Thursday, 17 June 2010

‘හයිකෝප්’ වංචා සිද්ධියේ තෙවැනි සැකකරු ෆොන්සේකා 23දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග

කුමුදු හෙට්ටිආරච්චි


විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා, ‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියේ තුන්වැනි සැකකරු ලෙස නම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාර සරත් ෆොන්සේකා ලබන 23 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි යුද හමුදා පොලිසියට ඊයේ (16) නියෝග කළාය.‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියේ දී ඉදිරිපත් වූ සාක්කි අනුව විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා එම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මහේස්ත්‍රාත්වරිය විසින් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (16) එසේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබුවා ය.

Sunday, 30 May 2010

”කොතරම් වතුර ගැලුවත් මැඩියාගේ කරවටලු” කිව්වා සේ විපක්ෂ නායක ධූරයේ කල්ප කාලාන්තරයක් වුවද සිටීමට වික්‍රමසිංහ මහතාගේ අකමැත්තක් නොමැත

මේධා- සිළුමිණ
එක්සත් ජාතික පක්ෂය නැවත පුවත් මවන්නට පටන් ගෙන ඇත. ඒ නායකත්වය පිළිබඳවයි. එ.ජා.ප.යේ වර්තමාන නායකත්වයට එරෙහිව ප්‍රසිද්ධියේ එල්ලවෙන දෙවන කැරැල්ලයි මේ.

සිය තැනක සැඟවුණු මාමාගේ බෑණා

කේ.සී.ජේ.රත්නායක-සිළුමිණ
1963 අගෝස්තු 08 දා එංගලන්තයේ සිදු වූ මහා දුම්රිය කොල්ලය ඉතිහාසගත ය. එහි මහ මොළකරු රොනි බිග්ස් හිරෙන් පැන ගොස් වසර තිහකට අධික කාලයක් සැඟවී සිටියේ ය. දුම්රිය කොල්ලයටත් වඩා ප්‍රකට වූයේ රොනී බිග්ස්් ගේ පලා යෑම සහ සැඟවී සිටීම ය. එවැනි තවත් ‘වැඩකාරයෙක්’ ශ්‍රී ලංකාවෙන් ද මතු වෙමින් සිටී. ඔහු නමින් දනූන තිලකරත්න ය. කවුරුත් දන්නා ලෙස කීවොත් සරත් ෆොන්සේකා ගේ බෑණා ය. ඉතා කෙටි කාලයකදී සියයකට වැඩි ස්ථාන ගණනක සැඟවී සිටි දනූන; නීතියට හා රහස් පොලිසියේ ඇසට වැලි ගසමින් කට්ටි පනින්නේ වෙස් වලා ගෙන බවත් අසන්නට ලැබේ. එක් අවස්ථාවක කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවසේ සැඟවෙන මොහු තවත් විටෙක අනුරාධපුර පැත්තේ පන්සලක චීවර ධාරියකු බවට වෙස් මාරු කර ගනී. රහස් පොලිසිය එහි ළඟා වන විට සිවුරු ගළවා එතැනින් පැන යන මොහු නැවත මතු වන්නේ ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකිනි. මේ වනවිට දනූන තිලකරත්න, තවත් ‘අත්තනායක’ කෙනකු මෙන් උලපනේ පැත්තේ බංගලාවක සැපෙන් කල් ගෙවන්නේ ද? නැතහොත්; රටින් පැන ගොස් තිබේද යනු විවෘත ප්‍රශ්නයකි.

අවසර මහා රජතුමණි,.......................................!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
අවසර මහා රජතුමණි, මම වර්තමාණයේ ජීවත් වන අයෙක්මි. ඔබතුමාව බැහැදැකීමට ලැබීමම මා ලැබූ මහාපුණ්‍ය කර්මයක මහිමයක් සේ දැනෙනවා. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්තනා කරනවා.
මම ඔබටත් එසේම පතනවා! ඒ වගේම වර්තමානයෙන් පුද්ගලයකු හමුවීමත් වාසනාවක්. ඉතින් වර්තමානය කෙසේද?
ස්වාමීනි, ජයග්‍රාහී යුගයක්. එවන් යුගයක ජීවත් වෙන අපත් සැබෑ ලෙසම වාසනාවන්ත බවක් හැගෙනවා.

