳහන් කළ යුතුව ඇත.

ඇහැලෙපොළගෙන් පසු වූ මහා පාවාදීම

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය-දිවයින

තරුණ නීතිඥවරයන් වශයෙන් මහෙස්‌ත්‍රාත් උසාවියේ නීති ආලින්දයේ වඩාත්ම කතා වූයේ දේශපාලනයයි. ස්‌ටැන්ලි තිලකරත්න ඒ කාලයේ කථානායකයා විය. එහෙත් ඔහු මහෙස්‌ත්‍රාත් උසාවියට පැමිණ අපිත් සමග දේශපාලනය කතා කිරීමට කිසිදාක පසුබට නොවිණ. මෙහිදී කෝට්‌ටේ මන්ත්‍රී ස්‌ටැන්ලි තිලකරත්න ද, උඩුප්පිඩි මන්ත්‍රී සිවසිත්තම්බරම් ද මෙම සංවාදවලට සහභාගි වූහ. සිවා අප අතරේ වීරයෙක්‌ විය. මන්ද, මහෙස්‌ත්‍රාත් උසාවියේ එකල සිටි දක්‍ෂතම අද්වකාත් ඔහු වූ නිසාය. මෙම සාකච්ඡාවලට එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයකු වූ හිටපු කොළඹ උප නගරාධිපති, ජෝ පෙරේරා මහතා සහභාගි විය.මෙහිදී ලංකාවේ බඩු මිල වැඩි වන විට, අගහිඟකම් වැඩි වන විට, ගාස්‌තු ද අඩුවීමේ හෝ නොලැබීමේ ප්‍රවණතාවක්‌ ඇති වන බව කතා වීය. මේවාට හේතු සොයන්නට නීතිඥවරු බොහෝ දක්‍ෂ වූහ. කෙනකු සිරිමාවෝගේ ප්‍රතිපත්තියට දොස්‌ කිවූ අතර, තව කෙනකු මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව කීහ. අපි සියලුදෙනාම මෙවැනි තර්කවලට උසුළු කරන්නට පුරුදු විය. ලංකාව ගොදුරු කරගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සූදානම් වී සිටින බවත්, දැනටමත් ඇමරිකාවේ 07 වැනි නෞකා පන්තිය ඉන්දියන් සාගරයේ ගමන් කරන බවත් මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල වශයෙන් ලංකාවේ බඩු හිඟයක්‌ මවා පාන බවත් අධිනීතිඥ සිරිවර්ධන මහතාගේ ප්‍රධාන තර්කයක්‌ විය. අපි මේ කතා බැහැර කළේ උපහාසයෙන් සහ අපහාසයෙනි.

Thursday, 17 December 2009

ජනපතිවරණයේ සහන පොරොන්දු ඉටු කළ හැකිද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත- දිවයින
ජනපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ජනපති අපේක්‍ෂකයන්ගේ කතාවලට මහජනයාගේ ඉහළම අවධානය ද යොමු ව ඇත. එහෙත් අපට පෙනෙන්නේ මේ ජනපතිවරණ කතාවලදී තම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ජනතාව හමුවේ තබනවා වෙනුවට හැම දෙනාම පාහේ දේශපාලන අවලාද හා මඩ ප්‍රහාර එල්ලකර ගනිමින් සිටින බවයි. මෙවැනි අවලාද හා මඩ ප්‍රහාර එල්ල වන අතරේ තමන් කිරීමට අපේක්‍ෂා කරන දේවල් ගැන ද අපට අසන්නට ලැබෙයි. මෙවර ජනපතිවරණයට අපේක්‍ෂකයන් විශාල පිරිසක්‌ ඉදිරිපත්ව ඇති බවට ද මාධ්‍ය වාර්තා පළවිය.

Wednesday, 16 December 2009

එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ ඝාතනය ගැන ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පුවත්පත් ප්‍රකාශය ශ්‍රී ලංකා යුද හමුදාව අනතුරකට ලක්‌කර තිබෙනවා-අධිනීතිඥ ගෝමින් දයාසිරි

ඒ. ඡේ. ඒ. අබේනායක-දිවයින

ප්‍රධාන පෙළේ එල්ටීටීඊ නායකයන් කිහිප දෙනකු හමුදාවට භාරවීමට පැමිණෙද්දී ඔවුන් ඝාතනය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස්‌ දුන් බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සති අන්ත ඉංගී්‍රසි පුවත්පතකට කළේ යෑයි කියන ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා යුද හමුදාව විශාල අනතුරකට ලක්‌කොට ඇතැයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා ප්‍රකාශ කළේය.එම වකවානුවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතාගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව තුළදී අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි කිරීමක්‌ වන්නේ යෑයිද හේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පුවතක පසුබිම - ජාතික ආරක්‍ෂාව සහ ගිනි ඇවිලවීම

