Sunday, 17 January 2010

අදිසි මහා රාජ්‍යය හා 2010 ජනාධිපතිවරණය.

චන්ද්‍රසේන පණ්ඩිතගේ
මේ වනවිට මෙරට ජනාධිපතිවරණ උණුසුම ක්‍රම ක්‍රමයෙන් ඉහල නැංවෙමින් පවතී. මෙය මෙරට ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පවත්වන තවත් මැතිවරණයකි.

On 15th January US ambassador of Sri Lanka, Patricia A. Buteric met the JVP leader, Comrade Somawansha Amarasinghe at the JVP head office Palawatta, Battaramulla.

නමුත් මෙය සමාජයට දිස්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර සිදුකරන ජනාධිපතිවරණයක් ලෙසිනි.තවද මෙරට ජනතාවගේ ඕනෑ එපා කම් වෙනුවෙන් තමන් තරග බිමට පිවිස සිටින බව අපේක්ෂකයින් දෙදෙනාම පැවසුවද; පවතින ‍ඓතිහාසික තත්වයන් මනාව පෙන්නුම් කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙරට ජාතික බලවේගයට නායකත්වය දීමට ඉතිහාසය බල කර ඇති අතර, ඊට අමතරව ප්‍රතිවිරුද්ධ සාධකයන් වන බටහිර විදේශිය බලවේග වල ඕනෑ එපා කම් උදෙසා පෙනී සිටීමට සරත් ෆොන්සේකා මහතාට සිදුව තිබෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ කේක් කෑල්ල

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ලෝකයේ ලොකුම පුදුමය මේ වනවිට ශ්‍රී ලංකාව තුල සිදුවේ. යා දෙක නොරත රත එකට පෑහෙන අතරම, හරක් මස් කඩ කාරයා හා හරකා එකට අත්වැල් බැදගෙන කාටදෝ විරුද්ධව සටන් වැදීම ආරම්භ කර ඇත.


හරකා, හරක්මස් කඩ කාරයා සමග සන්ධාන ගත වෙන්නේ කොහොමද? මොකටද?එහෙම ප්‍රශ්න කරන කොට තොරොම්බල්කාරයකු ඇවිත්,

අපට නොපෙනෙන මහා රාජ්‍යය හෙවත් ශ්‍රී ලංකාවේ දේශපාලනාවලිය

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
ශ්‍රී ලංකාව පාලනය කරන රාජ්‍යය පද්ධතීන් දෙකක් පවතී. ඒ අදෘෂ්‍යමාන මහා රාජ්‍යය හා එම රාජ්‍ය විසින් නිර්මාණිත ව්‍යස්ථාවකට අනුව ස්ථාපිත දෘෂ්‍යමාන රාජ්‍යය වශයෙනි.