Wednesday, 19 May 2010

ඇ.ඩො. දෙලක්ෂ අනූනවදාහක් වංචා සිද්ධියේ සැකකරු ජෙනරාල්ගේ බෑනා තාමත් නිදැල්ලේ රහස් පොලිස් කණ්ඩායම් පහක් දැම්මත් වැඩක් වෙලා නෑ

කුමුදු හෙට්ටිආරච්චි

ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ බෑනා වන ධනුන තිලකරත්න අධිකරණය සහ පොලිසිය තවමත් මඟ හරිමින් සිටී. හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඇමෙරිකානු ඩොලර් 2,99,061.25 ක් වංචා කර ඇතැයි කියන සිද්ධිය ගැන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.
මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායම් පහක් යොදා ඇතත් තවමත් නිදැල්ලේ පසුවීම විමතියට හේතුවී තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාර ධනුන තිලකරත්නට රටින් පිටවීම තහනම් කරමින් පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය ආගමන හා විගමන පාලකවරයාට ද දැනුම් දුන්නාය.

Thursday, 1 April 2010

හයිකොෆ් සමාගම වංචා කළ ඩොලර් ලක්‌ෂ 3 ක්‌ දනුනගේ ගිණුමට බැරවෙලා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

ඒ. ඡේ. ඒ. අබේනායක-දිවයින

ඕස්‌ටේ්‍රලියානු සමාගමක්‌ නමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ සපයා ශ්‍රී ලංකා හයිකොෆ් සමාගම විසින් වංචා කළ ඇමරිකානු ඩොලර් ලක්‌ෂ තුනකට ආසන්න මුදලක්‌ (ඇ. ඩො. 2,99,061.25) ජෙනරාල් සරත් ෆොන්ස්‌කාගේ බෑණා වන දනුන තිලකරත්න නමැත්තාගේ ගිණුමට බැරවී ඇති බව පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ (31 දා) වාර්තා කළේය.එම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන දනුන තිලකරත්න නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ යොදවා පරීක්‌ෂණ දියත් කොට ඇතැයිද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් අධිකරණයට වාර්තා කළේය. එම වංචාව සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ ශ්‍රී ලංකා හයිකොෆ් සමාගමේ ප්‍රධානියා යෑයි කියන සැකකරුව අප්‍රේල් 8 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත භාරයේ තැබීමට මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළාය.
දෙවන සැකකරු වන දනුන තිලකරත්න නමැත්තා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසට එහිදී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය පරීක්‌ෂණවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක්‌ අප්‍රේල් 21 වැනි දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී වැඩිදුරටත් නියෝග කළාය.
දනුන තිලකරත්න නමැති සැකකරුට ආරක්‌ෂාව ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති ඔහුගේ ඥතියකු වන ඊ. එස්‌. තිලකරත්න නමැත්තිය නඩුවේ සැකකාරියක ලෙස නම් කොට තිබීම එම නඩුව ඉදිරියට ගෙනයැමට බාධාවක්‌ වන්නේ යෑයිද පරීක්‌ෂණ නිලධාරීන්ට එහිදී පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය අවශ්‍ය උපදෙස්‌ ලබාගෙන අවශ්‍ය නම් ඇයට එරෙහිව වෙනම චෝදනා ගොනු කොට නඩුවක්‌ පැවරීමට පියවර ගන්නා ලෙසද එහිදී නියෝග කළාය.

