මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ-දිනමිණ
2010 ජනවාරි 26 දින පැවති ජනාධිපතිවරණයට දින නියම වීමත් සමඟ ම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එතුමාගේ දරුවන්, සහෝදරයන් හා ඥාතින් සම්බන්ධයෙන් රට තුළ විවිධ කට කතා ශීඝ්‍රයෙන් සංවිධානාත්මක ලෙස ප්‍රචාරය විය.
2005 වර්ෂයේ දී ජනාධිපති පදවියට පත් මහින්ද රාජපක්ෂ මහතා තවත් දෙවසරක පාලන කාලය ඉතිරිව තිබිය දී යළිත් ජනමතය විමසා බැලීම සඳහා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ ඒ වනවිට රට තුළ තිස් වසරක් පුරා ක්‍රියාත්මක වූ කුරිරු ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුළුමනින් ම විනාශයට පත් කළ පසුව යි. මේ රටේ සියලු දෙනා තුළ මරණය කොයි මොහොතේ කොතැනක දී කවර ආකාරයකින් උරුම වේ දැයි කිව නොහැකි, සිතිය නොහැකි තරම් අවිනිශ්චිත බවක් ඇති වී තිබුණි. ඒ වනවිටත් දහස් ගණන් ජීවිත මෙන් ම මිල කළ නොහැකි තරමට රාජ්‍ය හා පෞද්ගලික දේපළ විනාශ වී තිබුණි.
Showing posts with label දිනමිණ. Show all posts

Monday, 1 February 2010
Wednesday, 23 December 2009
ෆොන්සේකාගේ මහා පාවාදීම රණවිරුවන්ට විදේශ පුහුණුව ඇන හිටී අපේ රණවිරුවන්ට සාම හමුදාවේ දොර වැසේ 58 වැනි සේනාංකයටම තර්ජනයක්
ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර-දිනමිණ
සරත් ෆොන්සේකා මහතා කළ දේශ ද්‍රෝහී පාවාදීම නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන්ට පමණක් නොව පනස් අට වැනි සේනාංකයටම බරපතළ තර්ජනයක් එල්ලවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ අවධාරණය කරති.මේ පාවාදීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාවටම විදේශ පුහුණු අවස්ථා, සාම සාධක බළකාවල සේවය කිරීමේ අවස්ථා පවා අහිමි වී යා හැකි බව පෙන්වා දෙන ඔවුහු, මේ පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ජයග්‍රහණය කිරීමට නොව රණවිරුවන් පාවා දීමේ අරමුණෙන් යැයි පෙන්වා දෙති.

Tuesday, 22 December 2009
මංගලගේ තියෙන්නේ කපටිකම් විතරයි. ඇඳුම් මහන්න විතරයි දක්ෂ. ප්‍රේම කරන්නවත් දන්නේ නැහැ. ගැහැනියකට ප්‍රේම කරන්න බැරි නිසා කොල්ලන්ට ප්‍රේම කරනවා. ගැහැනියකට ප්‍රේමකරන්න බැරි එකාට මොනවාද කරන්න පුළුවන්.- එස්. බී. දිසානායක
සුභාෂිණී සේනානායක-දිනමිණ
ඔබ යළි මහගෙදරට ආවා. ශ්‍රී. ල. නි. පක්‍ෂය අතහැර එජාපයට යන්න හේතු වූ කාරණා මොනවාද?
අපි දේශපානයට අත්පොත් තිබ්බේ වමේ දේශපාලනයෙන්. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයෙන් මම දේශපාලනය ආරම්භ කළා. කොමියුනිස්ට් පක්ක්‍ෂයෙන් වමේ දේශපාලනය කිරීම ආරම්භ කළා. චද්‍රිකාව එදා පොදුජන එක්සත් පෙරමුණට රැගෙන ආවෙත් මම. එහෙම හදපු පක්‍ෂය දාලා එන්න වුණ එක විශාල වේදනාවක් වුණා. පොදු ජන එක්සත් පෙරමුණින් මම ඉවත්වන විට සමෘද්ධි, පාර්ලිමේන්තු කටයුතු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති, ශ්‍රී. ල. නි. ප. මහලේකම් වැනි තනතුරු රැසක් දැරුවා.

බටලන්ද වධකාගාරය නිර්මාණය කළ රනිල්ට, සෝමවංශ චරිත සහතික දීම ඛේදවාචකයක්- - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ
නුවන් කොඩිකාර-දිනමිණ
බටලන්ද වධකාගාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මානව හිතවාදියකු කරමින් සෝමවංශ අමරසිංහ මහතා චරිත සහතික දීම මහා ඛේදවාචකයක ආරම්භයක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.මේ පිළිගැනීමෙන්ම සෝමවංශ මහතා ජවිපෙ වෙනුවෙන් ජීවිත කැපකළ හැට දහසක පමණ පිරිසකගේ ජීවිත පාවාදී ඇතැයිද හෙතෙම කීය.

Wednesday, 16 December 2009
ෆොන්සේකා ආවොත් හමුදාවට දෙවි පිහිටයි
අධිනීතිඥ ගෝමින් දයාසිරි -සාකච්ඡා කළේ උදිත ගුණවර්ධන -දිනමිණ
අධිනීතිඥ ගෝමින් දයාසිරි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිඥවරයෙකි. ලංකාවේ පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යවස්ථා සහ නීති ක්‍රම හදාරා ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකි. විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ගෝමින් දයාසිරි පැවසූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිනි.යුද විරුවෙක් පරාජයේ සංකේතයක් බවට පත්ව සිටී. යටත්වීමට පැමිණි ත්‍රස්තවාදීන් යුද හමුදාව විසින් මරා දැමූ බවට සරත් ෆොන්සේකා චෝදනා කරන්නේ මන්ද? ඔහු තමන්ම නිගාවට පත්කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වනවාද? සත්‍ය හෝ මනඞකල්පිත වූවත්, විශ්‍රාම ලද හමුදාපති යුද අපරාධ කළ බවට චෝදනා කරන්නේ ඔහුගේ අණසක යටතේ වූ තම යුද හමුදාවටයි. නාමයෝජනා බාරදීමට පෙරම ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් නුසුදුසු බව ෆොන්සේකා විසින්ම පෙන්වාදෙන හැඩයි.

ප්‍රභාකරන්ට උපකාර කළ පිරිස් ෆොන්සේකා වටා පෙළ ගැසිලා
අසේල කුරුළුවංශ-දිනමිණ
ජ.වි.පෙ සහ එජාපෙ මෙහෙයවීම මත ජනපතිවරණයට ඉදිරිපත් ව සිටින සරත් ෆොන්සේකා ජයග්‍රහණය කැරවීමට අද පෙළ ගැසෙමින් සිටින්නේ පසු ගිය කාලය පුරා එල්. ටීටීඊයට හා ප්‍රභාකරන්ට ආධාර උපකාර කළ පිරිස් බව එජාප හිටපු ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතා පැවැසීය.මෙම තත්ත්වය අද කාටත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා කීය. දේශීය හා විදේශීය කුමන්ත්‍රණකාරයින්ගේ අතකොළුවක් බවට පත් ව ඇති එජාපය අද දිනෙන් දින විනාශයට ගමන් කරන බවත් බුද්ධිමතුන්ට හා වියතුන්ට පක්ෂ නායකත්වය ඇහුම්කන් නොදීම නිසා ඔවුන් දිනෙන් දින පක්ෂය හැර යමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.