කීර්ති වර්ණකුලසූරිය-දිවයින
කොටින්ගේ පොදු සතුරා දැන් එකිනෙකාට විරුද්ධ වී ඇත. - යුරෝපා කොටි වෙබ් අඩවිය.කොළඹ සිට සැතපුම් 250 ක්‌ ඈත කැලෑවේ බංකරයක සිට තමාගේ ඉල්ලීම් ඉටු නොකළහොත් ලේ විලක්‌ කරන්නේ යෑයි වහසි බස්‌ දෙඩූ ප්‍රභාකරන් නම්වූ ඝාතකයාට එරෙහිව අද ඝෝෂා කරන බොහෝ දේශපාලකයන් හඬ නැඟුවේ නැත. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද? රටේ ජනතාවගේ ප්‍රධාන සතුරා පරාජය කිරීමට දායක වූ පාර්ශ්වයන් ජාත්‍යන්තර කොටි ජාලය තවදුරටත් ක්‍රියාත්මක වන බව අමතක කිරීමයි. පසුගිය ඉරිදා ගි්‍රනිච් වේලාවෙන් 5.43 ට පුවතක්‌ විකාශය කළ ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය පැවසුවේ ජනාධිපති අපේක්‍ෂක හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් යටත් වීමට පැමිණි කොටි නායකයන් තිදෙනකු ඝාතනය කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් නියෝග කළේ යෑයි කියා සිටි බවය.

එස්‌ බීත් අපිත් එක්‌ක ජොන්aස්‌ටන් ඇතුළු පිරිසත් තීරණයක්‌ ගනීවි තව සති දෙකක්‌ යනවිට එජාප ජ.වි.පෙ. හවුල කඩා වැටෙනවා -ඇමැති මෛත්‍රීපාල සිරිසේන

මින්නේරිය - සුජිත් කරුණාතිලක- දිවයින

ඉදිරි සති දෙකක්‌ යනවිට එජාප ජවිපෙ හවුල කඩා වැටෙනවා. අද එස්‌. බී. අපිත් එක්‌ක. ඉදිරියේදී ජොන්ස්‌ටන් ඇතුළු පිරිසත් කිසියම් තීරණයක්‌ ගනීවි. අද එජාපය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුද ජවිපෙ තුළත් බරපතළ අර්බුද"
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ශ්‍රීලනිප ආසන බල මණ්‌ඩල සාමාජිකයන් අමතා ශ්‍රී.ල.නි.ප. මහලේකම් කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා (12 දා) එසේ පැවැසීය. මෙම රැස්‌වීම පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් කථා කළ ඇමැති සිරිසේන මහතා, එදා ඡේ. ආර්ට, ප්‍රේමදාසට, විඡේතුංගට, චන්ද්‍රිකාට බැරි වූ දේ රනිල් වික්‍රමසිංහ පාවා දුන් දේ ත්‍රස්‌තවාදය ජයගැනීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළා. බටහිර රටවල් එක පෙළට සිටගෙන කීව යුද්ධය නවත්වන්න කියල.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කීවෙ ඔය කවුරු කීවත් මම ගණන් ගන්නෙ නෑ. ෆොන්සේකා ගහපං ගහපං ගහපං කියලා ඒක හමාර වුණේ මැයි 18 දා.


නැවත මහින්ද රාජපක්‍ෂ බලය ඉල්ලන්න ප්‍රභාකරන් පරාජය කරන්න නෙවේ. යහපත් ආර්ථිකයක්‌ ඇති සමෘද්ධිමත් රටක්‌ බවට රට පත්කරන්න.


අද සරත් ෆොන්සේකා දේශපාලනයට ඇවිත් තියෙන්නෙ වෛරයෙන්. වෛරය පෙරදැරි කරගෙන කරන දේශපාලනය සාර්ථක වෙන්නේ නෑ. මිනිසුන් සමඟ මානව වර්ගයා සමග සෙනෙහසින් ආදරයෙන් කටයුතු කරන්න ඕන.