Wednesday, 31 March 2010

අධිකරණය විනාශ කළේ සරත් එන් සිල්වා -අධිනීතිඥ එස්. එල්. ගුණසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මානෙල්මල් ව්‍යාපාරයේ කැඳවුම්කරු

සාකච්ඡා කළේ චන්දන ජයවීර-දිනමිණ

1985 දී භූතානයේ තිම්පු නුවර පැවැති සාම සාකච්ඡාවලට රජයේ නියෝජිතයා ලෙස හා ඉන් අනතුරුව ඉන්දීය රජය සමඟ පැවැති බලය බෙදාහැරීම පිළිබඳ සාකච්ඡාවලට ශශ්‍රී ලංකා රජයේ ගෞරවාන්විත උපදේශකවරයෙක් ලෙස සහභාගි වූ එස්. එල්. ගුණසේකර මහතා, වෘත්තියෙන් අධිනීතිඥවරයෙකි. ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ හා හිටපු අගවිනිසුරුවරයාගේ පාලන සමයේ දෙනු ලැබූ තීන්දු පිළිබඳ ඔහු දක්වන අදහස් මෙසේ පළවේ. ජන වරමක් ලබා බලයට පත්වන රජයකට කථානායකවරයා පවා පත්කරගත නොහැකි තත්ත්වයක් පසුගිය කාලයේ දී අපට දක්නට ලැබුණා. එය මෙරට පාර්ලිමේන්තු ක්‍රමයේ අර්බූදයක් ඇති කිරීමටත් හේතුවී තිබෙනවා. මෙවැනි ගැටලුවක් නිර්මාණය වීමට වර්තමාන මැතිවරණ ක්‍රමය හා ව්‍යවස්ථාව වගකිව යුතු බවට පළවී ඇති මතය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

Saturday, 27 March 2010

Former CJ Sarath N Silva and DGC Sarath Jayathilake paves way for revenue loss in billions

slcustoms whistleblower

In the ‘landmark’ judgement [SC Appeal 49/2008] pronounced by the former CJ Sarath N Silva it was held that the seizure of goods under the Customs Ordinance after goods have been delivered upon payment of duties, is manifestly illegal and the correct procedure would be to recover the element of revenue defrauded by the importer if any as ‘additional duties’ and release the goods. It was further held in this judgment that application of Section 125 of the Customs law against the fraudster and forfeiture of goods is inconsistent with the ‘scheme and structure of the Customs law’.It was further held that the seizure is affected in a situation where a recovery process duties defrauded is the ‘proper course of action’ ‘solely for the enrichment of the Customs Officers’ and the Customs Officers effect purported seizures on ‘tenuous grounds causing harassment to importers’.

Friday, 19 March 2010

ෆොන්සේකාට ඇති චෝදනා

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති චෝදනා මෙසේය.

1. 2009 ඔක්තෝම්බර් මස 01 වැනි දින සහ 2009 නොවැම්බර් මස 14 වැනි දින අතර කාලයේදී රටේ ස්වෛරීභාවයට විරුද්ධ වන අයුරින් ඇමතිවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ දුරකථන සංවාදයක යෙදෙමින් ‘ අමෙරිකන් ආණ්ඩුවට අවශ්‍ය ලෙස යුද්ධය පිළිබඳ සාක්කි දීලා ආණ්ඩුව හා යුද හමුදා ජයග්‍රහණ අවතක්සේරුවකට පත් කර ශ්‍රී ලංකාවට එනවා. ජනාධිපතිවරණයට තරග කරන්නයි එන්නේ. ගුවන් තොටුපළේදී වීරයෙක් වගේ පිළිගන්න ලැහැස්ති වෙලා ඉන්නව යනුවෙන් පැවසීමෙන් 1949 අංක 17 දරන යුද හමුදා පනතට පටහැනිව ක්‍රියා කිරීම.2. ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමන්ගේ නම එ.ජා.ප ක්‍රියාකාරි කමිටුවේදී යෝජනා කිරීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහයෝගය ලබාදීමෙන් දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදී යුද හමුදා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම.