Saturday, 12 December 2009
මිලිටරි නායකයකු ජනපතිවරණයට ඒමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය බිහිසුණු අඩියක -කොමියුනිස්ට් පක්ෂයේ නායක ඇමැති ඩිව් ගුණසේකර
ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර -දිනමිණ
ජනාධිපතිවරණයට මිලිටරි නායකයකු ඉදිරිපත් වීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය, මිලිටරිකරණය වී, මිලිටරිය දේශපාලනීකරණය වන බිහිසුණු වාතාවරණයක් දැන් උද්ගතව තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා පවසයි.දෙස් විදෙස් ප්‍රතිගාමී බලවේග එක්ව තෝරා ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට හැකි මිනිසෙකුවයි. ජනතාව මේ කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි.

ෆොන්සේකාගේ ඡන්ද වැඩට කොටින්ගෙන් කෝටි 20ක්
දිනමිණ
ස්වීඩන් හා නෝර්වේ කොටි නායකයින්ගෙන් රුපියල් කෝටි 20ක් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදීමට එකඟත්වය පළකර ඇතැයි වාර්තා වේ.
මේ මුදල් ලැබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ය. ස්වීඩනයේ කොටි නායක තෙදියවන් හෙවත් සිවරත්නම් මේ මුදල් ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී තිබේ.එම ප්‍රමාණය පවුම් මිලියන 10කි. මැතිවරණය සඳහා වැය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ජර්මනියට ගිය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේදී හමුවූ අවස්ථාවේදී කොටිනායක තෙදියවන් ඒ බව ප්‍රකාශ කර තිබේ.

Thursday, 10 December 2009
අපේ මවු බිමත් දරුවනුත් ගැන සිතා ජනාධිපතිවරණයේදී අපි නිවැරැදි තීරණයක් ගනිමු-- ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහ
මනෝලි සුබසිංහ - දිනමිණ
පහුගිය ජනාධිපතිවරණයේ දී අප රට දේශපාලන මගෙහි විශාල වෙනසක් සිදු විය යුතු යැයි ද ඒ මග ඉතාම පැහැදිළි ව අපට පෙනෙන්නට ඇතැයි ද ප්‍රකාශ කළෙමි. මහින්ද චින්තනය ජයග්‍රහණය කළේ ය.
අපේ බලාපොරොත්තු ද ඉටු විය. අනතුරුව අපේ මව්රට විනාශයේ අඳුරු දොරටුව කරා ඇදගෙන ගොස් සිටි කුරිරු ත්‍රස්තවාදීන්ගේ විනාශය ද එලෙසින්ම සිදු විය. ඒ ගැන අපි පුන පුනා කතා කළ යුතුම ය. අප එය අමතක නොකළ යුතුය. තම රටට ආදරයක් ඇත්තෙකුට අමතක කිරීම ද කළ නොහැකි ය. මීට අවුරුදු තිහකට වැඩි කලකට පෙර අප රට ගොදුරු වූ ත්‍රස්තවාදයෙන් මිදී නිදහස අප දැන් භුක්ති විඳිමු.

Wednesday, 9 December 2009
යුද්ධයෙන් පසුවත් ජෙනරාල් ආයුධ ගෙන්නන්න හැදුවා ආරක්ෂක ලේකම් එය නතර කළා-- සෞඛ්‍ය ඇමැති
දයා පෙරේරා සහ දුමින්ද ගුරුගේ-දිනමිණ
ප්‍රභාකරන් ඝාතනය කොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා සිය නිලයේ බලතල පාවිච්චි කරමින් මෙරටට අවි ආයුධ ගෙන ඒමට උත්සාහ දැරූ බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති සහ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කෙළේය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී මේ අවි ආයුධ ගෙන ඒම වැළැක්වූ නිසා සරත් ෆොන්සේකා මහතා රජය සමඟ අමනාප වී විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ද ඇමැතිවරයා කීවේය.

නන්දිමිත්‍ර රජකම ඉල්ලුවේ නෑ පැහැදිළිවම රජ ගෙදර බණ ගෙයක් බවට පත් වුණේ එතුමා බලයට පැමිණි පසුවයි. - මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද
සාකච්ඡා කෙළේ අසේල කුරුළුවංශ-දිනමිණ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන් සමඟ ඉදිරි ජනාපතිවරණය අලලා සිදුකළ සාකච්ඡාවකි මේ.
නියමිත කාලයට දෙවසරකට පෙර ජනපතිවරණයක් පැවැත්වීමට දැන් දින නියමකර අවසානයි. මෙම අවස්ථාවේ ජනපතිවරණයක් පැවැත්වීමට ජනපතිතුමන් ගත් තීරණය නිවැරැදි යැයි ඔබ වහන්සේ හිතනවද ?

මන්ත්‍රී ධුරයක් හෝ දරා නැති පුද්ගලයකුට සහාය දෙන්න බෑ - - මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
නිරූෂි විමලවීර - දිනමිණ
විධායක ජනාධිපති ධුරය වැනි උත්තරීතර තනතුරක් සඳහා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක් හෝ දරා නැති පුද්ගලයකුට සහාය ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිසා මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

Tuesday, 8 December 2009
එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...
ජනතා මිත්‍ර දිනමිණ
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කිසිදු අයුරකින් අඩු නොවන නිසා එම ප්‍රතිරූපය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අසාර්ථක උත්සාහයක නිරත වී සිටී. ඒ සඳහා මඩ කලාවක් ද උපයෝගී කරගනිමින් එම දේශපාලන පක්ෂ දෙකේම ඇතැම් කථිකයෝ කරළියට පිවිසී සිටිති.ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ජනාධිපතිතුමාට හා එම පවුලට මඩ ප්‍රහාර එල්ල කිරීමය. ඒ සඳහා යොදාගෙන තිබෙන නවතම තුරුම්පුව සරත් ෆොන්සේකා මහතාය. සරත් ෆොන්සේකා මහතා ප්‍රතිපත්තිමය කරුණු හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකර ජනාධිපතිවරණය සඳහා මඩගැසීමේ කලාවක් තෝරාගැනීම කනගාටුදායකය. තමන්ට ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාවට ඉදිරිපත් කිරීමට කිසිවක් නොමැතිනම් හොඳම දෙය වන්නේ නිකරුණේ මඩ ප්‍රහාර එල්ල නොකර නිහඬව සිටීමයි.