පසුගිය දිනවල තිබුණු ජෙනරාල් ෆොන්සේකාගෙ මාධ්‍ය රැස්‌වීමකදී ඔහුගෙ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඇහුවම කීවෙ මොකක්‌ද, එජාපෙ ආර්ථික ප්‍රතිපත්තිය තමාත් දියත් කරන බවයි. මොකක්‌ද එජාපෙ ආර්ථික ප්‍රතිපත්තිය, පොහොර සහනාධාරය කපනව, වී අලෙවි මණ්‌ඩලය වහනවා, රනිල් වික්‍රමසිංහගේ යළි පුබුදමු යළි ආරම්භ කරනවා.


මෙහිදී කතාකළ ප්‍රවාහන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා මෙසේ පැවැසීය. 1948 දී මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට ජනතාව පක්‍ෂ භෙAදයකින් තොරව කෘතවේදී වුණා. මෙවරත් ඒ වගේ ජනතාවට ලොකු පිංකමක්‌ කරන්න තියෙනවා. රට එක්‌සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ භෙAද, ජාති භෙAද, පන්ති භෙAදයකින් තොරව නැවත පත්කිරීම මහින්ද රාජපක්‍ෂ මහතා ගැන රටම දන්නව. 1970 ළාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසිලා ආපහු ගිය හැටි ආපහු ආපු හැටි කියපු කරපු දේවල් සියල්ල රටම දන්නව. මන්ත්‍රී, ඇමැති, විපක්‍ෂනායක, අගමැති විධියට කියපු කරපුq දේවල් ජනතාව දන්නවා. අවුරුදු 40 ක ඉතිහාසයක්‌ දේශපාලන ක්‍ෂේත්‍රයේ තියෙන විනිවිද පේන චරිතයක්‌.

ඇත්තටම විපක්‍ෂයේ අපේක්‍ෂක ගැන දන්නෙ අවුරුදු පහක හයක සිට. රණවිරු ෆොන්සේකා ගැන නෙවේ බෙදුම්වාදීන් මැදිකරගත් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් වටකරගත්තු මේ ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කළ යුතුව තිබෙනවා. කවුද හිතුවෙ මේ කණ්‌ඩායම එකතු වෙයි කියල. ඕනම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කීව මිනිහා තමන්ගෙ අපේක්‍ෂක ලෙස තෝරගන්න. ගැලවීමේ හමුදාවේ නායකයා වීමටවත් සුදුසු නෑ කීව පුද්ගලයා මේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරන්න මේ අයගේ දිව නැමුණේ කොහොමද? මහා යුද වීරයෙක්‌ ලෙස එක සැරේ පිළිගන්න හේතුව මොකක්‌ද? තමන්ගෙ නායකයා පණපිටින් බොරැල්ල කනත්තෙ මිනී පුළුස්‌සන තැනට ගෙනැත් දාපු එජාප ජවිපෙ එකතු වෙන්නෙ කොහොමද? කවුද මේක කරේ..? වෙන බලවේගයක්‌. අපි අවුරුදු දෙකකට පෙර කීව මේ රටට විරුද්ධව දැවැන්ත කුමන්ත්‍රණයක්‌ දියත් වෙනව කියලා. ඒ මේ ඉව වැටිල.


ජවිපෙ තම අපේක්‍ෂකයා ජෙනරාල් ෆොන්සේකා බව නිවේදනය කළ වහාම බටහිර රටවල සිටින එල්. ටී. ටී. ඊ. හිතවාදීන් රතිඤaඤd පත්තු කළා.


එල්. ටී. ටී. ඊ. එකට අනුග්‍රහය දක්‌වපු මුදල් දීපු, හිතවාදී ලෙස සිටි කණ්‌ඩායම සමග කොහොමද මේ එකට එකතු වෙලා ඉන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපතිවාදය සුන්දර වචන විතරයි. මොන ඒකාධිපතියද මේ වගේ එක දිගට මැතිවරණ තිබ්බේ. ලෝකයේ කිසිම රටක ඒකාධිපතියා මැතිවරණ තිබ්බේ නෑ. අපේ රටේ අවුද්දෙන් අවුරුද්ද මැතිවරණ තිබුණා.


අනුර කුමාර දිසානායක මහතා කියල තිබුණා එයාල දෙවැනි මෙහෙයුමත් ඇරඹුව කියලා. පළමු මෙහෙයුමට හිටිය ශවේන්ද්‍ර සිල්වල, චාගි ගාල්ලගේල, නන්දන උඩවත්තල ආදි විරුවන් අද එයාලගෙ දෙවැනි මෙහෙයුමේ ශවේන්ද්‍ර සිල්වා වෙනුවට ඉන්නෙ කවුද මනෝ ගනේෂන් චාගි ගාල්ලගේ වෙනුවට රවුෆ් හකීම් නන්දන උඩවත්ත වෙනුවට තිස්‌ස අත්තනායක මේ කට්‌ටිය එක්‌ක තමයි මේ විශේෂ මෙහෙයුම කරන්නෙ.