Friday, 12 March 2010

ජෙනරාල් යුද අධිකරණයට -චෝදනා 7ක් යටතේ නඩු විභාග මේ මස 16 - 17 දිනවල- ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති මේජර් ජනරාල් වීරතුංග

ප්‍රාර්ථනා වීරසිංහ-දිනමිණ

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධ හමුදා පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා හතක් විභාග කිරීම සඳහා යුද්ධාධිකරණ දෙකක් පත් කැර තිබේ.සේනාධිනායක වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇති මේ යුද්ධාධිකරණ දෙකේ විනිසුරු මණ්ඩල සභාපති ලෙස මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග සහ සාමාජිකයන් ලෙස මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.මේ යුද්ධාධිකරණ දෙක හමුවේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා විභාග කිරීම මේ ත්‍රි. පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මේ මස 16 හා 17 දෙදින ආරම්භ කෙරේ. නාවික හමුදා මූලස්ථානයේ දී මේ යුද්ධාධිකරණය රැස්වේ.

Tuesday, 9 March 2010

වැරැදුණු කුරුමානම

කීර්ති දුනුවිල-දිනමිණ
දේශීය කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, දේශද්‍රෝහී කුමන්ත්‍රණ එකී නොකී විවිධාකාර කුමන්ත්‍රණ කතා අපට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ අසන්නට, දකින්නට ලැබුණි. සමහරු මේ කතාවලට හිනා විය. තවත් සමහරු ඒවා ගැඹුරින් සිතන්නට විය. ඇත්තටම ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ තිබේද ? තිබේ නම් ඒවා මොනවාදයන්න රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් විය.අපගේ මතය නම් පසුගිය ජනාධිපතිවරණයේදී එකී මෙකී නොකී කුමන්ත්‍රණ රාශියක් ක්‍රියාත්මක වූ බවයි. ඒවා විවිධාකාරයෙන් ලාංකේය භූමිය තුළ ක්‍රියාත්මක කරන්නට අධිරාජ්‍යවාදීන් උත්සහ ගත්තේය. වැඩිදෙනෙකු කුමන්ත්‍රණ කී පමණින් සිතා සිටින්නේ අවි ආයුධ ගෙන මිනිසුන් ඝාතනය කිරීම නැතිනම් වස විස පානය කරන්නට දී ජීවිත විනාශ කිරීම යනාදී දේ එහෙත් ඒවා යල්පැනගිය, අතිශය ප්‍රාථමික කුමන්ත්‍රණයන් ය.

චෝදනා පහක්‌ යටතේ ජෙනරාල් ඉදිරි සතියේ යුද අධිකරණය හමුවට-යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

චමින්ද සිල්වා-දිවයින

හිටපු යුද හමුදාපති හා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා චෝදනා පහක්‌ යටතේ ඉදිරි සතිය ඇතුළත යුද අධිකරණයක්‌ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ මහතාට එරෙහිව පුද්ගලයන් තිස්‌පස්‌දෙනකුගෙන් සාක්‍ෂි සම්පිණ්‌ඩන වාර්තාවක්‌ යුද හමුදාපතිවරයා වෙත ලැබී ඇතැයි ද එම වාර්තාව යුද හමුදා නීති අංශය වෙත මේ වන විට යොමුකර හමුදා පනත යටතේ කටයුතු කිරීම සිදුකරන බව ද ඊයේ (08 වැනිදා) ආරක්‍ෂක මාධ්‍ය මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවැසීය.හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව සාක්‍ෂි ගොනුකළ පිරිස්‌ අතර හමුදා නිලධාරීන් 22 දෙනකු, පොලිස්‌ නිලධාරීන් 07 දෙනකු සහ සිවිල් පුද්ගලයන් 06 දෙනකු සිටින බව ද සමරසිංහ මහතා කීය.