රනිල් ගේ ගැටයට සරත් අසුවෙලා-- එස්. බී. දිසානායක
රනිල් ගේ ගැටයට සරත් අසුවෙලා
මැතිවරණ කල් දමන ආඥාදායක හමුදා පාලනයක්
ඉදිරි මැතිවරණයක දී ජවිපෙට මන්ත්‍රී ධුර තුනයි
අන්ත පරාජයෙන් බේරීමට ජවිපෙ ඇටවූ උගුලක්
- එස්. බී. දිසානායක
නිරූෂි විමලවීර ධනුෂ්ක ගොඩකුඹුර -දිනමිණ
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කෙළේ 2017 වනතෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට බව එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ එස්. බී. දිසානායක මහතා ඊයේ මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

රටේ ආර්ථිකය ඍණ අගයක් ගනිද්දී චන්ද්‍රිකාගේ මාලිගයට කෝටි 6000ක්-මංගල ගේ ඇමැතිකාමරය ලස්සන කරන්න ලක්ෂ 234ක්
නිරූෂි විමලවීර -දිනමිණ
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රටේ ආර්ථිකය ඍණ අගයක් ගනිමින් තිබියදී එසේම රටේ සංවර්ධනය කඩා වැටී උතුරේ යුද පරාජයන් නොකඩවා සිදු වූ අවස්ථාවක චන්ද්‍රිකා රජය පෙරලා දැමීමට තමා පෙරමුණ ගත් බව එස්. බී. දිසානායක මහතා කීය.

Thursday, 3 December 2009
"මේ රටේ පක්ෂ දේශපාලනය නිසා නිදහස ලබලා අවුරුදු 61ක් තිස්සේ අපි උඩ බලා ගෙන කෙළ ගහ ගත්තු මිනිස්සු කොටසක් වුණා". - ජී. ආර්. පෙරේරා
මනෝලි සුබසිංහ දිනමිණ
මම ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්න දෙයක් තමයි මේ රටේ පක්ෂ දේශපාලනය නිසා නිදහස ලබලා අවුරුදු 61ක් තිස්සේ අපි උඩ බලා ගෙන කෙළ ගහ ගත්තු මිනිස්සු කොටසක් වුණා. අලුත් දෙයක් කියලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් අපට දීලා ගියා. නමුත් සුද්දෝ දැන ගෙන ඉන්න නැතිව ඇති අපි බුද්ධ ධර්මයත් එක්ක අවුරුදු 2500ක් පුරාවට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති වින්ද බව.
බෞද්ධ ධර්මයේ තරම් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ තැනක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. මේ බහු පක්ෂ අපි කියා ගන්නා විට අපි දැන ගෙන හිටියේ නැහැ එහි අනර්ථය කොච්චරද කියලා. මේ බහු පක්ෂ දේශපාලන ක්‍රමය නිසා (අපේ රටේ ලියාපදිංචි කළ දේශපාලන පක්ෂ 57ක් ඇත) ජාතියක් හැටියට හැමදාම නැඟී සිටීමේ අපේ තිබූ සමඟි බලය අද නැති වෙලා ගිහින් තියෙනවා.
මෙවැනි තත්ත්වයක් තිබෙන අතරේ අපට කලාකරුවන් හැටියට සරත් ෆොන්සේකාගේ භූමිකාව දිහා බලන විට ලොකු වේදනාවක් දැනෙනවා. ප්‍රතිපත්තියක් හැටියට මම කවදාවත් දේශපාලන නායකයකුට දොස් කියලා නැහැ. කලාකරුවන් හැටියට මට තියෙන වේදනාව දැන හෝ නොදැන හෝ මෙතරම් වටිනා පුද්ගලයෙක් මේ වගේ උගුලකට අහු වුණේ කොහොමද කියලයි.
එතුමා යුද ශිල්පයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදීන්ගේ උගුල්වලට අසු නොවී යුද්ධය ජයග්‍ර‍්‍රහණය කරවන්නට උදව් කළ එක ඇත්ත. නමුත් මට කනගාටු එතුමා තේරුම් අරගෙන නැහැ ; දේශපාලන උඟුල්වලින් බේරෙන හැටි. විවෘත මනසකින් බලන විට මට නම් පෙනෙන්නේ මේ පිටු පස්සේ සුළුවෙන් බැහැර කළ නොහැකි අති දැවැන්ත විදේශ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. මොකද අපි පැහැදිළිව දැකලා තියෙනවා.
CIA සංවිධානය ඇතුළු බටහිර බලවතුන් තමන්ට අවනත නොවන රාජ්‍ය පාලකයින් එකළොස් දෙනෙක් දැනට ඝාතනය කර තිබෙනවා. විවිධ කුමන්ත්‍රණ හරහා ඒ හා සමාන පිරිසක් බලයෙන් පහ කර තිබෙනවා.
අපි දන්නවා ලෝකයේ බටහිර බලවේගවලට අවනත නොවූ ජීවමානව සිටින එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි. එනිසා අපි හැමෝගෙම යුතුකමක් තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොන විදියකින් හරි ආරක්ෂා කර ගන්න. අපිට ආදරය කරන සකල පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ඉල්ලන්නේ එච්චරයි.
කලාකරුවන් හැටියට පසුගිය ජනාධිපතිවරණයේ දී සමස්ත කලාකරුවන් එකාවන්ව එකතු වී අපගේ යුතුකම ඉටු කළා. එහි කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. අපේ ප්‍රධාන ඉල්ලීම වුණේ කලාකරුවන්ගේ මැසිවිලි වෙනුවෙන් පෙනී සිටින්නට නෙමෙයි. යුද්ධය නිමා කිරීම අපගේ් ප්‍රධාන ඉල්ලීම වුණා. අපි බලාපොරොත්තු වූවාටත් කලින් ජනාධිපතිතුමා ඒ පොරොන්දුව ඉෂ්ට කළා.
අපි ජනාධිපතිතුමාට මේ හතර අවුරුද්ද තුළ කලාකරුවන්ට කළ යුතු කාර්යභාරය අපි මතක් නොකළේ පළමු ඉල්ලීම එතුමා සියයට දෙසීයක් කැප වී කළ නිසයි. ඒ ගැන කලාකරුවන් හැටියට අපට විශාල සතුටක් තියෙනවා. මොකද කලාව පවතින්න නම් රටක සංවර්ධනය වගේම සාමයත් අවශ්‍යයි. ඒ දෙක නැති තැන කලාකරුවා වනාහි හුදකලා වූ ප්‍රපංචයක් විතරයි.
අද අපට මේ රටේ සංවර්ධන කටයුතු කෙරෙන බව පැහැදිළිව දකින්නට තියෙනවා. එතුමා ප්‍රමුඛ රජය විශාල සංවර්ධන වැඩකොටසක් කරලත් තියෙනවා. තවදුරටත් කරමින් පවතිනවා. මේ සංවර්ධන කටයුතු එතුමා කළේ යුද්ධයත් එක්කයි. යුද්ධය ජයග්‍රහණය කරන ගමන්, සංවර්ධන කටයුතුත් මේ දෙකම එකට සිදුවිය යුතුය කියන සිතිවිල්ලේ දැඩිව සිටි එකම නායකයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න පුළුවනි.
සංවර්ධනයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක අපේ ඇස් දෙකට පෙනෙන්න තියෙනවා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වන්දනා ගමනක් යන කෙනෙකුට මේවා ඇස් පනා පිට දකින්න තියෙනවා. නිදර්ශනයක් හැටියට කිව්වොත් දැන්ම ගිහින් පාරවල් හොයා ගත්තේ නැත්නම් තව අවුරුදු දෙකකින් ඒ පාරවල් වල යන්න බැරි වෙයි. ඒ තරමට සංවර්ධනයක් රට වටේම සිද්ධ වෙනවා. මාර්ග පද්ධතියේ මොනතරම් නම් දියුණුවක් තියෙනවාද ?.
මලයාසියාවේ මහතීර් මොහොමඩ් ජනාධිපතිතුමා රටේ ජනතාවගෙන් බැණුම් අහගෙන පළමු ජනවරමින් සමස්ත මාර්ග පද්ධතියම සකස් කළා. එතුමා පත්වී ඊළඟ අවුරුදු පහ තමයි ඒ රටේ විශිෂ්ට ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේ. එතුමා ඒ දේවල් කෙළේ යුද්ධයක් නැතිව තිබිද්දීයි.
ඒ නිසා අපි හොඳින් අවබෝධ කරගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අවුරුදු හතරකට අඩු කාලයකින් යුද්ධය අවසන් කළා. වගේ ඉදිරි අවුරුදු හය එතුමාට ලබා දුන්නොත් මේ කර ගෙන යන සංවර්ධන කටයුතු ටික පමණක් අවසන් කළත් මහාතීර් මොහොමඩ් මැලේසියාව කළාටත් වඩා දෙයක් අපිට ඊළඟ අවුරුදු පහේ දී දකින්න ලැබේවි. මේ සංවර්ධන කටයුතු එක්ක අපේ රටේ මිනිස්සුගේ අත මිට සරුවෙයි.
කොයි දේ පවතින්නත් සල්ලි අවශ්‍යනේ එතකොට මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ නැහැ. නාට්‍ය බලන්න එන්නේ නැහැ කියලා මැසිවිලි නැති වෙයි. මේ රට එක්සත් කිරීමට රාජ්‍ය පාලනයේ රුහුණු පූණ්‍ය භූ®මියෙන් පහළ වෙලා තියෙන්නේ අවුරුදු 895කට පස්සෙයි. ඒ නිසා මෙය ඓතිහාසික සිදු වීමක්.