මෙම රැස්‌වීම අමතා ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් යන මහත්වරුද කතා කළහ.

Saturday, 12 December 2009

සුදුස්‌සා තේරීම ජනතාවට බාරයි

දයාන් ජයතිලක විසින් 2009 දෙසැම්බර් 7 වැනිදා "දි අයිලන්ඩ්" පුවත්පතට සැපයූ ලිපියකි. සිංහලට සකස්‌ කළේ කුමාර් අබේසිංහ.-දිවයින

මා දකින ආකාරයට අද පවතින ප්‍රශ්නය "බලතුලනය" පිළිබඳ ප්‍රශ්නයකි. එය මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා දෙපළ විසින් නියෝජනය කෙරෙන සිවිල් සහ හමුදා පාලනයේ බලතුලනය පිළිබඳ ප්‍රශ්නයකි. එබැවින් එය පවුල්වාදය පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවේ. යුද්ධය පවතින කාලයේ සිදුවුණේ රාජ්‍යය පාලන බලය යුද්ධ හමුදාව වෙත තල්ලුවීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකාට අවශ්‍ය වුණේ එම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීමටයි. එහෙත් රටට සාමය උදාවූ පසු මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය වුණේ එම බලය නැවත සිවිල් පාලනය දෙසට ඇදගනිමින් සිවිල් පාලනය තහවුරු කරමින් ජනවරමින් තේරීපත්වන ජනාධිපතිවරයාගේ ස්‌වාධිපත්‍යය තහවුරු කිරීමටයි.මේ රටේ සමස්‌ත ජනතාවම අද තීරණාත්මක මොහොතකට එළඹ තිබෙන බව සඳහන් කළ යුතුයි. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ සහ ජනරාල් සරත් ෆොන්සේකා අතරින් කවුරුන් මෙරට ජනාධිපති ධුරය සඳහා තෝරාගත යුතුද යන්න මෙරට ජනතාව විසින් ගත යුතු එම තීරණාත්මක තීන්දුවයි.

Friday, 11 December 2009

දේශෙද්‍ර`හී බලවේග කුමන වෙස්‌ ගෙන පැමිණියත් මවුබිමට එරෙහි සියලූ අභියෝග පරදවා - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය -දිවයින.

මවුබිමට එරෙහි වන සියලු අභියෝග ඉදිරියේ තමා මවුබිමේ ජයග්‍රහණයට කැප වන බවත්, දේශෙද්‍ර`හී බලවේග කුමන වෙස්‌ගෙන පැමිණිය ද තමාට පෙර රට ගැන සිතා රට ඉදිරියෙන් තබාගෙන කටයුතු කිරීම තම දේශපාලන දර්ශනය බවත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 08 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති සමථ මණ්‌ඩල නියෝජිත හමුව අමතමිනි.

Wednesday, 9 December 2009

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රමවේදය වහා රටට හෙළි කරන්න -- ඇමැති පාඨලී රණවක

ලසිත දුමින්ද- දිවයින

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රමවේදය වහාම රටට හෙළිකරන ලෙස විපක්‌ෂයේ ඊනියා සන්ධානයෙන් ප්‍රශ්න කරන බව පරිසර හා ස්‌වාභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව කරන්නේ කුමක්‌ද කියා විසංවාදී ප්‍රකාශ නොකොට නිශ්චිත අදහසක්‌ රටට ලබා ගත යුතු බවද ඇමැතිsවරයා කීවේය. හෙතෙම මේ බැව් කීවේ ඊයේ (08 වැනිදා) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

Tuesday, 8 December 2009

රොබට්‌ බ්ලේක්‌ගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඔබ්බට යැම

කීර්ති වර්ණකුලසූරිය -දිවයින
දෙදිනක සංචාරයක්‌ සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ අද (8 දා) මෙරටට සම්ප්‍රාප්ත වේ.

ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා යෑයි දක්‌වමින් බ්ලේක්‌ මෙරටට පැමිණෙන බව පැවසුවත් ඔහුගේ මෙම සංචාරය අතිශයින්ම සැක සහිතය.මෙරට හිටපු ඇමරිකානු තානාපති වූ රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්වූ වාර්තාවේ නිර්මාතෘ යෑයි හඳුන්වනු ලබයි.