Saturday, 6 March 2010

ධනුනගේ මවට රු.කෝටි 7.5 ක්‌ බාරදුන් බව කියන "සෝලිස්‌" හිමිකරු ඇල්ලීමට වරෙන්තු නිකුත් කරයි

අජිත් අලහකෝන්-දිවයින
යුද හමුදා වෙන්දේසියකින් මිලට ගත් ඩිෆෙන්ඩර් රථයකින් ගොස්‌ ධනුන තිලකරත්න මහතාගේ මවට රුපියල් කෝටි 7.5 ක මුදලක්‌ භාර දුන්නේ යෑයි කියන සෝලිස්‌ උත්සව ශාලාවේ හිමිකරු ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (05 දා) වරෙන්තුවක්‌ නිකුත් කළේය.රහස්‌ පොලිසියේ ඉල්ලීම මත මෙම ඩිෆෙන්ඩර් රථය මුදා නොහැරීමටත් එය අධිකරණය භාරයේ රඳවා තබා ගැනීමටත් මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. රුපියල් කෝටි 7.5 ක්‌ වටිනා දෙස්‌ විදෙස්‌ මුදල් සම්පත් බැංකුවේ තිඹිරිගස්‌යාය ශාඛාවේ ආරක්‍ෂිත සේප්පු හතරක තිබී රහස්‌ පොලිසිය විසින් පසුගියදා සොයාගනු ලැබිණි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් මේ සම්බන්ධව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්නගේ මව අශෝකා තිලකරත්න මහත්මිය අත්අඩංගුවට ගෙන පසුගිය 16 දා ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව රුපියල් කෝටි දෙකක්‌ වටිනා ඇප මත මුදා හරිනු ලැබීය. මෙම නඩුව ඊයේ (05 දා) නැවත ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්‌ථාවේ දී රහස්‌ පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයා වෙත වැඩිදුර වාර්තාවක්‌ ඔස්‌සේ මෙතෙක්‌ සිදුකළ පරීක්‍ෂණයන්හි ප්‍රගතිය ඉදිරිපත් කළේය.

Friday, 5 March 2010

ධනුනගේ තවත් ගිණුම් අටක තොරතුරු රහස් පොලිසියට වහාම ඒවා ලබාදෙන්නැයි බැංකු දෙකකට උසාවි නියෝග

කුමුදු හෙට්ටිආරච්චි-දිනමිණ
‘හයිකෝප්’ සිද්ධියේ සැකකරුවකු වන ධනුන තිලකරත්න, රාජ්‍ය හා පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන යන තවත් ගිණුම් අටක විස්තර රහස් පොලිස් නිලධාරීන්ට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම බැංකු කළමනාකරුවන්ට ඊයේ (4) නියෝග කළාය. රහස් පොලිසියේ මූල්‍ය අංශය ධනුන තිලකරත්නගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසු සැකකරුට අයත් මේ බැංකු ගිණුම් අට සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කැරගත් බව ද රහස් පොලිසිය ඊයේ (4) අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ ය.මේ ජාතික හැඳුනුම්පත් අංකය මේ සිද්ධියේ දෙවැනි සැකකරු වන ධනුන තිලකරත්නගේ ම බවට නිශ්චිත දැයි මහේස්ත්‍රාත්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රහස් පොලිසිය පවසා සිටියේ එම හැඳුනුම්පත් අංකය ධනුන තිලකරත්නගේ බවට පරීක්ෂණ නිලධාරීන් තහවුරු කැරගෙන ඇති බව ය. සැකකාර ධනුන තිලකරත්නගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ කොළඹ හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුවේ ගිණුම් අංක 015018906001, 015018906025, 015018906040, 015018906120 සහ ලංකා බැංකු මූලස්ථානයේ එස්.එෆ්. අයි. ඩී. ඒ. අංක 9279592, 9339965, 9751422 සහ අනේවාසික ගිණුම් අංක 9751664 සඳහන් ගිණුම් පවත්වාගෙන යන බවට අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය. සැකකාර ධනුන තිලකරත්න පවත්වාගෙන යන මේ ගිණුම්වලට අදාළව ලැබී ඇති මුදල් “හයිකෝප්” වංචාවෙන් ලබාගන්නා ලද මුදල් ද යන්න සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්විය යුතුව ඇතැයි ද රහස් පොලිසිය ඊයේ අධිකරණයට දන්වා සිටියේය.