ජනාධිපති මහින්ද ඉන්නේ ඉදිරියෙන්
රාමන් දිනමිණ
ජෙනරාල් මේ වැඩේට කාලයක් තිස්සේ සූදානම් වුණා. ඔහු නිල ඇඳුම පිටින්ම දේශපාලනය කළා. නිල ඇඳුම දරාගෙන දේශපාලනයට අදාළ කතා එතරම් සදාචාරාත්මක නැහැ.
දැනට හෙළි වී තිබෙන තොරතුරු වලට අනුව ඔහු විපක්ෂ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙන්නේ සිය ධූරය දරමින්ම බවයි පෙනෙන්නේ. රජයේ නිල නිවාස හා 500 ක පමණ හමුදාවකගේ ආරක්ෂාව ලබමින් ඔහු දේශපාලනයට පැමිණීමට සූදානම් වී තිබෙනවා.
නිදහස් පුරවැසියෙක් විදියට තමන්ට කැමැති දේශපාලනයක නිරතවීමට අයිතියක් ඕනෑම කෙනෙකුට තිබෙනවා. ඒ අයිතිය ජෙනරාල් සරත් ෆොන්සේකාටත් හිමියි. ඒ ගැන විවාදයක් නැහැ.
එහෙත් මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී ධුරයේ සිටිමින් ම දේශපාලන කතා පැවැත්වීමට හා දේශපාලඥයන් සමඟ රහසේ ගනුදෙනු කිරීම හරි නැහැ. සදාචාරාත්මක නැහැ. එය කුමන්ත්‍රණකාරීයි. ඔහු රටේ ඇති කරනවා යැයි පොරොන්දු වන විනයටත් පටහැනියි.
අලුතින් දේශපාලනයට ඇවිත් විනය ගැන ජනතාවට බණ කියන කෙනෙක් ඒ විනය කඩනවා වගෙයි. විනය කැඩීමට අමතරව කුමන්ත්‍රණකාරී වන්නේ රජයේ තනතුරු දරමින් රහසේ විපක්ෂ කණ්ඩායම් සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීම. මේ නිසා ඔහුට පිළිතුරු දීමට නිල ඇඳුම් දාගෙනම අද සමහරුන්ට සිදු වී තිබෙනවා. නැවත එය විනය විරෝධී කියා කියන්න ජෙනරාල් සරත්ට සදාචාරාත්මක අයිතියක් නැහැ.
බලාගෙන යන කොට අපේ රටත් පුදුම රටක්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු රාජ්‍ය නායකයා සමඟ දේශපාලන සටනකට පැමිණීමේ ඉඩකඩක් අදාළ රාජ්‍ය නායකයා විසින්ම සකස් කර දීල වගෙයි. ඔහුට එරෙහිව තරගයට එන ජෙනරාල් සරත් ෆොන්සේකා එල්. ටී. ටී. ඊ. විරෝධී යුද්ධයට අණ දීමට තෝරා ගනු ලැබුවේ ද වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්.
ඔහුට අවශ්‍ය නම් තිබුණා සමහර උපදේශකයන්ගේ අදහසට අනුව ඒ සඳහා වෙන අයෙක් පත් කිරීමට. ඒ වන විට පත් කළ හමුදා පතිවරයාගේ කාලය අවුරුදු 2 1 / 2 ක් ඉදිරියට තිබුණා. ජනාධිපතිවරයා ඔහුට ඉල්ලා අස්වීමට ඉල්ලා සිටිමින් විශ්‍රාම යන්නට සිටි සරත් පත් කළා. ඔහුට ඒ ගැන කිසිම චකිතයක් තිබුණේ නැහැ. ඔහු තමන්ට අවශ්‍ය කාර්ය ඉටු කරවා ගැනීමට අවශ්‍ය පත් වීම් කළා.
ඒක නායකත්වයේ ලක්ෂණයක්. තමන්ට අභියෝගයක් ඇතැයි සිතා ගෙන අදාළ කාර්යන් පස්සට දමන්න බැහැ. තමා එහෙම කෙනෙක් නොවන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතාව හමුවේ ප්‍රදර්ශනය කලේ. එම පත්වීම හරහා ජනරාල් ෆොන්සේකා කල්පනා කර තිබෙන්නේ අදාළ කාර්යය අවසන් කර අනෙක් හමුදාපතිවරු ගිය මාර්ගයේ යන්න නොවෙයි. ජනාධිපති මහින්ද සමගම සටන් කරන්න.
නැත්නම් තමන්ගේම සේනාධිනායකයා සමඟ සටන් කරන්න. හරියට දුටු ගැමුණු සමඟ වෙළුසුමන සටනට ආව වගෙයි. එහෙම වුණත් ඔහු දස මහා යෝධයන්ගෙන් එක් අයෙක් පමණයි. මෙතන සරත් ෆොන්සේකා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් කෙනෙක් පමණයි.
හැම කෙනෙක්ම හමුදාවට බැඳෙන්නේ රටට සේවයක් කරන්න. එමගින් කීර්තියක් ලැබීම ස්වභාවිකයි. එම කීර්තිය උපයෝගී කර ගනිමින් දේශපාලනයට පිවිසීම ද සාමාන්‍යයි. මෙහි දී සිදු වී තිබෙන්නේ තමන් සටනට කැඳ වූ හා වගකීම් පැවැරූ සේනාධිනායකයාට එරෙහිව එම සටනේ කීර්තිය අලෙවි කරන්නේ තමන්ගේ අවශ්‍යතාවකට ද වෙනත් බලවේගයක අතකොළුවක් වීම නිසාද යන්න ප්‍රශ්නයක්. අද ජනතාව තුළ ඇති වී තිබෙන කථිකාවත එයයි.
මෙවන් පසුබිමක ජනාධිපති වරයා තමා වෙනුවෙන් සටනට තමා විසින්ම ගොඩ නැගූ කෙනෙක් කැඳවා ගෙන, ඉන් ඉස්මතු වන්නේ ජනාධිපති මහින්දගේ නොසැලෙන නායකත්වය බවට විවාදයක් නැහැ.
ඊට හේතුව කවුරු තරගයට ආවත් තමන්ට ප්‍රශ්නයක් නැති වාතාවරණයක් ඔහු රට තුළ නිර්මාණය කර තිබීමයි. ඒ ගැන ජනාධිපතිවරයාට ගැටලුවක් නැහැ. ඊට හේතුව ජනතාව ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසයයි. එහෙම විශ්වාසයක් තබා සිටින්නේ ඇයි. ප්‍රධාන තම හේතුව 30 අවුරුදු යුද්ධයක් වසර 3 1 / 2 කින් අවසන් කිරීමයි.
මේ රටේ හමුදා නායකයොත් දේශපාලන නායකයොත් වසර 30 ක් තිස්සේ හිටියා. ඔවුන් යටතේ ද විවිධ යුද මෙහෙයුම් සිදු වුණා. ඒ මුළු කාලය තුළම ජෙනරාල් සරත් ෆොන්සේකා ද සිටියා. එයා යුද්ධත් කළා සටන් මෙහෙවුවා. 23. 11. 2008 ලක්බිමට ඔහු මෙසේ පවසා තිබුණා.