මේ රටේ අති බහුතරයක් කර්යයන් පාලනය කරනු ලබන්නේ, අදෘෂ්‍යමාන රාජ්‍යයයි. මෙම යාන්ත්‍රණය කාලාන්තරයක් මුලුල්ලේ මුලු ලෝකය පුරාම විහිදී බූවල්ලෙකු සේ සිය හස්තයන් මගින් ලෝකයේ සෑම රටක්ම සිය ග්‍රහණයට නතුකර ගැනීමට වෙර දරමින් සිටී. මෙම යාන්ත්‍රණය අති බලවත් බැවින් ලෝකයේ ඇති සෑම රටක්ම කිසියම් තරමකට මෙම ග්‍රහණයට අසුව ඇති බැවින් කිසිම රටක රාජ්‍ය නායකයකු ස්වාධීන නම් නොවේ. මෙම යාන්ත්‍රණය ලොවෙහි ඇති සෑම රාජ්‍යයක් සදහාම ඔවුන් විසින් සකස් කරන ලද ව්‍යාපෘතියකට අනුව මෙහෙයවයි. මෙම මෙහෙයවීමේ ක්‍රියාදාමයට රාජ්‍ය නිලධාරීන්, ‍සෑම දේශපාලන පක්ෂයකම සිටින දේශපාලඥයින්, වෘත්තීය සමිති ක්‍රියාකාරකයින් හා පාතාල සාමාජිකයින් සෘජුවම යොදා ගන්නා අතර, ඒ සදහා ඔවුනට ඉතා ඉහල මට්ටමේ වරදාන ප්‍රධානය කරයි.අපේ මාතෘ භූමියට නිදහස නම්වූ භූමිකාවත් සමග ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ පාලන රටාවක්ද උරුම කරන ලදී. මේ උරුම කල ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය කිසිවක් ගැන සිතීමට, කථා කිරීමට හෝ ගොඩනැංවීයට උත්සහ කිරීමට අයිතියක් අපට නැත. ඒ පදනම යටතේ අපට හිමි වූ ඒ පාලන ක්‍රමයට මේ වන විට වසර 61කි. අපි නිදහසේ යන ගමනට අදෘෂ්‍යමාන රාජ්‍ය කල ක්‍රියාකාර කම් යම් තරමකට විග්‍රහත්මකව ශ්‍රී ලාංකික ඔබගේ අවදානයට ලක්කිරීම මෙම ලිපියේ අරමුණයි.

මහාචාර්ය ඇස්. බි. හෙට්ටිආරච්චිට අමු කැවිලා නොවේ.

ඥානා මුතු

බොහෝ කාලයක් මාගේ හොදම මිතුරිය දැන් කොරියාවේ විශ්ව විද්‍යාලක මහාචාර්යවරියකි. කොරියාව දැක බලාගැනිමේ මෙන්ම කොරියාව පිළිබද ඉගෙණිමට මා පෙළඹවීමට ප‍්‍රධාන හේතුවක් වුයේ අපගේ මිත‍්‍රත්වයයි. පසුකලෙක කොරියානු සිසු සිසුවියනට උගන්වන ගුරුවරියක් වශයෙන් කටයුතු කිරිමටද මට අවස්ථාවක් ලැබුණි. අප ජිවත්වෙන පරිසරයේ මගේ හිතමිතුරන් හා අසල්වාසින් අතර කොරියානුවන් විශාල පිරිසක් සිටිති. මේ සියලූ කරුණු සලකන කල් හි මා කොරියානුවන් සමග ඉතාම සමීප සබදකම් පවත්වන සිංහල කාන්තාවක් යයි සිතේ. අද දිවයින පත‍්‍රයේ පළවු 'හමුදා නායකයන් සිවිල් පාලනයට ඒමේ යහපත් ලක්ෂණද ඇත. කොරියාව ගොඩගත්තේ මේජර් ජෙනරාල් පාක් ජංහී ' උද්ධෘතය යටතේ මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි ගේ ලිපිය මගේ විශේෂ අවධානයට යොමුවීමට ප‍්‍රධාන හේතුව එයයි.

සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාවාදීම්

මහචාර්ය නලින් ද සිල්වා

මේ ජනාධිපතිවරණය තවත් එක්‌ ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවන බව අපි මුලදීම කීවෙමු. අද වන විට ඒ ඉතා පැහැදිලිව ම පෙනෙන්නට පටන්ගෙන ඇත. විපක්‍ෂයේ ගොබෙල්ස්‌ගේ පච ප්‍රචාර මැද වුවත් ෆොන්සේකාට ජයගැනීමට කිසිදු ඉඩක්‌ නොමැති බව මහින්ද රාජපක්‍ෂ මහතා වටා දිනපතා එක්‌රොක්‌වන ජනතාවගෙන් ප්‍රකාශ වෙයි. ගොබෙල්ස්‌ලාගේ අරමුණ වූයේ දැන් ජෙනරාල්ට වාසිය කියන ජවය ජනතාව අතරට ගෙන ගොස්‌ සරත් ෆොන්සේකා දිනන්නේය යන මතය ප්‍රචාරය කිරීම ය. එහෙත් එවැනි ප්‍රචාරවලින් මැතිවරණ ජයගත නොහැකි බව ගොබෙල්ස්‌ලාට අවබෝධ නොවිණි.සරත් ෆොන්සේකාට විජාතික බලවේගවලින් කොන්ත්‍රාත්තු දෙකක්‌ ලැබී ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු බටහිර යටත්විජිතවාදීන්ගේ දංගෙඩියට දැක්‌කවීම එකකි. අනෙක අවුරුදු දෙකක්‌ ඇතුළත නැවත ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. පළමුවැන්න සඳහා සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට හා සෙස්‌සන්ට විරුද්ධව ඊනියා සාක්‍ෂි එකතු කරයි. සුදුකොඩි කතාව එහි එක්‌ අංගයක්‌ පමණකි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පිරිස තම යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමය. අද බටහිරයෝ ප්‍රභාකරන්ගේ ලේ වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලේ ඉල්ලති. ඒ මහතාගේ ගෙල දංගෙඩිය මතට පැමිණවීමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ජාතිදොdaහී හා රාජදෝහී සරත් ෆොන්සේකාටය. සුදු කොඩි කතා ගොතා කීමෙන් ඔහු ජාතිදොdaහී පමණක්‌ නොව රාජදොdaහි ද වෙයි.

Saturday, 16 January 2010

සම්බන්ධන්ලාගේ ඊළාම් උගුල

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමනසිරි ලියනගේ විසින් 2010 ජනවාරි 11 වැනිදා ඔයෑ ෂික්‌බා පුවත්පතට සැපයූ ලිපියකි.

පසුගිය සතියේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ සිදුවූ යම් සිදුවීමක්‌ සම්බන්ධයෙන් මේ රටේ බුද්ධිමත් ජනතාවගේ අවධානය යොමුවිය යුතු බව මගේ පිළිගැනීමයි. පාර්ලිමේන්තුව තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ නියෝජිතයන් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය (ඔභA) ජනාධිපතිධුර අපේක්‌ෂක සරත් ෆොන්සේකාට සහය දීම සඳහා ඉදිරිපත්වීම, මෙරටේ ඉදිරි පැවැත්ම කෙරෙහි ගැටලු සහගත තත්ත්වයක්‌ මෙන්ම අනපේක්‍ෂිත ප්‍රතිවිපාකයන් ඇති කිරීමට හේතුවේද යන්න සම්බන්ධයෙන් බොහෝ අය තුළ සැකසංකා මතුවෙමින් පවතින බව සඳහන් කළ යුතුය. මෙම සිදුවීම එනම් "සම්බන්ධන්" ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක සරත් ෆොන්සේකාට සහාය දැක්‌වීමට ගත් තීරණය පිළිබඳ තර්කානුකූල විශ්ලේෂණයක යෙදෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සුමනසිරි ලියනගේ විසින් 2010 ජනවාරි 11 වැනිදා පළවූ ඔයෑ ෂික්‌බා පුවත්පතට ලියා ඇති ලිපියෙහි සඳහන් කරුණු කෙරෙහි සමස්‌ත ජනතාවගේ අවධානය යොමුවිය යුතුව ඇත.

ජෙනරාල්ගේ අවි ගනුදෙනුව බොරු කියන්න මොහොමඩ් මුසම්මිල්ට එජාපයෙන් ලක්‍ෂ ගණනක අල්ලසක්‌ දෙයි -විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් හෙළිවෙයි

ඒ. ඡේ. ඒ. අබේනායක
එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්‌තාපා මහතා ඊයේ (15 දා) පෙරවරුවේ වැල්ලවත්ත සෆායා හෝටලයේදී තමාට රුපියල් ලක්‍ෂ ගණනක අල්ලසක්‌ ලබාදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.