Tuesday, 2 March 2010

ජෙනරාල්ගේ ලේකම් බෙල්ජියමට ඕනෑ "වහාම බ්‍රසල්ස්‌ නුවරට පිටුවහල් කරන්න"

කීර්ති වර්ණකුලසූරිය-දිවයින

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් ලෙස ක්‍රියාකළ කපිතන් ෂාන් සිල්වා බෙල්ජියානු අධිකරණයට අවශ්‍ය අයකු නිසා ඔහු වහාම බ්‍රසල්ස්‌ නුවරට පිටුවහල් කරන්නැයි බෙල්ජියානු ජාත්‍යන්තර පොලිස්‌ ශාඛාව ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා ඇත.
බෙල්ජියමේ බැංකු ගිණුමක්‌ වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධව කපිතන් ෂාන් සිල්වාට වසර දෙකක සිර දඬුවමක්‌ නියමවී තිබියදී ඔහු පැනගොස්‌ තිබේ.බෙල්ජියානු පොලිසිය ඔහු සොයා ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන හමුදා බුද්ධි අංශ සෙබළු 58 කගෙන් ප්‍රශ්න කරයි! රහසිගත දුරකථන අංක 5 ක්‌ ද සොයාගනී

හේමන්ත රන්දුණු-දිවයින

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් 58 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව ත්‍රස්‌තවාදී විමර්ශන අංශ ආරංචි මාර්ග පවසයි.මෙම සෙබළු සියලු දෙනා මේ වන විට ඔවුන් රාජකාරි කරන හමුදා කඳවුරුවල රඳවා සිටින අතර ඉදිරි දිනවලදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

Thursday, 25 February 2010

මහා මැතිවරණය හා මෙරට ජනතා ප්‍රශ්න

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
මෙරට ජනතාව ප්‍රශ්න ගනනාවකට මැදිව සිටී. දේශපාලකයින්ට පමණක් විසදිය හැකි ප්‍රශ්න හා ජනතාව විසදිය යුතු, නමුත් දේශපාලකයින් මත පටවා ඇති ප්‍රශ්න කන්දරාවක්ද මෙරට තුල ඔඩුදුවමින් පවතී. මහා මැතිවරණයකට අවතීර්ණව සිටින මේ වකවානුවේදී අප මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් සම්බන්ධව සමාජයේ අවධානය යොමුකරවීම මෙම ලිපියේ අරමුණයි.තාක්ෂණික දියුණුව මිනිසාට හොද සමාජ තත්වයක් උරුම කිරීම සදහා පාදක කර ගතයුතු වුවද, ශ්‍රී ලංකාව තුලදී එය ශ්‍රී ලාංකිකයාට දෛනිකව විදවීමට උපකාර කරන මෙවලමක් බවට පත්ව තිබේ. මෙරට ජනතාව තමන්ගේම ගෙදරදීම, තමන්ගේ වියදමින් ගොඩනගා ගත් සමාජ පීඩක යන්ත්‍රය රූපවාහිනී යන්ත්‍රය බවට පත්ව ඇත. මෙම සමාජ පීඩක යන්ත්‍රය පෞද්ගලිකව මිනිසාත්, පොදුවේ සමාජයත් විනාශ කරන ආකාරය මෙරට ජීවත් වන අය සාකච්ඡාවට ගත යුතු ප්‍රබල මාතෘකාවකි.