‘ජය සිකුරු මෙහෙයුමේ දී මම කළේ මට පැවරූ කොටස විතරයි. එසේ නො මැතිව සමස්ත මෙහෙයුම මගේ අවශ්‍යතාව හා දැනුම මත ක්‍රියාත්මක වූ එකක් නෙවෙයි. නමුත් මෙවර මාන්කුලම් අල්ලා ගැනීමේ සමස්ත සැලසුම ක්‍රියාත්මක කළේ මමයි. මේ නිසා දින 4 කින් මාන්කුලම අල්ලා ගැනීමට හැකි වුණා. නමුත් ජය සිකුරු මෙහෙයුමේ දී මාන්කුලම වට කර ගෙන බලා ගෙන සිටීමට අපට සිදු වුණා’
දේශපාලන නායකයා රටේ සේනාධිනායකයා ලෙස නිසි අය නිසි තැනට පත් කර යුද්ධය මෙහෙය වන විට සිදු වූ වෙනස ගැනයි සරත් ෆොන්සේකා වෙන විදියකින් කියන්නේ.
ඉස්සර ඔහුට පවරා තිබුණේ යුද්ධයේ කොටසක්. මෙවර ඔහුට සමස්ත මානුෂික මෙහෙයුමේ භූමියේ සටනේ නායකත්වය පවරා තිබුණා. එම නිවැරැදි දේශපාලනනායකත්වය ගැන ඔහු සඳහන් කරන්නේ් මෙහෙමයි ‘ අපි මේ කරන්නේ රජයේ යුද්ධයක්. යුද්ධය කරන්න තීරණය කරන්නේ රජයයි. අපි කරන්නේ අපට ලැබෙන අණ ක්‍රියාවට නැගීම පමණයි’ (ජෙනරාල් ෆොන්සේකා 23. 11. 2008 ලක්බිම)
මේ සත්‍යය අද ඔහුටත් වසන් කරන්න බෑ. එසේ නම් අණ කාගේ ද මහින්දගේ ය. එම අණට අනුව ක්‍රියාත්මක වූයේ කවුද සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් නිලධාරීන් හා සෙබළුන් ය.
එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමේ අණ නිකුත් කර නොසැලී සිටියේ කවුද ? ජනාධිපති මහින්දයි. මෙහෙයුමට අවශ්‍ය ප්‍රතිපාදන අවි ආයුධ ගෙනවිත් දුන්නේ කවුද මහින්ද හා ඔහුගේ ආණ්ඩුවයි. මේ නිසා බිලියන 67 ක් වැය කළ ආරක්ෂක වියදම බිලියන 250 ක් දක්වා වැඩි වුණා.
එතරම් මුදලක් වැය කළ රාජ්‍ය නායකයෙක් රටේ සිටියේ නැහැ. රු. බිලියන 250 ක් ආරක්ෂක වැය බරක් දැරීමේ තීන්දුව දේශපාලන තීන්දුවක්. ආයුධ නැත්නම්, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැත්නම් සෙබළු නැත්නම් යුද්ධයක් නැහැ.
මේ සියල්ල තිබුණාත් යුද්ධයක් සම්පූර්ණ වන්නේ නැහැ. එය අපි වඩමාරච්චියේ දී, යාපනය රැක ගැනීමේ දී දුටුවා. වඩමාරච්චි සටනේ දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි හමුදා දැවැන්තයන්ට ආපසු හැරෙන්න සිද්ධ වුණා. එදා හමුදාවේ ජෙනරාල් ෆොන්සේකා ද සිටියා. ආපසු හැරී ප්‍රභාකරන්ට බේරී පලා යෑමට සිදු වුණේ ඉන්දියාවේ බලපෑම නිසා.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වැනි අති දැවැන්ත දේශපාලන නායකයෙකුට අඩියක් පස්සට යන්න සිදු වුණා. හමුදා වීරයන් සිටියාට වැඩක් වුණේ නැහැ. ඔවුන්ට පසු බසින්නට සිදු වූණා. එම හමුදාවේ සරත් ෆොන්සේකා ද සිටියා.
මෙදා මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා මේ වටාපිටාව කල් ඇතිව දැන සිටියා. මේ නිසා ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල් කළමනාකරණය කර ගත්තා. විශේෂයෙන්ම ඉන්දියානු හොඳ හිත දිනා ගත්තා. ඊට දේශපාලන නුවණත් අවශ්‍යයි.
හමුදාවේ වීර කම් පමණක් ප්‍රමාණවත් නැහැ. යුද්ධයක් ජය ගන්නේ සේනාධිනායකයාගේ දේශපාලන නායකත්වය සමඟයි. මේ සමස්ත ක්‍රියාදාමය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා එක් පුරුකක් පමණයි. සමස්ත ක්‍රියාදාමය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බවට ජනතාව තුළ විවාදයක් නැහැ.
ඒ නිසා ඔහු මේ මැතිවරණයට එන්නේ ජනතාවගේ 30 අවුරුදු බලාපොරොත්තුවක් වසර 3 1 / 2 කින් නිවැරැදිව හා සම්පූර්ණයෙන්ම ඉටු කළ නායකයෙක් විදියට.
දැන් යුද්ධය අවසන් ජෙනරාල් සරත් ෆොන්සේකා පැමිණෙන්නේ එසේ අවසන්වූ යුද්ධයේ කීර්තියේ කොටස්කරුවෙකු විදියට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව අලෙවි කිරීමට සූදානම් වන්නේ එම කීර්තියේ කොටසක් එහෙත් සමස්ත කීර්තිය මහින්ද සතුයි. මහින්ද නො සිටින්න සරත් කීර්තියේ කොටස් කරුවෙකු වන්නේ නැහැ. යුද්ධය අවසන් වන්නේත් නැහැ. ප්‍රභාකරන් ඇතුළු එල්. ටී. ටී. ඊ. ය සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ නැහැ.
මේ නිසා ජනතාව යුද්ධයේ කීර්තිය ගැන සාධාරණව කල්පනා කරන්නේ මහින්ද ගැන බවට විවාදයක් නැහැ. එහි එක් පාර්ශ්ව කරුවෙක් ගැන නොවෙයි. පාර්ශ්ව කරුවන් බොහොමයක් සිටින බව තේරුම් ගැනීමේ ගැටලුවක් ජනතාවට නැහැ. මේ නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා තරග කිරීමේ සාධකය යුද්ධයේ කීර්තිය නම් ඒ සඳහා ජනතාවගේ උරුමකරුවා ජනාධිපති මහින්දයි.
යුද ජයග්‍රහණය හැරුණු විට දේශපාලන පළපුරුද්ද අතින් ජනාධිපති මහින්ද සිටින්නේ ඉහළම තැනක. ඔහුගේ දේශපාලන පරිචය 40 වසරක අත්දැකීම් සහිතව දියුණුවූවක්. මේ අනුව යුද ජයග්‍රහණය අතින් පමණක් නොව දේශපාලන පරිණතභාවය අතින්ද ඉදිරියෙන් සිටින්නේ ජනාධිපති මහින්දයි. මේ නිසා ම ජනතාවට තෝරා ගැනීම පහසු වෙනවා.

අහල කියන්නම්! -දිනමිණ කතුවැකිය
දිනමිණ කතුවැකිය
විශ්‍රාමික ෆොන්සේකා මහතා අලුත් න්‍යායයක් හෙවත්් තියරියක්් හඳුන්වා දී තිබේ. ඒ අහල කියන්නම් තියරිය යි. ෆොන්සේකා මහතා ගේ මුල් ම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ තියරිය හඳුන්වා දෙන ලදී. දැන් එය රට පුරා ප්‍රචලිත ය. පාසල් ළමයින් ද අහල කියන්නම් තියරියට කැමැති ය.
එය ප්‍රශ්නවලින් පැනයෑමේ හොඳ ම තියරියක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. ඉහත සාකච්ඡාවේ දී රටේ ප්‍රශ්න විසැඳීම සඳහා තමන් ඉදිරිපත් කරන ආර්ථික ක්‍රමවේදය කුමක් දැ’යි මාධ්‍යවේදියකු විසින් ප්‍රශ්නයක් අසන ලදී. ෆොන්සේකා මහතා ගේ පිළිතුර වූයේ පිටිපස්සෙන් අහල කියන්නම් යන්න ය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු හා කීර්තිමත් දේශපාලනඥයකු වූ ඉන්දු කුමාර් ගුජ්රාල් මහතා ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ගැන අපූරු කතාවක් කියා තිබේ. එය මෙසේ ය. ‘දසක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කීර්තිමත් නායකයන් පැවැත් වූ දේශන ඔවුන් ගේ ප්‍රභූත්වය මනින මිනුම් දණ්ඩක් බඳු ය.
ඉන්දියානු අපට ඔවුන් ගේ දේශන ඉතා ආකර්ෂණීය විය. වැදගත් විය. මන්ද? ඒවායේ සංවර්ධනය වන රටවල උපදින, විකාශනය වන නව අදහස් ප්‍රකාශ වන බැවින් ය, ෆොන්සේකා මහතා දේශපාලකයකු වුවහොත් ගුජ්රාල් මහතා තමා ගේ නිර්දේශය ඉවත් කර ගනු ඇත.
මහජන නියෝජිතයකු හැබෑ නම්; ඔහුට හෝ ඇයට රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළක් තිබිය යුතු ය. රටේ සමාජය ශිෂ්ටත්වයට පත් කරන සමාජ දර්ශනයක් තිබිය යුතු ය. එය නායකයා ගේ දැක් ම ලෙස හැඳින් වේ. සෝවියට් රුසියාව පළමුව ගොඩනැඟුණේ ලෙනින් ගේ දැක්මට අනුව ය.
කියුබාව ගොඩනැඟුණේ පිදෙල් කැස්ත්‍රෝ ගේ දැක්මට අනුව ය. අරාබි ලෝකය ගොඩනැඟුණේ නසාර් ගේ දැක් ම මුල් කරගෙනය. දැක්මක් නැති මිනිසා නිකම් ම හිස් ශරීරයක් පමණි. ඔහු පඹයකු බඳු ය. එබඳු මිනිසකු රාජ්‍ය නායකත්වය ට පත්වුවහොත් උගන්ඩාව ඉඩි අමීන්ට අත්පත් වූවාට වැඩි විනාශයක් සිදුවීමට පුළුවන.
මැතිවරණයකට ඉදිරිපත් වන මහජන නියෝජිතයා තමන් ගේ දැක්ම අනුව පිළියෙළ කරගත් සමාජ – ආර්ථික වැඩපිළිවෙළක් හෙවත් අනාගත සැලැසුමක් මහජනයා අතරට පත් කරයි. එය මහජනයා ගේ කැමැත්ත ඉල්ලා සිටීම සඳහා ඉදිරිපත් කරන පූර්ව කොන්දේසියෙකි.
ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන නියෝජිතයා ට එවැන්නක් අත්‍යවශ්‍ය වේ. මහින්ද රාජපක්ෂ මහතා මහින්ද චින්තනය නමින් සැලැසුමක් 2005 දී ඉදිරිපත් කළේ ය. එය මුළු රටේ සියලු අංශ ඇතුළත් වන සේ සකස් කළ වැදගත් ප්‍රකාශනයෙකි. එම වැඩසටහනෙහි ඇතුළත් පොරොන්දුවලින් 80%ක් පමණ ම මේ වන විට සම්පූර්ණ කර තිබේ.
ෆොන්සේකා මහතා ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ බංකොළොත් ආර්ථික වැඩපිළිවෙළ ණයට ගන්නා ආකාරයෙකි. ඒ වනා හී ශ්‍රී ලංකාව විනාශ මුඛයට යවන ආර්ථික ප්‍රතිපත්තියෙකි. ඒ මගින් රාජ්‍ය සේවා ව කප්පාදු කරනු ලැබේ.
රටේ සියලු සම්පත් කුණු කොල්ලයට විකුණා දමනු ලැබේ. දේශීය චින්තනය, දේශීය කෘෂිකර්මය විනාශ කරනු ලැබේ. ඒ වෙනුවට ගෝලීය වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පවත්වා ගෙන යනු ලැබේ. ඊට අනුව තරුණ පරම්පරාව එස්. එම්. එස්. ලෝකයක් වෙත තල්ලු කරනු ලැබේ. තරුණ පරපුරට සිහින දැකිය හැකි ය. යථාර්ථයට මුහුණ දිය නො හැකි ය. ෆොන්සේකා මහතා ෆැන්ටසියක ජීවත්වන බව පෙනෙයි.
ලෝකයේ ප්‍රධාන ආර්ථික දර්ශන කිහිපයක් තිබේ. ඒවා විවිධ නම්වලින් විග්‍රහයට ලක් වේ. එක් විග්‍රහයකට අනුව ධනේශ්වර ආර්ථික ක්‍රමය, සමාජවාදී ආර්ථික ක්‍රමය හා මිශ්‍ර ආර්ථික රටාව යනුවෙන් ප්‍රධාන ආර්ථික සම්ප්‍රදායයන් තුනක් පවතී. කුමන තත්ත්වයක් යටතේ වුව රටක් සංවර්ධනය කරා ගෙනයෑමේ දී මූලික ගැටලු තුනක් විසඳාගත යුතු ය. පළමුවැන්න දිළිඳුකම පිළිබඳ ගැටලුවයි.
දෙවැන්න ආදායම් විසමතාව පිළිබඳ ගැටලුවයි. තෙවැන්න රැකියා වියුක්තිය පිළිබඳ ගැටලුවයි. මේ ආර්ථික ගැටලු තුනට විසැඳුම් ලබා දී ඇති ප්‍රමාණයට අනුව රටක සංවර්ධනය තීරණය කළ හැකි ය. ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇතත් ඉහත ගැටලුවලට විසැඳුම් ලබාදෙන ආකාරයක් කියා නැත. එය පිටිපස්සෙන් අසා දැනගත යුතු ය.
සංවර්ධනය භාණ්ඩ වලින් ආරම්භ නො වන්නේ ය. එය ආරම්භ වන්නේ් මිනිසුන්ගෙන් හා ඔවුන්ගේ අධ්‍යාපනයෙන් සංවිධානයෙන් හා විනයෙන් ය යනුවෙන් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් කියා තිබේ. සංවර්ධනය ආරම්භ වන්නේ තුවක්කුවෙන් හා බෝම්බයෙන් නො වන බව ද ෆොන්සේකා මහතා ගේ දැනගැනීම සඳහා පෙන්වා දිය යුතු ය.
යුද්ධය යනු ද ආරක්ෂාව සැපයීම යනු ද රටක පාලනයෙන් ඉතා සුළු කොටසෙකි. යුද්ධයෙහි හා ජාතික ආරක්ෂාවෙහි ද දේශපාලන වැඩ කොටසක් තිබේ. එහි අත්දැකීම් පවා ෆොන්සේකා මහතාට නැත.
විශ්‍රාමික ෆොන්සේකා මහතා ගේ අහල කියන්නම් යන තියරිය අනුව පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් ව ඇත්තේ කිසිවකු ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා බව ය.
එය එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඔස්සේ අමෙරිකාවේ එෆ්. බී. අයි. ආයතනය වෙතින් ලබාගත් කොන්ත්‍රාත්තුවක් වන්නට ද පුළුවන. ඒ අනුව ෆොන්සේකා මහතා බලයට පත්වුවහොත් (එසේ වන්නේ නැත) රට පාලනය සඳහා එෆ්. බී. අයි. හෙවත් අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශයෙන් උපදෙස් ලැබෙන තෙක් බලා සිටින බව ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොන ගැටලුවට වුව කාගෙන් හෝ අහලා උත්තර කීවේ නැත. එතුමා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට අණ දුන්නේ ද කිසිවකුගෙන් අහලා නොවේ. ෆොන්සේකා මහතා යුද්ධ කළේ නම්; ජනාධිපතිවරයාගෙන් අහලා ය. ඒ නිසා අහලා කියන්නම් තියරිය ඔහුට ඉබේ ම පිහිටන්නට ඇත.