කිරි අප්පොච්චිගේ අවවාද (වැඩිහිටියන්ට පමණයි)

දිවයින කතුවැකිය
අපගේ මී මුත්තාගේ කිරි අප්පොච්චි වන ඇමරිකාව නීතිය ක්‍රියාත්මක කරන හැටි අපට කියා දෙන අයුරු අද "දිවයිනේ" සඳහන් ය. මේ කිරි අප්පොච්චි වූ කලී ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ය. අප බ්ලේක්‌ට මී මුත්තාගේත් කිරි අප්පොච්චි කියන්නේ ඇයි? ඔහු ඒ තරමටම තමන් වැඩිහිටි බව සිතා සිටින නිසා ය. ඔහු අපට දෙන උපදෙස්‌ මෙසේ ය* ජෙනරාල් අත්අඩංගුවට ගත් ආකාරය ගැන ඇමරිකාව තුළ ප්‍රසාදයක්‌ නැත.

Monday, 22 February 2010

මහ නාහිමියන්ට තර්ජනය කළා කීම රනිල්ගේ අමූලික බොරුවක්-කලවැද්දා සේම පැවිද්දා කීමත් අපහාසයක්

සුභාෂිනී සේනානායක, අසේල කුරුළුවංශ සහ ජයසිරි පේදුරුආරච්චි -දිනමිණපැවිදි වෛතුල්‍යවාදීන් පිරිසක් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ට තර්ජනය කොට බලපෑම් කළ බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කරන අපහාසයක් බව මහා සංඝරත්නය ප්‍රකාශ කර සිටිති.
රටේ ජාතික සහ ආගමික ප්‍රශ්න පිළිබඳව භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් මහ නාහිමිවරුන් සමඟ කළ සාකච්ඡා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් කර ඇති ප්‍රකාශ ගැන කනගාටු වන බවද එම හිමිවරු පවසති.බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ ගෞරවාදරයට පාත්‍ර වී සිටින භික්ෂුන් වහන්සේලාට පැවිදි වෛතුල්‍යවාදීන් යැයි හඳුන්වාදීම තරයේ හෙළා දකින බවද, උන්වහන්සේලා සඳහන් කර සිටිති.

Friday, 19 February 2010

රටේ නීතිය කාටත් පොදුය.

ආචාර්ය උඩගම සුමංගල මහා ස්ථවිර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට
රටේ නීතිය කාටත් පොදුය. පුද්ගලයන්ගේ තරාතිරම අනුව එය වෙනස් නොවිය යුතුය. භික‍ෂූන් වහන්සේ පවා රාජ්‍ය නීතියට අනුකූලව ක්‍රියා කළ යුතුය යනුවෙන් බුදුරජාණන් වහන්සේ පවා පෙන්වා දී ඇත.

සරත් ෆොන්සේකා මහතා අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ යුධහමුදා නීතියට අනුව කරන ලද්දකි. එය දේශපාලනයට සම්බන්ධ ක්‍රියාවක් නොවේ. ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව කරන ලද්දක් ද නොවේ. සරත් ෆොන්සේකා මහතා වැරදි කරුවකු ද නිවැරදි කරුවකු ද යන්න අධිකරණය මඟින් තීරණය කරනු ඇත. ඊට ඇඟිලි ගැසීමට කිසිවකුට අයිතියක් නැත.
ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ අතකොළු වී ඇති පුද්ගලයන්ගේ බසට මුවා වී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස අතිගරු මහානායක හිමිවරුන් විසින් අතිගරු මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමාට බලකරනු ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකකි. අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රකාශ වලින් පෙනීයන්නේ උන් වහන්සේලා නොදැනුවත්වම දේශද්‍රෝහී කුමන්ත්‍රණ කරුවන්ගේ දැලට හසුවී ඇති බවකි. කුමන්ත්‍රණ කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ත්‍රිවිධ හමුදාවත් මහජනතාවත් භේද භින්න කර රට අස්ථාවර කර සංඝ භේදයක් ද ඇති කරලීමය. තිස්වසරක යුද්ධයෙන් රට ගලවාගත් මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා ගේ රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දීම දේශප්‍රේමී ගිහි පැවිදි සෑම දෙනාගේ යුතුකමය.
එබැවින් මෙහි දී ඉතා බුද්ධිමත්ව දුරදිග බලා කටයුතු කරන මෙන් අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉතා ගෞරව පූර්වකව සාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.