ජනපති නොහිටින්න මොන ජෙනරාල් හිටියත් ත්‍රස්තවාදය පරදවන්න බෑ -- එජාප නාගරික මන්ත්‍රී ආබ්දීන්
අම්පිටිය සමූහ සිසිර ජයනාත් පීරිස් -දිනමිණ
යුද්ධය යුද්ධයෙන් මිස ඊනියා සාකච්ඡාවලින් ජය ගත නොහැකි බවට ජනාධිපතිතුමා තුළ විශ්වාසයක් නොතිබුණේ්නම් මොන ජනරාල් හිටියත් ත්‍රස්තවාදය පරාජය කළ හැකි වන්නේ නැතැයි මහනුවර එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී නිලායි ආබ්දීන් මහතා පැවැසීය.
මින් පෙර හොඳ හමුදා නායකයන් කොතෙක් සිටියත් මේ ජයග්‍රහණය ලබාගැනීමට ඔවුන් අපොහොසත් වුණේ නිසි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසා බව කී ආබ්දීන් මහතා, මේ යුද ජයග්‍රහණය රටට හිමි වුණේ එම සටනට ජනාධිපතිතුමා සැලසුම් සහගත නායකත්වයක් ලබා දුන් නිසා බව ද කීවේය.
හෙතෙම මේ අදහස් පළකෙළේ මහනුවර නගර සභා මාසික රැස්වීමේදී එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා විසින් මහින්ද රාජපක්‍ෂ පවුල් ගහ තරකරන බවට කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.
රාජපක්‍ෂ පවුල රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිට ගිරුවාපත්තුව, මාගම්පත්තුව ප්‍රධාන රුහුණු පුරවරයට සේවයක් කළ පවුලක් බවත්, ජනාධිපතිතුමා පවුල්වාදය තරකිරීමට උත්සාහ කරන බවට කිසිවකු කියන්නේ නම් ඒ තැනැත්තා දේශපාලනය පිළිබඳව හෝඩි පොතවත් නොකියවූ අයෙකු විය යුතු බවත් ආබ්දීන් මහතා කීවේය.
හමුදාවෙන් මනා පන්නරයක් ලැබූ සිය සොයුරා ආරක්‍ෂක ලේකම්වරයා වශයෙනුත්, දේශපාලන අත්දැකීම් ඇති අනෙක් සොයුරන් අදාළ අංශවලටත් යොමු කළ ජනාධිපතිතුමා ප්‍රබල හමුදා නායකයන් අට දෙනෙකු නිර්මාණය කර ඔවුන් නිසි අයුරින් මෙහෙයවා ත්‍රස්තවාදයෙන් රට නිදහස් කැර ගත් බවත් හෙතෙම පැවැසීය.
මේ බව පිළිගන්නට කිසිවකු අකමැති නම් එය ඔහුගේ නොහැකියාව යැයි ද සඳහන් කෙළේය. තමා කුමන පක්‍ෂයක් නියෝජනය කළ ද තිස් අවුරුදු කාලකණ්ණි බෙදුම්වාදයකින් රට නිදහස් වීම ගැන සතුටට පත්වන බවත්, ජාති ආගම්, පක්‍ෂ භේද නොසලකා මේ සතුට සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින්ම භුක්ති විඳින බවත් ආබ්දීන් මහතා ප්‍රකාශ කෙළේය.

Wednesday, 2 December 2009
ජාතිකත්වය විනාශ කිරීමේ පාප කර්මයට අත ගසන්න එපා -- වෛද්‍ය ගුණදාස අමරසේකර
අමල් යශෝමන් ජයසිංහ -දිනමිණ
බටහිර විජාතික බලවේග විසින් අප රට තුළ ක්‍රියාත්මක කිරීමට යන ජාතිකත්වය විනාශ කිරීමේ මහා පාපකර්මයට අතගසන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටින දේශමාමක සියලු දෙනාගෙන් තමන් ඉල්ලා සිටින්නේ යැයි දේශහිතෛෂී ජාතික පෙරමුණේ සභාපති ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විශ්‍රාමික සරත් ෆොන්සේකා විජාතික බලවේග සහ රනිල් වික්‍රමසිංහලා විසින් රූකඩයක් කර ඇති බවත් විශ්‍රාමික හමුදාපතිවරයාට ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඔවුන් ද දැන සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේය.
දේශමාමක සංවිධාන රැසක් විසින් සංවිධාන කරන ලද ජාතික සංවිධාන එකමුතුව මැයෙන් පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවැසීය.
මෙය ටොරින්ටන් හි ප්‍රලේඛනාගාර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
රනිල් වික්‍රමසිංහ කවුද කියා අප කවුරුත් දන්නවා. ජාතිකත්වය මෙරටින් වනසා දැමීමේ විජාතික බලවේගවල වුවමනාව මෙවර ක්‍රියාත්මක වී ඇත්තේ මින්පෙර සිදු වූවාට වඩා වෙනස් ආකාරයකින්.
එහෙත් රනිල් වික්‍රමසිංහලා වගේම එම විජාතික බලවේගත් සරත් ෆොන්සේකා ජයග්‍රහණය නොකරන බව ඉතා හොඳින් දැන සිටිනවා.
අප රටේ සංස්කෘතිය, සදාචාරය හා ස්වාධීනත්වය විනාශ කිරීමේ මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට දේශහිතෛෂී සියලු දෙනාම එක්විය යුතුයි.
දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ ලේඛකාධිකාරී බෙංගමුවේ නාලක හිමි මෙහිදී අනුශාසනාවක් කරමින් - 2005 වසරේ දී අප රටේ ජාතිකත්වය රැකගැනීමෙහිලා කටයුතු කලා සේම මෙවරත් එයම ඉටුකරන්නට අප පෙල ගැසී සිටිනවා.
ජාතික බලවේගයේ එකම නියමුවා මහින්ද රාජපක්ෂ මහතාමයි. එජාපය හා ජ.වි.පෙ. එක්ව විජාතික බලවේග ක්‍රියාත්මක කිරීමට ඔහු ඉදිරිපත් කිරීම නිසා ඔහු ජාතිකත්වය රැක ගැනීමේ ක්‍රියාවලියේ නොමැති කෙනෙක් බව දැන් අප දන්නවා. ඔහු මා ඉතා හොඳින් හඳුනනවා. දවසක් මම රනිල් විවේචනය කළා කියා ඔහු මා සමග අමනාප වුණා.
තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක, සුගීස්වර බණ්ඩාර මහතා - 2010 වසරේ ජාතිකත්වය හා විජාතික බලවේග අතර සටනක් ඇති වී තිබෙන්නේ. දක්ෂ හමුදා නිලධාරියෙකු සහ අප කවුරුත් ආදරය කළ ගෞරව කළ අයෙක්. මෙවර විජාතික බලවේගයේ නියමුවා වීම ඉතා කනගාටුවට කරුණක්.
මානෙල් මල් ජාතික ව්‍යාපාරයේ සභාපති අධිනීතිඥ එස්.එල්. ගුණසේකර මහතා - සරත් ෆොන්සේකා විජාතික බලවේගවල රූකඩයක් වී සිටීම ගැන අප ඉතාමත් කනගාටුවෙනවා.
ඔහු ගැන අප තුළ විශාල ගෞරවයක් තිබුණා. දක්ෂ හමුදාපතිවරයෙක් හැටියට ත්‍රස්තවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයාට සහාය දීම ගැන අප තුළ ඔහු පිළිබඳව ගරුත්වයක් තිබුණා.
විජාතික බලවේගවල ඕනෑ එපා කම් ඉටු කිරීමට අද ඔහු ඉදිරිපත් වී තිබීම ගැන කනගාටුයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යනුවෙන් ව්‍යවස්ථාව ගැන කිසිත් නොදැන ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කරුනක්.
රුහුණු රට භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරී ඕමාරේ කස්සප, ජාතික සංඝ සභාවේ ලේඛකාධිකාරී මාදුරුයායේ ධම්මිස්සර හිමිවරු ද ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයේ විධායක සභික බන්ධුල චන්ද්‍රසේකර, ආයුර්වේද වෛද්‍ය එකමුතුවේ වෛද්‍ය නිමල් කරුණාසිරි, රකිමු ශ්‍රී ලංකා කමිටුවේ දිමුන් ගුණවර්ධන මහත්වරුද අදහස් දැක්වූහ.

Subscribe to:
Posts (Atom)